BREAKING NEWS
latest

728x90

468x60

Saturday, September 02, 2017

මෛත්‍රි-මහින්ද එක්කිරීමට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් කපුකමේ

එළැඹෙන මැතිවරණවලට මුහුණ දී ජයග්‍රහණයක් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විය යුතු බවට එම පක්ෂයේ ජේ‍යෂ්ඨ ඇමැතිවරු පිරිසක් පක්ෂයේ නායක ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පෙනී සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාත් හමුවී විශේෂ කරුණු දැක්වීමකට සූදානම් වන බව වාර්තා වේ.
නව ආදායම් බදු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ අංක 5 දරන කමිටු ශාලාවේදී ශ්‍රී ල.නි.ප. නායක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීමේදී, ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ශ්‍රී ල.නි.ප. හා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ල.නි.ප. කණ්ඩායම එකතු විය යුතු බවට යෝජනා කර තිබේ.

ශ්‍රීලනිප 66 වැනි සම්මේලනය හෙට ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 66 වැනි සම්මේලනය පක්‍ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (03 දා) පස්‌වරු 1.30 ට බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වේ.

'ජන බලය හරි අතට' යන්න තේමා කරගනිමින් පවත්වන මෙවර සම්මේලනය ඉතිහාසයේ දේශපාලන පක්‍ෂයක සම්මේලනයකට පැමිණි වැඩිම ජන සහභාගිත්වය බවට පත්වන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

මත් උවදුර මඬින අභියෝගය එස්ටීඑෆ් බාරගනී

ලෝක මත්ද්‍රව්‍ය ජාලය මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් බවට මෙරට පත් කර ගනිමින් සිදු කෙරෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන්ම මැඩපවත්වා මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ භාරදූර කාර්ය විශේෂ කාර්ය බළකාය වෙත බාර දුන් නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා හැකි නම් ඉතා කෙටි කාලයක් තුළ එම කර්තව්‍ය ඉ‍ටු කර පෙන්වන ලෙසට අභියෝගයක්ද ඉදිරිපත් කළේය.

අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම අභියෝගය බාර ගත් විශේෂ කාර්ය බළකාය මත්ද්‍රව්‍ය ජාවාරම ඉතා කෙ‍ටි කාලයක් තුළ මෙරටින් පළවා හැරීමට ක‍ටයුතු කරන බවට ඊයේ පොරොන්දු විය. විශේෂ කාරය බළකායේ 33 වැනි රණවිරු ගුණ සැමරුම කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා පුහුණු පාස‍ල් භුමියේදී පැවැත්විණි.

Friday, September 01, 2017

මට එරෙහි විශ්වාසභංගය විවාදයට ගන්නේ නෑ

තමාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය භාරදී ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට නොගන්නා බව සභානායක ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා දැනුම්දුන් බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

Thursday, August 31, 2017

එජාප මහ ලේකම්ගේ ගෙදර වතුර කපලා - බිල් ගැන ඇමති කියන කතාව මෙන්න

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්ගේ කොළඹ ලේක් ඩ්‍රයිව් හී පිහිටි නිවසේ ජල බිල්පත් ගෙවා නොමැති බව පවසා නිලධාරීන් පැමිණ ජල සැපයුම විසන්ධි කිරීමට කටයුතු කර තිඛෙනවා.

ජල සැපයුම විසන්ධි කිරීමට පැමිණි නිලධාරීන්ට ඒ වන විට නිවසේ සිටි සේවකයන් එවැනි මිල ගණනක ජල බිල්පතක් නොලැබුණු බව පවසා ඇති අතර, නමුත් ඒ වන විට නිවසේ රාජකාරී රැස්වීමක නිරතව සිටි අමාත්‍යවරයා, සේවකයන් හරහා එම නිලධාරීන්ට දන්වා ඇත්තේ, ඔවුන් විසින් පවසන රුපියල් 3,500 ක හිඟ මුදල ගෙවා දමා බිල ඉදිරිපත් කිරීමට පැය භාගයක කාලයක් ලබා දෙන ලෙසයි. 

