BREAKING NEWS
latest

728x90

468x60

Saturday, November 04, 2017

ජනාධිපතිතුමා ගියාද?තාම නැද්ද? ජනපති යනතුරු ලහිරු මගුලට එන්න සැගව සිටි නාමල්

ස්වර්ණවාහිනී ජනප්‍රිය නිවේදක ලහිරු මුදලිගේ ගේ විවාහ මංගල උත්සවය පසුගියදා පැවැත්වුනේ කොළොඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේදී. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් විවාහ මංගල්‍යය සාක්ෂිකරුවන් ලෙස අත්සන් කළහ. අත්සන් කිරීමේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රමනයකද එක්ව සිටි අතර අත්සන් කිරීමෙන් අනතුරුව එහි සිටි බීබීසී මාධ්‍යවේදී අසාම් අමීන් ජනාධිපතිවරයාගෙන් විමසුවේ රන්ජන් අමාත්‍යවරයාගේ විවාහයට අත්සන් තබන්නේ කවදාද යන්නයි. එයට සිනාසෙමින් ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ “රන්ජන්ට කී දෙනෙක් බදින්නද කියන්නේ” යනුවෙනි.

ටැංකි පුරවන්න පෝලිමේ ඉන්න එපා පෙට්‍රල් හිඟයක් නැහැ - ඇමතිගෙන් නිවේදනයක්

අනියත බියක් ඇති නොකරගෙන ඉදිරියේදී සාමන්‍ය පරිදි අරපිරිමැස්මෙන් යුතුව පෙට්ට්‍රල් භාවිත කරන ලෙසට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී. එතුමා කළ විශේෂ ප්‍රකාශය පහත දැක්වේ.

ගෝඨාගේ විරෝධය මත ඒකාබද්ධ විපක්ෂය දෙකඩ වෙයි

ලබන ජනවාරි මස අවසානයේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇති වීම නිසා ඒකාබද්ධ විපක්ෂය කොටස් දෙකකට වෙන් වීමේ අවදානමක් මතු වී තිබේ.ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රැසක් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ කඩිනමින් එකගතාවකට පැමිණ තමන්ට ශී‍්‍රලනිපයට පැමිණීමට ඉඩ හදා දෙන ලෙසයි. 

එහෙත් එක්වරම ඒකාබද්ධ විපක්ෂය අතහැරදා පැමිණීමට නොහැකි බවත්, එම නිසා නිශ්චිත අවස්ථාවක් එනතුරු සිටින බවත් ඔවුන් පවසා තිබේ.කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා සහ  ගෝඨාභය රාජපක්ෂ ශී‍්‍රලනිපය සමඟ එක්වීම තරයේ ප‍්‍රතික්ෂේප කර ඇති අතර, ඔවුන් පවසා ඇත්තේ වෙනම තරග කිරීම මඟින් පොදුජන පෙරමුණට වැඩි වාසි ලබාගත හැකි බවයි. එහෙත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨයන් කිහිපදෙනකු අවධාරණය කර තිබෙන්නේ ශ‍්‍රීලනිප ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක් වෙනුවෙන් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු කළ නොහැකි බවයි.

රනිල්ගෙන් රවීට හීනියට ටොක්කක්

මින්මතු වෙන වෙනම කණ්ඩායම් රැස්වීම් පැවැත්වීමට ක්‍රියා නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අවවාද කර තිබෙන බව එම පක්ෂයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පසුගියදා අරලියගහ මන්දිරයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා මෙසේ අවවාද කර ඇත්තේ එක් පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමක් වශයෙන් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ක්‍රියා කළ යුතු බව දැනුම් දෙමිනි.

විදුලි දුම්රිය ආයෝජකයන්ගෙන් සිරස මාෆියාවත් කප්පන් ඉල්ලයි

සිරස මාෆියා රූපවාහිනී නාලිකාවේ ප්‍රධානියකු යැයි කියන පුද්ගලයකු මෙරට අධිවේගී විදුලි දුම්රිය නිපදවන කම්හලක් ඇරඹීමට කැමැත්තෙන් සිටින විදේශීය ආයෝජක සමාගමෙන් එම ව්‍යාපෘතිය ජනාධිපතිවරයා මඟින් අනුමත කරවා දිය හැකි බව පවසා ඒ වෙනුවෙන් මහරාජා සමාගම හා ගිවිසුමකට එළඹිය යුතු බව පවසා ඇතැයි එම සමාගමේ ආරංචි මාර්ග පවසයි..


මෙම ව්‍යාපෘතිය අනුමත කර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයේ ප්‍රධානින් හා ඇමැතිවරු කිහිප දෙනෙකු කප්පන් ඉල්ලා සිටීම නිසා වසරක පමණ කාලයක් මුලුල්ලේ මෙම ව්‍යාපෘතිය අනුමත කරවා ගැනීමට නොහැකිව තිබිණි. ඒ සම්බන්ධයෙන් එම සමාගම පුවත්පත් නිවේදනයක් පසුගියදා නිකුත් කොට තිබිණි..ඒ අනුව සිරස මාෆියා කණ්ඩායමක් මෙරට සිටින දේශීය නියොජිතයන් හමුවී අදාල සාකච්ඡාව සිදු කර ඇත. ඔවුන්ගේ කාර්යාල පරිශ්‍රය පවා නිසි අවසරයකින් තොරව වීඩියො ගත කිරීමද සිදු කර තිබේ.

