Wednesday, September 13, 2017
Home
Gossip Lanka News
ගෑස් මිල නැංවීමේ මලික්‌ගේ යෝජනාවට කැබිනට් රැස්‌වීමේදී විරෝධය
ගෑස් මිල නැංවීමේ මලික්‌ගේ යෝජනාවට කැබිනට් රැස්‌වීමේදී විරෝධය
-
Wednesday, September 13, 2017
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා විසින් ඊයේ (12 දා) කැබිනට් මණ්‌ඩලයට ඉදිරිපත් කළ ගෑස් මිල ඉහළ නැංවීමේ යෝජනාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ කැබිනට් ඇමැතිවරු වැඩි දෙනකු ප්‍රතික්‍ෂේප කර ඇත.
ගෑස් මිල ඉහළ නැංවීම මේ මොහොතේ කිසි ලෙස නොකළ යුත්තක් බව එහිදී කැබිනට් ඇමැතිවරුන් බහුතරයකගේ මතය වූ බව කැබිනට් ඇමැතිවරයෙක් 'දිවයින' ට පැවසීය.
කැබිනට් රැස්‌වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
