BREAKING NEWS
latest

728x90

468x60

Saturday, November 25, 2017

ක්‍රිබ් (CRIB) එකේ නම ඇති අයට මංගල ණය දෙන්න කියයි

ණය තොරතුරු කාර්යාංශයට (CRIB) වාර්තා වී ඇති අපනයන හැකියාවන් සහිත දේශීය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටත් රැකවරණ අරමුදලේ සහාය ලබාදී, බැංකු මඟින් මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කොට ඇතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා කියයි.


දැනට ණය මුදල් ලබාගෙන ණය ගෙවීමට නොහැකිව සිටින කර්මාන්තකරුවන් සඳහාද මේ යටතේ ණය මුදල් ලබාදීමට නියමිත ය.

නීතිපති සහ අගමැති හදිසි සාකච්ඡාවක් - එක්කො පරන ක්‍රමයට - නැත්තම් නඩුව ඉල්ලා අස්කර ගත යුතුයි?


අද උදැසන නීතිපතිවරයා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර හදිසි සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී පවත්වා ඇතැයි වාර්තා වේ.

ඒ, ඉදිරි පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ඇති මතික හැකියාවන් විමසා බැලීම සඳහායි.

රාජපක්ෂ යුගයටත් කොමිෂන්

හෙජින් ගනුදෙනුව, ග්‍රීක් බැඳුම්කර සිදුවිම, එයාර් ලංකා ගනුදෙනුව ආදී පෙර ආණ්ඩුව සමයේ සිදුවු සිදුවිම් පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ට දන්වා ඇත.

එවන් කොමිසමක් පත්කරන ලෙස එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, ආශු මාරසිංහ, ජේසි අලවතුවල ඇතුළු එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර එම අවස්ථාවේදී ජනාධිපතිවරයා එවන් කොමිසමක් පත් කරන බවට පොරොන්දු වී ඇත.

නව බදු පනතින් ජනතා බදු බර ඉවතට - මංගල

සංවර්ධනය වෙමින් පවත්නා රටක් ලෙසත්, තුන්වන ලෝකයේ රටක් ලෙසත් කාලාන්තරයක් තිස්සේ හඳුන්වනු ලබන ශ්‍රී ලංකාවේ තවමත් වක්‍ර සහ ඍජු බදු ආදායම 80% - 20% මට්ටමේ පවතින බවත් දැනට බදු ගෙවමින් සිටින අය මතම බදුබර පැටවෙන හෙයින් අඛණ්ඩව පවතින මෙම අවාසනාවන්ත තත්ත්වය දැනට සම්මත කර ඇති නව දේශීය ආදායම් පනත ලබන වසරේ අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක කිරීමෙන් පසුව ඍජු බදු ගෙවන්නන්ගේ ප්‍රමාණය වැඩිවෙනු ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

මංගල සමරවීර අමාත්‍යවරයා මේ බව පැවසූයේ, “බදු - වගකීමක් නොව සමාජ යුතුකමකි” යන මැයෙන් මාතරදී පැවැති සම්මන්ත්‍රණයක් අමතමිනි. 

මෙරටේ බදු ගෙවන සමාගම් හා ව්‍යාපාරිකයන්ද දැනුවත් කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ප්‍රාදේශීය මට්ටමින් ජනතාව දැනුවත් කිරීම සඳහා නව බදු පනත පිළිබඳව සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ප්‍රාදේශීය මට්ටමින් පැවැත්වෙන එහි සමාරම්භක සම්මන්ත්‍රණය මාතර පර්ල් ක්ලිෆ් හෝටලයේදී පැවැත්විණ.

Friday, November 24, 2017

"කොළේ ඉරාගෙන ඇඟේ හලාගන්න එපා" - මඩ ගැහුවොත් ආණ්ඩුවෙන් එළියට එන බව මෛත්‍රී කියයි - කිවුවේ නි . ඇමති සුජීවට ද?

