BREAKING NEWS
latest

728x90

468x60

Saturday, December 30, 2017

වෛද්‍ය සභාව සයිටම් සිසුන් පිළිගන්න තීරණය කළා – ඇමති කිරිඇල්ල


සති 5ක සායනික පුහුණුව සහිත සයිටම් සිසුන් පිළිගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එකඟ වූ බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ආණ්ඩුව හදන්න කැපවුණත් මටත් කැපිලි ආවා

වත්මන් ආණ්ඩුව නිර්මාණය කිරීමට කැපකිරීම් කල ද විවිධ අසාධාරණකම්වලට මුහුණදීමට තමාට සිදුවූ බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට වැඩි බලයක් ලබාගැනීමෙන් මෙම තත්ත්වය වෙනස් කරගැනීමට බලාපොරොත්තු වන බවයි.

බැඳුම්කර ගනුදෙනුවේ වාර්තාව බාරදෙයි

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද (30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දෙන ලදි.

අවුරුදු 27 ක්‌ පාර්ලිමේන්තුවේ හිටියා මට ප්‍රාදේශීය සභාවේ සභාපතිකම නරකද - හිටපු ඇමැති මිල්රෝයි ප්‍රනාන්දු අසයි

මම අවුරුදු 27 ක්‌ පාර්ලිමේන්තුවේ හිටියා. මට තව වැඩ කරන්න පුළුවන්. ඒ හින්දා මම මෙවර ජනාධිපතිතුමාට සහාය දක්‌වන්න වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට තරග කරනවා. 

ඇයි මට ප්‍රාදේශීය සභා සභාපතිකම හොඳ නැද්ද? යෑයි පක්‌ෂ විපක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකුව වසර 27 ක්‌ කටයුතු කළ මිල්රෝයි ප්‍රනාන්දු මහතා අසයි.

ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ ජීඑස්‌පී කපයි

ඒ අනුව 2018 ජනවාරි 01 දින සිට ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ වන ඇමෙරිකානු වෙළෙඳපොළට අපගේ භාණ්‌ඩ වරණීය නොවන තීරු බදුවලට යටත්ව අපනයන කිරීමට සිදු වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත, සමන් ගමගේ

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට ඇමෙරිකාව විසින් ලබාදෙන ජීඑස්‌පී බදු සහනය (විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය) හෙට (31 දා) සිට අවසන් කෙරෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

Friday, December 29, 2017

ජනපති ශ්‍රීලනිප අපේක්ෂකයන් හමුවෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කරන අපේක්ෂකයින් සමග හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් අද  පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවත්විණි.

අපේක්ෂකයින් ඇමතූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ දීර්ඝ කාලයක් පුරා රටට අවශ්‍යව පැවති පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට යන ගමනේ වැදගත් පියවර සනිටුහන් කෙරෙන්නේ මෙම පෙබරවාරි 10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය තුළින් බවයි.

වාරණ නම් ආයෙ එපා - වෙබ් සංගමය ජනපතිගේ මුණට ම කියයි

මෑතක සිට ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයකට නැවත ඇතිවී ඇති අවහිරතා සම්බන්ධයෙන් සොයා බලා ඒවා නිදහස් කර මුදා හරින ලෙස වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය විසින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලීමක් කළහ.


ඒ, වඩාත් වගකීම් සහගත, සාධනීය වෙබ් මාධ්‍ය කලාවක් වෙනුවෙන් සම්පාදනය කරන ලද ආචාර ධර්ම පද්ධතිය ජනාධිපතිවරයා වෙත අද (29) කොළඹ හිල්ටන් හෝටලයේ දී පිළිගැන්වීමේ අවස්ථාවේදී ය.

වාරණ නම් ආයෙ එපා - වෙබ් සංගමය ජනපතිගේ මුණට ම කියයි

මෑතක සිට ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයකට නැවත ඇතිවී ඇති අවහිරතා සම්බන්ධයෙන් සොයා බලා ඒවා නිදහස් කර මුදා හරින ලෙස වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය විසින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලීමක් කළහ.


