BREAKING NEWS
latest

728x90

468x60

Saturday, October 28, 2017

චම්පිකට තිත්ත වේ.. ඇමැතිකමෙන් ඉල්ලා අස්වී ස්වාධීන වෙන්න යයි

මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට වෙන් කරන බව පැවැසූ ප‍්‍රතිපාදන කිසිවක් නියමිත පරිදි ලැබී නැති නිසා, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ නායකයන් සමඟ සාකච්ඡා කොට විසදුමක් ලබා ගත නොහැකි නම් ඇමැති ධුරයෙන් ඉවත් වී ස්වාධීන මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කිරීම පිළිබඳව පාඨලී චම්පික රණවක ඇමැතිවරයා අවධානය යොමු කර තිබේ.

අදාළ අමාත්‍යාංශයට හිමි විය යුතු ප‍්‍රතිපාදන නියමිත පරිදි නොලැබීම සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී පාඨලී චම්පික ඇමැතිවරයා විවේචන එල්ල කර තිබූ අතර, එහෙත් ආණ්ඩුවේ නායකයන් ඊට කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත. කොළඹ නගරයේ අපද්‍රව්‍ය බැහැර කිරීම විධිමත් කිරීම සදහා ආරම්භ කළ ව්‍යාපෘතියට නිසි පරිදි මුදල් ලබා නොදීම, කොළඹ නගරයට ජලය සැපයීමේ ක‍්‍රියාවලිය විධිමත් කිරීමේ සැලසුමට අනුමැතිය ලබා නොදීම වැනි කරුණු රාශියක් නිසා මෙසේ පාඨලී චම්පික ඇමැතිවරයා බරපතළ ලෙස කළකිරීමට පත්ව සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

බදියුදීන් එදත් හොරා අදත් හොරා.. එදත් කැලෑ කැපුවා අදත් කපනවා. - රංගෙ බණ්ඩාර

දා හොර වැඩ කල එකා යහපාලනය තුල සිටිමින් අදද හොරකම් කරන බව රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.

ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා - උපන් දිනයදා හරීන් කියයි.

තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නට සූදානම් බව හරීන් ප‍්‍රනාන්දු විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා පවසයි.

උමා ඔය ව්‍යාපෘතිය නිසා පීඩාවට පත්ව සිටින අසරණ වූ ජනතාව වෙනුවෙන් තමන්ගේ තනතුරු අතහැර හෝ කටයුතු කිරීමට සූදානම් යයිද ඔහු පවසයි.

සයිටම් ස්ලිට් යටතට.

සයිටම් පිළිබඳව අවසන් තීන්දුව ලෙස සයිටම් ආයතනය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගෙන් ඉවත් කොට ස්ලිට් ආයතනයට හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනයකට බහුතර හිමිකාරිත්වය ලැබෙන පරිදි පොදු සමාගමක් බවට පත් කරනු ඇතැයි ආරංචි මාර්ග කියයි.

සයිටම් සම්බන්ධයෙන් පසුගිය 23 වැනිදා ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ද ඒ පිළිබඳ එකඟතාවක් ඇතිව තිබේ.

වෛද්‍ය - නෙවිල් ප්‍රනාන්දු ද සයිටම් ආයතන වෙනත් හිමිකාරීත්වයකට පැවරීමට එකඟතාව පළ කර ඇත.

සාගල, ගංඟා ඉවුරුවලට බසී

ගංවතුර තත්ත්වයෙන් හානියට පත් වූ ගංඟාවල ඉවුරු ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

නිදහස් වෙළෙඳ ගිවිසුම්වලින් ඉන්දියානුවන්ට වීසා සහන නැහැ - මලික් සමරවික්‍රම

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම්වලින්, ඉන්දියානු වෘත්තිකයින්ට හෝ කම්කරුවන්ට ශ්‍රී ලංකාව තුළ රැකියා කිරීම සඳහා වීසා සහන ලබා නොදෙන බව සංවර්ධන උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

බුඩාපෙස්ට් නුවර ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද ලෝක අපනයන සංවර්ධන සංසදය 2017 අතරවාරයේ දී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ බව The Hindu Business Line වාර්තා කර තිබේ.

