BREAKING NEWS
latest

728x90

468x60

Saturday, August 12, 2017

මත් උවදුරින් රට සුද්දද කරන්න ඇමති සාගල සැරසේ

මත්ද්‍රව්‍ය ජාවාරමේ සහ පාතාල ලෝකයේ තෝරු මෝරු හාල්මැස්සන් ආදී සියලු දෙනාම නීතියේ දැලට හසුකරගන්නා බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානි, නිතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කර සිටියි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකර සිටියේ අද (12දා) බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේ ජාතික තරුණ සේවා සභාව ''හසරැල්ලේ කැරැල්ල" නමින් ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමිව සංවිධානය කරන ලද "No Drugs අපි Youth" වැඩසටහනට සහභාගී වෙමිනි.

අගමැතිට මල පනී - හොරු හුරතල් නවත්වා පෝලිමට ඇතුලට දාන්න රනිල්ගෙන් උපදෙස්

බරපතළ වංචා - දූෂණ සහ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය, වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ ලැයිස්තුගත සමූහ ඝාතනය, රතුපස්වල නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තැබීම ඇතුළු බරපතළ අපරාධ සම්බන්ධයෙන් පවතින නඩුවලට අදාළ කටයුතු කඩිනම් කර, ඒවාට වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසත්, එම කටයුතුවල දී කුමන තරාතිරමේ අයකු බාධා කළ ද ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් කරන ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ. 

ඇමති විජේදාසට ඇපත් නැතිවන ලකුණු

අධිකරණ හා බෞද්ධ කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයෙන් ඉවත්කරන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තාවේ. 

හම්බන්තොට වරාය ගිවිසුමට අදාළ කැබිනට් තීන්දු විවේචනය කරමින් කැබිනට් මණ්ඩල සාමුහිකත්ව කඩකිරීම, ඔහුගේ අමත්‍යංශය යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුව විසින් රාජපක්ෂවරුන්ට එරෙහි නඩු කටයුතු පමා කිරීම, බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි විභාගකරන නීතිපති දෙපාර්තමේන්තුවේ දප්පුල ලිවේරා වැනි ජ්‍යෙෂ්ඨ නීතිඥයින් ලවා රවී කරුණානායක වැනි රජයේ ජ්‍යේෂඨ ඇමතිවරුන් අපහසුතවයට පත් කිරීම, මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිතයකුට අපහාස කිරීම ඇමති විජේදාස රාජපක්ෂ මහතාට එල්ලවී ඇති චෝදනා වලින් කිහිපයකි.

කසළවලින් විදුලිය සහ පොහොර නිපදවන ස්ථාන 4ක් ගම්පහට

කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශ ගණනාවක පවතින අයහපත් තත්ත්වයට ස්ථිර විසදුමක් ලෙස පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ විදුලිය නිපදවීමේ සහ පොහොර සැකසීමේ ස්ථාන හතරක් සැකසීමට සැලසුම් කොට ඇත.

ලක්ෂ 23කට අධික ජනගහනයක් වෙසෙන ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට දිනකට මෙට්ට්‍රික් ටොන් 630 - 700 අතර ප්‍රමාණයක් කසළ ජනනය වන අතර මින් මෙට්ට්‍රික් ටොන් 450ක ප්‍රමාණයක් දෛනිකව රැස් කෙරෙන බැවින් මේ කසළ ප්‍රමාණය මේ සදහා යොදා ගැනෙන බව වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් කරුණු දක්වන මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉංජිනේරු මහේෂ් ජයවීර මහතා පැවැසීය.

සයිටම් සභාපති මහ මැතිවරණයට

තමා නැවතත් දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රධාන පෙළේ දේශපාලන පක්‍ෂයකින් තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ඊයේ (11 දා) කියා සිටියේය.
තමන් ජනතාවට කරන සේවය අනුව දේශපාලනයට පිවිසීමට අයිතියක්‌ තිබෙන බව කී නෙවිල් ප්‍රනාන්දු මහතා රුපියල් කෝටි ගණනක්‌ වියදම් කර ඉදි කරනු ලැබූ රෝහල රජයට පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූයේ මහජනයාට සේවයක්‌ කිරීම සඳහා යෑයිද පැවසීය.

සුවිප් එකක් ඇදුන මාරපන සුවිප් එපා කිවුවේ ඇයි


පුරප්පාඩු වූ විදේශ කටයුතු අමාත්‍ය ධූරය තිලක් මාරපන මහතාට ලබාදීමට තීරණය වී ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මාරපන මහතා ද නව ධූරය භාරගැනීමට එකඟවී ඇති බව පැවසෙන අතර කෙසේවුවද විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ පවතින ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය අදාළ විශයට නොගැලපෙන බැවින් ඒවා අවශ්‍ය නොවන බව ඔහු පවසා තිබේ.

