BREAKING NEWS
latest

728x90

468x60

Thursday, January 12, 2023

විජයකලාට එරෙහිව පරීක්‌ෂණයක්‌ නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත ගැන පරීක්‍ෂණ සීඅයිඩියට භාර දුන්නා - අගමැති

රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන්ට එරෙහිව පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට තීරණය කර ඇතැයි ඊයේ (04 දා) පාර්ලිමේන්තුවේදී පැවැසූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පත විසින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සිදුකළ මූල්‍ය චෝදනාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුට භාරදී ඇතැයි කීය.

තහනම් කළ එල්. ටී. ටී. ඊ. සංවිධානය යළිත් ඇති කරන්න ඉඩනොදෙන අතර රටේ ඒකීයභාවය හා බුද්ධාගමේ ප්‍රමුඛතාව ආරක්‍ෂා කරන බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්.ටී.ටී.ඊ ය යළි ඇතිවිය යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්‌ කරමින් අගමැතිවරයා මේ බව කීවේය. අගමැතිවරයා එහිදී තවදුරටත් මෙසේද කීය.

අපි හැම වෙලාවෙම මේ රටේ ඒකීයභාවය ආරක්‍ෂා කරනවා. එල්. ටී. ටී. ඊ සංවිධානය තහනම් කරලා තියෙනවා. ඒ තහනම් කරපු එල්. ටී. ටී. ඊ සංවිධානය අපට යළි ඇති කරන්න වුවමනා නැහැ. ඒ පදනම ඒ රාමුව උඩ අපි ඉදිරියටත් ක්‍රියාකරනවා.

මේ රටේ ඒකීයභාවය බුද්ධාගමේ ප්‍රමුඛතාව ආරක්‍ෂා කරමින් මේ රටට අවශ්‍ය සිංහල දෙමළ මුස්‌ලිම් ජනතාව බලාපොරොත්තු වන දේශපාලන විසඳුමකින් ඒ මූලික අයිතිවාසිකම් ප්‍රශ්නත් බලය බෙදීම පිළිබඳ ප්‍රශ්නත් විසඳන්න තියෙනවා. ඉඩම් ආපසු දීම ගැනත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්‌ඩුව කටයුතු කරගෙන යනවා.

උතුරු නැගෙනහිරට සංවර්ධනය වුවමනායි. ඒ සංවර්ධනය නැතිව දියුණු වෙන්න බැහැ.

මහේෂ්වරන් ඇමතිතුමියගේ කතාව දැනගත් අවස්‌ථාවේදීම මමත් කථානායකතුමාත් සාකච්ඡා කළා. ඒ ගැන හොයලා බැලුවා. අපේ දේශපාලන කමිටුව 03 දා රැස්‌වුණා. මහේෂ්වරන් ඇමතිනිය සම්බන්ධයෙන් කතා කළා. ඇය අසනීපව යාපනයේ සිටින බව දැනගන්නට ලැබුණා. කොළඹට ආවාම මා මුණගැහෙන්න කියලා දැනුම් දුන්නා.

අප ඒ ගැන ගතයුතු ක්‍රියාමාර්ග පරීක්‍ෂණ තීරණය කරලා තියෙන්නේ. එතුමිය මුණ ගැසුනට පස්‌සේ ඒ අදාළ පියවර ගන්න කැමැතියි. අපි හැම වෙලාවෙම ඒ ස්‌ථාවරයේ ඉන්නවා.

යුද්ධය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, සිංහල, දෙමළ, මුස්‌ලිම් සියලු ජනතාව කැපකිරීමක්‌ කළා. රට නොබෙදී තියාගන්න කැපවීම් කළා. ත්‍රස්‌තවාදීන් විසින් ද්‍රවිඩ පක්‍ෂත් අනෙක්‌ පක්‍ෂවල නායකයන්, අපේ පක්‍ෂයේ නායකයන් මරා දැම්මා. රටේ මූලධර්මවලට පටහැනිව ක්‍රියාකළොත් ඊට එරෙහිව කටයුතු කරනවා.

එල්. ටී. ටී. ඊ ය රට බෙදන්න විතරක්‌ නොවෙයි පාර්ලිමේන්තුව ක්‍රියාවිරහිත කරන්නත් කටයුතු කළා. පොලිසියේ 600 ක්‌ මරපු කරුණා තමන්ගේ පක්‍ෂයේ උප සභාපති කළා නම් ප්‍රභාකරන්ට මුදල් දීලා ජනාධිපතිවරණය දින්නා නම් එල්. ටී. ටී. ඊ. ය පරාද කරපු හමුදාපති හිරේ දැම්මා නම් අද කොහොමද ඇවිල්ලා මේ ගැන කියන්නේ?

(විපක්‍ෂයේ මන්ත්‍රීවරු බාධා කරමින් කෑ කෝ ගසති)

කථානායකතුමා තදින් ක්‍රියාකරන්න ඕනා මෙන්න මෙහෙම අයටයි. සරත් ෙµdන්සේකාට කරපු දේශපාලන පළිගැනීම් ගැන අද ඔබතුමාට ලිපියක්‌ දීලා තියෙනවා. එහෙම නම් අපි ඔක්‌කොම එකතු වෙලා ඒක අනුමත කරමු.

ඇයි මෙතුමා හිරේට යෑව්වේ. අපි දන්නවා ඊයේ මෙතැන කෑ ගැහුවේ නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ කතාව නවත්තන්නනේ. ඕකනේ ඕනෑ වුණේ. පොලිසියේ 600 ක්‌ මරපු මිනිහා උපසභාපති කරලා ප්‍රභාකරන්ව මරපු මිනිහා හිරේ දැම්මා.

නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත සම්බන්ධයෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිතුමා පොලිසියට කළ පැමිණිල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා. සී. අයි. ඩී. එක එය විභාග කර අදාළ පියවර ගනීවි. නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ ප්‍රකාශ කර තිබෙනවා මේ අය මාධ්‍යවේදීන්ට තර්ජනය කළා කියලා. (ඝෝෂා) එක්‌නැලිගොඩ මැරුවා. ලසන්තව මැරුවා. කීත් නොයාර්ට, උපාලි තෙන්නකෝන්ට පහර දුන්නා. දැන් විපක්‍ෂයට ගිහිල්ලත් මාධ්‍යවේදීන්ට තර්ජනය කරනවා. නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතට ගහනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා නම් මාධ්‍යවේදීන්ට කළ තර්ජන ඉල්ලා අස්‌කර ගන්න.

(විපක්‍ෂයේ මන්ත්‍රීවරු කෑ කෝ ගසද්දී අගමැතිවරයා අසුන් ගත්තේය.)

අජිත් අලහකෝන් - අකිත පෙරේරා
« PREV
NEXT »