Friday, October 27, 2017

රුවන්පුර, මොරටුව සහ වයඹ නව වෛද්‍ය පීඨ තුනක් ලබන වසරේ රජය විසින් ආරම්භ කරනවා - ලක්ෂ්මන් කිරිඇල්ල

රුවන්පුර, මොරටුව සහ වයඹ නව වෛද්‍ය පීඨ තුනක් ලබන වසරේ රජය විසින් ආරම්භ කරන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. ඇමතිවරයා මෙම අදහස් පල කලේ කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනය මග`ින් 05වන වරට සංවිධානය කරන ආයුර්වේද සිද්ධ යුනානි හා පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ තෙදින ජාත්‍යන්තර සමු`එවේ සමාරම්භක අවස්ථාවට අද දින(27) එක් වෙමිනි. රාජගිරිය,දේශීය වෛද්‍ය විද්‍යායතනයේදි අද සිට තෙදිනක් පුරා පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සමු`එවෙහි පළමු දිනය ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළබඳ ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්විම, දෙවන දිනය දේශීය සිද්ධ යුනානි පර්යේෂණ ඉදිරිපත් කිරිම, තෙවන දිනය ආයුර්වේද පශ්චාත් උපාධිධාරින්ගේ පර්යේෂණ එළිදැක්විමද සිදුකිරිමට නියමිත අතර ආයුර්වේද වෛද්‍ය විෂය සම්බන්ධ රැකියා පොළක් ද අවසන් දිනයේදි පැවැත්වේ. 

කටාර් රජුගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක් - ජනපති යළිත් දිවයිනට

කටාර් රාජ්‍යයේ දෙදින සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

කටාර් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඊයේ (26) පස්වරුවේ කටාර් රජ මාළිගාවේදී උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

රජ මාළිගාව වෙත පැමිණි ජනාධිපතිතුමා කටාර් රජු වන තමීන් බින් අහමඩ් අල් තානි එමීර්වරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

හමුදා උත්තමාචාර පිරිනමින් ඉතා අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු විය.
නායකයින් අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

ශානි මං මිනී මරුවෙක්, මං එළියට ගියදාට උඹලට කරන දේ බලාගනිල්ලා

මොහොමඩ් සියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට යද්දී ඔහු කළ තර්ජනය නිසා තමාගේ සහ තම අඹුදරුවන්ගේ ජීවිත බිළිබඳ බියක් ඇති වූ බව රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ පැවසීය.

‘‘සර්, අත්අඩංගුවට ගන්නවා කියා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට දැනුම් දුන් අවස්ථාවේදී අරෝවක ස්වරයෙන් කතා කළ ඔහු ‘ශානී, මං මිනී මරුවෙක්. මං හැමදාම ඇතුලේ ඉන්නේ නැහැ. මං එළියට ආවාම කරන දේ බලාගනින් යනුවෙන් කී අවස්ථාවේදී මා සහ මගේ අඹු දරුවන්ගේ ජීවීත පිළිබඳ බියක් ඇති වුණා‘‘ යැයි ශානි අබේසේකර මහතා කීවේය.

Thursday, October 26, 2017

ගෝඨාගේ එවුන් අපිව කෑවා' - මහින්ද - බැසිල් සහ ‍ගෝඨා අතර ගිණිවිජ්ජුම්බරයක් වෙලා

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 'වියත් මග‘ නමැති සංවිධානයේ ප්‍රධානියකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් කල 'මිනීමරු කතාව' ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලවත් විවේචනයට ලක්ව තිබේ.