වෙහෙර විහාර දියුණු කරමින් බෞද්ධාගමික ප්‍රබෝධය ඇති කිරීම ප්‍රශංසනීයයි - වරකාගොඩ ඤාණරතන මහනාහිමි

මෙරට විහාරස්ථාන වල ප්‍රවේශ මාර්ග ඇතුළු යටිතල පහසුකම්  දියුණු කරමින් බෞද්ධාගමික ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් විශාල වැඩ කොටසක් සිදු වෙමින් පවතින බවත් ඒ පිළිබඳව තමන් වහන්සේගේ ප්‍රසාදය පළ කරන බවත් අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ පවසයි.

පුලුවන්නම් රාජිතව අයින් කරන්න! – තලතාගෙන් ඒකාබද්ධ විපක්ෂයට අභියෝගයක්

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය ගෙන විශ්වාසභංගය හැකි නම් ජයග්‍රහණය කර පෙන්වන්නැයි අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය කියා සිටිනවා.

දුමින්ද ඩිලාන් එක මිටට – හරි අතට එක්වෙයි

අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විවේචනය කිරීම පසුගිය සමයේදි දේශපාලන වේදිකාව උණුසු කිරීමට හේතුවිය.

වෛද්‍යවරුන්ගේ දීමනා කපලා - GMOA : ඔය කියන්නෙ බොරු - ජනපති

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පසුගිය සඳුදා දිනයේදී තමන් විසඳුමක් ප්‍රකාශ කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

පුවත්පත් කතුවරුන් හා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව කීය.

එසේම ඔවුන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාගෙන් විමසා සිටි බවත්, එහිදී මාධ්‍ය එම ප්‍රකාශය වැරදි ලෙස ප්‍රචාරය කර ඇති බවත් ඔහු පැවසුවේයැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රාජගිරියේ ගුවන් පාළම පැනල නෑ ඒ හැටි - RDA පැහැදිළි කිරීමක්

රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති බවට පසුගියදා කෝට්ටේ ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති ජනක රණවක මාධ්‍ය කණ්ඩායමක්ද කැටුව ඇවිත් ඡායාරූප හා වීඩියෝ සාක්ෂි ලබාගෙන දන්වා සිටියේය. මහින්ද රාජපක්ෂ සමයේ කොට්ටේ නගරාධිපති ධූරය දැරූ ජනක රණවක මහතා ගුවන් පාලමේ බර දරනු ලබන කුළුණුවලට සම්බන්ධ වන පාලමේ Y හැඩැති ඉහළ කොටසක් නිසි පරිදි සම්බන්ධ නොවී කණුවෙන් අඟල් 8ක් පමණ පිටතට පැන ඇති බව දන්වා සිටියේය.

දෙසැම්බර් අවසන් වනවිට වැඩ නිමකරන්නට සූදානම් වන මෙම පාලම වත්මන් රජය ඡන්ද ඉලක්ක කර ඉක්මණ් කර ඇති නමුත් ප්‍රමිතියෙන් තොර බවත් චෝදනා කළේය.

කළු සල්ලි සුදු කිරීමේ චෝදනා සහිත නඩු ‍දෙකක් අද විභාගයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධිකරණයට අදාළ තවත් නඩුවක් කොළඹ මහාධිකරණයේ අංක 07 හි දී අද (අගෝස්තු මස 31) දා පෙරවරුවේ විභාගයට ගැනීමට නියමිතය.

අයථා ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 30ක මුදලක් 'ගවර්ස්' කෝපරේට් සර්විස් (පෞද්ගලික) සමාගම හරහා විශුද්ධිකරණය කල බවද චෝදනා කරමින්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.

ශ්‍රීලනිපයේ සංවත්සර රැලියට මත්ද්‍රව්‍ය, ලංගම නෑ

බීමත්ව හා මත්ද්‍රව්‍ය රැගෙන එන කිසිවෙකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවත්සරය පැවැත්වෙන භූමියට ඇතුළත් කර නොගැනීමට පක්ෂය තීරණය කර තිබේ.