දුෂණයට, වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නාවිට එයට විරුද්ධව තමාට චෝදනා එල්ල කරන්නේනම් තමන් සියලූ තනතුරු අතහැර ජනතාව සමග එක්ව එම සටන ඉදිරියටම ගෙන යාමට සූදානම් බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (24) පෙරවරුවේ නිකවැරටිය ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.


ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව වැරදි කළ නිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා 2015 වසරේදී පරාජයට පත්වූ අතර, එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ද ආණ්ඩුව තුළ සිටිමින් එම වැරදි සහ අඩු පාඩු එලෙසම සිදු කරන්නේනම් ජනතාව එය අනුමත නොකරන බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

ජනපති හමුවෙන් පසු ගෝඨා ඇල්ලීම කල් ගිහින්ද ?

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටියත් භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමෙන් පසුව එය දින නියමක් නොමැතිව කල් ගොස් ඇතැයි රාවය පුවත්පත වාර්තාකර තිබේ.


අදාළ භික්ෂූන් වහන්සේලා ජනපතිවරයා හමුව ඇත්තේ පසුගිය 21 වැනිදා රාත්‍රියේ ඒ මහතාගේ පැජට් පාරේ පිහිටි නිවසට ගොස් බවද එහි දැක්වේ.

මේ අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා 22 වැනිදා අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටයද අදාළ තත්ත්වය හමුවේ එය දින නියමයකින් තොරව කල් ගොස් ඇති බව පැවසේ.

එ්කාබද්ධයේ මන්තී‍්‍රන්ට කළ බාධා ගැන සොයන්න

පාර්ලිමේන්තුවට පැමිණීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට, රාජ්‍ය නිලධාරීන් බාධා එල්ල කළ බැවින් එ් සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතුකරමින් පාර්ලිමේන්තුවේදී ගුණවර්ධන මහතා මේ බව කීවේය.

පදික මංතීරු ජාලයේ පළමු අදියර ජනතා අයිතියට

කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රදේශවල පවතින අධික වාහන තදබදය සැලකිල්ලට ගෙන, ප්‍රධාන මාර්ග මගහරිමින් පදිකයින්ට ආරක්ෂිතව ගමන් කිරීමට හැකිවන පරිදි ඉදිකෙරෙන මංතීරු ජාලය යටතේ කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ලේක්හවුස් ආයතනය අසළ සිට ඕල්කට් මාවත දක්වා වූ පළමු අදියරේ වැඩ අවසන් කිරීමෙන් අනතුරුව ඊයේ (23) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනතා අයිතියට පවරා දී ඇත.

ඇමති ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක්

ඇමති ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් ඊයේ (23) කථානායකවරයාට භාර දී තිබේ.

මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ඊට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

ඡන්දය කල් නොයයි? ශ්‍රීලනිපය හා ඒකාබද්ධය සන්ධානයකින් මැතිවරනයට එන හෝඩුවාවක්?

කිසිදු ප්‍රමාදයකින් තොරව පෙර සැලසුම් කල පරිදිම පලාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව යෝජනාවක් සම්මත කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) රාත්‍රියේ රැස්වූ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදියි මෙම තීරණයට එළඹ තිබේ.