සිය අනන්‍යතාවය හෙලිනොකරන්නැයි ඉල්ලමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානියකු පැවසුයේ, තම පක්ෂය බැසිල් රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් යුතුව ශ්‍රී ලාංකීය උගත් බුද්ධිමත් පරපුර ඉලක්ක කර ගනිමින් ගෙන ගිය අති සාර්ථක ප්‍රචාරක මෙහෙයුමට කමල් ගුණරත්න මහතාගේ ප්‍රකාශයෙන් බරපතල හානියක් සිදුවූ බවයි.

කබීර් - ෆයිසර් ඇමති මණ්ඩලේදී ගැටෙයි

පළාත් පාලන මැතිවණය දිනෙන් දින කල් යන්නේ ඇමති ෆයිසර් මුස්තාපා විසින් විවිධ පනත් ගෙන එන බව කියමින් ඡන්දය කල් දැමීම නිසා බව ඇමති කබීර් හෂීම් මහතා කැබිනට් මණ්ඩලයේදී ඔහුට චෝදනා කර ඇත.

රන්දීර්ට විනය පරීක්ෂයක් තියන්න අගමැතිගෙන් නියෝගයක්

දිවුලපිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගෝ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂිම් වෙත එම නියෝගය ලබා දී ඇති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

රජයේ වාහන 40ක් අවභාවිත කරමින් රජයට කෝටි 09ක් පාඩුකල විමල්ගේ ඉරණම ලියන්න මහේස්ත්‍රාත් ලිපිගොනුව නිතිපතිට

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිත කරමින් ජාතික නිදහස් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ විසින් රජයට රුපියල් කෝටි 09කට වැඩි පාඩුවක් සිදු කළැයි කියන සිද්ධියේ නඩු ගොනුව ඉදිරි පියවර සඳහා නිතිපතිවරයාට යොමු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

මෙම සිද්ධියේ ඇප මත සිටින ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ජාතික ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සමන්ත ලොකුහැන්නදිගේ යන දෙදෙනා ඊයේ අධිකරණයේ පෙනි සිටියහ.

Wednesday, October 25, 2017

පාර්ලිමේන්තුවට බෝම්බ ගහන කතාවෙන් විමල්ගේ පක්ෂයේ ඇතුලේ අවුල එළියට පැන දෙකඩ වෙයි

පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කිරීමට අවශ්‍ය බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්බන්ධව ලබන 30 වැනිදා පාර්ලිමේන්තුව රැස්‌ වූ විගසම සභාවේ අවධානය යොමුකර සුදුසු පියවර ගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (24 දා) ප්‍රකාශ කළේය.


“මට පුදුමයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්‌ම මේ වගේ ප්‍රකාශයක්‌ කිරීම ගැන විමල් වීරවංශ මහතා පසුගියදා කර ඇති මේ ප්‍රකාශය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත්, මහජන නියෝජිතයන්ගේත් ජීවිත ආරක්‍ෂාව පිළිබඳ බරපතළ තර්ජනයක්‌ එල්ල කර තිබෙනවා. මේ ගැන බොහෝ පිරිසක්‌ බියට පත්වෙලා. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් මට කතා කරලා මේ ගැන විමසනවා. ගරුතර ස්‌වාමීන්වහන්සේලා පවා මගෙන් විමසීම් කරනවා. මේ ප්‍රකාශය පිළිබඳ දැඩිව සැලකිලිමත් වෙන්ට කියලා ආණ්‌ඩුවේ වගේම විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්, තවත් විවිධ පාර්ශ්වයන් දිගින් දිගටම මගෙන් ඉල්ලීම් කරනවා.

