BREAKING NEWS
latest

728x90

468x60

Saturday, September 16, 2017

ගෝඨාට මිනීමැරුම් චෝදනා

වැලිකඩ බන්ධනාගාරයේ සිදු කරන ලද ලැයිස්තුගත සමූහ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ අඩපණ කිරීම සඳහා පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසක් ගත් උත්සාහය ව්‍යර්ථ වී ඇති බවත්, ඉදිරි සති කිහිපය තුළ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කිරීමට නියමිත බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරයි. 

නීතිපති දෙපාර්තමේන්තුවෙන් අදාළ පරීක්ෂණවලට අවශ්‍ය උපදෙස් ලැබී ඇති බවත්, එම උපදෙස් ලැබෙන තුරු අදාළ පරීක්ෂණවල යම් ප්‍රමාදයක් තිබූ බවත් පවසන අදාළ ආරංචි මාර්ග, වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉදිරි සති කිහිපයේ දී මේ සිද්ධියට සෘජුව සම්බන්ධ වූ යුද හමුදාවේ බි්‍රගේඩියර්වරයකුගෙන්, පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගෙන් ඇතුළු ආරක්ෂක අංශවල නිලධාරීන් පිරිසකගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිත බවයි. මේ පිරිසට සාපරාධී මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ල කිරීමට හැකි වනු ඇති බවත්, මේ සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරුවලට අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙහිදී ඍජු අණදීමක් කර ඇති බවට සැක මතු වන බවත් අදාළ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

කෙසේ වෙතත් මේ සිද්ධියේ දී භාවිතා කළ සියලු ගිනිඅවි සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලා ඇතත්, මෙතෙක් එම වාර්තාව භාර දී නැත. එසේ ම මියගිය රැඳවියන්ගේ මරණ පරීක්ෂණවලට අදාළ නිගමන ද මෙතෙක් අධිකරණය මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව මේ පරීක්ෂණවලට සහාය ලබා දීමට යුද හමුදාව කිසිවිටෙකත් ඉදිරිපත් වී නැත.ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණය මඟින් නියෝගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද එම ආරංචි මාර්ග පවසයි. මේ සිද්ධියේ දී රැඳවියන් 27 දෙනකු මියගිය අතර, ඒ අවස්ථාවට යුද හමුදාවේ 175 දෙනකු සහභාගි වී ඇත.

-ශාලික විමලසේන

පුළුවන් නම් මාව හිරේ යවපන් - සජින් වාස්

තමන් නීතිපති දෙපාර්තමේන්තුව තමන්ට අවශ්‍ය පරිදි හසුරුවාගෙන සිටින බැවින් කිසිවෙකුට තමන්ව සිරගත කළ නොහැකි බව පසුගිය රජයේ ප්‍රබලයෙකු වූ සජින් වාස් ගුණවර්ධන පවසා තිබේ. රාජපක්ෂ පවුලේ සමීපතමයකු වූ සජින් වාස් ගුණවර්ධන එවකට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස ද ක්‍රියා කළේය. ඔහුට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණු අතර කලක් රක්ෂිත බන්ධනාගාරගත ව සිට පසුව ඇප මත නිදහස් විය. 

සංවර්ධන ඉලක්ක ජයගැනීමට කාන්තා දායකත්වය වැදගත්

රටක ප්‍රධාන පක්‍ෂ එකතු වීමත්, ඇතැම් විට ඒවා බෙදී යාමත් එම ක්‍රමය තුළ දක්නට ලැබෙනවා. ප්‍රධාන පක්‍ෂ එකට එකතු වී වැඩ කළ ද, වෙන් වී වැඩ කටයුතු කළ ද ඉන් බොහෝ කාර්යභාරයක් පැවරෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීවරුන් වෙතයි.

මැතිවරණයෙන් කාන්තා නියෝජිතයන් තේරී පත්වූ පසු පෙබරවාරි මාසයේ සිට ඔවුන් තමන්ගේ රාජකාරී ආරම්භ කරනවා. කාන්තා වැඩ කටයුතු සම්බන්ධයෙන් තවත් වැඩසටහන් කිහිපයක් අයවැයට ඇතුළත් කිරීමට මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් සිටිනවා.

විරාට් කෝලි මිලියන ගණනකට පයින් ගසා ලංකාවට ආ ගමන

විරාට් කෝලි කියන්නේ පුවත් මවන චරිතයක්.ඒ විතරක් නෙමෙයි ලෝකෙම බලා ඉන්න තරුවක්. ඔහු ගන්න සෑම පියවරක් දිහාම බොහෝ දෙනා බලන් ඉන්නවා.සල්ලි පස්සේ විතරක් දුවන ක්‍රීඩකයන්ට අපූරු ආදර්ශයක් දෙමින් කෝලි කළ වැඩක් නිසා බොහෝ දෙනාගේ අවධානය නැවතත් කෝලි වෙත යොමුවෙලා.

