BREAKING NEWS
latest

728x90

468x60

Saturday, October 14, 2017

රවීගේ ගේම් නිසා යහපාලනය දෙදරයි.


ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන ශලීල මුණසිංහ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක විසින් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස පත් කිරීම, ඔහු සභාපති තනතුර දරන පක්ෂයක් මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් පිළිගැනීම සහ එම පක්ෂයෙන් පසුගිය ජනාධිපතිවරණයට මෛත්‍රිපාල සිරිසේන මහතා තරග කිරීම තුල නීතිමය වශයෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

තායිවාන් 'බැංකු ගැහිල්ල' නෙදර්ලන්ත 'නූල් සූත්තරයක්‌'

තායිවාන් ෆා ඊස්‌ටන් බැංකුවේ රහස්‍ය දත්තවලට පිටින් මුදල් වංචා කිරීමේ ජාවාරම ක්‍රියාත්මක වී ඇත්තේ නෙදර්ලන්තය හරහා බව අනාවරණය වී ඇත.

මෙම වංචාව ගැන විමර්ශනය කිරීම සඳහා තායිවාන් ඉන්ටර්පෝල් ශාඛාවේ නිලධාරීහු පිරිසක්‌ මෙරටට පැමිණ සිටිති.

දිනන්න ලෑස්‌ති වෙන්න - ජනපති නව ශ්‍රීලනිප සංවිධායකවරුන්ට කියයි

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා හොඳින් සූදානම් වී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජයග්‍රහණය කරවීමට කටයුතු කරන ලෙස ශ්‍රීලනිප නව ආසන සංවිධායකවරුන් සහ දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන් අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (12 දා) ප්‍රකාශ කර තිබේ.

සැලසිනේ හිටපු සභාපතිට ජාත්‍යන්තර රතු වරෙන්තු

සැලසිනේ රූපවාහිනි ආයතනය සතු ලක්ෂ 120කට ආසන්න මුල්‍ය වංචාවක් සිදු කිරිමේ මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබ සිටින එහි හිටපු සභාපති ප්‍රදිප් උදය කුමාර එදිරිසිංහ මහතා අත්අඩංගුවට ගැනිම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (13)රතු නිවේදන සහිත ජාත්‍යන්තර විවෘත වරෙන්තුවක් නිකුත් කෙළේය.

සිද්ධියට අදාළව මුල්‍ය අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ සැලසිනේ රූපවාහිනි ආයතනයේ හිටපු අභ්‍යන්තර විගණන නිලධාරිනී වු ‍කණේවෙල පොකුණුවිට පදිංචි මනීෂා සුභාෂිණි ජයලත් නැමැත්තිය මේ මස 23 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා මෙහිදි නියම කෙළේය.

ගංවතුර-නාය සහන කටයුතු එන මස නිමකළ යුතුයි

වැඩකටයුතු කරන්න බැරි නම් දැනුම් දෙන්න. මම ඒ අය ගැන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරලා, වෙනත් අය යොදවා ලබන මාසයේ සිට ඒ වැඩ ටික කරවන්නම්.

ගංවතුරෙන් හා නායයෑම් විපත්වලින් හානියට පත් ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (13) සීමාසහිත මොරවක්කෝරලයේ තේ නිපදවන්නන්ගේ සමුපකාර සමිති ශාලාවේදී පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීම අවස්ථාවේදී අගමැතිවරයා ඒ බව අවධාරණය කෙළේය.

Friday, October 13, 2017

ලිට්රෝ සභාපති නිශ්ශංක - රක්ෂණ සංස්ථාවේ නව විධායක අධ්‍යක්ෂ නිලූ.

ලිට්රෝ ගෑස් සභාපති ධූරයට ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කර මහතා පත්කර තිබේ.

තායිවානයේ බැංකුවක පරිගණක පද්ධතියට ඇතුළු වී මුදල් වංචා කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් වෝදනා ලැබීම හේතුවෙන් එහි හිටපු සභාපති ශලීල මුණසිංහ මහතා ඉවත් කිරීමෙන් පසුව එම ධූරය හිස්ව පැවැතිනි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයකු හා එම පක්ෂයේ නීතීඥ සංගමයේ ලේකම්වරයා ද වන නිශ්ශංක මහතාව යහපාලන ආණ්ඩුව පත්වීමෙන් පසුව විවිධ තනතුරු සඳහා නම්කර තිබිණි.

