Sunday, September 10, 2017
Home
Gossip Lanka News
තාජුඩින් ඝාතනයට හා බැඳුම්කරේට අදාලව ප්‍රභූ පිරිසක් අත්අඩංගුවට
තාජුඩින් ඝාතනයට හා බැඳුම්කරේට අදාලව ප්‍රභූ පිරිසක් අත්අඩංගුවට
-
Sunday, September 10, 2017
පසුගිය රජය සමයේ සිදු වූ බව කියන අභිරහස් මිනීමැරුම්, අතුරුදන් කිරීම්, මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා ඇතුළු අපරාධ සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු රැසක් මේ වන විට අවසන් අදියරේ පවතින අතර, එම අපරාධවලට සම්බන්ධ ප්‍රබල දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූ පුද්ගලයන් පිරිසක් ඉදිරි සති දෙක ඇතුළත අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග පැවැසීය.
එමෙන්ම වර්තමාන රජයේද සිදු වී ඇති මූල්‍ය අක්‍රමිකතා කීපයක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව ද පොලිස් මූලස්‌ථානය පවසයි. මෙම අපරාධ සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් සිදු කෙරෙන අතර, ඒවා කඩිනමින් නිම කිරීමට පොලිස්‌පතිවරයා උපදෙස් ලබා දී ඇත.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග මරා දැමීම ඇතුළු අභිරහස් ඝාතන කීපයක් සම්බන්ධයෙන් වූ විමර්ශන මේ වන විට අවසන් අදියරේ තිබෙන බව ද පොලිස් මූලස්‌ථානය පවසයි.
එමෙන්ම මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන්ද විමර්ශන කීපයක් අවසන් අදියරේ තිබෙන බව ද පොලිස් මූලස්‌ථානය කියා සිටියි.
