BREAKING NEWS
latest

728x90

468x60

Saturday, December 02, 2017

"මම ජනාධිපති කාලේ මගේ අගමැතිට නම් මෙහෙම වෙන්න දෙන්නේ නැහැ" - රනිල් කළ යුතු දේ ගැන මහින්ද කියයි


මම ජනාධිපතිවරයා වෙලා ඉඳලා මගේ අගමැතිවරයාට මෙහෙම වුණා නම් කීයටවත් කවදාවත් එතනට යන්න ඉඩ තියන්නේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කලේ එක්සත් ජනතා නිදහස් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාගේ දේශපාලන දිවියට වසර 20ක් සැපිරීම නිමිත්තෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (1) බේරුවලදී පැවැත්වූ උත්සවයක් අමතමිනි.

2020 නායකයා කවුද?- කොළඹ සරසවියේ සමීක්ෂණ වාර්තාවේ ප්‍රතිඵල මෙන්න

වසර 2020දී මෙරට ජනාධිපතිවරයා විය යුත්තේ රටට ආදරය කරන ඒකාධිපති ස්වරූපයක්ද සහිත නායකයකු බවත් ඔහු උගත් බුද්ධිමතකු විය යුතු බවත් එම පාලනය හමුදා පාලනයක් වුව සුදුසු බවට කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකය විසින් සිදුකරනු ලැබූ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

‘2020 දී මීළඟ ජනාධිපතිවරයා කවුරු විය යුතුද යන්න පිළිබඳ ජනමතය හඳුනාගැනීම’ යන පර්යේෂණ මාතෘකාව යටතේ ප්‍රධාන පර්යේෂක වශයෙන් මහාචාර්ය අජන්තා හපුආරච්චි හා අවසාන වසර විශේෂ උපාධි අපේක්ෂකයකු වූ වයි.ඩී. ප්‍රියංකර යන අයගේ සහායෙන් මාස තුනක කාලයකදී නුවරඑළිය, කෑගල්ල, රත්නපුර යන ප්‍රදේශයේ ජනතාව සහ දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය වන පරිදි වයස අවුරුදු 18-75ක් දක්වා වන සියලුම ජාතීන්, ආගමික නායකයන්, වෘත්තීයවේදීන්, විද්‍යාර්ථීන්, නියෝජනය කරගනිමින් සිදුකළ පර්යේෂණයෙන් මේ බව අනාවරණය වී ඇත.

ඇමැති රන්ජන්ට බැඳුම්කර හොරු එල්ලන්න ඕනලු

බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදිය යුතු බවත් ඔවුන් වංචා කරනු ලැබූ කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් සහ දේපළ නැවත රජයට ලබාගත යුතු බවත් නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ඊයේ (01 දා) පැවසීය.

DIG සඳුන්ගහවත්ත අත්අඩංගුවට ?

උතුරු මැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති සෙනරත් පද්මලාල් සඳුන්ගහවත්ත මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම්වන බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාව සිටියදී රුපියල් ලක්ෂ 20කට අධික මුදලක් ව්‍යාජ වවුචරයක් යොදා වංචා කිරීම සම්බන්ධයෙනි.

විමල්ගේ හෝදාපාලුව අැර‍ඹේ

ජාතික නිදහස් පෙරමුණේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝගය පල කරන බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

බැසිල්, විමල්ගේ පක්ෂයට 'කොකා' පෙන්නයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සමගිවී සටන් කරන්නැයි ආණ්ඩු විරෝධී බලවේගවලින් හා බිම් මට්ටමේ පක්ෂ නායකයින් ගෙන් එල්ලවූ බලපෑම නොතකා කටයුතු කරන බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ 'කාල්ටන් කල්ලිය'ට විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ලවී ඇත.

Friday, December 01, 2017

දළ ඇතුන් මරාදැමීම පිලිබඳව සිදුකෙරෙන පරීක්ෂණ ඇමති සාගලගෙ නියෝගයෙන් CIDයට - පහක් අත්අඩංගුවට


පසුගිය දිනවල දී වාර්තාවූ දළ ඇතුන් මරා දැමීමේ සිද්ධි පිළිබඳ පරීක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටපවරන්නයැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් වැඩබලන පොලිස්පති, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ( පරිපාලන ) සී.ඩී. වික්‍රමරත්න මහතාට නියෝග කරන ලදී.