චන්ද්‍රිකා පාර්ලිමේන්තුවට ආ සැණින් ඇමති ධුරයක් - ලයිස්තුවෙන් ඉල්ලා අස්වෙන මන්ත‍්‍රීට සුපිරි රටක තානාපති කමක්.

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය පාර්ලිමේන්තුවට ජාතික ලයිස්තුවෙන් පත් කිරීමට සූදානමක් ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

හදිසි කැබිනට් වෙනසක් වෙන ලකුණු?

අමාත්‍ය මණ්ඩලයේ හදිසි සංශෝධනයක් සිදුකිරීමට ඉඩ ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු රජයේ ආරංචි මාර්ගවලින් පැවසෙයි. මෙම සංශෝධනයේදී රජයේ ඉහළම පෙළේ තනතුරු ගණනාවක් වෙනස්වනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

මලික් – විමල් රහස් කතාවේ CCTV දර්ශන පරික්ෂාවට

එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ යන මහත්වරුන් අතර කොළඹ “Otters Club” හී මීට තෙදිනකට පෙර රාත්‍රියේ සිදු වූයේ යැයි කියන රහස් හමුව පිළිබද තොරතුරු හෙළිවීමත් සමග ඒකාබද්ධ විපක්ෂයේ දැඩි අර්බුදකාරී තත්වයක් උද්ගත වී තිබේ.

සමහරු ගෙනා යෝජනාවලට කැමැති වුණා නම් මං අදත් පාර්ලිමේන්තුවේ - මහින්ද දිනවන සටනේ මං හෙට සිට යලි වැඩ

“සංවිධානාත්මක පිරිසක්‌ මාව දේශපාලනයෙන් අතුගාලා දාන්න හදනවා. ඒත් මාව වට්‌ටන්න කාටවත් බැහැ. හෙට ඉඳලා මම මගේ මැතිවරණ සටන නැවත ආරම්භ කරනවා. මහින්ද මහත්තයත් එක්‌ක හෙටම දේශපාලනය කරනවා. බෙන්තර ඇල්පිටියෙ ගමක්‌ ගමක්‌ ගානේ රැස්‌වීම් තියලා මම මැතිවරණ ව්‍යාපාරය කරගෙන යනවා” යෑයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.


ද්විත්ව පුරවැසියකු වීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් ගීතා කුමාරසිංහ මහත්මියට මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසු ඇගේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ‘දිවයින’ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇය මේ බව කීවාය.

මහින්දට ලොවෙත් නැති ගුලියක් අඹරයි.. නියත පරාජයෙන් බේරෙන්න නිතරග ගිවිසුමක ඒකාබද්දය හිර කරන්න ශ‍්‍රීලනිපය සැරසේ

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හා ඒකාබද්ද විපක්‍ෂයට ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීමට නොහැකි වුවහොත් දෙපිරිස අතර නිතරග ගිවිසුමක් ඇති කර ගැනීමට ශ‍්‍රීලනිප ආන්ඩු පාර්ශවයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇත.

එ ජා ප රත්ගම ආසන සංවිධායක දූරය මන්ත්‍රී සංජීව් කරුණාතිලකට

දකුණු පළාත් සභා මන්ත්‍රී සංජීව් කරුණාතිලක මහතා එක්සත් ජාතික පක්ෂ රත්ගම ආසනයේ ප්‍රධාන සංවිධායක එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෙරේදා පත් කරන ලදී.

Friday, November 03, 2017

ශ්‍රීලනිප - එජාප දීගය අතහැරෙයි

පලාත් පාලන මැතිවරණයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා ඒක්සත් ජාතික පක්ෂය එක්ව තරඟ නොකිරිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තිරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදි අද (03) පැවති පාර්ලිමෙන්තු මන්ත්‍රි වරුන්ගෙ රුස්විමකදි මෙම තිරණය ගෙන ඇත.

ඒකාබද්ධයේ කොන්දේසිවලට රජය එකඟයි

ශ්‍රී ලංකාව නිදහස්, ස්වාධින ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජයක් සහ ශ්‍රී ලංකා ජනරජය ඒකීය රාජ්‍යයක් විය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවට ඒකාබද්ධ විපක්ෂය ලිඛිතව ඉදිරිපත් කර තිබෙන යෝජනා ඇතුළු බොහෝ කරුණුවලට එකඟත්වය පළ කිරීමට රජය තීරණය කර තිබේ.

මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් යකා නටයි

මහනුවර සියළු රාජ්‍ය නිළධාරීන් අතර මුදුනා තමන් යයි සිතාගෙන කටයුතු මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා නිසා ජනතාවට රාජ්‍ය සේවය එපා වන තත්වයකට පත්ව ඇත. තමන්ගේ හිතුමතේ තමන් යටතේ වන නිළධාරීන් පාලනය කිරීමට උත්සාහයක නිරතව සිටී. මේ හේතුවෙන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරුන් විශාල පිරිසක් ඔහුගේ නොමනා හැසිරීම පිලිබඳ තමන්ගේ ඉහල නිලධාරීන්ටද පැමිණිලි සිදුකර ඇති බවට ගොසිප්99 අප වෙත වැර්තාවේ

අගමැති, බැඳුම්කර කොමිසම හමුවට

ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ පෙනී සිටීමට නියමිතය.