Wednesday, August 30, 2017

2025 වනවිට ලංකාව ණය බරින් නිදහස් රටක් – අගමැති

වර්ෂ 2020වන විට ශ්‍රී ලංකාවේ රැකියා, ආදයම, නිවාස වැඩිවීම සිදු වන අතර ම අධ්‍යාපනයත් දියුණු වන බවත් 2025වන විට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ම ණය බරින් නිදහස් රටක් බවට පත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවැති කොළඹ දිස්ත්‍රික් සැමට සෙවණ විසිරි නිවාස ණය පිරිනැමීමේ උත්සවයට එක්වෙමිනි. මෙහිදී පවුල් 1100ක් වෙනුවෙන් ණය ලබාදීම වෙනුවෙන් රුපියල් කෝටි 11ක් වැය කොට තිබුණි.

කවුරු ගියත් 2020 වන තෙක් සම්මුතිවාදී ආණ්ඩුව කරනවා - ජනපති

66 වසරක් පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටත් ජනතාවත් වෙනුවෙන් ඉටුකරනු ලැබූවේ ඓතිහාසික කාර්යභාරයක් බව සිහිපත් කරන ජනාධිපතිතුමා මෙම සැප්තැම්බර් 03 වනදාට යෙදී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිමානවත් 66 වන සංවත්සරය සමරන්නේ දූෂණයෙන් තොර පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සදහා සාමුහිකත්වයෙන් ගොඩනැගිය යුතු පුථල් දේශපාලන වැඩපිළිවෙළක පණිවිඩය රටට ලබාදෙමින් බව කියා සිටියේය.

සම්මුතිවාදී ආණ්ඩුව 2020 වන තෙක් පවත්වාගෙන යෑමට තමාට ශක්තිය ඇති බවට විශ්වාස කරන බවත් එසේ නොහැකි බව පවසන්නේ නම් එය කුමන්ත්‍රණයකින් පමණක් සිදු කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කරමින් පවසා ඇත.


ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සදහන් කළේ අද (30) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පුවත්පත් කතුවරුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති හමුව අමතමිනි.

ජනරාල් ජගත් ජයසූරිය මහ රෑ බ්‍රසීලයෙන් පළා යයි - රාත්‍රියේ ලංකාවට.

අවසන් සටනේ වන්නි අණ දෙන නිලධාරියා වූ ජනරාල් ජගත් ජයසූරිය, යුධ අපරාධ නඩුවකින් බේරීම පිණිස පෙරේදා රාත්‍රියේ බ්‍රසීලයෙන් පළාගොස් ඇත.

ජනරාල් ජගත් ජයසූරිය 2015 වසරේ පටන් බ්‍රසීලයේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තිය විඳිමින් පසුවිය. මේ වන විට ඔහු ඩුබායි හරහා ලංකාවට පැමිණෙමින් සිටින අතර, ඔහු ලංකාවට ගොඩ බැසීමට නියමිත ය. යුද්ධයේ අවසන් දිනවලදී සිවිල් වැසියන් දහස් ගණනක් ඝාතනය, අතුරුදන් කිරීම, වධහිංසා පැමිණවීම සහ රෝහල් වලට පහරදීම වැනි චෝදනා සම්බන්ධයෙන් හිටපු හමුදා ජනරාල්වරයාට එරෙහිව යුධ අපරාධ නඩු පැවරීමට දකුණු ඇමරිකානු මානව හිමිකම් සංවිධාන කටයුතු කර තිබේ.

තේරීම් කමිටුව ගෙදර යයි - මීළඟ ක්‍රිකට් ලොක්කා මහ බැංකු අධිපති?

සනත් ජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ (29) සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

තේරීම් කමිටු සාමාජිකයන් සියලු දෙනාගේ අත්සනින් යුක්තව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත ලිපියක් ඉදිපත් කරමින් ඔවුන් තම ඉල්ලා අස්වීම දැනුම් දී ඇත අතර ඒ අනුව ඔවුන්ගේ සේවය සැප්තැම්බර් මස 07 වැනිදායින් අවසන් වේ.

