BREAKING NEWS
latest

728x90

468x60

Saturday, August 19, 2017

මහ නඩු 5කින් රාජපක්ෂවරු කොටුවෙන ලකුණු

මහා පරිමාණයේ දූෂණ හා මිනිස් ඝාතනවලට අදාළ නීතිපතිවරයාගේ අවධානයට ලක්විය යුතු ප්‍රධාන කරුණු ‍දෙ‍ාළහක් සම්බන්ධයෙන් කරුණු දැක්වෙන වාර්තාවක් ලබන සතියේ නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

වහාම නඩු පැවරීමට අදාළ වන ලිපිගොනු පහක්ද එම කරුණු දොළහට ඇතුළත් වන බවද එම වාර්තා සඳහන් කරයි.

නීතිපතිවරයා සමඟ ඉකුත් සතියේ පැවැති විශේෂ රැස්වීමකදී මෙම කරුණු කාරණා පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී ඇති ලිපි ලේඛන සම්බන්ධයෙන් නඩු පැවරීමට නොහැකි වූ කරුණු පිළිබඳ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම රැස්වීමේදී කරුණු පැහැදිලි කරදී ඇත.

සඳුදාට විජයදාසගෙන් තීරණාත්මක තීන්දුවක්

අධිකරණ පද්ධතියේ නඩු ප්‍රමාදය පිළිබඳව ඊයේ (17දා) පැවැති එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩලයේ විවේචන එල්ලවූ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ලබන සඳුදා වන විට දේශපාලනමය වශයෙන් වැදගත් තීරණයක් ගනු ඇතැයි එ.ජා.ප. ආරංචි මාර්ග සඳහන් කරයි.

නාමල් යළි රිමාන්ඩ් වන ලකුණු

පසුගිය අඟහරුවාදා (15) පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) තුළදී උප පොලිස් පරීක්ෂකවරයෙකුට බැනවැදී තර්ජනය කිරීම හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් ලක්ෂ්මන් රාජපක්ෂ නැවත වතාවක් රිමාන්ඩ් බන්ධනාගාර ගතවීමේ ප්‍රවණතාවයක් ඇතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙම බැනවැදී තර්ජනය කිරීම සම්බන්ධව උප පොලිස් පරීක්ෂක ලලිත් ශාන්ත නමැති මුල්‍ය අපරාධ කොට්ඨාශයට අනුයුක්ත පොලිස් නිළධාරියා එම ඒකකයේ ස්ථානාධිපතිවරයාට නිළ වශයෙන් පැමිනිලි කොට තිබේ. ඒ පිළිබඳව විමර්ශන සිදුකළ ස්ථානාධිපතිවරයා තම කරුණු කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාට වාර්තා කිරීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවන මෙන් මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.

ලොතරැයි අධ්‍යක්ෂවරුන්ට අස්වෙන්න නියෝග

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයිය මුදල් අමාත්‍යවරයාගේ විෂය පථයට යටත්කරමින් නිකුත් කිරීමට නියමිත ගැසට් නිවේදනයට අද (18) අත්සන් තබා තිබේ.

මේ අතර එහි අධ්‍යක්ෂවරුන්ට සිය ඉල්ලා අස්වීම් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් දන්වා ඇතැයි ද පැවසේ.

Friday, August 18, 2017

නව පළාත් පාලන පනත සංශෝධන සහිතව අගෝස්තු 24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

සියළුම සිවිල් සංවිධාන, කාන්තා සංගම් නියෝජනය වන පරිදි ලබාගත් අදහස් අනුව සංශෝධන සහිතව ඉදිරිපත් කෙරෙන නව පළාත් පාලන පනත එළඹෙන 24 වන දින පළාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව  පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ ප්‍රකාශකරයි

විජයදාස ගැන තීරණයක්‌ ගන්න එජාපයෙන් කමිටුවක්‌

අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා එම ධුරයෙහි තවදුරටත් කටයුතු කළ යුතුද නැද්ද යන්න සම්බන්ධව නිර්දේශ කිරීමට විශේෂ කමිටුවක්‌ පත් කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.

එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17 දා) සිරිකොත පැවති පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩල සහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී මෙම තීරණයට එළැඹි බව එහි මාධ්‍ය ප්‍රකාශක අකිල විරාඡ් කාරියවසම් මහතා පැචසීය.

රවීන්ද්‍ර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී - නාවික හමුදාපති ට්‍රැවීස්

නව ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ලෙස හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පත්කර තිබේ.

පුංචි ඡන්දය ජනවාරියේ - සන්ධාන මහ ලේකම්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට්‌ නිවේදනය රජය විසින් ඔක්‌තෝබර් හෝ නොවැම්බර් මස ප්‍රකාශයට පත් කරන බව ධීවර හා ජලජ සම්පත් ඇමැති සහ මහවැලි සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

අන්තර්ජාල බදු – යතුරු පැදි බදු ඉවතට - මංගලගෙන් සහන මල්ලක්! -විස්තර ඇතිව මෙන්න

දුලි සංදේශ බදු

අන්තර්ජාල සේවා මත පනවා තිබූ, 10% ක විදුලි සංදේශ බද්ද සැප්තැම්බර් 1 වනදා සිට සම්පූර්ණයෙන් ඉවත් කරණ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

පසුගිය අයවැය යෝජනාව මගින් රු.100 ක Data කාඩ් පතකට අයවන මුළු බදු මුදල රු.24.11 සිට රු.33.22ක් දක්වා වැඩිවන අතර එම නිසා Data සඳහා භාවිතා කළ හැකි මුදල රු.75.89 සිට රු.66.78 දක්වා අඩු ව්න.

අන්තර්ජාල භාවිතයෙන් නව දැනුම ලබා ගැනීම සඳහා ඇති ඉඩකඩ පුළුල් කිරීමේ අරමුණින් ඉහත අයවැය යෝජනාව ක‍්‍රියාත්මක නොකිරීමට තීරණය කළ අතර දැනට පවතින 10% ක විදුලි සංදේශ බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට මේ වන විට රජය තීරණය තිබේ.

ඒ අනුව පාරිභෝගිකයින්ට රු.100 ක Data කාඩ් පතක් සඳහා රු.83.48 ක Data ප‍්‍රමාණයක් භාවිතා කළ හැකි වන අතර රජයට ලැබෙන බද්ද රු. 16.52 ක් පමණි. මෙම බදු අඩු කිරීම විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීමෙන් පසු ක‍්‍රියාත්මක වනු ඇත.

කුඩා ලොරි රථ සහ Single Cab රථ

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර කටයුතු දිරිගැන්වීමේ අරමුණින් කුඩා ලොරි රථ සහ Single Cab රථ ආනයනයේ දී දැනට අය කරන රු. ලක්‍ෂ 10ක් වූ නිෂ්පාදන බදු මුදල අද (17) දින මධ්‍යම රාත‍්‍රියේ සිට රු. ලක්‍ෂ 7ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ. මේ අනුව කුඩා ලොරි රථ සහSingle Cab රථ වල මිල රු. ලක්‍ෂ 3 කින් අඩුවනු ඇත.

යතුරුපැදි

එන්ජින් ධාරිතාව 150CC වලට වඩා අඩු යතුරුපැදි සඳහා දැනට අය කරනු ලබන වටිනාකම මත සියයට 90 ක බද්ද අද (17) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉවත් කරනු ඇත. ඒ අනුව අද මධ්‍යම රාත‍්‍රියේ සිට 150CC වලට වඩා අඩු යතුරුපැදි සඳහා බදු අය වනුයේ එන්ජින් ධාරිතාව මත පමණක් වන අතර එය යතුරු පැදියේ ආනයනික වටිනාකම මත රඳා නොපවතී.
මෙම බදු සංශෝධනය මගින් උසස් තත්ත්වයෙන් යුතු යතුරුපැදි පහසු මිලට මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සැලසෙනු ඇත.