ඒකාබද්ධයේ මන්ත්‍රීන් 45 ක්‌ ගෙදර යෑවීමට ලේසියෙන් බැහැ - පොදු ජන පෙරමුණේ සභාපති ජී. එල්. කියයි

මහජන ඡන්දයෙන් තේරී පත්ව සිටින ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 45 දෙනකු පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමට ආණ්‌ඩුවේ නියෝජිතයන් තර්ජනය කළ ද එය එතරම් සරල දෙයක්‌ නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා පැවැසීය.

2008-2014 බැඳුම්කර වංචා සොයනවා

දැනට ක්‍රියාත්මක බැඳුම්කර ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු අවසන් වූ පසු 2008 -2014 කාලය තුළ සිදු කර ඇති බැඳුම්කර ගනුදෙනු පිළිබඳ සොයා බලන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30 වැනිදා) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක්‌ කරමින් සඳහන් කර සිටියේය.

එම විශේෂ ප්‍රකාශය මෙසේය.

අපේ රටේ ව්‍යවස්‌ථානුකූලව මුල්‍ය පාලනය බාර පාර්ලිමේන්තුවටයි.
2008-2014 බැඳුම්කර ගනුදෙනු ගැනත් සොයනවා

ව්‍යවස්‌ථාවේ 148 වන ව්‍යවස්‌ථාවේ මෙසේ සඳහන් වෙනවා.

ජනපතිට සෝල් නගරයේ ගෞරවනීය පුරවැසිභාවය

දකුණු කොරියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත එරට රජයේ උපහාරය පුද කරමින් සෝල් මෙට්‍රොපොලිටන් නගරයේ ගෞරවනීය පුරවැසිභාවය පිරිනමා තිබේ.

සෝල් මෙට්‍රොපොලිටන් හි නගරාධිපති Park Won-soon මහතාගේ නිල කාර්යාලයේ දී අද (30) පෙරවරුවේ පැවැත්වූ විශේෂ උත්සවයකදී ජනාධිපතිතුමා වෙත එම ගරු පුරවැසිභාවය පිරිනැමිණි.

Thursday, November 30, 2017

ඒකාබද්ධය සමග සාකච්ඡා කොට උඩ - නිදහස්පක්ශය තනිව සටනට

ඉදිරි පළාත් පාලන මැතිවණයට තරග කිරීම සදහා මේ වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නාම යෝජනා සකසා අවසන් යයි එම පක්‍ෂ මහ ලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.
එම මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තර වදින්නේ අත ලකුණින් වීමට වැඩි ඉඩකඩක් ඇති බවද ඔහු සදහන් කරයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්ව තරග කිරීම සදහා අපේක්‍ෂා කරන කණ්ඩායම් සදහා තව දුරටත් අවස්ථාව හිමි බවද ලේකම්වරයා කියා සිටී.

පොලීසියේ නිවාඩු අවලංගුකෙරෙයි - ආපදා තත්ත්වයට මුහුණ දීමට සියලු දෙනා සීරුවෙන් - ඇමති සාගල

අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිවූ ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා විශේෂ රාජකාවල යෙදවිය යුතුවන නිසාවෙන් දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් වැඩ බලන පොලිස්පති ඩී.සී. වික්රවමරත්න මහතාට නියෝග කර ඇත.

එසේම ආපදාවට ලක්වූ ජනතාවගේ නිවාසවල ඇති බඩු භාණ්ඩ සොරාගැනීම් වැළැක්වීම සඳහා විශේෂ පොලිස් මුර සංචාර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් අමත්‍යවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළේය.

සබරගමුව වෛද්‍ය පීඨය 2018 සිට සිසුන් 75 කින් ආරම්භ කරනවා - ලක්ෂ්මන් කිරිඇල්ල

සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ලබන වසරේ(2018) ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

ඇමති දෙකකට එරෙහිව එජාපයේ කැරැල්ලක් පත්තුවන ලකුණූ - දෙදෙනාම කොලේ ඉරාගෙන ද?

එක්සත් ජාතික පක්ෂයේ ඉහල පෙලේ තනතුරු දරන ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකුට එරෙහිව පක්ෂයේ අභ්‍යන්තර කැරැල්ලක් නිර්මාණය වෙමින් පවතින බවට වාර්තා වේ.

