BREAKING NEWS
latest

728x90

468x60

Saturday, July 28, 2018

පොලොන්නරුවේ ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට.

‘යළි පිබිදෙමු ‍පොලොන්නරුව’ වැඩසටහනින් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඉදි කළ ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අගෝස්තු 1, 2, 3 දිනවලදී සිදු කෙරේ.

එම ව්‍යාපෘති ජනගත කිරීමේ අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ඇමැතිවරු, විද්වත්හු හා කලාකරුවෝද එක් වෙති.

2017 අ.පො.ස (සා/පෙළ) විභාගයේ දෙවන භාෂාවට විශිෂ්ට සමාර්ථ ලබාගත් සිසුන් ඇගයීම ජනපති ප‍්‍රධානත්වයෙන්

2017 අ.පො.ස (සා/පෙළ) විභාගයේ දෙවන භාෂාවට විශිෂ්ට සමාර්ථ ලබාගත් සිසුන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට සම්මාන පිරිනැමීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා(26) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ සිදු කෙරිණි.

ස්වකීය අධ්‍යයන හා වෘත්තීය අවශ්‍ය සපුරා ගැනීමට අවශ්‍ය ප‍්‍රමිති ළගා කර ගැනීමේ දී දුෂ්කරතාවලට මුහුණ දෙන රජයේ නිලධාරින් හා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳ සිදු කළ පර්යේෂණවල ප‍්‍රතිඵලයක් වශයෙන් සිංහල හා දෙමළ ජනතාව වෙත තම සහෝදර භාෂා ප‍්‍රවිණතාව ලබාදීමෙන් සන්නිවේදන පරතරය අවම කරගැනීමත්, අන්‍යොන්‍ය විශ්වාසය හා අවබෝධය තහවුරු කරනු පිණිස "දන්නවනම් උගන්වන්න- දන්නැත්නම් ඉගෙනගන්න" ගුවන් විදුලි වැඩසටහන ජනාධිපතිතුමා, ජනාධිපති පදවියට පත්ව වසර දෙකක් සම්පූර්ණවීමට සමගාමීව ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය විසින් 2017 ජනවාරි පළමුවැනිදා සිට ශ‍්‍රී ලාංකික ගුවන් විදුලි සේවා 09 ක් ඔස්සේ ප‍්‍රචාරය කිරීම අරඹන ලදී.

Friday, July 27, 2018

බන්ධනාගාරයේ කුඩේ කුඩු කාරයෝ ඉන්නේ විස්සයි තිහයි - වැරදිවලට දඬුවම් දෙන අතරේ පොත් ලියන දැහැමි අපිට සහනයක් දෙන්න

බන්ධනාගාරගත වී සිටින රැඳවියන් අතර වැඩිවැඩියෙන් පොත්පත් කියවන සහ තමන් කිය වූ කෘති සම්බන්ධව යම් ආකාරයක විචාරයක් ඉදිරිපත් කිරීමේ අවස්ථා ඇති කර ඒ අනුව රැඳවියන්ගේ සිරගත කාලය අඩුකිරීමේ වැඩපිළිවෙළක් අධිකරණ අමාත්‍යවරිය සමග එක්ව සකස් කර ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමටත් තමා අදහස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැලිකඩ බන්ධනාගාරයේ දී පැවති උත්සවයක දී ප්‍රකාශ කළා.

අධිවේගී විශේෂ අධිකරණ ඇරඹේ. - විත්තිකරුවන් සිවු දෙනා මෙන්න..

දින කිහිපයක් ඇතුලත නඩු අසා තීන්දුව දීම සදහා පිහිටුවන ලද විශේෂ මහාධිකරණයේ නඩු විභාග කිරීමේ කටයුත්ත ආරම්භ කර තිබේ.

එම අධිරණයේ විභාගයට ගැනෙන මුල්ම නඩුව වන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුලූ තිදෙනෙකුට විරුද්දව එල්ල වී ඇති රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ නඩුවකි.

