BREAKING NEWS
latest

728x90

468x60

Saturday, November 11, 2017

එජාප-ශ්‍රී ලනිප ‘බල’ සටනක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ප්‍රබල මත ගැටුම් ඇතිවීම නිසා එහි ඉදිරි කටයුතු අර්බුදකාරී තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් වෙනුවෙන් මේ මත ගැටුම් ඇතිව තිබේ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම එක්සත් ජාතික පක්ෂයේ කැමැත්ත බවත් ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහාය හිමිවන බවත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් පැවසීය.

ලංකාවේ '6 ක් ඉන්ටර්පෝල් රතු ලැයිස්‌තුවෙන් ඉවතට

මෙරට මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හයදෙනකුගේ නම් ඉන්ටර්පෝල් පොලිසිය විසින් ජාත්‍යන්තර රතු වරෙන්තු ලැයිස්‌තුවෙන් ඉවත් කර ඇතැයි 'දිවයින' පුවත්පත වාර්තා කරයි.

මෙලෙස ඉවත්කර ඇත්තේ ප්‍රසන්න ජනක ප්‍රනාන්දු, විදුර ලනාත් ඩී. සොයිසා, සාලිය පෙරේරා, සී නිමල් පද්මසිsරි, වසන්ත කුමාර මෙන්ඩිස්‌ සහ ඡේ. සුජිත් නිශාන්ත නමැත්තන්ගේ නම්ය.

Friday, November 10, 2017

විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය සහ ආයතනික විභාග අංශ ප්‍රධානියාගේ රාජකාරී වැඩ තහනම් කෙරේ

විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය සහ ආයතනික විභාග අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාගේ රාජකාරී වැඩ අද සිට තහනම් කර තිබෙනවා. ඒ, සිය රාජකාරී වගකීම් පැහැර හැරීම සහ විෂමාචාර චෝදනා කිහිපයක් හේතුවෙන්. 

ගීතා ලංකා හොස්පිටල් එකට ලක්ෂ හැත්තෑවක පොල්ලක් තියලලු

ප්‍රවීණ සිනමා නිළි සහ ඒකාබද්ධ විපක්ෂයේ හිටපු ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය මීට මාසයකට පමණ පෙර කොළඹ ලංකා හොස්පිටල් රෝහලෙන් කර ගත් ප්ලාස්ටික් ශල්‍ය කර්මයට අදාළ රුපියල් හැත්තෑ ලක්ෂයක බිල මේ වනතුරුත් ගෙවා නොමැති බව එම රෝහල් ආරංචි මාර්ග පවසයි .

සාමාජික මුදල් කාබාසිනියා කරන ලංකා බැංකු සේවක සංගමයට එරෙහිව සාමාජික විරෝධය

ලංකා බැංකු සේවක සංගමයේ නව නිළධාරී මණ්ඩලය විසින්, සංගමයේ සාමාජික මුදල් තම අභිමතය පරිදි කාබාසිනියා කර දැමීම සම්බන්ධයෙන් එහි සාමාජිකත්වයේ විරෝධය එල්ල වී තිබේ.

සාමාජිකයින්ගේ මාසික වැටුපෙන් ලබා දෙන මෙම සාමාජික මුදල් වියදම් කළ යුත්තේ සාමාජිකත්වයේම හෝ බැංකු පද්ධතියේ ඉදිරි ගමන වෙනුවෙන් පිටිවහළක් වන අරමුණු සාක්ෂාත් කර ගැනීමට වුව ද මේ වන විට එම මුදල් නිළදාරීන්ගේ පොකට් මනි බවට පත්ව ඇත.

බැඳුම්කර කොමිසම ගැන විමසීමට එජාප පොඩ්ඩන් ජනපති හමුවට

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමට දොෂාරෝපණය කරන ආණ්‌ඩු පක්‌ෂයේ පිරිස්‌ කවුරුන්දැයි හෙළි කර ගැනීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට එක්‌සත් ජාතික පක්‌ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.