අදාළ බැඳුම්කර නිකුත් කිරීමට අදාළව කරුණු පැහැදිලි කිරීමක්‌ අවශ්‍ය බව කොමිසම විසින් අගමැතිවරයාට දැනුම් දී ඇති අතර එම දැනුම්දීම ලද වහාම කොමිසම හමුවේ පෙනී සිටීමට තමන් සුදානම් යෑයි රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී තිබේ.

Thursday, November 02, 2017

දූෂණ විරෝධී හඬ එළියට දැමූ හඬපට මෙන්න

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ණය නිකුත් කිරීමේදී මෙරට ප්‍රධාන මූල්‍ය ආයතන තුනක් සමඟ වූ දුරකතන සංවාදයක දූෂණ විරෝධී හඬ සංවිධානය වෙත ලැබී ඇති මෙතෙක් හෙළි නොවූ හඬපට විශාල ප්‍රමාණයක් දූෂණ විරෝධී හඬ සංවිධාන විසින් අද (01) පැවැත්වූ “හෙළිදරව්ව” විශේෂ මාධ්‍ය හමුවේදී මාධ්‍ය වෙත නිකුත් කර සිටියේය.

හිටපු නි.අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්නට වසර 4ක සිරදඬුවම්

ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියාවක් ලබාදෙන බව පවසා කාන්තාවකගෙන් රුපියල් 50000/-ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය ඇමති ශාන්ත ප්‍රේමරත්න මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත අවුරුදු 04ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

මෛත්‍රී හමු වෙන්නැයි කළ ඉල්ලීම මහින්ද ප්‍රතික්ශේප කරයි.

සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදුකර ඇති ආරාධනය පිළිනොගෙනීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙම තීරණය ගෙන අති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ සිටින එකම ද්විත්ව පුරවැසියා ගීතා පමණක් බව තහවුරු වේ - තීන්දුව අද

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතරින් ද්විත්ව පුරවැසේ භාවය ලබා සිටින්නේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පමණක් බව ආගමන විගමන දෙපාර්ථමේන්තුව විසින් තහවුරු කර ඇත.

PAFFREL සංවිධානය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ කාරණය විමසා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයදුම්පත්‍රයක් යොමු කිරීමන් අනතුරුව මෙම තොරතුරු හෙළි කර ඇත. (RTI 009)

විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතියට බහිරවයෙක් පනී - ලංකාවට පැමිණි ලොකුම ආයෝජකයාව ආපසු හරවා යවයි

ශ්‍රී ලංකාවට ඍජු රැකියා අවස්ථා 22,460ක් ඇතුළු ප්‍රතිලාභ රැසක් ලබා දී අමතර කොටස් නිෂ්පාදන කර්මාන්තශාලා 34ක් අරඹා, බටහිර රටවල සමාගම් 22ක සහභාගීත්වයෙන් සිලෝන් හයිස්පිඩ් රේල්වේස් සමාගම යුරෝපා තාක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම් කරන විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ නොසැලකිල්ල නිසා මෙරටට අහිමිවී වියට්නාම් රජයට යෑමේ අවදානමක් මතුවී ඇතැයි එම සමාගම අනතුරු හඟවයි.



ඩොලර් මිලියන 537ක ආයෝජනයකින් ඇරැඹීමට බලාපොරොත්තු වන මෙම විදේශ ආයෝජනයෙන් අපේක්ෂිත ඍජු විදේශ ආදායම වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් බවත්, 2016 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට භාර දුන් එම ව්‍යාපෘතියේ ආයෝජන අනුමැතිය සඳහා වූ අයැදුම්පත සහ ව්‍යාපෘති යෝජනාව පිළිබඳව මෙතෙක් විධිමත් පියවරක් ගෙන නොමැති බවත් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි අනුෂ්කා රේණු මහත්මිය සඳහන් කරයි. අවස්ථාවන් ගණනාවකදී ආයෝජන මණ්ඩලයෙන් මේ පිළිබඳව විමසූ විට එම අයැදුම්පත ස¼දහා ජාතික ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ අනුමැතිය හා ආර්. පාස්කරලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් "සින්ගල් වින්ඩෝ" කමිටුවේ අනුමැතිය අවශ්‍ය බව පැවැසූ බවද ඇය සඳහන් කරයි.

