BREAKING NEWS
latest

728x90

468x60

Saturday, November 18, 2017

ශ්‍රීලනිපය - ඒකාබද්ධය සමගි වෙන ලකුණු?

මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්ව තරග කිරීමේ සම්මුතිවාදී සාකච්ඡා ඉදිරි සතියේදී යහපත් ලෙස අවසන් කිරීමට හැකි වෙනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාසය පළ කරයි.



දෙපාර්ශ්වය සමගි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ සම්පූර්ණ සහයෝගය ලැබෙන බව එම සාකච්ඡා සඳහා පෙරමුණ ගෙන සිටින ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයෙකු ලක්බිමට පැවැසීය.

ගිංතොට දැන් සංසුන් - ජාතිවාදී ගැටුම් ඇති කරන්නන්ට ඇමති සාගලගෙන් රතු නිවේදනයක්

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ දී ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ප්‍රදේශයේ නීතිය හා සාමය සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
එසේම හානි අවම කරගැනීමේ වගකීමෙන් යුතුව කටයුතු කරන සියලුම මාධ්‍ය ආයතන සහ අදාළ සියලුම පාර්ශව වෙත ස්තූතිය පුදකරන බවත් සිද්ධිය සැළවූ වහාම තමා පොලිස්පතිවරයා සමඟ දුරකකතනයෙන් සම්බන්ධවී අවශ්‍ය සියලු උපදෙස් ලබා දුන් බවත් අමාත්‍යවරයා ප්‍රකාශකළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
එහිදී ඔහු මෙසේ ද කීය.

ගෝඨාට අල්ලස් චෝදනා

රුපියල් බිලියන 11.4ක් රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අටදෙනකුට එරෙහි අල්ලස් නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලෙසට මූලික විරෝධතා ගොනු කරමින් විත්තිය අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නඩුව විභාගය සඳහා දින නියම කළේය.

සිද්ධිය ඊයේ (17) නැවත කැඳවූ අවස්ථාවේ දී මූලික විරෝධතා සම්බන්ධ නියෝගය නිකුත් කිරීමට නියමිතව තිබූ අතර, දිර්ඝ නියෝගයක් ඉදිරිපත් කරමින් මහෙස්ත්‍රාත්වරයා විත්තියේ විරෝධතාව ප්‍රතික්ෂේප කළේය.

Friday, November 17, 2017

ජනාධිපති මාධ්‍ය අංශයේ ලොක්කන්ගේ මොන්ටිසෝරි වැඩ සහ බල අරගලය - මේ මඩ ඔක්කොම ජනපතිට ද?

ජනාධිපති සම්බන්ධිකරන ලේකම් වරයෙක් වශයෙන් සේවය කරන ශිරාල් ලක්තිලක සහ හිටපු සමාජ ජාල ප්‍රධානි ඕශල හේරත් අතර මත ගැටුමක් වර්ධනය වී ඇති අතර එය සමාජ ජාල වෙබ්අඩවි තුල එළිපිට මඩ ගසා ගැනීම දක්වා වර්ධනය වී ඇති බව පෙනෙන්නට තිබේ.

මංගල විපක්ෂයේ සිට කියූ අනාවැකියක් සැබෑ කරමින් shangri-la විවෘත වේ

වත්මන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විරුද්ධ පක්ෂයේ සිටියදී කියූ දේශපාලන අනාවැකියක් ඊයේ(16) සැබෑ වී තිබේ. එකී අනාවැකිය ඊයේ සැබෑ වූයේ ෂැංග්‍රිල්ලා කලම්බු හෝටලය විවෘත කිරීමත් සමගය. එදා මංගල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ ‘කවුරු මුල්ගල තිබ්බත් ෂැංග්‍රිලා හෝටලය විවෘත කරන්නෙ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ එහි නායකයින්' බවයි.