Thursday, November 23, 2017

අධිකරණ තීන්දුව නොතකා බොරු කියූ ගම්මන්පිලට නීතිවේදියෙකු අනතුරු හඟවයි

කිසියම් නඩුවක චූදිතයෙකු ලෙස සිටින පුද්ගලයෙකුට අධිකරණ නීති පවා උල්ලංඝණය කරමින් අසත්‍ය ප්‍රකාශ පළ කිරීමට කිසිදු අයිතිවාසිකමක් නොමැති බව ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික් මහතාගේ ඇටෝනි බලකරු වන ලසිත පෙරේරා මහතා පවසයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති අධිකරණ අමාත්‍යාංශ අයවැය විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් මේ වන විට ඔහු සම්බන්ධව විභාගවන නඩුවල කරුණු සහ රටේ නීතිය සම්බන්ධව සිදු කළ ප්‍රකාශ පිළිබඳව නිවැරදි කරුණු මාධ්‍ය වෙත ලබාදීමට හා ගම්මන්පිල මහතාට එල්ලවී ඇති චෝදනාවන්ට අධිකරණයේදී සහ නීතිය හමුවේ එක් කාරණයකුත්, ප්‍රසිද්ධ මාධ්‍ය සහ වේදිකාවල තවත් කාරණයකුත් ඉදිරිපත් කරමින් මහජනතාව නොමඟ යැවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේ මාධ්‍ය හමුවක් අද (23) පුස්තකාල හා ප්‍රලේඛන ශාලාවේදී කැඳවමින් ලසිත පෙරේරා මහතා මේ බව සඳහන් කර සිටියේය

තෙල් මාෆියාවක් තිබෙනවලු

වර්තමානයේ තෙල් මාෆියාවක් ඇති බවත්, තමන් එයට ඉඩ නොදෙන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ 2018 වසර සඳහා වූ සාමූහික ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ජනපති ගැන කියා සුජීව ව්‍යවස්ථාවත් කඩකරලා?

ජනාධිපතිවරයාට එරෙහිව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ ඊයේ (21) සිදුකරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් සොයාබලන ලෙස ඒකාබද්ධ විපක්ෂය, කතානායකවරයාගෙන් අද (22) ඉල්ලීමක් කළා.

භූගෝල පොතේ පාඩුව කෝටි 15ක්.

හත ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළ පොත් සින්තටික් කඩදාසියේ මුද්‍රණය කිරීම නිසා රජයට රුපියල් මිලියන 155ක පාඩුවක් සිදුවී ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

අධ්‍යාපන අමාත්‍යංශය මෙම පෙළපොත සින්තටික් කඩදාසියේ මුද්‍රණය කිරීමට පියවර ගෙන ඇත්තේ නිසි තාක්ෂණික අධ්‍යයනයකින් තොරව බව ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ස්ටාලින් මහතා මේ බව ප‍්‍රකාශ කළේ ගුරුමැදුර ශාලාවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදීය.

ඩොලර් මිලියන 23.57ක මහ කන්නයේ යූරියා ටෙන්ඩරය JAT ට.

2017/2018 මහ කන්නය සඳහා රජයේ පොහොර සමාගම් මඟින් බෙදාහැරීම පිණිස අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 72,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය, ඒ සඳහා සාර්ථක ලංසුව ඉදිරිපත් කරනු ලැබ ඇති JAT Holding (Pvt) Ltd. වෙත මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 327.40ක් බැගින් ඇමරිකානු ඩොලර් මිලියන 23.57ක මුදලකට පිරිනැමීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Wednesday, November 22, 2017

යහපාලන ඇමතිගේ හිතවතුන් බදවා ගැනීමට සුදුසුකම් අඩුකරයි - අධිකාරිය බිද වැටේ

යහපාලන ඇමතිවරයාගේ හිතවතුන් පාරිභෝගික අධිකාරියට බදවා ගැනීම සදහා විමර්ශණ නිළධාරීන්ගේ සුදුසුකම් අඩුකිරීමෙන් පාරිභෝගික අධිකාරිය බිද වැටී ඇති බව පාරිභෝගික අයිතීන් සුගකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

යහපාලන ඇමතිවරයාගේ හිතවතුන් පාරිභෝගික අධිකාරියට බදවා ගැනීම සදහා විමර්ශණ නිළධාරීන්ගේ සුදුසුකම් අඩුකිරීමෙන් පාරිභෝගික අධිකාරිය බිද වැටිලා

විමල් වීරවංශගේ පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ඉල්ලා අස්වේ

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ලෙස කටයුතු කල ප‍්‍රියන්ජිත් විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද පස්වරුවේ පැවති එම පක්‍ෂ දේශපාලන මණ්ඩලයට ලිඛිතව සිය ඉල්ලා අස්වීම බාර දී ඇති බවද වාර්තා වෙයි.

