BREAKING NEWS
latest

728x90

468x60

Saturday, October 07, 2017

හම්බන්තොට යුද පිටියක්‌ වෙයි - පොලීසිය ගුටි දෙයි - වීඩියෝ

හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළ විකිණීමට විරෝධය දක්වමින් පෙරේදා (06දා) හම්බන්තොට නගරයේ පැවැති විරෝධතාවට පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජලප්‍රහාර එල්ල කරමින් විරෝධතා කරුවන් විසුරුවා හැරීමට කටයුතු කළේය.


පොලිසියේ මේ ක්‍රියා කලාපය හමුවේ කෝප වූ විරෝධතා කරුවන්ගෙන් පිරිසක් ගල්මුල්වලින් පහරදීම හේතුවෙන් පොලිස් නිලධාරීන් තිදෙනක් තුවාල ලබා රෝහල් ගත කොට ඇත. විරෝධතාකරුවන් අතර සිටි පිරිසෙන් 26 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන සිටිති. මේ අයගෙන් 20 දෙනකු පිරිමි වන අතර හයදෙනෙක් කාන්තාවෝය. විරෝධතාකරුවන් පැමිණි යතුරුපැදි හතරක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

රවීට එරෙහිව එජාප ජේෂ්ඨයන් වෙනසකට මුල පුරයි - උප නායකකමටත් තට්ටුවෙන ලකුණු

දිස්ත්‍රික් නායකයා වූ තමාද දැනුම්වත් නොකර රවි කරුණානායක මන්ත්‍රීවරයා ඇතුළු පිරිස විවිධ වැඩසටහන් පවත්වා ජාඇළදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ ගැටුම් ඇතිකර ගැනීම පිළිබඳව තමා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කළ බව සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ආරාධනා නොකර පක්ෂයේ වැඩකටයුතු කිරීමත්, එසේම ඔවුන් පාක්ෂිකයන් ඉදිරියේ හෑල්ලු කිරීමත් ගැන තමන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු ලෙස හෙළාදකින බව ඒ මහතා කීය.

මේ සියලු දෙනා කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කොට විසඳුමක් ලබාදෙන මෙන් තමන් අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැන්වූ බව අමරතුංග මහතා සඳහන් කළේය.

ට්‍රම්ප්ට වරදින ලකුණු - ආණ්ඩුව පිල් බෙදේ

ඉරානය පිළිබඳ සම්මුතිය තවදුරටත් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා නොකළහොත් කොන්ග්‍රස් මණ්ඩල ප්‍රධානින්ට ඉරානයට එරෙහිව දැනට අත්හිටුවා ඇති සම්බාධක යළි පැනවීම තීරණය කිරීම සඳහා දෙමසක කාලයක් ලැබේ. මෙහිදී ආණ්ඩුවේ ප්‍රබලයන් අතර මේ කාරණය පිළිබඳ ඇතිවී තිබෙන බෙදීම තීරණාත්මක කාරණයකි. මතෙස් වැනි අය එය තවදුරටත් පවත්වාගත යුතුය යන මතයේ සිටියදී ටිලර්සන් වැනි අය දැඩි ලෙස ඊට එරෙහිව සිටී.

Friday, October 06, 2017

මතබේදයට තුඩු දුන් Snowy Mountains නම් වූ ඕස්ට්‍රේලියානු සමාගම් අසාදු ලේඛන ගතවුයේ ඇයි?

ඉන්දියාවේ දී බංගලාදේශයේදී සහ ශ්‍රී ලංකාවේදී අයතු ගෙවීම් සිදුකල බවට චෝදනාවට ලක්ව ස්නොවී මවුන්ටන් ඉංජිනේරු කම්පැනි නම් වූ ඕස්ට්‍රේලියානු සමාගම් තාවකාලිකව අසාදු ලේඛන ගත කොට ඇත.


අදාළ සමාගම වසර ගණනාවක් සිට ලෝක බැංකු ආධාර මත දියුණු වෙමින් පවතිනා රටවල කරන්නාවූ විවිධ වියාපෘති අදාළ රටවල් වල රජයන් සමග මෙන්ම ලෝක බැංකු අතරද එකඟ තාවයන් මත වියාපෘති සඳහා තරඟකාරී මිල ගණන් ඉදිරිපත් කරමින් ඉදිකිරීම් ක්ෂේෂ්තරයේ නියැලෙන සමාගමකි.