ජාතික ලොතරැයි ක්‍රියාකාරී අධ්‍යක්ෂ දූරය තුසිත හල්ඔළුවට

ජාතික ලොතරැයි මණ්ඩලයේ නව ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස පූර්ණ බලතල සහිතව තුසිත හල්ඔළුව මහතා පත්කර ඇති බව වාර්තා වෙයි.

දූෂණයට එරෙහිව හඬ නඟමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්කිරීම සඳහා මැතිවරණ සමයේ විශාල වැඩකොටසක් කළ අයෙකු ලෙසද හෙතෙම සැලකෙයි.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සිදුවූයේ යැයි කියන අක්‍රිමිකතා පිළිබඳ සොයා බැලීමද ඔහුගේ පත්කිරීමට හේතුවී ඇති බවද කියැවෙයි.

මට බනින්නේ දුශ්ශීල භික්‌ෂුන් - රන්ජන්


තමන් චෝදනා කළේ මෙරට වැඩ වාසය කරන දුශ්ශීල භික්‌ෂුවට මිස ගෞරවනීය මහා සංඝරත්නයට නොවේ යෑයි' නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා "දිවයින" ට ඊයේ (15 දා) ප්‍රකාශ කළේය.

බුද්ධරක්‌ත, සෝමාරාම සහ දෙව්දත් වැනි දුශ්ශීල ශික්‌ෂූන්ට තමා ගෞරව නොකරන බවත්, තමා ඇසුවේ බුදුන් ඇසූ පරිද්දෙන් "ආනන්ද සර්පයා දුටුවාද" කියා පමණක්‌ බවත් හෙතෙම සඳහන් කළේය.

ඇමැති ජයවික්‍රම කතරගම ගැටලූව ලිහයි

රුහුණු මහා කතරගම දේවාලයේ කපු මහත්වරුන් හා බස්‌නායක නිලමේවරයා අතර ඇතිව තිබූ අර්බුදය ඊයේ (15 දා) දහවල් විසඳීමට බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කතරගමදී ක්‍රියා කළේය.

ඊයේ දින කපු මහත්වරුන් හා බස්‌නායක නිලමේවරයා ප්‍රමුඛ පිරිස්‌ කැඳවා පූජා භූමියේ පිහිටි දිසාපති නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක්‌ පවත්වා අනතුරුව මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින් ඇමැතිවරයා පැවසූවේ කතරගම දේවාලයේ අර්බුදයකට ලක්‌ව තිබූ කපු මහත්වරුන් අඩුපාඩුවක්‌ව පැවති මාස 07 සඳහා නවක කපු මහත්වරු 05 දෙනකු පත් කිරීමට නිත්‍යානුකූලව ක්‍රියා කළ බවයි.

Friday, September 15, 2017

සිවිල් සමාජය ‘එළියේ’ රෙදි ගලවයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය දා ආරම්භ කරන්නට යෙදුනු ‘එලිය’ නම් සංවිධානය ජනතාව රැවටීම සඳහා අටවා ගත් තවත් රාජපක්ෂ උප්පරවැට්ටියක් බව ‘පුරවැසි සංවිධාන එකමුතුව’ පවසයි. ඊයේ (14) මරදාන CSR ශාලාවේදී පුරවැසි සංවිධාන එකමුතුව කැඳවා තිබු මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කෙරින.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරවැසි සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු අකලංක හෙට්ටිආරච්චි මහතා,

ජනාධිපති පියකු පිළිබඳ දියණියක විසින් ලියූ පළමු පොත “ජනාධිපති තාත්තා” ජනගත කෙරේ

ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කථාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අතිශය සාමාන්‍ය ගොවි පවුලක උපත ලද මිනිසෙකු රටේ ජනාධිපතිවරයා බවට පත්වීමේ අසිරිමත් කතාන්දරය දියණියකගේ ඇසින් කියැවෙන “ජනාධිපති තාත්තා” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (15) උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුවිය. මේ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ මැති ඇමතුවරුන් රැසක්, විද්වතුන් රැසක් එක්ව සිටියහ.

ලලිත් හා අනුෂ යුද්ධයේදී කළ මෙහෙය අමතක කළ නොහැකියි

සංඝයා වහන්සේට එළවා එළවා පහර දීමේ කොන්ත්‍රාත්තුව රජය රන්ජන් රාමනායක මහතාට පවරා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ස්වාමීන් වහන්සේලා ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට මහත්වරු සම්බන්ධයෙන් ඉදිරිපත් වී සිටින්නේ ඔවුන් දෙදෙනා යුද්ධය අවස්ථාවේදී රටට ඉටු කළ මෙහෙය අමතක කළ නොහැකි බැවින් යැයි කී ගුණවර්ධන මහතා, ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට පත් වන මන්ත්‍රීවරු කිසිවෙකු ආගමික නායකයින්ට නින්දා කිරීම කිසිසේත් පිළි ගත නොහැකි යැයි ද කීවේය.

