BREAKING NEWS
latest

728x90

468x60

Friday, August 04, 2017

බන්දුලගේ අගමැති සිහිනයක් පිළිබදව ඉගියක් - විශ්වාසභංගය රවීට ගෙනත් වැඩක්නෑ ආණ්ඩුවටම ගේමු

අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර දුන් බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, මන්ත්‍රීවරුන් 32කුගේ අත්සනින් මෙම විශ්වාසභංගය සකස් කර ඇති බව ය.

මෑත යුගයක දී නොදුටු මාධ්‍ය නිදහසක් මේ රට තුළ ස්ථාපිත කර තිබෙනවා

වත්මන් රජය බලයට පත්වීමත් සමඟම මේ රටේ මෑත යුගයකදී නොදුටු මාධ්‍ය නිදහසක් මේ රට තුළ ස්ථාපිත කර තිබෙන බව ඕනෑම කෙනෙකුට පැහැදිළි වන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.

රජයේ බලපෑමකින් තොරව මාධ්‍යවේදියාට සිය වෘත්තියේ ගරුත්වය රැක ගනිමින් කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය අද නිර්මාණය කර තිබෙන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ලසන්ත කලින්ම දුටු ශිරන්තිලාගේ මර බිය!

දිනය-2009.ජනවාරි 08
වේලාව-උදෑසන 10.20 ට පමණ.
ස්ථානය-අත්තිඩිය.

සිදුවිම-ජෙශ්ඨ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනය.

ඔහුගේ මරණයට අදින් හරියටම අවුරුදු 6යි මාස 6යි දින 23ක් ගෙවුනද ඔහුගේ මතකයෙන් මිදිමට කිසිවෙකුට නොහැකි වනු ඇත්තේ ඔහුගේ නිර්වයාජත්ව සිනහව හා ඍජු අදහස් දැක්වීම හැකියාව බව නම් අව්වාදිතය.

රාජපක්ෂවරුන්ගේ මජර පාලනය පිලිබද ඔහුගේ දැක්ම අදටත් අවිවාදිතය.අදටත් වලංගුය.

ඇලෝෂියස්‌ගේ දුරකථනයේ ඇපල් ගිණුමේ දත්ත මැකීම- වෙනස්‌ කිරීම තහනම්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ අධ්‍යක්‌ෂවරයකු සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝෂියස්‌ගේ ජංගම දුරකථනයට සම්බන්ධ ඇපල් ගිණුමේ දත්ත මකාදැමීම හෝ වෙනස්‌ කිරීම තහනම් කරමින් ජනාධිපති බැඳුම්කර කොමිසම ඊයේ (03 දා) නියෝගයක්‌ නිකුත් කළේය.

තානාපති කාර්යාලයක බලපෑම් සොයන්න අගමැතිගෙන් උපදෙස්‌

ඒකාබද්ධ විපක්‌ෂයේ ඉල්ලීමට අනුව හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුමට අදාළ පාර්ලිමේන්තු විවාදය කඩාකප්පල් කිරීම සඳහා විදේශ තානාපති කාර්යාලයක බලපෑම් එල්ල වූයේ දැයි සොයා බලා වාර්තා කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දී ඇත.

Thursday, August 03, 2017

අගමැතිට සුබ පැතීමේ මැති සභා විවාදය හෙට

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40 ක්‌ පිරීම නිමිත්තෙන් සුබ පැතුම් පිරිනැමීමට හෙට (4 දා) පාර්ලිමේන්තු විවාදයක්‌ පැවැත්වෙයි. එහිදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ හා එක්‌සත් ජාතික පක්‍ෂ ඇමැතිවරුන් සහ සියලු හවුල්කාර පක්‍ෂ නායකයන් අදහස්‌ දැක්‌වීමට නියමිතය.හෙට පෙරවරු 10.30 ට මෙම විවාදය හිටපු සභා නායක වත්මන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ආරම්භ කිරීමට නියමිතය.