අදාළ සමාගම ලෝක බැංකුව තුල වියපෘති ලබාගැනීම සඳහා ලෝක බැංකු නීතිරීති රෙගුලාසි වලට යටත්ව ලියාපදිංචි වී සිටින සමාගමකි. 

ජපන්ගිය හිටපු ජනපති මහින්ද කොරවෙයි - මහින්දට ජපානයේ තානාපති කාර්යාලයෙන් සලකල නෑලු

ජපානයේ වෙසෙන හිතවතුන්ගේ විශේෂ ආරාධනයක් අනුව සංචාරයක නිරතහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් අවශ්‍ය පහසුකම් හා පිළිගැනීම ලැබීනැතැයි වාර්තා වෙයි. හිටපු ජනාධිපතිවරයා

සමග ඒකාබද්ධ විපක්ෂයේ ලොහාන් රත්වත්තේ හා රොෂාන් රණසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම සංචාරයට එක්ව සිටින අතර, ජපාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කිසිදු නියෝජිතයෙකු එම පිරිස පිළිගැනීමට ටෝකියෝ ගුවන්තොටුපළට පැමිණ නොමැති බවද වාර්තා වෙයි.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පැමිණෙන විට තානාපති කාර්යාලයේ නියෝජිතයෙකු ගුවන්තොටුපලට පැමිණිය යුතු වුවද මෙවර එවැන්නක් සිදුනොවීම සම්බන්ධව මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම්වරයා ජපාන ශ්‍රී ලංකා තානාපති ධම්මික ගංගානාත් දිසානායක මහතාට කතා කර හේතු විමසා තිබේ.

ශ‍්‍රිලන්කන් ප‍්‍රධානියාට රැපියල් කෝටියක දීමනාවකට අනුමැතිය ඉල්ලයි

ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගෙව් ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේට රුපියල් කෝටියක ප්‍රසාද දීමනාවක් ගෙවීම සදහා අධ්‍යක්‍ෂ මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

CEYPETCO තෙල් මිල වැඩිකරන්නේ නෑ - ඇමැති අර්ජුන : IOC තෙල් මිල ඉහළයන ලකුණු

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙතෙක් තෙල් මිල වැඩි කිරීමට තීරණයක් ගෙන නැතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

තෙල් මිල වැඩි කිරීම සදහා ලංකා අයි. ඕ.සී සමාගම (ඉන්දියන් ඔයිල් සමාගම) හා මුදල් අමාත්‍යාංශයත් තමා සමග ද සාකච්ඡා කළ බවත් දැනට තෙල් මිල වැඩි නොකරන ලෙස රජයක් ලෙස ඔවුන්ගෙන් ඉල්ලා තිබෙන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

නීතීඥ සුදර්ශන ගුණවර්ධන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තනතුරට

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා, රංග කලන්සූරිය මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස් වී තිබෙන රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්කිරීමට නියමිත බව අප වෙත වාර්තා වේ. 

මේ පිළිබඳ අප කළ සොයාබැලීමකදී අපට දැනගන්නට ලැබුණේ තවම මෙම නම්කිරීම ස්ථිර කර නොමැති නමුත් එවැනි සූදානමක් රජයේ පාර්ශවයෙන් තිබෙනා බවයි.

හම්බන්තොටට විශේෂ පොලිස් ආරක්ෂාවක්

හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපොළ විකිනීමට විරෝධය පාමින් අද හම්බන්තොට නගරයේ පැවැත්වීමට නියමිත විරෝධතාවය, අධිකරණ නියෝගයකින් වලකා තිබෙනවා.

ඒ හේතුවෙන් මේ වන විට හම්බන්තොට හා ඒ අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

බැසිල්ගේ ප්‍රකාශයකින් ගෝඨා – බැසිල් විරසකය උග්‍ර වෙයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ ඇතමුන් ‘අපරාධ’ කළ බව පිළිගනිමින් බැසිල් රාජපක්ෂ යාපනයේදී කළ කතාව නිසා ඔහු හා ගෝඨාභය රාජපක්ෂ අතර කලක් තිස්සේ පැවැති ආරවුල වඩාත් උත්සන්න වී ඇති බව ගෝඨාභය රාජපක්ෂට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරනවා.