Thursday, July 26, 2018

ශ්‍රී ලංකන් හිටපු ලොක්කට ටෙලිකොම් එකෙනුත් පඩි ගෙවලාලු

කපිල චන්ද්‍රසේන මහතා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි ධුරය දරද්දී එම ගුවන් සේවාවට දැනුම් නොදී ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනවලින් රුපියල් ලක්ෂ පහක මාසික වැටුපක් ලබමින් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි ධුරයේ ක්‍රියාකර තිබෙන බව කොමිසම හමුවට ඊයේ (25) ලැබුණ ලිඛිත දැනුම්දීමකින් අනාවරණය වුණි.


පසුව එම ආයතනවල උපදේශකවරයකු ලෙස මාසිකව රුපියල් හාරලක්ෂ පනස්දහසක වැටුපක් ලබා තිබෙන බවත් එම ලිඛිත දැනුම්දීමෙන් තවදුරටත් අනාවරණය වුණි.

ජනපති ගෙදර යවන්න ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මහින්දානන්ද හෙළි කරයි

මෙරට ජනාධිපතිවරයා යම් මානසික ආතතියකින් පෙළෙන බව හැඟෙනවා නම් අගමැතිවරයාට, කථානායකවරයාට සහ විපක්ෂනායකවරයාට ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ බලය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මඟින් යෝජනා කර තිබේ.

ඊයේ (25දා) බොරැල්ල ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව අනාවරණය කළ මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ කෙටුම්පතේ 17.(3)(ඛ්) වගන්තිය යටතේ ජනාධිපතිවරයා ඉවත් කිරීම පිළිබඳ සඳහන් වන බවයි.

එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ ඒකමතික කැමැත්ත ලැබුණා - රාජිත

විශේෂ තත්ත්වයක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් මරණීය දණ්ඩනය නියම වූවන්ට එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ ඒකමතික කැමැත්ත ලැබුණු බවත් කුමන තත්ත්වයක් තුළ වුවද එය ක්‍රියාත්මක කරන බවත් සමකැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

Wednesday, July 25, 2018

ආණ්ඩුවේ 'ගම්පෙරළිය' නිසා පොහොට්ටුව රත්වෙයි

යහපාලන ආණ්ඩුව විසින් ආරම්භ කර ඇති 'ගම්පෙරළිය' සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.

පසුගියදා මහනුවරදී පැවති පොදුජන පෙරමුණු පළාත් පාලන නියෝජිතයන්ගේ රැස්වීමකදී කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ 'ගම්පෙරළිය' තමන්ට දැඩි බලපෑමක් වී ඇති බවයි.

සිංහ නාද බලු කෙඳිරිලි

සිංහ නාද බලු කෙඳිරිලි කියන්නේ මොකක්දැයි කාටවත් අමුතුවෙන් කියා දෙන්නට උවමනා නැත. බැලූ බැල්මට එහි අර්ථය සැමට තේරුම්ගත හැක. දැන් මේ කතා කරන්නට යන්නේ මෙරට දේශපාලනයේ සිංහ නාද දෙන්නනන්ගේ බුලු කෙඳිරිලි පිළිබඳවය.

සාමාන්‍යයෙන් සිංහ නාද දෙන්නේ සිංහ සෙයියාවෙන් කටයුතු කළ හැකි අයවළුන්ය. සිංහ නාද දී සිංහ සෙයියාවෙන් කල් ගෙවන්නට බැරි අයවළුන් වැටෙන්නේ බලු ගානටය. බලු ගානට වැටෙන්නෝ ඉන්පසු සිංහ නාද නැඟුවද ඒවා ගැනේනේ බලු කෙඳිරිලි ගානමටය. සාමාන්‍යයෙන් බලු ගානටවැටෙන කිසිවෙකුටත් සිංහ නාද කළ හැකි නොවේ. ඒ හැටිය. සාමාන්‍ය ජීවිතයේ සේම දේශපාලනයේ ද එසේමය. මෙසේ කියන්නට සිදුවන්නේ මාධ්‍ය ඉදිරියේ විවිධ පුරසාරම් දෙඩූ රාජපක්ෂ පවුලේ කිසිවෙකුත් නිව්යෝර්ක් ටයිම්ස් විවාදය දා පාර්ලිමේන්තුව මඟ හැරීම නිසාය.

