BREAKING NEWS
latest

728x90

468x60

Saturday, December 09, 2017

9 වසරේ ගණිතය පොතට ඉතිහාසය පාඩම් එක් කරලා

රජයේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් 2018 වර්ෂය සඳහා කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසල් දරු දැරියන් වෙත බෙදාදෙන ලද පෙළපොත් කිහිපයක මුද්‍රණ දෝෂ රැසක් ඇතැයි එම දරු දැරියන්ගේ දෙමවුපියෝ පවසති.

එම දෙමවුපියන් පවසන ආකාරයට 2018 වර්ෂයේදී 09 ශ්‍රේණියට සමත් සිසුන් කිහිපදෙනෙකුට මෙම පෙළපොත් ලැබී ඇති අතර, ගණිතය – ii කොටස පෙළපොතේ පළමු පාඩම ලෙස ‘‘ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් යටතට පත්වීම‘‘ යනුවෙන් සටහන්ව තිබේ.

දෙන්නට දෙන්නා දීර්ඝ ආයුෂ පතමින්, පසඳගේ මඟුල් ගෙදරදී හමු වූ මෛත්‍රී - ලක්‌ෂ්මන්ගේ ඩීල් එක වැඩ කල හැටි මෙන්න

ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා අබේවර්ධනගේ විවාහ මංගල උත්සවයේ ඊයේ පැවැත්විණ.ඒ කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේය.


අමාත්‍යවරයාගේ පුතණුවන් සමගින් අතිනත් ගනු ලැබුවේ එක්‌සත් ජාතික පක්‌ෂයේ දේශපාලනඥයකු වන ජනක මල්ලිමාරච්චි මහතාගේ දියණියයි.
මනාලයාගේ පාර්ශ්වය වෙනුවෙන් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාද සාක්‌ෂියට අත්සන් තැබූහ.මංගල උත්සවයේදී ඔවුන් දෙදෙනා විනාඩි විස්‌සක ඉතා සුහද කතාබහක නිරත වූහ.

Friday, December 08, 2017

බර්ගර් කිං ජනපතිට පිටුපෑවද?


ලෝක ප්‍රසිද්ධ බර්ගර් කිං ක්ෂණික ආහාර දාමයේ ශ්‍රී ලංකා ශාඛාව ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්තියට පටහැනිව සිය ව්‍යාපාර කටයුතු මෙහෙයවීමට තමන් සූදානම් බවට වූ ඉඟියක් පළ කර තිබේ.

ජනරජයේ ප්‍රධානියා ලෙසත්, රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නා ලෙසත් පසුගියදා ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනහමුවකදී "මයිලෝ" කිරි පානය නොකරන ලෙස ඉල්ලා තිබියදී බර්ගර් කිං ආයතනයේ නිල ෆේස්බුක් ගිණුම හරහා මයිලෝ කිරි ප්‍රවර්ධනය කරමින් මුදල් ගෙවා දැන්වීමක් පළ කර ඇත.

ඒකාබද්ධයේ මන්ත්‍රීගෙන් කැපිල්ලක්! පොහොට්ටුවෙන් ඉල්ලන්න හිටි හිටපු සභාපති ස්වාධීනව ඉල්ලයි

තලවාකැලේ ලිඳුල නගරස සභාවේ හිටපු සභාපති අශෝක සේපාල ඇතුලූ පිරිසක් එළැඹෙන පළාත්පාලන මැතිවරණයේදි තලවාකැලේ ලිඳුල නගරසභාව සඳහා ස්වාධිනව තරග කිරිමට නුවරඑළිය මැතිවරණ කාර්යාලය වෙත ඇපමුදල් තැන්පත්කර තිබෙනවා. 

ඒකාබද්ධ විපක්ෂය නුවරඑළිය දිස්ති‍්‍රක්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බි රත්නායකගේ කි‍්‍රයාකලාපය හේතුවෙන් තමන් ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණෙන් තරග නොකර ස්වාධිනව තරග කිරිමට තිරණය කළ බවයි. 