අපරාධවලින් ලංකාව ගිනිගනිද්දී කැරෝකේ ගී කියන පූජිත් පොලිස්පති

රෝමය ගිනිගනිද්දී නීරෝ වීණා වාදනය කළාක් මෙන් රටේ ගම් නියම්ගම් හරහා අපරාධ ලැව්ගින්නක් මෙන් පැතිරෙද්දී අපේ රටේ පොලිස්පති පූජිත් ජයසුන්දර ද කුප්‍රකට 'කැරෝකේ වසන්ත' සමඟ හෝටල් සුව විඳින ආකාරය මෙම ඡායාරූප වලින් දැක්වේ. මෙම ඡායාරූප වලින් දැක්වෙන්නේ පසුගිය සතියේ දිනක කැරෝකේ වසන්ත නම් කුප්‍රකට ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳ සමඟ පූජිත් ජයසුන්දර ගලධාරී හෝටලයේ ඉහළ ම මාලයේ (Roof top) කාලය ගත කළ ආකාරයයි.  අනෙත් ඡායාරූපයෙහි පූජිත් සහ වසන්ත සමඟ සිටින්නේ මෙම හමුව සම්බන්ධීකරණය කළ පුද්ගලයා ය. ලාල් වීරසිංහ නම් ඔහු එකල ජනප්‍රිය ටෙලි නළුවෙකි. දැන් ඔහු කැරෝකේ වසන්තගේ සැපයුම්කරුවෙකි.  

මනස නොවැඩුණු කමල්, විමල් සහ ඔවුන්ගේ අප්පච්චිලා

ආයෙමත් එහෙම කාලයක් ගේන්නට හදන්නේය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඉක්මනින්, ඉතාමත් ඉක්මනින් ඒ වැඬේ කරන්නට ය. ඒ වැඬේ කරගන්නට කොයිතරම් නම් කලබල ද යත් දැන් දැන් වචන පැටළෙන්නේය. තමන් මේ ගනුදෙනු කරන්නේ මිනිසුන් සමග බවත්, මිනිසුන් යනු ස්වභාවයෙන්ම භීතියට පත්වන්නන් බවත් ඔවුන්ට අමතක වන්නේය.

කොහොමත් ආණ්ඩු කරන මහත්තුරුන් බලයට එන්නට පෙර කියපු දේවල් බලයට ආ පසු අමතක කර දමන්නේය. කියපුවාට වඩා හාත්පසින්ම වෙනස් දේවල් කරන්නේය. වර්තමාන ආණ්ඩුවට ද එය අදාළ ය. එහෙත් සාපේක්ෂව බලන විට තවමත් මේ ආණ්ඩුවට ලකුනු ටිකක් දිය හැකිය. තොරතුරු පනත, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අතුරු කෙටුම්පත වැනි කියපු දෙවල් ටිකක් කරළියට ගෙනෙන්නට ඔවුන් කටයුතු කර තිබේ. නොකළ සහ ප‍්‍රමාද වූ දේවල් ලැයිස්තුවක් ද දිගහැරිය හැකිය.

අලුත් ව්‍යවස්ථා හදන්න කලින් බඩගින්නේ ඉන්න මිනිසුන්ට කන්න දෙනු..- ඇමති සුසිල්

හාල් කිලෝවක් රුපියල් සියය ඉක්වමා පොල් ගෙඩිය රුපියල් සියයක් වී ඇති අවස්ථාවකට රටට උවමනා වන්නේ නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් නොවන බව විද්‍යා හා තාක්‍ෂණ ඇමති සුසිල් ප්‍රෙම්ජයන්ත් මහතා පවසයි.

සම කැබිනට් ප්‍රකාශකයන් මත දෙකක.

ඉදිරි මැතිවරණයේදී තෝරාගත් ප්‍රාදේශීය සභාවලට සහ නගර සභාවලට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග පොදු ලකුණකින් තරග කිරීමට එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන් කැමැත්ත පළකළ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (01දා) පැවසීය. ඒ කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමිනි.

කෙසේ වෙතත් මෙහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ එක්ව තරග කිරීම සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බවත් එය පක්ෂයෙන් විමසිය යුතු බවත්ය.

මෙහෙයුම් කමිටුවේ වාර්තාව රට ‍බෙදන රහස් ලියවිල්ලක් නොවේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව හදිසියේ ඉදිරිපත් කරන, රට ‍බෙදන රහස් ලියවිල්ලක් නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (01) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ඉතිහාසයේ ප්‍රථම වතාවට සියළු පක්ෂවල එකඟත්වයෙන් ඉදිරිපත් කළ යෝජනාවලිය ව්‍යවස්ථා කෙටුම්පතක් හෝ නීති කෙටුම්පතක් නොවන බවද පැවසීය.

ජනතාවගේ පුළුල් සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් හා මහජනතාවගේ අනුමැතියෙන් නව ව්‍යවස්ථාව සකසන බවත් සියල්ල සිදුකරනුයේ ජනතා අභිමතය පරිදි බවත් අගමැතිවරයා අවධාරණය කළේය.

ලුණුගම්වෙහෙර ‘සදිසිගම’ උදා ගම්මානය අද ජනතා අයිතියට

නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 45 වැනි උදා ගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර සද්ධාතිස්සපුර 'සදිසිගම' වේ. අද එනම් නොවැම්බර් මස 02 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.30ට නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අතින් මෙම ගම්මානය ජනතා අයිතියට පැවරීමට නියමිතය.

