BREAKING NEWS
latest

728x90

468x60

Friday, June 08, 2018

මෙන්ඩිස්‌ සමාගමෙන් සුජීව ලක්‍ෂ 30 ක්‌ අරන්

රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට අනුබද්ධිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගමෙන් අවස්‌ථා තුනකදී රුපියල් ලක්‍ෂ 30 ක මුදල් චෙක්‌aපත් ලබාගෙන ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය වැඩිදුර විමර්ශන වාර්තාව මගින් කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවියට ඊයේ (07) දැනුම් දුන්නේය. 

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ තුන්වන සැකකරු ලෙස නම්කොට ඇති පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමට අනුබද්ධිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගමෙන් 2015 වසරේ අගෝaස්‌තු 24 වැනිදා සිට 2016.03.31 වැනිදා දක්‌වා කාලය අතරතුරදී ලබාදී ඇති එකී මුදල් චෙක්‌පත් අතරින් දෙකක්‌ රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්‍ෂක අංශයේ පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු විසින් මාරුකර රාජ්‍ය අමාත්‍යවරයාට මුදල් භාරදී ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්a යසන්ත කෝදාගොඩ මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

ලක්‍ෂ 10 ක අනෙක්‌ මුදල් චෙක්‌පත රාජ්‍ය අමාත්‍යවරයාගේ මැතිවරණ කටයුතු මෙහෙයවන පුද්ගලයකු විසින් මාරුකර ඇතැයි ද එහිදී පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සුජීව සේනසිංහ මහතාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබා ගැනීමට අපේක්‍ෂා කරන බවද දැනුම් දුන්නේය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට අනුබද්ධිත සමාගමකින් රුපිsයල් ලක්‍ෂ 10 ක මුදල් චෙක්‌පතක්‌ ලබාගත් බවට අනාවරණය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබාදීමට පැමිණෙන ලෙසට දන්වා ඇතත් ඔහු මේ දක්‌වා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නැතැයිද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

එම නඩුවේ පළමුවන සැකකාර අර්ජුන මහෙන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී ඔහුටද ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගම විසින් අවස්‌ථා තුනකදී රුපියල් ලක්‍ෂ 32 ක්‌ වටිනා මුදල් චෙක්‌පත් තුනක්‌ ලබාදී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීහු එහිදී අධිකරණයට පෙන්වා දුන්හ.

අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ ලේකම්වරිය ලෙස කටයුතු කළ අමිලා දසනායක මහත්මිය විසින් මහ බැංකු අධිපතිවරයාගේ ලේකම් කාර්යාලයේ කාර්ය සහයකවරයකු වන ගමගේ රොෂාන් සංජීව නමැත්තා මගින් 2016 ජනවාරි, අප්‍රේල් හා මැයි යන මාස වලදී එම චෙක්‌පත් මාරුකර ඇති බවත් එහිදී පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම මුදල් හිටපු මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රෙඩිට්‌ කාඩ්පත් මගින් ගෙවූ පෞද්ගලික වියදම් පියවීම සඳහා වැයකර ඇති බවට ලේකම්වරිය හෙළිකර ඇතැයිද ප්‍රකාශ කළේය.

අධිකරණය විසින් නිකුත් කළ සෝදිසි වරෙන්තු නියෝගය අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ කාර්යාලය පරික්‍ෂා කිරීමේදී පරීක්‍ෂණවලට ඉතා වැදගත් පර්වේෂණිය සාක්‍ෂි හා ලේඛන රැසක්‌ සිය භාරයට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී ඇතැයිද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය. 

ඉතා වැදගත් තොරතුරු අඩංගු ලැප්ටොප් හතරක්‌, ඇතුළු තවත් උපාංග රැසක්‌ හා රහසිගත ජංගම දුරකථන අංක තුනක්‌ එම විමර්ශනයේදී සොයා ගැනීමට හැකිවූ බවද එහිදී පෙන්වා දුන් නීතිපති දෙපාර්තමේන්තුව පර්පෙචුවල් සමාගමේ සේවය කරන සේවකයන්ගේ ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කර ඔවුන්ගේ නමින් ලබාගත් දුරකතන සිම්කාඩ්පත් තමන්ට තොරතුරු ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයින්ට ලබාදීමට පර්පෙචුවල් ට්‍රෙෂරිස්‌ සමාගම කටයුතු කර ඇති බව අනාවරණය වී ඇතැයි ද කීය.

රටේ අසරණ ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්‌තිකයන්ගේ භාරකාර අරමුදලේ මුදල් යෙදවූ මහ බැංකු බැඳුම්කර වෙන්දේසිවලට අයුතු ලෙස උපයාගත් මුදල් වැයකර ඇත්තේ එවැනි ආකාරයෙන් බවට මේ වනවිට තොරතුරු අනාවරණ වන්නේ යෑයිද එහිදී පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදෙන ලෙසට පසුගිය මාර්තු 15 වැනිදා අධිකරණය විසින් කළ නියෝග අනුව කටයුතු කිරීමට අර්ජුන් ඇලෝසියස්‌ හා කසුන් පලිසේන යන සැකකරුවන් මෙතෙක්‌ පියවර ගෙන නැතැයි ද එහිදී පෙන්වා දුන්නේය.

එහිදී ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කෝලිත ධර්මවර්ධන මහතා අධිකරණයට පෙන්වා දුන්නේ පර්පෙචුවල් සමාගම සිය සේවාදායකයාගේ සමාගමට මුදල් ලබාදී ඇත්තේ මෙන්ඩිස්‌ සමාගම කල්කුඩා ප්‍රදේශයේ ඉදිකරන ස්‌කාගාරය ඉදිකිරීමේ කටයුතුවලට හා එම සමාගම ණයවී තිබූ රුපියල් මිලියන 700 ක ණය ගෙවා දැමීම සඳහා පමණක්‌ බවයි.

නව පාලනාධිකාරියක්‌ යටතේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ ව්‍යාපාරික කටයුතු කරන ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගම සම්බන්ධයෙන් අසත්‍ය කරුණු සාමාජගතවී ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා සිය සමාගම රජයට වසර අටක්‌ තුළදී බිලියන 32 ක විශාල බදු මුදලක්‌a ගෙවන සමාගමක්‌ බවද පෙන්වා දුන්නේය.

සමාගමේ නිලධාරීන් පමණක්‌ නොව සමාගම සමඟ කටයුතු කරන ගනුදෙනුකරුවන්ද සීඅයිඩියට ගෙන්වා ප්‍රකාශ ලබාගැනීම නිසා සිය සමාගමට ව්‍යාපාර කටයුතු කිරීමට දැඩි අපහසුතාවක්‌ උදාවී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.

එම නඩුවේ දෙවන හා සිව්වන සැකකරුවන් වන අර්ජුන් ඇලෝසියස්‌ හා කසුන් පලිසේන යන මහත්වරුන් ලබන 21 වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝaග කළ මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකරුවන් දිගින් දිගටම රක්‍ෂිත බන්ධනාගාර භාරයේ තැබීම නුසුදුසු නිසා හැකි ඉක්‌මනින් විමර්ශන අවසන් කරන ලෙසට නියෝග කළාය.

රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්‌මිණි ගිරිහාගම මෙනවිය, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා පැමිණිල්ල මෙහෙය වූහ.

ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්‌ස මහතා ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ විත්තිය නියෝජනය කළේය.
« PREV
NEXT »