BREAKING NEWS
latest

728x90

468x60

Saturday, January 06, 2018

ඓතිහාසික සටන අද නැවතත් වෙල්ලස්සෙන් ඇරඹෙයි - මෙවරත් හරීන් ප්‍රනාන්දු පෙරමුණ ගනියි.

පොහොට්ටුවේ 3ක්, සීනුවේ 1ක් එජාප වේදිකාවේ.

2018 පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක‍ෂ තරග භූමිකාව අද බදුල්ල නගරයේදී අමාත්‍ය හරීන්ප්‍ රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිනි. 

මීට පෙර පසුගිය ආණ්ඩුව පරාජයට පත් කරමින් ඌව වෙල්ලස්සේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගත්තේද අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසිනි. එදා රාජ්‍ය බලය සකලවිධ ආකාරයෙන්  අවභාවිතා වෙද්දි එදා එක්සත් ජාතික පාක‍ෂිකයන් හට ඉමහත් ශක්තියක් වෙමින්, උත්තේජයක් සපයමින් දුරදාන්ත පාලනයක් නිමා කරන මුල් අඬහැරය වූයේ එම මැතිවරණයයි.

සපුගස්කන්ද පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිට මාරුවක්

සපුගස්කන්ද පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබාදීමට නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක නිර්දේශ කර තිබෙනවා. 

කෙසේ වෙතත්, මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අවසරය අනුව, එම ස්ථාන මාරුව ක්‍රියාත්මක කරන ලෙසටයි අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ. 

Friday, January 05, 2018

අගමැති රනිල්ට බැදුම්කර වංචාව ගැන කිසිම චෝදනාවක් නෑ - ශ‍්‍රීලනිපය නිල වශයෙන් කියයි

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර අක‍්‍රමිකතාවය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට කිසිම චෝසනාවක් එල්ල වී නැති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජනතාව ඉදිරිපිටදීම විනාශ කරනවා - ඇමති සාගල

මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සියලුම මත්ද්‍රවය ජනතාව ඉදිරිපිටදී විනාශ කිරීම සඳහා අවශ්‍යයවන නීතිමය ප්‍රතිපාදන සකස්කිරීමට කටයුතු කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.

අර්ජුන් මහේන්ද්‍රන් රට අත්හැර ගිහින්?

බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත්වීමත් සමඟ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරට හැරගොස් ඇති බව වාර්තා වෙයි.

ඔහු එලෙස පිටව ගොස් තිබෙන්නේ සිංගප්පුරුව වෙත බවත් එසේ ඔහු ගොස් තිබෙන්නේ තම පුරවැසිභාවය හිමි සිංගප්පූරුව බලා බවත් දැනගන්නට ඇත.

Thursday, January 04, 2018

ඉන්දීය ගිලන් රථ සේවාව පිළිබදව වෛද්‍ය සංගම් නැගූ මතවාද පුස්සක් වෙයි

1990 සුවසැරිය හදිසි ගිලන් රථ සේවාවේ දෙවන අදියර වෙනුවෙන් එකඟතා ගිවිසුමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දි අත්සන් තැබුණා. මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද එක්ව සිටියා.

අපේ ආණ්ඩුව වුණත් වරදක් කළා නම් දඬුවම් දෙන්න සූදානම් - ඇමැති අර්ජුන

මේ ආණ්ඩුව වුණත් වරදක් කළානම් ඊට දඬුවම් දීමට අගමැතිතුමා සහ ජනාධිපතිතුමා සූදානම් බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා මේ බව කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද පිරිපහදුවේ සේවක හමුවකට එක් වෙමිනි.

රනිල් නැතිනම් මමයි පළවෙනියා.. මට දුන්න ඇමති ධුරය වැඩක් නෑ.. මං ඉන්නේ කලකිරිලා..- සුජීව

තමනට ලැබුන ඇමති ධුරය සම්බන්ධයෙන් තමන් සිටින්නේ නොසතුටින් බව ජාත්‍යන්තර වෙළද කටයුතු රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.


තමන් කොළඹ දිස්ත‍්‍රික්කයේදී දෙවැනි වූයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට පමණක් යයිද ඔහු සදහන් කරයි.