තර්ජනය නිසා නාමල්ට වැඩ වරදී


පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂ මහතා පසුගියදා (15) මුල්‍ය අපරාධ කොට්ඨාසයේ දී එහි උප පොලිස් පරීක්ෂකවරයකුට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇති බව එහි ආරංචි පවසයි.

ශ්‍රී ලංකා තොරතුරු සංනිවේදන ආයතනයේ වෙබ් අඩවියේ පෞද්ගලික ආයතනයක් - පුලස්ති වන්නිආරච්චි පෙන්වා දෙයි

ශ්‍රී ලංකා තොරතුරු සංනිවේදන ආයතනයේ වෙබ් අඩවියේ පහල අවසන් කොටසේ පෞද්ගලික ආයතනයක නම සදහන් කර ඇති බව ජාතික ඉංජිනේරු, තාක්ෂණ හා විද්‍යා වෘත්තීයවේදීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් පුලස්ති වන්නිආරච්චි මහතා පෙන්වාදෙයි. ඒ මහතා තම මුහුණු පොතේ මෙසේ සදහන් කොට ඇත. 

Thursday, August 17, 2017

විජයදාස ගැන අද තීන්දුවක්‌ එජාප කෘත්‍යාධිකාරි මණ්‌ඩලය රැස්‌වෙයි

එක්‌සත් ජාතික පක්‌ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ තීරණාත්මක රැස්‌වීමක්‌ අද (17 දා) පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

හොඳට හිටින අර්බුද


“ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මඟුල්” කියා කතාවක් ඇත. මේ දිනවල යහපාලන ආණ්ඩුව පැත්තේ සිදුවන දෙයින්ද රජ මඟුල් වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයටය. ආණ්ඩුවේ බොහෝ ප්‍රශ්න තිබෙන්නේ දූෂණ, වංචා හා අපරාධ පිළිබඳ පරීක්ෂණ දිග් ගැසීමේ ප්‍රතිඵල වශයෙනි. ඒ දෙස බලා ප්‍රීතිවත විපක්ෂය ගැන තවත් කතාවක්ද සත්‍ය විය හැකිය. එය නම් ‘ළිප ගිනි මොළවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුළුව දිය කෙළියේ” යන්නය.

ඒකාබද්ධ විපක්ෂයේ උදවිය ප්‍රීතිමත් වූ සිදුවීමක් නම් බැඳුම්කර ගනුදෙනු විමර්ශන කොමිසම ඉදිරියේ රවි කරුණානායක ඇමැතිවරයා සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට රවි කරුණානායක මහතාට සිදුවීය. එය මෑත කාලීන දේශපාලනයේ ආන්දෝලනාත්මකව සිදුවීම බවට සැකයක් නැත.

ඉතුරුම්කරණයේ ඩිජිටල් විප්ලවය NSB i Saver සේවාව මුළු රටටම

ශ්‍රී ලංකාවේ පළමුවරට ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ ශ්‍රී ලංකා‍ ටෙලිකොම් මොබිටෙල් එක්ව ජනතා ඉතුරුම්කරණයේ ඩිජිටල් විප්ලවය NSB i Saver සේවාව මුළු රටටම හඳුන්වාදීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) කොළඹ ජාතික ඉතිරිකිරීමේ බැංකු මුලස්ථානයේදී සිදුකෙරිනි.


NSB i Saver සේවාව ඩිජිටල් කරණයේ අලුත්ම අත්දැකීම වන අතර සිය බැංකු ගනුදෙනුකරුවන්ට අවශ්‍ය පහසුව දවස පුරාම සලසයි. ශ්‍රී ලාංකේය ජනතාව අතර ඉතිරිකිරීමේ පුරුද්ද තව දුරටත් වැඩි දියුණු කිරීම මේ නවෝත්පාදන සේවාව තුළින් අපේක්ෂා කෙරේ.

Wednesday, August 16, 2017

මං කිවුව දේවල් ඒ ගොල්ලන්ට තේරුනේ නෑ. ලංකාවෙ එකම ස්පේස් සිස්ටම් ඉංජිනියර්

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවක් ගුවන් ගත කරන ව්‍යාපෘතියකට දායකවී ලංකාවට මිලියන ගණනක් මුදල් පාඩු කළේ යයි චෝදනා ලැබූ හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂ ඊයේ එෆ්සීඅයිඩී ප්‍රශ්න කිරීමට ලක්වූ පසුව ඔහු මාධ්‍ය වෙත පැමිණ මෙසේ කියා සිටියේය.