ලංකා පුත්‍ර බැංකුවට පත්වන සියලු සභාපතිවරු හොරු වෙන්නේ..... ඇයි...?

දූෂණ අක්‍රමිකතා හේතුවෙන් වැඩ තහනමට ලක්වූ ලංකා පුත්‍ර බැංකුවේ හම්බන්තොට කළමනාකාරවරිය යළි සේවයේ පිහිටවා ඇති බවට සිරස ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර එහි කළමනාකාරිත්වයට චෝදනා එල්ල විය.

නිල හමුවට පෙර ජනපති මෛත්‍රී පිළිගන්න කොරියන් ජනපති ආවෙ ඇයි?

දකුණු කොරියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතා අතර නිල හමුව හෙට දිනයේ සිදුවීමට නියමිතව තිබුණද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිබඳ සිය පැහැදීම පළ කරමින් ජනාධිපතිතුමා උණුසුම් ලෙස පිළිගැනීමට අද දකුණු කොරියානු ජනාධිපතිවරයා කටයුතු කර තිබිණි.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය තෙදින දකුණු කොරියානු රාජ්‍ය සංචාරයේ පළමු කටයුත්ත සනිටුහන් කරමින් සෝල් නුවර පෞරාණික බෞද්ධ විහාරස්‌ථානයක්‌ වන ජොග්යේසා විහාරස්‌ථානය වැඳ පුදා ගැනීමට ඊයේ (28 දා) පස්‌වරුවේ එක්‌වූ අතර සියලු දෙනා පුදුමයට පත්කරමින් කොරියානු ජනාධිපතිවරයා එහි පැමිණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැමිණෙන පෙර මග බලා සිටියේය.

Wednesday, November 29, 2017

ගෝඨා නීතියට මුවා වෙයි - අද අධිකරනයෙන් ලැබුණු විශේෂ තීන්දුව මෙන්න

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපොළ යටතේ නීතිමය පියවර ගැනීම ලබන දෙසැම්බර් 6 දක්වා වලක්වමින් අද අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ පොදු දේපොළ පනත යටතේ තමාට එරෙහිව කටයුතු කිරීම වලක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියානාධිකරණයට ගොනු කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව ය.

ගෝඨාගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්


රාජ්‍ය දේපළ පනත යටතට කිසිසේත්ම නොගැනෙන කරුණක් සම්බන්ධයෙන් එම පනත යටතේ පැමිණිල්ලක් ගොනුකරමින් නීති විරෝධී ලෙස තමා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් සිර භාරයට පත්කිරීමට දේශපාලන උසිගැන්වීම් මත...පොලිස්පතිවරයා මූල්‍ය අපරාධ විමර්ශන අංශය හරහා ක්‍රියා කරමින් සිටින බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (28දා) අභියාචනාධිකරණයට පැමිණිලි කරමින් 'රිට්' පෙත්සමක් ගොනු කළේය.

එලෙස ක්‍රියා කිරීම වළක්වාලමින් හා එකී ක්‍රියාදාමයම අත්හිටුවමින් 'සර්ටියෝරාරි' හා 'මැන්ඩාමුස්' රිට් ආඥා දෙකක් වගඋත්තරකරුවන්ට නිකුත් කරන ලෙසද එමඟින් ඉල්ලා ඇත.

තමන්ගේම වංචා නඩුවෙන් බේරෙන්න රවි පනතක් සම්මත කර ගත්තා - අනුර කුමාර


විදේශ විනිමය වංචාවක් පිළිබඳ නඩුවේදී මන්ත්‍රි රවි කරුණානායක නි‍ෙදාස් කොට නිදහස් වී නැති නමුත් නැවත ඔහුට එරෙහිව නඩු පැවැරීමේ බලය වළක්වන විනිමය පාලන පනතක් මන්ත්‍රි කරුණානායක විසින්ම සම්මත කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.
පසුගිය ජූලි (25දා) පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පනතින් මන්ත්‍රිවරයාට නඩු පැවැරීමේ බලය වළක්වා ඇති බවත් ඊට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය පාවිච්චි කළද ආණ්ඩුවේ බහුතර බලයෙන් එය සම්මත වූ බවත් මන්ත්‍රිවරයා පැවැසීය.