උප පොලිස් පරීක්ෂකවරුන් 3029කට උසස්වීම්

පොලිස් සේවයේ විශාල අර්බුදයක් බවට පත්වෙමින් තිබූ උප පොලිස් පරීක්ෂක සේවයේ උසස් වීම් ලබා දීමේ ක්‍රමවේදය විධිමත් හා කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා කටයුතු කර ඇත. ඒ අනුව දැනට උප පොලිස් පරීක්ෂක සේවයේ කටයුතු කරන නිලධාරීන් 3029 දෙනෙකු පොලිස් පරීක්ෂකවරුන් ලෙස උසස්වීම් හිමිවනු ඇත.


ඒ අනුව පොලිස් පරීක්ෂක සේවයේ දැනුට අනුමත නිලධාරී සංඛ්‍යාව වන නිලධාරීන් 2699 ක ප්‍රමාණය සම්පූර්ණ කිරීමය අවශ්‍ය නිලධාරීන් 603 දෙනෙකුගේ පුරප්පාඩු මේ මඟින් සැපිරෙනු ඇත.

එසේම මේ වන විට උප පොලිස් පරීක්ෂක සේවයේ වසර 08 ක සේවය කාලය සම්පූර්ණ කරනු ලැබූ නිලධාරීන් 2426 ප්‍රමාණයක් ද අධි සේවක පදනම මත පොලිස් පරීක්ෂක සේවයට උසස් වීම් ලබා දෙනු ඇත.

උදයංග වීරතුංග ලංකාවේ විදේශ සබඳතා අවුල් කරන මෙහෙයුමක

යහපාලන රජය පසුගිය කාලයේ ඉන්දියාව චීනය හා රුසියාව අතර ඇති කර ගත් සම්බන්ධතා තර කර ගැනීමට කටයුතු කළ අතර කෙසේ නමුත් රුසියානු සම්බන්ධතා තර කර ගැනීම වළක්වාලීමට සදහා අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ වන විට හෙළිදරව් වන පරිදි යුක්රේන් මාශ් (ukraine mash) නැමැති සමාගම උදයංග වීරතුංග සමග එක්ව රහසිගත සැලසුම්කට අනුව මෙකී සම්බන්ධතා කඩාකප්පල් කිරීමට ලංකා ලොජිස්ටික් නැමැති සමාගමට මුදල් ලබා දී ඇති බවට අනාවරණය වී ඇත.

අදාළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් ලියනගේ මේ සදහා හවුල් කොට ගෙන ඇති අතර ඔහු විදේශ කටයුතු සම්බන්ධයෙන් මෙකී බලපෑම සිදුකරන බවට වාර්තා පළවේ.

වාහන මිලදී ගැනීමට, රට යාමට කෝටි 1100ක පරිපූරකයක්

අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලට වාහන මිලදීගැනීම, විදේශ සංචාර, පඩිනඩි ගෙවීම හා අනෙකුත් වියදම් වෙනුවෙන් පසුගිය 05වනදා රුපියල් කෝටි එක්දහස් එකසියයක (රු. 11,000,000,000) පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබේ.

පුනරාවර්තන වියදම් වශයෙන්, රුපියල් හත්සිය හතළිස් නව කෝටි අසූ හතරක ලක්ෂ අසූතුන්දහස් හත්සිය අනූ තුන්ක් (රු 7,498,483,793) හා මූල්‍ය වියදම් වශයෙන් රුපියල් තුන්සිය පනස් කෝටි අසූ නව ලක්ෂ අනූ එක් දහස් හයසිය පනස් දෙකක් (රු. 3,508,991,552) මෙම මුදලද ඇතුළත්ය.

ඉදිරි වසර තුන ඇතුළත සැමට නිවාස

නිවාස නොමැති ජනතාවට ඉදිරි අවුරුදු තුන ඇතුළත නිවාස ලබාදීමේ කඩිනම් වැඩසටහනක් රජය ක්‍රියාත්මක කරන බවත් එම වැඩ පිළිවෙළ යටතේ මධ්‍යම පාන්තිකයන්ට නිවාස ලබා ගැනීමට අවුරුදු පහක සහන පොලිය යටතේ ණය මුදලක් ලබාදෙන බවත් ජාතික ඉතිරි කිරීමේ බැංකුව රුපියල් කෝටි 7500ක් ඒ සඳහා වෙන් කර ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ(07) පස්වරුවේ කෙසෙල්වත්ත සුචරිත ශාලාවේ පැවැති මැද කොළඹ එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමිනි.

