BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, June 20, 2018

නීතිපති නිලධාරියකු ඇවිත් නෑ - ඥානසාර හිමිගේ ඇපෑල කල් යයි

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට අධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්‌ කරමින් ඉදිරිපත් කළ අභියාචනය ලබන 22 වැනිදා සලකා බැලීමට හෝමාගම මහෙස්‌ත්‍රාත් උදේශ් රණතුංග මහතා ඊයේ (19 වැනිදා) නියෝග කළේය.

ඒ අනුව ලබන 22 වැනිදා පස්‌වරු 2.00 ට අභියාචනය කැඳවීමට නියමිතය.

ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ඉදිරිපත් කළ ඇප අයෑදුම්පත හෝමාගම අධිකරණයේ දී ඊයේ කැඳවා තිබූ නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියකු අධිකරණය වෙත නොපැමිණීම හේතුවෙන් එම අයෑදුම්පත පිළිබඳ තීරණය ලබාදීම මහෙස්‌ත්‍රාත්වරයා විසින් ලබන 22 වැනිදාට කල්තැබීය.

හෝමාගම මහෙස්‌ත්‍රාත් අධිකරණය අවට පෙදෙසට ඊයේ දැඩි පොලිස්‌ ආරක්‍ෂාවක්‌ යොදවා තිබූ අතර අධිකරණ භූමිය වෙත භික්‍ෂුන් වහන්සේලා පිරිසක්‌ එක්‌ව සිටියහ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්‌නැලිගොඩ මහත්මියට බැණ තර්ජනය කිරීම හා අධිකරණයට බලහත්කාරයෙන් ඇතුල්වීම යන චෝදනාවලට ඥනසාර හිමියන්ට වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්‌ මාස හයකින් ගෙවීයන සේ පැනවූ අතර එක්‌නැලිගොඩ මහත්මියට රුපියල් පනස්‌දහසක වන්දියක්‌ සහ රුපියල් තුන්දහසක දඩයක්‌ ගෙවීමටද නියම විය.
« PREV
NEXT »