ලංකාවට ගෙන ඒමට සූදානම් වෙන ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය මෙන්න

ජපානය හා ශ්‍රී ලංකාව එක්ව විද්‍යුත් ත්‍රිරෝද රථයක් නිෂ්පාදනය කර තිබෙනවා.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුනේ එහි පළමු කාණ්ඩය 2020 වසර මැද භාගයේදී නිෂ්පාදනය කිරීමට කටයුුතු කරන බවයි.

Tuesday, July 24, 2018

මන්නාරම ඩුබායි නගරයක් කළ හැකියි - පාඨලි

මන්නාරම නගරය සහ මන්නාරම ප්‍රාදේශීය සභා 05 සඳහා විධිමත් නාගරික සැලැස්මක් සහිතව සංවර්ධනය කරන බවත් කරන මන්නාරම නගරය ඩුබායි නගරය මෙන් සාර්ථක නගරයක් කළ හැකි බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ, රුපියල් මිලියන 180ක වියදමින් ඉදිකිරීමට නියමිත මන්නාරම බස් නැවතුම්පළේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් පැවැති උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය පොලී අනුපාතය 30% දක්වා සීමා කිරීමට නව නීති ගෙන එනවා - අමාත්‍ය මංගල සමරවීර

දැනට 40% සිට 220% පමණ දක්වා ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් විසින් ජනතාවගෙන් අය කරනු ලබන ණය පොලී අනුපාතය 30% දක්වා අඩු කිරීමේ නව නීති ගෙන එන බව කී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහත ඒ සඳහා අද (24) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්නා බවත් කීය.

ගාමිණී සෙනරත්ගේ මූල්‍ය වංචාවේ ගිණුම් වාර්තා වහාම ලබා දෙන්න

අදාළ බැංකුව මෙම ගිණුම් වාර්තා ලබාදීම ප්‍රතික්ෂ්‍රේප කරමින් අධිකරණ නියෝගය අවලංගු කරන ලෙසට කළ ඉල්ලීම ප්‍රතික්ෂ්‍රේප කරමින් මහෙස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කළේය.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්ති ප්‍රකාරව විමර්ශනවලට සහායවීම සඳහා සුදුසු ආඥා නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා බැඳි සිටින බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිසිය වෙත අදාළ තොරතුරු ලබාදීම සඳහා ඉකුත් 2වන දින බැංකු ආඥා පනත අනුව නියෝග නිකුත් කර ඇති බවත් එය අවලංගු කළ නොහැකි බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා අදාළ බැංකුවේ සභාපතිවරයාට මෙම ‍නි‍යෝගය නොපමාව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසට නියෝග කළේය.

මොරගහකන්ද පමා කළ අය ආර්ථිකය ආපස්සට ඇද දැම්මා

වත්මන් යුගයේ පමණක් නොව රජ දවසින් පසුවත් මේ රටේ පොදුජන දුක නිවන යෝධ ව්‍යාපෘතිය මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය පමා කළ අය රටේ ජාතික ආර්ථිකය පසුපසට ඇද දැමීම ගැන වග කිව යුතු යැයි ද ජනාධිපතිවරයා කියා සිටියේය.

මෙරට මහා වාරි විස්මිතය ලෙස ඉතිහාසයට එක්වන මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ කළුගඟ ජලාශයේ රන් දියවර රැස් කිරීමේ මහා මංගල්‍යය ඊයේ (23) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර එම උත්සව සභාවට එක්වෙමින් ජනාධිපතිවරයා එසේ පැවසීය.

