BREAKING NEWS
latest

728x90

468x60

Saturday, October 21, 2017

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මන්ත්‍රී ප්‍රසන්න සංජීව අත්අඩංගුවට


බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව මහතා අළුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ දර්ගා නගරයේ රජයේ රෝහලේ වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

ඇමතිට දුක කියන්න ආ පොලිස් සාජන්ට පොලිස්පති පැනල අරන් දුන්න විසදුම නිසා වැඩේ අංඥ කොරොස්

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකට තම ඉතා මානුෂීය දුක්ගැනවිල්ලක් පවසා විසඳුමක් ලබා ගන්නා බලාපොරොත්තුවෙන් පැමිණි පොලිස් සැරයන්වරයකුට පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ලබා දුන් අපූරු විසඳුමක් පිළිබඳ පුවතක් වාර්තා වේ.  



මෙම පොලිස් සැරයන්වරයා වසර 30ක දීර්ඝ සේවා ඉතිහාසයක් ඇත්තෙකි. ඔහු දිවයිනේ දුෂ්කර ප්‍රදේශ රැසක සේවයෙහි නියුතුව සිටි අයෙකි. මෑතකදී ඔහුගේ බිරිඳ පිළිකා රෝගයට ගොදුරු වී ඇත. එහෙයින් ඇයට සාත්තු සප්පායම් කරන අතරතුර ම රාජකාරියට ද යෑම සඳහා ඔහුට තම නිවසට ආසන්න පොලිස් ස්ථානයක් වෙත මාරුවීමක් ලබා ගැනීමට අවශ්‍ය විය. ඔහු ඒ සඳහා පොලිස් මූලස්ථානයට කිහිපවිටක් ම ගිය නමුත් එහි සිටි ඉහළ නිලධාරීන් ඔහුගේ දුක්ගැනවිල්ල හුදෙක් අසා සිටියා විනා කිසිදු සහනයක් ලබා දුන්නේ නැත. අවසානයේ ඔහු තීරණය කළේ විෂය භාර අමාත්‍ය සාගල රත්නායක හමුවී තම දුක්ගැනවිල්ල පවසා මාරුවීමක් ලබා ගැනීමටය. 

ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කර ආර්ථිකය ශක්තිමත් කරනවා - අගමැති

පසුගිය අවුරුදු දෙක හමාරක කාලයක් තුළ ආදායම් මාර්ග ලක්ෂ 4ක් ඇති කරන්නට අපිට හැකියාව ලැබී තිබෙනවා. ඊළඟ අවුරුදු දෙක, දෙකහමාර තුළ දී මේ වගේම තවත් විදේශ ආයෝජන ලබා ගන්නත්, දේශීය ආයෝජකයින් දියුණු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ හරහා ශ්‍රී ලංකාව මෙහි කේන්ද්‍රස්ථානය බවට පත් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ අරමුණ ඇතිව එළැඹෙන වසර දෙක හමාරක කාලය තුළ දේශීය ආයෝජකයින් දියුණු කිරීමත් විදේශ ආයෝජන ගෙන්වා ගැනීමත් මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කෙළේය.

සිදූගේ ඩ්‍රෝනය බැඳුම්කර නිවසට කඩා වැටී රවීගේ බිරිද ෆයර්වෙලා

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවේ මුදල්වලින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මිලදී ගත්බව පැවසෙන මොනාක්‌ රෙසිඩන්සීස්‌ හි පිහිටි සුපිරි මහල් නිවාසයට ඊයේ (20) ඩ්‍රෝන් යානාවක් කඩා වැටී තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් කරුණානායක මහතාගේ බිරිය පොලිසියට ගොස් පැමිණිලි කර ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මහින්දගේ නිවසේ සිට කරුණාගෙන් මෛත‍්‍රීට ඇමතුමක්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වූ බවට මාධ්‍ය වාර්තා පළවූ හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ හමු වූ දිනයේම රාත‍්‍රියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර ඇමැතිවරයාගේ නිවසේ සිට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සමග දීර්ඝ දුරකථන සංවාදයක යෙදී තිබේ. 