අයවැය රහසක් එලියට

එළබෙන 2018 අයවැය හරහා, මෙරට සංවර්ධන ක්‍රියාවලිය සඳහා පෞද්ගලික අංශය සවිබලගැන්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. හෙතෙම ලෝක බැංකුවේ අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතා ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ මෙන්ගට්සු අල්මයේහු මහතා සමග පැවැති හමුවක දී මෙලෙස අදහස් දක්වන ලදී.

ලබන 25 දා උසාවි කැඳවයි - ලබන 25 දා උසාවි කැඳවයි

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ලබන 25 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යෑවීමට බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ හා අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (12 දා) නියෝග කළේය.

හංස සභාපතිට පුරවැසිකම නැති නිසා මැකෝ රත්වෙයි - පැවති ජනාධිපතිවරණය ගැන තීන්දුවක් ගන්න කොමිසම කැදවයි

විදේශ පුරවැසියන්ට මෙරට දේශපාලන පක්‍ෂයක සභාපති ධුරය දැරීමට හැකි දැයි තීරණය කිරීම සඳහා ස්‌වාධීන මැතිවරණ කොමිසම ලබන 19 වැනිදා රැස්‌වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.

ජාත්‍යන්තර බැංකු මුදල් වංචාවකට සම්බන්ධ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක ශලීල මුණසිංහ මහතා බ්‍රිතාන්‍ය පුරවැසියකු බව හෙළිවීමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ.

1995 දී නව ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් ජාතික ලලිත් පෙරමුණ ලෙස ආරම්භ වූ එම පක්‍ෂය 2009 වසරේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලෙස ලියාපදිංචි කර තිබේ.

පාර්ලිමේන්තුවට හොරෙන් ව්‍යවස්ථාවක් හදන්න අවශ්‍යතාවක් නෑ

රටට ගැළපෙන ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් ‍නොකර ව්‍යවස්ථා දායක සභාවෙන් ඉවත් වීමට කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් එය අනුමත කළ නොහැකි බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ පවසති.

උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුගියදා උන්වහන්සේ බැහැදැක ව්‍යවස්ථා සම්පාදක අතුරු කමිටු වාර්තාව මහනාහිමියන්ට පිළිගැන්වූ අවස්ථාවේ මහනාහිමියෝ ඒ බව ඇමැතිවරයාට පවසා ඇත.

මධ්‍යම අධිවේගය උඩින්! පරිසර අධිකාරියෙන් කොන්දේසි

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරිමේදී එහි ඇතැම් ස්ථාන පස් පිරවීම වෙනුවට කණු මතින් ඉදිකළ යුතු බවට උපදෙස් ලබා දී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. 

එහි කළමනාකරණ හා ඇගයිම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කාන්ති සිල්වා කියා සිිටියේ මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන ජල විද්‍යාත්මක අධ්‍යයනය මෙතෙක් සම්පූර්ණයෙන් අවසන් කර නොමැති බවයි. 

උදය ගම්මන්පිල ඔස්ට්‍රේලියාවේ පුරවැසියෙක්

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල විසින් අයථා ලෙස උපයන ලද මුදල් තම හිතවත් වෛද්‍යවරුන් දෙදෙනෙක් වන අංක 03 Austral Court Wheelers Hill Vic 3150 හි පදිංචි වෛද්‍ය සමන් අලූත්බදුගේ සහ වෛද්‍ය අබේකෝන් ගුණරත්න යන අය එක්ව ‘සමන් සහ අබය පුද්ගලික සමාගම’ නමින් සමාගමක් ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි කර (ලියාපදිංචි අංකය 13/2/14ABN 168039147), එම සමාගම නමින් විශාල දේපල ප‍්‍රමාණයක් මිලදී ගෙන ඇති බවත්, එම දේපලවල වත්මන් වටිනාකම ශ‍්‍රී ලංකා රුපියල් 781,538,385.97ක් පමණ වන බවත් හෙළිදරව් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ නාමල් රාජපක්ෂ මහතා විසින් පසුගියදා (සැප්තැම්බර් 29) පොලිස් විශේෂ විමර්ශන අංශය(SIU) දැනුවත් කරමින් අදාළ තොරතුරු සහ සාක්ෂි ලබාදීමට කටයුතු කළේය.