සනත් ජයසූරිය මහතාට අමතරව රංජිත් මදුරසිංහ, රොමේෂ් කළුවිතාරණ, අසංක ගුරුසිංහ, එරික් උපශාන්ත යන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් තේරීම් කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කරයි.

මීළඟ ක්‍රිකට් ලොක්කා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ද?

ගුටිකෙළි මැද දකුණෙත් 20 පරදී - එජාප මන්ත්‍රී සෙංකෝලය පැහැරගෙන පනී

විසිවැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව ඊයේ (29 වැනිදා) දකුණු පළාත් සභාවේ පැවැති විශේෂ රැස්‌වීමේදී එජාප මන්ත්‍රීවරයකු සෙංකෝලය පැහැරගෙන යැමත් සමඟ මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක්‌ ඇති විය.

සභාවේ පැවැති උණුසුම්කාරී වාතාවරණයෙන් අනතුරුව පනත් කෙටුම්පත ඡන්ද 27 කින් පරාජයට පත් විය. දකුණු පළාත් සභාව නියෝජනය කරන ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරු 27 දෙනෙක්‌ පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

මන්ත්‍රීවරුන් 55 දෙනකුගෙන් සමන්විත මෙම පළාත් සභාවේ පනත පිළිබඳ ඡන්ද විමසන අවස්‌ථාවේ එජාපයේ හා මෛත්‍රි පාර්ශ්වයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සභාවේ සිsටියේ නැත.

Tuesday, August 29, 2017

පොලිස් උසස්වීම් පටිපාටිය ක්‍රමවත්ව සකසන්න - ඇමති සාගල

පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් පටිපාටිය ක්‍රමවත්ව සකස් කරන ලෙස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා උපදෙස් දී තිබෙනවා. පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ජේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සමග ඊයේ (28) පැවති සාකච්ජාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබෙනවා. දැනට පවතින උසස්වීමේ පටිපාටිය හේතුවෙන් පොලිස් නිලධාරීන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවයි අමාත්‍යවරයා එම සාකච්ජාවේදී පෙන්වාදී ඇත්තේ. විශේෂයෙන්ම ඇතැම් පොලිස් කොස්තාපල්වරුන් සහ සැරයන්වරු අවුරුදු විස්සක් පමණ එකම නිලයේ සිටින අතර ඔවුන්ට උසස්වීම් නොලැබීම කනගාටුවට කරුණක් බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දෙනු ලැබීය. එපමණක් නොව උප පොලිස් පරික්ෂකවරුන්ටද මෙම කනගාටුදායක තත්වය අත්ව ඇති බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කලේ.

හූ කියන්න ඕනෑ ක්‍රීඩකයන්ට නොව ක්‍රිකට්‌ පරිපාලකයන්ටයි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ප්‍රේක්‍ෂකයන් ඉන්දීය ප්‍රේaක්‍ෂකයන්ගේ මට්‌ටමට නොවැටිය යුතු බවත් ඔවුන් සැබෑ ලෙසම "හූ" තැබිය යුත්තේ ක්‍රීඩකයන්ට නොව ක්‍රිකට්‌ පරිපාලකයන්ට බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ හිටපු නායක, ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (28 දා) ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අර්ජුන රණතුංග මහතා මෙසේද පැවසීය.

මංගලගේ ලේකම්, වීරවංශගෙන් මිලියන 500ක් ඉල්ලලා

මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අමාත්‍යංශ කාර්ය මණ්ඩල ප්‍රධානි තුසිත හල්ලොලුව මහතා, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ගෙන් රුපියල් මිලියන පන්සීයක මුදලක් ඉල්ලා නීතිඥයකු මාර්ගයෙන් එන්තරවාසියක් යොමුකර තිබේ.


තමන්ට සිදුකල අපහාසයකට අලාභයක් වශයෙන් රුපියල් මිලියන 500ක් එම එන්තරාවාසිය ලැබී සති දෙකක් තුලදී ලබාදීමට කටයුතු කරන ලෙසත්, එසේ නොලැබුණහොත් තමන්ට වූ අපහසය සම්බන්ධයෙන් එම මුදල අලාභයක් ලෙස අයකර ගැනීම සඳහා නඩු පවරන බවත් හල්ලොලුව මහතා සිය නීතිඥයා හරහා දැනුම් දී ඇත.