බන්දුල කට නිසා ඇනගනී

මෙරට දේශපාලන පක්ෂවලට දීර්ඝ ඉතිහාසයක් ඇති අතර, පක්ෂ මාරු කිරීම්වලටද එවැනිම දීර්ඝ ඉතිහාසයක් පවතී. ඒ අතර සමහර දේශපාලනඥයන් කැපී පෙනෙන්නේ විටින් විට අත්තෙන් අත්තට පනින කුරුල්ලන් මෙන් පක්ෂ මාරුකිරීම හේතුවෙනි.

දිගු කලක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන බන්දුල ගුණවර්ධන මහතා ද සිය දේශපාලන ඉතිහාසය පුරා පක්ෂ මාරුකළ පුද්ගලයෙකු වන අතර ඔහු සිය දේශපාලන කටයුතු ආරම්භ කළ පක්ෂය කුමක්ද යන්න මේ වනවිට ඔහුටද අමතක වී තිබුණහොත් එය පුදුමයක් නොවේ.

එජාපයේ සංවර්ධන වැඩ ප්‍රචාරයට රජයේ මුදල් වැය කළේ නෑ

ගෙවුණු වසර දෙකහමාර තුළ ජාතික රජය තුළ සිට එක්සත් ජාතික පක්ෂය විශාල වැඩ කොටසක් ගමට සිදු කළත් ඒවා ප්‍රචාරය කිරීමට රජයේ කිසිදුමුදලක් වැය නොකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අධ්‍යාපනය, මාර්ග පද්ධති, පන්සල්, සෞඛ්‍ය අංශවලින් මෙන්ම සංවර්ධන ව්‍යාපෘති මගින් මෙම වැඩ සිදු කර ඇති බව පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා පසුගිය රජය වැඩ නොකර ප්‍රචාරණය සඳහා රජයේ මුදල් වැය කළ බවද පැවැසිය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ ආසන සංවිධායකවරුන් සහ ජන්ද අපේක්ෂකයින් වෙනුවෙන් පැවති මහ සමුළුවේදී අගමැති වික්‍රමසිංහ මහතා ඊයේ (03) මේ බව සඳහන් කෙළේය.

බැඳුම්කර කරුණු ගැන නීතිපති උපදෙස් මත ක්‍රියා කරනවා

මහා භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන් අදාළ කටයුතු නීතිපතිවරයාගේ උපදෙස් අනුව විධිමත්ව සහ නීත්‍යානුකූලව කඩිනමින් සිදු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

වාර්තාවේ පිටපතක් දැනටමත් නිතිපතිවරයාට භාර දි ඇතැයිද වාර්තාව පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර මහජනතාවට විවෘත වාර්තාවක් බවට පත් කරන බවද ජනාධිපතිවරයා ඊයේ (03) විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කෙළේය.

ද්වීතිය වෙළෙඳ පොළේ ගණුදෙනුවලින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ලබා ගෙන ඇති ලාභය රුපියල් මිලියන 11, 145 ක් වන අතර ඒ අතරින් සේවක අර්ථ සාධක අරැමුදල සහ අනෙකුත් රජයේ ආයතනවලට සම්බන්ධ වු අලාභය රුපියල් මිලියන 8, 529 ක් හෙවත් බිලියන 8.5කට වඩා වැඩිවන බව වාර්තාවේ සඳහන් වී ඇති අතර සිදු වී ඇති අලාභය වන රුපියල් මිලියන 11,145 කට වැඩි මුදල් ප්‍රමාණය නැවත අය කර ගැනිමටත් වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීමට පසුබට නොවන බවද ජනාධිපතිවරයා සඳහන් ‍කළේය.

Wednesday, January 03, 2018

රවී අල්ලස් කොමිසමට ?


මහ බැංකු බැඳුම්කර විමර්ශනයේ වාර්තාව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ප්‍රකාශයක් ඒ මහතාගේ මාධ්‍ය අංශය විසින් අද (03) පෙරවරුවේ පටිගත කළ අතර එය අද පස්වරුවේ මාධ්‍ය වෙත ලබාදීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
වාර්තාවන පරිදි මෙම බැඳුම්කර ගනුදෙනුවේදී රැපියල් බිලියන 11 පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම අයථා ලෙස උපයාගෙන ඇතැයි එම වාර්තාවේ සඳහන්ව ඇතැයි පැවසේ.
අදාළ තත්ත්වය නිසා මහ බැංකුවට බිලින 11ක අලාභයක් සිදුව තිබේ.