විජයදාසගේ කෙටුම්පත් කිරිඇල්ල ආපසු ගනියි

අධිකරණ ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා විසින් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ පනත් කෙටුම්පත් සහ ගැසට්‌ නියෝගයක්‌ සභානායක ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඊයේ (11 දා) න්‍යාය පත්‍රයෙන් ඉල්ලා අස්‌කර ගන්නා ලදී.
මෙසේ න්‍යාය පත්‍රයෙන් ඉවත් කර ගන්න ලද්දේ අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධි විධාන) (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝගයකි.

ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගන්න

පාර්ලිමේන්තුවේ ගෞරවයට හානිවන අයුරින් මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදාවලට පටහැනි අයුරින් හැසිරී ඇති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වරප්‍රසාද කඩ කැර ඇති හෙයින් ඔවුන්ට එරෙහිව පියවර ගන්නා ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් පාර්ලිමේන්තුවේදි ඊයේ (11) ඉල්ලා සිටියේය.

Friday, August 11, 2017

ශිරන්ති රාජපක්‍ෂ අත්අඩංගුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බිරිද ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමේ සැලසුමක් ඇති බවට අන්තර්ජාලයේ මාධ්‍ය වාර්තා පලවෙමින් ඇත.

හවුල් ආණ්ඩුව තීරණාත්මක තැනක - සෙමා සභාපති

හවුල් ආණ්ඩුව තීරණාත්මක තැනකට ඇවිත් ඇතැයි උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ (සෙමා) සභාපති අශෝක අබේගුණවර්ධන මහතා කියයි.

හවුල් ආණ්ඩුව ඇතිකර වසර දෙකක් පමණ ගොස් ඇති බවත්, එසේම ජනාධිපතිවරයා පත්වී මේවන විට වසර දෙකහමාරක් පමණ ගොස් ඇති බවත් දැන් හැමෝගේම මාතෘකාව මේ තත්ත්වයෙන් පසු තත්ත්වය ගැන බව යයිද ඔහු කීය.

සිරස නාලිකාවේ පැතිකඩ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ජනාධිපතිට එරෙහි 700 MHz තරංග චෝදනාව බොරු

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන සංඛ්‍යාත විවිධ ආයතනයන්ට අයථා ලෙස ලබා දී ඇතැයි මේ වන විට ඇතැම් මාධ්‍ය විසින් පළකර ඇති වාර්තා සාවද්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියකු අවධාරණය කර සිටියේය.

මහජනයා සතු විද්‍යුත් සංඛ්‍යාත 8 ක් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මාධ්‍ය ආයතනයට ජනාධිපතිවරයා විසින් ලබා දීමෙන් රජයට ඍජුවම රුපියල් බිලියන 3 කට අධික පාඩුවක් සිදුකිරීම ගැන පරීක්ෂණ නොකරන්නේ මන්දැයි ‘දූෂණ විරෝධී ප්‍රජාතන්ත්‍රවාදියෝ‘ (Democrats for anti corruption) නමැති සංවිධානයේ කැඳවුම්කරු සේකර බන්ධුනාථ නමැත්තෙකුගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයක් පාදක කර ගනිමින් ඇතැම් මාධ්‍ය පළකර ඇති වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එබව සඳහන් කළේය.

“අද හොරු යලිත් රජවෙන්න දගලනව පාඩමක් උගන්වා ගෙදර යනවා”- ඇමති හරීන්

ආණ්ඩු පක්ෂයේ කණ්ඩායමක් සමග එක්ව එළියට බැස සටන් කිරීමට තමන්ට සිතෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

අද (10) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

තමන් සමග ඒ සඳහා සුදානම් කණ්ඩායමක් සිටින බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු එහිදී කියා සිටියේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ප්‍රමාද වීම නිසා කිසියම් කුමන්ත්‍රණයක් ඇති බව සිතෙන නිසා හොරුන්ට පාඩමක් උගන්වා ගෙදර යන එක හොඳ බව තමන් සිතන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

රවි අස්‌වුණත් චෝදනාවෙන් නිදහස්‌ නෑ - සුසිල් ප්‍රේම්ජයන්ත

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා සිය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්‌වුවත් එම චෝදනාවෙන් නිදහස්‌ නොවන බව තාක්‍ෂණ, තාක්‍ෂණ අධ්‍යාපන හා රැකියා ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.

ජනාධිපති බැඳුම්කර කොමිසමේ සාක්‍ෂි විභාගයට අනුව හිටපු මුදල් ඇමැතිවරයා මෙම සිද්ධියට සම්බන්ධ බවට ඔප්පු වී ඇතැයි ද ඊයේ (10 වැනිදා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කළේය.

Thursday, August 10, 2017

රාජපක්ෂලා ප්‍රමුඛ හොරු රකිනවා යැයි විජේදාසටත් එරෙහිව ආණ්ඩුවෙන්ම විශ්වාසභංගයක්

අධිකරණ  අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි පවසයි.