ගාන්ධර්ව අසපුවට ජනපති මෛත්‍රි මුල්ගල තබයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතියේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ඉදිවන ‘අමරදේව අසපුව‘ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය ඊයේ (28) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී සිදුවිය.

මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ ජනාධිපතිවරයාගේ සුරතින් අමරදේව අසපුවට මුල්ගල තැබීමෙන් අනතුරුව මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා විසින් විශාරද නන්දා මාලනී මහත්මිය වෙත ද ඇරයුම් කිරීම සුවිශේෂි සිදුවීමක් වු අතර අදාළ සිහිවටන ඵලකය ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරිණි.

“තලතා දේවිය ඉන්නේ ඇස් බැඳගෙන නොවේ”- උදය ගම්මන්පිල

නව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය එම ඇමති ධූරය භාර ගැනීමේ පූර්ව කොන්දේසියක් ලෙස අධිකරණයටත් නීතිපති දෙපාර්තමේන්තුවටත් බලපෑම් කිරීමට එකඟ වුණාද නැද්ද? යනුවෙන් සමස්ත ජාතියටම කුකුසක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පා.ම උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ අද (28) මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා,

නාවික හමුදාපතිගෙන් ඇමති රුවන්ට සමරු තිළිණයක්


ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ඊයේ (28) ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා හමුවිය.

'20' නිසා බස්‌නාහිර ගුටිකෙළි - සෙංකෝලයත් කෑලි කැඩෙයි

පළාත් සභා සියල්ලේම මැතිවරණ එකම දිනෙක පැවැත්වීමට අදාළ යෝජනාව සහිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් බස්‌නාහිර පළාත් සභාවේ මතය විමසීමට ඊයේ (28දා) පැවැති විශේෂ සභා රැස්‌වීම මන්ත්‍රීවරුන්ගේ ගුටිකෙළි මැද සෙංකෝලයටද හානි සිදුවීමෙන් පසු ලබන මස (සැප්තැම්බර්) 04 වැනිදා තෙක්‌ කල් තැබීමට එහි සභාපති සුනිල් විඡේරත්න මහතාට සිදුවිය.

බස්‌නාහිර පළාත් සභාව එහි සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරු 10.00 ට රැස්‌විය. එහිදී 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සඳහා පළාත් සභා සියල්ලේම ඡන්දය එකම දිනෙක පැවැත්වීමට අදාළ යෝජනාවට සභාවේ අනුමැතිය ලබාගැනීමේ යෝජනාව සභාපතිවරයා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

Monday, August 28, 2017

පවිත්‍රා ඇතුළු පිරිසක් ඒකාබද්ධ‍ෙන් ඉවතට - තිස්ස නැවත එජාපයට?

හිටපු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු හය දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීට තීරණය කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් නිළ ප්‍රකාශයක් සිදුකර නොමැත.

වාර්තා වන පරිදි පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, සනත් නිශාන්ත, ලොහාන් රත්වත්තේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර තිබේ. මෙම සියලු මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළකරන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කරයි.

ෆොන්සේකා ළඟ LTTE හතරක්

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නාරාහෙන්පිට හීං ඇල ප්‍රදේශයෙන් රජය නොමිලේ ලබාදුන් ඉඩමේ ඉදිකරමින් ඇති නිවසේ අත්උදව්දීමට පැමිණ සිටි අය අතර හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සිවුදෙනෙකු සිට හමුව ඇතැයි වාර්තා වේ.

විජේදාසට ශ්‍රීලනිපයට එක්වීමට බාධකයක්

එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීම මත අමාත්‍ය ධුරයෙන් ඉවත්කරනු ලැබූ විජේදාස රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට බාධකයක් පවතින බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.

යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්සන් කල අවබෝධතා ගිවිසුමට අනුව, එම පක්ෂ දෙකෙන් කවරහෝ පක්ෂයකින් විනය චෝදනා මත ඉවත් කරන අයකු අනෙක් පක්ෂයට බඳවා නොගැනීමට ගිවිසගෙන තිබීම ඊට හේතුව බව ඔහු කියා සිටියේය.

