Tuesday, September 12, 2017
Home
Unlabelled
කොමිසම හමුවේ 13වනදා පෙනී සිටින්නැයි ඇලෝසියස්ට සිතාසි

-
Tuesday, September 12, 2017
ලබන (13) දින බැඳුම්කර වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිසම වෙත සාක්ෂි ඉදිරිපත් කරන ලෙස පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා හට බැඳුම්කර කොමිසම විසින් සිතාසි නිකුත් කර තිබේ.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අද (05) පස්වන දිනටත් බැඳුම්කර වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පැමිණ ඇත.
කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට විරෝධය පළ කරන බව අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ගාමිණී මාරපන මහතා අද කොමිසමට දැනුම් දී තිබේ.
එහිදී නීතිඥවරයා ප්‍රකාශ කර ඇත්තේ තම සේවාදායකයාට චෝදනා එල්ල වී ඇති බැවින් තමාට එරෙහිව තමා සාක්ෂිකරුවෙකු නොවිමේ පදනම මත සාක්ෂි ලබා නොදීසිටිමට අයිතිය ඇති බවයි.
එහෙත් කොමිසමට සහය පල කරන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ මෙතෙක් කිසිඳු පුද්ගලයෙකු කොමිසම මඟින් විත්තිකරුවන් ලෙස නම් කර නොමැති බැවින් සාක්ෂි ලබාදීමේ ගැටළුවක් නොමැති බවයි.
ජනාධිපති කොමිසමක් වශයෙන් මෙම කොමිසමේ බලතල විශේෂ ජනාධිපති කොමිසමකට අදාළ බලතලවලින් වෙනස් වන බැවින් සාක්ෂි විමසීම අවසන් වන තෙක් කිසිවෙකු වරදකරු කළ නොහැකි බව අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ප්‍රකාශ කර ඇත.
ඔහු පෙන්වා දී ඇත්තේ සාක්ෂි විභාගයෙන් අනතුරුව චෝදනාවලට වගකිව යුත්තන් පිළිබඳ කොමිසම වාර්තාවක් සකස් කරන බවය.
එබැවින් ඇලෝසියස් මහතාට සාක්ෂි ලබා නොදී සිටිමේ පදනමක් නොමැති අතර කැඳවීමක් ලද හොත් ඕනෑම අයෙකු සාක්ෂි ලබාදීමට බැදී සිටින බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.
අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් සාක්ෂි ලබාගැනීම පිළිබඳ පොදු ජනතාව විමසිල්ලෙන් බලා සිටින බවද ඇලෝසියස් මහතා කොමිසමට කැඳවා ඇත්තේ එය ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා බවද අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා සඳහන් කර ඇත.
එහිදී අදහස් දැක්වූ කොමිසමේ සාමාජික විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතා ප්‍රකාශ කර ඇත්තේ ලබන බදාදා ඇලෝසියස් මහතා කොමිසම හමුවේ පෙනී සිටිය යුතු අතර එදිනට සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන බවයි.
සාක්ෂි ලබාදීමෙන් වැළකී සිටීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කල් ලබාදෙන ලෙස ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගාමිණී මාරපන මහතා කොමිසමෙන් ඉල්ලා සිට ඇතත් කොමිසමේ සාමාජිකයින් ප්‍රකාශ කර ඇත්තේ කොමිසමේ කටයුතු පමා කළ නොහැකි බැවින් ලබන බදාදා දින අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසම හමුවේ පෙනී සිටි යුතු බවය.