එකල ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කොට ඇත්තේ මෙය සෘජුවම තමන්ට පහරගැසීමක් බවයි. ගෝඨාභය රාජපක්ෂ දිගටම කියා සිටියේ තමන් යටතේ සිටි හමුදාව යුද අපරාධ හෝ අපරාධ සිදු නොකළ බවයි. හමුදාව ක්‍රියා කළේ යුද ගැටුමේදී සාමාන්‍ය ජනයාට කිසිදු හානියක් සිදු නොවන ලෙස නැතහොත් පුරවැසිහානි බිංදුවට තබාගෙන බව එකල රජය ප්‍රකාශ කළ කතාවයි.

ගුරුවරුන්ගේ වටිනාකම දිවිය පුරා මතකයේ තබාගත යුතුයි

මානවයා සමාජගත වූ දා පටන් පැවත එන ඉගෙනුම - ඉගැන්වීම් ක්‍රියාවලිය ශික්ෂාකාමී විනයගරුක මෙන්ම දැනුම, තාක්ෂණය පිරිපුන් ලෝකයක් තනන්නට ඉවහල් වූ බව අවිවාදිතය. එවන් වටිනා කාර්යය භාරයක් ඉටුකිරීමේදී ගුරුවරයෙකුගේ භූමිකාවට හිමිවන ස්ථානය පූජනීය වූවකි. සිසුවෙකු ගුණ නැණ බෙලෙන් ඔපවත් කොට යහපත් පෞරුෂත්වයකින් සමාජානුයෝජනය කිරීමේ භාරධුර රාජකාරිය සිය දෙවුර මත රඳවා ගත් ගුරු මෑණිවරුන්ගේ සහ පියවරුන්ගේ මෙහෙවර, වටිනාකම එක් දිනකට එක් සැමරුමකට සීමා කළ හැක්කක් ද නොවේ. ලෝකය මේ දක්වා දුරක් පැමිණියේත්, දියුණුවෙන් දියුණුවට පත්වූයේත් ගුරුවරුන්ගේ කැපවීමෙනි. තමන්ට වඩා ඉහළ ආර්ථික හෝ සමාජ මට්ටමකට තම සිසු දරුවන් ගමන් කරනු බලා සිට ඔවුන් ලබන අව්‍යාජ, සංවේදී සතුට මෙලොව වෙනත් කිසිදු වෘත්තිකයෙකුට විඳිය හැක්කක් ද නොවේ. එවන් අභිමානනීය වෘත්තිකයන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටින්නටත්, ඔවුන්ගේ සුබසාධනය, පුහුණුව සහ ඇගයීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නටත් ලැබීම පිළිබඳව මා නිහතමානීව සතුටට පත්‍ වෙමි. එමෙන්ම ජීවිතයේ අප වෙනුවෙන් ද ගුරුහරුකම් ලබා දුන් සියලු ගුරු මව් පියවරුන් කෘතවේදීව සිහිපත් කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.

නොබෙල් සාහිත්‍ය ත්‍යාගය කෂුඕ ඉෂිගුරෝට

2107 වසර වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් සාහිත්‍යය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛක කෂුඕ ඉෂිගුරෝ (Kazuo Ishiguro) වෙනුවෙන් පුදනු ලැබ ඇත.

ජපන් සම්භවයක් සහිත සාහිත්‍යධරයාට නොබෙල් ත්‍යාගය පිරිනමන ලද්දේ 'ග්‍රන්ථ අටක් රචනා කරමින් ඔහු විසින් ඉටු කරන ලද මහා සාහිත්‍ය සම්ප්‍රදානය' අගය කරමිනි.

"ලෝකය සමඟ බැඳුන අපගේ මායාත්මක සංජානනයේ තෙරක් නොපෙනෙන පත්ල අනාවරණය කරනු ලැබීම මගින් ප්‍රබන්ධ නිර්මාණකරණය අතින් ඉටු කරන ලද මහා සංවේදී බලපෑම" වෙනුවෙන් කෂුඕ ඉෂිගුරෝ (Kazuo Ishiguro) වෙත 2017 සාහිත්‍ය සම්මානය පුදන බව නොබෙල් කමිටුව විසින් ප්‍රකාශයට පත් කරන ලද හේතු පාඨය මගින් කියැවෙයි.

