BREAKING NEWS
latest

728x90

468x60

Monday, June 18, 2018

රංජිත් සියඹලාපිටිය කෙරවලපිටිය බලාගාරය චීනයට දෙයි – පාඩුව රුපියල් බිලියන 50යි

නුදුරේදීම ශ්‍රී ලංකාව මුහුණ දීමට නියමිත බලශක්ති අර්බුදයට පිළියමක් වශයෙන් කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ස්වාභාවික වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් ටෙන්ඩරය ඒ සදහා අවම මිල ලබාදුන් දේශීය සමාගම නොතකා හැර චීන සමාගමක් වෙත පැවරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කලහොත් ඉන් රටට සිදුවන පාඩුව රුපියල් බිලියන 50ක් වන අතර රටේ බලශක්තිය පාලනය කිරීමේ බලයද චීනයට හිමිවේ.

2016 වසරේදී ඉදිකිරීමට නියමිතව තිබූ මෙම බලාගාරය විදුලි බල අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩගේ බාධා කිරීම් හමුවේ වසර දෙකක් පුරා ප්‍රමාද විය.

පසුගිය සමයේදී රටේ දැඩි ආන්දෝලනයක් ඇති කල මෙම විදුලි බලාගාරය ඉදිකිරීම හා සම්බන්ධ ටෙන්ඩරය ඊට අදාළ තාක්ෂණික සහ මූල්‍යමය ඇගයීම්වලින් අනතුරුව දේශීය සමාගමක් වෙත ලබාදීමට නිර්දේශ විය.

විදුලි බල ජනනය, බෙදාහැරීම පිළිබඳ තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් ඉහළ දැනුමක් සහ විදුලිබල ක්ෂේත්‍රයේ මනා පළපුරුද්දක් සහිත විශේෂඥයින්ගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුවේ(TEC) සාමාජිකයින්, අවස්ථා හතරකදී සියලු ව්‍යාපෘති යෝජනාවන් පිළිබඳව සලකා බලා දේශීය සමාගමට ටෙන්ඩරය ලබාදිය යුතු බවත්, ඔවුන්ගේ ජනන සැලසුම ලංකා විදුලිය බල මණ්ඩලයට සහ රටට වඩාත්ම හිතකර යෝජනාව බවත් නිර්දේශ කර තිබේ.

නමුත් විදුලි බල අමාත්‍යංශයේ ලේකම්වරයා වන සුරේන් බටගොඩ සමඟ එක්ව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් මෙම ටෙන්ඩරය චීන සමාගමට ලබාදීමට තීරණය කර ඇති අතර ඒ සඳහා කැබිනට් මණ්ඩලය පොළඹවා ගැනීමට උත්සාහ කරමින් සිටියි.

මෙවැනි ව්‍යාපෘති වලදි ඊට සම්බන්ධ වන පාර්ශවයන්ට ලැබෙන කොමිස් මුදල රුපියල් කෝටි ගණනකි.

වගුව – අවම මිල ඉදිරිපත් කර ඇති දේශීය සමාගමේ මිලට සාපේක්ෂව අනෙකුත් සමාගම් ඉදිරිපත් කර ඇති මිල සහ ඉන් සිදුවන අලාභය.


කූප්‍රකට බැදුම්කර වංචාවේ පාඩුවද රුපියල් බිලියන 10 -11 අතර ප්‍රමාණයක් වන අතර එම වංචාව මෙන් පස් ගුණයක් විශාල මෙම මහා වංචාව පිළිබඳව බොහෝ දෙනෙකුට අවබෝධයක් නැත.
කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන යෝජනාව සහ ටෙන්ඩරය චීනයට ලබා දිය යුතු බවට වන නිර්දේශය



« PREV
NEXT »