හිටපු ජපන් අගමැති හා ලංකාවේ හිටපු ජනපති ජපානයේදී එක්වේ

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය වරයෙක් හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනතා නායකයෙක් වූ  යුකියෝ හටොයමා මැතිතුමන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් ටෝකියෝ වෙස්ටින් හෝටලයේදී පැවැත්විණි.
ලංකාවේ හා ජපානයේ පවතින දේශපාලන වාතාවරණය හා ලෝක දේශපාලන භාවිතය පිලිබදව මෙහිදී සාකච්චා කෙරිණි.

මහින්දානන්ද හා වෙල්ගමත් උන් හිටිතැන් අහිමිවෙයි - අත්තනගල්ල චන්ද්‍රිකාට

හිටපු ජනාධිපතිති චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය අත්නගල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නව සංවිධායිකවරිය ලෙස පත් කර ඇත.

රහස්‌ ගන්න පරපෙචුවල් සල්ලි කඳු බෙදා දීලා

දැනට ව්‍යාපාරික කටයුතු තහනම් කර තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට භාණ්‌ඩාගාර බැඳුම්කර ලංසු ඉදිරිපත් කිරීම සඳහා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව සහ සේවක භාරකාර අරමුදල ඇතුළු ආයතනවල සිටින නිලධාරීන්ගෙන් ලද අභ්‍යන්තර රහස්‌ තොරතුරුවලට තම සමාගම විසින් විශාල මුදල් ගෙවීම් සිදුකළ බව පර්පෙචුවල් ටෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන ගනුදෙනුකරු (චීෆ් ඩීලර්) නුවන් තිළිණ සල්ගාදු මහතා ඊයේ (12 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේ දී පිළිගත්තේය. 

චාලි, කාර් සහ ටැන්ගෝ යන අන්වර්ථ නාමයන්ගෙන් එම ගෙවීම් සිදුකළ බවද එම ගෙවීම්වලට අදාළ පරිගණක ලිපිගොනු යාවත්කාලීන කළේ තමා විසින්ම බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂි දෙමින් සල්ගාදු මහතා කොමිසමට හෙළි කළේය.

රවීගේ මස්සිනා රක්ෂණ සංස්ථාවෙන් දොට්ට

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සම කළමනාකාර අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ ටී එම් ආර් බංස ජයා මහතා එම තනතුරින් ඉවත් කළ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි.

එහි සිටි අනෙක් සම කළමනාකාර අධ්‍යක්ෂවරයා වූ අරුණ සිරිවර්ධන මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ද ඉල්ලා අස්වී ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කරයි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රතිව්‍යූහ ගත කිරීමකට වෘත්තීමය නිලධාරීන් පත් කිරීමේ අවශ්‍යතාවක් මත අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වී ඇතැයි ද, සම කළමනාකාර අධ්‍යක්ෂ බංස ජයා මහතා ඉල්ලා අස්නොවූයෙන් ඔහු එම ධුරයෙන් ඉවත් කළ බව ද දැනගන්නට තිබේ. බංස ජයා මහතා කළමනාකාර අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර ඇතත් ඔහු අධ්‍යක්ෂ මණ්ඩලයෙන් තවමත් ඉවත් කර නැත.

Thursday, October 12, 2017

ශලිල මුණසිංහ ඇතුළු ජාත්‍යන්තර හොරු කල්ලිය බැංකු කොල්ලය සිදුකළ සැලැස්ම හෙළිවෙයි

ජාත්‍යන්තර බැංකු පද්ධතියට අන්තර්ජාලය භාවිතා කරමින් ඇතුලු වී මුල්‍ය වංචාවක්කිරිමේ සිද්ධියේ ඇති බරපතළ කම හේතුවෙන් සැකකරුවන්ට ඇප ලබා දුන හොත් විමර්ශන වලට අගතියක් සිදුවන බව ප්‍රකාශ කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය තායිවාන බැංකුවක මුල්‍ය වංචාවක් සිදු කළ බව කියන ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලිල මුණසිංහ ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 25 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඊයේ (11) නියෝග කළාය.

දුමින්දගේ ලෙඩ ගැන වාර්තාවක් දෙමින් හිරැණිකා යළිත් කරලියට

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටියදී ඔහුට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් විසින් ලබාදුන් වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධව පාර්ලිමේන්තුවේ දි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර දැඩි ලෙස විවේචන කලාය.

ජනපති සිරිසේන විමල් හමුවී දාපු ඩීල්එක එළියට - විමල් ජනපති හමුවේ වෙච්ච දේවල්


ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුථ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූහ.

නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබදව තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙම හමුව සිදු විය.

මාව අත්අඩංගුවට ගත්තා. අනේ පොඩ්ඩක් බලන්න – නාමල් ඇමරිකාවට දන්වයි

මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට බදුදීමට එරෙහිව ඒකාබද්ධ ව්පක්ෂය විසින් සංවිධානය කල විරෝධතාවයක් නිසා අධිකරණ නියෝගයක් කඩ වූ බව පවසමින් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ තවත් හය දෙනෙකු ඊයේ හම්බන්තොට පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

AM සහ RK ගේ ලිපිගොනු බැඳුම්කර කොමිසමට ඉල්ලයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු= වන අර්ජුන ඇලෝසියස්‌ මහතා සහ ඔහුගේ පෞද්ගලික සහකාර ස්‌ටීව් සැමුවෙල් යන දෙදෙනා අතර හුවමාරු වූ කෙටි පණිවුඩවල ඒඑම් (AM) සහ ආර්කේ (RK) යනුවෙන් සඳහන් වූ ලිපිගොනු කොමිසමට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති බැඳුම්කර කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා ඊයේ (11 දා) ස්‌ටීව් සැමුවෙල් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ජීවන්ත ජයතිලක මහතාට දැනුම් දුන්නේය. 

තායිවාන් ගිණුම් හැක්‌ කිරීමට සැක ශලීලට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවයත් නැහැ

තායිවාන බැංකුවක මුදල් වංචාවක්‌ සම්බන්ධයෙන් රහස්‌ පොලිසියෙන් අත්අඩංගුවට ගත් ලිට්‍රෝ ගෑස්‌ සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බව රහස්‌ පොලිසිය කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට ඊයේ (11 දා) දැනුම් දුන්නේය. 

ලිට්‍රොa ගෑස්‌ සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ එංගලන්තයේ පුරවැසිභාවය සහිත පුද්ගලයකු බවත් ඔහුට ලංකාවේ රැඳී සිටීම සඳහා ලබාදී ඇති වීසා කාලය ලබන දෙසැම්බර් 08 වැනිදා අවසන් වන බවත් රහස්‌ පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

Wednesday, October 11, 2017

පොහොට්ටුව අලුත් වැඩක් අරඹයි.

ජාති ආගම්, පාට පක්ෂ සහ පටු දේශපාලන අරමුණුවලින් තොරව ගමට, නගරයට, සමාජයට නායකත්වය දෙමින් මුලු මහත් ජාතිය වෙනුවෙන් එම ජාතික කර්තව්‍යය ඉටුකිරිම සඳහා ඉදිරියේදී පැවත්වෙන ප්‍රාදේශිය සභා, නගර සභා, මහ නගර සභා හරහා ඉදිරිපත්විමට ඔබේ දායකත්වය ඉල්ලා ප්‍රසිද්ධ පුවත් පත් දැන්විමක් මගින් අද 11 වෙනිදා ජනතාව දැනුවත් කොට ඇත.

කොරේ පිටට මරේ කියමින් ගම්මන්පිල රටින් පිටවෙලත් හමාරයි - මහාධිකරණයෙන් නියෝගයක්

ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ‍්‍රයන් ෂැඩික් මහතාට අයත් ‘ඩිජිටල් නොමිනීස්’ සමාගමෙන් මිලදීගෙන තිබූ ‘පෑන් ඒෂියා’ බැංකුවේ කොටස් මිලියන 4.1 ක් ව්‍යාජ ඇටොර්නි බලපත්‍රයක් හරහා වණික් ඉන් කෝර්පරේෂන් සමාගමට වංචනිකව විකිණීම සම්බන්ධව උදය ගම්මන්පිලට එරෙහිව නීතිපතිතුමා විසින් මහාධිකරණයේ ගොනුකර ඇති 8394 නඩුවේ සාක්ෂි විභාග කිරීම අද(11) ප.ව. 1.00 ට මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ සිදු කෙරිණි.

පී. ගම්මන්පිලගේ නාඩගම ගැන හිරුණිකාගෙන් විශේෂ හෙළිදරව්වක් : VIDEO

පසුගිය දිනයන්හි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් තමන්ට අපහාස කිරීමක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 500 ක් වන්දි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ගොනු කරනු ලැබූ නඩුවට සාක්ෂිදීම වෙනුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නොපැමිණි හෙයින් අධිකරණය විසින් තමන්ට ඒකපාර්ශවික නඩු තීන්දුවක් ලබාදුන් බවට මාධ්‍ය ඉදිරියේ කරුණු දක්වන ලදි.

එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට තමා වෙත රුපියල් මිලියන 500 ක් ගෙවන ලෙස අධිකරණය නියෝග කර ඇති බවද උදය ගම්මන්පිල විසින් සඳහන් කර සිටී අතර නුදුරේදීම තමන් වෙත එම මුදල ගෙවීමට සිදුවනු ඇති බවටද කරුණු හෙළිකර සිටියේය.

සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවට වැඩි අවස්ථාවක් - ප්‍රංශයේ සහයත් හිමි වේ

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා වැඩි වශයෙන් සහභාගිවීමට අවස්ථාව සහ සහාය ලබා දීමට ප්‍රංශ රජයේ පුර්ණ සහයෝගය ලබා දෙන බව ඉන්දීය සාගර කලාප භාර ප්‍රංශ නාවික හමුදාවේ අණදෙන නිළධාරී රියර් අද්මිරාල් ඩිඩියර් පියටන් (Didier Piaton) මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක අමාත්‍යංශයේදී ඊයේ (10) හමුවූ අවස්ථාවේදීය.

මලික්-කබීර් බැඳුම්කර කොමිසමට පැමිණෙයි

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් අද(11) පෙරවරුවේ ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවට පැමිණයේය.‍

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි.

ලිට්‍රෝ සභාපතිට ඇති චෝදනාවලට ලිට්‍රෝ සමාගමේ සම්බන්ධයක් නැහැ

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ශලිල මුණසිංහ මහතා විසින් සිදු කරන ලදැයි චෝදනා එල්ල වී ඇති ගණුදෙණු පිළිබඳව සමාගමේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සියලුම ව්‍යාපාරික හවුල්කරුවන් සහ මහජනතාව වෙත දැනුම් දී සිටියි.

රජයේ අයිතිය යටතේ පවතින සමාගමක් ලෙස ලිට්‍රෝ ගෑස් සමාගම දැඩි නියාමන රාමුවකට යටත්ව තම ව්‍යාපාර කටයුතු සිදුකරන අතර මණ්ඩලයක පාලනය යටතේ ක්‍රියාත්මකවන විධිමත් ව්‍යාපාරික හා ගිනුම්කරණ පටිපාටින් අනුගමනය කරයි.

නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට ගෙනයන මාර්ගයේ ටයර් ගිනි තැබූ හැටි

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ඊයේ (10) රාත්‍රි 11.00ට පමණ තංගල්ල බන්ධනාගාරයට රැගෙන යන අතරතුර එම වාහන ගමන් ගන්නා මාර්ගයෙහි ටයර් ගිනිතබා තිබුණා.


ඉන් මාර්ගයේ ධාවන කටයුතුවලට තරමක බාධා ඇති වුණා. කෙසේවෙතත් පිරිස තංගල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

මත්තල ගුවන්තොටුපොළ දීර්ඝකාලීන බදු පදනම යටතේ ඉන්දියාවට ලබාදීමට එරෙහිව ඔක්තෝබර් 06 වැනිදා හම්බන්තොට නගරයේ ගෙන ගිය උද්ඝෝෂණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කළ කැඳවීමක් අනුව ඊයේ හම්බන්තොට පොලිසියට පැමිණි අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

අගමැති ෆින්ලන්තයේ, හෙල්සිංකි නුවර ඒඩබ්ලිව් බලශක්ති ආයතනයේ අධ්‍යයන චාරිකාවක

මුහුදු රළ මගින් බල ශක්ති උත්පාදනය කරලීම පිළිබඳව තමන් සතු අත්දැකීම් සහ තාක්‍ෂණය ශ්‍රී ලංකාවට සැපයීමටත්, ශ්‍රී ලංකා මුහුදු තීරයේ මුහුදු රළ බල ශක්ති නිෂ්පාදනය සඳහා සහය ලබා දීමටත් තමන් සූදානම් බව ෆින්ලන්තයේ ඒඩබ්ලිව් බලශක්ති ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ලියෙලෙයුන්ඩ් (John Liljelund) මහතා පැවසීය.

ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ මූලික සමීක්‍ෂණ කාර්යයන් දැන් සිදු කර අවසන් බවත්, ලබන වසරේ දී ශ්‍රී ලංකාවේ මුහුදු රළ බලශක්ති නිපදවීමේ කාර්යයන් ආරම්භ කිරීමට අපේක්‍ෂා කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දිග්ගල විදුහලේ හපනිට ජනපතිගෙන් තෑග්ගක්

ගලේවෙල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වූ බී.ඩී. දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න ශිෂ්‍යාව අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූවාය.

හිසට නිසි සෙවණක් මෙන්ම පිය රැකවරණය ද අහිමිව ආර්ථීක අපහසුතා රැසක් මධ්‍යයේ දිවි ගෙවූ දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න ශිෂ්‍යාව ලකුණු 168 ක් ලබා ගනිමින් මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් උසස් ලෙස සමත්වූ අතර, සිසුවියගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු නිමවනතුරු මසකට රුපියල් තුන්දහස බැගින් මුදලක් ගෙවීමට ද පොරොන්දු විය.

අක්මීමන දයාරතන හිමිට පමණක් ඇප ලැබෙයි

මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයින් රඳවා සිටි ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට අයත් රැදවුම් මධ්‍යස්තානයක් ඉදිරිපිට ප‍්‍රකෝපකාරි ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පූජ්‍ය අක්මීමන දයාරතන හිමිට ඇප ලබා දීමට ගල්කිස්ස මහේස්ත‍්‍රාත්වරයා කටයුතු කර තිබේ.

Tuesday, October 10, 2017

නාමල් අතුළු හයක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මහජන නියෝජිතයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. 

අහසින් යන ගිලන් රථ ලංකාවට.

දැන් තියෙන වාහන තදබදය එක්ක ගිලන්රථයකටවත් හදිසියකට යන්න බැරි තරමටම වැඩියි. එ් නිසා ගිලන්රථය ඇතුලෙම රෝගීන් මිය ගියපු අවස්ථා ඕන තරම් අහන්න ලැබෙනවා.

ඉල්ලීම් නැත්නම් ව්‍යවස්ථාවට සහාය දෙන්නේ නැහැ – TNA කියයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය පළකරන්නේ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම ඇතුළු ඉල්ලීම් ත්‍රිත්වයක් ඊට ඇතුළත්ව ඇත්නම් පමණක් යැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.


උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම,මධ්‍යම රජයට යළි පවරාගත නොහැකි වන ආකාරයට පළාත් සභාවෙත පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කිරීම, මුදල් බලතල පළාත් සභාවෙත ලබාදීම යන ඉල්ලීම් ත්‍රිත්වය ව්‍යවස්ථාව වෙත අනිවාර්යෙන්ම ඇතුළත් වීම එම ඉල්ලීම් වේ.

නාමල්ගේ අධ්‍යක්ෂකවරියට ඇප ලැබෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත් ගවර්ස් කෝපරේට් සමාගමේ අධ්‍යක්ෂකවරියකවන ඉරේෂා ද සිල්වා ඇප මත නිදහස් කර තිබේ.

ඩුබායි සිට ලංකාවට පැමිණි අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඇය අද (10) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රවෘත්ති විකාශය අතරතුරදී හදිසියේ නිවේදකයෙක් කඩා පැන බැසිල් රාජපක්ෂට අමතයි

අද රාත්‍රී 07ට විකාශය වන සිරස ප්‍රධාන පුවත් විකාශය අතරතුර හරි අපුරු වැඩක් සිද්ධ වුනා. මේ සිද්ධිය වන විට ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් සිටියේ වසන්ත මාරසිංහගේ සහ චතුරි උදේශිකා පෙරේරායි.

ශෂි විරවංශට එරෙහි නඩුව කල් යයි

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ති‍්‍රක ගුවන් ගමන් බලපත‍්‍රයක් සකස් කළැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මියට අදාළ නඩු දෙකෙහි වැඩිදුර විභාගය නොවැම්බර් 20 වැනිදා කැඳවීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (9) තීරණය කළේය.