නන්දිකඩාල් වීරයාට මංගලගෙන් ක‍ණේ පහරක්


පසුගිය දා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති “වියත්මග” නම් වූ උත්සව සභාවක දී හිටපු හමුදා නිලධාරියකු පවසා ඇත්තේ අලුත් ව්‍යවස්ථාවට සහයෝගය දක්වන සියලු දෙනා මරා දැමිය යුතු බවය. 88 - 89 භීෂණ යුගය යළි සිහිගන්වමින් ඔහු වැඩිදුරටත් `දේශද්‍රෝහීන්ට මරණය` යන ලේබලය ගසා එය කළ යුතු බවත්, එසේ මරා දමනවුන්ගේ දේහයන් දණහිසෙන් ඉහළට නොගත යුතු බවත්, ගෞරව නොදැක්විය යුතු බවත් පවසා ඇත.

එවැනි අතිශය බියකරු ප්‍රකාශයක් සිදුකර ඇත්තේ, මේ රටේ හැටතුන් ලක්ෂයක ජනතාවක් විසින් ශ්‍රී ලංකාවේ ස්ථාවර සාමය, සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කළයුතු බව 2015 දී ජයග්‍රාහී ලෙසම සහතික කොට තිබියදීය. ජනතාවාදී, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් වශයෙන් අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ සම්මුතිවාදී ආණ්ඩුව ඒ වගකීම ඉටුකිරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටියදී ය.

කමල් ගුණරත්නගේ මිනීමරු කතාවෙන් ඒකාබද්ධයත් අවුලක.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 'වියත් මග‘ නමැති සංවිධානයේ ප්‍රධානියකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් කල බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ ද විරෝධය එල්ල වී ඇත.


නව ව්‍යවස්ථාව විසින් රට බෙදන බවත් ඊට සහාය දක්වන්නන් දේශද්‍රෝහීන් බවත් ඒ දේශද්‍රෝහීන්ට මරණය ලබා දිය යුතු බවටත් කමල් ගුණරත්න මහතා කළ ප්‍රකාශයට ඒකාබද්ධය නියෝජනය කරන සමාජවාදී ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා ප්‍රසිද්ධියේම විරෝධය පළකර ඇතයි පැවසේ.

නව ව්‍යවස්ථාවෙන් රට බෙදන්නේ නෑ - මුද්‍රිත මාධ්‍ය රට ගිනි තියනවා – අගමැති කියයි

නව ව්‍යවස්ථාවෙන් රට ගිනි තබන්නේවත්, බෙදන්නේවත් නැති බවත් නමුත් සමහර මුද්‍රිත මාධ්‍ය ජනතාවට වැරදි චිත‍්‍රයක් මවා ඔවුන් අවුස්සන බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.


අගමැතිවරයා මේ බව පැවසුවේ වව්නියාවේ පැවති ජනපති ජනතා සේවා නිල මෙහෙවර වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි.

මෙවර මංගල කරන්න යන වැඩේ නිසා අයවැයේදී කනපිට හැරවෙයි ද?

මෙවර අයවැය තුලින් විදිමත් ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් හඳුන්වාදීමට මුදල් අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බවත්, එහිදී සමස්ත ශ්‍රී ලාංකීයින් සඳහා වූ සමාජ ආරක්ෂණ වළල්ලක් (social safety net) ක්‍රියාවට නැංවීමට මුලික අවධානය යොමුව ඇති බවත් මුදල් හා මාධ්‍ය අමාත්‍යංශයේ ඉහල නිලධාරියකු පැවසිය.

ඉදිරි අයවැය සම්බන්ධයෙන් කල විමසීමකදී එම නිලධාරියා එබව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව ව්‍යවසායකයින්ගේ පාරාදීසයක් කිරීමට අදාළ දිරිගැන්වීම රජය මෙවර අයවැයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බව පැවසු එම නිලධාරියා, එහිදී රජය ව්‍යවසායකයින් වෙනුවෙන් ඉඩම්, මුල්‍ය අනුග්‍රහය, දැනුමලබාදෙමින් ව්‍යවසායකයින් අඛණ්ඩව රැකබලා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇතැයි ද කියා සිටියේය.

දුප්පත්කමේ අවසන් සටන - ග‍්‍රාම ශක්ති ද?