Sunday, July 22, 2018

1990 ගිලන් රථ සේවයේ දෙවැනි අදියර ඇරැඹේ

සුවසැරිය 1990 ගිලන්රථ සේවාව රටපුරා ව්‍යාප්ත කිරීමේ උත්සවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යාපනය නගර සභා ක‍්‍රීඩාංගණයේදී අද උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාද මෙම උත්සව අවස්ථාව සඳහා චන්ද්‍රිකා තාක්ෂණය මගින් සම්බන්ධවී ගිලන්රථ සේවය විවෘත කිරීමට එක්වීම විශේෂත්වයක් විය.

අභියෝග වලට භය නෑ – මත්ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දඬුවම අනිවාර්යයි

කුමන බාධක පැමිණිය ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නතර නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුවේ පැවති උත්සවයකට එක් වෙමිනි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහා ලබන අඟහරුවාදා දිනයේ සකච්ඡාවක් කැඳවා ඇති බවත් නීති, අධිකරණ, බන්ධනාගාර ඇතුළු මීට සම්බන්ධ සියලුම පාර්ශවයන් එක්ව කමිටුවක් පත් කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Saturday, July 21, 2018

චීන – ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව ජාතික වෘක්කවේද රෝහලේ ඉදිකිරීම් අද ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීමක් අනුව චීන රජයෙන් ලැබුණු පූර්ණ පරිත්‍යාගයක් ලෙස පොළොන්නරුවේ ඉදිකෙරෙන චීන – ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් අද (21) පෙරවරුවේ යෙදෙන සුබ මොහොතින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

වකුගඩු රෝගයෙන් පීඩාවිදින ජනතාව වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තුළ තිබූ දිගුකාලීන අපේක්ෂාවක් ඉටුකරමින් දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස මෙම රෝහල ඉදිකෙරෙන අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 12,000 කි.

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කරන්නේ නැහැ : සාගල පාර්ලිමේන්තුවේ දී කියයි

මේ දිනවල උණුසුම් කතාබහකට ලක්ව තිබෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පිලිබඳ අද (20) පාර්ලිමේන්තුවේදී කතාබහක් සිදුකෙරිණි. එහිදී මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අදහස් දැක්වීම් සිදුකල අතර ඊට පිළිතුරු සපයමින් තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැති සබේදී කියා සිටියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කිරීමට කිසිඳු අයුරකින්වත් කටයුතු නොකරන බවත් එහි පවත්නා අනවසර ඉදිකිරීම් කිහිපයක් පමණක් ඉවත්කිරීමට කටයුතු කරන බවයි. එසේ උවද ගාල්ල නගරයේ පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය තවදුරටත් ඉදිරියට පාසල් ක්‍රිකට් තරඟ පැවැත්වීම සඳහා මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ පැවැත්වීම සඳහාද අවස්ථාව ලබාදිය හැකි බවයි.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ගැටලු විසඳීමට ඇමතුම් මධ්‍යස්ථානයක්, ඍජු දුරකතන අංකයක්

මෙම වසර අවසාන වන විට ව්‍යවසායකන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය වැඩසටහනට අදාළ ගැටලුවලට ක්ෂණික විසඳුම් ලබා දීම සඳහා ඇමැතුම් මධ්‍යස්ථානයක් ආරම්භ කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

තමන්ට ඇති ගැටලු ඍජු ඇමතුම් අංකයක් අමතා විසඳා ගැනීමට මෙමගින් ව්‍යවසායකත්වය වෙත පිවිසීමට අපේක්ෂා කරන තරුණ තරුණියන්ට හිමි වනු ඇත. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මන්නාරම මහජන බැංකු ශාඛාවේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