බැඳුම්කර කොමිසම පත් කිරීම සම්බන්ධයෙන් දොස්‌ කිව්වේ කවුද? ඒ කවදාද? කොතැනදීද? පැහැදිලි කර ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා ජනාධිපතිවරයා හමුවීමට දිනයක්‌ හා වෙලාවක්‌ ඉල්ලා මේ සතියේදීම ලිපියක්‌ යොමු කරන බවත් එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රී චමින්ද විඡේසිරි මහතා පැවසීය.

මේ ආණ්ඩුවේ වුණේ බැදුම්කර ප‍්‍රශ්ණය විතරයි - ලොකුම හොරකම් වුණේ ගිය ආණ්ඩු කාලයේයි - ෆොන්සේකා

මේ ආණ්ඩු කාලයේ හොරකමක් කියා දෙයක් වුණා නම් ඒ බැදුම්කර හොරකම පමණක් යයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.


පසුගිය ආණ්ඩු කාලයේ සිදු වූ තරමේ මහා පරිමාණ හොරකම් මේ ආණ්ඩුව යටතේ සිදු නොවුනේ යයිද ඇමතිවරයා සදහන් කරයි.

ඇමති සමරවීරගේ රහස් දුරකතන ඇමතුම පටිගත වෙයි - ඔක්කොම එළියට


තම හිතවතෙකුගේ ටෙන්ඩරයක් ඉදිරිපත් කරන තුරු ටෙන්ඩර් විවෘත කිරීම් කල් දැමූ බව ඇමති රවීන්ද‍්‍ර සමරවීර දුරකතන සංවාදයකදී කිසිවෙකු හා කියා සිටියේය.

අද දිනය දක්වා ටෙන්ඩරය කල් දැමූ බවත් වහා ගොස් ටෙන්ඩරයක් ඉදිරිපත් කරන ලෙසත් ඔහු ඇමතුමේදී සිය හිතවතාට දැන්වීය.

ලංකා ඊ නිවුස් අවහිර කලාට දැඩි විරෝධය පල කරන බව වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුල අවහිර කිරීමට සිය දැඩි විරෝධය පල කරන බව වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය අවහිර කිරීම සම්බන්ධයෙනි…

ලංකාඊ නිව්ස් වෙබ් අඩවියට ශ්‍රී ලංකා ටෙලිකොම්හි අන්තර් ජාල පහසුකම භාවිතාකරමින් 2017-11-08 දින සිට පිවිසීමට නොහැකි වන සේ වාරණය කර තිබීම අප සංගමයදැඩි ලෙස හෙළා දකිමු. මෙම පියවර යහපාලන ආණ්ඩුව මාධ්‍ය මර්දනය වෙනුවෙන් ගනු ලැබූ පළමු පියවර නොවන අතර මීට පෙර රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ සහදේශපාලනඥයින් මාධ්‍ය නිදහසට කළ බලපෑමට අප විටින් විට විරෝධය පළ කෙළෙමු.

මහින්දගේ බයිසිකලයෙන් පාර්ලිමේන්තු ගමනට පොලිස් බැරියර් - මහින්දට යකා නැගපු හැටි

රට පුරා ඇතිව තිබෙන පෙට‍්‍රල් හිගයට විරෝධය පල කිරීමක් ලෙස මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු මන්ත‍්‍රීවරුන් පිරිසක් අයවැය විවාදයට සහභාගී වීම සදහා පාර්ලිමේන්තුව බලා පැමිණියේ පාපැදිවලිනි.

Thursday, November 09, 2017

අද හවස 3ට පාර්ලිමේන්තුවට එන, ඉතිහාසය වෙනස් කරන මංගලගේ අයවැය ගැන වටින්ගොඩින් එන ඔබ නොදත් තතු - මඩත් නැතිලු

තෙල් කලබල අස්සේ මංගල මහත්තයාගේ මංගල අයවැය ඔන්න අද හවස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේක තමයි නිදහස් ශ්‍රී ලංකාවේ 72 වැනි අයවැය. ඒ වගේම යහපාලන රජයේ තුන්වන අයවැය ලේඛනය.



මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය, මංගල සමරවීර මහත්මයා අද හවස 3.00ට අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. 2018 අයවැය වෙනුවෙන් වුන විසර්ජන පනත් කෙටුම්පත, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ පහුගිය ඔක්තෝම්බර් 9 වන දා. ඒ, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහත්මයා විසින්.