‘හැමෝම මගෙන් අහනව කොහෙද මේ සැටලයිට් එක තියෙන්නෙ කියලා.ඉතින් මේ කට්ටියත් මගෙන්ඇහුවෙ කොහෙද මේ සැටලයිට් එක තියෙන්නෙ කියලා.

රවී කරුණානායකගේ ඥති නිවසට යෑවූ මිනිස්‌ හිස කළුතර ප්‍රදේශයේ අයෙකුගෙලු

රවි ඉල්ලා අස්‌වේවි ද? නැද්ද? විශ්වාසභංගයෙන් රවි පරාජය වේවිද? ජනතාව නැඟූ එම ප්‍රශ්නවලට රවි කරුණානායක මහතා පසුගිය 10 දා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්‌වීමත් සමඟ පිළිතුරු ලැබුණත් ඔහු ඉල්ලා අස්‌වූයේ ජනතාව හමුවේ අලුත් ප්‍රශ්න කිහිපයක්‌ම තබමිනි.

එම ප්‍රශ්න අතරින් එක්‌ ප්‍රශ්නයක්‌ මතුවී ඇත්තේ තම ඥතීන්ගේ නිවෙස්‌වලට මිනී ඔළුවක්‌ ඇතුළු කොටස්‌ දැමූ බවට රවි කරුණානායක මහතා කළ ප්‍රකාශයත් සමඟය. ඒ සමඟම දැන් ජනතාව විමසන්නේ ඒ කතාව ඇත්තද? කවදද? කවුද? ඒක කළේ යන ප්‍රශ්නයන්ය.

යෝෂිත රාජපක්ෂ අද CIDට කැඳවයි

අද(16) දිනයේ යෝෂිත රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිත බව වාර්තා වෙයි. ඒ සඳහා ඔහුට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. වසිම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රශ්න කිරීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි.

යහපාලන රජයෙන් පොරොන්දු ඉටුකර ගන්න සත්‍යග්‍රහයක්‌


වත්මන් යහපාලන රජය බලයට පත්ව මෙම මස 17 වැනිදාට වසර දෙකක්‌ පිරෙන මොහොතේ ඡන්දය දුන් ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙස ඉල්ලා හැට ලක්‍ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරය ඊයේ (15 වැනිදා) කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසල සත්‍යග්‍රහයක්‌ පැවැත්වීය.

ක්‍රිකට් සභාපති වහාම අස්කළ යුතුයි අමාත්‍ය අර්ජුන රණතුංග කියයි

දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවලින් දරුණු ලෙස පරාජය වීම හේතුවෙන් ක්‍රිකට් සභාපති එම ධුරයෙන් වහාම ඉවත් කළ යුතු බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඉදිරියේදීවත් තරග ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම් ක්‍රිකට් පරිපාලනයට සුදුසු පුද්ගලයින් පත් කළ යුතු බවද ඔහු අවධාරණය කරයි. ඔහු මේබව කියා සිටියේ අද (15) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සභාගි වී පිටතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ශිරන්තිගේ නීතිඥයන් මහින්ද සමග CIDට රිංගන්න හදලා

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (15) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු‍ව වෙත කැඳවා තිබූ අවස්ථාවේ එම දෙපාර්තමේන්තුව තුළට ඇතුල්විය යුතුව තිබුණේ ඇයට පමණක් වුවත් ඇය සමඟ පැමිණි නීතිඥවරුන් හතළිහක පමණ පිරිසක් ඇතුළු කණ්ඩායමක් එම දෙපාර්තමේන්තුවේ දොරටුවෙන් බලහත්කාරයෙන් ඇතුළුවීමට ගිය බවත් එය පාලනය කිරීමට එහි සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනාට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

Tuesday, August 15, 2017

ශිරන්තිගෙන් පැය දෙක හමාරක් ප්‍රශ්න කරයි

රතුකුරුස සංවිධානය විසින් සිරිලිය සවිය වැඩසටහන සදහා ලබා දෙනු ලැබූ ඩිෆෙන්ඩර් රථයක පාට වෙනස් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය ශිරාන්ති රාජපක්ෂ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) පැය දෙක හමාරක් පුරා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.