පුතා ක්‍රිකට් පිලට නොගත්තාට ගාල්ලේ ඇලෝසියස් විදුහලේ විදුහල්පතිට මාරුවක් හමුවෙලා

ගාල්ලේ ඇලෝසියස් විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධානියාගේ පුතා ක්‍රිකට් කණ්ඩායම සදහා බඳවා නොගැනීම හේතුවෙන් එම විද්‍යාලයේ විදුහල්පතිවරයාව මාරු කර යවා ඇති බව අද (28) දා පැවැති දකුණු පළාත් සභා රැස්වීමේ දී හෙළිදරව් වී තිබේ.

කෙසේ වෙතත් මේ ගැන කිසිම පරීක්ෂණයක් සිදු කර නැති බව දකුණු පළාත් සභා ජවිපෙ මන්ත්‍රී නලීන් හේවගේ මහතා පවසා සිටියේය.

මෙය දේශපාලනඥයින්ගේද සහාය ලබා ගෙන සිදු කර ඇති බවත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ද මේ ගැන කටයුතු කර නොමැති බවත් හෙතෙම කියා සිටියේය.

කොරියාවේදී ජනපති හරසරින් පිළිගැනේ - වීඩියෝ

දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතාගේ විශේෂ ආරාධනය පරිදි තෙදින රාජ්‍ය සංචාරයක්‌ සඳහා දකුණු කොරියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ඊයේ (28 දා) අලුයම සෝල් නුවර ඉන්චොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වූහ.
එහිදී ජනාධිපතිවරයා ඉතා උත්කර්ෂවත් අන්දමින් පිළිගැනීමට දකුණු කොරියානු රජය කටයුතු කර තිබූ අතර එරට උප විදේශ අමාත්‍ය චොයුන්, ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රධානී චුන්සී යොන් යන මහත්වරුන් ඇතුළු එරට රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක්‌ ඊට එක්‌ව සිටියහ.

තවද ජනපතාවරයාගේ පැමිණීම කොරියානු නිල ජනපති නිවස වන @TheBlueHouseKR යන නිල ට්විටර් ගිණුම හරහා ශ්‍රී ලංකා ජනපතිගේ පැමිණීම ඉහල තලයේ තබා ටිව්ටර් පණිවුඩ කිහිපයක් නිකුත් කර තිබුනේ, මෑතකදී කොරියාවට පැමිණි ඉහල පෙළේ නායකයන් අතරින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන්ට ප්‍රමුඛස්ථානයක් දෙමිනි.

මිග් ගණුදෙනුව එලිදරවු කල නිසා ගෝටාභය ලසන්ත වික‍්‍රමතුංග මැරුවා - ඇමති රාජිත

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කරනු ලැබුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ විසින් බව ඇමති රාජිත සේනාරත්න පවසයි.


ඇමතිවරයා මේ බව කියා සිටියේ කොලොන්නාව එක්සත් ජාතික පක්‍ෂ බල මණ්ඩලය අමතමිනි.

‘ලසන්ත වික‍්‍රමතුංග තමයි ගෝටාභයටග් මිග් ගණුදෙනුව එලිදරවු කලේ. මොකද්ද මේ මිග් ගණුදෙනුව.

Tuesday, November 28, 2017

සාගල ගහන්නෙ කාගෙ පදේටද?

“The බෙර Fest” තාල වාද්‍ය සැණකෙළියේ සමාරම්භක උත්සවය නීතිය හා සාමය සහ දක්ෂික සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් විහාරමහාදේවී උද්‍යාපයේ එළිමහන් රංග පීඨයේ දී පසුගියදා (26) උදෑසන පැවැත්විණි.

'මෛත්‍රී සමග හවුලකට අපි විරුද්දයි' - ජනක බණ්ඩාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එකාබද්ධ විපක්ෂය එකට එක්වීමට තමන් විරුද්ධ යැයි හිටපු අමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අවධාරණය කර සිටියි.
තමන් පක්ෂයේ ආසන සංවිධායක කමින් බල්ලෙක් එලවන ආකාරයෙන් එලවා ඇති බවත් එවැනි තත්ත්වයක් මත එකට එක්වී කටයුතු කල නොහැකි බවත් මන්ත්‍රීවරයා මාධ්‍ය අමතමින් කියා සිටියේය.
නාඋල දි පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රීක් අපේක්ෂකයින් තොරාගැනීම සදහා පැවති සම්මුඛ පරික්ෂණයට එක්වෙමින් ජනත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම අදහස් පලකළේය.