Thursday, December 07, 2017

වනජීවියේ ලොකු පුටු හෙළවෙයි! - අමාත්‍යාංශ ලේකම් හා අධ්‍යක්‍ෂ ජනරාල් දොට්‌ට?

ගල්ගමුවේ දළපූට්‌ටුවාගේ ඝාතනය සම්බන්ධව නිසි ලෙස රාජකාරි ඉටු නොකිරීම සහ පිටරටින් නීති විරෝධීව ගෙනෙන ලද කුරුල්ලන් රැසක්‌ නිසි ක්‍රමවේදයකින් තොරව සිය ඥතියකුට ලබාදීම යන චෝදනා මත තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා සහ වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තනතුරුවලින් නෙරපීමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 

විදෙස්‌ රටකින් නීති විරෝධීව ගෙන්වන ලද කුරුල්ලන් නිසි අවසරයකින් තොරව හම්බන්තොට සෆාරි උද්‍යානයට ලබාදීමට වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කොට ඇති බව මේ වන විට විමර්ශනයකින් හෙළිවී තිබේ. 

2020දී පඩිය ඩබල් කරන හැටි වජිර කියයි

"විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවයේ සියලුම අංශවල නිලධාරීන්ගේ මූලික වැටුප 2020 වනවිට දැනට ලබන වැටුපට වඩා දෙගුණයකින් වැඩි කරනවා" යැයි ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන පැවැසීය.

"ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් විසඳීමට සිදුවන්නේ නිලධාරීන්ගේ වරදින් නොවේ. නිලධාරීන් සියලු දෙනාම එකට ඉඳගෙන විසඳිය යුතු ප්‍රශ්න තැනින් තැනට ගොස් විස¼දා ගැනීමට ජනතාව අකැමැති නිසයි එසේ වන්නේ."

දළ පූට්ටුවාගේ මරණය - දැඩි දඬුවම් හා නීති සංශෝධනය කළ යුතුයි

ගල්ගමුව දළ පූට්ටුවාගේ ඝාතකයන් අනාවරණය කරගැනීමෙන් අනතුරුව ඔවුන් සඳහා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බවත් වන අලි ඇතුන්ගේ මෙන් ම සෙසු වනජීවින්ගේ ආරක්ෂාව වෙනුවෙන් වනජීවි ආඥා පනත වහාම සංශෝධනය කළ යුතු යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.


අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව පෙන්වා දුන්නේ ඊයේ (06) නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

Wednesday, December 06, 2017

මහින්දගේ නිවසේ අද තීරණාත්මක සාකච්ඡාවක්. - අභ්‍යන්තර ගැටුම් කරලියට

ඒකාබද්ධ විපක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද දිනයේදී තීරණයක් ගැනීමට නියමිතය.

ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) රාත්‍රීයේ ඔහුගේ නිල නිවසේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වේ.

අසාද් සාලි කොළඹ නව නගරාධිපති ධූරයට?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ මහ නගරසභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස අසාද්සාලී මහතා තරග කිරීමට සූදානම් වන බව වාර්තාවේ.



මේ පිළිබඳ අසාද්සාලි මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවැසුවේ ජනාධිපතිවරයා මේ පිළිබඳ ඔහුගෙන් ඉල්ලීමක් කර ඇති නමුත් තවමත් ශ්‍රී ලනිපයෙන් තීරණයක් ගෙන නොමැති බවය. කෙසේවෙතත් ඉදිරියේදී රැස්වන පක්ෂයේ මධ්‍යම කාරක සභාව මේ ගැන තීරණයක් ගනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පක්ෂයෙන් පිට පැන්නොත් සාමාජිකත්වයත් මන්ත්‍රීධුරයත් අහෝසියි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරන කිසිවකු හෝ වෙනත් දේශපාලන පක්ෂයකට සහාය ලබාදෙන්නේ නම් ඔහුට හෝ ඇයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (5) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අඳහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසිය.