මෙවර අයවැය ඇමැති මංගල සමරවීරගේ මංගල අය වැය මෙය වන අතර එය සුවිශේෂි එකක් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. 

කොරියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක්

ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර පවතින සුහදශීලී මිත්‍රත්වය හා ආර්ථික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින්, සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීම පිණිස 2017-2019 කාලපරිච්ඡේදය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 500කට සමාන ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට කොරියානු රජය එකඟ වී තිබේ.

බැඳුම්කර කොමිසමක් පත් කළාට ආණ්ඩුවේ අයත් මට ගහනවා - ජනපති

මහ බැංකු බැඳුම්කර සිදුවීම සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කළ නිසා මට ආණ්ඩුවේම අය දැන් පහරදෙනවා යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද(8) මාදුළුවාවේ සෝභිත හිමි දෙවර්ෂ පූර්ණ ගුණ සමරු උළෙලදී පැවසීය.

බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේදී පැවති මෙම ගුණ සමරු උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා මෙසේද කීවේය.

දූෂිත නිලධාරීන් පොලිසියෙන් ඉවතට පන්නන ලකුණු

පොලිස් සේවයට ඇතුළුවී දූෂිතව කටයුතු කරන දුෂ්චරිතවත් පොලිස් ස්ථානාධිපතිවරුන් අතරින් සියයට පනහක් ශුද්ධ කර ඇති අතර ඉතිරි සියයට පනහ මේ වන විටත් ශුද්ධ කරමින් සිටින බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

විවිධ දේශපාලන හිතවත්කම් සමඟ පස්සා දොරෙන් පොලිසියට පැමිණි එම පොලිස් නිලධාරීන් කවුද යන්න හඳුනාගෙන ඇති බවද පොලිස්පතිවරයා හෙළිදරව් කළේය.

පොලිස් ස්ථානාධිපතිවරුන්ට අමතරව පොලිස් කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ද මේ ආකාරයෙන්ම ශුද්ධ කරගෙන යන බව පවසන පොලිස්පතිවරයා පොලිස් කොට්ඨාස 42ක් අතරින් 38ක්ම මේ වනවිට ශුද්ධකර අවසන් බවද පැවැසීය.

Wednesday, November 08, 2017

කලාකරුවන් කඩේ ගියාට, නාමල් ආමි එකෙන් පඩි ගෙවා ඇත්තේ මෙන්න මෙහෙමයි

ජනප්‍රිය කලාකරුවන් වන ක්‍රිෂාන්ත එරන්දක, අර්ජුන් කමලනාත් සහ ප්‍රියංකර පෙරේරා 2015 වසරේ ජනවාරි මාසය දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන ස්වෙච්ඡා පොදු සේවා බලකායෙන් මාසිකව වැටුප් හා ආහාර දීමනා ඇතුළුව රුපියල් 60,000 කට ආසන්න ප්‍රමාණයක් වංචා සහගතව ලබාගෙන ඇති බව යුද හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මෙම ජනප්‍රිය කලාකරුවන් තිදෙනා මෙසේ යුද හමුදාවේ දෙවන ස්වෙච්ඡා පොදු සේවා බලකායට නාමිකව බඳවාගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නියෝගය මත බව විමර්ශනවලදී වැඩිදුරටත් හෙලිදරව් වී ඇති බවයි එම වාර්තා වල සඳහන් වන්නේ.

රවීගේ මන්ත්‍රී ධූරයත් හැරයයි?


අනීකා විජේසූරිය මහත්මියට තර්ජනය කළ බව කියන ශනිල් නෙත්තිකුමාර නමැති පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ ඥාතියෙකු නොවන අතර, එසේ ඥාතියෙකු බව අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඔප්පුකළහොත් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එසේ ඔප්පුකිරීමට නොහැකි වුවහොත් අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා බැඳුම්කර කොමිසමෙන් සමාව ගතයුතු බවද රවි කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියේ වරප්‍රසාද කඩවීමේ ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 6ක බදු අඩුවේ - ‍පෙට්‍රල් ගැනත් ඉගියක්

පෙට්‍රල් ඇතුළු ඉන්ධන පිළිබඳව ද විශේෂ ප්‍රවෘත්තිය වෙනත් ස්ථානයකින් දැන ගන්නට ලැබෙන බව මුදල් හා ජන මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අද(08) කියා සිටියා.