ශිරන්තිගේ ටොරින්ටන් නිවස යට කළු සල්ලි උල්පතක ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ රුපියල් මිලියන 300 ක් වැය කර, කොළඹ ටොරින්ටන් ප්‍රදේශයේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදු කළ විමර්ශනයට අදාළ වාර්තාවක් නීතිපතිට යවා තිබේ. 

මෛත‍්‍රී පිලේ ඇමතිවරයෙක් මහින්ද ලඟට

හිටපු අමාත්‍යවරයෙකු හා කුරුණෑගල දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ද වූ ජයරත්න හේරත් ඒකාබද්ධ විපක්ෂයට සහය පළ කිරීමට ඊයේ (27) තීරණය කළා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කළ ඔහු පොල්ගහවෙල ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙසයි කටයුතු කළේ. 

ඒකාබද්ධ විපක්ෂය කුරුණෑගල අද සංවිධාන කළ රැලියකටද ඔහු සහභාගී වුණා.

අවුරුදු දෙකකට හිරේ යන්න ලෑස්‌තියි රන්ජන් කියයි

රටේ නීතිය සහ ස්‌වාධීනත්වය ගැන අවංකව අදහස්‌ ප්‍රකාශ කර අවුරුදු දෙකකට සිරගතවීමට තමන් සූදානම් බව සමාජ සේවා සහ සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ඊයේ (27දා) 'දිවයින' ට ප්‍රකාශ කළේය. 

විනිසුරුවරුන් සහ නීතිඥයින් පිළිබඳ කළ ප්‍රකාශයකට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඔහුට එරෙහිව නඩු පැවරීමට ගෙන ඇති තීරණය පිළිබඳ අදහස්‌ ප්‍රකාශ කළ රන්ජන් රාමනායක මහතා මෙසේද කීවේය.

‘මං ලොරි ක්ලිනර් කෙනෙක්, කම්කරුවෙක්, කස්ටම් එකට වෙට්ටු දාලා බඩු පන්නපු කෙනෙක්’..- ජනපතිගේ සහෝදර ඩඩ්ලි සිරිසේන ජනපති ඉදිරියේදීම කියයි

‘මම 1988 දී බැංකොක්, සිංගප්පූරු ගිහින් කස්ටම් (රේගුව) එකට වෙට්ටු දාලා අත් දෙකට බෑග්වල දාලා බඩු ගෙනාපු කෙනෙක්. මම ලොරි ක්ලිනර් කෙනෙක්, කම්කරුවෙක,

මෛත්‍රී ශ්‍රිලනිප සභාපති වූයේ ස්වයංක්‍රියවයි

කුරුණෑගල දිස්ත්‍රික්ය නියෝජනය කල හිටපු උද්භිත උද්‍යාන හා පොදු විනෝදාංශ අමාත්‍ය ජයරත්න හේරත් මහතා පොදු විපක්ෂයේ වේදිකාවට අද පැමිණියේ කුරුණෑගල ආසනයේ ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ සමාජික ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කල අවස්ථාවේදිය.

එහිදි රැස්ව සිටි ජනතාව අමතමින් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කලේ ” අපි ජනවාරි 8 වෙනිදා පරාජය වුනාට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වී ඔහු ශ්‍රිලනිප සාමජිකයකු වූ නිසා ස්වංක්‍රියව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය ලබාගත් බවත් ඒ සඳහා පක්ෂයේ මාධ්‍යම කාරක සභාවේ හෝ සමස්ථ ලංකා විධායක සභාවේ අනුමැතිය ඇතිව මෙතෙක් පත්වී නැති බවයි.

මේ සතිය ඇතුළත රන්ජන්ට නඩු නීතිඥ සංගමය තීරණය කරයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ සමාජ සේවා හා සමාජ සුබසාධන ඇමැති රන්ජන් රාමනායක මහතාට එරෙහිව මෙම සතිය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මාසික මහ සභා රැස්‌වීමේදී සියලු නීතිඥවරුන් ඒකමතිකව තීරණය කළ බව එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා ඊයේ (27 දා) ප්‍රකාශ කළේය. 