Friday, July 20, 2018

ඌවෙ චාමර තවත් ඩියුටි ෆ්‍රී වාහනයක් ඉල්ලල

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හිමි තීරුබදු රහිත වාහන බලපත්‍රය ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
අටවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයකු ලෙස තේරී පත් වී මාසයක පමණ කාලයක් සිටි බැවින් තමාටද එම වරප්‍රසාදය හිමි බව පවසමින් මහ ඇමැතිවරයා මෙම ඉල්ලීම කර ඇත.
දැනට පළාත් සභා මහ ඇමැතිවරයකුට හිමි තීරුබදු රහිත වාහන බලපත්‍රය එම අමාත්‍යවරයා විසින් ලබාගෙන තිබේ.

Thursday, July 19, 2018

ට්‍රම්ප් - පුටින් පැවැත්වූ සාකච්ඡාවේදී පත්‍රිකාවක් පෙන්වූ වාර්තාකරු පිටතට යවයි

ඇමෙරිකාවේ ජනාධිපති ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති පුටින් සහභාගි වුණු පුවත්පත් සාකච්ඡාවේදී ඔවුන්ගේ කතාබහ ආරම්භ කරන්නට මොහොතකට කලින් 'න්‍යෂ්ටික අවි තහනම් ගිවිසුම' යන වචන සටහන් වූ පත්‍රිකාවක් ඔවුන් දෙදෙනා ඉදිරියෙහි උහා දැක්වූ පුවත්පත් වාර්තාකරුවකු ආරක්‍ෂක නිලධාරීන් විසින් එම ස්ථානයෙන් පිටතට ඇදගෙන යන ලදී. එසේ ඇදගෙන යන්නට කලින්, සෑම් හුසේනි නමැති එම පුවත්පත් වාර්තාකරු එම පත්‍රිකාව ඔසොවා අල්ලාගෙන සිටි ආකාරය පුවත් සාකච්ඡාව පිළිබඳ වාර්තා සමඟ පළවුණු ඡායාරූපවල දැක්විණි.

අසීමිත බලය දූෂණය නිර්මාණය කරනවා - ජනපති

අසීමිත බලය, දූෂණය නිර්මාණය කරන අතර, බලය සහ දූෂණය අතර සබැඳියාව බිඳ හෙළීමට ඉකුත් වසර 03 තුළ ශ‍්‍රී ලංකාව වැදගත් පියවර රැසක් තැබූ බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද(18) පෙරවරුවේ ජෝර්ජියාවේ ටිබිලිසි සම්මන්ත‍්‍රණ සහ සමුළු ශාලාවේදී ආරම්භ කෙරුණු විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට එක්වෙමිනි.

Wednesday, July 18, 2018

රැකියා විරහිත උපාධිධාරීන්ට අදියර කීපයක් යටතේ රැකියා

අදියර කීපයක් යටතේ රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට රජය තීරණය කර ඇති බව රජ්‍ය ප්‍රතිපත්ති හා අර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

Tuesday, July 17, 2018

සාගල සහ ජෝන් එකතුවෙලා කරන්න යන වැඩේ ගැන එළියට

අග්‍රාමාත්‍ය කාර්යාලයේ මග පෙන්වීමෙන් කොළඹ නගරය ආශ්‍රිත දෙස් විදෙස් සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ ජාතික තරුණ සේවා සභාවේ තූර්යවාදක කණ්ඩායම්වල සහය ඇතිව ​ ​පැවැත්වෙන සංස්කෘතික වැඩසටහන​ ලබන සිකුරාදා (20) පස්වරු 07 ට ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයු​තු​ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සහ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.​​​

ජනපති ජෝර්ජියාවේ නිල සංචාරයක

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුව සඳහා සහභාගීවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජෝර්ජියාවේ තෙදින නිල සංචාරයක් අරඹයි.