ප‍්‍රමුඛතා මංතීරු ඉදිරියේ දී දිවයින පුරා

ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමිකව දිවයින පුරා කි‍්‍රයාත්මක කරන බව ඇමති චම්පික රණවක පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ අද (15) දින මොරටුව කුරුස හන්දියේ සිට කටුබැද්ද දක්වා ප‍්‍රමුඛතා මංතීරු කි‍්‍රයාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි. එයට සමගාමීව වැල්ලවත්ත සැවොයි මංසන්දියේ සිට බම්බලපිටිය දක්වාත් අද දින සිට මංතීරු ක‍්‍රමය කි‍්‍රයාත්මක වේ.

ශිරන්තිගේ 2020 ප්‍රචාරක ව්‍යාපාරය CIDය ඉදිරිපිටින් ඇරඹේ

ශිරන්ති රාජපක්ෂ අද (15) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යන විට ඒකාබද්ධ විපක්ෂයෙන් සෙනඟ ගෙන්වා මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීම මේ වන විට ස්ථිර වී ඇති අතර මෙය භාර වී ඇත්තේ විමල් වීරවංශ මන්ත්‍රී වරයාට ය. විමල් වීරවංශ මීට පෙර ද එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ ගරා යකා නැටීම, ලෙමන් පෆ් කමින් මාරාන්තික උපවාස කිරීම වැනි මාධ්‍ය සංදර්ශන සාර්ථක ලෙස සංවිධානය කර ඇති නිසා මෙය ද ඔහුට ම භාර වී ඇත. 

වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අද දිනයේ ශිරන්තිගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනෙනු ඇති අතර ඇයව අත් අඩංගුවට ගැනීමක් අද දිනයේ සිදු නොකෙරෙණු ඇත. එසේ ප්‍රකාශය ලබා දී ශිරන්ති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණෙන මොහොතේ විමල් ඇතුළු රාජපක්ෂවාදීන් විසින් මල් මාලා දමමින් ඇයව පිළිගෙන මාධ්‍ය ඉදිරියේ හැඟීම්බර නාටකයක් නැටීමට පිටපත සහ කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. 

ඇමැති විජයදාසට විශ්වාසභංගයක් එජාපය ගෙන එන්නේ නෑ

බුද්ධශාසන හා අධිකරණ අමාත්‍යය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමේ කිසිදු අදහසක් එජාපය තුළ නොමැති බව සභානායක, උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මේ ගැටලුව සම්බන්ධව මේ මස 17 දින පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බවද ඒ මහතා කීය. අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් මහනුවර දළදා මාලිගාවේදී පෙරේදා (13) පැවැති දානය පුණ්‍යකර්මයෙන් අනතුරුව මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

Monday, August 14, 2017

“කෝටි 1140” – ඇවට්ගාඩ් නඩුව ඉවරයි! – ගෝඨා ඇතුලු පිරිස නිදහස්?

ඇවන්ට් ගාඩ් සමාගම පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම ට ඉඩ දීමෙන් රජයට කෝටි 1140ක පාඩුවක් සිදුකල බවට වන චෝදනාව මත අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම විසින් පවරා තිබූ නඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද යන්න පිළිබඳව මෙම මස 17 වනදා තීරණය කරන බව අධිකරණය දැනුම්දී තිබේ.