ශ්‍රීලනිප - ඒකාබද්ධ එකඟතා ගැන පැතිරෙන කතා බොරු - මහින්ද රාජපක්‍ෂ

ආප්ප න්‍යාය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ බොහෝ දෙනකුට තවමත් තේරුම් ගැනීමට හැකි වී නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා "දිවයින" ට ඊයේ (27 වැනිදා) පැවසීය. 


ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය අතර එකඟතාවයක්‌ ඇති බවටත් තමා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර සුහද හමුවක්‌ පැවැති බවටත් පැතිරගොස්‌ ඇති කතා සත්‍යයෙන් තොර බවද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එජාප මන්ත්‍රීන්ට ජනපති විවේචනය තහනම්

තමාගෙන් හෝ පක්‍ෂ මහලේකම්වරයාගේ අවසරයකින් තොරව ජනාධිපතිවරයා විවේචනය නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇත.
ඒ, එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මනත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදි ඊයේ (27) රැස්වු අවස්ථාවේදීය.

හිටපු එ ජා ප යොවුන් පෙරමුණෙහි ප්‍රභලයෙක් හිටපු ජනපති පුතෙකු සමග හොර රහසේ සාකජ්ජාවක් - පිල් මාරුවකට අත වනයි ?

හිටපු එ ජා ප යොවුන් පෙරමුණෙහි ප්‍රභලයකු හිටපු ජනපති පුතෙකු සමග  හොර රහසේ සාකජ්ජාවක් පවත්වා ඇති බවට වාර්ථාවේ.

ගොසිප්අ99 අප වෙත අනාවරනය වන පරිදි පසුගිය මාසයේ ( ඔක්තොබර්) ඉරිදා දිනයකදී මහනුවර ප්‍රසිද්ධ හෝටලයකදි මෙම හමුවීම සිදුවී ඇති බවට වාර්තාවේ.

ෆයිසර් ප්‍රමාදයි? විශේෂ ප්‍රකාශයට ඉඩ නොලැබේ

සභාවට ප්‍රමාද වී පැමිණි පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා විශේෂ ප්‍රකාශයක්‌ කිරීම සඳහා කළ ඉල්ලීම කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (27 දා) ප්‍රතික්‍ෂේප කළේය.

මුස්‌තාපා මහතා මෙම විශේෂ ප්‍රකාශය කිරීම සඳහා නැගී සිටි අවස්‌ථාවේදී පාර්ලිමේන්තුව අයවැය විවාදය සඳහා කාරක සභාවක්‌ ලෙස රැස්‌ව සිටියේය.

කථානායක - ඔබතුමා ප්‍රමාදයිs. අමාත්‍යාංශ නිවේදනයක්‌ කරන බව කලින් දැනුම් දී තිබුණේත් නෑ.

මුස්‌තාපා මහතා - මම ලංකාවේ හිටියේ නෑ. මා ගැන පසුගිය සතියේ කතා කරලා තිබුණා.

කථානායක - ඒ මැතිවරණ සම්බන්ධවද?

මුස්‌තාපා මහතා - මගේ මෝල්ටා සවාරිය ගැන 

කථානායක - ඒක හදිසි නෑ. හෙට කරන්න. (මුස්‌තාපා මහතා යමක්‌ කියයි)

කථානායක - උදෙන්ම ඇවිත් මට කියන්න තිබුණා. දැන් ආපස්‌සට යන්න බ. මට බෑ. රීති වෙනස්‌ කරන්න. ඔය ප්‍රකාශය හෙට කරන්න.

අජිත් අලහකෝන් - අකිත පෙරේරා

පොලිස්පති DIG ලාගේ ෆෝන් ටැප් කරලා ?

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ දුරකථනවල සවිස්තරාත්මක බිල්පත් ලබාගැනීම හා ඒවාට සවන්දීම සිදුකර ඇති බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු පොලිස් කොමිසමට දැනුම්දී ඇතැයි වාර්තා වේ.


පසුගිය සිකුරාදා (24) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු පොලිස් කොමිසම හමුවූ අවස්ථාවේදී මේ දැනුම්දීම සිදුකර තිබේ.

මෙසේ සවිස්තරාත්මක බිල්පත් ලබාගෙන ඇති දුරකථන අංක අතර ජනමාධ්‍යවේදීන්ගේ දුරකථන අංකද ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරු පොලිස් කොමිසමට දැනුම්දී ඇත.