සීමා නිර්ණයට තහනම් නියෝගයක් නිකුත් කෙරේ - පුංචි ඡන්දය යලිත් කල් යයි

කොට්ඨාශ ක‍්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා අදාලව නිකුත් කරන ලද කොට්ඨාශ නිර්ණය හා පළාත් පාලන ආයතනයත්හි සභික සංඛ්‍යාව සදහන් ගැසට් නිවේදනය ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

අභියාචනාදිකරණයේ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නිකුත් කරනු ලැබූ මෙම නියෝගය දෙසැම්බර් මස 04 වැනි දා දක්වා බලපැවැත්වෙයි.

හම්බන්තොට ක්‍රීඩා ගිණුමේ කෝටි 90ට වූ දේ සොයන්න

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රිඩා උළෙල හම්බන්තොට පැවැත්විම සදහා පසුගිය රජය සමයේ ආරම්භ කළ බැංකු ගිණුමේ රුපියල් මිලියන 900ක මුදලක් අවභාවිත කර ඇත්ද සහ එම මුදල් ලබාගත්තේ කව්රුන්ද යන්න පිළිබදව සොයා බැලීමට කොමිසමක් පත් කළ යුතු බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබිර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (21) පැවසීය.

එම ගිණුමේ රාජ්‍ය මුදල් රුපියල් රුපියල් මිලියන 200ක (190387249.05) මුදලක් හා වෙනත් ආයතන මගින් මිලියන 700 ක (708618872.54ක්) මුදලක් තැන්පත් කර ඇති බවත් පැවසූ ඇමතිවරයා එම මුදල් කව්රුන් විසින් ගත්තේද, පරිහරණය කළේද යන්න සම්බන්ධයෙන් තොරතුරු නොමැති බවත් පැවසිය.

පැවැති ආණ්ඩුවෙන් එළියට ආවේ දූෂිත දේශපාලනය තුරන් කරන්නයි

මීට වසර තුනකට පෙර තමන් පැවැති රජයෙන් ඉවත්ව එළියට පැමිණියේ රට ජාතිය වෙනුවෙන් ඉලක්කයක් සපුරා ගැනීමට බව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

අද කුමන පාර්ශ්වයන්ගෙන් තමන්ට ඇඟිල්ල දිඟු වුවද ගෙවී ගිය වසර තුන තුළ රට පුරා යහපාලන සංකල්පය ක්‍රියාත්මක කර රට වෙනසකට ගෙන යාමට තමන්ට හැකියාව ලැබුණු බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 100ක සූර්යබල ශක්තියක් එක් කිරීමේ සුර්යබල සංග්‍රාමය සනිටුහන් කිරීම සඳහා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැති උත්සවයට ඊයේ(21) එක් වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.

අම්පාරේ මහජන බැංකු ශාඛාවට අනවසරයෙන් කඩා පැන්න පිරිසක් යකා නටයි.. මරා දමන බවට කළමණාකරුට තර්ජනය කරයි.

ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිත පිරිසක් බව සඳහන් කළ කණ්ඩායමක්, ඊයේ (21) පස්වරුවේ හදිසියේම මහජන බැංකුවේ අම්පාර ශාඛාවට කඩා පැණ එහි කළමණාකරුවාට සහ සේවක මණ්ඩලයට තර්ජනය කර තිබේ.

කිසදු විධිමත් අවසරයකින් තොරව බැංකු ශාඛාවට පැමිණි ශාන්ත ගඟබඩගේ සහ ජයන්ත ගුණතිලක නමැති පුද්ගලයින් පෙරටුකරගත් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, වෘත්තීය සමිති රැුස්වීමක් පැවැත්වීමට අවශ්‍ය බවත් ඒ සඳහා වහාම සේවකයින් සහභාගී කරවන ලෙසත් එහි කළමණාකාරවරයාට දන්වා ඇත.