ඔහු මේ බව කියා සිටියේ , අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 6 ක් මත පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කර තිබෙන බව ප්‍රකාශ කළ මාධ්‍ය හමුවේ දී පෙට්‍රල් අර්බුදය ගැන මාධ්‍ය විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මුදල් අමාත්‍යාංශයේ දැන් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළේ අර්තාපල්, ලොකු ළුෑණු, පරිප්පු, කරවල, පොල්තෙල් සහ එළවළු තෙල් යන භාණ්ඩ වර්ගවල බදු පහත දමා ඇති බවයි.

අන්ධ උපාධිධාරීන් සිව්දෙනකුට රැකියා දෙන්න ඇමැති දුමින්ද පොරොන්දු වෙයි

උපතින්ම දෙනෙත් අන්ධ වූවද, උපරිම උත්සාහයෙන් අධ්‍යාපනය ලබා උපාධියක්‌ ලබාගෙන රැකියාවක්‌ අපේක්‍ෂාවෙන් සිටින අන්ධ තරුණ තරුණියන් සිව්දෙනකුගේ රැකියා සිහිනය සැබෑ කරන බවට ඇමැති දුමින්ද දිසානායක මහතා පොරොන්දු විය.

ඊයේ (07 දා) උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ඇමැතිවරයාගේ නිල කාමරයේදී දුමින්ද දිසානායක ඇමැතිවරයා මෙසේ පොරොන්දු විය. දෙනෙත් නොපෙනෙන තරුණියක්‌ හා තවත් තරුණයෝ දෙදෙනෙක්‌ සිය දෙමාපියන් සමගින් පැමිණියහ. තවත් එක්‌ අන්ධ උපාධිධාරියකු සිටින බවත් ඔහු අසනීප තත්ත්වයක්‌ නිසා අමාත්‍යවරයා හමුවට ඊයේ නොපැමිණි බවත් ඔවුහු පැවසූහ.

මාරාන්තික උපවාසය දිගටම - ජනපති හා සාකච්ඡා කළත් සයිටම් විසඳුමක්‌ නැහැ

රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමවුපියන් හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර ඊයේ (06 වැනිදා ) පැවති සාකච්ඡාවෙන් පසුවත් නිශ්චිත ප්‍රතිඵලයක්‌ නොලැබීම නිසා මාරාන්තික උපවාසය අඛණ්‌ඩව පවත්වාගෙන යාමට දෙමවුපිය සංගමය තීරණය කළේය.

සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම නතර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්‌ දෙමවුපියන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වැඩ බලන ජනාධිපති ලේකම් සුමිත් අබේසිංහ මහතා ඇතුළු නිලධාරින් පිරිසකට දෙමවුපියන් යොමු කර තිබේ. වෛද්‍ය පීඨවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම, මුදල් ගෙවා වෛද්‍ය උපාධි ලබා දෙන ආයතන පවත්වාගෙන යැම නතර කිරීම ද දෙමවුපියන් ඉදිරිපත් කළ යෝජනා අතර වෙයි.

එක්සත් ජාතික පෙරමුණ ලෙස පළාත් පාලන ආයතන 80%ක් ජයග්‍රහණය කරනවා

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පෙරමුණ ලෙස පළාත් පාලන ආයතන සියයට අසූවක් ජයග්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ(07) පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිණි.

එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සුබවාදීව, යුහුසුලුව කටයුතු කරන බවද මන්ත්‍රීවරයා කීය.

ඉන්ධන අර්බුදයට හේතුව ගැටලු සහගත ආනයන ප්‍රතිපත්තියයි

රටේ ඉන්ධන අර්බුදයක් නිර්මාණය වීමට ප්‍රධානතම හේතුව ඉන්දියන් තෙල් සමාගම ගෙන්වන ලද තෙල් නැවක් නියමිත ප්‍රමිතියට නොමැතිකම නිසා ප්‍රතික්ෂේප වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.