ෂැංග්‍රිලා හෝටලයට එදා මුල්ගල තැබුවේ එවක පැවති රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ය. ෂැංග්‍රිලා කලම්බු හෝටලයේ දේශීය නියෝජිතයා වන මංගලගේ සමීපතම මිතුරෙකු වන සජාඩ් මව්සුන් පවා එදා මංගලගේ කතාවට සිනා පහල කලේ මංගල දවල් හීන දකිනවා යැයි කියමිනි. එකල ඔහු මංගලට උදව් කලේ හොර රහසේය. අද ඔහු මංගලගේ සෙවනැල්ල මෙනි. අද ඔහු බැසිල් දිහා හැරිලාවත් බලන්නේ නැත. දේශපාලනයේ හැටි එසේය. නමුත් ඔහු රාජපක්ෂලාට යටින් උදව් කරනවා විය හැක. ශ්‍රී ලංකාවේ දේශපාලන හා ව්‍යාපාර කටයුතු එකි නෙක වෙලී බැඳී පවතින හෙයින් ඒ පිළිබඳව සජාඩ්ට දොස් කිව නොහැක.

ඒකාබද්ධය විපක්‍ෂය ඕනෑම මොහොතක ඡන්දයට ලෑස්‌තියි –මහින්ද

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්‌ඩුව ගන්නා උත්සාහයන් ඒකාබද්ධ විපක්‍ෂය පිට පැවරීමට. තැත්කළද ඕනෑම මොහොතක පළාත් පාලන මැතිවරණයට මුහුණදීමට ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (16 වැනිදා) මාධ්‍යට පැවසීය.

ආර්ථික අර්බුදයෙන් ගොඩයන හැටි අනුර කියයි

රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩයෑමට නම් නව ආර්ථික උපයෝගී මාර්ගයක් අනුගමනය කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මෙවර අයවැය ලේඛනය තුළින් එවැනි උපායමාර්ග අනුගමනය කර නොමැති බවත්, ආර්ථිකය ලිහිල් කිරීම එයට පිළිතුරක් නොවන බවත් දිසානායක මහතා පැවසීය.

අයවැය දෙවැනිවර කියවීමේ අවස්ථාවට ඊයේ (16දා) පාර්ලිමේන්තුවේදී සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව කීවේය.

රවීගේ සිය පවුලම සහ කෝප් කමිටුවේ 05ක් ඇලෝසියස් සමග සාකච්ඡා කරලලු

මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය සිදුවන සමයේ මුදල් ඇමතිව සිටි රවී කරුණානායක මහතා අර්ජුන් ඇලෝසියස් සමග 2015 පෙබරවාරි 01 සිට 2017 ජුනි 01 දක්වා කාලය තුළ අවස්ථා 87කදීත් දුරකථන සංවාදයේ යෙදී ඇති බව එම ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේදී ඊයේ (16) අනාවරණය වී තිබේ.

ඒ එම ගනුදෙනු සම්බන්ධ පරීක්ෂණ සඳහා සහාය වීමට පත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික ආධාර ඒකකයේ නිලධාරීන් විසින් අද දින බැඳුම්කර කොමිසම වෙත ලබාදුන් සාක්ෂිවලින් සහ වාර්තා මගින් අදාළ කරුණු හෙළි දරුව් වී ඇත.

Thursday, November 16, 2017

සාගල කෘත්‍යාධිකාරී මණ්ඩලයට බෝම්බයක් රැගෙන කඩා පනී

සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ඊයේ ( 15 ) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් විශේෂ හෙළිදරව්වක් කරන ලදී. ඒ බරපතල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබූ සහ සිදුකරනු ලබන විමර්ශන පිළිබඳවය.
එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කලේ බරපතල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයවිසින් මේ වන විට විමර්ශන සඳහා ලේඛනගත කර ඇති මුළු විමර්ශන සංඛ්‍යාව 370 ක් බවයි. ඒ අතරින් ලිපිගොනු 73 ක් වෙනත් ආයතනවල විමර්ශන සඳහා යොමුකර ඇති බවයි.
එසේම ලිපිගොනු 93 ක් නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති නමුත් නඩු පවරා ඇති විමර්ශන සංඛ්‍යාව 13 ක් පමණක් බව ඇමති සාගල ප්‍රකාශ කරත්ම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෝ තුෂ්නිමුභූතව එසේ වන්නේ කෙසේ දැයි සාගලගෙන් ප්‍රශ්න කළහ.