ඒ, වඩාත් වගකීම් සහගත, සාධනීය වෙබ් මාධ්‍ය කලාවක් වෙනුවෙන් සම්පාදනය කරන ලද ආචාර ධර්ම පද්ධතිය ජනාධිපතිවරයා වෙත අද (29) කොළඹ හිල්ටන් හෝටලයේ දී පිළිගැන්වීමේ අවස්ථාවේදී ය.

පියසේන ගමගේට සාගලගේ රාජ්‍ය ඇමැති ධුරය

පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා දක්‌ෂිණ සංවර්ධන සහ නීතිය හා සාමය රාජ්‍ය ඇමැති ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (28 වැනිදා) පත් කරනු ලැබීය.

සාමකාමී මැතිවරණයකට පූර්ණ සහාය දෙන්න - මල්වතු-අස්ගිරි මහ නාහිමිවරු

ප්‍රචන්ඩත්වයෙන් තොර සාමාකාමී මැතිවරණයක් පැවැත් වීමට අවශ්‍ය සියලු සහාය මැතිවරණ කොමිසමට ලබාදීම පක්ෂවල මෙන්ම අපේක්ෂකයන්ගේ ද වගකීම බව මල්වතු අස්ගිරි මහ නාහිමිවරු දෙනම පවසති.

මැතිවරණ නීතීවලට ගරු කරමින් පරිසරයට හානි නොකර මැතිවරණය ප්‍රචාරක කටයුතුවල නිරත වීම කෙරෙහි අපේක්ෂකයන් උනන්දු විය යුතු බවද උන්වහන්සේ දෙනම පවසති.

අගමැති අඹේවෙල කිරි කම්හලේ නිරීක්ෂණ චාරිකාවක

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අඹේවෙල කිරි කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (28) එක්විය. නුවරඑළි‍ය සිට කිලෝමීටර් 15-18ක් පමණ ගිය තැන අඹේවෙල නගරය හමුවේ. ඒ අසල ශ්‍රී ලංකාවේ විශාලතම කිරි ගොවිපොළවලික් එකක් වන අඹේවෙල ගොවිපොළ පිහි‍ටා‍ තිබේ. අඹේවෙල ගොවිපල අවට ඇත්තේ ඉතා සුන්දර පරිසරයකි. 

හින්දු බැතිමතුන්ට “වැඩේ දෙන” බවට බෝගොල්ලාගමගේ බිරියගෙන් තර්ජන

උරුමය පිළිබඳ මතබේදයකට තුඩුදී තිබෙන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පුජාභුමියකදී නැගෙනහිර ආණ්ඩුකාර බිරිඳ පොලිසිය ඇතුළු රජයේ නිලධාරීන් හමුවේ හින්දු බැතිමතුන් පිරිසකට බැනවැදී තර්ජනය කර දෙමළ සස්කෘතික සංකේත කෙලෙසීම සාම්පූර් ප්‍රදේශයේ ගම්වාසීන්ගේ කෝපයට හේතුවී තිබේ.


මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කුනිතීවූ ග්‍රාම නිලධාරි වසමේ, සූඩෙයිකුඩා ගමේ මද්දලමලෙයි කන්දේ පවත්වාගෙන යන ස්කන්ධකුමාර කෝවිල් භූමියට සිය සැමියා සමගින් ගිය දීප්ති බෝගොල්ලාගම පොළොවේ ඇඳ තිබූ “කෝලම්” නමින් හැඳින්වෙන හාල්පිටියෙන් අඳින ලද දෙමළ සාම්ප්‍රදායානුකූල බිම් සැරසිල්ලක් පාවහන් සහිත පයින් පාගා එහි සිටියවුන්ට තර්ජනය කරනු ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විසින් රූ ගත කර ඇත.

31 වැනිදාට එන්නේ බැඳුම්කරේ සංක්ෂිප්ත වාර්තාවක්? - මහේන්ද්‍රන්, රවී ඇතුළු විශාල ගණනකට වැඩ වරදී?