බත්තරමුල්ලේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයේ සිට මහින්ද අමරවීර ඇමැතිවරයාගේ නිවසට ගොස් ඇති කරුණා අම්මාන් හිටපු ඇමැතිවරයා, තමන්ට ජනාධිපතිවරයාට කතා කිරීමට අවස්ථාවක් සලසා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව මහින්ද අමරවීර ඇමැතිවරයා තම දුරකථනයෙන් ජනාධිපතිවරයාට ඇමතුමක් ගෙන, කරුණා අම්මාන්ට අදාළ අවස්ථාව සලසා දී ඇත.

මහානාම සමරවීර සැමදා ජනතාව සමඟ සිටි අභීත නායකයෙක්

මහානාම සමරවීර මහතා සැමදා ජනතාව සමග සිටි තම හෘද සාක්ෂියට අනුව වැඩකළ අභීත නායකයෙකු බවත් තම රජය මාධ්‍යයට අතතබද්දී තම හෘර්ද සාක්ඛියට අනුව ආණ්ඩුවෙන් ඉවත්වී විරෝධය පෑමට තරම් ශක්තිවන්තයකුවි අනාගතයට ආදර්ශයක් ලබාදුන් බවත් කතානායක කරූ ජයසූරිය මහතා පැවසීය.

මහානාම සමරවීර ජන්ම සියවස් සැමරුම වෙනුවෙන් මාතර නූපේ පරණ ඕලන්ද ගොඩනැගිල්ලේදී පැවති සමරු උත්සවය අමතමින් එලෙස පැවසූ ජයසූරිය මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද කීවේය.

නිවාස ඇමැතිවරයා වශයෙන් මහානාම සමරවීර මහතා ජනතාවගේ නිවාස ප්‍රශ්නයට විසදුම් දෙන්න කැපවීමෙන් ක්‍රියාකළා. ජනතාව වෙනුවෙන් වැඩකළ නිවාසයක් නැති නිවාස ඇමැතිවරයා ලෙස තමා ගැන හිතනවා වෙනුවට ජනතාව වෙනුවෙන් තම දේශපාලන ශක්තිය මෙන්ම උගත් දේද උපරිමයෙන් කැපකළා.

Friday, October 20, 2017

දූෂණ යෝජනාව ගෙනා ජවිපෙ මන්ත්‍රීත් විවාදය අවසන් වනතුරු නොසිට පැන ගිහින්

මධ්‍යම අධිවේගී මාර්ගයේ මහා පරිමාණ දූෂණ වංචා මුදල් අක්‍රමිකතා ඇති බව පවසමින් දිනක පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජවිපෙ කණ්ඩායම බවට අනාවරනය වෙයි..

බෙලිඅත්ත භාර ගැනීමට මහින්ද ගෙන් කොන්දේසියක්.

ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මැති ඇමැතිවරුන් සියලු දෙනා ප්‍රථමයෙන් යහපාලන ආණ්‌ඩුවෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්‌ෂයත් සමඟ එකට එක්‌වෙනවා නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා බෙලිඅත්ත නොව ඕනෑම ආසනයක්‌ භාරගැනීමට සූදානම් යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඉදිරි වසර දෙක තුළ කෝටි ලක්ෂ 3ක ණය ගෙවන්න සිදු වෙලා

ඉදිරි වසර දෙක ඇතුළතදී රජයට රුපියල් කෝටි ලක්ෂ 3ක ණය මුදලක් ගෙවීමට සිදුව තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.මෙම ණය මුදල් ගෙවන ආකාරය පිළිබඳව මුදල් අමාත්‍යවරයා ලබන 9 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අය - වැය ලේඛනය මඟින් විස්තර කිරීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරයා පවසයි.

රාජිතට එරෙහි විශ්වාසභංගයට කොන්දේසියක්‌

සයිටම් සම්බන්ධව අධිකරණය හමුවේ පවතින කරුණු සඳහන් නොකරන්නේ නම් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාද කිරීමට අවසර දිය හැකි බව කථානායක කරු ජයසූරිය මහතා ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කර ඇත.