බිරිඳගේ පොලු පහරින් කෝපයට පත් සැමියා ඇගේ බෙල්ලට ගැසූ පිහි පහර වැරදී බිරියගේ ඇඟිල්ලක්‌ වෙන්වෙයි

සිය බිරිඳ එල්ල කළ පොලු පහරක්‌ නිසා කෝපයට පත් සැමියකු ඇගේ ගෙල කැපීමට එල්ල කළ පිහි පහරක්‌ වැළැක්‌වීමට ගිය අවස්‌ථාවේ බෙල්ල වෙනුවට වම් අතේ මාපටැඟිල්ල වෙන්වී ඇතැයි කියන සිද්ධියක්‌ අරණායක පොලිසියට වාර්තා වී ඇත.

අස්‌මඩල වත්තේගෙදර ප්‍රදේශයේ 29 වනදා පෙරවරුවේ සිදුවී ඇති මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලත් කේ. ආර්. ධම්මිකා කුමාරි නමැති 35 හැවිරිදි තිදරු මවක මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කරන ලදුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත යවා තිබේ.

වීරවංශගේ බිරිඳ හැඳුනුම්පත ගත් හැටි අධිකරණයේදී හෙළි වෙයි

රාජපක්ෂ පාලන සමයේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයාව සිටි විමල් වීරවංස මහතාගේ බිරිඳ වන ශෂී වීරවංස මහත්මියට හැඳුනුම්පතක් සකස් කරගැනීම සඳහා ඇමති බලතල යොදාගෙන කටයුතු කර ඇති ආකාරය පසුගියදා (20) අධිකරණයේදී හෙළි වී තිබේ.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරියගේ ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට අදාළව ඇතැම් ලිපි ලේඛන පසුව ලබාදෙන පදනම මත හැඳුනුම්පත නිකුත් කරන ලෙසට හිටපු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ බලාත්මක නිළධාරිවරයා සාක්ෂි ලබා දෙමින් අද අධිකරණයේදී පවසා ඇත.

ගෝඨා අත්අඩංගුවට ගන්නා බවට බොරු ප්‍රචාරයක්?


රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවට සඳහන් ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බවට රාජපක්ෂ රෙජීමය විසින්ම සැලසුම් සහගත අසත්‍ය ප්‍රචාරයක් ගෙන යමින් සිටින බවට ඉතා විශ්වාසවන්ත කටයුතු දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

දේශපාලකයන්ගේ රෙදි ගැලවූ දුරකථන දත්ත වාර්තාව ගැන විස්තරේ මෙන්න

ආණ්ඩු පක්ෂ විපක්ෂ භේදයක් නැතිව බොහෝ දේශපාලනඥයන්ගේ රෙදි ගැලවීමට හේතු වූ බැඳුම්කර විමර්ශන කොමිසම නිසා තවත් සුවිශේෂ කරුණු රැසක් එළියට ආවේය.

ඒ කූප්‍රකට බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් රැස්වූ 8 වැනි කෝප් කමිටුව පරීක්ෂණ පවත්වද්දී එහි සාමාජික මන්ත්‍රීවරුන් 28 දෙනාගෙන් පස් දෙනකු පර්පචුවල් ටේ‍රසරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සබඳතා පැවැත්වූ බව තහවුරුවීමය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප ‍පොලිස් පරීක්ෂක යසන්ත යෙහාන් ජයසිංහ බැඳුම්කර කොමිසම හමුවේ ඉකුත් 16දා හෙළිකළ පරීක්ෂණ වාර්තාව අනුව ඒ කරුණු තහවුරු විය.