පොලිස්පති පුජිත ලිෆ්ට් ඔපරේටර් අසරණයාට පහර දෙන වීඩියෝවක් එලියට

ශ්‍රී ලංකාවේ පොලිස්පති පූජිත ජයසුන්දර නමැත්තා තම පුද්ගලික ව්‍යාපෘතියක් වූ උදෑසන 8.30 සිට 8.45 දක්වා පොලිසියේ සියළුම දෙනා ‘භාවනා කල යුතුය ‘ යන ඔහුගේ නියමය කඩකළ පොලිස් මූලස්ථානයේ අන්‍ය ආගමික අයට 2017 අප්‍රේල් 11 වෙනිදා පහර දුන්නේ ය.

පූජිත ජයසුන්දර එදින පහර දුන් අය අතර මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් ස්ථානාධිපති ‘ලුඩොවයික්‘ නමැති බර්ගර් ජාතික පොලිස් නිලධාරියා ද වූ අතර ඔහුට එහිදී ඇතිවූ කම්පනය නිසා රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දීමට ද සිදුවිය. ලුඩොවයික්ට අමතරව එදින පොලිස් මූලස්ථානයේ ලිෆ්ට් ඔපරේටර් වරයා වූ එම්. සමරකෝන් බණ්ඩා නම් සිවිල් සේවකයෙකුට ද ‘භාවනා‘ නොකලා කියා පොලිස්පතිවරයා විසින් කොරලයෙන් ඇද පහර දුන්නේය. ‘භාවනා‘ නොකළා කියා පොලිස් මූලස්ථානයේ විමසීම් අංශයේ නම්බුකාර නිලධාරිනියකටද ‘මං උඹවත් දූෂනය කරනවා‘ යි තර්ජනය කෙළේය.

STF මංගලගේ PRO පසුපස පැන්නුවේ පරණ කොන්තරයකට ?

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරී (PRO) සමීර මනහර ඇතුළු තවත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දියත් කර ඇත්තේ පසුගිය සමයේ මුදල් අමාත්‍යංශයට අනියුක්ත කර සිටි විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටියි.


සමීර මනහර ඇතුළු අනෙක් තිදෙනා මෙසේ අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් දියත් කළ මෙම විශේෂ කාර්ය බලකා ඒකකයේ මෙහෙයුම පිළිබඳ පොලිස්පතිවරයා පවා දැනුවත්ව නොසිට ඇති නමුත් රජයේ ප්‍රබලයකු ඒ පිටුපස සිට ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට විශේෂ කාර්ය බලකායේ මෙම ඒකකය මුදල් අමාත්‍යංශයට අනියුක්ත කර තිබී ඇත්තේ හිටපු මුදල් අමාත්‍යවරයා විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුවය. 

විදේශ ඇමැතිකමට ස්ථිර කෙනෙක් පත් කරන්න එපා - රවී

තමන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වී ඇති විදේශ අමාත්‍ය ධුරයට ස්ථිරව පත් නොකරන්නැයි හිටපු විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මහනුවර පැවැති විශේෂ වැඩසටහන් කිහිපයකට එක්වෙමින් කරුණානායක මන්ත්‍රීවරයා එම ඉල්ලීම කර ඇත්තේ, එම අමාත්‍ය ධුරය සාගල රත්නායක මහතාට ලබාදීමට යෝජනාවී ඇතැයි වාර්තාවීම නිසා බව පැවසේ.

විජයදාසට එරෙහි විශ්වාසභංගය ගැන අවසන් තීරණය 17 දා

අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති රාජපක්‍ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන එනවාද නැද්ද යන්න මෙම 17 වැනිදා පවත්වන එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී තීරණය කරන බව කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී නලින් බණ්‌ඩාර ජයමහ මහතා ඊයේ (13 දා) 'දිවයින' ට පැවැසීය. 

රනිල් අගමැතිතුමා තමන් නිරත ක්ෂේත්‍රය අර්ථවත් කළ නායකයකු බව අවිවාදිතයි

වසර හතළිහක් පුරා අඛණ්ඩව දේශපාලන ක්ෂේත්‍රයේ සක්‍රීයව නිරතව සිටිමින් අග්‍රාමාත්‍යය ධුරය ඇතුළු ප්‍රධාන තනතුරු රැසක් දැරූ රනිල් වික්‍රමසිංහ මහතා තමන් නිතර වූ ක්ෂේත්‍රය අර්ථවත් කළ වටිනා නායකයකු බව අවිවාදිත කරුණක් යැයි මල්වතු පාර්ශ්වයේ අනුනායක, සාහිත්‍යය චක්‍රවර්ති, ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියෝ පැවසූහ.