පරම්පරා දෙකකට රාජපක්ෂ උරුම කළ ණය ගැටලුව 2025 දී විසඳනවා

ආණ්ඩුව සම්බන්ධව සතුටක් සහ අසතුටක් යන කරුණු දෙකම ජනතාව අතර තිබෙන බව අප දන්නවා. නමුත් අවබෝධ කර ගත යුතු කරුණ වන්නේ බලයට පත්වී මේ තරම් කෙටි කාලයක් තුළ සියලු දේට පිළියම් ලබා දිය නොහැකි බවයි. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අපේ රටේ ඉදිරි පරම්පරා දෙකක් දක්වාම බර දැරීමට සිදුවන ලෙස ලබා ගත් ණය ගැටලුව 2025 වන විට සම්පූර්ණයෙන් විසඳන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

රජයේ අවුරුදු 5ක නිල කාල සීමාවේ පළමු වසර 02 තුළ ආර්ථිකය ශක්තිමත් කර ගත් බව පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා ඉදිරි අවුරුදු 3 තුළ රට සංවර්ධනය කරමින් රැකී රක්ෂා ලබාදීමේ අවස්ථාවට පැමිණ ඇති බව අවධාරණය කළේය.

Thursday, October 05, 2017

ලබන වසරේ සිට පළමු සහ දෙවැනි ශ්‍රේණියට ඉංග්‍රිසි පෙළපොත් 2ක්

නූතන ගෝලීය සමාජය ජයගත හැකි සිසු පරපුරක් බිහිකිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත පාසල් තුළ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ කටයුතු තවදුරටත් පුළුල් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩසටහනක් දියත් කර තිබෙනවා. ඒ අනුව, පළමු ශ්‍රේණියට සහ දෙවැනි ශ්‍රේණියට ඉගැන්වීම සඳහා ඉංග්‍රීසි පෙළපොත් 2ක් ලබන වසරේ සිට හඳුන්වාදීමට නියමිත අතර, ජාතික අධ්‍යාපන ආයතනය හරහා පෙළපොත් සම්පාදනය මේ වනවිට සිදුකර තිබෙනවා. මේ වනවිට 03 ශ්‍රේණියේ සිට ඉහළට ඉංග්‍රීසි භාෂාවට අදාළ පෙළ පොත් ලබාදෙන අතර, ප්‍රාථමික අංශයේ 1 සහ 2 ශ්‍රේණිවල සිට ම විධිමත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් සියලු ම සිසුන් වෙත ලබාදීම මෙම නව පෙළපොත් ලබාදීමේ අරමුණයි.

රාජ්‍ය බැංකු තුනක ලොක්කෝ බැදුම්කර කොමිසමේදි රවී කරුණානායකගේ රෙදි ගලවයි.

ආන්දෝලාත්මක බැදුම්කර ගණුදෙනුව සිදුවන අවස්ථාවේදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා උපදෙස් ලබාදී ඇති බව ප්‍රශ්න ගත බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී ඊයේ (04) අනාවරණ වුණා. ඒ අනුව මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස හිටපු මුදල් ඇමති රවී කරුණානායක තමන්ට දැනුම් දුන් බව ලංකා බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහ මහජන බැංකුවේ සභාපතිවරුන් තිදෙනා සහ එම බැංකු වල ප‍්‍රධානීන් බැඳුම්කර කොමිසම හමුවේ අද (4) හෙළි කළහ.

ජාතිවාදී ආගම්වාදී යෝජනා එපා

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජාතිවාදී හෝ ආගම්වාදී යෝජනා ඉදිරිපත් කිරීමට කිසිදු පාර්ශ්වයකට කිසිසේත්ම ඉඩ නොදෙන්නැයි තම පක්ෂය සියලු ආගමික නායකයන්ගෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පවසයි.

“එක්ව නැඟිටිමු – අටුකොටු පුරවමු“ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ජනපති ප්‍රධානත්වයෙන්

“ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය – 2017“ ආරම්භ කරමින් ගොවි දිනය යෙදෙන මේ මස 06 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව තිබ්බටුවැව අසල යායේ වප්මඟුල් උත්සවය පැවැත්වේ.