පක්ෂයේ සාමාජිකයෙකුට වෙනත් දේශපාලන පක්ෂයකට සහාය දීමේ හැකියාවක් නොමැති බව පෙන්වාදෙන ඒ මහතා එසේ සහාය ලබා දෙන්නේ නම් එය පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවද එවැනි පුද්ගලයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා.

ජනමාධ්‍ය දේශපාලන නිරන්තර ගැටුම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අත්‍යවශ්‍යයි

ජනමාධ්‍යයත් දේශපාලනඥයාත් අතර ගැටුමක් තිබීම ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මට අවශ්‍යබවත් එය සමනය විය යුත්තක් නොවන බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය. ජනමාධ්‍යවේදී ගුණදාස ලියනගේ මහතාගේ ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව පොතෙහි අවසාන ඡේදය උපුටා දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේ ජනමාධ්‍යවේදීන් හා දේශපාලනඥයන් යන දෙපාර්ශ්වයෙන් එක් පාර්ශ්වයක් බලවත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර බවයි. 2005 – 2015 කාලයේ දේශපාලනඥයා බලවත් වෙමින් මාධ්‍ය යටපත්කර පාලනය කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට හානිවූ ආකාරයද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

Tuesday, December 05, 2017

පොලීසිය ෆේල් යනුවෙන් පොලිස්පති කී කතාවට ඇමති සාගල හරහට

ගිංතොට ප්‍රදේශයේ සිදුවු ජාතිවාදී සිදුවීමේදී පොලිසිය ෆේල් යැයි පොලිස්පති පුජිත ජයසුන්දර මහතා කළ ප්‍රකාශයට තමන් එකඟ නොවන බව  අමාත්‍ය සාගල රත්නායක  අද (05) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.


දැයට කිරුළෙන් වෙන් කල මිලියන 250 අතුරුදහන්

පසුගිය පාලන සමයේදී අම්පාරේ පැවති ‘දැයට කිරුළ’ ප‍්‍රදර්ශනයට සමගාමීව නගරයේ ප‍්‍රධාන බස් නැවතුම්පොල ඉදි කිරීම සඳහා යැයි පවසමින් එවකට බලයේ සිටි පුද්ගලයින් ලබා ගත් රු. මිලියන 250ක මුදලට වූ දෙයක් නැතැයි ඇමති දයා ගමගේ කියා සිටී.

අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් පැවති අම්පාර නව බස් නැවතුම්පොල විවෘත කිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාව අමතමින් ඇමතිවරයා ඒ බව පැවසීය.

එමෙන්ම, එවකට තමා සභාපතිත්වයට දැරූ දයා සමූහ ව්‍යාපාරයට නීත්‍යානුකූලව ලැබුණු රු. මිලියන 110ක කොන්ත‍්‍රාත් ව්‍යාපෘතියක් අවලංගු කොට පැවති රජයේ හිතවතුන් දෙදෙනෙකුට ලබා දුන්නද, රු. මිලියන 100කට අධික වියදමක් දරා සම්පූර්ණ කළේ ව්‍යාපෘතියෙන් කොටසක් පමණක් බව හෙතෙම පැවසීය

තිස්ස කුට්ටිආරච්චි මහින්දගේ දෙපා මුල වැද වැටෙමින් ඒකාබද්දයට එක්වෙයි

පළාත් පාලන මැතිවණය වෙනුවෙන් ඒකාබද්ද විපක්‍ෂය විසින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලිකත්වයෙන් දිස්ත‍්‍රික් මට්ටමින් පවත්වන ප‍්‍රධාන ජනරැළි මාලාවේ බදුල්ල දිස්ත‍්‍රික් රැළිය අද (04) දිනයේ පැවැත්වින.