ස්ථාවර නියෝග 23 (2) යටතේ අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අනුර දිසානායක මහතා මෙසේ ද කීය.

Tuesday, November 07, 2017

සෝල් නගරය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ නගරයක් සමග සහෝදර නගර සබඳතාවක්

කොරියාවේ අගනගරය වන සෝල් නගරය, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ නගරයක් සමග සහෝදර නගර සබඳතාවයක් ඇතිකර ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව සෝල් නගරයේ නගරාධිපති Park Wonsoonමහතා පවසයි.

දිවයිනට පැමිණ සිටින සෝල් නගරයේ නගරාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් කොරියානු ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිස (7) දා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡාවට ලක්විය.

මෙවර මංගල ගෙනෙන්නේ 'මඩ' අයවැයක් බවට හෝඩුවාවක්

 මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලබන 09 වන බ්‍රහස්පතින්දා ඉදිරිපත් කිරීමට නියමිත ඔහුගේ මංගල අයවැය කතාවේදී, රාජපක්ෂවරුන්ගේ මෙතෙක් හෙළිදරව් නොව වංචා දුෂණ හා අයතා ගනුදෙනු රැසක් හෙළිදරව් කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

IOC තවත් ගේමක් එළියට පනියි - IOC පිරවුම්හල්වලින් තෙල් ගහන්නෙ බලාගෙනයි

පෙට්‍රල් අර්බුදය මැද සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිහදු කරන පෙට්‍රල් ඛණිජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වලට ලබා නොදී ලංකා ඉන්දියන් තෙල් සමාගමට ලබාදීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් සේවකයන්ගේ නොසතුටක් මතුව ඇතැයි වාර්තා වේ.

සපුගස්කන්ද තෙල්පිරිපහදුවේ පිරිපහදු කරන පෙට්‍රල් කොළොන්නාව තොග නිමාවට පොම්ප කරන අතර එහි සිටින ප්‍රධානින් එසේ ඉන්දියන් තෙල් සමාගමට එම පෙට්‍රල් ලබා දෙන බවට සේවකයෝ චෝදනා කරති.

තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වලට මෙසේ කුඩම්මාගේ සැලැකිළි දක්වන්නේ දවයින පුරා පිහිටි වැඩිම තෙල් පිරවුම්හල් ගණන ඔවුන් සතුව තිබයදීය.

මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම පිලිබඳ සාකච්ඡාවක්

මත්ද්‍රව්‍ය ලෙස යොදාගන්නා ඖෂධ ජාවාරම් වැටලීම සඳහා පවතින ඖෂධ නීති බලාත්මක කිරීමේ හැකියාව පිලිබඳ සාකච්ජාවක් පසුගියදා (06) අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. රජයේ අනුමත් ඖෂධ වර්ග කිහිපයක් සහ නීති විරෝධිව මෙරටට ගෙන එන ඖෂධ මත්ද්‍රව්‍ය ලෙස පුද්ගලයින් භාවිත කරන බැවින් එවැනි ඖෂධ පාලනය කිරීමට සහ නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන ඒම වැලැක්වීම පිළිබඳවද මෙම සාකච්ජාවේදී දීර්ග වශයෙන් සාකච්ජා කරනු ලැබීය. පාසල් සිසුන් මෙන්ම තරුණ පරපුර ඇතුළු සමස්ත ජනතාවම මෙම මත් උවදුරින් බේරාගැනීම සඳහා පවතින නීති කඩිනමින් දැඩි කිරීමටත් සිදුකරනු ලබන වැටලීම් මගින් ඒවා රටතුලට ගෙන එන ප්‍රබලයින් අල්ලාගැනීමට අවශ්‍ය කටයුතු යෙදීමටද, සියලු අංශ එක්ව ඉදිරියට ක්‍රියාකිරීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා එහිදී උපදෙස් ලබාදෙනු ලැබුවා.

