BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, July 04, 2018

විජයකලා ඉවත් කරන්න යැයි අගමැති ජනපතිගෙන් ඉල්ලයි

පරීක්ෂණ අවසන්  වන තුරු  රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ඇයගේ අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත්කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර තිබේ.


විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය යාපනය ප්‍රදේශයේදි ඊයේ කල ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන්වන තුරු ඇයගේ අමාත්‍ය ධුරය තාවකාලිකව ඉවත් කරන ලෙසටයි අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් මෙලෙස ඉල්ලීමක් කර ඇත්තේ.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ පවතින නීතිය උල්ලංඝනය වී ඇත්ද යන්න විමර්ශනය කොට අදාළ නීතිමය පියවර ගන්නා ලෙස කථානායකවරයා විසින් නීතිපතිවරයාට ද දන්වා තිබුණි.
« PREV
NEXT »