මෙරට ජනතාව‍ගේ ආකල්ප හා අවශ්‍යතාවන් හොඳින් තේරුම් ගත් නායකයකු වන එතුමන් ශාසනික වශයෙන් උදාර සේවයක් කළ කීර්තිමක් පවුලකින් පැවැත එන ශ්‍රේෂ්ඨ දේශපාලනඥයකු බව ද උන්වහන්සේ කීය.

මහ නාහිමිවරුන්ගේ අනුශාසනා ලබාගෙන රන් වියන ප්‍රතිසංස්කරණය කරනවා

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ අනුශාසනා ලබා ගනිමින් ප්‍රතිසංස්කරණය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන දිවියට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් ඊයේ (13) ශ්‍රී දළදා මාලිගාවේදී පැවැති ආගමික වැඩසටහනකට සහභාගි ‍වීමෙන් අනතුරුව ඒ මහතා ඒ බව කීය.

හිටපු ජනපති ආර්.ප්‍රේමදාස මහතා විසින් ඉදි කරන ලද රන් වියන මේ වන වි‍ට යළි ප්‍රතිසංස්කරණය කළ යුතු තත්ත්වයේ පවතින බවත් එය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට තමන් අපේක්ෂා කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Sunday, August 13, 2017

වසර 17කට පසුව අර්ජුන නැවතත් ක්‍රිකට් පිටියට

අර්ජුන රණතුංග, 1996 ලෝක ක්‍රිකට් කුසලානය දිනූ නායකයායි. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තේ අද වගේ දවසක මීට වසර 17කට පෙරදීය. එනම් 2000 වසරේ අගෝස්තු මස 10 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයේදීය. එය 2000 වසරේ දකුණු අප්‍රිකාව සමඟ පැවැති ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයයි. තරගය පැවැත්වුණේ කොළඹ එස්. එස්. සී. පිටියේදීය. එයින් වසර 17කට පසුව නැවත වරක් අද අර්ජුන රණතුංග ක්‍රිකට් පිටියේ තණතිල්ලට පිතිකරුවකු ලෙස පැමිණියේය. ඒ නීතිඥවරුගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක අවස්ථාට එක් වෙමිනි. මීට වසර 17කට පෙරදී තම විශිෂ්ට ක්‍රීඩා විලාසය සිහි ගන්වමින් අර්ජුන රණතුංග සංකේතාත්මකව පන්දුව පහර දීමට මෙහිදී අමතක කළේ නැත.

උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට 'ටැබ්' ලබන වාරයේ

උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීම හා සෑම පාසල් සිසුවකුටම රුපියල් ලක්ෂ 2 ක රක්ෂණාවරණයක් ලබාදීම ලබන පාසල් වාරය ආරම්භ වන විට සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පසුගිය අයවැය යෝජනාවලියේ කොටසක් වශයෙන් මෙය ක්‍රියාත්මක වෙයි. ගුරුවරුන් 28000කට හා උසස් පෙළ සිසුන් 175000කට මේ ලෙස ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීමට නියමිත අතර එහි නියමු ව්‍යාපෘතිය ලබන පාසල් වාරය ආරම්භ වන විට සිදු කෙරෙයි.

රජයේ වාණිජ ව්‍යාපාර 16ක් සුදු අලි

බලශක්ති, බැංකු, නාවික කටයුතු වැනි මූලික අංශ නියෝජනය කරන රජය සතු ඉතා වැදගත් වාණිජ ව්‍යාපාර 55 න් ලාබ ලබනුයේ 39 ක් පමණක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

වාණිජ ව්‍යාපාර හැකි තරම් ලාබදායි ඒවා බවට පත් කොට රටට ලැබෙන බදු හා ලාභාංශ මුදල් වැඩිකර ගැනීම රජයේ ඉලක්කයක් බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.