සන්ධානයේ ලුණුගම්වෙහෙර ප්‍රබලයෝ 5ක් එජාපෙට එක්වෙති

ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු සභාපතිවරුන් දෙදෙනෙකු,හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු , මෙවර ඉදිරිපත් වන අපේක්ෂකයකු හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවේදකයකු  “සදිසි ගම” උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පසුගියදා පැවති උත්සවයේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්හ.

එහිදී අදහස් දැක්වූ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුවන චන්ද්‍රසිරි සිරිවර්ධන මහතා

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සන්වර්ධෙන වැඩසටහනට සහයෝගය දෙන්නට හිටපු මහජන නියෝජිතයෙක් හැටියට මට හැකිවීම පිළිබද ම අද සතුටුවන දවසක්.

 රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමත් ජනාධිපති තුමාගේ කාලයේ නිවාස සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් එදා අගුණකොළවැව ‘සෙත්සිරිගම’  කළ ආකාරය ගැන මගේ සිහියට ආවා. එදා පටන් මේ දක්වා මොන රජය ආවත් ලුණුගම්වෙහෙර හැම සංවර්ධන කටුත්තකටම දායකත්වය හා නයකත්වය ලබා දීමට හැකි වීම ගැන මා සතුටු වෙනවා. මා යු. එන්. පී රජයේ සිට පොදු පෙරමුණ රජයට හෝ පොදු පෙරමුණෙන් යු. එන්.පීයට ගොස් මගේ පුද්ගලික වරප්‍රසාද දිනා ගැනීමට බලාපොරොත්තු වුනේ නෑ. ඉදිරියට බලපොරෝත්තු වන්නෙත් නැහැ. විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු ලෙස මා අවුරුදු 18ක් කළ රැකියාවක් එදා මා එජාප මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කළ නිසා එවකට පැවති රජය මගෙන් අරගෙන වෙනත් කෙනෙකුට දුන්නා. එදා මම ඒ වරප්‍රසාද ලබා දෙන්න කියා ඒ රජයේ නායකයන්ගෙන් ඉල්ලන්න ගියේ නෑ. එසේම මා සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් මගේ වරප්‍රසාද ලබාදෙන්න කියා ඉල්ලන්නෙත් නෑ.

මංගලගේ මංගල අයවැය දේදුනු අනන්තයේදී සැකසෙයි

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලබන 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2018 වර්ෂය සඳහා වන අය-වැය වාර්තාව සිය නිවස වන 'දේදුනු අනන්තය' හෙවත් Rainbows endසිට සකස් කරමින් සිටියි.

පානදුර බොල්ගොඩ ගඟ ආශ්‍රිතව දර්ශනීය භූමියක පිහිටා ඇති මුදල් අමාත්‍යවරයාගේ නිවසේ සාමාන්‍යයෙන් පවතින නිහඬ බව බිඳිමින් මේ දිනවල උදෑසන සිට මධ්‍යම රාත්‍රිය දක්වා විවිධ මට්ටමේ සාකච්ඡා පැවැත්වෙන අතර, මංගල ඇමතිවරයා තමන්ගේ මංගල අයවැය ප්‍රතිපත්තිමය අයවැයක් ලෙස ඉදිරිපත් කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවද වාර්තාවෙයි.

ශ්‍රීලනිප සභාපති ධුරයට චන්ද්‍රිකාට ?

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස පත් කර අමාත්‍ය ධුරයක්ද ලබා දී ඉදිරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී පක්ෂයේ නව සභාපතිනිය ලෙස පත් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

බාල තෙල් නැව ගන්න කියා අර්ජුනට බලපෑම්කල ඩීල් ඇමත් කවුද?

ඉන්දීය ඔයිල් සමාගම ආනයනය කළ ප්‍රමිති පරීක්ෂාවෙන් අසමත් වූ ඉන්ධන නෞකාව රට තුළට ගන්නැයි තමාට විශාල ලෙස දේශපාලන බලපෑමක් පැමිණි බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ (6දා) පැවැසීය.