මෛත්‍රීට එල්ල කල LTTE මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහරයට අවුරුදු 9යි

එල්.ටී.ටී.ඊ ත‍්‍රස්ත හමුදාවට එරෙහිව 2009 වසරේ දී ශ‍්‍රී ලංකාව ලබාගත් දැවැන්ත යුද ජයග‍්‍රහණයට පියවරු දහසක් නැත. එකී ජයග‍්‍රහණයේ පීතෘත්වය මහින්ද රාජපක්ෂ මහතා සියතින්ම පවරාගත්තේ උගන්ඩාවේ හිටපු ඒකාධිපති ඉඩි අමීන් අනුදත් ම`ග යමිනි. හමුදා කුමන්ත‍්‍රණයක් මගින් බලය ලබාගත් පසු එරට හමුදාවේ ඉහළම නිලයට හිමි නිල ලාංඡුන තමා විසින්ම පළදවා ගත් ඉඩි අමීන් හතරේ පන්තියටවත් ගොස් නොතිබුණ ද හරාරේ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය ද ඔහු විසින්ම ඔහුටම ප‍්‍රදානය කරගත්තේය. 

දුමින්ද සිල්වා ඇස් වාට්ටුවට

රෝගීව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාව අද (09) ඇස්පරීක්ෂාවක් සඳහා කොළඹ අක්ෂි රෝහලට ගෙවිත් ඇතැයි වාර්තා වේ.

දුමින්ද සිල්වා මහතාගේ සොයුරියවන දිලිණි ඈන් ද සිල්වා ද සිය සොයුරා අක්ෂි පරික්ෂාවකට රැගෙන ගොස් අති බවට වාර්තා වන බව අප කළ විමසීමකදී කියා සිටියාය.

මෛත‍්‍රී සහ විමල් වීරවංශ අතර විශේෂ හමුවක්.


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා ජාතික නිදහස් පෙරමුණ අතර විශේෂ සාකච්චාවක් ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතය.


හෙට (11) පස්වරුවේ එම සාකච්චාව පැවැත්වෙන බව ජතික නිදහස් පෙරමුණේ ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ මහතා සදහන් කරයි.

Monday, October 09, 2017

ලිට්රෝ සභාපති ශලීල අත්අඩංගුවට

තායිවාන් ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී (හැක්‌ කර) එහි රහස්‍ය දත්ත වෙනස්‌ කර රුපියල් තිස්‌පන් කෝටියකට අධික මුදලක්‌ ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට තරාතිරම නොබලා නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසියට උපදෙස් දී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ අනුව අදාළ සිද්ධියට සම්බන්ධ ලිට්රෝ සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට නියමිත බවද ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසීය.

පුංචි ඡන්දය ජනවාරියේ - කිරිඇල්ල

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරී මස 20 වන දින හෝ ඊට ආසන්න දිනයක පැවැත් වීමට රජයේ අවධානය යොමුව තිබෙන බව පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
මේ අතර ලබන වසරේ ජනවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම නිල කාර්ය සංවිධානය සකස් කරමින් සිටින බව වාර්තා වේ.
බහුමන්ත්‍රී කොට්ඨාස ක්‍රමය

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 335ක් සඳහා සාමාජිකයින් තෝරාගැනීම සඳහා ඡන්දය භාවිතා කිරීමට ආසන්න වශයෙන් මිලියන 15.6 දෙනකු සුදුසුකම් ලබා ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

නාමල්ගේ සුරූපී ලේකම්වරිය අබුඩාබියේදී අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් සීමාසහිත ගවර්ස් කොපරේෂන් සර්විසස් පුද්ගලක සමාගමේ යෙදවීමෙන් මුදල් විශුද්ධි කිරීමේ චෝදනාවට ලක්ව සැකකාරියකව සිටි ඔහුගේ සුරූපී ලේකම්වරිය අඩුඩාබිහිදී අත්අඩංගුවට ගෙන ලංකාවට එවීමට කටුයුතු යොදා ඇතැයි වාර්තා වේ.


මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බටපොළ ආරච්චිගේ ඔරනෙලා ඉරේෂා සිල්වා නැමැත්තියයි.

රතු නිවේදනයට අත්අඩංගුවට ගත් පළමු රාජපක්ෂ

නාමල් පොලිසියට

ඒකාබද්ධ විපක්ෂය ඉකුත්දා සංවිධාන කළ හම්බන්තොට විරෝධතාව සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට අද (09) සහ හෙට (10) හම්බන්තොට පොලිසියේ පෙනී සිටින ලෙස ද දැනුම් දී තිබෙනවා. 

රුසියාවේ හදන අලුත්ම යුධ නැව 2020දි ලංකාවට

රුසියාව විසින් ලංකාව වෙනුවෙන් නිපදවන අලුත්ම යුධ නැව (cheetah 5.1 Class Frigate ) 2020 දී ලංකාවට ලැබීමට නියමිතය. 2011 පසු රුසියාවෙන් ලංකාවට හිමිවන 2වන නෞකාව මෙයයි. තවම නිෂ්පාදනය ආරම්භ කර නොමැති  cheetah 5.1 Class Frigate” නෞකාව නිෂ්පාදනය පටන් ගත් දිනයේ සිට වසර දෙකහමාරකින් ලංකාවට ලබාදීමට නියමිතයි. 
මෙම නෞකාව ලංකාවට හිමි වන්නේ පසුගිය යුද සමයේදී රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් යුද උපකරණ ලබා දීමේ ණය ආධාර ගිවිසුම යටතේයි. ගිවිසුමට අනුව වසර 10ක් තුළදී  රුසියානු රජය සමග ඩොලර් මිලියන 300 ක වටිනාකමක් සහිත යුද උපකරණ ලබා ගැනීමට ලංකා රජයට  හැකියාව ලැබේ.  

හම්බන්තොට මාධ්‍යවේදීයා ගැන සාගලගෙන් හෙළිදරව්වක්

පසුගිය 06 වෙනිදා හම්බන්තොට පැවති විරෝධතාවයෙන් පසු පොලිස් අත් අඩංගුවේ පසුවෙද්දී පහර කෑමට ලක් වූ නිදහස් මාධ්‍යවේදීයෙක් බව පවසන පුද්ගලයා උද්ඝෝෂණයට සහභාගී වී ඇති බවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක විසින් ඊයේ හෙළිදරව් කළේය.

Sunday, October 08, 2017

ආණ්ඩුවේ ලොක්කෙක් ලංකා බැංකුවෙන් සල්ලි කෝටි 31ක් මලුවල දාගෙන යද්දී මාට්ටු

දේශීයව පාරිභෝගික ජනතාවට ගෑස් බෙදාහැරීම නියලි සිටින ලිත්‍රෝ ගෑස් සමාගම මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක් වන අතර රාජ්‍ය ව්‍යපාරයකි.


ඇ.ඩොලර් මිලියන 2 කට අධික මුදලක් එනම් රුපියල් මිලියන 310 ක් මෙම ආයතනයකට ගෑස් සපයන ආයතනයක් මගින් ලබා ගෙන පෙරේදා (06) ශ්‍රී ලංකාවේ පුන්‍ය ආයතනයක ගිනුමකට ලන්ඩනයේ ස්ටැන්ඩර්ඩ් චාර්ට්ඩ් බැංකුවේ ගිනුමකින් ලංකා බැංකුවේ ජාත්‍යන්තර ශාඛාවේ ගිනුමක් හරහා මාරු කරගෙන ගෙන ඇත්තේ ඉතා රහසිගතවය.

ශ්‍රි ලංකා රජය උ.කොරියාවට සම්බාධක පනවයි

උතුරු කොරියාව මත සම්බාධක පැනවීමට ශ්‍රී ලංකා රජය රෙගුලාසි නිකුත් කර ඇතැයි වාර්තා වේ.

රජය මෙම පියවර ගෙන ඇත්තේ න්‍යෂ්ටික ,රසායනික සහ ජෛව අවි ප්‍රගුණනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවකට අනුවය.

ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරමින් උතුරු කොරියාව කරනු ලබන න්‍යෂ්ටික අවි හා න්‍යෂ්ටික වැඩසටහන් අත්හරින තුරු සහ බැලිස්ටික් මිසයිල හා න්‍යෂ්ටික මිසයිල වැඩසටහන්වලට සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් අත්හිටුවන තුරු උතුරු කොරියාව සම්බන්ධයෙන් සම්බාධක පනවන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවලට දැනුම් දී තිබේ.ඒ අනුව එහි සාමාජිකයකු වන ශ්‍රී ලංකාව මෙම පියවර ගෙන තිබේ.

ජාතික රූපවාහිනීයේ වැඩසටහනක් වංචනිකව ඉස්සූ තට්ටයා කවුද?

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ පර්යේෂණ තනතුරට අමතරව තොරතුරු නිලධාරී වශයෙන්ද රාජකාරී කල TMG චන්ද්‍රසේකර නැමති අයෙක් ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ විෂය බාර අමාත්‍ය මංගල සමරවීරට එරෙහිව මඩ පුවත් සහ අසත්‍ය තොරතුරු සපයන බවට 'ජාතික රූපවාහිනී සංස්ථාවේ සැබෑ යහපාලන සේවක පිරිස' නම් සංවිධානයක් චෝදනා කරයි.