තෙල් පෝලීමේ ඉද්දි පොලිසිය කරන්න ගිය අසාධාරණ වැඩේට විරුද්ධ වුන තරුණයව හිරේට දාන්න මාන බලයි

පසුගිය සතියේ ශ්‍රි ලංකාව තුළ පැවති ඉන්ධන හිගය හේතුවෙන් රියදුරන් ඒ වගේම සාමාන්‍ය ජනතාව විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පට් වුණා. සියලු දිස්ත්‍රික් වල මෙම තත්වය බල පැවැත්වෙන බැවින් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව අධික රථ වාහන තදබදයක් ඇති වී තිබුනා. මේ සියලු දුක් දොම්නස් මැද පසුගිය සතියේ දින කිහිපයේදී සාමාන්‍ය ජනතාව හිමිදිරි උදෑසන සිටම ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලීම් වල සිටිමින් තෙල් ලබා ගැනීමට උත්සුක වී තිබා.


Wednesday, November 15, 2017

පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ පෙට‍්‍රල් බවුසරයට බූමිතෙල් කලවම් කරද්දී අතේ මාට්ටු

ගලේවෙල මකුලු ගස් වැව ප්‍රදේශයේ පිහිටි අතහැර දමා ඇති කළුගල් මෝලක බව්සර් රථ සගවා මෙම ජාවාරම සිදු කරමින් සිටියදී එම ස්ථානය වටලා ඇත. පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම මෙම ස්ථානයට යන විටත් බවුසර් රථයේ රියැදුරු සහ රිය සහයක ඉන්ධන බවුසරයෙන් පැට්රල් ලීටර් සියයකට අධික ප්‍රමාණයක් පිටතට ඇද බූලි සහ බැරල් වලට පුරවා තිබුනි.

බවුසරයෙන් ඉවත් කරන පැට්රල් ප්‍රමාණයට සරිලන පරිදි වෙනත් ලොරි යකින් එම ස්ථානයට රැගෙන එන භූමිතෙල් ඉන්ධන බවුසරයට පිරවීම සිදු කර ඇත. ඉන්ධන බවුසරයේ රියැදුරු රිය සහයක සහ භූමිතෙල් රැගෙන ආ කුඩා ලොරි රථය ද එහි රියැදුරුද අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වෙතත් ලොරියේ රියදුරු පසුව එම ස්ථානයෙන් පළා ගිය බව පොලිසිය කියයි.

ජාතික තරුණසේවා සභාවේ සභාපති දූරය වෙනස් වන බවට හෝඩුවාවක් - නම් තුනක් යෝජනා වේ

ජාතික තරුණසේවා සභාවේ සභාපති දූරය ඉදිරියේදී වෙනස්වීමට ඉඩ ඇතිබව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි. ඒ වත්මන් සභාපතිවරයාට එජාප මහරගම සංවිධායක දූරය හිමිවීමත් සමගයි. තවමත් පුරප්පාඩුවන සභාපති දූරය සදහා පත්වන්නේ කවුරුන්දැයි නිශ්චිතව හෙලීවී නොමැත.


නමුත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරන පරිදි මේ සදහා එජායේ තරුණ නායකයින් තිදෙනෙකු මේ සදහා යෝජනා වී ඇති බවයි.

ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි - අපිට පඩි ලැබෙනවා..ඒ ඇති -BOI

ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා පැමිණෙන්නැයි නිරන්තරයෙන් ශ්‍රීලංකා ආණ්ඩුවේ නියෝජිතයන් ජාත්‍යන්තර සමුළුවලදී ආරාධනා කළද ඒ වෙනුවෙන් ශ්‍රීලංකාවට පැමිණි විට එළවා දමන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ශ්‍රීලංකාව තුල ආයෝජනය කිරීමට යාම නොකළ යුතු බවට තම සමාගම් එකතුව විසින් නුදුරේම නිවේදනයක් නිකුත් කරන බව විදේශ සාමාගම් ප්‍රධානියකු අප වෙත පැවසීය.


තම සමාගම ඇතුලුව තවත් සමාගම් ‍රැසක් ශ්‍රීලංකාවේ ආයෝජනය සඳහා ව්‍යාපෘති වාර්තා ලබා දී තිබුණද ඒ වෙනුවෙන් අල්ලස් ඉල්ලීම මීට ප්‍රධාන හේතුව බව ඔහු පෙන්වා දෙයි. එම අවශ්‍යතාවය සපුරන තෙක් ආයෝජන මණ්ඩලය ව්‍යාපෘති වාර්තා සලකා බැලීමක්වත් සිදු නොකරන බවත් ඔහු පවසයි.