දුප්පත්කම පිළිබඳ ප්‍රශ්නය ශ්‍රී ලංකාව තුළ නිදහස ලැබූ දා පටන් මේ දක්වාම බරපතළ ලෙස සාකච්ඡාවට බඳුන් වූ මාතෘකාවකි. එදා මෙදාතුර රටේ බලයට පත්වූ සෑම රජයක්ම දිළිඳුකම තුරන් කිරීම තම පාලන තන්ත්‍රයන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය ලෙසින් හඳුනාගෙන තිබුණි. ඒ සඳහා නිදහස ලැබීමට පෙර රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිටම විවිධ ව්‍යාපෘති ක්‍රියාවට නැංවිණ.

අප දන්නා හඳුනන මෑත යුගයේ ජනසවිය, සමෘද්ධි, ගැමිදිරිය හා දිවි නැඟුම වැනි කෙළින්ම දුප්පතුන් ඉලක්ක කරගත් වැඩ සටහන් පසුගිය සමයේ ක්‍රියාත්මක විය. ඒවා කෙළින්ම රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වූ වැඩසටහන් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ වන විට මෙකී ජාතික ව්‍යාපෘති මඟින් ලබා ඇති අත්දැකීම් සම්භාරය ද සුළුපටු නොවේ. මෙම වැඩසටහන්වල විවිධ අඩුපාඩුකම් හා දුර්වලතා තිබිය හැකි නමුත් සමස්තයක් වශයෙන් ගත්කල මේ රටේ දිළිඳුභාවයේ ප්‍රතිශතය 6.5% තරම් අඩු මට්ටමකට ගෙන ඒමට ජනසවිය, සමෘද්ධි, ගැමිදිරිය, දිවිනැඟුම ආදී වැඩසටහන්වල සාර්ථකත්වය හේතු වූ බව පිළිගත යුතුය.

තිරසර සංවර්ධන ඉලක්ක ගැන සිසුන් දැනුවත් කරන්න ක්‍රියාකාරී සැලැස්මක්

තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අධ්‍යාපන අමාත්‍යාංශය හැටන් නැෂනල් බැංකුව එක්ව ක්‍රියාකාරී සැලැස්මක් අධ්‍යාපන අමාත්‍යාංයේදී ඊයේ (24) ආරම්භ විය.

72 වැනි එක්සත් ජාතීන්ගේ දිනය සමරමින් මෙම 'තිරසර සංවර්ධන අරමුණු ක්‍රියාකාරී වැඩපිළිවෙළ' ක්‍රියාත්මක කිරීම සඳහා මෙම හවුල්කාරීත්වය ඇති කර ගනු ලැබිණි.

දරිද්‍රතාව තුරන් කිරීම, පාරිසරික ආරක්ෂාව සහ සමෘද්ධිමත්භාවය සහතික කිරීම සඳහා රටවල් එක්ව 2015දී සකස් කරන ලද නව තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයේ එක් අංශයක් ලෙස තිරසර සංවර්ධන අරමුණු (ගෝලීය අරමුණු) මාලාවක් සම්මත කර ගෙන තිබූ අතර, එම සෑම අරමුණක් යටතේ ම 2030 වසර වන විට සපුරා ගත යුතු විශේෂිත ඉලක්ක පවතී. ඒවා වෙත ළඟා වීමට නම් රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, සිවිල් සමාජය සහ මහජනතාව යන සෑම අංශයක් ම තමන්ගේ වැඩ කොටස සම්පූර්ණ කළ යුතු ය.

මන්ත්‍රී රන්දීර් නිදන් හොරෙක් ද? - කල්ලිය නිධානයක් ගන්න පැමිණි බවට සැකයක්

දිවුලපිටිය – හේන්පිටගෙදර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි හුවමාරුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගූගේ හැඳල නිවසේ තිබී තවත් අවි ආයුධ කිහිපයක් හමුවී තිබේ.