Monday, November 06, 2017

කනිෂ්ඨ මන්ත්‍රී කාංචන සංධාන ලේකම් අමරවිරට බඩ පිරෙන්න දෙයි. හිරු බලය අතරමැද නවතා දමයි

ඉතිහාසයේ පලමු අවස්ථාවට පක්ෂයේ සබාපති තමා නියෝජනය කල ආසනය සහ දිස්ත්‍රික්ය දෙකම පරාජය කලා. සිරිමා මැතිනිය පක්ෂ නායිකාව හැටියට විපක්ෂයේ ඉන්න අවධියේ පවා තම ආසනය වු අත්තනගල්ල රැක ගත්තා යයි තරුණ නවක මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පැවසිය.

දෙමටගොඩදී ඩිෆෙන්ඩරයෙන් කොල්ලෙක් පැහැර ගැනීමට හිරුණිකා සම්බන්ධ නෑලු - අනිත් හැමෝම සම්බන්ධයිලු

2015 වසරේ දෙැසම්බර් මාසයේදී දෙමටගොඩ ප‍්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගෙන ගොස් පහර දී අඩත්තේට්ටම් කලේ යයි පවරා ඇති නඩුවේදී චූදිත පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හැර සෙසු පුද්ගලයින් 08 දෙනා විසින් චෝදනා පිලිගෙන තිබේ.

‘ක්‍රිකට් ගැන කියවන්නේ නැතිව පෙට්‍රල් හිගයට පිලියම් දෙන්න’ අර්ජුනගේ රැවුල ගිනිගත් වෙලේ ඇමති දයාසිරි සුරුට්ටු පත්තු කරයි

2019 ක්‍රිකට් හදන්න කලින් කරන්න තියෙන්නේ වාහන වලට පෙට්‍රල් ටික හරියට ලබා දෙන්න අර්ජුන රණතුංග මහතාට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරන බව යහපාලන අමාත්‍ය මණ්ඩල සමාජික වර්තමාන ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.


සමාජ ආරක්ෂණ සම්මාන උළෙල ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ ජාතික සම්මාන උළෙල 2017, අද (06) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙඑම් පොකුණ රගහලේ දී පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් ක්‍රියාත්මක කෙරෙන විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ක්‍රමය ක්‍රියාත්මක කරමින් ලබා දී ඇති ඉලක්ක ළගා කරගත් රාජ්‍ය නිලධාරීන් වෙත සම්මාන හා සහතික පත් ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදුවිය.

ගුරු වැටුප් වැඩිවන ලකුණු ?

ඉදිරියේදී ගුරු වෘත්තිය ඉහළ වැටුපක් ලබන වෘත්තියක් බවට පත්කිරීම තමාගේ අපේක්ෂාව යැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ පසුගියදා බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතනයේ පැවති කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද කීය.

නිත්‍යනුකූල ඉඩම් හිමිකම් ඔප්පු ලබා දීමේ මාතර දිස්ත්‍රික් ක්‍රියාන්විතය ඇරඹේ.

රටේ ජනතාව ප්‍රශ්නවල කොටස්කරුවන් කරනවා වෙනුවට විසඳුම්වල කොටස් කරුවන් බවට පත් කිරීමේ අරමුණ තම දේශපාලන දැක්ම බවත් ඒ අරමුණ පෙරදැරි කරගනිමින් නිත්‍යනුකූල ඉඩම් හිමිකම් ඔප්පු නොමැති පවුල් වෙනුවෙන් ඉඩම් ඔප්පු ලබා දීම සිදු කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නිත්‍යනුකූල ඉඩම් හිමිකම් ඔප්පු නොමැති පවුල් 4000කට ආසන්න ප්‍රමාණයකට නීත්‍යනුකූල ඉඩම් හිමිකම් බලපත්‍ර ලබාදීම වෙනුවෙන් දෙණියායේ දී ඊයේ (05) පැවැත්වූ උත්සවයේ දී ය.

මීගමු මුඩ්ලියරුත් එක්ක UB ෆිනෑන්ස් කම්බා හොරකමක

මීගමුව මහාධිකරණයේ තෝල්කමුදලි බව කියන ශෂික ගංගානාත් සුදුහෙට්ටි නමැත්තා ඉඩම් මංකොල්ලයක් සාධාරණීකරණය කිරීම වෙනුවෙන් මීගමුව පොලීසියට දැඩි බලපෑම් කර ඇති බව වාර්තා වේ.