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ දීර්ඝ විමර්ශනයක යෙදුණු ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව අනිද්දා (31දා) ජනාධිපතිවරයාට භාරදීමට නියමිතව තිබුණද අවසන් වාර්තාව වෙනුවට සංක්ෂිප්ත වාර්තාවක් එදිනට ජනාධිපතිවරයාට භාරදීම කෙරෙහි කොමිසමේ අවධානය යොමුව ඇති බැව් වාර්තාවේ.

කොමිසමේ සභාපති ජේ‍යෂ්ඨ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි මහතාත් සෙසු සාමාජිකයන් වන ජේ‍යෂ්ඨ ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්‍රසන්න විජයවර්ධන මහතා සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ යන මහත්වරුන්ද කොමිෂන් වාර්තාව කඩිනමින් පිළියෙල කිරීමේ කටයුතු දිරිගන්වමින් කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේ රාත්‍රි 7-8 පමණ වනතුරුත් මේ දිනවල රැඳී සිටින අතර ඊයේද ඇඳිරි වැටෙනතුරුත් ඒ අයුරින්ම ඔවුන් කාර්යාල පරිශ්‍රයේ විවිධ කටයුතු මෙහෙයවමින් සිටිනු දැක ගත හැකිවිය.

Thursday, December 28, 2017

දිනේශ් තනිවෙයි - මහජන එක්සත් පෙරමුණම මෛත්‍රී සෙවනට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ තවත් ප්‍රබල සාමජිකයෙක් වන

ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සෝමවිර චන්ද්‍රසිරි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව ප්‍රකාශ කළේය.

මහිංදට මළ පනී - 'උඹ හදපු රැල්ලක් නෑ' - මහින්ද විමල්ට හොදට අමයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අතර සිදු වූ බහින් බස් වීමක් සම්බන්ධ පුවතක් අපි ඊයේ වාර්තා කළෙමු. එහි වැඩි විස්තර මෙසේය. 

විමල් වීරවංශ සාමාන්‍යයෙන් මහින්ද රාජපක්ෂත් සමඟ තර්ක කරන්නට යන්නේ නැත. එහෙත් පෙරේදා දිනයේ දී ඔහු දැනට මහින්ද රාජපක්ෂ වටා ඇති මේ රැල්ල නිර්මාණය කළේ තමන් බව පවසා ඇත. "මමයි මේ රැල්ල හැදුවේ. 2015 ජනවාරි ඡන්දය පැරදුණාට පස්සේ කවුරුත් එළියට බහින්න ලෑස්ති වෙලා හිටියේ නෑ. මමයි තනියෙන් පෙබරවාරි මාසෙ වෙනකොට මහින්ද සුළඟ හැදුවේ. මම තියපු නුගේගොඩ රැස්වීමෙන් පස්සෙ තමයි විසිරිලා හිටිය හැමෝම බය නැතුව එළියට බැස්සේ" යනුවෙන් විමල් මහින්දට ප්‍රකාශ කර තිබේ.

තේ කුරුමිණියා, අස්බැස්ටස් හා රුසියානු ඔත්තුකරු. - සීඅයිඒ පැහැර ගැනීම්වලට ලංකාව සහය සහාය දෙන බවට ලෝකයේ ලිඛිත සාක්‍ෂි මෙන්න

පිවිතුරු හෙල උරුමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්න්පිල මහතා මෙසේ අදමස් පල කලේය.

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍ය විද්‍යාවට පිරිනමන නොබෙල් තෑග්ග ලංකාවේ වෛද්‍යවරයෙකුට පිරි නැමෙනවා. මේ වෛද්‍යවරයා වෛද්‍ය විද්‍යාව උඩු යටිකුරු වෙන ප්‍රබල සොයා ගැනීමක් කර තිබෙනවා. තේ බහලුමක කුරුමිණියෙක් හමු වුණොත් ඇස්බැස්ටොස් වල විෂ මැරෙනවා කියන එක තමයි ඒ අපූරු සොයා ගැනීම. ඒ වෛද්‍ය උපදෙස ලබා දුන්නු වෛද්‍යවරයා කවුදැයි අපි දන්නේ නෑ. නමුත් ඔහුට වෛද්‍ය විද්‍යාවට හිමි නොබෙල් තෑග්ග නම් සිකුරුයි.