ඔහුගේ නිවසේ තිබී කඩුවක්, කිණිස්සක් සහ පුපුරණද්‍රව්‍ය ග්‍රෑම් 65ක් තිබී හමුවූ බව පොලීසිය සඳහන් කර සිටියි.

පසුගියදා (23) සැකකරුගේ නිවසේ තිබී පිස්තෝල උණ්ඩ 100ක වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

ෂින්ෂෝ අබේගේ ප්‍රතාපවත් නායකත්වයට සුබ පතනවා - අගමැති

තෙවැනි වරටත් ජපානයේ අගමැතිවරයා ලෙස තේරී පත් වූ ෂින්ෂෝ අබේ මහතාගේ අත්දැකීම් සහ ප්‍රතාපවත් නායකත්වය තුළින් ජපාන ජනතාව නිරන්තරයෙන් ඉලක්ක ජය ගැනීමට යොමු කරවන බවට සැකයක් නැතැයි සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

Tuesday, October 24, 2017

හිටපු අගවිනිසුරු මහින්ද ඝාතන කුමන්ත්‍රණයක් පසුපස?

හිටපු නීතිපතිවරයකු සහ හිටපු අගවිනිසුරුවරයකු වන මොහාන් පීරිස්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයා වෙත පැමිණිල්ලක් කිරීමට ලංකාවේ ප්‍රවීණ ම නීතීඥවරුන් පිරිසක් සූදානම් වන බව වාර්තා වේ. මොහාන් පීරිස් විසින් සිය නිල ධුරයන් අවභාවිතා කරමින් සැකකරුවන්ට අයුතු ලාභ ප්‍රයෝජන ලබා දීම පිළිබඳව මෙසේ පැමිණිලි කිරීමට නියමිතය. 

මෙම පැමිණිල්ල සම්බන්ධ මූලික ම කරුණ වන්නේ හිටපු ජනාධිප මහින්ද රාජපක්ෂ ඝාතනය සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ එක්ව කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුව නිදහස් කිරීමේ සිදුවීමයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ එක්ව හිටපු ජනාධිපතිවරයාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන පනතේ 127 වන වගන්තිය යටතේ සැකකරුවන් තිදෙනෙකු විසින් කරන ලද පාපොච්චාරණ නොසලකා හරිමින් සහ රහස් පොලිසිය විසින් සොයාගත් ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කටහඬ රැගත් හඬපට නොසලකා හරිමින් මොහාන් පීරිස් නීතිපතිවරයා ප්‍රමාණවත් සාක්ෂි නැතැයි පවසා ඔහුට එරෙහිව නඩු පැවරීම අත්හරින ලදී. 

ග්‍රාම නිලධාරියෙක් ඇමැති දුමින්දට බැනපු හැටි

“තමුසේ කවුද මට උපදෙස් දෙන්න, තමුසේ කෘෂිකර්ම ඇමතිනේ” යනුවෙන් තමාට ග්‍රාම නිලධාරියකු බැණ වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය. 

අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ය.

කැකිරාව තිබ්බටුවැව ප්‍රදේශයේ සමාජ සේවා අමාත්‍යංශය මගින් ඉදි කළ ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් ගැටලුවක් ඇතැයි උතුරු මැද පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ ඊ.පී.ජී.සී.කේ මඩුගල්ල මහතා එහිදී පැවසීය.

දිවුලපිටිය වෙඩි තැබීමේ සිද්ධියේ UNP මන්ත්‍රී රන්දීර්ගේ බිරිඳත් අත්අඩංගුවට

දිවුලපිටිය, දූනගහ, බල්ලපාන මාර්ගයේ හේන්පිටගෙදර ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි හුවමාරුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගූගේ හැඳල නිවසේ තිබී පිස්තෝල උණ්ඩ 100ක වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබේ.