මහාභාරකාරට පැවරූ කෝටි ගණනක දේපළ පසුගිය සමයේ හොරකම් කරලා

මහජනතාව දැඩි විශ්වාසයෙන් හා විවිධ අධිෂ්ඨානයෙන් මහාභාරකාර දෙපාර්තමෙන්තුවට පරිත්‍යාග කළ කෝටි ගණන් මුදල් හා දේපළ පසුගිය රජය සමයේ හොරකම් කර ඇති බව අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මහාභාරකාර දෙපාර්තමේන්තුවට පස්සා දොරෙන් දේශපාලනය පත්විම් ලබාගත් පුද්ගලයින් මෙලෙස රුපියල් මිලියන 499ක් හොරකම් කර ඇති බවත් එම හොරකම් පිළිබඳව විමර්ශන වත්මන් රජය මූල්‍ය අපරාධ කොට්ඨාසයට පවරා ඇති බවත් ඇමැතිවරයා හෙළි කළේය.

යහපාලනය නිසා තමයි මම මෙතෙන්ට ගෙන්වන්න හැකි වුනේ - මොනාක් ගනුදෙනුව ගැන මා කිසිවක් දැන සිටියේ නෑ

fudkdla frisvkaiSiays msysá uy,a ksjdih l=,S moku u; ,nd.ekSug fyda ñ,§ .ekSug ;uka lsisu ueÈy;aùula isÿ fkdl< nj ysgmq uqo,a weue;s j¾;udk úfoaY lghq;= weue;s rù lreKdkdhl uy;d ne÷ïlr fldñiu yuqfõ mejiSh'

ìßh fu,d iy ÈhKsh Tfk,d ueÈy;aj ksji noaog .;af;a wksld úf–iQßh fukúhf.ka nj oek.;af;a fuu ksji ms<sn| md¾,sfïka;=fõ m%Yak lsÍï iy udOH Tiafia m< jqKq mqj;a wkqj nj o weue;sjrhd idlaIs foñka mejiSh'

weue;sjrhd Bfha ^02& Wfoa oyfha isg meh yhl ld,hla iji 3'45 muK jk ;=re fldñiu yuqfõ lreKq bÈßm;a lf<ah'

Wednesday, August 02, 2017

යාපනයේ ආරක්‍ෂාව එස්‌ටීඑෆ් වෙත පවරයි - බුද්ධි අංශත් ශක්‌තිමත් කරයි

යාපනය අර්ධද්වීපය පුරා වර්ධනය වෙමින් පවතින ප්‍රචණ්‌ඩ ක්‍රියා මර්දනය කර එම ප්‍රදේශයට පූර්ණ ආරක්‌ෂාවක්‌ සැලසීම පොලිස්‌ විශේෂ කාර්ය බළකාය වෙත භාරදී ඇත.

ඒ අනුව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ දහසකට අධික නිලධාරීන් පිරිසකගෙන් සමන්විත බලඇණියක්‌ උතුරු අර්ධද්වීපයට ආරක්‌ෂාව සැලසීමේ කාර්ය සඳහා එහි ගොස්‌ සිටිති.

හම්බන්තොට වරාය සෑදීමට ගිය මුදලෙන් රාජපක්ෂ බාගයක්ම කොම්ස් ගහල

ඊයේ දිනයේ නාමල් රජපක්ෂ හා මහින්දාන්න අලුතමගේ හා ඇමති හරීන්  හා ඊයේ දෙරණ වාදපිටියේදී හම්බන්ත්ට වරාය පිළීබද වාදයට එළැබින. මෙහිදී නාමල් විසින් බොරු ගැන හිලව් කියමින් මුලින්ම ප්‍රකාශ කල අතර ආණ්ඩුපක්ෂයෙන් නිවැරදි ගණන් හිලව් හෙලිවීමත් සමග නාමල් සහ මහින්දාන්න මන්ත්‍රිතුමා වික්ෂිප්තයට පත්විය.