‘දිනන සටනේ ඇරඹුම’ නමින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් එය පැවැත්වුනේ බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේ දීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, ගාමිණි ලොකුගේ, ප‍්‍රසන්න රණතුංග, කෙහෙලිය රඹුක්වැල්ල, එස්.එම්. චන්ද‍්‍රසේන, රෝහිත අබේගුණවර්ධන, අරුන්දික ප‍්‍රනාන්දු ඇතුළු ඒකාබද්ද විඵක්‍ෂයේ මන්ත‍්‍රිවරුන් රැුසක් එක්ව සිටියහ.

ජෛව පද්ධති පිළිබඳ විද්‍යාවේදී ගෞරව ගෞරව උපාධියේ අවම සුදුසුකම මෙන්න

සවුත් ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලජි ඇන්ඩ් මෙඩිසින් ලිමිටඩ් ආයතනය විසින් පවත්වනු ලබන ජෛව පද්ධති පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධි වැඩසටහන සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අවශ්‍ය අවම සුදුසුකම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ජීව විද්‍යා විෂය ධාරාව හෝ ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවෙන් එකවර ‘සාමාන්‍ය සාමාර්ථ තුනක්‘ හෝ සමාන සුදුසුකමක් බව ප්‍රකාශ කර ඇත.

Monday, December 04, 2017

මාධ්‍ය ආයතනවලට ඇති උනන්දුව ගැන අගමැති සැකයෙන්

මාධ්‍ය නිදහස රැක ගැනීම සඳහා මාධ්‍ය ආයතනවලට ඇති උනන්දුව සැක සහිත බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ කොළඹ දැන් පැවැත්වෙන ජනමාධ්‍යවේදීන්ට සිදුවන ප‍්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

මාධ්‍ය නිදහස තහවුරු කිරීමට සහ මාධ්‍යවේදී ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව කැපවී සිටින බව ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියා.

රනිල් - මෛත්‍රී දෙන්නම කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන?

මිග් ප‍්‍රහාරක යානා ගෙන්වීමේ දී විශාල මූල්‍ය වංචාවක් සිදු කළ බවට චෝදනාවක් වේ. ඒ ගනුදෙනුව සිදු වෙද්දී රුසියාවේ හා යුක්රේනයේ තානාපතිවරයා ලෙස කටයුතු කළේ උදයංග වීරතුංගය. උදයංග වීරතුංග කියන්නේ, ගෝඨාභයගේ හා මහින්දගේ පුංචි අම්මාගේ පුතාය. ගෝඨාභය කියන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයාය. මිග් යානා ගෙන්වීමේ ප‍්‍රධාන වගකීම පැවරී තිබූයේ, ආරක්ෂක අමාත්‍යාංශයටය. එවකට ආරක්ෂක ඇමතිවරයා වූයේ මහින්ද රාජපක්ෂය. බැලූබැල්මට සිදු වීම පිටුපස ගුප්ත දෙයක් ඇති බව හරි පැහැදිලිය. හිටපු විදේශ ඇමතිවරයා වූ මංගල සමරවීර ඉතා පැහැදිලිව කරුණු දක්වා සිටියේ, මිග් යානා ගෙන්වීමේදී විශාල මූල්‍ය වංචාවක් සිදු වී ඇති බවය. එයට අදාළ සියලු ලිපි ලේඛන යුක්‍රෙන් ආණ්ඩුවෙන් ලබාගෙන ඇති බවට ද ආරංචි විය. චෝදනාවට අනුව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් සියලු පරීක්ෂණ අවසන් කරන ලද්දේය. සිදු වී ඇති මූල්‍ය වංචාවට අදාළව ප‍්‍රධාන චූදිතයන් ලෙස ගෝඨාභය රාජපක්ෂ, උදයංග වීරතුංග ඇතුළු හිටපු ගුවන් හමුදාපති රොෂාන් රණසිංහ යන අයට එරෙහිව නඩු දැමීමට පියවර ගත්තේය. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ද එයට අවශ්‍ය නීතිමය මැදිහත් වීම අවශ්‍ය පමණින්ම සිදු කෙරිණි. එහෙත්, ඊට අදාළ නඩු කටයුත්ත ඉදිරියට යාමේ දී ප‍්‍රධාන බාධාවක් එල්ල විය. ඒ වනවිටත් ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු කර තිබිණි. ඒ මගින් මිග් යානා ගනුදෙනුව පිළිබඳ නඩු විභාගය අවසන් වන තෙක් ගෝඨාභයව අත්අඩංගුවට ගැනීම වළක්වාලන තීන්දුවක් දී තිබිණි. එමඟින් රටේ ජනතාවගේ මුදල් හෙවත් රජයේ පොදු දේපළ කෝටි ගණනක වංචාවක් පිළිබඳව වූ ප‍්‍රධාන චූදිතයාව අත්අඩංගුවට ගැනීම වළක්වා තිබිණි.

මාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහි සම්මන්ත්‍රණයකට අගමැති පෙරමුණ ගනී

ජනමාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) කොළඹ දී ආරම්භ විය.


අන්තර්ජාතික මානව හිමිකම් කොමිසම ඇතුළු කලාපීය පාර්ශ්වකරුවන්, දේශීය හා අන්තර්ජාතික මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් 200 ක් පමණ මෙම සම්මන්ත්‍රණය සදහා සහභාගීවී සිටිති.

යුනෙස්කෝ සංවිධානය, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව මෙම සම්මන්ත්‍ර‍ණය සංවිධානය කරනු ලැබීය.

ගොතා 'බය' අමතකද? අසයි

ගොතා 'බය' අමතකද? කියා සඳහන් කරමින් අද (04) උදැසන කොළඹ නගරය හා ඒ අවට ජනාකීර්ණ ප්‍රදේශයන් හි දැවැන්ත පෝස්ටර් ව්‍යාපාරයක් දියත්කර තිබේ.

මෙම පෝස්ටරයේ කිසිවකුගේ ජායාරුපයක් හෝ වෙනත් දර්ශනයක් නොමැති නමුත් එය ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පසුගියදා කොළඹ නගරයේ ප්‍රදර්ශනය කල පෝස්ටරයට ප්‍රතිචාරයක් ලෙස සැලසු දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතියක කොටසක් බව පෙනේ.

නායකයා කවුද? මව්බිම පුවත පට්ටපල් බොරුවක් - කොළඹ සරසවිය.

නායකයා කවුද? කොළඹ විශ්ව විද්‍යාලය සමීක්ෂණයකින් හෙළිකරයි යන මැයෙන් යුතුව ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර විසින් 2017 දෙසැම්බර් 03 වන ඉරිදා දින 'මව්බිම' පුවත්පතෙහි ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස පල කරන ලද ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් සාවද්‍ය බවත්, කොළඹ විශ්ව විද්‍යාලය විසින් එවන් සමීක්ෂණයක් සිදු කොට නොමැති බවත් සඳහන් කරමින් කරුණු පැහැදිලි කරමින් කොළඹ විශ්ව විද්‍යාලයෙහි උප කුලපතිවරයාගේ උපදෙස් මත ජනමාධ්‍ය අංශ ප්‍රධානී මහාචාර්ය සමන්ත හේරත් විසින් 2017 දෙසැම්බර් 03 දාතමින් මව්බිම පුවත්පතේ කර්තෘවරයා වෙත දැනුම් දී ඇත.


ලසන්ත ගුණවර්ධනට අසාධාරණයක් වූ බව කොමෙන්ටුවක් දමමින් පෙන්වාදෙයි

පසුගිය දා සිරස ප්‍රවෘත්ති ප්‍රකාශය තුලින් ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ හිටපු සභාපතිවරයා ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ බැංකු පනත උල්ලංගනය කිරීම හේතුවෙන් බව ප්‍රකාශ කල පුවතට හිටපු සභාපති ලසන්ත ගුණවර්ධන මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ, අදාල පුවතට ෆේස්බුක් කමෙන්ටුවක් මඟින් ප්‍රතිචාර දක්වමිනි.