එජාපය අර්බුදයක ? විජේදාස, රාජිත, අර්ජුන ශ්‍රීලනිපයට?

එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් සිව් දෙනෙකු ලඟදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ කටයුතු කරන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග යන ඇමැතිවරුත් එජාපයේ මහරගම සංවිධායක, හිටපු ඇමැති විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයට එක්වීමට කැමැත්ත පළකර ඇති බවත් තවත් එජාපයේ ප්‍රබලයෙකු ස්ථීර ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් වාර්තා වේ.

බිලියන 02 යි මිලියන 400 ක පාඩුව ලබාදෙන්නැයි ඇවන්ගාඩ් නඩු මඟට

නිත්‍යානුකූල ආකාරයෙන් ගිවිසුම් අත්සන් කර මුහුදු ආරක්‍ෂක සේවා සිදුකළ සිය සමාගමට අයත් නෞකාව නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීම නිසා සිදු වූ රුපියල් බිලියන දෙකයි මිලියන හාරසියයක අලාභය ආරක්‍ෂක හමුදා මාණ්‌ඩලික ප්‍රධානි අද්මිරාල් සී. සී. විඡේගුණරත්න මහතා ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් අයකර ගැනීමට නියෝගයක්‌ නිකුත් කරන ලෙස ඉල්ලා ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස්‌ සමාගම කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

දුමින්ද කුලියට ගත් ගොඩනැඟිල්ලට ජවිපෙ 'අත තියයි

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සබීතා පෙරේරා මහත්මියගේ ගොඩනැඟිල්ලට ගෙවන මාස දෙකක කුලිය රටේ විශාලතම බෞද්ධ පුස්‌තකාලයක්‌ සෑදීමට මෙවර අයවැයෙන් වෙන්කළ මුදලට සමාන බව ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්‌ස මහතා ඊයේ (14 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කුලී ගෙව්වද මෙතෙක්‌ කාර්යාල කටයුතු පවත්වාගෙන නොයන රාජගිරියේ පිහිටි මෙම ගොඩනැඟිල්ලට දවස්‌ දොළහකට ගෙවන කුලිය කලාකරුවන්ට රක්‌ෂණ ආවරණයක්‌ ලබාදීමට වෙන්කළ මුදලට සමාන බව ද මන්ත්‍රීවරයා කීවේය.

Tuesday, November 14, 2017

ඇමතියෙක් හමුවෙන්න වාර 28ක් ගිය එජාප සංවිධායක

ඡන්ද 48,000 ක් ගත් තමාට ඇතැම් අමාත්‍යවරු මුණගැසීමට 28 වතාවක් යෑමට සිදුවූ බවත්, ඇතැම් ඇමතිවරුන් එසේ හෝ හමුවීමට නොහැකිවූ බවත්, හබරාදුව එජාප සංවිධායක ධූරයෙන් ඉවත් කරන ලද චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ හබරාදූව සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.

චන්ද්‍රලාල් මහතා වැඩිදුරටත් මෙසේද කීය.

“මම අවුරුදු දෙකහමාරක් විතර මේ ආසනයේ වැඩ කරා. මම දන්නෙත් නෑ මාව සංවිධායක ධූරයෙන් අයින් කරා කියලා. හැබැයි මම කලින් ඉල්ලා අස්වීමේ ලියුම් තුනක් දීලා තිබුණා."

මගේ නායකයාගේ බෙල්ල කපා, අගමැතිවීමේ අදහසක් නැහැ - මට නැත්නම් තොපිටත් නැ - මංගල

තම පක්ෂයේ නායකයා වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 'බෙල්ල කපා' දෙන අගමැතිකමක් බාර ගැනීමට තමාගේ කිසිඳු අදහසක් නැතැයි මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි.

තම දේශපාලන ජීවිතය තුල කිසිඳු අවස්ථාවක නායකත්වයට එරෙහිව කටයුතු කර නැතැයි පැවසු සමරවීර මහතා, කිසියම් මතවාදීමය හෝ වෙනත් ගැටළුවක් මතුවූ ඕනෑම අවස්ථාවක දී පක්ෂය අභ්‍යන්තරයේ සාකච්ජා කර එකඟත්වයක් ඇතිකර ගැනීම තම දේශපාලන භාවිතාව බවද කියා සිටියේය.