2015 දී 2018 ජනවාරි 01 දින සිට ආණ්ඩුව විසින් ඇස්බැස්ටස් භාවිතාව තහනම් කලේ කාගෙන් බලපෑම් ආවත් තහනම ඉවත් කරන්නේ නෑ කියලා. ජනාධිපතිතුමා රුසියානු සංචාරයට ගියාම රුසියානු නිළධාරින් මේ පිළිබඳ ප්‍රශ්න කලා. ලෝකය පුරා තහනමට ලක් වී තිබෙන්නේ නිල් සහ දුඹුරු ඇස්බැස්ටොස් බවත් රුසියාවෙන් ලංකාවට එවන්නේ සුදු ඇස්බැස්ටොස් බවත් ඒවා තහනම් කර ඇත්තේ රටවල් 55 පමණක් බවත්, එමෙන්ම සුදු ඇස්බැස්ටොස්හි පිළිකා අවදානම ඇත්තේ කෙඳි වාතයට මුසු විය හැකි නිෂ්පාදිත වලින් බවත් ඒ අය පෙන්වා දුන්නා. ලංකාවේ ඇස්බැස්ටස් භාවිතා කරන්නේ සෙවිලි තහඩු සෑදීමට බවත් එහි ඇස්බැස්ටස් අඩංගු 10%ක් පමණ බවත් එයින් කෙඳි වාතයට මුසු නොවන බවත් ඒ අය පැවසුවා.

කෝලිගේ මගුල් ගෙදර ගිය ලංකාවේ පුංචි අමුත්තා

ඉන්දියානු ක්‍රිකට්‌ නායක විරාට්‌ කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ විවාහ මංගල උත්සවය පසුගියදා ඉතාලියේදී පැවැත්වුණි. අනතුරුව ඉන්දියානු ක්‍රිකට්‌ ක්‍රීඩකයන් සහ බොලිවුඩ් නළු නිළියන් වෙනුවෙන් පවත්වන ලද සාදය පෙරේදා (27 දා) රාත්‍රියේදී මුම්බායි හී පැවැති අතර ඒ සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම දිරි ගන්වන්නකු වන ගයාන් සේනානායකට ආරාධනා කර තිබීම විශේෂත්වයකි.

පොහොට්‌ටුවයි බුලත් කොළයයි වෙනම තරග කළත් බලය පිහිටුවන්නේ එක්‌වෙලා - ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් වෙන්වෙන්ව තරග කළද ඡන්දයෙන් පසු පක්‍ෂ දෙක එකතුවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව විද්‍යා හා තාක්‍ෂණ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.

හෙතෙම මේ බැව් පැවසුවේ ඊයේ (27 වැනිදා) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය. 

බැඳුම්කර වාර්තාව අද ජනාධිපති අතට

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද (28) ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් බාරදීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබුණු පසු අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවිය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව මේවනවිටත් තීරණය කර තිබේ.

Wednesday, December 27, 2017

මේ වසරේදී පමණක් කෝටි 13ක හෙරොයින් ඇතුළු මත්කුඩු තොගයක් අත්අඩංගුවට

2017 වර්ෂයේ මේ දක්වා කාලය තුළදී පමණක් කෝටි 13 කට අධික හෙරොයින් ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට සහ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපාරාධ දිසාවට හැකි වූ බවත් මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් අතුගා දමන දිනය වැඩි ඈතක නොවන බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

එසේම මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඬලීමේ කටයුතු මේ වන විට වෙනදාට වඩා ඉතා සූක්ෂ්ම හා විධිමත්ව ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් 2017 ජනවාරි 01 වැනිදා සිට පහුගිය දෙසැම්බර් 27 වැනිදාවන විට පොලිස් විශේෂ කාර්ය බලකායෙන් පමණක් රුපියල් 53,852,660.00 (කෝටි 5.3)ක් වටිනා හෙරොයින් ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන ඇති බවත් එය ප්‍රමාණාත්මකව ගත්විට ග්‍රෑම් 5,385.266ක ප්‍රමාණයක් වන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