එකම මේසයක සිට රට ගැන සැබෑ හැඟීමෙන් සියලු ප්‍රශ්න සාකච්ඡා කරමු

පිල්වලට බෙ දී උද්ඝෝෂණ කළ පමණින් රටේ ගැටලූ විසඳාගත නොහැකි බව ප්‍රකාශ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, බෙදීම සහ වෙන්වීමෙන් ජනතාව සේම, රට ද දිනාගත නොහැකි බවත්, අද අවශ්‍යව ඇත්තේ සියලූදෙනා අවබෝධයෙන් කටයුතු කර මතුව ඇති ගැටලූවලට විසඳුම් සෙවීම බවත් පැවසීය.

බොහෝ ප්‍රශ්න අවුල්කරන අයට එම ප්‍රශ්න විසඳීමේ හැකියාවක් නොමැති අතර එකම මේසයක වාඩි වී රට ගැන සැබෑ හැඟීමකින් යුතුව සියලූ ප්‍රශ්න සාකච්ඡා කිරීමට තමා ගෞරවණීය මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරුන්, උගතුන්, බුද්ධිමතුන් යන සියලූදෙනාට ගෞරවයෙන් ආරාධනා කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

යුද්ධය අවසන් වුවත් යුද්ධයට මුල්වූ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලැබී නෑ

යුද්ධය අවසන් වුවත් යුද්ධයට මුල්වූ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලැබී නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (1) පැවැසීය.
1978 ක්‍රියාත්මක කළ දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය ශක්තිමත් කර මන්ත්‍රීවරුනට සිය දිස්ත්‍රික් සංවර්ධනයට බලය දුන්නේ නම් ප්‍රශ්න මෙතරම් දුරදිග නොයන බව පෙන්වාදුන් අගමැතිවරයා සියලු දෙනා එක්වී රටක් ලෙස විසඳුම් සොයා එක්ව ඉදිරියට යමු යැයිද පැවැසීය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය ඊට හොඳම ක්‍රියාවලිය බව පෙන්වාදුන් අගමැතිවරයා සියලු පක්ෂ කණ්ඩායම් එකට එක්ව ඇති බැවින් මෙතැන සිට විසඳුම් සොයමුද නැතහොත් විනාශ වෙමුද යන්න සිතා තීරණ ගතයුතු බවත් පැවැසීය.

ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර වෙළෙඳ මධ්‍යස්ථානය කිරීමට වෙළෙඳ ක්‍රියාවලිය විධිමත් කිරීම අත්‍යවශ්‍යයි

ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ අභිලාෂයන් සාර්ථක කර ගැනීම සඳහා නීතිය පදනම් කරගත් පරිසරයක් තුළ කාර්යක්ෂමතාවය, විනිවිදභාවය හා අවංකභාවය තහවුරු කිරීම සඳහා අපගේ වෙළෙඳ ක්‍රියාවලිය විධිමත් කිරීම අත්‍යවශ්‍ය බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික වෙළෙඳාම වඩාත් කාර්යක්ෂම හා සවිස්තරාත්මක කිරීම සඳහා නව තාක්ෂණය යොදා ගැනීම පිළිබඳ පසුගියදා (30) සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ දී පැවැති සම්මන්ත්‍රණයේ දීය.

ශ්‍රී ලංකාවේ වෙළෙඳ පහසුකම් සැපයීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම සඳහා තාක්ෂණික භාවිතය පිළිබඳ මේ වැදගත් හා කාලෝචිත සම්මන්ත්‍රණය ඇමතීමට මා වෙත ආරාධනා කිරීම සම්බන්ධයෙන් මහ කොමසාරිස් හචසන් මහතා සහ අනෙකුත් සහකරුවන්ට ස්තුතිවන්ත වෙනවා.

පස් මාෆියාවට යටවී රංජන් ඉවත් කල එජාපය, රට කරන්නේ කොහොමද?

තමන් දිවුලපිටිය එක්සත් ජාතික පක්‍ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ එම ආසනයේ පස් මාෆියාව සිරිකොත මුලස්ථානයට දිගින් දිගටම කරන ලද බලපෑම් නිසා යයි තමන් විශ්වාස කරන බව නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක මහතා පවසයි.

Wednesday, November 01, 2017

FCID ය සොයන ගාමිණි සෙනරත්ට ඇමැතියකුගේ රැකවරණ?

හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහතා ඇතුළු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මුල්‍ය අපරාධ කොට්ඨාසයේ (FCID) නිලධාරීන් ඊයේ (31) දින ඔවුන් පදිංචි ස්ථානවලට ගොස් ඇති අතර ඒ වන විටත් ඔවුන් එම ස්ථානවලින් පළා ගොස් ඇතැයි ද ඔවුන් සිටින ස්ථානයක් පිළිබඳ පිළිගත හැකි තොරතුරක් නිවැසියන් විසින් ලබා දී නොමැති බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි.

මේවනවිට ගාමිණි සෙනරත් මහතා ආණ්ඩුවේ ප්‍රබලයකුගේ රැකවරණය ලබමින් සිටින බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

පුංචි ඡන්දය සඳහා ගැසට්‌ පත්‍රයට අද ඇමති මුස්‌තාපා අත්සන් තබයි

නව මැතිවරණ ක්‍රමය යටතේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය සඳහාවන ගැසට්‌ පත්‍රයට පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා විසින් අද (01) අත්සන් තැබීමට නියමිතයි.