අමාත්‍ය මංගල සමරවීර මහතා එබව කියා සිටියේ, බැඳුම්කර කොමිසම හමුවට යාමට පෙර රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරයෙන් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා යෝජනා කර ඇති බවටත්, එම තත්වය තුල 
යම් හෙයකින් අග්‍රාමාත්‍ය වරයා ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් භාරකාර අග්‍රාමාත්‍ය ධූරය සඳහා කරු ජයසූරිය, සජිත් ප්‍රේමදස හෝ මංගල සමරවීර යන එජාප ජ්‍යේෂ්ඨන් ගේ නම් යෝජනා වනු ඇති බවටත් ඇතැම් මාධ්‍යවල පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් කල විමසීමකදීය.

ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැති 5 ක්‌ ළඟදීම විපක්‍ෂයට

ආණ්‌ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේa ප්‍රබල මැති ඇමැතිවරුන් පස්‌ දෙනකු ඉදිරි සති කිහිපය ඇතුළත ආණ්‌ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 

ජවිපෙ 28 වන ඉල්මහ සමරුව

ජනතා විමුක්‌ති පෙරමුණේ 28 වන ඉල්මහ සමරුව නායකයන්, සාමාජිකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (13 දා) සවස කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකන් ඇ.ඩොලර් කෝටි 74 ක් ණයට අරන් - මූල්‍ය පාලනය මුළුමනින්ම කඩා වැටී තිබූ බව අගමැති කියයි

ශ්‍රී ලංකන් ආයතනය සඳහා පසුගියරජය සමයේ ලබාගෙන ඇති ණය මුදල අමෙරිකානු ඩොලර් කෝටි 74 ක් බවත් එම කාලය තතුළ මූල්‍ය පාලනය මුළුමනින්ම කඩා වැටී තිබූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී (13) පැවසීය.

රාජ්‍ය මුදල් පාලනය පාර්ලිමේන්තුව විසින් සිදුකළ යුතු වුවත් පසුගිය කාලයේදී රාජ්‍ය ගිණුම් කාරක සභාවන් පවා අමතක කර කටයුතු කළ බවත් අගමැතිවරයා සිහිපත් කෙළේය.

සුරක්ෂා සිසු රක්ෂණයෙන් සිසුන් 15කට දැනටම ප්‍රතිලාභ ගෙවා අවසන්

අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය ඔක්තෝබර් 01දා සිට ආරම්භ කර ඇති සුරක්ෂා සිසු රක්ෂණාවරණය යටතේ සිසුන් 15 දෙනකුට මේ වනවිට ප්‍රතිලාභ ගෙවා අවසන්ව තිබේ.

මවුපිය මරණ දෙකක් වෙනුවෙන් රුපියල් හැත්තෑපන් දහස බැගින් ගෙවීමේ අවස්ථා දෙකක් ද මෙයට ඇතුළත්ව තිබේ.

තුන් ඈවරයි - පළාත් පාලන මැතිවරණය ජනවාරියේ - සභිකයන් 8356ක් දක්වා ඉහළට

ප්‍රථම වරට මිශ්‍ර ක්‍රමයට පවත්වන පළාත් පාලන මැතිවරණය සඳහා පළාත් පාලන ආයතන 341කට පත්විය යුතු සභිකයන් සංඛ්‍යාව ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය පසුගිය සෙනසුරාදා (නොවැම්බර් 11) නිකුත් කෙරුණි.

ඒ අනුව මෙතෙක් පළාත් පාලන ආයතන නියෝජනය කළ සභිකයන් සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා ඉහළ යයි. එය පළාත් පාලන මන්ත්‍රීවරු 3870කගේ වැඩිවීමකි.

මෙතෙක් පැවති පළාත් පාලන ආයතන සංඛ්‍යාව ද 335 සිට 341 දක්වා වැඩි වී තිබේ. ඒ අලුතින් එක්වන පොලොන්නරුව මහ නගර සභාව, මිල්ලනිය, නෝර්වුඩ්, ආගරපතන, කොටගල හා මස්කෙළිය යන ප්‍රාදේශීය සභා හේතුවෙනි.