ජේආර්ගේ මුණුබුරා ශ්‍රීලනිපයෙන් පුංචි ඡන්දයට

ඉදිරි පළාත් පාළන මැතිවරණය සදහා තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ කොළඹ නගර සභාවට තරඟ කරන බව හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන මහතා පැවසීය.

කොළඹදී අද(19) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

රත්තරන් පැළඳගෙන උතුරෙන් දකුණට යන්න පුළුවන් යුගයක් යලිත්

රූමත් කාන්තාවකට ස්වර්ණාභරණ පැළඳ දකුණේ සිට උතුරට නිරුප්‍රද්‍රිතව ගමන් කළ හැකි රටක් නැවත උදා කරන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය. 

නීතිය හා සාමය ශක්තිමත් ලෙස ස්ථාපිත කිරීමෙන් මෙය සිදු කළ හැකි බවත්, මේ ක්‍රියාවලිය ආරම්භ කළ යුත්තේ පාතාල සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහමුලින්ම මර්දනය කිරීමෙන් බවත් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඔහු මේ බව පැවසුවේ පසුගියදා කොළඹ රමාඩා හෝටලයේ පැවති වාණිජ සමුළුවක් අමතමිනි. 

Thursday, October 19, 2017

ජනපතිගෙන් 2020 ඉලක්ක කරගත් ඓතිහාසික වැඩක්

දරිද්‍රතාව ගෝලීය ගැටලුවකි. දරිද්‍රතාව තුරන් කිරීම මේ දශකයේ සපුරාගත යුතු වැදගත් ම ඉලක්කය ලෙස හඳුනා ගැනීමට ලොව පුරා බොහෝ රටවල් එකට එක්වී සිටිති. දරිද්‍රතාව තුරන් කිරීම 2015 ප්‍රකාශයට පත් කෙරුණු තිරසාර සංවර්ධන ඉලක්ක 17න් පළමුවැන්නය. මෙම ගෝලීය අභිමථාර්ථය තුළ අපේ ප්‍රජාවන් සඳහා විශාල වශයෙන් ව්‍යවසායකත්වයන් නිර්මාණය කරමින් තිරසාර ලෙස දරිද්‍රතාව තුරන් කිරීමට ශ්‍රී ලංකාව තමන්ගේ ම මෙහෙවර ආරම්භ කොට ඇත.

ශ්‍රී ලංකාව තුළ ජීවත්වන ජනතාව අතරින් 6.9 % ක් පූර්ණ දුගීභාවයෙන් පෙළෙන බව තහවුරු වී තිබේ. එම ප්‍රතිශතය හඳුනාගැනීම පදනම් වන්නේ ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 1.25 ක් දෛනිකව ආදායම ලබන්නන් පිළිබඳව විමසා බැලූ කලය. එසේම ඇමරිකානු ඩොලර් 2.5 ක දෛනික ආදායම ලබන ජන ප්‍රතිශතය 33% බව වාර්තා වෙති. ඇමරිකානු ඩොලර් 04 ක දෛනික ආදායමක් ලබන ජන ප්‍රතිශතය 52% බව වාර්තාවන්නේය.

බැඳුම්කර කොමිසමේ වාර්තාව අධිකරණයට ගෙන යනවා – ඇමැති මහින්ද අමරවීර

බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත් කළ කොමිසමේ වාර්තාව අධිකරණයට රැගෙන යන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ‍ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

සෝමවංශ අමරසිංහගේ පක්‍ෂය පොහොට්ටුව සමග සන්ධාගත වේ

සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් බිහි වූ ජනතා සේවක පක්ෂය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සංධාන ගතවීමට කැමැත්ත පල කර ඇත.

ගුවන් තොටේදී ගෝටා රදවා ගනී - පොලීසියෙන් ප‍්‍රශ්න කරයි

ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා කටුනායක ගුවන්තොටුපලේදී පැය කිහිපයක් තිස්සේ පොලීසිය විසින් ප‍්‍රශ්ණ කිරීමට ලක් කර තිබේ.