ශ‍්‍රී ලංකාවේ කුඩාම වැවේ සංවර්ධන ඇරඹේ

ශ‍්‍රී ලංකාවේ කුඩාම වැව ලෙස සැලකෙන මහරගම බොරලැස්ගමුව වැව විධිමත්ව සංවර්ධනය කිරීම අද(03) උදෑසන 11.05 යෙදුණු සුභ මොහොතින් ආරම්භ කෙරිණ.

පසුගිය කාලය පුරාවටම අපිරිසිදු තත්වයේ පැවැති සහ අවට පරිසර පද්ධතිය විනාශ වෙමින් පැවති බොරලැස්ගමුව වැව අවට ප‍්‍රදේශය විධිමත්ව සංවර්ධනය කිරීම සහ එහි ප‍්‍රතිලාභ ප‍්‍රදේශවාසීන්ට සහ සංචාරකයින්ට ලබාදීම මූලික අරමුණ බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

විනිසුරු වැටුප් වැඩිකිරීමට මුදල් ඇමතිගේ විරෝධය

නීතිපති දෙපාර්තමේන්තුවේ සහ විනිශ්චයකාරවරුන්ගේ වැටුප් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය ගිය සතියේ ගත් තීරණය සම්බන්ධයෙන් මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ(2) පැවැති කැබිනට් රැස්වීමේ දී විරෝධය පළ කර ඇතැයි රජයේ ආරංචි පවසයි.

පොහොර අර්බුධයෙන් කැබිනට්ටුව රත්වේ

කන්න තුනක් තිස්සේ වගා කිරීමට නොහැකි වූ බැවින් ගොවීන්ට නොමිලේ පොහොර දෙන්නැයි ආපදා කළමනාකරණ ඇමති අනුර යාපා මහතා කැබිනට් රුස්වීමේදී ඉල්ලීමක් කර ඇත.

නියඟය ආදී ස්වභාවික හේතු නිසා ගොවීන්ට කන්න තුනක් තිස්සේ නිසිලෙස වගා කටයුතු කිරීමට නොහැකි වූ බවද ඇමතිවරයා පෙන්වා දී ඇත.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ඊයේ උදේ රැස් වූ අවස්ථාවේ දැනට මතුව ඇති පොහොර අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර ඇමතිවරයා එහිදී මේ බව පවසා ඇත.

සිරිසේන ජනපතිතුමෝ පියසේන ගත්ත ගමන් පිස්සු කෙළී - නාගොඩ පොලිසියේ දී යකා නටයි - පුදනකොටම කාපි යකා

පෙරෙයිදා (01) සවස ගාල්ල නාගොඩ ප්‍රදේශයේ දී නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය ඇමති පියසේන ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනහමුවක් පවත්වා ඇත.

එම ජනහමුවට සහභාගීවීමට පැමිණි පිරිස් හෙල්මට් නොමැතිව යතුරුපැදිවලින් ගමන්කර ඇත. අදාළ පිරිස් නාගොඩ පොලීසිය ආසන්නයේදී පොලිස් නිලධාරීන් විසින් නවත්වා හිස්වැසුම් නොමැතිව ධාවනය කිරීමේ වරදට දඩ පත් නිකුත් කර ඇත.

මේ බව ආරංචි වූ පියසේන ගමගේ රාජ්‍ය අමාත්‍යවරයා නාගොඩ පොලීසියට පැමිණ අදාළ දඩපත් නිකුත් කළ පොලිස් නිලධාරීන් අමතා "සක්කිලි තොපි කොහොමද මගේ රැස්වීම්වලට එන මිනිස්සුන්ට දඩ කොළ දෙන්නේ" ආදී වශයෙන් පවසමින් පොලිස් නිලධාරීන්ට තර්ජනය කර ඇත.

Tuesday, January 02, 2018

ජනපති හෙට ජාතිය අමතයි


ශී‍්‍ර ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ වාර්තාව පිළිබඳව සහ කි‍්‍රයාත්මක කිරීමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි.


ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණය ශ්‍රීලනිපය හකුළා ගෙනලු

සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඊයේ (01දා) සිට ඉවත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අමාත්‍යවරුන් ගෙන තිබූ තීරණය හකුළා ගෙන ඇති අතර, පළාත් පාලන මැතිවරණය දෙස බලා ඉදිරි තීරණ ගැනීමට ඔවුන් එකඟ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂය සමග එක්ව සම්මුතිවාදී ආණ්ඩුවක් සඳහා එකඟතාවට පැමිණි ගිවිසුම පසුගියදා (31දා) දිනයෙන් අවසන් විය.