ඔක්තෝබරයේ මහා වර්ෂාවත් සමග කෘෂිකාර්මික ප්‍රබෝධයක් ඇති කිරීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ මෙම නිෂ්පාදන සංග්‍රාමය ක්‍රියාත්මක කරන බවත් ඔක්තෝබර් 06 වැනිදා සිට 12 වැනිදා දක්වා සතිය තුළ මේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (කෘෂි සේවා) අජිත් පුෂ්පකුමාර මහතා පවසයි.

අගමැති ජර්මනියේ හා ෆින්ලන්තයේ සංචාරයක

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා 05 වන දා ජර්මනියේ පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත ය. ජර්මනියේ, බර්ලින් නුවර සංචාරයෙන් අනතුරුව ඒ මහතා 09 වන දා සිට ෆින්ලන්තයේ නිල සංචාරයක් සඳහා එක්වනු ඇත.

අනුරගේ බූදලය චන්ද්‍රිකාට සහ සුනේත්‍රාට

අන්තිම කැමති පත්‍රයක් නොතබා මියගිය හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතාගේ බූදලයේ හිමිකම් නීත්‍යානුකූලව ලබාගැනීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (04) කොළඹ දිසා අධිකරණයට පැමිණියාය.

කොළඹ දිසා අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයා ඉදිරියේදී බූදල් නඩුවේ කටයුතු පිළිබඳ සාකච්ඡා කළ කුමාරතුංග මහත්මිය අධිකරණයෙන් පිටව ගියේ මෙතරම් පැරණි ගොඩනැගිල්ලක තවමත් සේවය කරන්නේ මන්දැ’යි අධිකරණ සේවකයින්ගෙන් විමසමිනි.

අර්බුද ගණනාවකට විසඳුමක්

ව්‍යවස්ථාදායක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව මඟින් ඉදිරිපත් කරන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අතුරු කමිටු වාර්තාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එකඟතාව පළ කර තිබෙන බැවින් ජනවාර්ගික ගැටලුව ඇතුළු අර්බුද ගණනාවක් ඉන් විස¼දා ගැනීමට හැකියාව උදා වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

ගමේ පාරවල් හදන්න ආසි­යානු සංව­ර්ධන බැංකු­වෙන් ‍‍ඩොලර් මිලි­යන 900 ක්

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ග්‍රමීය ජනගහනය රැකියා සහ සේවා සඳහා සම්බන්ධ කිරීම සඳහා මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමට ඩොලර් මිලියන 900 ක් ලබාදීමට අනුමත කර ඇත.

මෙම ආධාර ලබාදීමේ ප්‍රධාන අරමුණ වන්නේ,

ග්‍රමීය ප්‍රවාහන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමයි. එය රැකියා මිලියනයක් ජනනය කිරීම, ආදායම් මට්ටම් දියුණු කිරීම සහ ග්‍රමීය ආර්ථිකය වර්ධනය කිරීම" යනුවෙන් ADB ජෙෂ්ඨ ප්‍රවාහන විශේෂඥ කන්සො නාකයි මහතා පැවසාඇත. මිලියන 10 ක ජනයා ජීවත් වන ප්‍රදේශ වැඩිදියුණු කළ ග්‍රාමීය ප්‍රවේශ මාර්ග. ග්‍රාමීය සංවර්ධන මධ්‍යස්ථාන සමඟ සම්පූර්ණයෙන් සම්බන්ධ කිරීම සඳහා රජයේ උපාය මාර්ගය සමඟ ආසියානු සංවර්ධන බැංකුවේ දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනට ක්‍රියාත්මකවේ.

Wednesday, October 04, 2017

රූපවාහිනි සංස්ථාවේ හිටපු අලෙවි අධ්‍යක්ෂ‍ට වරෙන්තු

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අවශ්‍ය නොවන අවස්ථාවක ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා ජී. අයි. පයිප්ප 600ක් මිලට ගැනීමෙන් රුපියල් 990, 000ක මුදලක් ආණ්ඩුවට පාඩු වූ බව පවසමින් හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පුද්ගලයන් තිදෙනකුට එරෙහි අල්ලස් නඩුවේ සාක්කිකරු වූ දළුවත්ත මහතාට ඉදිරි නඩු දිනයේ පෙනී සිටින ලෙස දන්වමින් ඉකුත් නඩු දිනයේ අවවාද කර මුදා හැර තිබුණ ද ඔහු ඊයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය මේ වරෙන්තුව නිකුත් කෙරිණ.