බැඳුම්කර කොමිසමේ වාර්තාව භාර දුන් වහාම නඩු පවරනවා - ඇමැති ලක්‍ෂ්මන්

ඇතැමුන් බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි නොදෙන්නේ තමන්ට සාක්‍ෂි දීමට බැරි තත්ත්වයක්‌ උදාවී ඇති නිසා බවත් කොමිසමේ වාර්තාව භාර දුන් වහාම ඒ අනුව නීතිපති නඩු පවරන බවත් ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

බැඳුම්කරය මගින් මහා වංචාවක්‌ සිදුව ඇති බව කිසිම ගැටලුවක්‌ නැතිව මුළු රටම පිළිගෙන අවසන් බවද ඊයේ (14 දා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදිනියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කීය.

CIDය යොෂිතගෙන් පැය3ක් ප්‍රෂ්න කරයි

රුපියල් කෝටි ගණනක වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්‍ෂ මහතාගෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ඊයේ (14 වැනිදා) පැය 3 ක්‌ තිස්‌සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.

Thursday, September 14, 2017

චතුරිකාට ජනපති තාත්ත බෙදන්නෙ ඒ හැන්දෙන්මලු

කවියක් පරිද්දෙන් ලියැවුණු මේ කෘතිය පිළිබඳ, එම කෘතියේ කතුවරිය වන චතුරිකා සිරිසේන මහත්මිය සමඟ කළ කතාබහකි මේ.

ජනාධිපති ධුර කාලය තව ටික කාලයකින් නැතිවෙනවා. එදාට අපට ඇති වෙන්න, නැතිවෙන්න දෙයක් නැහැ. අපි ඒ දේ තේරුම් අරන් ඉන්නේ. මං එදා වගේ ම අදත් ජීවත් වන්නේ සාමාන්‍ය කෙනෙක් විදිහටයි. සරලයි. අදටත් ගෙදරට අවශ්‍ය දේ ගන්න මං කඩේට යනවා. ඒ ශක්තිය අපට ඇති වුණේ පියාගේ මඟපෙන්වීම නිසයි. එතුමා තුළ තිබෙන සරලකම නිසයි. ඒ සාමාන්‍ය ජීවිතයට අපි හරි කැමැතියි.

මෙය ඔබේ පළමු නිර්මා‍ණ කාර්යය?

මම ජාතිවාදියෙකු නෙවෙයි - අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥණරතන බැහැදකිමින් පලනි තිගම්බරම් පවසයි

තමා ජාතිවාදියෙකු නොවන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගම්බරම් මහතා පවසනවා. අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥණරතන හිමියන් අද (2017.09.14) පෙරවරුවේ බැහැදුටු අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

නව බදු පනතින් ආගමික සිද්ධස්ථානවලින් බදු අය කරන් නෑ - ඒ බොරු


නව ආදායම් බදු පනත ලබන වසරේ අ‍ප්‍රේල් 01 වැනිදා සිට සම්පූර්ණ ලෙස ක්‍රියාත්මක වීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.  මෙම නව පනත සම්මත වූවායින් පසුව ප්‍රේෂණ බද්ද, ප්‍රාග්ධන බද්ද, රදවා ගැනීමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද 2017 ඔක්තෝම්බර් මස සිට අයකිරීමටත් අදායම් බදු 2018 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මක කිරීමටත් මුලින් තීරණය කර තිබිණි. 

මෙසේ පනත දෙයාකාරයට ක්‍රියාත්මක කිරීම හේතුවෙන් එක් මුදල් වසරක් තුළ දෙයාකාරයට ගිණුම් පවත්වා ගැනීමේ දුෂ්කරතාවයන් ඇතිවීමට ඉඩ ඇති බැවින් බදු ගෙවන්නන් හට පහසුකම් සලසනු වස් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් මත නව බදු පනතේ සියළු බදු අයකිරීම් 2018 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මක කිරීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇත. 

ලලිත් අනූෂ නඩුවේ ඇප ඉල්ලුමට අධිකරණයෙන් තීන්දුවක්

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් ලැබ සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු අද(14) කොළඹ මහාධිකරණය හමුවේ ඇප අයදුම් කරමින් අභියාචනයක් ඉදිරිපත් කළහ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් නීතිපතිට හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට ලබන 20වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය.

ජනපති මෛත්‍රීගේ දුව චතුරිකාගේ පොත විජේවීරගේ දුව ඊෂාට පිදෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය චතුරිකා සිරිසේන විසින් රචනා කරන ලද `ජනාධිපති තාත්තා` කෘතියේ පිදුම, රෝහණ විජේවීර මහතාගේ දියණියක වන ඊෂා විජේවීර මහත්මිය ඇතුළු ප්‍රකට දේශපාලක දියණිවරුන් පිරිසකට පිදෙන බව වාර්තා වේ.

සංවර්ධන ලොතරැයියේ නව සභාපති සූරියප්පෙරුම.

ජනාධිපතිවරයාගේ නිර්දේශය මත, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ නව සභාපති ලෙස රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු වූ එස්. ඒ. පී. සූරියප්පෙරුම මහතා පත් කර ඇත.