ඒ පර්යේෂණ වාර්තාව අනුව සුජීව සේනසිංහ 62 වතාවක් ද, හෙක්ටර් අප්පුහාමි 23 වතාවක් ද, හර්ෂණ රාජකරුණා 23 වතාවක් ද, අජිත් පී. පෙරේරා 2වතාවක් ද, දයාසිරි ජයසේකර 2 වතාවක් ද බැඳුම්කර පරීක්ෂණ පැවැත්වෙද්දී අර්ජුන් ඇලෝසියස් සමග දුරකථනය මගින් සම්බන්ධවී ඇත.

Tuesday, November 21, 2017

අගමැතිගේ නිල ජංගම දුරකථන අංකයට අදාළ තොරතුරු පිටතට යාම ගැන පුළුල් පරීක්ෂණ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල ජංගම දුරකථන අංකයට අදාළ තොරතුර බාහිර පාර්ශ්වයක් ‍අතට පත්වීම පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ වී‍ තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ රාජකාරි දුරකතනයේ තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත පත්වීම නිසා රටේ ජාතික ආරක්ෂාවට එල්ල වන බලවත් තර්ජනය සැලකිල්ලට ගෙන ඉහත පරික්ෂණය ආරම්භ කර ඇත.

දුරකතන තොරතුරු හෙළි කිරීම වරප්‍රසාද කඩවීමක්

කෝප් කමිටුවේ මන්ත්‍රීවරුන්ගේ දුරකතන සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීම මඟින් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වී තිබෙන බවත් තවමත් කිසිදු මන්ත්‍රීවරයකු වරදකරුවකු නොවන බවත් මේ පිළිබඳව පක්ෂ නායක රැස්වීමක් කැඳවා සුදුසු පියවරක් ගන්නා බවත් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිඇල්ල මහතා ඊයේ(20) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
සභානායකවරයා මේ බව ප්‍රකාශ කළේ, බැදුම්කර සිදුවීම සම්බන්ධව මන්ත්‍රීවරුන් කීපදෙනෙකු සම්බන්ධ දුරකතන ඇමැතුම් සිදුවීම පිළිබඳව ඇතිව තිබෙන තත්ත්වය පැහැදිළි කරමිනි.
එහිදී සභාව ඇමතූ අමාත්‍යවරයා,

Monday, November 20, 2017

බැඳුම්කර කොමිසමේදී අගමැතිට අද මොකද වුනේ ? සියල්ල මෙන්න

මහා භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවට අදාළව සාක්කි ලබාදීම සඳහා පැමිණීම සම්බන්ධයෙන් බැඳුම්කර ජනාධිපති කොමිසම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තුති කළේය.

මේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා සහය පළ කරමින් රටේ අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ පෙනී සිටිමින් සාක්කි ලබාදීම අගය කළ යුතු යැයි ද බැඳුම්කර ජනාධිපති කොමිසම අවධරණය කළේය.

බැඳුම්කර ජනාධිපති කොමිසම මේ බව කියා සිටියේ මේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්කි ලබාදීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (20)උදැසන එම කොමිසම හමුවේ ස්වේඡාවෙන්ම පෙනී සිටී අවස්ථාවේදීය.

නිදහස් පක්‍ෂය අධිකරණයට

පළාත් පාලන සීමා නර්ණ ගැසට් නිවේදනය බල රහිත කර මැතිවරණය කල්දමන්නැයි අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ රීට් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සූදානම් වනවා.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ලේ පැවති උත්සවයකදී  සඳහන් කළේ මෙම පෙත්සම මැතිවරණය කල්දැමීමට අවශ්‍ය පිරිසකගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් බවයි.