මේ අතර සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරි වසර තුන තුළද පවත්වාගෙන යෑමේ වැදගත්කම ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අමාත්‍යවරුන් පෙන්වා දී ඇති අතර, ඒ වෙනුවෙන්ද මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වේ. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමේදී ගන්නා ක්‍රියාමාර්ග සහ ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා වට කිහිපයක්ම පසුගිය දින කිහිපය තුළ පවත්වා ඇති අතර, මැතිවරණයට බලපෑම් කිරීමට විධායක ජනාධිපති ධුරයට හැකි බවද සාකච්ඡා වූ බව ජනාධිපතිවරයාට සමීප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.

මහින්ද පාර්ලිමේන්තුව හැරයයි.

අද සිට  ආරම්භ කිරීමට නියමිත ඒකාබද්ධ පොදුජන පෙරමුණට නායකත්වය දීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ. මහින්ද රාජපක්ෂ මහතා මේ වනතුරු ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ (පොහොට්ටුව පක්ෂයේ) කිසිදු නිල තනතුරක් ලබා නොගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුසාශකවරයෙකු වශයෙන් සිටිමින් නිල නොවන මට්ටමින් එම පෙරමුණට සහයෝගය දැක්වීය.

ඉදිරි පලාත්පාලන මැතිවරණයට නව ජවයක් ලබා දීම සදහාත් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ (පොහොට්ටුව) පාක්ෂිකයන්ගේ සැකය දුරුකිරීමත් සඳහාත් එළබෙන 2 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මහ සමුළුවේදී මෙම ප්‍රකාශය කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමටත්  නව සන්ධානයේ නායකත්වය භාර ගැනීමටත් සැලසුම් කොට ඇතැයි දැනගැනීමට ඇත.

මෙම තීරණය පිලිබදව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සුළු මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රසාදය පල කරත් අනෙක් බහුතර මන්ත්‍රීවරුන් මෙයට විරුද්ධ වී ඇත.මහින්ද රාජපක්ෂ නිදහස් පක්ෂයෙන් ඉවත් වුවහොත් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්රිධුරයද අහිමි වන අතර අනෙක් මන්ත්‍රීවරුන් ඔවුන්ගේ පාර්ලිමේන්තු අසුන මහින්ද වෙනුවෙන් පුජා කිරීමට අකමැත්තක් දක්වා ඇත.

මෙයට සමගාමීව රටපුරා ඉදිරි පලාත්පාලන මැතිවරණය වෙනුවෙන් ප්‍රධාන රැස්වීම් මාලාවක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටද සැලසුම් කර ඇතැයි දැනගැනීමට ඇත.

අද දිනයේ සිදු වීමනට නියමිත යැයි පැවසෙනමෙම සිදුවීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ බහුතර ශි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් මහින්ද හැරදා නිදහස් පක්ෂයට හේත්තු වී පාර්ලිමේන්තු අසුනේ රැදෙනු ඇත.

Monday, January 01, 2018

විල්පත්තු ඇතා මරා දළ යුගල එස්‌පීට විකුණන්න ගිය 3ක්‌ රිමාන්ඩ්

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වාසය කළ දැවැන්ත දළ ඇතකු අමානුෂිකව වෙඩි තබා මරාදමා අඩි පහකට ආසන්න උසින් යුත් දළ යුගලය කපාගෙන එය රුපියල් ලක්‍ෂ පනහක මුදලකට මැණික්‌ ව්‍යාපාරිකයකු ලෙස වෙස්‌වලා ගත් අනුරාධපුර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරිවරයාට අලෙවි කිරීමට උත්සාහ කළ මුස්‌ලිම් මවුලවිවරයකු ඇතුළු තිදෙනකු ජනවාරි මස 12 වැනිදා දක්‌වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා පෙරේදා (30 වැනිදා) නියෝග කළේය.