කඳපොල මහින්ද මහා විද්‍යාලය, පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය හා මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මොහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන විශේෂ (ගෞරව) උපාධිය ලබාගෙන ඇත.

ගම්මන්පිලගේ බිරිඳ යතුරු පැදියක් හප්පා පලා ගිහිං – වසර තුනක් යටගැසූ අනතුර හෙළිවෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් මෝටර් රථයක් සිය බිරිඳගේ පෞද්ගලික පරිහරනයට ලබා දී එය අනතුරට ලක්කර පලායාමේ අපරාධයක් වසර 3 ක් තිස්සේ යට ගසා සඟවා සිටියද පෙත්සමක් නිසා එය හෙළිවීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලගෙන් ඒ පිලිබඳ පොලිසිය ප්‍රශ්න කර තිබේ.

මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇත්තේ පසුගිය 8 දා සවස 4.30 ට පමණ බස්නාහිර පළාත දකුණ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී ය.

සුරාබදු ලොක්කත් හවුල්ලේ මෙන්ඩිස් සමාගමෙන් බිලියන ගණනක වංචාවක්


මෙන්ඩිස් සමාගම අති විශාල සුරාබදු වංචාවක නියැළෙන බවත් ඊට වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ද සම්බන්ධ බවත් වාර්තා වේ. 

මෙන්ඩිස් සමාගම දිනකට රා ලීටර් 125,000ක් එනම් බැරල් 50ක් නිශ්පාදනය කරන නමුත් ඔවුන් බදු සඳහා පෙන්වා සිටින්නේ දිනකට ලීටර් 17,500ක් එනම් බැරල් 7ක් පමණකි. ඉතිරි ලීටර් 107,500ක් එනම් බැරල් 43ක් ම සුරාබදු නොගෙවා වංචා කරනු ලැබේ. මෙසේ වංචා කෙරෙන ප්‍රතිශතය සමස්ත නිශ්පාදනයෙන් 86%කි. ඒ අනුව වාර්ෂික නිෂ්පාදිතය සලකා බැලීමේදී ඔවුන් සුරාබදු නොගෙවා මඟ හරින ප්‍රමාණය රුපියල් බිලියන ගණනකි.

පිනට පඩි ගෙවන ලංගමය

මූල්‍ය අර්බුධය හේතුවෙන් සේවක වැටුප් වාරික වශයෙන් ගෙවන ශ්‍රී ලංගමය රාජකාරියක් නොමැති සේවකයන් 508 දෙනෙකුට මාස 10ක කාලයක් තිස්සේ වැටුප් ගෙවමින් සිටින බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.

ප්‍රධාන ආරාධිතයා වශයෙන් උත්සව සඳහා සහභාගි වීමේදී අගමැති සමරු තිළිණ එපා කියයි

ප්‍රධාන ආරාධිතයා වශයෙන් විවිධ උත්සව සඳහා සහභාගි වීමේදී තමන් වෙත සමරු තිළිණ පිරිනැමීම වහාම නවතා දමන ලෙස උපදෙස්‌ දෙන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (13 දා) අගමැති කාර්යාලයට උපදෙස්‌ දී ඇත.එම සමරු තිළිණ සඳහා වැය කෙරෙන මුදල් යම් පුණ්‍ය කටයුත්තක්‌ සඳහා දායක කරගන්නා ලෙසත්, එසේ කරන්නේ නම් එම උත්සවයට සහභාගිවන විට තමන් දැනුවත් කරන ලෙසත් අගමැතිවරයා උපදෙස්‌ දී ඇතැයි අගමැති කාර්යාලයේ ප්‍රකාශකයෙක්‌  පැවැසීය.

Wednesday, September 13, 2017

මගේ නඩුවට ඔයා එක දවසක්වත් ආවේ නැ. - බිරිද CID යද්දී ලොකු සෙනගක් අරගෙන ඔයා එතනට ගියා – වැලිකඩ ඉදිරිපිට මහින්දට තරහා ගිය හේතුව මෙන්න

පසුගිය ජනාධිපතිවරණය මුල්කොට රජයේ මුදලින් රුපියල් මිලියන 600ක් අව භාවිතා කරමින් සිල් රෙදි බෙදා දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අය එම චෝදනා සම්බන්ධ වැරදි කරුවන් බව අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව එක් වැරදිකරුවෙකුට බරපතල වැඩ ඇතිව වසර තුනක සිර දඬුවම්, රුපියල් ලක්ෂ 20 බැගින් වූ දඩ මුදලක් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසම වෙත රුපියල් මිලියන 50 බැගින් වූ වන්දියක් ගෙවන ලෙසද නියම කලේය.