මහින්ද ශ‍්‍රීලනිපයෙන් හා මන්ත‍්‍රි ධුරයෙන් ඉවතට

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රවර්ධන කටයුතු සදහා සම්බන්ධ වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රිවරුන් සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමේ බලය පක්‍ෂ නායක ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් පවරා ඇත.

ඒ අනුව ශ‍්‍රීලනිප ව්‍යවස්ථාව කඩ කරමින් අන් දේශපාලන පක්ෂයක ප්‍රවර්ධනය කරන මන්ත‍්‍රීනට විනය පරීක්ෂණයක් පවත්වා ඉන් වැරැදිකරුවන් වුවහොත් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමටද මාධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

ආසියාවේ අඩුම මාතෘ මරණ අනුපාතිකය ශ්‍රී ලංකාවෙන්

2016 වසරේ සිදු වූ මාතෘ මරණ සමාලෝචන වාර්තාව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රියාණි සේනාධීර මහත්මිය සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පිරිනැමීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සිදු කෙරිනි.



මෙම වාර්තාවට අනුව 2016 වසරේදී මාතෘ මරණ 112 ක් සිදුවී ඇත. ඒ අනුව මාතෘ මරණ අනුපාතිකය සජීවී දරු උපත් ලක්ෂයකට 33.8 ක් ලෙස ගණනය කර ඇත. මෙය දකුණු ආසියාතික කලාපයේ හොඳම මාතෘ මරණ අනුපාතිකයයි. එහෙත් පසුගිය වසර 7 පුරාම ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතිකය එකම මට්ටමේ පවතී.

මෛත්‍රීගේ හවුල් ගිවිසුමට අත්සන් තැබීම හෙට

මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ තරග වදින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඇතුළු අනෙකුත් දේශපාලන පක්‍ෂ අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම හෙට (28 වැනිදා) පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අනෙකුත් පක්‍ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරේ. 

මාරුවීම් හදන්න අකිලගේ බිරිය වගේ අණ කරලා

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්ගේ බිරිය බව පවසමින් ගුරුපත්වීම් හා ගුරු මාරු සිදුකරන ලෙසට දුරකතන මඟින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට බලපෑම් කරන තැනැත්තියක සොයා විශේෂ විමර්ශනයක් ඇරැඹෙයි.

අධ්‍යාපන ඇමැති බිරිය බව පවසා අමාත්‍යාංශයේ නිලධාරීන්ට ගුරු පත්වීම් හා ගුරු මාරු සම්බන්ධයෙන් නිතර දුරකතන ඇමතුම් මඟින් බලපෑම් කිරීම නිසා සැක සිතූ අදාළ නිලධරයන් ඒ බැව් ඇමැතිවරයාට දැනුම් දී තිබේ.

කිසිම අවස්ථාවක දේශපාලන හෝ රාජකාරිමය කටයුතුවලට සිය බිරිය සම්බන්ධ නොවී සිටියදී ජනතාව මුළා කර මෙවැනි ක්‍රියාවක යෙදෙන අය ඉක්මනින්ම අල්ලාගත යුතු බව නිලධාරීන්ට පවසා ඇති ඇමැතිවරයා වහා පරීක්ෂණ අරඹන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන හා ආරක්ෂක අංශවලට නියෝග කර ඇත.