ආණ්ඩු පක්ෂයේම පිරිසක් විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

සංවේදී කතාවක් කරමින් රවී ඉල්ලා අස්වේ Video

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.
කෙසේ නමුත් තමාට එරෙහිව එල්ල කෙරෙන චෝදනාවලට තමන් නිවැරදිකරු වන නමුත් රට සහ පක්ෂය ගැන සිතා පදවියෙන් ඉල්ලා අස්වෙන බව කියා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

රවිට පහර නොදෙන්නැයි ජනපති ශ්‍රීලනිප අමාත්‍යවරුන්ට දැනුම් දුන්නාද?

අමාත්‍ය රවී කරුණානායක මහතා ඉලක්ක කර ගනිමින් ප්‍රකාශ නිකුත් නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවේ ශ්‍රීලනිප අමාත්‍යවරුන්ට දැනුම් දීමක් කර තිබේ.

ජනාධිපතිවරයා පෙරේදා (08) රාත්‍රී ශ්‍රීලනිප ඇමතිවරුන් කැඳවා එම ඉල්ලීම කර ඇත.

තමා ජනාධිපති ධුරයට පත්කිරීමට රවී කරුණානායක මහතා දැක්වූ දායකත්වය සිහිපත්කර ඇති ජනාධිපතිවරයා, ශ්‍රීලනිප ඇමතිවරුන් රවී කරුණානායක මහතාට දිගින් දිගටම පහර දුනහොත් එය එක්සත් ජාතික පාක්ෂිකයින් වරදවා වටහා ගැනීමට ඉඩ ඇති බවත් ආණ්ඩුවේ පැවැත්මට තර්ජනයක් විය හැකි බවත් පෙන්වා දී තිබේ.

රවී කරුණානායක මහතාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට තමා අගමැතිවරයාට යෝජනා කල බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශකර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට හෙට සිට භාෂා පංති

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා පංති පැවැත්වීම හෙට (11 වැනිදා) සිට ආරම්භ කරන බව ජාතික සහජීවනය, සංවාද සහ රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා ඊයේ (09 වැනිදා පැවැසීය.

රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය හරහා මෙලෙස මන්ත්‍රීවරුන්ට භාෂා පුහුණුව ලබාදීමට තීරණය කළ බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මනෝ ගනේෂන් ඇමැතිවරයා

ජානිපෙ ඉවත්වීම ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයට බාධාවක්‌ නොවේ - කථානායක දැනුම් දෙයි

ජාතික නිදහස්‌ පෙරමුණ ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ඉවත් වීම මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක්‌ය කියන කාරණයට බාධාවක්‌ නොවන බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09 දා) නිවේදනය කළේය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී විමල් විරවංශ මහතා විසින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව කීවේය. එහිදී විමල් විරවංශ මහතා මෙසේද කීය. 

මම සහ ජාතික නිදහස්‌ පෙරමුණේ මන්ත්‍රීවරුන් පස්‌ දෙනා ව්‍යවස්‌ථා සම්පාදක ක්‍රියාවලියෙන් ඉවත් වෙන බව දැනුම්දීම නිසා මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්‌ථාපිත මණ්‌ඩලයක්‌ නොවන බවට අප මතු කළ තර්කයට ඔබතුමා පසුව පිළිතුරක්‌ ලබා දෙන බව කිව්වා. ඒ ගැන මතය අද ප්‍රකාශ කරන්න පුළුවන්ද? නැතිනම් එම ප්‍රකාශය පසුව කරනවාද? කියා දැනගන්න කැමතියි.

කැබිනට්‌ හමුවට රවි නෑ ඊයේ රැස්‌වීමත් උණුසුම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09 වැනිදා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සතියේ කැබිනට්‌ රැස්‌වීම සඳහා විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතා සහභාගි වී නැත.

20 වැනි සංශෝධනයට සියලු ශ්‍රීලනිප මන්ත්‍රීන්ගේ විරෝධය අපේක්‍ෂා කරනවා

වත්මන් ආණ්‌ඩුවේ සිටින සියලු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තේරීපත්වූයේ තමා නායකත්වය දෙනු ලැබූ එක්‌සත් ජාතික පක්‍ෂ විරෝධී ඡන්ද ව්‍යාපාරයෙන් බැවින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය විනාශ කෙරෙන 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට ඔවුන් විරුද්ධවනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (09 වැනිදා) නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කර සිටී.

අපනයන ආදායම් ඉහළට - මහ බැංකු අධිපති

මේ වසරේ ජනවාරි - මැයි කාලසීමාව තුළ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් කෝටි 440 (ඩොලර් බිලියන 4.4) දක්වා සියයට 4.3 කින් ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කෙළේය.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන වැඩි වශයෙන් එතෙර වෙළෙඳපොළ දිනාගන්නා අයුරින් පෙළගැස්සවීම මේ ආදායම් ඉහළ යෑමට ප්‍රධාන හේතුව වී ඇත.