ඊට අමතරව ඔහුගේ බිරිඳ ද ඊයේ (23) රාත්‍රියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හේන්පිටගෙදර ප්‍රදේශයේ දී ඊයේ දහවල් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කොල්ලකරුවන් පිරිසක් අතර සිදු වූ වෙඩි හුවමාරුවේදී පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලැබී ය.

Monday, October 23, 2017

ග්‍රාම ශක්තියෙන් චතුරිකාට කෝටි 3 ක් දීලාද?

සුගතදාස ක්‍රීඩාංගනයේ 20 වෙනිදා පැවැති 'ග්‍රාම ශක්ති' වැඩ සටහනේ ආරම්භක උත්සවයේ ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් කෝටි 3 ක මුදලක් ජනපති දියණිය චතුරිකා සිරිසේන මහත්මියගේ ‘මීඩියා ෆැක්ටරි‘ නම් ප්‍රචාරක ආයතනයට ලබාදුන් බවට වෙබ් අඩවියක පලවී ඇති වාර්තාව මුළුමනින්ම අසත්‍ය බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ සම්බන්ධිකරණ නිලධාරී නීතිඥ ශ්‍රීරාල් ලක්තිලක මහතා අවධාරණය කර සිටියි.

අනුර යාපා සහ සුසිල් බදුර්දීන්ගෙන් ප්‍රශ්න කරයි

ජීවන වියදම් කමිටුව මගින් ගන්නා තීරණ ජීවන වියදමට සෘජුව බලපෑම් කරන අභ්‍යන්තර වෙළෙද අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක නොකරන බවත්, ඒ සම්බන්ධයෙන් එම අමාත්‍යාංශය භාර ඇමැති රිෂාඞ් බදුර්දීන් වගකිව යුතු බවත් පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමැතිවරුන් පිරිසක් අවධාරණය කර ඇත.

මහින්දගෙන් නිත්‍ය මඩ කොම්පැනිය ජවිපෙට මාට්ටු

විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන ප‍්‍රචාරක කටයුතු කරන පිරිස විසින් විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකයන් ඉලක්ක කරගෙන මඩ අවලාද නැඟීමේ නිත්‍ය ඒකකයක් පිහිටුවා ඇති බව ජවිප හිතවාදී වෙබ්අඩවියක් වන Lankatruth

 පවසයි.

රනිල් සමඟ 20ක් බැඳුම්කර කොමිසමට කැඳවයි

මහ බැංකු බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගය මේ වන විට අවසන් කර තිබුණද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු විසි දෙනකුගෙන් තහවුරු කරගත යුතු කරුණු කොමිසම හමුවේ අනාවරණය වී ඇති බැවින් ඔවුන්ද කැඳවා අවශ්‍ය කරුණු තහවුරු කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කරයි.


මෙම තීරණයට නීතිපති දෙපාර්තමේන්තුව එළැඹ ඇත්තේ කොමිසම විසින් කරන ලද නිර්දේශයන් අනුවය.

Sunday, October 22, 2017

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ගැන දැනුවත් කිරීමට මහේල-සංගා එක්වෙති

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පාසල් ප්‍රජාව දැනුම්වත් කිරීම සඳහා අධ්‍යාපන ඇමැතිවරයා සමඟ එක්ව කටයුතු කිරීමට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර සහ යුරෝපා සංගමය ඉදිරිපත්ව සිටී.

කාන්තාවන්ට හා ගැහැනු ළමයින්ට එරෙහිව සිදු වන ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැනට පවත්නා තත්ත්වයත්, ඒ සඳහා පාසල් මට්ටමින් සිසුන් දැනුම්වත් කිරී‍ම මඟින් කාන්තා හිංසනය තුරන් කිරීමේ පණිවුඩය සමාජගත කිරීම සඳහා අධ්‍යාපන ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ පසුගියදා පැවැති විශේෂ රැස්වීමට මෙම ක්‍රීඩකයන් දෙපළ සහ යුරෝපා සංගමයේ තානාපති තුන්-ලායි මාර්ග් මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වූහ.

