BREAKING NEWS
latest

728x90

468x60

Saturday, June 30, 2018

දිවයිනට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික කමිටු ප‍්‍රධානී ජනපති හමුවෙයි

සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික කමිටු ප‍්‍රධානී, ජෙනරාල් සුහායිර් මහ්මුද් හයාත් (General Zubair Mahmood Hayat) මහතා (28) පස්වරුවේ පොළොන්නරුව නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වී සුහද කතා බහක නිරත විය.

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනාව පරිදි පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප‍්‍රධානියා ශි‍්‍ර ලංකාවේ සංචාරයක නිරත වෙයි.

පාකිස්ථානය සහ ශ‍්‍රී ලංකාව අතර සිදුවන යුද හමුදා පුහුණු කටයුතු පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, ති‍්‍රවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින්ගේ පුහුණුව සඳහා කොල්ලුපිටියේ ඉදිවන ආරක්ෂක විද්‍යාලයේ කටයුතු සඳහා දක්වන සහය පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප‍්‍රධානියා වෙත සිය ස්තූතිය පිරිනැමිය.

එම විද්‍යාලය සඳහා විශේෂඥ දැනුම ඇති දේශකයින් යොමුකිරීමට ද මෙහිදී පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප‍්‍රධානියා ජනාධිපතිතුමා වෙත සිය එකඟතාවය පළ කළේය.

ජෙනරාල් සුහායිර් මහ්මුද් හයාන්, පාකිස්ථානයේ 17 වන ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානී වන අතරම පාකිස්ථානු සන්නද්ධ හමුදාවන්හි ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා ද වේ.

ශ‍්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් ආචාර්ය ෂාහිඩ් අහ්මඞ් හෂ්මට් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
« PREV
NEXT »