හේතුවක් නැතිව ජනාධිපතිට 'මඩ' ගැසීමේ නිදහස ලැබිලා - අගමැති

හේතුවක් නැතිව ජනාධිපතිට, ආණ්ඩුවට දෝෂාරෝපණය කිරීමේ නිදහස වර්තමානයේ මාධ්‍යයට ලැබී තිබෙන බවත්, නමුත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයට නම් එම නිදහස තවමත් හරි හැටි අවබෝධවී නොමැති බවත් අගමැතිවරයා පවසයි.

කොළොන්නාව, මංගල පාය ශාලාවේදී පසුගියදා (26) පැවැති එක්සත් ජාතික පක්‍ෂ කොළොන්නාව බලමණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් එක්සත් ජාතික පක්‍ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එබව සඳහන් කළේය.

එහිදී අගමැතිවරයා මෙසේද පැවසිය.

''ශ්‍රී ලංකාවේ හෙළ ජාතික අභිමානය තහවුරු කිරීමට නම් ගමේ බලයත් එක්සත් ජාතික පක්‍ෂයට ලබාදිය යුතු බව මම පළමුවෙන් කියන්න කැමැතියි".

Monday, November 27, 2017

ගංවතුරෙන් බලපෑම් එල්ල වූ කොටපොල පවුල් 182 කට නිවාස ආධාර

පසුගියදා ඇතිවූ ගංවතුර සහ නාය යෑම් තත්වය හේතුවෙන් දෙනියාය ආසනයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුල පූර්ණ හානියට ලක්වූ නිවාස සහ අවදානම් තත්වයට පත්ව ඇති බවට නිවාස 182 ක් හඳුනාගෙන ඇත. එම නිවාසහිමියන් සඳහා ආකාර තුනක් යටතේ ආධාර ලබාදීමට රජය කටයුතු සූදානම් කර ඇත. 

එනම්,

අවදානම් රහිත වෙනත් ඉඩමක් හිමි ය සනහා එම ඉඩම්වල නිවාස ගොඩනගාගැනීමට මුදල් ආධාර ලබාදීම.

පුංචි ඡන්ද පෙත්සම ඉල්ලා අස්‌කරගන්නා ලකුණු

පළාත් පාලන ආයතනවල සීමා සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට්‌ නිවේදනය බලාත්මක කිරීම වළක්‌වන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කෙරුණු පෙත්සම ඉල්ලා අස්‌කර ගැනීමට කටයුතු කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

එක්‌සත් ජාතික පක්‌ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය යන පක්‌ෂවල නායකයන් පෙත්සම ගොනු කළ පාර්ශ්වයන් සමඟ දිගින් දිගටම අදහස්‌ හුවමාරු කරගනිමින් දැරූ පරිශ්‍රමයේ ප්‍රතිඵලයක්‌ ලෙස ඉහත පෙත්සම ඉල්ලා අස්‌කර ගැනීමට නියමිතය.අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ මත එක්‌සත් ජාතික පක්‌ෂ මහලේකම් ඇමැති කබීර් හෂීම්, සභානායක ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු ප්‍රමුඛ එජාප නායකයෝ පෙත්සම්කාර පාර්ශ්වයත් සමඟ අදහස්‌ හුවමාරු කර ගනිමින් පෙත්සම ඉල්ලා අස්‌කර ගැනීමට බලවත් පරිශ්‍රමයක යෙදුණහ.

අගමැතිකමවත් විපක්‍ෂ නායකකමවත් මම ඉල්ලුවේ නෑ

අගමැතිකමවත් විපක්‍ෂ නායකකමවත් මම කවදාවත් ඉල්ලුවේ නැහැ. මේවා මඩ ගහන්න කරන බොරු ප්‍රචාරයයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (26 දා) අහුන්ගල්ලේදී පැවැසීය.

අමරපුර චූලගන්ධි මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක අහුන්ගල්ල මරදාන පුලිනතලාරාමාධිපති පූජ්‍ය වැලිතර අමරනන්ද ස්‌වාමීන්වහන්සේගේ 59 වන ජන්ම දිනය නිමිත්තෙන් එම විහාරස්‌ථානයේදී පැවැති පිංකමක්‌ අවසානයේදී මාධ්‍යවේදීන් අමතා ඒ මහතා කීය.

