BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, June 19, 2018

බ්‍රිතාන්‍යයේ එ ජා ප ක්‍රියාකාරීන් අගමැති හමුවෙයි

පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා බ්‍රිතාන්‍යයේ සිටින එ .ජා.ප. ක්‍රියාකාරින් අතර හමුවක් පසුගියදා (16) ලංඩන් නුවර පාක් ලේන් හිල්ටන් හෝටලයේදී පැවැත්විනි. 

පැයකට අධික කාලයක් පැවති මේ හමුව ඉතා සුහදශීලිවූ අතර අග්‍රාමාත්‍යවරයා විසින් පළමුව ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාළන හා ආරථික තත්වය පිළිබඳව පැමිණ සිටි නියෝජිතයන් දැනුවත් කළේය. අනතුරුව පැමිණිසිටි ශාකා නියෝජිතයන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍යවරයා එංගලන්තය තුල පවතින දේශපාලන හා ආරථික තත්වය ගැනද විමසා සිටියේය.

එසේම මේ වනවිටත් ශ්‍රී ලංකාවේ නව අධිකරණ පද්ධතිය ස්ථාපිත කොට ඇති බවත් ලබන මස පමණ වන විට එහි පළමු නඩුව ඇසීමට හැකිවන බවත් එමගින් වත්මන් අධිකරණ පද්ධතිය තුල පවතින පමාව මග හැරගත හැකි බවත් පැවසිය.එසේම පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳවද නියෝජිතයන් දැනුවත් කල අග්‍රාමාත්‍යවරයා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු පිළිබඳව තවම පක්ෂය අවසන් තීරණයක් ගෙන නොමැති බව කියා සිටියේය. 

එසේම මහා බ්‍රිතාන්‍යය තුල ක්‍රියාත්මක වන සියලුම එක්සත් ජාතික පක්ෂ ශාකා එකට එකතුව වැඩ කල යුතු බවත් ඉදිරි කාලයේදී පක්ෂය විසින් නම් කරනු ලබන විශේෂ නියෝජිතයෙකු මගින් පක්ෂයට සම්බන්ධ සියළු විදේශ ශාඛාවන් ප්‍රතිසංවිධානය කිරීමටද අරමුණු කරගෙන සිටින බවද ප්‍රකාශ කළේය.

මෙවර හමුවට මහා බ්‍රිතාන්‍යය තුල ක්‍රියාත්මක වන සියලුම එක්සත් ජාතික පක්ෂ ශාකා නියෝජිතයන් පැමිණ සිටීම විශේෂත්වයක් විය.එක්සත් රාජධානි එජාප ශාකාව නියෝජනය කරමින් එහි සභාපති දිනේෂ් කපුකොටුව මහතා ඇතුළු නියෝජිතයන්ද, මහා බ්‍රිතාන්‍යය එජාප ශාකාව නියෝජනය කරමින් හර්ෂක කන්නන්ගර මහතා මහතා ඇතුළු නියෝජිතයන්ද, ලන්ඩනයේ එජාප ශාකව නියෝජනය කරමින් රොෂාන් සමන්ත යාපා ඇතුළු නියෝජිතයන්ද ,තවද යොවුන් පෙරමුණේ සාමාජිකයන් කිහිපදෙනකුද ඒ අතර විය.



« PREV
NEXT »