සංචාරකයන්ගේ ආරක්ෂාව තවත් තහවරු කරන්න අපි කටයුතු කරනවා - ඇමති සාගල

සංචාරක ව්‍යාපාරය මෙරට ප්‍රධානතම ආදායම් මාර්ගය බවට පත්කරගන්නට රජය විවිධ කටයුතු රැසක්‌ සිදුකරමින් තිබේ. එහෙත් ඒ ක්‍රියාමාර්ග තුළින් කොතෙක්‌ දුරට සංචාරක ව්‍යාපාරය වර්ධනය වේ දැයි ගැටලුවකි. ලොව බොහෝ රටවල ප්‍රධානතම ආදායම් මාර්ගයක්‌ වන සංචාරක ව්‍යාපාරය සොබාදහමේ අපූර්වත්වයෙන් අනූන අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක්‌ කරගන්නට නොහැකි වී තිබීම කනගාටුවට කරුණකි. 


පසුගිය වකවානුව තුල රට පුරා හොරකම්, මිනීමැරුම්, ස්‌ත්‍රී දූෂණ වැඩි වී තිබුනි.  පසුගිය දිනවල විදේශික තරුණියන් පවා දූෂණය විය. මේ තරම් රටේ අපරාධ වැඩිවන්නට හේතුවී ඇත්තේ පොලිස්‌ නිලධාරීන්ට ඔවුන්ගේ සාමාන්‍ය රාජකාරි වලට වඩා වෙනත් රාජකාරි සිදුකරන්නට වීම නිසාය. පාරේ කුණු දමන පිරිස්‌ අල්ලා ගැනීම, පෝස්‌ටර් ගසන අය ඇල්ලීම, දේශපාලකයන් පාරේ ගමන් කරන විට හන්දියක්‌ හන්දියක්‌ ගානේ බලාගෙන සිටීම, දේශපාලකයන් සහභාගි වන උත්සව වලට දහස්‌ ගණනින් සහභාගිවීම අද පොලිස්‌ නිලධාරීන්ගේ කාර්යභාරය වී තිබුනි.

රාජපක්ෂලා විමල්ව කපා දමයි- විමල් දුරකථනයත් විසන්ධිකොට කොළඹින් පිටවෙයි

බලය ඇතිදාත්, නැතිදාත් රාජපක්ෂවරුන්ගේ රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් බැලමෙහෙවර කම් කළ විමල් වීරවංශට තම දේශපාලන ගමනේ කිසිදාක නොසිතූ නොපැතු සිදුවීමකට මුහුණ පා ඇතැයි අතිශය විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

මීට මුලිකම හේතුව බවට පත්ව ඇත්තේ විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් අතිශය බහුතරයක් පොදු ජන පෙරමුණේ නාම යෝජනා ලැයිස්තුවලින් කපා දමා හැරීම සහ අනුපාතය මත පත්වන ලැයිස්තුවලින්ද විමල්ගේ පිරිස් පහළට ඇඳ දමා තිබීම බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

එජාප කැලණියේ ප්‍රබලයින් පිරිසක් ශ්‍රීලනිපයට


කැළණිය ආසනය නියෝජනය කළ ප‍්‍රබල එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී, එතුමා ගෙනයන වැඩපිළිවෙළට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්විය.

කැළණිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරුන් වන කණිෂ්ක සමරසිංහ, නෝබට් පෙරේරා යන මහත්වරුන් සහ පෑලියගොඩ නගර සභාවේ හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් පෙරේරා මහතා ඇතුළු දීර්ඝ කාලයක් පුරා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කළ පිරිසක් මේ අතර වේ.

මාර්ග තදබදය අඩු කරන්න සැහැල්ලු දුම්රිය

කොළඹ ප්‍රධානව බස්නාහිර පළාත තුළ පවතින වාහන තදබදය අවම කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්නන් සියයට 60 දක්වා වර්ධනය කිරීමට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් සම්පාදනය කැර ඇත. දැනට බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන සේවාව භාවිතා කරන අයගේ ප්‍රතිශතය සියයට 52කි.

රථවාහන තද බදය අවම කිරීම සඳහා කොළඹ නගරය ආවරණය වන පරිදි සැහැල්ලු දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කැර ඇති අතර, එහි ශක්‍යතා අධ්‍යනයනය මේ දිනවල සිදු කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශක මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය ඩිමන්ත ද සිල්වා මහතා පැවසීය.