අයිතීන් සීමා කළ අවස්ථාවලදී ප්‍රජාතන්ත්‍රවාදයේ හඬ නැඟුවා - අගමැති රනිල්

පාර්ලි‍මේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් ‍මෙන්ම නීති‍යේ ආධිපත්‍ය තහවුරු කළ යුතු බව ද තනි පුද්ගලයකු සතු බලය සාමූහිකත්වයට ‍යොමුකරමින් ‍සමෘද්ධිමත් රටක් බිහිකිරීමට සියලුදෙනා කැපවීමන් කටයුතු කළ යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03දා) අවධාරණය කළේය.


ජනතා අයිතිවාසිකම් ඉටු කෙරෙන සමෘද්ධිමත් ආර්ථිකයක් බිහිකරන ප්‍රබුද්ධ රාජ්‍යයක් ගොඩනැගීමට පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින්ගේ වගකීම බව ජනාධිපතිවරයා කී‍වේය.

මධ්‍යම අධිවේග‍යේ ඉදිකිරීම්වලට බාධා කළොත් නීතිමය පියවර

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදි කිරීම්වලට බාධා කරන අයට එරෙහිව උසාවි නියෝග අනුව නීතිමය පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සුරියආරච්චි මහතා පවසයි.

මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිවන අධිවේගී මාර්ගයට අනිසි බාධා සිදු කිරීම් නොකරන ලෙස ඉල්ලා සිටින බවත් මෙම ඉල්ලීම නොසලකා හැර කටයුතු කරන අයට එරෙහිව අනිවාර්යයෙන්ම නීති මඟින් කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේය.

Tuesday, October 03, 2017

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස සුනිල් සමරවීර

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස සුනිල් සමරවීර මහතා ඊයේ (02දා) ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේදී රාජකාරී ආරම්භ කළේය.

මේ අතර ක්‍රීඩා අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ජයන්ත විජේරත්න මහතා පත්කර තිබේ.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි - විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක් අද

ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක් අද (03) පැවැත්වීමට නියමිතයි.

රනිල්ට බරපතළ චෝදනාවක්

තම පක්ෂයට රනිල් වික්‍රමසිංහ සමඟ කිසිදු ඩීල් එකක් නොමැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ජවිපෙට ණය බවත් ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.

රාජපක්ෂ කණ්ඩායම ජවිපෙ සහ එක්සත් ජාතික පක්ෂය සමඟ ඩීල් පවතින බවට චෝදනා කරමින් අගමැති වික්‍රමසිංහගේ ඇප මත නිදහසේ සිටින බවට දිසානායක මහතා චෝදනා කරයි.

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට වගකිවයුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ බව මහින්ද රාජපක්ෂ මහතා රට ඉදිරියේ හැකි නම් පවසන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක හිටපු ජනාධිපතිවරයාට අභියෝග කරයි.

Monday, October 02, 2017

ලොක්කා ඉදිරිපිටම ජේෂ්ඨ පොලිස් අධිකාරී සහ පොලිස් අධිකාරීවරුන්ට ඇමතිගෙන් චෝදනා

පොලීසියේ වගකීම වන්නේ නීතිය නිසි ලෙස ක්‍රියත්මක කිරීමත් සාමය සුරක්ෂිත කිරීමත් බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්යි සාගල රත්නායක මහතා සඳහන් කළා. 

ඒ අරලියගහ මන්දිරයේදී ඊයේ (02) පැවති කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සහ පොලිස් අධිකාරීවරුන්ගේ රැස්වීමේදී උපදෙස් ලබාදෙමිනුයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ පොලීසියේ රාජකාරි හොඳ මට්ටමක පවතින නමුත් තවමත් තමන්ට සතුටුවිය හැකි මට්ටමේ නොමැති බවයි. 