අගමැති අද බැඳුම්කර කොමිසම හමුවට - අගමැති එක්ක මගේ කිසිදු ගැටලුවක් නෑ - ජනපති

මහ බැංකු බැඳුම්කර මහා සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක යෙදෙන ජනාධිපති විමර්ශන කොමිසම නිකුත් කළ නොතීසියක් අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (20දා) එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

ශ්‍රී ලංකා මහ බැංකුව තමා යටතට පත්කර ගැනීමෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එහි අධිපතිවරයා වශයෙන් පත්කළ අර්ජුන මහේන්ද්‍රන්ගේ පාලන කාලය තුළ පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී සිදුව ඇති බවට අනාවරණය වී ඇති බරපතළ මූල්‍ය අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කොට ඇති ජනාධිපති විමර්ශන කොමිසම මෙලෙස අගමැතිවරයා කොමිසම හමුවේ ප්‍රසිද්ධ සාක්ෂි විභාගයක් සඳහා කැඳවා ඇත්තේ ඔහුගෙන් කොමිසමට තහවුරු කර ගත යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දිවුරුම් පිට ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.

හැමදෙනාම සමගියෙන් ඉන්න ඕනෑ අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා - අගමැති ගිංතොටදී කියයි

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ දෙපාර්ශවයක්‌ අතර ඇතිවූ කලහකාරී සිද්ධිය පිළිබඳ සොයා බැලීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19 දා) එම ප්‍රදේශයේ සංචාරය කළේය.


එහිදී අගමැතිවරයා මෙම ගැටුමේදී දේපළ හානිවූ පුද්ගලයන් සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ සුවදුක්‌ විමසා බැලීමද සිදුකළේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා එම පිරිස සමඟ කියා සිටියේ ඉතා සුළු පිරිසක්‌ විසින් මෙවැනි කඩාකප්පල්කාරී සිදුවීමක්‌ කර ඇති අතර බොහෝදෙනාගේ අපේක්‍ෂාව සාමයෙන් සිටීම බවය. මෙම ප්‍රදේශයේ ඉදිරියේදී සංචාරක කර්මාන්තය අතින් ශීඝ්‍ර දියුණුවක්‌ වන නිසා සියලු දෙනාම සහයෝගයෙන් සිටීමේ වැදගත්කම පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ප්‍රදේශයේ සාමය ආරක්‍ෂා කිරීමට පියවර ගෙන තිබෙන බව කියා සිටියේය.

Sunday, November 19, 2017

දුරකථන සංවාද හොරෙන් අසන ජාලයක්‌ - මහින්ද

විවිධ තරාතිරමේ පුද්ගලයන්ගේ දුරකථන සංවාදවලට රහසිගතව සවන්දීමේ ජාලයක්‌ ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් එය නතර කිරීමට රජය වහාම කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (17 වැනිදා) කියා සිටියේය.

පසුගිය දිනවලදී අසන්නට දකින්නට ලැබුණු යම් යම් සිදුවීම් නිසා මේ බව තහවුරු වී ඇති බව ද හෙතෙම කීය.

බැඳුම්කර බෝම්බයෙන් ආණ්ඩුව පුපුරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයාබලන ජනාධිපති කොමිසම හමුවට අගමැතිවරයා කැඳවීමට වාතාවරණයක් උදා කිරීමත් කෝප් කමිටුවේ ඇතැම් සාමාජිකයන් බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ අය සමඟ දුරකතන සංවාද පවත්වා තිබෙන බවට කොමිසම හමුවේ තොරතුරු අනාවරණය වීමත් සමඟ යහපාලන ආණ්ඩුවේ දැඩි මතභේදයක් මෙන්ම අර්බුදකාරී තත්ත්වයක් ප්‍රබල ලෙසම මතුව තිබෙන බව එජාප - ශ්‍රී ලනිප දෙපාර්ශ්වයේම ආරංචි මාර්ග කියයි.

ජනපති කොමිසම මඟින් එජාපය දේශපාලන වශයෙන් විනාශ කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවට එජාපයේ ජේ‍යෂ්ඨයන් කිහිපදෙනකු පෙරේදා රැස්වී දීර්ඝ සාකච්ඡාවක් කළ බවද වාර්තා වේ.