Tuesday, December 26, 2017

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ හදිසියේම රෝහලට

හදිසියේ රෝගාතුර වූ විපක්ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (25) රෝහලට ගොස් තිඛෙනවා.

කොස්ගොඩ සුජී අල්ලන්න රතු නිවේදන නිකුත් කරයි

ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් ආයතනය විසින් 33 හැවිරිදි ජගමුනි සුජීව ද සොයිසා හෙවත් කොස්ගොඩ සුජී අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත්කර ඇත.

ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගැනීම සඳහා නිලවශයෙන් ලංකාවෙන් කරන ලද ඉල්ලීමකට ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදනයක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය බව පොලිස් ආරංචි පවසයි.

පිල් මාරුවක් ගැන තවත් ඉඟියක්

ජාතික නිදහස් පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරු තුන් දෙනෙකු සහ වෙනත් දේශපාලන පක්ෂවල ප්‍රධාන පෙලේ නියෝජිතයින් 51 දෙනෙකු ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

කන්‍යාවියන් කෙළෙසුවා යැයි කියන සාරුවා සුනිල්ගේ බිරිඳ අකුරුස්සේ මාරඹින් වැඩ අල්ලයි

කන්‍යාවියන් සියයක් කෙළෙසා හෝටලයක සාදයක් පැවැත්වූ බවට චෝදනා එල්ල වී සිටි හිටපු අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සාරුවා සුනිල් මහතාගේ බිරිඳ තම මැතිවරණයට ප්‍රචාරණ කටයුතු ආරම්භ කර ඇති බවවෙත වාර්තා වේ.

Monday, December 25, 2017

මහින්ද නිදහස් පක්ෂයේ ඉවතට - පොහොට්ටුවේ නායකත්වයට

ජනවාරි 2 දා ආරම්භ කිරීමට නියමිත ඒකාබද්ධ පොදුජන පෙරමුණට නායකත්වය දීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ.

මහින්ද රාජපක්ෂ මහතා මේ වනතුරු ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ (පොහොට්ටුව පක්ෂයේ) කිසිදු නිල තනතුරක් ලබා නොගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුසාශකවරයෙකු වශයෙන් සිටිමින් නිල නොවන මට්ටමින් එම පෙරමුණට සහයෝගය දැක්වීය.

ඉදිරි පලාත්පාලන මැතිවරණයට නව ජවයක් ලබා දීම සදහාත් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ (පොහොට්ටුව) පාක්ෂිකයන්ගේ සැකය දුරුකිරීමත් සඳහාත් එළබෙන 2 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මහ සමුළුවේදී මෙම ප්‍රකාශය කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමටත් නව සන්ධානයේ නායකත්වය භාර ගැනීමටත් සැලසුම් කොට ඇතැයි දැනගැනීමට ඇත.

රුසියාව තේ තහනමට මැදට ඔත්තුසේවා නිලධාරියෙක්

ශ්‍රී ලංකාවට පැනවූ රුසියානු තේ තහනම පසුපස කෘමි ප්‍රශ්නයට වඩා බරපතළ රාජතාන්ත්‍රික කතාවක් ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශයට වාර්තා වන ආකාරයට අප්‍රකාශිත මෙම සිදුවීම රුසියානු ඔත්තුකරුවකු හා සම්බන්ධ ප්‍රශ්නයක් යැයි කියැවේ. මෙම තැනැත්තා හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව යන දෙරට තුළින් ඉල්ලා සිටියේ තම රටවලට වහාම ඔහුව බාරදෙන ලෙසයි.

Sunday, December 24, 2017

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඌව පළාත් සභා මන්ත්‍රී ගනේෂ් මුර්ති හරින් සමග හරි ගමනකට

පසුගියදා තිස්ස කුට්ටි ආරච්චි නැවතත් මහින්ද පිල සමග එකතුවීමත් සමග ඌවේ එජාප සාමාජිකයින් අතර යම් කසුකුසුවක් ඇති වූව. ඒ පොහොට්ටුව ඌවේ පිපේදෝ යයි චකිතයකිනි. නමුත් ලිංගික අල්ලස් සහ පොහොට්ටු ප්‍රභලයින්ගේ පිල්මාරු සමග යම් පසුබෑමකට මහින්දපිල ලක්වී ඇති බවට වාර්තාවේ. 

