BREAKING NEWS
latest

728x90

468x60

Friday, June 01, 2018

අගමැති ජනපතිගේ චෝදනාවලට උත්තර එපා කියල

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ 76 වන ඡන්ම දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින් කළ අදහස් දැක්වීම්වලට කුමනාකාරයකින්වත් ප්‍රතිචාර නොදක්වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකයින්ට නියෝග කර ඇත.

එක්සත් ජාතික පක්ෂ දේශපාලන නායකයින් කළ යුත්තේ ජනාධිපතිවරයාට ප්‍රතිචාර දැක්වීම නොව ජනතා ප්‍රතිචාර අනුව වැඩ කිරීම යැයිද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ නායකයින් හමුවු අවස්ථාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම නියෝගය කර ඇත.

මාදුළුවාවේ සෝභිත නාහිමි ගුණ සමරුවට සහභාගි වෙමින් ජනාධිපතිවරයා පළ කළ කරුණු පිළිබඳව රටට කරුණු කිව යුතු බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී තරුණ දේශපාලඥයින් ප්‍රබල ඉල්ලීමක් අගමැතිවරයාට යොමු කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ තරුණ දේශපාලනඥයින් කළ ඉල්ලීම්වලට සාවදානව සවන් දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා ඇත්තේ ජනාධිපතිවරයාගේ කතාවට පිළිතුරුදීමට එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකු උත්සාහ නොකළ යුතු බවය.

රටේ ජනබලය ලැබු අග්‍රාමාත්‍යවරයා ලෙස තමාත් ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් කළ යුත්තේ රජය පවත්වාගෙන යමින් ජනතාවට සේවය කිරීම බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා ඇත.

ලසන්ත වීරකුලසූරිය
« PREV
NEXT »