විදෙස්ගතව සිටි හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අද පෙරවරුවේ යලි මෙරටට පැමිණි අවස්ථාවේ පොලීසිය විසින් රදවාගෙන මෙසේ පැය තුනකට ආසන්න කාලයක් ප‍්‍රශ්න කිරීමට ලක් කර ඇත.

අඹ ගෙඩි තුනකට හිරේ ගිය මව දැක ජනපති DIGට දෙහි කපයි. පොලිස් ස්ථානධිපතිටත් දඩුවමක්

පසුගිය 09 වැනිදා උදෑසන අසල්වැසි නිවසක අඹ ගසක පාරට නැමී තිබුණු අඹ වල්ලක ගෙඩි තුනක් මා කඩා ගැනීම සදහා පැමිණි මවක් එම ගෙදර නිවැසියන්ගේ පැමිණිල්ලක් අනුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරනු ලැබුවා.

දේශපාලනය ගැන කලකිරුනු හිරුණිකාට අගමැතිගෙන් සුපිරි තෑග්ගක්

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක තනතුරකට අද (18) පත්කරනු ලැබුවා. ඒ,රත්මලාන ආසන සංවිධායකවරිය ලෙසයි.

Wednesday, October 18, 2017

මා ගැන බොරු ප්‍රකාශ කළ රන්ජන් ඇතුළු පිරිසට අපහාස නඩු දමනවා - ශෂී වීරවංශ

තමා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකළ නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ඇතුළු කීපදෙනකුට එරෙහිව ඉදිරියේදී අපහාස නඩු පවරන බව ශෂී වීරවංශ මහත්මිය ඊයේ (17 දා) පැවසුවාය.

ඇය මෙසේ පැවසුවේ කොළඹ පුස්‌තකාල සේවා මණ්‌ඩලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසේ සිටියදී 2016 ඔක්‌තෝබර් 25 වැනිදා අභිරහස්‌ ලෙස මියගිය 28 හැවිරිදි ලහිරු ජනිත් නමැති තරුණයාගේ මරණය ස්‌වාභාවිකව හෘදයේ ඇති වූ රෝගී තත්ත්වයක්‌ මත සිදුවුවක්‌ බවත් එය මිනීමැරුමක්‌ නොවන බවට කඩුවෙල මහෙස්‌ත්‍රාත් ප්‍රසන්න අල්විස්‌ මහතා පසුගියදා තීන්දුවක්‌ ලබාදුන් බවත් සත්‍ය ගවේෂණ සංගමයේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා එහිදී පැවසීය.

අපචාර සහ නීති විරෝධී දේ වළක්වන අවස්ථාවේ ජනතාව තම යුතුකම් ඉටු කළ යුතුයි

සමාජය තුළ සිදුවන දුරාචාරයන්, අපචාරයන් සහ නීති විරෝධී දේ වැළැක්වීමට රජය කටයුතු කරමින් සිටින අවස්ථාවක ඒ සඳහා ජනතාවද තම යුතුකම් ඉටුකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා එසේ පැවසූවේ කොළඹ රාජකීය විද්‍යාලයේ 165වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිණි. මෙම උත්සවය පෙරේදා(16) විදුහලේ නව රඟහලේදී පැවැති අතර විදුහල වෙත පැමිණි ජනාධිපතිවරයාව ශිෂ්‍යයන් සහ ආචාර්ය මණ්ඩලය විසින් ඉතා උණුසුම් අන්දමින් පිළිගන්නා ලදී. ශිෂ්‍යයන් කණ්ඩායමක් විසින් ජනාධිපතිවරයා වෙනුවෙන් පිළිගැනීමේ ගීතයක් ගායනා කරන ලදී. මහා සංඝරත්නය, අන්‍ය ආගමික පූජකවරුන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම්, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකිම්, ෆයිසර් මුස්තාපා,රංජිත් සියඹලාපිටිය ඇමැතිවරුන්,පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා, රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ. මෙහිදී විවිධ අංශයන්ගෙන් දක්ෂතා දැක්වූ ශිෂ්‍යයන්, විද්‍යාලයේ ගුරුවරුන් ජනාධිපතිවරයාගෙන්, අග්‍රාමාත්‍යවරයාගෙන් මැති ඇමැතිවරුන්ගෙන් සහතික පත් ලබාගන්නා ලදී.

