BREAKING NEWS
latest

728x90

468x60

Monday, July 02, 2018

අපි කරන වැඩ ගැන මාධ්‍ය කතා කරන්නේ නෑ - හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයා නොකරපුවා අපි කරනවා - අගමැති

වතුකම්කරු ජනතාව වෙත ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) දින මහනුවර, පන්විල, කැලෑබොක්ක රජයේ වතුයායේ ක්‍රීඩාපිටියේදී පැවැත්විණි.


එහිදි අගමැතිවරයා... වතු කම්කරු ඉතිහාසයේ පළමු වරට පර්චස් 7 ක ඉඩමක හිමිකරුවන් බවට පත්කිරීමේ අයිතිය පිරිනැමීම අපි අද කළා ඒත් දැන් මට බනිනවා, අදත් මවුබිම මට බැනලා දාලා තිබුනා, මම මොනවා කරන්නද හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයට මේවා දෙන්න බැරි උනා කියලා මම පලිද ?

මට බැනලාවැඩක් නෑ නොදුන්න හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයට බනින්න.එච්චරයි කරන්න තියෙන්නේ.

මේ අපේ ප්‍රතිපත්තිය ඉඩම් දෙන එක,පාරවල් හදලා, වැව් ප්‍රතිසංස්කරණ කරන ඔය වැඩ ටික අපි පටන් ගන්නවා, එන්ටප්‍රයිස් ශ්‍රි ලංකා යටතේ තවත් මුදල් දෙනවා තමන්ගේම ව්‍යපාර පටන් ගන්න, මේක අපි ආරම්භ කරලා තියෙනවා, ඉදිරියටගෙනියන්න ඕන මෙහෙම්ම,මේ ගැන පත්තර වල, ටීවී වල තියෙන්න ඕන,මේවා හිරැ කියනවද ? දෙරණ කියනවද ?සිරස ගැන නම් අහල වැඩක්ම නෑ,

ලංකාදීප , දිවයින තියෙනවද ?මම ඔට්ටු අල්ලන්නම් මගේ කතාව ලංකාදීපේ අර ෆුඩ් බෝල් වර්ල්ඩ් කප් එක අස්සේ හංගලා තියෙයි, යනුවෙන් ප්‍රකාශ කලහ.

මේ අවස්ථාවට රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම්, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලූවිහාරේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලූත්ගමගේ යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගීවී සිටියහ.



« PREV
NEXT »