BREAKING NEWS
latest

728x90

468x60

Saturday, June 02, 2018

මහනුවර අධිවේගයේ මුදල් ඉතිරිකරන අයුරු පාඨලී කියයි

කොළඹ මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී එක් කොටසක් ඉදිකිරීමට රුපියල් බිලියන එකසිය තිහත් - දෙසීයත් අතර මුදලක් වැය වන නමුත්, කොළඹ සිට කුරුණෑගල දක්වා ඉදිකරන අධිවේගී මාර්ගය කුරුණෑගල සිට ගලගෙදර දක්වා මංතීරු හතරක් සහිතව ඉදිකරන්නේ නම් ඒ කොටස රුපියල් බිලියන 20කින් පමණ ඉදිකොට නිම කළ හැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

හෙතෙම මේ බව පවසා සිටියේ මහනුවර සංවර්ධනය පිළිබඳව පසුගිය (31දා) පස්වරුවේ මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී පැවැති විද්වත් හමුවේදීය.

ශ්‍රී ලංකාවේ යම් සංවර්ධන කාර්යක් සිදුකරන විට ඒ පිළිබඳව විද්‍යාත්මක ගණනයක් සිදු නොකරන බවත්, එවැනි ගණනයක් විධිමත් ලෙස විශ්ලේෂණය කරන්නේ නම් විශාල මුදලක් ඉතිරි කරගත හැකි අතර, එහිදී ඉලක්ක කරගත යුත්තේ අධිවේගී මාර්ග නොව ජනතාවට පහසුකම් ලැබිය හැකි සාමාන්‍ය මාර්ග ඉදිකිරීම යැයිද අමත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, “මාර්ග සංවර්ධනයේදී පමණක් නොව අධ්‍යාපනය, පොදු ප්‍රවාහනය සැපයීම ආදී සියලු ක්ෂේත්‍රවලදී මේ ක්‍රමය අනුගමනය කළ යුතුයි. නැතිනම් ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගමන් කිරීම ඉදිරියේදී ගැටලු සහිතයි” යැයි පවසා සිටියේය.
« PREV
NEXT »