අනුරාධපුර කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශය මගින් පසුගිය 29 දා මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් තිදෙනා ඇත් දළ යුගලයත් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් තිදෙනා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ඇත් දළ යුගළයේ බර කිලෝ ග්‍රෑම් පනහකට ආසන්න අතර එහි එක්‌ දළයක්‌ අඩි හතරයි අඟල් දෙකක්‌ උසින් යුතුවේ. අනෙක්‌ දළයේ උස අඩි හතරයි අඟල් හතරකි. එහි වට ප්‍රමාණය අඟල් 14 ක්‌ වන බවත් සැකකරුවන් මීට මාස තුනකට පමණ ඉහතදී විශාල දළ ඇතා විල්පත්තුව වනෝද්‍යානයේදී වෙඩිතබා මරා අනතුරුව යාන්ත්‍රික කියතකින් දළ දෙක කපා පොළව යට වළලන්නට ඇති බවටත් පොලිසිය සැකකරයි.

පවුල ගොඩඟන්න මහින්ද රාජපක්ෂ රටත් පාවාදෙනවා - ඇමති සාගල කියයි

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දී පොහොට්ටු පක්ෂය සෑදුවෙ සිය පුත් නාමල් රාජපක්ෂ රජකරවීමට පාරකැපීමට බවත් රාජපක්ෂ පවුල ගොඬනැඟීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ්‍ය පමණක් නොව රට වුවද පාවා දිය හැකි අයෙකු බව මේ වන විටත් රටට ඔප්පු වී ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධණ අමාත්‍ය සාලග රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ මොරවක පොල්ගස්විල ප්‍රදේශයේ පැත්වූ ජනහමුවකට එක් වෙමිනි.
එහි දී අමාත්‍යවරයා මෙසේද කීය.

Sunday, December 31, 2017

වෙට්ටු දමා ලබන සතියේදී සටන් අරඹති

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු දියත් කොට ඡන්ද සටන ඇරඹීම ඉදිරි සතියේදී සිදුකරනු ඇතැයි ප්‍රධාන දේශපාලන පක්ෂ ගණනාවක ප්‍රධානීහු පැවසූහ. ඊට සමාන්තරව දේශපාලන පෙරැළි හා වෙනස්කම් ගණනාවක් සිදුවෙතැයිද දැනගන්නට තිබේ.
එක්සත් ජාතික පක්ෂය ස්වකීය ඡන්ද සටන ඇරඹීම එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මහ සමුළුවෙන් පසුව ජනවාරි දෙවැනි සතියේදී සිදුකරනු ඇතැයි එජාප මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියෙක් පැවසීය. ඊට පෙර පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සිරිකොත මන්දිරයට කැඳවා එජාප ඡන්ද මෙහෙයුම ගැන දැනුවත් කිරීම ජනවාරි මස 03 වැනි දින සිදුකිරීමට නියමිත බව හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය පළාත් පාලන මැතිවරණ ඡන්ද ප්‍රචාර ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමත් සමඟ පසුගිය සිකුරාදා සුගතදාස ක්‍රීඩාංගණයෙන් ආරම්භ කළේය. ඉදිරි කාලයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දීපව්‍යාප්ත ඡන්ද ප්‍රචාරක රැලි 40කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වෙනු ඇතැයි දේශයට වාර්තාවේ.

ජේආර්ගේ චන්ද්‍රිකාගේ මහින්දගේ කාර් මුහුදේ ගිල්වයි

ගතවූ වසර 40 තුළ මෙරට ජනාධිපතිවරුන් කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා ගෙන්වා තිබූ වෙඩි නොවදින මෝටර් රථ 25 ක්‌ ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට තීරණය කර ඇත.මර්සිඩීස්‌ බෙන්ස්‌ හා ජගුවර් වර්ගයේ මෙම මිල අධික මෝටර් රථ අතර හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වූ කරුණා අම්මාන්ට ගෙන්වූ ටොයෝටා ලෑන්ඩ් කෲසර් රථය ද වේ.

හිටපු ජනාධිපතිවරුන් වූ ඡේ. ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ විසින් මේ වෙඩි නොවදින රථ භාවිත කර ඇත.

පාතාල නායකයෙකුගේ විවාහයට සාක්ෂි අත්සන්කර ඇමති මෙන්න

පාතල නායකයෙකු ලෙස සැලකෙන කොස්ගොඩ සූජී නමැත්තාගේ විවාහයට රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ එහි සාක්ෂිකරුවෙකු වශයෙන් අත්සන් තබා ඇතැයි වාර්තා වනවා.



කොස්ගොඩ සුජී නොහොත් ජගමුණි සුජීව ද සොයිසා නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටපෝල් විසින් ඔහු දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස රතු නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.