Gossip 99 : අරුන්දික ජනපති ලඟ වැඳ වැටී සමාව ඉල්ලයි - බැසිල් ලංසා හරහා දුන් කෝටි 05ත් සුන්

වත්මන් ආණ්ඩුවේ ඇමතිධුරයක් දරමින් මුදලට රාජපක්ෂ රෙජීමයේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටි අරුන්දික ප්‍රනාන්දුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (12) අමාත්‍ය ධූරයෙන් ඉවත්කරන ලද අතර ඔහු අද (13) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තමා දුරදිග නොසිතා සිදුකළ ප්‍රකාශවලට සමාව දෙන ලෙසත් මින් ඉදිරියට එසේ කටයුතු නොකරන බවටත් වැඳ සමාව ගෙන ඇත.

රාජපක්ෂ රෙජීමයේ දේශපාලන සහ මූල්‍ය අංශ ප්‍රධානී බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීමෙන් නිමල් ලංසා හරහා අරුන්දික ප්‍රනාන්දු යොදාගනිමින් ක්‍රියාත්මක කරන ලද ආණ්ඩුව සහ ශ්‍රීලනිපය අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණය පැය 24 යන්නටත් මත්තෙන් පුස්සක් වී ඇත.

සාගල පොලීසිය අලුත් කරන්න යයි

ශ‍්‍රී ලංකා පොලීසිය සඳහා නව ප‍්‍රතිසංස්කරණ හඳුන්වාදීමට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කරමින් තිබේ.


රජය මඟින් යහපාලන මූලධර්ම ක‍්‍රියාවට නැගීමේ ප‍්‍රතිපත්තිය මත ශ‍්‍රී ලංකා පොලීසිය පොදුජනයා සමඟ සමීප සම්බන්ධයක් පවත්වන, දියුණු රටවල ඇති පොලිස් සේවාවන් මෙන් උසස් ප‍්‍රමිතියෙන් යුත්, කාර්යක්ෂම හා ප‍්‍රශස්ත සේවාවක් බවට පත්කිරීම හා නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්පවලට ගැළපෙන ලෙස හැඩගැස්වීම සිදුකිරීම මෙම ප‍්‍රතිසංස්කරණවල මූලික අරමුණ බව කියැවේ.

දකුණේ ක්‍රීඩා ඇමැති ධුරයෙන් ඉවතට

දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කර තිබේ.

වීරසුමන වීරසිංහට අමාත්‍යවරයාට ක්‍රීඩා විෂයයට අමතරව යෞවන කටයුතු හා ග්‍රාම සංවර්ධන යන විෂයයන් ද පවරා තිබුණි.

බලාගාර හොරු සමඟ 2020 දී රටම අඳුරට ගෙන යන samsung සහ නිලධාරීචාදය

දැනට කාර්‍යබහුල අවස්ථාවන්හීදී මෙගාවොට් 2300 පමණ වන ශ්‍රී ලංකාවේ දෛනික බලශක්ති අවශ්‍යතාවය, 2021 වසර වන විටදී මෙගාවොට් 3100 පමණ වනු ඇති බවට විදුලි බල අමාත්‍යංශය විසින් පුරෝකථනය කර තිබේ. ගොඩනැගෙමින් තිබෙන විශාල තට්ටු නිවාස සහ සාප්පු සංකීර්ණ, වරාය නගරය සහ කාර්මික ජනපද වල විදුලි අවශ්‍යතාවය ඉහළයාම නිසා මෙගාවොට් 800 පමණ අතිරේක විදුලි බලයක් නිපදවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරි වසර කිහිපයේදී ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.

ගෑස්‌ මිල නැංවීමේ මලික්‌ගේ යෝජනාවට කැබිනට්‌ රැස්‌වීමේදී විරෝධය


සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා විසින් ඊයේ (12 දා) කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ ගෑස්‌ මිල ඉහළ නැංවීමේ යෝජනාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ කැබිනට්‌ ඇමැතිවරු වැඩි දෙනකු ප්‍රතික්‍ෂේප කර ඇත.

යෝෂිත FCIDය මගහරියි

ඊයේ (12) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට දැනුම්දී තිබුණද පෞද්ගලික හේතුවක් මත යැයි පවසමින් ඔහු අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී නොසිටි බව වාර්තා වෙයි.

Tuesday, September 12, 2017

බන්ධනාගාර ගතවූවන්ට සුපිරි හෝටල්වලින් චීන කෑම – රංජන් ඉදිරියේ ඇමති වරද පිළිගනී

සිල් රෙදි නඩුවට වැරදි කරුවන් බවට පත්වී බන්ධනාගාරගත කර තිබෙන හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංගට හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට සුපිරි හෝටල්වලින් චීන කෑම ලැබෙන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා චොදනා කරනවා.

ක්‍රිකට් නැංවීමට අකිල ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන් සමග පෙරමුණ ගනී.

කිසිදු පාර්ශවයකට පක්ෂග්‍රාහී නොවී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා පාසල් මට්ටමින් ගත හැකි සියලු තීන්දු තීරණ ගැනීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.

ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් මිදීම සඳහා පාසල් මට්ටමෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම සඳහාත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහාත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් සමග අද (12) අධ්‍යාපන අමාත්‍යාංශයේ සාකච්ඡාවක් පැවැත්වුණා.

මහින්ද රාජපක්ෂ තම නමින් තැබූ පොල්ලක් ගැන ජාත්‍යන්තර පරීක්ෂණ

රාජපක්ෂ පාලන සමයේ හම්බන්තොට වරාය ඉදිකිරිමේදී එම ව්‍යාපෘතියේ විචලණ ඉදිකිරිමක් වශයෙන් රුපියල් කෝටි දහස් ගණනක ණය ලබාගෙන ඉදිකරනු ලැබ ඇති සූරිය වැව ක්‍රීඩාංගණය සෑදූ චීන සමාගමට කිසිදු මුදලක් පසුගිය රජය විසින් ගෙවා නොතිබීම නිසා එම සමාගම විසින් රුපියල් කෝටි පන්දහසක මුදලක් ගෙවන ලෙසට වරාය අධිකාරියට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරිම වළක්වා ගැනීම සඳහා මෙම ණය ගණුදෙනුව බේරුම්කාර මණ්ඩලයක් යටතට පත් කරමින් ඒ සම්බන්ධව කටයුතු කිරිමට තීරකයකු පත්කර තිබේ.

‍එම ඉදිකිරිම සිදු කළ චීන සමාගමට පසුගිය රජය රුපියල් කෝටි තුන්දහසක මුදලක් මෙසේ ණය වි ඇත එම සමාගම ට එම ණය මුදල ගෙවිම ප්‍රමාද වීම නිසා ප්‍රමාද ගාස්තු වශයෙන් තවත් රුපියල් කෝටි දෙ‍දහසක් ‍එකතු කර මෙසේ රුපියල් මිලියන පන්දහසක් ගෙවන ලෙසට පසු ගිය කාලයේ වරාය අධිකාරියට දැනුම් දී තිබිණි.

මන්ත්‍රී බන්දුලගේ නිවසට පොලිසිය කඩා පනී


පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනගෙන් මේ වනවිට පොලිස් වංචා විමර්ශන අංශය ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටිනවා. 

ඉතිහාසය වෙනස් කරමින් වතුකරයට පනත් සංශෝධනයක්

වැවිලි ප්‍රජාවටද සේවය කිරීමට හැකි පරිදි ප්‍රාදේශීය සභා පනත සංශෝදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

දැනට පවතින පළාත් පාලන ආයතන නීති අනුව ප්‍රාදේශීය සභා හෝ වෙනත් පළාත් පාලන ආයතනයකට වැවිලි සමාගම්වලට අයත් ඉඩම්වල කිසිදු සංවර්ධන කටයුත්තක් හෝ වැවිලි ප්‍රජාවගේ සුබසාධනයට අවශ්‍ය පියවර ගැනීමට බලයක් නොමැත.

එම අඩුපාඩුව අවබෝධ කරගත් කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා සහ දමිළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරන අමාත්‍ය මනෝ ගනේෂන්, රාජ්‍ය අමාත්‍ය වී රාධ ක්‍රිශ්ණන් මහතා සහ නුවරඑළිය දිස්‍රත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් තිලකරාජ් මහතා මේ සම්බන්ධයෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු ෆයිසර් මුස්තපා සමඟ සාකච්ඡා සිදුකළා. 

අරුන්දික ප්‍රනාන්දු නි.ඇමැති කමෙන් ඉවතට

ජනාධිපතිවරයා විසින් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉවත් කර තිබේ.

කොමිසම හමුවේ 13වනදා පෙනී සිටින්නැයි ඇලෝසියස්ට සිතාසි

ලබන (13) දින බැඳුම්කර වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිසම වෙත සාක්ෂි ඉදිරිපත් කරන ලෙස පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා හට බැඳුම්කර කොමිසම විසින් සිතාසි නිකුත් කර තිබේ.

ජනපති තාත්ත වුනත් චතුරිකාගේ පොත එළියට

ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කතාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අතිශය සාමාන්‍ය ගොවි පවුලක උපත ලද මිනිසෙකු රටේ ජනාධිපතිවරයා බවට පත්වීමේ අසිරිමත් කතාන්දරය රැගත් “ජනාධිපති තාත්තා” ග්‍රන්ථය චතුරිකා සිරිසේනයන්ගේ රචනයක් ලෙසින් සැප්තැම්බර් 15 වැනි දා උදෑසන 7.30 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ Banquet hall හිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වේ.

ඇය මෙම ආත්ම කථනය ඔස්සේ ගෙනහැරපෑමට උත්සාහ කොට ඇත්තේ සිය පියාණන් ප්‍රාදේශීය දේශපාලකයකුගේ සිට කෙමෙන් කෙමෙන් ජනාධිපති ධූරය දක්වා ආ ගමනේදී එතුමාගේ වැඩිමහල් දියණිය වශයෙන් ලබාගත් අත්දැකීම් රාශියකි.