යහපාලන" අවබෝධතා ගිවිසුමෙන් ඉවත්වන්න - මංගල මෛත්‍රීට දැනුම්දෙයි

මතුවී ඇති දේශපාලන තත්වය පැහැදිලිකරගැනීම සදහා ඊයේ (26) රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඇති මංගල සමරවීර , මලික් සමරවීක්‍රම ඇතුළු එජාප ප්‍රබලයින් පිරිසක් මහින්ද පිල සමග එකතු වන්නේනම් හවුල් ආණ්ඩුවේ අවබෝදතා ගිවිසුමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉවත්වන ලෙස දැනුම්දී ඇත. 

ෆයිසර් රට ගියේ අගමැතිටත් නොදන්වා - ලක්‍ෂමන් කිරිඇල්ල

පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා පිටරට ගොස්‌ ඇත්තේ අයවැය විවාදය සමයේ විදෙස්‌ ගමන් නොයන ලෙසට අගමැතිවරයා දී ඇති උපදෙසට පිටුපාමින් බව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පෙරේදා (25 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.


සභානායකවරයා මේ බව පැවසුවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ස්‌ථාවර නියෝග යටතේ කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.

පළාත් පාලන මැතිවරණයට අදාළ සීමා නිර්ණය ගැසට්‌ පත්‍රය වාරණයට ලක්‌කරන අවස්‌ථාවේ විෂයභාර ඇමැති මුස්‌තාපා මහතා අධිකරණය තුළ නොසිටි බවත් මැතිවරණ පමා වීමේ ගැටලුව ගැන අඩුම තරමින් ඇමැතිවරයා පාර්ලිමේන්තුවට හෝ ජනතාවට කිසිදු පැහැදිළි කිරීමක්‌ නොකළ බවත් දිසානායක මහතා කියා සිටියේය.

බැඳුම්කර හොරුන්ට දඬුවම්දීමට කොන්දේසි විරහිතව ජනපතිට සහාය දෙනවා - බන්දුල

බැඳුම්කර වැරදිකරුවන්ට උපරිම දඬුවම්දීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂය කොන්දේසි විරහිතව ජනාධිපතිවරයාට සහාය දක්‌වන බව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පෙරේදා (25 දා) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.


බැඳුම්කර මගඩිය හෙළිදරව් වීම නිසා කෝපයට පත් එක්‌සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් නගන අවලාදවලට එරෙහිව ජනාධිපතිවරයා සමඟ එකට හිටගැනීමට ඒකාබද්ධ විපක්‍ෂය තීන්දුකර තිබෙන බවද බැඳුම්කර මගඩියට සම්බන්ධ දේශපාලනඥයන් ජනාධිපතිවරයාට මඩගසමින් විවිධ අවලාද නැගීම හෙළාදකින බවද ඒ මහතා සඳහන් කළේය.

තෙදින නිල සංචාරයට ජනපති අද කොරියාවට

ශ්‍රී ලංකාව සහ කොරියා ජනරජය අතර තිබෙන රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (27) කොරියාව බලා පිටත්ව යයි.


කොරියා ජනාධිපති මුන් ජෙයින් මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය චාරිකාවක නිරත වන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එළඹෙන 30 දා තෙක් එරට රාජ්‍ය සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ශ්‍රීලනිපය- ඒකාබද්ධය එකතුවුණොත් යූඑන්පී - ටීඑන්ඒ ආණ්‌ඩුවක්‌

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඒකාබද්ධ විපක්‍ෂය සමඟ එක්‌ව පළාත් පාලන ඡන්දයට තරග කළහොත් හවුල් ආණ්‌ඩුවෙන් ඉවත් වී ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමඟ එක්‌ව අලුත් ආණ්‌ඩුවක්‌ පිහිටුවීම කෙරෙහි එජාපයේ අවධානය යොමු වී ඇති බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ වුවහොත් ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට ද ඇමැති ධුර ලබා දෙන අතර මේ පිළිබඳ දැනටමත් රහස්‌ සාකච්ඡා ඇරැඹී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ දිවයින ඉරිදා සංග්‍රහයට අනාවරණය විය.

ශ්‍රීලනිපය - ඒකාබද්ධ දීගයට දින නියමවන ලකුණු ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර අනිද්දා (28) දිනයේ යළි සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබේ.