කෝටි 300ක හාල් ගැහිල්ලක් - පරණ රහසක් අැමැතිෙගන් එළියට

වසර 2014 දී සිදු වුනු රුපියල් කෝටි 300 ක සහල් වංචාවක් පිළිබදව කෝප් කමිටුවට වාර්තාවක් ඉදිරිපත් වී ඇත.

මෙයට අදාළ විමර්ශන කටයුතුආණ්ඩුව කඩිනමින් අරඹනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

අධිකරණ නියෝග කැඩුවොත් කාටත් නීතිය එකයි

අධිකරණ නියෝග කඩකරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

ශ්‍රී ලංකාව ඊ ගනු-දෙනු හරහා සිව්වැනි කාර්මික විප්ලවයට ඇතුළත් විය යුතුයි


ඩිජිටල් වේදිකාව මත ගොඩනැ‍ඟෙන රාජ්‍යයක් නිර්මාණය කළ යුතුයි
- ඇමැති චම්පික රණවක

ගෙදර සිට රැකියා කළ හැකි ක්‍රමයක් ඉදිරියේදී ඇති වෙනවා
- ඇමැති දයා ගමගේ

සංකල්පීය වශයෙන් හොඳයි යථාර්ථයක් කරන්න පහසුකම් දෙන්න
- සුනිල් හඳුන්නෙත්ති

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ඔසවා තැබීමට ඊ ආර්ථිකයක් හරහා සැලසුම් සම්පාදනය කිරීමට කටයුතු කරන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) ප්‍රකාශ කළේය.

කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (17) රැස්විය. නිවේදන, ලිපි ලේඛන හා මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සභා‍වේ කටයුතු ආරම්භ විය. ඉලෙක්ට්‍රොනික ගනුදෙනු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම ආරම්භ කෙරිණි.

Tuesday, October 17, 2017

බැදුම්කර චිත‍්‍රපටය ත‍්‍රාසජනක වෙයි - රවි කරුණානායකට දුන් සුපිරි නිවසේ හිමිකාරිය රටින් පලා යයි

රවි කරුණානායක හිටපු මුදල් ඇමතිවරයාට කොළඹ සුපිරි නිවාසයක් කුලියට ලබා දුන් එම නිවසේ හිමිකාරි වන අනිකා විජේසුරිය රට හැර ගොස් ඇතැයි අද දිනයේ බැදුම්කර කොමිසම හමුවේ හෙලි විය.

එහිදී හෙලි වූයේ හිටපු ඇමතිවරයෙකුගේ සමීපතම පුද්ගලයෙකු විසින් අදාල සාක්‍ෂිකාරියට එරෙහිව මරණීය තර්ජනය එල්ල කර ඇති බවයි.

මුතුරාජ වෙල සිට කටුනායක දක්වා ගුවන් යානා ඉන්ධන නළයක්.

මුතුරාජවෙල සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා ගුවන් යානා ඉන්ධන ^Jet A - 01) ගෙනයාම සඳහා jQ ඉන්ධන නළය එළීමේ ව්‍යාපෘතිය ඉදිරි මාස කිහිපයේදී කඩිනම් කිරීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. “මීට පෙර මේ ඉන්ධන නළය එළීමට නියමිතව තිබුණේ හැමිල්ටන් ඇලට සමගාමීව නුගෙපේ බෝපිටිය හරහා පමුණුගමටත් එතැනින් මීගමුව කොළඹ මාර්ගයට සමාන්තරව කටුනායක දක්වායි. කෙසේනමුත් එය ඉතා දුෂ්කර ව්‍යාපෘතියක් බව පෙනී ගියා. විශේෂයෙන්ම නළ මාර්ගය මාර්ග හරහා වැටීම නිසා එය එළීමේ කටයුතු පහසු වන්නේ නැහැ. ඒනිසා මෙම නළ මාර්ගය එළීමේදී වඩාත් පහසු මාර්ගයක් යොදා ගැනීමට අපේ අවධානය යොමු වුණා. ඒ අනුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට සමාන්තරව මෙම නළ මාර්ගය එළීම සඳහා වූ හැකියාව සොයා  බැලීමට ශක්‍යතා අධ්‍යයනක් සිදු කළා. එහි ප්‍රතිඵල සතුටුදායකයි. අධිවේගී මාර්ගයට සමාන්තරව ගුවන් යානා ඉන්ධන නළය එළීමට මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය එකඟ වී තිබෙනවා. සාමාන්‍ය යෙන් ලෝකයේ ඕනෑම අධිවේගී මාර්ගයක තියෙනවා සේවා ඒකකයක්. ඒ කියන්නේ සර්විස් කොරිඩෝවක්. හැබැයි අපි ඒවා ගැන හිතලා නැතිව තමයි මේවා හදලා තියෙන්නේ. නමුත් තාම අපිට ඉඩ තියෙනවා එවැන්නක් ඇති කරන්න....” යයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. එතුමා මේ බව කියා සිටියේ ආමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන මාසික රැස්වීමට සහභාගි වෙමිනි.

කැප්ටන් තිස්ස තවදුරටත් රිමාන්ඩ්

මඟ නැගුමේ යන්ත්‍රොපකරණ සමාගමේ මුල්‍ය වංචාවක් සිදු කිරිමේ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරු හා පුත්තලම ප්‍රාදේශිය සභාවේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රි එම්.ලාල් ප්‍රියන්ත පිරිස් මහතා තවදුරටත් මේ මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චානිමා විජේබන්ඩාර මහත්මිය ඊයේ (16) නියම කළාය.

ව්‍යවස්‌ථා සංශෝධනයේ අරමුණ රට ෆෙඩරල් කිරීමයි - මහින්ද රාජපක්‍ෂගෙන් නිවේදනයක්‌

යහපාලන ආණ්‌ඩුව ව්‍යවස්‌ථා සංශෝධනය මගින් බලාපොරොත්තු වන්නේ බුදුදහමට හෝ ජාතික ගීයට අදාළ නීතිමය ප්‍රතිපාදන වෙනස්‌ කිරීම නොව ඒකීය පදනමේ සිට ෆෙඩරල් පදනම දක්‌වා වෙනස්‌ කිරීම පමණක්‌ යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

එම නිවේදනය මෙසේය.

එක්සත් ජාතීන් සහ අන් ආයතන සමඟ අඛණ්ඩව කටයුතු කරනවා - මංගල

2030 වන විට 'තිරසාර සංවර්ධන අරමුණු හා ඉලක්ක' වෙත ළඟා වීම සඳහා රජයේ ප්‍රතිපත්ති උපාය මාර්ගය සමඟ එක්සත් ජාතීන් හා අනෙකුත් ආයතන සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩව කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වොෂින්ටනයේ පැවැති ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික හමුවේ දී ප්‍රකාශ කළේය.

"මේ නපුංසක රජයේ නිලධාරීන් එක්ක මොකුත් කරන්න බෑ" කියල මම කිවුවු - ඥානසාර හිමි

'මේ නපුංසක රජයේ නිලධාරීන් එක්ක මොකුත් කරන්න බෑ. මේක සුද්දාගේ නීතිය මේක අපි පිළිපදින්නේ නෑ' යැයි මා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශ කළ බව මා පිළිගන්නවා. ඒ අවස්ථාවේදී හැඟීම්බර වීම සමඟ එසේ ප්‍රකාශ කළා' යැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (16) අභියාචනාධිකරණයේදී ප්‍රකාශ කළහ.