ඇලෝසියස්ගේ බිරිඳගේ ෆෝන් සෙල්ලමක් මාට්ටු

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වූ අර්ජුන් ඇලෝසියස් මහතා භාවිත කළ ජංගම දුරකථනයේ මුර පදය පරීක්ෂණ සඳහා ලබා ගැනීම සම්බන්ධයෙන් වන නියෝගය බැදුම්කර කොමිසම විසින් අද (02) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඒ, අදාල මුරපදය නිකුත් කරන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් කොමිසම හමුවේ ඊයේ (01) කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.

රවි අද නොවරදවාම කොමිසමට පැමිණිය යුතුයි

අද (02 දා) පෙරවරු 10.00 ට භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම රැස්‌වන අතර හිටපු මුදල් ඇමැති සහ වත්මන් විදේශ ඇමැති රවි කරුණානායක මහතා එහිදී සාක්‍ෂි දීමට නියමිතය.

ඇමැති රවි කරුණානායක මහතා හැර වෙනත් සාක්‍ෂිකරුවකු අද කොමිසම හමුවේ සාක්‍ෂියට කැඳවා නැති අතර අද පෙරවරුව වෙන් කර ඇත්තේ ඔහුගේ සාක්‍ෂි විමසීම සඳහායි.

මීට පෙර දින දෙකක එනම් ඉකුත් ජුලි 25 සහ 26 කොමිසම හමුවට පැමිණ සාක්‍ෂි දෙන ලෙස නොතීසියක්‌ මගින් රවි කරුණානායක ඇමැතිවරයාට දැනුම් දෙනු ලැබූවත් ඔහු පැමිණියේ නැත.

ඒකාබද්ධ මන්ත්‍රීන්ගේ හැසිරීම කථානායක නිරීක්ෂණය කරයි

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුගිය සිකුරාදා පාර්ලිම්න්තුවේ හැසිරුණු ආකාරය සටහන්වී ඇති වීඩීයෝ දර්ශන කථානායක කරු ජයසූරිය මහතා විසින් පසුගියදා (31) දිනයේදී නිරීක්ෂණය කර තිබේ. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු කාර්යමණ්ඩලයද එම අවස්ථාවට එක්ව ඇත.

නොමිලේ ප්‍රතිකාර කිරීම ඇරඹූ දිනම නෙවිල් ප්‍රනාන්දු රෝහලට පැය 6 ට රෝගීන් 170 ක්‌

රජයට පවරා ගත් මාලබේ නෙවිල් ප්‍රනාන්දු ශික්‍ෂණ රෝහලෙන් ජනතාවට නොමිලේ ප්‍රතිකාර ලබාදීම ආරම්භ කිරීමත් සමඟ ඊයේ (01 දා) උදේ 8.00 සිට පස්‌වරු 2.00 දක්‌වා වූ පැය 6 ක්‌ තුළ රෝගීන් 170 ක්‌ පමණ ප්‍රතිකාර ලබාගෙන ඇතැයි එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය බිමන්ත ගුණසේකර මහතා zදිවයිනZ ට පැවසීය.

Tuesday, August 01, 2017

මත්පැන් නගී - සහල් බදු සත 25ට බහී මාළු, පිටි ඇතුළු භාණ්ඩ තොගයක මිල වෙනසක්

2017 අගෝස්තු 01 වන දින සිට එනම් අද දින සිට බලපැවැත්වෙන පරිදි ආනයනික තොග ස්ප්‍රීතු සඳහා රුපියල් 25.00 ක තීරු බද්දක් ප්‍රකාශ කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එසේම ප්‍රතිඅපනයනය කිරීමට හෝ විදේශ මුදල් සඳහා තීරුබදු රහිත සාප්පුවල අලෙවියට තබා ඇති හෝ නොවන, තොග වශයෙන් ආනයනය කරනු ලබන රටබීම සඳහා ද අදාළ බදුවල වෙනසක් සිදුව ඇත.

මේ සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් වීමට නියමිතය.