වසර 2016 මැයි මාසයට වඩා මේ වසරේ මැයි මාසයේ අපනයන ආදායම ඩොලර් මිලියන 841 දක්වා සියයට 7.8 කින් ඉහළ ගිය බව ද අධිපතිවරයා කීය.

පානීය නොවන ස්ප්‍රීතු ආනයනයේ දී රුපියල් 50,000ක බලපත්‍ර ගාස්තුවක්

ඊට අමතරව මෙතනෝල් ස්ප්‍රීතු ලීටර් එකක් සඳහා රුපියල් 25ක නව බද්දක් පැනවීමටත් එය වහාම ක්‍රියාත්මක වන පරිදි අය කිරීමටත් රජය තීරණය කොට තිබේ.

අගෝස්තු 01 දින සිට ක්‍රියාත්මක වන මේ නව බදු පැනවීම සම්බන්ධයෙන් අංක 2029/50 සහ 28.07.2017 දිනැති ගැසට් පත්‍රය මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් 2017.07.28 දින නිකුත් කර ඇත.

මේ නව රෙගුලාසියට මින් පසු පානීය නොවන ස්ප්‍රීතු කිසිම තැනැත්තකු විසින් ආනයනය කිරීම, අපනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, සන්තකයේ තබාගැනීම, ගබඩා කිරීම, විකිණීම, ප්‍රවාහනය කිරීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම සඳහා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් බලපත්‍රයක් ලබාගත යුතු වේ.

Wednesday, August 09, 2017

දැන් මුදල් ඇමැතිගෙ ලේකම් හිටපු මුදල් ඇමැතිට කියා දුන් පාඩම

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම යටතේ අත්අඩංගුවට පත් වු මුදල් අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරී එල්ල වන චෝදනා හමුවේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් හිටපු මුදල් ඇමති වත්මන් විදේශ ඇමති රවි කරුණානායක හට අගනා ආදර්ශයක් සපයා තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් 05 සෙනසුරාදා රාත්‍රියේ මංගල සමරවීර ඇමතිවරයාගේ ලේකම් සමීර මනහර ඇතුළු හතර දෙනකු ගමන් ගත් මෝටර් රථයේ මත්ද්‍රව්‍ය ඇති බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙත තිබුණි.

අත්අඩංගුවට ගත් පිරිස ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රත් වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදි මත්ද්‍රව්‍ය ළඟ තිබු පුද්ගලයා හැර සෙසු සැකකරුවන් ඊට සම්බන්ධ නැති බව අනාවරණය වීමත් සමඟ ඔවුන් ඇප මත මුදා හැර ඇත.

රවි ගැන ජනපතිගේ තීන්දුව සති දෙකකින් - රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන කියයි

විදේශ ඇමැති රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ ජනාධිපතිතුමා වැදගත් තීන්දුවක්‌ ගනු ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (8 දා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

ඒ අනුව රටේ ජනතාව මේ මොහොතේ අපේක්‍ෂා කරන නිවැරදි තීන්දුව ජනාධිපතිතුමා ගනු ඇතැයිද ඇමැතිවරයා කීවේය.

චෝදනා එල්ලවූ විට ඇමැතිවරුන් ඉල්ලා අස්‌ වෙනවා නම් හොඳයි. චෝදනා එල්ලවූ අය පක්‍ෂයට ආදරේ නම්, රටට ආදරේ නම් ආණ්‌ඩුව අපහසුවට පත් නොකර ඒ තීන්දු අරගන්න ඕනෑ. තමන් නිවැරදි නම් වරදක්‌ කරල නැත්නම් නැවත ඔවුන්ට සිටි තැනටම පැමිණීමට හැකි යෑයිද ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය.

විසිවැනි සංශෝධනයට ඒකාබද්ධය නඩු මගට යනවා - ගම්මන්පිල කියයි

පළාත් සභා සියල්ලෙහිම මැතිවරණය එක්‌ දිනයකදී පැවැත්වීමට ආණ්‌ඩුව ගෙන ඒමට සූදානම් වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ විසිවැනි (20) සංශෝධනය ජනමත විචාරණයකට යොමු කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්‍ෂය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවැරීමට තීරණය කළ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවැසීය.

රවිට එරෙහි විශ්වාසභංගය විවාදයට ගන්නවාද නැද්ද? තීන්දුව හෙට

විදේශ කටයුතු ඇමති රවි කරුණානායක මහතාට එරෙහිව භාරදී තිබෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳ නීතිපති මතය විමසා එය විවාදයට ගන්නවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව හෙට (10 දා) දැනුම් දෙන බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (8 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් නීති ප්‍රශ්නයක්‌ පවතින බවට ඊයේ පැවැති පක්‌ෂ නායක රැස්‌වීමේදී ප්‍රකාශවීම නිසා ඒ සම්බන්ධයෙන් නිතිපතිවරයාගේ මතය විමසා ඇති බවද කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. විමල් වීරවංශ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව කීවේය.

කොමිෂන් සභා පනත අනුව බැඳුම්කර කොමිසමත් අධිකරණයකට සමාන බැවින් අධිකරණයක්‌ ඉදිරියේ විභාග වන කාරණයක්‌ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ නොහැකි බව එක්‌සත් ජාතික පක්‌ෂයේ පක්‌ෂ නායක රැස්‌වීමේදී ගැටලුවක්‌ මතු කර ඇත.

විමල් වීරවංශ මහතා - විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්න බාධාවක්‌ නැහැ. 

කථානායක - ඒක අධිකරණ කටයුත්තක්‌.

විමල් විරවංශ මහතා - නීතිමය බාධාවක්‌ කොහොමද එන්නේ මේක කොමිසමක්‌. ආණ්‌ඩුව මේක මගහරින්නද මේ උත්සාහ කරන්නේ.

කථානායක - නැහැ නැහැ මේක ගන්නවා. පක්‌ෂ නායක රැස්‌වීමේදී තමයි මේ ප්‍රශ්නය මතුවුණේa.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා - විදේශ ඇමතිට එක්‌සත් ජාතින්ගේ මුලස්‌ථානය ඉදිරියට ගිහිල්ලා නිදා ගන්න කියලාද කියන්නේ. ඒකාබද්ධ විපක්‌ෂය විශ්වාසභංග යෝජනාවක්‌ ගෙනාවා කියලා මම දැක්‌කෙත් පත්තරෙන්. කොහොම වුණත් මේ ගැන කථානායකතුමා තීරණයක්‌ දීලා තියෙනවා. ඒ අනුව කටයුතු කළ යුතුයි. කවුරුත් විරුද්ධ නැහැ මේක ගන්නවාට... ආණ්‌ඩුව විනිවිදභාවයකින් කටයුතු කරන්නේ.

කථානායක - බ්‍රහස්‌පතින්දාට මම මේ ගැන තීන්දුවක්‌ දෙනවා....

විමල් වීරවංශ මහතා - කථානායකතුමනි... අගමැතිතුමාට කියන්න මේක අංගොඩ රෝහල නොවෙයි පාර්ලිමේන්තුව කියලා.

කථානායක - හා ... හා

උදය ගම්මන්පිල මහතා - නීතිමය ප්‍රශ්නයක්‌ මෙතනට අදාළ වෙන්නේ නැහැ. කොමිසමේ කතා කරන දේට පරිබාහිර කාරණයක්‌ තමයි විශ්වාසභංගයට ඉදිරිපත් කරලා තියෙන්නේ.

විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා - විශ්වාසභංගය විවාදයට ගැනීමට නීති ප්‍රශ්නයක්‌ තියෙනවාද නැද්ද කියලා කතා කරන්න කලින් මේක න්‍යාය පුස්‌තකයට එන්න ඕනේ. කථානායකතුමා තවම මෙය න්‍යාය පත්‍රයට දාලා නැහැ.

කථානායක - පක්‌ෂ නායක රැස්‌වීමේදී නීති ප්‍රශ්නයක්‌ ආවා ඒ අනුව තමයි මේ තීන්දුව ගත්තේ.

විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක - න්‍යාය පත්‍රයට ඇතුළත් නොකළ එකක්‌ ගැන නීතිපති උපදෙස්‌ ගන්නේ කොහොමද... මෙය න්‍යාය පත්‍රයට දැමිය යුතුයි. න්‍යාය පත්‍රයේ ඇතුළත් නැති කරුණක්‌ ගැන නීතිපතිගෙන් විමසනවා. 

කථානායක - මම බ්‍රහස්‌පතින්දා ඇතුළත් කරන්නම්.

විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක - ඇයි එතරම් ප්‍රමාද කරන්නේ?

කථානායක - නීතිපති උපදෙස්‌ ඕනෑ.

විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක - ඒකට මොකටද නීතිපති උපදෙස්‌.

අගමැති - අද පක්‌ෂ නායක රැස්‌වීමේදී කතා කරන්න තිබුණේ පළාත් සභාවල කාන්තා නියෝජනය වැඩි කිරීම ගැනයි. නමුත් විදේශ ඇමතිගේ විශ්වාසභංගය ගැනත් කතා වෙලා තියෙනවා. කථානායකතුමාට ඕන වෙලාවක තීරණයක්‌ ගන්න පුළුවන්. ඒ දෙන ඕනෑම තීන්දුවක්‌ පිළිගන්නවා.