Monday, November 13, 2017

කසිප්පු මුදලාලිගෙන් මංගලට මිලියන පනහක අල්ලසක්

මෙවර අය වැයෙන් පහළ දැමූ බීර මිල යළි ඉහළ නංවා ගැනීමට වයඹ ප්‍රදේශයේ කසිප්පු මාෆියාව මෙහෙයවන පිරිසක් මංගල සමරවීර ඇමැතිවරයාට මිලියන පනහක සන්තෝෂමක් ලබාදීමේ ප්‍රබල උත්සාහයක යෙදී ඇතැයි වාර්තා වේ.

මුදල් ඇමැති මංගල සමරවීරගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ පිරිසක් හරහා මේ මුදල ලබාදීමේ මෙහෙයුමක් මෙසේ ක්‍රියාත්මක කර ඇති බව පැවැසේ.

ජනපති ප්‍රසිද්ධ බිම සමාගමක රෙදි ගලවපු හැටි මෙන්න


ඇන්ජෙලෝ බීලා ප්‍රබෝදමත් වෙන්න කියන මයිලෝ වලට එරෙහිව මෛත්‍රී සටන අරඹයි. 
Nestle සමාගම යනු ස්විස්ටර්ලන්තයෙ මව් ආයතනය ඇති බහු ජාතික සමාගමකි.. ඔවුන් ශ්‍රී ලංකාව තුළද සිය භාණ්ඩ ඉතා ඉහළින් ව්‍යාප්ත කර ඇත. පාරිභෝගික රුචි අරුචිකම් මත සියල්ල තේරීමක් වන නිසා අනෙකුත් භාණ්ඩ සම්බන්ධයෙන් යමක් පැවසීමට අවැසි නැත.

මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන අන්දමට මයිලෝ පැකට්ටුවේ සීනි ප්‍රතිශතය 16.5%කි. එනම් සෑම මිලිලීටර 100කටම සීනි ග්‍රෑම් 16.5ක් අන්තර්ගතය. විමසා බැලීමේදි පෙනී යන්නෙ මෙය සැබෑවක් බවය.

කාවින්ද ජයවර්ධනට ජා ඇලදී පාක්ෂිකයන්ගෙන් හූ සංග්‍රහයක්

ඊයේ (12) ජා ඇල ප්‍රදේශයේදී පැවති රැස්වීමකදී එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිසත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාට එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ විරෝධය එල්ල වී තිබෙන බව ලංකා නිවුස් වෙබ් වෙබ්අඩවිය පවසයි.

රවී කරුණානායක මහතා ද සහභාගි වූ එම රැස්වීමේදී එජාප පාක්ෂිකයන් විසින් හූ කියමින් කාවින්ද ජයවර්ධන මහතාට සිය විරෝධය පළකර ඇති අතර මෙයට හේතු වී ඇත්තේ පක්ෂයේ කටයුතුවලදී එජාපයේ ජ්‍යෙෂ්ටයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා නොසලකා හැර කටයුතු කිරීමයි.

ඉතිහාසයේ ප්‍රථම වරට එකවර නිරවුල් ඔප්පු 2864 නිවාස ලාභීන්ට

රාජ්‍ය ගිණුම්කාරක සභාව මඟින් සංවිධානය කළ 2015 වසරේ ආර්ථික සංවර්ධන ක්‍රියාකාරීත්වය කෙරෙහි නීතිය හා විදි විධාන නිසි කළමණාකරණයකින් යුතුව ක්‍රියාත්මක වූ හොදම අමාත්‍යාංශයට හිමි රිදී සම්මානය කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ අමාත්‍යාංශය වන කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයට හිමිව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සම්මාන උළෙල පැවැත්වුණි.

සාගලත් දැන් ඩීල් ද? - ගාමිණී සෙනරත් හමුවුණා ද? - සාගලගෙම කටින් එළියට

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් තමන් හමුවූ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවට නිතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

එසේම තමන්ට එරෙහිව චෝදනා නගන පුද්ගලයන් පිළිබඳව තමන්ට ඇත්තේ අනුකම්පාවක් පමණක් බවත අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය
මඟින් මිට අදාල මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇති අතර එහි සඳහන් අමාත්‍යවරයාගේ සම්පුර්ණ ප්‍රකාශය පහතින්,

ඇමති කිරිඇල්ල වසර 30ක යුද්ධය ගැන හෙළි කර රහසක් මෙන්න

වසර 30ක යුද්ධය හේතුවෙන් අහිමිව ඇති මුදල් ප්‍රමාණය පිළිබඳ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ අයවැය විවාදයට එක්වෙමින්.