ගණේමුල්ල ගුවන් පාලම නව ගුවන් පාලම නොබෝ දිනකින් ජනතා අයිතියට

ගණේමුල්ල නඟරය ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නඟර කිහිපයක් මධ්‍යයේ පිහිටා ඇත. කඩවත, ගම්පහ, ජාඇල කඳාන වැනි ජනාකීර්ණ නඟර අතර පිහිටි ගණේමුල්ල නඟරය හරහා දිනපතා විශාල රථවාහන ප්‍රමාණයක් ගමන් ගනී. දිවයිනේ ප්‍රධානතම දුම්රිය ස්ථානයක් වන ගණේමුල්ල දුම්රිය ස්ථානය හේතුවෙන්ද නගරය තුල නිරන්තර මාර්ග තදබදයක් ඇතිවේ. මේ සියළු කරුණු සැලකිල්ලට ගනිමින් අරමුණින් 2015 අප්‍රේල් 19 වන දින ගණේමුල්ල ගුවන් පාලමේ ඉදිකිරීම් ආරම්භ වූයේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ මූලිකත්වය සහ මඟපෙන්වීම අනුවයි. මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ කඩිනමින් සිදුවූ එහි ඉදිකිරීම් මේ වනවිට අවසන් අදියරේ පවතී. 

වැලිකඩ ඝාතන ගැන ප්‍රශ්න කිරීමට ගෝඨා සීඅයිඩීයට

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු හමුදාපති ජගත් ජයසූරිය, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක යන මහත්වරුන් ඇතුළු තවත් ආරක්‍ෂක අංශ ප්‍රධානීන් කීපදෙනකු ඉදිරි සති දෙක තුන ඇතුළත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ, පොලිසියේ සහ බන්ධනාගාරයේ නිලධාරීන් කීපදෙනකුගෙන් මේ වන විට ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.

පියසේන දිසානායක අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ධුරයට

ග්‍රාමාත්‍යවරයාගේ ලේකම් දූරයක වෙනසක් වන බවට ගොසිප්99 අප ඊයේ (11) හෙලි කලා. ඒ පුවත සත්‍ය කරමින් ප්‍රවීණ මාධ්‍යවේදී පියසේන දිසානායක මහතා අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කොට ඇත.

Monday, September 11, 2017

ලලිත් වීරතුංගගේ බිරිඳට කොන්ද පණ තිබුණා.. ලිලිත්ට කොන්ද පණ තිබුනේ නැහැ විශේෂ හෙළිදරව්වක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ 2015 ජනපති ධූරයට තරග වැදුණ අවස්ථාවේ මැතිවරණ ප්‍රචාරණය පිණිස තමන් මූලිකත්වය දැරූ විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාවේ මහජන මුදල් රුපියල් මිලියන 600ක් සිල් රෙදි බෙදාදීමේ කටයුත්තකට මහින්දගේ රුව ගසා පන්සල්වලට යොමු කිරීමෙන් සිදුකල නාස්තිය හේතුවෙන්
වි.ස.නි. කොමිසමේ හිටපු සභාපති හා හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා වි.ස.නි. කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනා වැරදිකරුවන් බව කොළඹ මහාධිකරණය තීරණය කරනලදී.

මාව අවුස්සන්න එපා රයිට් – මත්වූ මහින්ද මාධ්‍ය ඉදිරියේ යකා නටයි : Video


බන්ධනාගාරගත කර තිබෙන හිටපු ජනපති ලේකම් ලලිත් විරතුංග හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මමතා වැලිකඩ බන්ධනාගාර රෝහලට ගොස් තිබේ.

එහිදී මාධ්‍යවේදින් යොමුකළ ප්‍රශ්නවලට හිටපු ජනපතිවරයා පිළිතුරු දුන් අතර එක් අවස්ථාවකදී ඔහු තරමක කේන්තියෙන් කතා කරන අයුරුද දක්නට ලැබිණ.

සජින්වාස් ගේ විමර්ශන වාර්තා අතුරුදන්?

ජනාධිපති කාර්යාලයේ වාහන 22ක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ලැබුන පැමිණිල්ලක් මත රහස් පොලිසිය විසින් සිදුකල විමර්ශනයන්හි ලිපිගොනුව නීතිපති වෙත බාරදී වසර දෙකකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නඩු පැවරීමක් සිදුනොවීම ගැන අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල මහත්මියගේ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.


මෙම විමර්ශනයට අදාළ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත බාරදී ඇත්තේ 2015 මැයි මාසයේදීය.

අරලියගහ මැදුරේ ලේකම් දූර වල මාරුවක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ලේකම් ධුරයේ වෙනසක් සිදුවීමට නියමිත බවට අප වෙත වාර්තා වේ.

ඒ අනුව අද හෝ හෙට දිනයේ නව මාධ්‍ය ලේකම්වරයා වැඩභාර ගැනීමට නියමිතය.

අධිවේගී මාර්ග දෙක බදු දෙයි ?

දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කටුනායක කොළඹ අධිවේගී මාර්ගය විදේශ සමාගමකට බදු දීම සඳහා සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

Sunday, September 10, 2017

හිරුනිකා දේශපාලනයෙන් සමුගනී?