විග්නේෂ්වරන් තමිල්නාඩු සහාය ඉල්ලයි

උතුරේ ද්‍රවිඩ අරගලය විසඳීම සඳහා ඩයස්‌පෝරාවේ සහ තමිල්නාඩුවේ සහාය ලබාගෙන කටයුතු කළ යුතු බව උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා යාපනයේදී ප්‍රකාශ කර ඇත.

එසේම උතුරු නැගෙනහිර උඩරට කඳුකරය සහ දකුණේ ද්‍රවිඩ ජනතාව එකට එක්‌වී ක්‍රියා කළ යුතු යෑයි ද ඔහු දක්‌වා තිබේ.

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය, අතුරු වාර්තා ව්‍යවස්ථා විරෝධී බව විජේදාස කියයි

නව ව්‍යවස්ථාවක් සදහා පත්කළ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය සහ එම මණ්ඩලයේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නීති විරෝධි ක්‍රියාවක් බව නීති විශාරදයකු වූ ජනාධිපති නීතීඥ හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිකම බාරගන්න ලෑස්ති ද – ගෝඨා උත්තර දෙයි

තමා විශ්වාස කරන රටට හිතකර ප්‍රතිපත්ති ඇති ඕනෑම නායකයෙකු යටතේ වැඩ කිරීම තමුන්ට ප්‍රශ්ණයක් නොවන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මෙසේ ඇසුවේ මහනුවරදී පැවති විද්වතුන් හා වෘතිකයින්ගේ සමුලුවක් අමතමිනි.

ඔහු එහිදී මෙසේද පැවසීය.

” අද ගෝල්ෆේස්වල ටාජ් හෝටලය හදල තියෙන ඉඩම ඉන්දියානු සමාගමකට දුන්නේ ජේ ආර් ජයවර්ධන ජනාධිපති තුමා, අද වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක හදල තියෙන ඇචිලන් ස්ක්වයාර් ඉඩම සිංගපූරු සමාගමකට දුන්නේ ආර්ප්‍රේමදාස ජනාධිපතිතුමා. ඒ රජයේ ඉඩම් නිකං වගෙ පෞද්ගලික ආයතන වලට දුන්නේ. 99 අවුරුද්දට දුන්නේ කියලා ඒ ඉඩම් කවදාවත් ආපහු ගන්න පුලුවන්ද ?

ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනා පැන ගිහින්

හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහතා ඇතුළු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මුල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (31) දින ඔවුන් පදිංචි ස්ථානවලට ගොස් ඇති අතර ඒ වන විටත් ඔවුන් එම ස්ථානවලින් පළා ගොස් ඇතැයි ද ඔවුන් සිටින ස්ථානයක් පිළිබඳ පිළිගත හැකි තොරතුරක් නිවැසියන් විසින් ලබා දී නොමැති බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි.

දේශපාලන දෙබිඩ්ඩන් ගැන මංගල සමරවීර හෙළිකරයි

අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීමෙන් රට නව දිශාවකට ගමන් කරවන්නට හැකි වන බවත් එක සමාන පුරවැසිභායක් රටේ ඇති කිරීම තුළින් ආර්ථික සමෘද්ධිය ඇති කළ හැකි බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.


අමාත්‍යවරයා ඊයේ (31) පාර්ලිමේන්තුවේ දී මෙසේ ප්‍රකාශ කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන යෝජනා ඇතුළත් අතුරු කමිටු වාර්තාවේ යෝජනා පිළිබඳව වන විවාදයට එක්වෙමිනි.

"රටට ව්‍යවස්ථාවක් ඕනද කියන අහන ඩලස් මන්ත්‍රිතුමා එදා සුදු නෙළුම අරගෙන ගමින් ගමට ගියා ඒකීය වචනය අයින් කළ ව්‍යවස්ථාවකට. ඉඩම් බලතල හා පොලිස් බලතල දෙන්න කියන ව්‍යවස්ථාවක් අරගෙන. මේ යුගයේ දැවන ප්‍රශ්නයේ දී ලස්සන වචන දාලා පැනලා යන්න එපා.

Tuesday, October 31, 2017

“මෙත්සඳ සෙවණ” පළමු අදියර අවසන් – නිවාස ඒකක 218ක් ජනතා අයිතියට.

සමව බෙදී යන සංවර්ධනයේ ප්‍රතිලාභ මෙන්න කොළඹ නගරයේ ඉහළ වාණිජ වටිනාකමකින් යුතු ඉඩ්ම්වල අවිධිමත් ලෙස පදිංචිව සිටින පවුල් ක්‍රමවත්ව පදිංචි කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය 2016 වසරේදී ආරම්භ කල ව්‍යපෘති රැසක් මේ වනවිට සැලකිය යුතු ප්‍රගතියක් අත් කරගෙන ඇත.