ශිරන්ති රාජපක්ෂ ම‍ෛත්‍රී සමග සමාදානයට කැමැත්තෙන් - ලගදීම ආණ්ඩුවට ?


පසුගිය රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගමේ සභාපතිවරයාව සිටියේ ශිරන්ති රාජපක්ෂගේ සොහොයුරා වන නිශාන්ත වික්‍රමසිංහය. ඔහු සභාපතිවරයාව සිටියදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවූ මහා පරිමාණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව පසුගිය යුගයේ බොහෝ මාධ්‍ය වාර්තා කර තිබිණි. ජනාධිපතිවරයාගේ කොමිසම පත් කෙරුණහොත් සියලු තොරතුරු එළියට ඇදෙනු ඇතැයි ශිරන්ති රාජපක්ෂ බියපත් වී තිබේ.


එහෙයින් ඇය ජනාධිපතිවරයාගේ පාර්ශ්වය වෙත පණිවිඩ යවා ඇත්තේ කුමන කොන්දේසියක් මත හෝ රාජපක්ෂ පාර්ශ්වය ඔවුන් සමඟ සමාදාන කිරීමට තමන්ට මැදිහත් විය හැකි බවටය.

'මහරගමට උගත්, වියත්, වැදගත් නායකත්වයක් ගෙනෙමු'' - චම්පික

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසු රටේ දැවැන්ත වෙනසක් සිදුවන අතර එය 2015 සිදුවූ වෙනසටත් වඩා වැඩි වෙනසක් බවත්, ගම් මට්ටමින් නව පිරිසක්, නව ක්‍රියාවලියක් මුළු රට පුරාම අලුතෙන් දේශපාලන ක්‍රියාවලියට එකතු වන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.


අළුත් පරම්පරා බිහිවී වත්මන් රට වෙනස් වී ඇති අතර ඒ අළුත් පරම්පරාවට, අළුත් තාක්ෂණයට රටේ ඉදිරියට යෑමට අවස්ථාව ලබාදිය යුතුයි. හැමදාම පරණ ගති ලක්ෂණ, පරණ පක්ෂභේද, පරණ ගෝත්‍රවාදය අපි තබාගත යුතු නෙමැති අතර ඒ පරණ අතීතයට තිත තබා අනාගතය දකින්න පුළුවන් තරුණ පිරිසකට නායකත්වය ලබාදිය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

හිටපු ජනපතිගේ සමලිංගික විහිළු

මේ ආකාරයට මතුපිටින් බැසිල් රාජපක්‍ෂට පහර දීමේ ස්වභාවයක් පෙන්නුම් කළත්, ඇත්ත වශයෙන්ම යටින් තවමත් ශ‍්‍රීලනිපය ඉන්නේ ඒකාබද්ධය හා එකතුවීමේ වුවමනාවෙනි. ඒ කාරණය පැහැදිලි කරමින්, පසුගිය සතියේ ආණ්ඩුවේ ඉහළ නායකයකු දුරකතනය හරහා බැසිල් රාජපක්‍ෂ සමග සාමීචියකට පොටක් පාදාගන්නට හැදු බවද දැනගන්නට තිබේ. ඒ සම්බන්ධය හැදුවේ, රාජපක්‍ෂ පිළේ අන්තේවාසිකයකු හැටියට කටයුතු කරන පැපිලියාන පැත්තේ පන්සලක ප‍්‍රකට හිමිනමක විසින් බවද දැනගන්නට තිබේ. එහෙත් වාර්තා වන අන්දමට බැසිල් රාජපක්‍ෂ විසින් ආණ්ඩුවේ ප‍්‍රබලයා නොසලකා හැරීමෙන් කතාව ලත් තැනම ලොප්වී තිබේ.’