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මාසික මහ සභා රැස්‌වීම පෙරේදා රැස්‌වූ බව කී යූ. ආර්. ද සිල්වා මහතා මින් පෙර සංගමයේ කාරක සභාවේදී ද රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කරමින් කර තිබූ ප්‍රකාශය හෙළාදුටු බව කීවේය.

අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥයන්ට අපහාස වන ආකාරයට කළ ප්‍රකාශ පිළිබඳ කරුණු දැක්‌වීම සඳහා රන්ජන් රාමනායක මහතාට දින දාහතරක කාලයක්‌ ලබා දුන්න ද එම කාලය අවසන් වීමට තවත් දින හතක්‌ පමණ තිබියදීත් රාමනායක මහතා නඩුවට සූදානම් බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇතැයි කීය.

මහින්ද රාජපක්ෂ ඉස්සර නඩු දිනපු හැටි සුහද ගම්ලත් හෙළි කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන යුගයේ දී රටේ නීතිය කැලෑ වැදී කැලෑ නීතිය රජ කෙරුණු බව කාටත් අමතක නැත. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකට පින් සිදු වන්නට මහින්ද රාජපක්ෂ ද නීතීඥයෙකි. ජනපතිව සිටියදී මහින්ද නීතිය කැලෑ වැද්දුවේ පුරුදු වන්නට ම නොවන බවට කරුණු එළියට එමින් තිබේ. මේ, මහින්ද රාජපක්ෂගේ පැරණි නීතීඥ කෙරුවාවක් පිළිබඳව ඔහුගේ සමකාලීන නීතීඥයකු සහ පසුව සොලිසිටර් ජනරාල් ධුරයට පත් වූ සුහද ගම්ලත් පැවසූ කතාවකි මේ. 

Sunday, August 27, 2017

එජාප ඡන්ද සටන රත්නපුරෙන්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය ඉලක්ක කරගෙන එක්සත් ජාතික පක්ෂය සිය මැතිවරණ සටන රත්නපුරයෙන් ආරම්භ කිරීමට සූදානම් වන බව අනාවරණය වෙයි.

ඒ අනුව සැප්තැම්බර් මස 6 වැනි දින බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබූ එජාප 71 වැනි මහා සම්මේලනය එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුරයේදී පැවැත්වීමට එම පක්ෂය සැලැසුම් කර තිබේ.

රවී, අරලියගහ මන්දිරයේ අංක 105 කාමරයේ නීති විරෝධී වැඩක්?

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට කොළඹ දිස්ත්‍රීක්කයේ එජාප කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා අරලියගහ මන්දිරයේ කාර්යාල කාමරයක් හා විශේෂ බලතල ලබාදී ඇතැයි අන්තර්ජාල සහ සති අන්ත පුවත්පත් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

අරලියගහ මන්දිරයේ අංක 105 දරන කාමරය රවී කරුණානායක මහතාට අදාළ කාර්යාලය පවත්වාගෙන යාම සඳහා පහසුකම් සපා ඇති බවද එම පුවත් වාර්තාවල සඳහන්වේ.

අන්තවාදී සංවිධාන විජේදාසගේ සහයට

ඇමැති ධුරයෙන් ඉවත් කෙරුණු විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වන චෝදනා වලින් ඔහු ආරක්ෂා කිරීමට බොදුබල සේනා සහ සිහළ රාවය වැනි අන්තවාදී සංවිධාන කිහිපයක් එක් වී තිබේ.

මේ සංවිධාන පසුගිය දින කිහිපයේ පෙන්වා දී තිබුණේ විජේදාස රාජපක්ෂ ඉවත් කිරීම පිටුපස ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් ඇති බවයි. එසේම 2020 ට පිරිසිදු පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ද මේ සංවිධාන පවසා තිබිණි. 