පසුගිය 09 වන දා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අය වැය දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනය සඳහා අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වූවා.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අයවැය විවාදය ආරම්භ කරමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ දශක තුනක යුද්දය හේතුවෙන් රටට අහිමි වූ සම්පත් ඉතා විශාල බවයි.

ශ්‍රීලනිප ප්‍රතිපත්ති රකින්නේ අපියි: ආයේ රැවටෙන්නේ නෑ - හිටපු ජනපති මහින්ද අනුරාධපුරයේදී කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපé මහතා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවති එdකාබද්ධ විපéයේ ජන රැලියට සහභාගී වූ අයුරු. ඊට සහභාගී වූ ජනතාවගෙන් කොටසක්‌ද ඡායාරූපයේ වෙති.
ඡායාරූප - රංජිත් විමලසිරි

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රතිපත්ති රකින්නේ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන අප යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (12 වැනිදා) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කළ රැලියේදී පැවසීය. 

මගේ ජනජය පක්‍ෂය සමඟ එකතුවෙන්න - සියලු පක්‍ෂවල වැදගත් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා - මර්වින් සිල්වා

තම පක්‌ෂය වන ශ්‍රී ලංකා ජනජය පක්‌ෂය සමග එක්‌වන ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය, එක්‌සත් ජාතික පක්‌ෂය සහ ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන වැදගත් මන්ත්‍රීවරුන්ගෙන් තමා ඉල්ලා සිටින බව පසුගිය රජයේ හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පැවැසීය.


ශ්‍රී ලංකා ජනජය පක්‌ෂයට ආශීර්වාද ලබා ගැනීම සඳහා ඉකුත් 09 වෙනිදා සවස අනුරාධපුර ජය ශ්‍රී මහා බෝසමිඳුන් අභියස පැවැති ආශීර්වාද පුජාවකට සහභාගී වූ අවස්‌ථාවේ මාධ්‍යය අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

රාජ්‍ය ආයතන ඇගැයීමේ උළෙල ජනපති අගමැති ප්‍රධානත්වයෙන් අද

රාජ්‍ය මුදල් වංචා දූෂණයෙන් තොරව නිසි කළමනාකරණයෙහි යෙදූ රාජ්‍ය ආයතන ඇගයීමේ උළෙලක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන , අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (13) පාර්ලිමේන්තු පරිශ්‍රයේදි පැවැත්වීමට නියමිතය.

ගිණූම් කාරක සභාවේ සිවුවැනි වාර්තාව එළි දැක්වීම මෙම උත්සවයට සමගාමිව සිදුකිරීමට නියමිත වේ. රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් විමර්ශනය කරන ආයතන 831 කම තොරතුරු ඇතුළත් පූර්ණ වාර්තාවක් ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන බවත් රාජ්‍ය ආයතන ඇගැයිමේ උළෙල ගිණුම් කාරක සභාව විසින් පවත්වන බවත් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා පැවසීය. මීට ඉහතදී රජයේ ගිණුම් කාරක සභාව රජයේ ආයතන සියල්ල කාරක සභාව වෙත කැඳවීමට ප්‍රායෝගිකව කළ නොහැකි වූ බවත් සිදු කර ඇත්තේ පශ්චාත් මරණ පරික්ෂණ බවත් නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය. රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා ඒ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකිර්ණයේදි පෙරේදා (11) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ජනපතිට එරෙහි මඩ මෙහෙයුමක්

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ඉදිරියට කෙරීගෙන යන පරීක්ෂණ අඩපන කිරීම සඳහා ඊට සම්බන්ධ පිරිස් සමාජ ජාලා හා වෙබ් අඩවි මඟින් ජනාධිපතිවරයාට එරෙහිව මඩ ප‍්‍රචාරයක් ආරම්භ කර ඇති බවට බුද්ධි අංශ මගින් අනාවරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

එහි දී ජනාධිපතිවරයාට හිතවත් බව පෙන්වමින් හා අගමැතිවරයාට හිතවත් බව පෙන්වමින් පවත්වාගෙන යන වෙබ් හා සමාජ ජාලා මාධ්‍ය සඳහා අවැසි මුදල් බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පිරිස් විසින් ලබා දෙන බව වාර්තා වේ.