හය වන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ඉතාලියේ තෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපතිතුමා එම සංචාරය සාර්ථක ව නිම කර අද (17) අලුයම ජෝර්ජියාවේ ෂෝටා රුස්ටවේලි ටිබිලිසි ජාත්‍යන්තර ගුවන් තොටුපළ (Shota Rustaveli Tbilisi International Airport) වෙත ළඟා විය.

පට්ටම් කර තියන් යන කටුස්සන් අස්සේ රනිල් ‍දොවන කිරි

රටක ආර්ථිකය හැසිරවිය යුත්තේ රටට ඕනෑ හැටියටය. එය රටේ දේශපාලනයද හොඳින් තේරුම් ගෙන එය හා මිශ්‍ර කර ජනතාවට දිරවන ආකාරයෙන් කළමනාකරණයද කළ යුතු වීම ලොකු වැඩක්ය. රට දියුණු කිරීමට රනිල්ට දැක්මක් ඇතැයි හැඟෙන දැනෙන කතා යූ.එන්.පී.ය පැත්තෙන් නිතර කියැවෙද්දී "ඒ කතා මේ වෙලාවේ රටට හරියන්නෙ නෑ. ජනතාවටත් බඩට දැනෙන්නේ නෑ. හිතට වදින්නේ නෑ" කියන පක්ෂයේ හඬද බලවත්ය.
රනිල් ලෝකයේ සිදුවන සැබෑ ආර්ථික වෙනස්කම් සහ දේශපාලන වශයෙන් රටවල් ගන්න පියවර ගැන සිහියෙන් සිටිනවා වන්නට පුළුවන. කොතැනක හෝ ඒ ගැන පොතක් පළ වූයේ නම් එය ගෙන්වාගෙන කියවනවා විය යුතුය. අලුත් දැනුම ලබා ගන්නවා විය යුතුය. ඒ නිසා ඇමෙරිකාවේ ආර්ථිකය කඩා වැටී ඇති හැටිත්, චීනයේ දැවැන්ත නව පිබිදීමත්, ආසියාකරයේ ඇතිවන සැබෑ වෙනස් කම් ගැනද නියමාකාරයෙන් අවබෝධ කරගෙන සිටිනවා විය යුතුය. එතැනදී ඉන්දියාවේ භූමිකාවත්, චීනයේ උපායශීලී භූමිකාවත් හොඳින්ම අවබෝධ කරගෙන සිටිනවාද විය යුතුය.

Monday, July 16, 2018

ගෝඨාගේ සහ ගාමිණී සෙනරත්ගේ නඩු 2ක විශේෂ මහාධිකරණයට මුලින්ම?

ත්‍රිපුද්ගල මහාධිකරණයට අදාළව පිහිටුවූ පළමු මහාධිකරණයේ විභාග කිරීම සඳහා දැනට විමර්ශන හමාර ර තිබෙන නඩු දෙකක් පිළිබඳ නිර්දේශ ඉදිරි සතියේදී අග්‍රවිනිශ්චයකාරවරයා වෙත යොමුකරන බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණ කරනවා. ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාළ වීරකැටියේ දෙමව්පිය සමරු ස්මාරකය පිළිබඳ නඩුව සහ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට අදාළ හයට් හෝටල් ගනුදෙනුව සම්බන්ධ නඩුව මුලින්ම අගවිනිසුරුවරයා වෙත යැවෙන පැමිණිලි විය හැකි බවද එම වාර්තාවල සදහන්.

ඇමරිකාවෙන් රුපියල් කෝටි 8000ක ප්‍රදානයක් - නිරෝෂන් පෙරේරා

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය මගින් රුපියල් කෝටි 8000ක ප්‍රදනයක් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

''ගම්පෙරළිය'' නිකවැරටියෙන් ඇරඹේ - ඊළඟ මාස පහතුළ රටේ සංවර්ධනයට කෝටි 8000ක්

ආර්ථිකයේ නව පරිච්ඡේදයක් ආරම්භ කළ ගම්පෙරළිය දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භය ඊයේ(15) කුරුනෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ප්‍රදේශයේ දී ආරම්භ විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උත්සවය පැවැත්විණි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකම හදුනාගත් කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරිම ඇතුළු අංශ රැසක සංවර්ධනය ඇති කිරිම ගම්පෙරළිය ජාතික වැඩසටහනේ ඉලක්කය වෙයි.