ජනපති ගමේ වැඩට අත ගසයි

පෞද්ගලික මූල්‍ය ආයතනවලින් අවිධිමත් ලෙස ණය ලබා ගැනීම හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති ග‍්‍රාමීය ජනතාව ඉන් නිදහස් කර ගැනීම සඳහා වූ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන බවත්, ඒ පිළිබඳ යෝජනාව 2018 අය වැය යෝජනා මගින් ඉදිරිපත් කරන බවත් ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ දිළිඳුකම පිටුදැකීමේ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ජනගත කිරිමේ ජාතික උත්සවයට ඊයේ (20) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී එක්වෙමිනි.

ශක්තිමත් සහ ගෞරවාන්විත ආර්ථිකයකින් හෙබි තිරසාර ශී‍්‍ර ලංකාවක් තුළ සියලු ආකාරයේ දිළිඳුකම මුලිනුපුටා දැමීමේ ජනාධිපතිතුමාගේ දැක්ම අනුව කි‍්‍රයාත්මක මුඛ්‍ය වැඩසටහන ලෙස ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය දියත්කෙරේ.

අනුර යාපාගෙන්, සුසිල්ගෙන් රිෂාඞ්ට ප‍්‍රහාරයක්

ජීවන වියදම් කමිටුව මගින් ගන්නා තීරණ ජීවන වියදමට සෘජුව බලපෑම් කරන අභ්‍යන්තර වෙළෙද අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක නොකරන බවත්, ඒ සම්බන්ධයෙන් එම අමාත්‍යාංශය භාර ඇමැති රිෂාඞ් බදුර්දීන් වගකිව යුතු බවත් පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමැතිවරුන් පිරිසක් අවධාරණය කර ඇත. 

අනුර යාපා සහ සුසිල් පේ‍්‍රමජයන්ත යන ඇමැතිවරුන් මෙසේ කැබිනට් රැස්වීමේදී දැඩිව ප‍්‍රශ්න කර ඇත්තේ එම නිසා ජනතාව දැඩි අසීරුතාවකට පත් වී ඇති බව පෙන්වා දෙමින් ය. ජනතාවට ජීවන බර දැරිය නොහැකි තරම් ඉහළ ගොස් ඇති බවත්, මේ තත්ත්වය දිගටම පැවතුණහොත් ආණ්ඩුව බරපතළ අසීරුතාවකට පත්වන බවත් පෙන්වා ඇති අදාළ ඇමැතිවරුන් දෙදෙනා, ජීවන වියදම් කමිටුව ද මීට වඩා මේ ගැටලූවට මැදිහත් විය යුතු බව අවධාරණය කර තිබේ.

බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාවත් සමග රවී සමුගනී?

බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව මඟින් හිටපු ඇමැති රවී කරුණානායකට එරෙහිව බරපතළ කරුණු රැසක් අවධාරණය කර තිබුණහොත්, එක්සත් ජාතික පක්ෂයේ අනාගතය ගැන සලකා ඔහුව ක‍්‍රියාකාරී දේශපාලනයෙන් ඈත්කිරීම සම්බන්ධයෙන් පක්ෂය අභ්‍යන්තරයේ පුළුල් සාකච්ඡාවක් ඇති වී තිබේ. 

බැඳුම්කර කොමිසමේ කාලය අවසන් වීමෙන් පසු, ලබන මාසය තුළ එහි අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත ය. එම කොමිසමේ අවසන් නිර්දේශ සඳහන් කළ යුතු අතර, අදාළ විමර්ශනය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ නීති විශාරදයන් පෙන්වා දී ඇත්තේ හිටපු ඇමැති රවී කරුණානායක, මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් සම්බන්ධයෙන් බරපතළ නිර්දේශ එම වාර්තාවේ අන්තර්ගත වනු ඇති බවයි.