මහින්ද රාජපක්‍ෂ ඇතුළු ඒකාබද්ද විපක්‍ෂයේ සියල්ලන්ගේ මන්ත‍්‍රී ධුර අහෝසි වෙන ලකුණු?

ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණයට සහාය ලබානොදෙන ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් සියළු දෙනාටම එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍ෂ්ඨයකු පැවැසීය.

මැතිවරණ ව්‍යාපාරය ඉලක්ක කරගෙන පවත්වන රැස්වීම්වලදී වෙනම සංවිධානයක් වෙනුවෙන් පෙනී සිටියොත් සහ නාම යෝජනා සකස් කිරීමේදී වෙනම සන්ධානයකින් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට කටයුතු කළොත් මේ කාරණා දෙක මුල් කරගෙන විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා නියමිත අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව රැස්කරන බවද එම ජේ‍යෂ්ඨ නියෝජිතයා කීවේය.

Sunday, November 12, 2017

අයවැයෙන් පස්සේ ඇමතිකම් වෙනසක් - පියසේනටත් ඇමති පින පෑදේ

අයවැයෙන් පසුව අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කිරීමට ඉඩ ඇති බව වාර්තාවේ. එහිදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ හා ඛණිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග යන මහතුන්ගේ ආමාත්‍ය ධුරවල වෙනසක් ඇති වීමට ඉඩ ඇති බව වාර්තා වේ. 

රාජපක්ෂ පාලනයේ දී සිදු වූ බවට චෝදනා එල්ලව පැමිණිළි ලැබී ඇති පරීක්ෂණ කඩිනමින් සිදු නොවීම සම්බන්ධයෙන් රත්නායක මහතාට දිගින් දිගටම චෝදනා එල්ල විය. මීට අමතරව සිය අමාත්‍යාංශයේ වැඩ සිදු නොකර ක‍්‍රිකට් සම්බන්ධයෙන් සොයා බලමින් කටයුතු කිරීම නිසා පසුගිය සතියේ මහත් අන්දෝලනයකට ලක් වූ තෙල් අර්බුදය සම්බන්ධයෙන් රණතුංග මහතාට චෝදනා එල්ල වී ඇත.

මේක ඇතුළෙම කුමන්ත්‍රණයක්‌ කියලා හිතනවා; තෙල් හිඟයේ ඇතුළත කතාව අර්ජුනගෙන් එළියට

හපාලන ජාතික ආණ්‌ඩුවේ සිව්වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හරියටම හෝරාවක්‌ තිබියදී පසුගිය සතියේ වැඩිපුරම කතාබහට ලක්‌වූ ඇමැතිවරයා වන ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතාව සම්මුඛ සාකච්ඡාවකට එක්‌ කර ගැනීමට "දිවයින ඉරිදා සංග්‍රහය" ට හැකි විය.

පාර්ලිමේන්තු සංකීර්ණය තුළ පසුගිය 09 වැනිදා (බ්‍රහස්‌පතින්දා) සිදු කළ එම සම්මුඛ සාකච්ඡාව පහත පරිදි වේ. 

රට තුළ හිටිහැටියේ තෙල් අර්බුදයක්‌ ගොඩනැඟුනා. එම අර්බුදයේ දැන් තත්ත්වය කෙසේද?

මේ වන විට (බ්‍රහස්‌පතින්දා) බොහෝ දුරට අවසන්.

ඒකාබද්ධය එක්‌කර ගන්න ශ්‍රීලනිපය දැඩි වෑයමක ?

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්‌ව තරග කිරීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂය එක්‌කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබලයන් කිහිප දෙනකුම දැඩි උත්සාහයක නිරතව සිටින බව දේශපාලන ආරංචි මාර්ග පැවසීය.මොවුන් වරින් වර ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට විවිධ පණිවුඩ එවමින් සාකච්ඡා කර එකඟතාවට ඒමට ආරාධනා කර තිබේ.