අනවසරයෙන් අවිධිමත් ලෙස පදිංචි වුවද ඒ සියලූම දෙනා අපේ රටේ පුරවැසියන් බවත්, ඔවුනට ගෞරවනීය ලෙස ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් සකස් කිරීම රජයේ වගකීම බවත් කිසිවිටෙක අමතක නොකල නාගරික සංවර්ධන අධිකාරිය, ඔවුන්ව එම ස්ථාන වලින් බලෙන් පිටමන් කිරීම වෙනුවට සියලු පහසුකම් සපිරි මහල් නිවාස වල හිමිකම ලබාදීමට කටයුතු කරමින් තිබේ.

වෛද්‍ය සංගමයසයිටම් විසඳුම අගයයි

සයිටම් අහෝසි කිරීම සඳහා රජය ගෙන ඇති තීරණය බෙහෙවින් අගය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව ඊයේ (30 දා) තීරණය කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම සයිටම් ආයතනය පිළිබඳව නෙවිල් ප්‍රනාන්දු මහතාගේ සහ එම පවුලට තිබූ හිමිකාරීත්වය අහෝසි කිරීමට ගෙන ඇති තීරණයද ප්‍රශංසනීය බව කී හරිත අලුත්ගේ මහතා වෛද්‍ය අධ්‍යාපනයට අදාළ අවම ප්‍රමිතිය වෛද්‍ය සභාව මගින් අනුමත කළ ලියවිල්ලට අනුව නීතිගත කිරීමට රජය ගෙන ඇති තීරණයද නිවැරදි ප්‍රයත්නයක්‌ කරා ගමන් කරන්නක්‌ බව කීවේය.

දෙපාරක් ඉතිහාසගත වූ නාවික හමුදාවේ සින්නයියා

අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා නාවික හමුදා ඉතිහාසයට එක්වන්නේ සිව්වන ඊළාම් යුද ඉතිහාසයේ ජාත්‍යන්තර මුහුදට ගොස් කොටි අවි නැව් හතක් මුහුදුබත් කළ මුහුදු සටනේ සෙන්පතියා ලෙසය.

ඊළාම් යුද ඉතිහාසයේ කැපීපෙනෙන භූමිකාවක් කළ දක්ෂතාවලින් පරිපූර්ණ නිලධාරියකු ලෙස ප්‍රකට අද්මිරාල් සින්නයියා යළිත් ඉතිහාස ගත වන්නේ මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ නාවික හමුදාපති ධුරය හොබවා විශ්‍රාම ගත් නිලධාරියා ලෙසය.

නාවික හමුදා ඉතිහාසය දෙස බලද්දී කපිතාන් ඩබ්ලිව්.ඊ. බැන්ක්ස් 1950 දෙසැම්බර් 09දා නාවික හමුදාපති ධුරයට පත්වීමෙන් පසුව 21 වැනි නාවික හමුදාපතිවරයා වූ ට්‍රැවිස් සින්නයියා දක්වා සිටි සියලුම නාවික හමුදාපතිවරුන් අඩුම තරමේ වසරක කාලයක්වත් නාවික හමුදාපති ධුරය හෙබවූයේය.

කරුණා නඩුවෙන් නිදහස්

රුපියල් කෝටි 09කට ආසන්න වටිනාකමකින් යුත් රජයේ වෙඩි නොවදින වාහනයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් මහතා මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් ඔහු මුදාහැරීමට නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

රන්ජන් කැපුවේ හොරු අල්ලපු නිසාද?

දිවුලපිටිය ආසන සංවිධායක ධුුරයෙන් තමන් ඉවත් කිරීමට නිශ්චිත හේතුවක් මෙතෙක් නොදන්නා බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා.

එක්සත් ජාතික පක්ෂය ඊයේ (30) නව ආසන සංවිධායකවරුන් 31 දෙනෙකු හා දිස්ත‍්‍රික් සංවිධායකවරුන් 3 දෙනෙකු පත් කළා.

නව පත් කිරීම්වලට අනුව, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට දිවුලපිටිය ආසන සංවිධායක ධුරය අහිමි වූ අතර ඒ වෙනුවට පත් කර ඇත්තේ ආචාර්ය කිත්සිරි මංචනායකයි.

දුලිප් විජේසේකර නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවතට

තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ දුලිප් විජේසේකර එම ධුරයෙන් ඉවත් කර තිබේ.

වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහු එම ධුරයෙන් ඉවත් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂයට තවත් ජයක්

මාරවිල දිසා අධිකරණයේ වාරණ නියෝගයකින් අත්හිටුවා තිබූ අංක 44 මාරවිල සමුපකාර ප්‍රාදේශිකයේ නිලවරණය එම අධිකරණයේම නියෝගයක්‌ මත ඉකුත් 28 දා පැවති අවස්‌ථාවේදී ඒකාබද්ධ විපක්‍ෂ කණ්‌ඩායමේ නායකත්වය දැරූ සිසිල් වික්‍රමසිංහ මහතාට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක්‌ ස්‌වාධීනව ඉදිරිපත්වූ එකම අපේක්‍ෂකයා වන ශාන්ත මහීපාල මහතාට හිමිවී තිබේ.