අජිත් අලහකෝන් කුෂාන් සුබසිංහ
දිවයින

Tuesday, August 08, 2017

කුමන්ත්‍රණයක් ගැන කියා ලිපියක් යවමින් මංගලගේ PRO ඉල්ලා අස්වෙයි

යම් කුමන්ත්‍රණකාරී දේශපාලන බලවේගයක් විසින් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කීර්තිනාමයට හා යහපාලන ආණ්ඩුවට කැළලක් ඇති කිරීමේ නින්දිත උත්සාහයක් ක්‍රියාත්මක වන බව පවසමින් අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරී (PRO) සමීර මනහර මහතා එම ධුරයෙන් අද (08) ඉල්ලා අස්වී ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය සෙනසුරාදා (05) රාත්‍රී තමා ඇතුළු සිව් දෙනෙකු ගමන්ගත් ජීප් රථයේ මත්ද්‍රව්‍ය තිබු බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගැනීමේ අවාසනාවන්ත සිද්ධිය පාදක කර ගනිමින්, එම කුමන්ත්‍රණය දියත්වන බව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ.

එනවනම් මූහුණට මූණ හැප්පෙන්න වරෙං – සුජීවගෙන් නාමල්ට අභියෝගයක්

හම්බන්තොට වරාය ගිවිසුම රටට අහිතකර වන බවට පාලු නිවෙස් වල වළං බිඳිනවා මෙන් සංවාද වල නොයෙදී තමන් සමඟ මුහුණට මුහුණ විවෘත රූපවාහිනී සංවාදයකට පැමිණෙන ලෙස අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පා.ම නාමල් රාජපක්ෂ මහතාට අභියෝග කර තිබේ.

මගෙ ඉල්ලා අස්වෙන්න තීරනයක් නෑ - ඔය ඔක්කොම බොරු

පසු ගිය දිනවල බැඳුම්කර කොමිසමේ කටයුතු සඳහා සහය වීමේ අරමුණ ඇතිව ඉල්ලා ඉල්ලා අස්වීමට අමාත්‍ය රවී කරුණානායක මහතා තීරණයකර ඇත බව ගොස්ප්99 අප ඇතුලු මාධ්‍ය විසින් වාර්තාකරනු ලැබුව.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වසර 03කින් අවසන් කිරීමට ඇමතිගෙන් නිළධාරීන්ට උපදෙස්

දැනට ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා පළමු අදියරේ සහ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියරේ ඉදිකිරීම්වල නිරීක්ෂණ චාරිකාවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ ප්‍රධානන්වයෙන් පසුගියදා මීරිගම ගණේගොඩ සහ මීරිගම මදුරුපිටිය ප්‍රදේශයන්හී පැවැත්විණ. 

කි වො 32ක සෝලා පද්දතියක් කොළබ රාජකීය විද්‍යාලයට

රාජකීය රශ්මි සුර්ය බල සංග්‍රාමය යටතේ කොළබ රාජකීය විද්‍යාලය වෙනුවෙන් කිලෝ වොට් 32ක් සුර්ය බල පද්දතියක් ලබා දීම පසුගියදා සිදුවුනා .

නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ඉල්ලීම පරිදි රාජකීය විද්‍යාලයේ අදිසිසුන් වන ලසන්ත ගුණවර්ධන සහ සතිර සරත්චන්ද්‍ර මහතුන්ගේ සම්බන්දී කරණයෙන් ජපානයේ NGP solar ආයතනයේ සබාපති මංජුල සේනාරත්න මහතාගේ පරිත්‍යාගයක් ලෙස මෙම සෝලා පද්දතිය රාජකීය විද්‍යාලයට ලබදිතිබේ.

මෙම සෝලා පද්දතිය තුලින් රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට සහ ප්‍රදාන ගොඩනැගිලිවලට නොමිලයේම විදුලිය ලබාගැනීමට හැකිවේ.

ලලිත් ජයසිංහගේ තවත් කෙළි එළියට - සතේ සතේ ඉතිරි කරලා රහසින් කැටයකට දමලා හදපු හෝටලේ ද මේ?

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ කාමර 20ක හෝටලය පිළිබඳව හෙළිදරව් කරන බවට මීට පෙර පුවතකින් 'ලංකා නිව්ස් වෙබ්' අපි දැනුම් දුන්නෙමු. ඒ අනුව පහතින් පළ වෙන්නේ ලලිත් ජයංසිහට අයත් හෝටලයේ ඡායාරූප ය. මෙම හෝටලය පිහිටා ඇත්තේ ගාල්ල, හික්කඩුව, තිරාණගම ප්‍රදේශයේ සමුද්‍රාසන්නයේ ය.


නොකා නොබී ඉතිරි කරපු සල්ලිද මේ ?

මෙවන් ස්ථානයක මෙවන් හෝටලයක් ඉදිකිරීම සඳහා යන වියදම අති විශාල එකක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. නියෝජ්‍ය පොලිස්පති වරයකුගේ දීමනා නොමැතිව මූලික වැටුප සාමාන්‍යයෙන් රුපියල් 60,000ක්
පමණ වේ. එවන් මුදලකින් මෙවැනි හෝටලයක් තැනීම සඳහා ලලිත් ජයසිංහ ගෙන ඇති අප්‍රතිහත ධෛර්යය සහ නොපසුබස්නා උත්සාහය ඉතින් අගය කළ යුතු නොවේද ? සැබැවින් ම ඔහු මේ සඳහා නොකා නොබී සතෙන් සතය ඉතිරි කළා විය යුතුය.

ශිරන්ති හූනියම් කිරීමට ඉන්දියාවෙන් කට්ටඩි ගෙන්නයි

වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳව විමර්ශන කටයුතු සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට ශිරන්ති රාජපක්ෂට පසුගිය ජුලි 27 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන මෙන් දැනුම් දී තිබුණ ද ඇය එදින පැමිණීමට නොහැකි බව නීතීඥවරුන් මාර්ගයෙන් දන්වා යවා තිබිණි. ජුලි 28 වන දා යෝශිත රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන මෙන් දැනුම් දී තිබුණ ද ඔහු සිය පාදයේ ශල්‍යකර්මයක් හේතුවෙන් ඇඳ විවේක ගැනීමට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව පවසා වෙනත් දිනයක් ඉල්ලා තිබිණි. එසේ වුවත් අප වෙත වාර්තා වන පරිදි යෝශිත සහ නාමල් රාජපක්ෂ ජුලි 28 වන දින වෛද්‍ය උපදේශ පසෙක තබා අම්පාරේ සංචාරයකට ගොස් ඇත. කෙසේ වෙතත් හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති සහ ඒ දෙපළගේ දෙවන පුතු වන යෝශිත දැනට සිටින්නේ තමන් අත් අඩංගුවට පත් වනු ඇතැයි මර බියෙනි. ශිරන්ති සහ යෝශිත දෙදෙනාට ම අගෝස්තු 14 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණෙන ලෙස අළුතින් දැනුම් දී තිබේ. 

මලික් සමරවික්‍රම බැඳුම්කර කොමිසම හමුවට ?

භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පීළිබඳව විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම කැඳවීමට නියමිත බව වාර්තාවේ. විදේශ අමාත්‍ය රවී කරුණානායක පසුගිය සතියේ මෙම කොමිසම හමුවේ සාක්ෂි දුන් අතර එය බොහෝ ආන්දෝලනාත්මක සිදු වීමක් විය. කෙසේ වෙතත් මේ පසුපස සැඟවුණු කරුණු වලට අනුව නම් අමාත්‍ය මලික් සමරවික්‍රම බලාපොරොත්තුවෙන් සිට ඇත්තේ රවී කරුණානායක බැඳුම්කර ගනුදෙනුවේ චූදිතයා බවට පත් වී සියල්ල ඔහුගේ කරපිට පැටවෙනු දැකීමට ය. අප වෙත වාර්තා වන අන්දමට මේ වන විට අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගය ඒකාබද්ධ විපක්ෂය හරහා සීඝ්‍රගාමීව මෙහෙයවන්නේ ද මලික් සමරවික්‍රම විසිනි. 

ජාතිවාදය අවුස්‌සා යහපාලනය කඩන්න ගන්නා උත්සාහයට ඉඩ දෙන්නේ නැහැ

ප්‍රදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතින් මඩකලපුව කල්ලඩි ප්‍රදේශයේදී එක්‌සත් ජාතික පක්‌ෂ දිස්‌ත්‍රික්‌ කාර්යාලයක්‌ පෙරේදා (06දා) උත්සවාකාරයෙන් විවෘත විය.

Monday, August 07, 2017

රවී ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි?

හිටපු මුදල් අමාත්‍ය හා වත්මන් විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර ඔහු සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ඇමැතිවරයාට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අනුව ඔහු විදේශ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාටත් එ.ජා.ප. උප නායක තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාටත් බාර දීමට සූදානමින් සිටින බවද එම ආරංචිමාර්ග සඳහන් කළේය.

හොරුන් රකින්නේ නෑ

රජය හොරුන් ආරක්ෂා නොකරන බව ද කව්රුන් වුවද වැරැදි කර ඇති බවට තහවුරු වුවහොත් ඒ ගැන පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පරීක්ෂණයක් අතරමැදදී විශේෂ කරුණු ඉදිරිපත් වුවහොත් ඇමරිකාව හා එංගලන්තය වැනි රටවල මෙන් තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බව ද පැවසීය. එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවන බව අවධාරණය කළ අගමැති වික්‍රමසිංහ මහතා චෝදනා සම්බන්ධයෙන් විනිවිද භාවයකින් කටයුතු කරන බවට සපථ විය.

Sunday, August 06, 2017

මරාවාදී කුමන්ත්‍රනයක් අතේ පත්තුවේ - මත්ද්‍රව්‍ය චෝදනාවට මංගලගේ ලේකම් සම්බන්ධ නෑ

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ලේකම්වරයකු අත්අඩංගුවට ගෙන ඇති බවට පැතිර යන වාර්තා අසත්‍ය බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියේය.

ඔහු මේබව කියා සිටියේ කුඩු තොගයක් සමඟ මංගලගේ ලේකම්වරයකු අත්අඩංගුවට යනුවෙන් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ වෙබ් අඩවියක වන වාර්තාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදීය.