පොලිස්පතිට විරුද්ධ වීඩියෝව රහස් ‍පොලීසියෙන්ම එළියට දුන් හැටිත් එළියට

ශ්‍රී ලංකාවේ 34 වැනි ‍පොලිස්පතිවරයා පත් කිරීමට නියමිත වූ අවස්ථාවේ ‍‍‍ජ්‍යෙෂ්ඨත්වයෙන් ඊට සුදුසුකම් ලබා සිටියේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරු වූ පූජිත් ජයසුන්දර, එස්.එම්. වික්‍රමසිංහ හා සී.ඩී. වික්‍රමරත්නය. එස්.එම්. වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ යුගයේද ජනපති ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම තුළ සිවිල් සංවිධාන ඔහු ගැන පසු වූයේ එතරම් කැමැත්තකින් නොවේ. අවසානයේදී ‍පොලිස්පතිවරයා ලෙස ව්‍යවස්ථාදායක සභාව තෝරා ගත්තේ රටුන් අතර ජනප්‍රිය චරිතයක් වූ පූජිත් ජයසුන්දරය. ඔහු ‍පොලිස්පති කිරීම උදෙසා රටේ මතවාදයන් ඇති කිරීමට පෙරමුණ ගත්තේ සමාජ ජාල මාධ්‍යය.

ඒකාබද්ධය හා මංගල අතර විශේෂ හමුවක්.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු හා මුදල් සහ මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර විශේෂ හමුවක් ලබන සතියේ පැවැත්වීමට නියමිතය.

ඒ, නව දේශීය ආදායම් පනත සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහාය.

සංශෝධිත නව දේශීය ආදායම් පනත ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනද, එය ලබන මස මුලට කල්දමනු ලැබිය.

ආණ්‌ඩුවෙන් යනවාද? ශ්‍රීලනිප තීරණය දෙසැම්බරයේ


ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ආණ්‌ඩුවේ කොටස්‌කරුවකු ලෙස තවදුරටත් රැඳී සිටිනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය පක්‍ෂ දෙකේ ගිවිසුම්ගත කාලය අවසන් වූ පසු මධ්‍යම කාරක සභාව රැස්‌වී තීන්දු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

එජාපයත් ශ්‍රීලනිපයත් එකට එක්‌වී ජාතික ආණ්‌ඩුවක්‌ ලෙස කටයුතු කිරීම පිළිබඳව 2015 අගෝස්‌තු මස අත්සන් කරන ලද ගිවිසුමේ සඳහන් කාලය මේ වසරේ දෙසැම්බර් මාසයේදී අවසන් වීමට නියමිත බවත් ඉන් අනතුරුව මධ්‍යම කාරක සභාව රැස්‌වී අදාළ තීරණය ගන්නා බවත් ජනාධිපතිවරයා පැවැසීය.

එජාප පසු පෙළට මෛත්‍රි හෙළි කළ රහස

මේ සාකච්ඡාවේදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ඇමැතිවරුන්, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ ක්‍රියා කලාපය විවේචනයට ලක්කර ඇති එ.ජා.ප මන්ත්‍රිවරුන්, එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්ද ලබාගෙන මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති තනතුරට පත්වූ බව අමතක කර විවිධ විවේචන කරන බව පෙන්වා දී ඇතැයි පැවසේ.

පසුගිය මහ මැතිවරණය පැවැත්වීමට ආසන්නයේ ශ්‍රී .ල.නි. පක්ෂයේ සහ එ.ජ.නි. සන්ධානයේ ලේකම්වරුන් දෙදෙනා තනතුරුවලින් ඉවත් නොකරන්නට, එක්සත් ජාතික පක්ෂයට මැතිවරණය ජයග්‍රහණය ලබා ගැනීමට නොහැකි වෙන බව මේ සාකච්ඡාවේදී පෙන්වාදී ඇති ජනාධිපතිවරයා ඒ බව හොඳින් මතක තබා ගන්නවා නම් හොඳ යැයි පැවසූ බවද දැනගන්නට ඇත.

සයිටම් ගැන ජනපතිගේ තීන්දුව හෙට

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීන්දුව හෙට (28දා) ප්‍රකාශ කිරීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.