BREAKING NEWS
latest

728x90

468x60

Friday, June 08, 2018

ඕනෑම වෙලාවක සීඅයිඩියට යන්න මම සූදානම් - හිටපු ජනපති මහින්ද කියයි

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස්‌ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් ඕනෑම අවස්‌ථාවක අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ ලබා දීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා  ඊයේ (07 වැනිදා) පැවසීය.

මෙම ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව තමාගෙන් දිනයක්‌ ඉල්ලා ඇතත් ඒ සඳහා තවමත් නිශ්චිත දිනයක්‌ නොදුන් බවද රාජපක්‌ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය. 

කාලයෙන් කාලයට රජය තමාගෙන් පළිගැනීමට මෙවැනි හිරිහැර සිදුකරන බවද කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොයි මොහොතක හෝ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව තමන් දැන සිටි බවද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.
« PREV
NEXT »