අධිකරණ ඇමති හොරු රකිනවා ? අජිත් - විජේදාස සැරට පැටලේ ගැටුම දුරදිග යයි?

පරීක්‍ෂණ අවසන් වී නීතිපති දෙපාර්තමේන්තුවේ ගොඩ ගැසී ඇති නඩු සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රමාද වීම ගැන නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා විසින් එල්ල කරන ලද චෝදනාවන්ට ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා දැඩිව ප‍්‍රතිචාර දක්වීය.

කොරේ පිටට මරේ ඇමති රවීගේ රවි උච්චවේ - ඇමැති රවීට ලොතරැයිය පැවරීම ගැන පෙත්සම් විභාගය 30 දා

විදේශකටයුතු ඇමැති රවී කරුණානායක මහතාට මුදල් අමාත්‍යාංශය යටතේ පැවැති ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලබාදීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ලබන ඔක්තෝබර් මස 30 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) තීරණය කෙළේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජිකයන් වන බන්දුල ගුණවර්ධන සහ සිසිර ජයකොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගොනු කළ මෙම පෙත්සම් සම්බන්ධ නොතීසි නීතිපතිවරයා වෙත ලැබී නොතිබීම නිසා මෙම පෙත්සම සලකා බැලීම කල් තබන ලදී.

රජය කිසිම සහනාධාරයක් කපා දමන්නේ නෑ

රජය කිසිම සහනාධාරලාභියකුගේ සහනාධාරයක් කපා දැමීමට මේ අවස්ථාවේ කටයුතු නොකරන බැවින් සමෘද්ධි සහනාධාරලාභීන් කිසිම බියක් ඇති කර ගත යුතු නැතැයි සමාජ සවිබල ගැන්වීම, සුබසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ ඇමැති එස්. බී. දිසානායක මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ එම අමාත්‍යාංශයේ දී පෙරේදා (03) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

වගකීමක් දැරිය හැකි නායකයන් බිහිකරන්න පිටිවහල ලැබෙන්නෙ පාසලෙන්

mdif,ka ,efnk mkakrh Ôú;h ch.kak Wmldr lr.ekSu ore mrmqf¾ j.lSu nj kS;sh iduh yd olaIsK ixj¾Ok weue;s id., r;akdhl uy;d mejeiSh'

j.lsula oeÍug yels kdhlhka ìysjkafka mdi, ;=<ska nj;a ta i|yd orejkag ksis uÛ fmkajd§u wm ldf.a;a j.lsu nj;a lS r;akdhl uy;d orejkag ,ndÈh yels Wmßu foa ,nd§ug lemúh hq;= njo i|yka lf<ah'

fld<U rdclsh úÿy,g iQ¾h mek, iúlr újD; lsÍu fjkqfjka miq.shod meje;s W;aijhg iyNd.Sfjñka tfia lS weue;sjrhd oekg rg mqrd me;sÍ ;sfnk li, m%Yakhg úi÷ï orejka oekqïj;a lsßu ;=<ska ,nd.; yels nj o fmkajd ÿkafkah'

ks;sh iduh yd olaIsK ixj¾Ok weue;s id., r;akdhl uy;d

ඡන්ද විමසීම් ගැන ඇති අවිනිශ්චිත බව සමනය කිරීමට රජය වහා පියවර ගත යුතුයි

fhdað; m<d;a md,k iy m<d;a iNd Pkao úuiSï meje;aùu ms<sn| u;= ù we;s wúksYaÑ; nj iukh lsÍug rch jyd mshjr .; hq;= nj me*r,a ixúOdkh we;=¿ ue;sjrK ksÍlaIK ixúOdk fmkajd fohs'

fï iïnkaOfhka udOH fj; lreKq olajk tu ixúOdkfha úOdhl wOHlaI frdayK fyÜáwdrÉÑ uy;d fufia i|yka lf<ah'

,ksis l,g" ksis whqßka ue;sjrK meje;aùu b;d Wiia m%cd;ka;%jd§ Ndú;djla fjkjd' tfukau Bg wjeis mqrjeis odhl;ajh ;yjqre lsÍu fukau ksoyia yd idOdrK jgmsgdjla ks¾udKh lsÍu ljr rchl fyda w;ayeßh fkdyels j.lSula' furfÜ wdKavql%u jHjia:dfjka ;yjqre lr we;s ck;d mrudêm;H ksje/È f,i w¾:.ekaúh yelafla tf,i l%shd lsÍfuka muKla nj wjOdrKh l< hq;=hs' lreKq tfia jqjo wo jk úg j¾;udkfha ue;sjrK meje;aùu iïnkaOfhka Woa.;j we;s wúksYaÑ; nj ms<sn| furfÜ l%shdldÍ ishÆ ue;sjrK ksÍlaIK ixúOdk n,j;a lKiai,a, m< lr isákjd'