හිටපු ඇමති ඔලුවෙන් හිටගෙන ගණන් හදලා?

ජාතික පුවත්පතක විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටු අමාත්‍යවරයෙක් ලබාදුන් සාකච්ඡාවක ආසන 113ක් ලබාගෙන අලුත් ආණ්ඩුවක් නිර්මාණය කරන බවට ප්‍රකාශ කර ඇතත් එසේ ආණ්ඩුවක් නිර්මාණය කළ නොහැකි බවත් ආණ්ඩුවක් නිර්මාණය කිරීමට තමන් සමග සාකච්ඡා කළ යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසිය.
එසේම ඔහු ගණන් හදා ඇත්තේ ඔලුවෙන් හිටගෙන බවත් ජනපතිවරයා සඳහන් කළේය.

ඒකාබද්ධය ගැන කතානායකවරයාට පැමිණිලි


පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසු අශෝභන ලෙස සභා ගර්භයේ හැසිරුණු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කතානායකවරයාට පැමිණිලි කරන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සදහන් කර සිටි.

ඉකුත් 28වනදා පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු අගෝස්තු 04 වන දින දක්වා කල්තැබීමට කතානායක කරු ජයසූරිය මහතා විසින් තීරණය කළේය.

Monday, July 31, 2017

ඒකාබද්දේ බොහෝ දෙනෙකුට මානසික රෝග - ඇමති රංගේ

ඒකාබද්ධ විපක්‍ෂය බලය නොමැති කමින් අසහනයට හා වියරුවට පත්ව සිටින බව පසුගියදා පැහැදිලි වූ බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායක අසුනේත් ජනාධිපතිවරයාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ අසුනේත් අසුන් ගනිමින් ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිතයින් සිදු කළ රංගනය කිසි ලෙසකින් අනුමත කළ නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. එමෙන්ම ඒකාබද්ධ පිලේ බොහෝ දෙනෙකු මානසික රෝගවලින් පෙලෙන්නේදැයි පරීක්‍ෂා කර බැලීම සුදුසු කාරණයක් බවද අමාත්‍යවරයා පවසයි.

මහින්දගේ ට්විටර් පණිවුඩයට මංගලගෙන් අපූරුවට පිළිතුරු

රට පාලනය කිරීමට හිටපු ජනාධිපතිවරයා ගේ උදව් අනවශ්‍ය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ට්ව්ටර් සමාජ ජාලය ඔස්සේ පණිවිඩයක් තබමින් කියා සිටී.

අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ ඉකුත් 26 වැනිදා හිටපු ජනාධිපතිවරයා ට්විටර් සමාජ ජාල සේවාව ඔස්සේ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී ‘රට වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ වෙනත් අයෙකු සමඟ ඕවෑම වේලාවක සාකච්ඡා කිරීම තමන් සූදානම් ‘ බවට කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් ට්විටර් පණිඩයක් නිකුත් කරමිනි.

උමාඔය අමාත්‍ය අනුකමිටුව අද බදුල්ලේ

WudTh ms<sn| fidhd ne,Sug m;a lrk ,o wud;H wkqlñgqj wo nÿ,a, lÉfÉßfha § m%.;s iudf,dapkhla i|yd /iaùug kshñ;h'

 

Sunday, July 30, 2017

ඒකාබද්ධ විපක්ෂය වෙලාවක් ඉල්ලයි

ඒකාබද්ධ විපක්ෂයට කඩිනමින් වේලාවක් දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන ඇතුළු ඒකාබද්ධ මන්ත්‍රීවරුන් පිරිසක් ජනපතිවරයාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබේ.

ඒ හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමට එහි ඇති අහිතකර තත්ත්වයන් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට බව අදාළ ලිපියේ සදහන්.

විදෙස් ලේකම් පුටුව අළුත්වෙයි

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් නව විදේශ ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ.

මේ අතර හිටපු විදෙස් ලේකම් වන ඇසළ විරකෝන් සංචාරක ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත.