BREAKING NEWS
latest

728x90

468x60

Sunday, June 10, 2018

2020 අපේක්ෂකයා රාජපක්ෂවරයෙක් නෙවෙයිලු - මහින්ද ගොටා අවුල යලිත් එළියට - වෙල්ගමගේ කටින් පනී

රාජපක්ෂලාටම විතරක් නෙවෙයිනේ මේ පක්ෂේ… අනික් උන්ට හොඳ නැද්ද?…” යැයි අසමින් පසුගිය 06 වනදා රාත්‍රියේ මහින්ද රාජපක්ෂ නිවසින් සාකච්චාවක් අවසන්ව එලියට පැමිණි පා.ම කුමාර වෙල්ගම මාධ්‍යට ප්‍රකාශයක් ලබා දුන්නා. 2020 ජනපති සටනට රාජපක්ෂවරුන් අනවශ්‍ය බවත් ඒ සදහා සුදුසු පුද්ගලයින් ඕනෑ තරම් ඒකාබද්ධ විපක්ෂයේ සිටිනා බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරනා ලදී.

පසුගිය කාලය පුරාම 2020 ජනපති සටන සදහා රාජපක්ෂ පිල නියෝජනය කරන්නේ කවුරුන්ද යන්න සම්බන්දව සමාජය තුලත් පොදුජන පෙරමුණ තුලත් සංවාදයක් පැවති බව නොරහසකි. ගෝඨාභය රාජපක්ෂ සම්බන්දව විශේෂ අවධානයක් යොමුව ඇති මේ මොහොතේ පොහොට්ටුවේ අභ්‍යන්තර බල අරගලය යම්තාක්දුරකට උත්සන්නව ඇති මොහොතකයි වෙල්ගමගේ මෙම අන්දොලත්මක ප්‍රකාශය සිදුවන්නේ. පොහොට්ටුව අභ්‍යන්තර ජයග්‍රාහකයන් කවුරුන්ද යන්න කීමට තවමත් කල් වැඩිනිසා දේශපාලන රැල්ල යන අත කීමට කිසිවෙකුත් ඉක්මන් නොවිය යුතු බව අප අදහසයි.

 කුමාර වෙල්ගමගේ අන්දොලත්මක ප්‍රකාශය පහතින්
 
« PREV
NEXT »