එම කමෙන්ටුව මඟින් ඔහු පෙන්වා දෙන්නේ තමන් ධුරයෙන් ඉවත් කිරීම අසාධාරණ බවයි. එසේම තමන් ඊට විරුද්ධව නඩුපවරා ඇති බව ද ඔහු විසින් පෙන්වා දී තිබේ.

ඊළඟ කැබිනට් සංශෝධනයෙන් රවීට මොකද වෙන්නෙ

ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසුව සිදු කිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී ද හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට අමාත්‍යධුරයක් හිමි නොවන ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කෙසේ නමුත් එම කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී රවී කරුණානායක මහතාට අමාත්‍යධුරයක් ලබා ගැනීම සඳහා කිසියම් පිරිසක් උත්සහ ගනිමින් සිටින නමුත් ජනාධිපතිවරයා ඊට තවමත් යහපත් ප්‍රතිචාර දක්වා නොමැති බවට වාර්තා වේ.

Sunday, December 03, 2017

එ ජා ප තරැණ කණ්ඩායමක් ඒකාබද්ධ ව්පක්ෂයට

ගොසිප්99 අප කියූ පුවත සනාත කරමින් එජාප තරැණ නායකයින් පිරිසක් ඒකාබද්ධ විපක්ෂය සමග එකතුවේ. 

හිටපු LTTE ප්‍රබලයන් මහින්ද සමග එළිපිටම නටයි

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියාකාරීන් ලෙස කටයුතු කර යුද්ධයෙන් පසුව පුනරුත්ථාපනය වූ පිරිසක් මහින්ද පිලෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා තරග කිරිමට සූදානමින් සිටින බව උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා ඊයේ (02) අනුරාධපුරයේදි ප්‍රකාශ කර තිබේ.

පැවති මහ මැතිවරණයේදී දමිළ ජනතාව‍ගේ ඡන්දවල යම් බලපෑමක් එල්ලකිරීමේ අරමුණින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතා, වාසුදේව නානායක්කාර මහතා ඇතුළු පිරිසක් එල්.ටි.ටි.ඊ. සංවිධානයේ ප්‍රබලයන් ලෙස කටයුතු කරමින් සිටි පිරිසක් හමුවී සාකච්ඡාකොට ඇති බවට එකල මාධ්‍ය වාර්තා කල අතර ඊට අදාළ ඡායාරූප කිහිපයක්ද සමාජජාල ඔස්සේ ප්‍රචාරය විය.

එක්නැළිගොඩ ඝාතන සැකකරු ළඟ රත්තරන් තොගයක් අහුවෙලා

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීමේ සිද්ධියේ පස්වන සැකකරුවන රවීන්ද්‍ර රූපසේන හෙවත් රංජිත් නැමැත්තා ළඟ රුපියල් ලක්ෂ 12කට ආසන්න රන් භාණ්ඩ තොගයක් හා රුපියල් ලක්ෂ 12ක මුදලක් තිබී ඇතැයි වාර්තා වේ.

අදාළ සැකකරුගේ වැඩ තහනම්ව ඇත්තේ හොරකමක් නිසා බවද පැවසේ.

මොරගහකන්ද විදුලිබල උත්පාදනයට පරීක්ෂණ කටයුතු සදහා ජලය නිකුත්කිරීම ජනපති අතින්

මොරගහකන්ද ජලාශය විදුලිබල උත්පාදනය සඳහා ද දායකකර ගනිමින් එහි පරීක්ෂණ කටයුතු සඳහා ජල නිකුත් කිරීම ඊයේ (02) දහවල් යෙදුණු සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරුණි.


පවතින අධික වැසි සහිත තත්ත්වයත් සමඟ මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ විදුලිය නිපදවීම සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය වන මුහුදු මට්ටමේ සිට මීටර් 178ක ප්‍රමාණය පසුගිය (01) දිනය වන විට සම්පූර්ණ වී තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

අද දහවල් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිවරයා එම කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව විදුලි උත්පාදන කටයුතු ආරම්භ කිරීම පරීක්ෂා කිරීම සඳහා ජලය නිකුත් කර තිබේ.