ජුලම්පිටියේ අමරෙගෙන් නාමල්ට බන්ධනාගාරයේදී සරමක්

හම්බන්තොට පැවැති විරෝධතාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එම බන්ධනාගාරයේස සිරගත කර ඇති ජුලම්පිටියේ අමරේ නම් පුද්ගලයාගෙන් සරමක් ලැබී තිබේ.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සෑම අඟහරුවාදාවකම අද පුවත්පතට ලියන කුරහන් සුවඳ තීරු ලිපියේ මේ බව දක්වෙයි.

Monday, October 16, 2017

තෝ දැනගනිං නාකියා තොට මං කරන දේ - නාමල් සුමනදාසට සුද්ද සිංහලෙන් අමතයි

රාජපක්ෂ පවුලේ හිටපු රාජකීය දෛවඥයා වූ සුමනදාස අබේගුණවර්ධන පසුගිය දාක ජාතික පුවත්පත් කිහිපයකට සහ ජාත්‍යන්තර මාධ්‍යයකට අදහස් දක්වමින් අනාවැකි පළකර තිබුණේ රාජපක්ෂ පවුලෙන් ඊළඟ දේශපාලනික චරිතය ලෙස ඉදිරියට එනු ඇත්තේ මෙතෙක් දේශපාලනයෙහි නිතර නොවූ පුද්ගලයකු බවත් ඔහු දැනටත් යම් යම් අත්හදා බැලීම් කරමින් සිටින බවත් වශයෙනි. මෙය දුටු නාමල් රාජපක්ෂට නනුතයට ම කේන්ති ගොස් තිබේ.

පොලිස්පතිට එරෙහිව මංගල පොලිස් කොමිසමට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව පොලිස් කොමිසම වෙත පැමිණිලි කිරීමට මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා තීරණය කර තිබේ.

ඒ, පසුගිය සිකුරාදා (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් 450කට වැඩි පිරිසක් හමුවේ පොලිස්පතිවරයා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

තමා පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරු සමරකෝන් බණ්ඩාට තර්ජනය කොට පහර දෙන වීඩියෝව ජනමාධ්‍ය වෙත ලබාදී ඇත්තේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා බව, පොලිස්පති පූජිත් ජයසුන්දර පසුගිය සිකුරාදා (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් හමුවේ ප්‍රකාශ කොට තිබිණ.

මහ නාහිමිවරුන්ගේ ලිපියට ආණ්ඩුවෙන් පිළිතුරක්

සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ඕනෑම පාර්ශ්වයක් සමග ඕනෑම මොහොතක සාකච්ඡා කිරීමට සූදානම් බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මේ වනවිට සයිටම් ගැටලුව අධිකරණ ක්‍රියාමාර්ගයක් දක්වා ගොස් ඇති බැවින් අවසන් තීරණය ඇත්තේ අධිකරණය සතුව බව ඔහු කියාසිටියේ ය.

G24 සභාපතිත්වය ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය කටයුතු හා සංවර්ධනය පිළිබඳ රටවල් 24 කණ්ඩායමේ (ජී 24) සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

ලබන වසර සදහා මෙම සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිවුයේ වසර 18 කට පසුව වීම විශේෂත්වයකි.

විග්නේෂ්වරන්ට එරෙහිව ශ්‍රීපවන්?

දෙමළ ජාතික සන්ධානය හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අතර පවත්නා අභ්‍යන්තර දේශපාලන අර්බුදය උග්‍රවීමෙන් පසු ඉදිරි උතුරු පළාත් සභා මැතිවරණයේ මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි හිටපු අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතාට දෙමළ ජාතික සන්ධානය ආරාධනා කර ඇත.

හේමකුමාර නානායක්කාර ආණ්ඩුකාරකමෙන් දොට්ට

දකුණු පලාත් ආණ්ඩුකාර හේමතුමාර නානායක්කාර මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා රජයේ ඉහල පෙලේ දේශපාලඥයන් පිරිසක් අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

අගමැතිත් බැඳුම්කර කොමිසමට

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසම ඉදිරියේ කරුණු විමසන අවස්ථාවන්හිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ සඳහන් වූ හෙයින්, කොමිසමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටි බව අග්‍රමාත්‍ය කාර්යාලය පවසයි.