BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, June 13, 2018

මීළග ජනාධිපතිවරණයට ගෝටා ගැන මහින්ද අමරිකාවට කියපු කතාව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂාප් අතර හිටපු ජනාධිපති නිල නිවසේදී සාකච්චාවක් පැවැත්වූ බවත් ඒ සම්බන්ධයෙන් විකෘති කරුණු මාධ්‍ය හරහා පලවෙමින් ඇති බවත් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා මීළග ජනාධිපතිවරණයට තරග කිරීම සම්බන්දයෙන් ඇමරිකාව අකමැති යයි තානාපතිවරයා ප‍්‍රකාශ කර ඇති බවට මාධ්‍ය වාර්තා ගණනාවක් පලවිය.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තනාපති අතුල් කේෂාප් මහතාගේ ධුර කාලය අවසන් වී තම මව්රටට යාමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සුහද හමුවක් විජේරාම මාවතේ එතුමාගේ නිල නිවසේ දී පසුගිය ඉරිදා පැවැත්විණ.

එම අවස්ථාවට තනාපති තුමා සමග ඇමරිකානු තනාපති කාර්යාලයේ, නියෝජ්‍ය තනාපති කාර්ය මණ්ඩල ප්‍රධානි රොබට් හිල්ටන් මහතා සහ ජනාධිපති තුමාගේ පෞද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර මහතා ද සහභාගී විය.

එම අවස්ථාවේ සුහදව සාකච්ඡා කල කරුණු විකෘති කර මේ දිනවල විවිධ මාධ්‍යයන් ඔස්සේ පළ වෙමින් තිබේ.

එම ප්‍රවෘත්ති හිටපු ජනාධිපති තුමාගේ මාධ්‍ය ඒකකයෙන් නිල වශයෙන් නිකුත් නොකරන ලද අතර එම ප්‍රවෘත්ති පිළිබදව මාධ්‍ය ඒකකය වග කියනු නොලැබේ.

රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ
මාධ්‍ය ලේකම්
« PREV
NEXT »