මීගමුව පෙරියමුල්ල ‘කොන්ටිනන්ටල් රෙසිඩන්ස්’ හී බ්ලොක් 65, පර්චස් 10ක ඉඩමට එහි නියම හිමිකරුට ඇතුල්වීමට ඉඩනොදීම සම්බන්ධව සිදු කළ පැමිණිල්ලක් මීගමුව පොලීසියේ විභාග කළ අවස්ථාවේ මීගමුව මහාධිකරණයේ තෝල්කමුදලි ඉඩම් මංකොල්ලකරුගේ පාර්ශ්වය වෙනුවෙන් පොලීසියට පැමිණ මෙසේ බලපෑම් කර ඇත.

වාර්තා වන ආකාරයට මහාධිකරණයක තෝල්කමුදලිට මෙසේ පොලීසියට පැමිණ බලපෑමක් කිරීමට තබා සිවිල් නීති කඩකිරීමක් සම්බන්ධව සිදු කරන පොලිස් විමර්ශනයකට මැදිහත්වීමට හැකියාවක් පවා නොමැති නමුත් ශෂික ගංගානාත් සුදුහෙට්ටි නම් තෝල්කමුදලි සිය රාජකාරියේ ස්වභාවය මත ඇතිවන දැනහැඳුනුම්කම බලයක් ලෙස ගෙන මෙසේ පොලීසියට බලපෑම් කර ඇත.

ගාල්ලේ එජනිස ලැයිස්‌තුව අවලංගුවන ලකුණු?

ද්විත්ව පුරවැසි භාවය ලබා තිබීම නිසා ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසිවූවා නම් ඇය සමඟ ගාල්ල දිස්‌ත්‍රික්‌කයට තරග කළ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන නාම යෝජනා පත්‍රයම අහෝසිවිය යුතු යෑයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා ඊයේ (05 දා) පැවැසීය.

මැතිවරණයට ඉදිරිපත්වීමට නුසුදුසු අයකු ඉදිරිපත් කර තිබීම සැලකිල්ලට ගැනීමේදී එම තැනැත්තාගේ නම සහිත එම සම්පූර්ණ නාමලේඛනයම අහෝසිවිය යුතු යෑයිද ඒa මහතා කියා සිටියේ ඊයේ (05දා) විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

Sunday, November 05, 2017

හම්බන්තොට වරායේ වැඩ ලබන මස අරඹන බව අගමැති කියයි

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ලබන මාසයේදී චීන සමාගම් විසින් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෛත්‍රී රනිල් මහින්ද වෙන වෙනම එන ලකුණු ?

ඉදිරි පළාත් පාලන මැතිවරණය එක්‌සත් ජාතික පක්‍ෂය, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර තුන්කොන් සටනක්‌ බවට පත්වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියේය.

එක්‌සත් ජාතික පක්‍ෂය තවත් පක්‍ෂ කිහිපයක්‌ සමග අලියා ලකුණ යටතේ තරග කිරීමට දැනටමත් තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඒකාබද්ධ විපක්‍ෂය සමග පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් එක්‌සත් ජනතා නිදස්‌ සන්ධානය යටතේ තවත් පක්‍ෂ කිහිපයක්‌ සමග එකතුව තරග කිරීමට පසුගියදා තීරණය කර ඇත.

අධ්‍යාපනය නංවන වැඩපිළිවෙළට රජයේ ආධාර ලබන පාසල් ද එක්කර ගන්නවා - අගමැති

රජයේ පාසල් සහ ආධාර යටතේ පාලනය වන පාසල් යන දෙඅංශයම, රටේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමේ වැඩපිළිවෙළට එක්කර ගැනීමට බලාපොරොත්තු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දැනට ආධාර ලබාදෙන පාසල්වල ආධාර තවත් වැඩිකිරීමට තීරණය කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය. අගමැතිතුමා එසේ කියා සිටියේ ඊයේ (03) පෙරවරුවේදී මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ පැවති ක