ත්‍රි’මලේ වරාය ඉන්දියාවට දෙන්නේ නෑ – අගමැති කියයි

ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට ලබාදීමට අවශ්‍ය නැති බවත් ඕනෑම කෙනෙකුට ඇවිත් වරායේ කොටස්‌ සංවර්ධනය කළ හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Sunday, October 29, 2017

මංගල අංක එකේ ඩබල් ගේම් කාරයෙක් - තවත් ඉන්නවද?

මංගල අංක එකේ ඩබල් ගේම් කාරයෙක් බව 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය පවසයි.



විදේශයක සිට පවත්වාගෙන යන එම වෙබ් අඩවියේ මෙසේ සඳහන් වේ.



''ජනාධිපතිගේ බැඳුම්කර කොමි-සමයමේ සැබෑව හෙළිදරව් වුවද ජනාධිපතිවරයාගේ සට්ටැඹි රාල වන කිලී මහාරාජාගේ ‘සිරස‘ හෙවත් “සිරිසේනගේ රහස් සංඛ්‍යාත“ යනුවෙන් මහජනතාව හඳුන්වන නාලිකාව විසින් නිතිපතා එජාප නායකයන්ට මඩ ගැසීමට මෙකී කොමි-සමයම උපයෝගී කර ගනී.

නිධන් කොල්ලයක්‌ - ඇමැති දෙන්නෙක්‌ - STF පාතාල ගැටුමේ ඇත්ත කතාව මෙන්න

රන්දීර් වත්තල, හැඳල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ ඥති නැන්දනියක විවාහ වී සිටියේ ගම්පහ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන එජාපයේ ප්‍රබල ඇමැතිවරයකු සමඟයි. මෙම ඇමැතිවරයා නිරන්තරයෙන්ම ජනතාව සහ මාධ්‍ය අතර කතාබහට ලක්‌වන පුද්ගලයෙකි. සමහරු වයාග්‍රා යන අන්වර්ථ නාමයෙන්ද මොහුව හඳුන්වති.

ඥති සම්බන්ධතාව අනුව රන්දීර් එම ඇමැතිවරයා සමඟ ඉතා සමීප සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගත්තේය. එලෙස කලක්‌ ගතවෙද්දී ඇමැතිවරයාගේ සුවච කීකරු ගෝලයා බවට පත්වූයේ රන්දීර් ය. ඉන්පසු එම ඇමැතිවරයාගේ සියලුම දහජරා වැඩ සිදු කළේ මොහුය. 

මහින්ද ඉන්දියා ගියේ රහස්‌ සාකච්ඡාවකටද?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ දිනවල ඉන්දියාවේ සිදුකරන සංචාරය අතරතුරදී එරට ආණ්‌ඩුවේ විශේෂ නියෝජිතයන් කිහිපදෙනකු සමඟ රහස්‌ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී.

එම සාකච්ඡාවල රහස්‍යභාවය ආරක්‍ෂා කරගැනීම පිණිස ඊට සහභාගි වන්නේ කවුරුන්ද යන වග හෝ එම සාකච්ඡා පැවැත්වෙන ස්‌ථාන කවරේද යන්න හෝ බාහිර පාර්ශ්වයන්ගෙන් වසන් කර තැබීමට එරට නියෝජිතයන් කටයුතු කර ඇත.

සයිටම් අහෝසි කෙරේ

නෙවිල් ප්‍රනාන්දුගේ හිමිකාරත්වයෙන් යුත් සයිටම් ආයතනය අහෝසි කිරීමටත් නීත්‍යානුකූල ලාභ නොලබන ආයතනයක් බිහි කිරීමටත් රජය තීරණය කර තිබෙනවා. 

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ නව ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණයෙන් යුතුව ක්‍රියාත්මක වනු ඇති බවයි.

පොලිස් ඇමති කොටුව පොලිස් ස්ථානයේ බැරක්කයට යලිත් කඩා පනී

මීට මාස දෙකකට පමණ පෙර කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් රැඳී සිටින ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි පොලිස් බැරක්කය වෙත නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පැමිණ ඔවුන්ගේ පහසුකම් පිළිබඳව විමසා බැලූ අවස්ථාවේදී එම නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් නිසි ලෙස නොලැබෙන බව දැනගන්නට ලැබිණි. ඒ අවස්ථාවේදී එම බැරක්කයට අවශ්‍ය පහසුකම් ලබාදී දියුණු කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු අදාළ ජේෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත අමාත්‍යවරයා උපදෙස් ලබාදුන් අතර එහි ප්‍රගතිය පිළිබඳව විමසා බැලීමට අද (29) උදෑසන ඔවුන්ට නොදන්වා එම බැරක්කයේ සංචාරයක අමාත්‍ය සාගල රත්නායක නිරත විය. බැරක්කයට අවශ්‍ය සනීපාරක්ෂ පහසුකම්, ඇඳන්, මෙට්ටා, මදුරුදැල් ආදී පහසුකම් ආදිය මෙන්ම නිලධාරීන්ට ප්‍රියතාවක් ඇතිවන අයුරින් සකසා ඇති බව අමාත්‍යවරයාට නිරීක්ෂණය විය.