පාර්ශව දෙකෙහි විශේෂ නියෝජිතයන් අතර ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවලින් අනතුරුව එම එකඟතාවට පැමිණි බව ඊට සහභාගී වූ නියෝජිතයෙකු ප්‍රකාශ කළේය.

දෙපාර්ශවයේ යෝජනා සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

එහිදී ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ ජනාධිපතිවරයා දැනුම්වත් කර හෙට දිනයේ ඒ සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා පැවැත්වීමට තීරණය කෙරුණු බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

Sunday, November 26, 2017

වෙබ් තහනමක් තිබියදී අගමැති අන්තර්ජාල නිදහසේ ගුණ වනයි

මෑත දිනවල ජනාධිපතිවරයා විවේචනය කරන වෙබ් අඩවියකට ශ්‍රී ලංකාව තුලදී ප්‍රවේශවීමට තහංචි පනවා දෙසතියක් ගතවෙද්දී ජගත් සමුළුවක් ඇමතූ අගමැතිවරයා අන්තර්ජාලයේ අදහස් ප්‍රකාශනය බරපතල ලෙස අභියෝගයට ලක්වී ඇති බව ප්‍රකාශ කර තිබේ.

සියයකට අධික රටවල මුල් පෙලේ නියෝජිතයන් සහ රටවල් විස්සකට වැඩි සංඛ්‍යාවක විද්‍යුත් තාක්ෂණ කටයුතු භාර අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් දිල්ලි නුවර පැවති සයිබර් අවකාශය පිළිබඳ ගෝලීය සමුළුව අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ අන්තර්ජාලයට නිර්බාධිතව පිවිසීමට තිබෙන බාධක ඉවත් කිරීම සඳහා ලොව පුරා දැරෙන “අන්තර්ජාල මැදිහත්භාවය” නම් ව්‍යායාමය අගය කළේය.

යලි රැවටෙන්නේ නෑ - මහින්ද

ඒකාබද්ධ විපක්‌ෂය මේ වන විට වෙනම පෙරමුණක්‌ බවට පත් වෙමින් පොහොට්‌ටුව ලකුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් එළිදැක්‌වී සිටී. ශ්‍රී ලංකාවේ පස්‌ වෙනි ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා එහි නිල නොවන නායකයා ලෙස රට හඳුනාගෙන තිබේ. පසුගිය සති අන්තයේ අනුරාධපුර නගරයේ පවත්වන ලද ජන රැලිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියක්‌ සේ බොහෝ දෙනා දුටහ. මේ සියලු කාරණා අතුරෙන් ඉදිරියට ඇදෙමින් තිබෙන්නේ, එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී මහින්ද රාජපක්‌ෂ මහතා නායකත්වය දෙන බලවේගය තරග කරන්නේ කෙසේද යන්නය. අත සමග පොහොට්‌ටුව එකතු වෙනවාද…? නැතිනම් තනිවම තරග කරනවාද…? මේ ප්‍රධාන ප්‍රශ්න දෙක සහ වර්තමාන දේශපාලනයේ කරුණු කාරණා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සමග කරන ලද සාකච්ඡාව මතු දැක්‌වේ.

ඒකාබද්ද - ශ‍්‍රිලනිප දීගයට දුමින්ද හරහට ? මහින්ද එක්ක අනාගතයක් නෑ.. එයාට විතරමද මේක පුළුවන්.. - දුමින්ද

ඉදිරියට එන පළාත් පාලන මැතිවරණය මහින්දද මෛත‍්‍රිදැයි තෝරන මැතිවණයක් නොවන බව ශ‍්‍රිලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිට නැවත ඡන්දය ඉල්ලන්නත් බැරි බවත් ඔහු සමග දේශපාලන අනාගතයක් නැති බවත් ලේකම්වරයා සදහන් කරයි.

හෙට නාම යෝජනා කැදවන පළාත් පාලන ආයතන 93 මෙන්න

පළාත් පාලන මැතිවරණයේ පාළාත් පාලන ආයතන 93 ක් සඳහා නාම යෝජනා බාර ගැනිමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. ඒ අනුව පළාත් පාලන ආයතන 93 ක් සඳහා නොවැම්බර් මස 27 වන දින සිට දින 14 ක් ඇතුලත නාමයෝජනා බාර ගැනීමට තිරණය කර තිබේ.

මේ බැව් 25 වෙනිදා මැතිවරණ කොමිසමේ පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය දැනුවත් කරමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසීය.