BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, June 13, 2018

E news කර්තෘ පිටුවහල් කරන්නැයි ජනපති කිවේ නැහැ

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩවුරිස් සමඟ පැවති සාකච්ඡාවේදී එරට සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකික වෙබ් අඩවියක කර්තෘවරයකු මෙරටට පිටුවහල් කරන ලෙස ජනාධිපතිවරයා කිසිදු ඉල්ලීමක් සිදුනොකළ බව ජනාධිපති මාධ්‍ය අංශය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් අවධාරණය කර සිටියි.

'සන්ඩේ ටයිම්ස්' පුවත්පතේ පළ වූ ලිපියක් පිළිබදව කරුණු පැහැදිලි කරමින් එමගින් වැඩිදුරටත් සඳහන් කළේ අදාළ වෙබ් අඩවියේ කර්තෘවරයා හෝ වෙනත් අයෙකු අත්අඩංගුවට ගැනීමට හෝ පිටුවහල් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා නොසිටි බවයි.

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතා අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි බව 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කර තිබිණ.

« PREV
NEXT »