බෞද්ධයන්ට තරම් සංහිඳිහියාව ක්‍රියාත්මක කළ හැකි වෙනත් පිරිසක් නැහැ - මංගල

'සරිලන නිවහනක උරුමය සැමට' තේමාව යටතේ 2017 ලෝක ජනාවාස දින සමරුව අද (02), මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

සැමට සෙවණ විසිරි ණය ප්‍රදානයන් 1,000 ක්, හිමිකම් ඔප්පු ප්‍රදානයන් 100 ක්, සොඳුරු පියස ණය චෙක්පත් ප්‍රදානයන් 100 ක්, සැමට සෙවණ ආධාර ප්‍රදානයන් 50 ක්, විරු සුමිතුරු ආධාර ප්‍රදානයන් 25 ක්, ශිල්ප සවිය සහතිකපත් ප්‍රදානයන් 135 ක්, ශිල්ප සවිය පෙදරේරු ආයුධ කට්ටල ප්‍රදානයන් 100 ක් සහ ක්‍රීඩකයෙකු සඳහා නිවසක් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි

ගම්මන්පිලට එරෙහි තවත් මහාධිකරණ නඩුවක්

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂෙඩික් මහතාට අයත්ව තිබූ පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන 2.1 ක් ගම්මන්පිල මහතා විසින් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර වණික් ඉන් කෝපරේෂන් සමාගමට විකිණීම සම්බන්ධයෙන් නීතිපතිතුමා මහාධිකරණයේ ගොනුකර ඇති නඩුවේ සාක්ෂිදීමට බ්‍රයන් ෂෙඩික් මහතා සහ ජැනට් ෂෙඩික් මහත්මිය  හෙට ( 03) දින උදෑසන 9.30 ට අධිකරණයට පෙනී සිටීමට නියමිත බව වාර්තාවේ.

මහ ඇමතිකම නැති වූ පේෂල උතුරු මැද ආණ්ඩුකාරකම ඉල්ලා වැදවැටේ

තමනට උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධුරය ලබා දෙන්නැයි එම පළාත් මහ ඇමති පේෂල ජයරත්න මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

‘මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක්’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ලිවුවේ මමයි..- මගේ ජයග‍්‍රහණය ශ්‍රේෂ්ඨයි..- චතුර : VIDEO


2015 දී පැවති ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය වූ ‘මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක්’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සම්පාදනය කිරීමට තමන් සෘජුවම සම්බන්ධ වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

මත්තල ඉන්දියාවට – යෝජනා අනුමැතියට කැබිනට් මණ්ඩලයට

මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ ශ්‍රී ලංකාවේ ඇති අන්තර්ජාතික ගුවන්තොටුපළකි. මෙය දකුණු පලාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්තල පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන්නේ මෙයයි. සම්පූර්ණයෙන් වැඩ නිමවූ පසු හේක්ටයාර 2000 තරම් වන මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සම්පූර්ණ වියදම ඈ:ඩො: මිලියන 210 ක් ලෙස ඈස්තමෙන්තූ ගත කර ඈත.

ජාවාරම්කරුවන්ගේ සබදතා නිසා කටුගස්‌තොට පොලිසියේ 65ක් මාරු

කටුගස්‌තොට පොලිසියේ නිලධාරීන් රැසක්‌ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට හා පැමිණිලි සටහන් කරගැනීමට පැමිණෙන ඇතැම් පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගන්නා බවට ලැබුණු චෝදනා මත ඒ පිළිබඳ විමර්ශන කටයුතු සිදුකිරීම පහසු කිරීම සඳහා එකවර නිලධාරීන් 65 දෙනකු මාරුකර යෑවීමට පියවර ගත් බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්‌පති මහින්ද ඒකනායක මහතා පැවසීය.

Sunday, October 01, 2017

සුළං විදුලියට ඇමැති රිෂාඩ් වල කපයි

ඉදිරි කාලයේ ඇති වියහැකි විදුලිය අර්බුදයට විසඳුමක් ලෙස මන්නාරමේ ක්‍රියාත්මක කරන්නට යන සුළං විදුලි බලාගාර ව්‍යපෘතියට තමන් විරුද්ධ බව අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා මේ සතියේ කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.