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දේශපාලනයෙන්  ඉවත්වීමට සූදානම් බව පුහුල් හොරා දැනගන්නට ලැබෙනවා. පසුගිය කාලයේදී කොලොන්නාව මීතොටමුල්ල කුනු කන්ද නාය යෑමි සිදුවීමත් සමග ඇය ගැනද කතා කරන්නට වුණා. එම අවස්ථාවේදී ඇය එහි නොආ බවයි බොහෝ දෙනෙකු ප්‍රකාශ කලේ. පසුගිය දා මවු පදවිය ලැබූ ඇය මේ වනවිට නිහඬව සිටින බවයි දැනගන්නට ලැබෙන්නේ.

හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයත් සමඟින් දේශපාලනයට  පිවිසෙන ඇය මුලින්ම බස්නාහිර පළාත්සභාවට තේරී පත්වෙනවා.  අනතුරුව පොදු අපේක්ෂකයාට සහාය දක්වමින් වත්මන් ජනාධිපතිතුමාගේ දේශපාලන වේදිකාවට ගොඩවෙන ඇය යහපාලනය ගෙනඒමට ප්‍රබල ලෙස දායක වූ චරිතයක්.ඉන් පසුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන අතර ඇය එහිදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල චරිතයක් වුණු රෝසි සේනානායක මහත්මිය පවා මනාප චන්දවලින් පරාජයට පත් කිරීම සුවිශේෂියි.

ඇතැම් මාධ්‍යයන් ඇයට ප්‍රහාර එල්ල කල අතර විවිධ අභියෝග මැද්දෙ ඇය ඉන් නොසැලී දේශපාලනයේ රැඳී සිටියා.කෙසේ වෙතත් දේශපාලනයට පිවිසීම ගැන දැන් ඇය යම් කණගාටුවකින් සිටින බවයි ඇගේ හිතවතුන් ප්‍රකාශ කරන්නේ. ඉදිරියේදී යුරෝපයේ රටක පදිංචියට යෑම සඳහා ඇය සහ ඇගේ සැමියා සූදානමකින් පසුවන බවයි පුහුල් හොරා ට දැනගන්නට ලැබෙන්නේ.

පූජිත් යටතේ අලුත් බුද්ධි අංශයක් ක්‍රියාත්මකද?

පොලිස්පතිවරයා විසින් ඍජුව මෙහෙයවන නව බුද්ධි අංශයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
පොලිස්පති පූජිත් ජයසුන්දරගේ අදහසකට අනුව මේ නව බුද්ධි අංශය ස්ථාපිත කිරීමට නියමිත අතර, ඒ සඳහා සෑම පොලිස් බල ප්‍රදේශයකින් ම පොලිස් නිලධාරීන් පස් දෙනකු එක්කර ගැනීමට නියමිත බව ඉහළ පොලිස් නිලධාරියෙක් පැවසීය.

සීයේ සීයේ ජනපති සීයේ - ජනපතිට සිදූවූ අපූරු සිදුවීම මෙන්න

කවුඩුල්ල ප්‍රදේශයේ ගම්මානයක අද (සැප්තැම්බර් 10) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතී ධීවර ආම්පන්න හා බෝට්ටු බෙදා දීම උත්සවයක් අතර සිදුවියේ අපුරු සිදුවීමකි. 

ත්‍රීකුණාමලයේදීත් දිරිය පුරවැසියෝ බලමුළු ගැන්වෙති

ජනතා විමුක්ති පෙරමුණේ දිරිය පුරවැසි සමිති දිස්‍ත්‍රික් සමුළු මාලාවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සමුළුවක් පසුගිය 04වනදා කන්තලේ දුම්රිය ස්ථානය අසළදී පැවැත්විණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ටෙන්ඩර් හොරෙක්

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ටෙන්ඩර් කැඳවා නියමිත ක්‍රියාපටිපාටිය අනුව ප්‍රදානය කළ ටෙන්ඩරයක් නියමිත සුදුසුකම් සපුරා නැති ව්‍යාපාරිකයකුට ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරියකු ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා වෙත බලපෑම් කර ඇත.

සීතාවක තල්දුව පාලම අසල (ගැටහැත්ත ඔය) වම් පැති බැම්ම ඉකුත් ගංවතුර සමයේ විනාශ වීම නිසා එහි පැති බැම්ම ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේ ඉකුත් ජුලි මාසයේය.

පැති බැම්ම ඉදිකිරීම සඳහා ගැඹුරට කැණීම් කිරීමේදී මැණික් ඉල්ලම් හමු වුවහොත් වෙන්දේසි වටිනාකමෙන් 40%ක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියටත් 10% ආශ්‍රිත ප්‍රදේශවල සමෘද්ධි ලාභීන්ගේ සුබසාධනය සඳහාත් ඉතිරි 50% ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ව්‍යාපාරිකයාටත් හිමි න බවට මූලික කොන්දේසියක් තිබිණි.