ජනපති රෝමයට - ලෝක වන සංරක්ෂණ කමිටුවේදී ජනපතිගෙන් විශේෂ දේශනයක්

පසුගිය 14 දා සිට අද (16) දක්වා රෝමයේදී පැවැත්වෙන ලෝක වන සංරක්ෂණ කමිටුවෙහි 24 වන සැසිවාරයට සහ 6 වැනි ලෝක වනාන්තර සතිය සැමරුම් අවස්ථාවට සහභාගීවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙරේදා දහවල් රෝමය බලා පිටත්ව ගියේය.

තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වනාන්තරවල දායකත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වාර්ෂිකව මෙම සමුළුව සංවිධානය කරයි. වන සංරක්ෂණය පිළිබඳ ප්‍රතිපත්ති ශක්තිමත් කරලීම හා වැඩසටහන් සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ද මෙම සමුළුව පුළුල් දායකත්වයක් සපයයි.

Sunday, July 15, 2018

දූෂණ විරෝධී පළමු අධිකරණය ලබන සතියේ සිට ක්‍රියාත්මක කරනව - අජිත් පී පෙරේරා

දූෂණ විරෝධී අධිකරණ අංක 01 ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීම සඳහා සියලු කටයුතු සූදානම් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නීතිවිද්‍යාලය ඉදිරිපිට ස්ථාපිත කර ඇති දූෂණ විරෝධී අධිකරණ අංක 01 ගොඩනැගිල්ල ඊයේ (13) දිනයේ දී නාවික හමුදාව විසින් අධිකරණ අමාත්‍යංශයට භාරදුන් බව ද ඇමැතිවරයා හෙළි කළේය.

මම බලය බෙද­න­වට කැමැ­තියි - නමුත් එය රට නොබෙදා - ෆෙඩ­රල් නොවී පිය­වර කීප­යක් ඉදි­රි­යට යා යුතුයි - ජනපති

සියලු ජාතීන් අතර සංහි­ඳි­යාව හා සහ­ජී­ව­නය ඇති­කොට බියෙන් හා සැක­යෙන් තොරව සම­ඟි­යෙන්, සහෝ­ද­ර­ත්ව­යෙන් ජීව­ත්විය හැකි පරි­ස­ර­යක් රටේ ඇති කරන්නේ යැයි ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා පැව­සීය.

ජාති­ක­යක් ලෙස රට ඉදි­රි­යට යාම සඳහා රට නොබෙ­දන, ෆෙඩ­රල් නොවන බලය බෙදීම සම්බ­න්ධ­යෙන් පිය­වර කිහි­ප­යක් ඉදි­රි­යට යායුතු බවද ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී අව­ධා­ර­ණය කළේය.

බලය බෙදීමේ ප්‍රති­ප­ත්තියේ දී ලෝකයේ එක් එක් ආණ්ඩු­ක්‍ර­ම­යන්හි පව­තින සංස්කෘ­තික තත්ත්ව­යන්, භෞතික සම්පත්, විවිධ ක්ෂේත්‍ර පිළි­බඳ අධ්‍ය­ය­න­යක් කිරීම ඉතාම වැද­ගත් බව පෙන්වා­දුන් ජනා­ධි­ප­ති­ව­රයා, තමා ජනා­ධි­ප­ති­ව­රයා ලෙසත් පෞද්ග­ලික දේශ­පා­ලන ප්‍රති­ප­ත්තිය තුළත් බලය බෙදීමේ ප්‍රති­ප­ත්තිය පිළි­ගන්නා අයෙකු බවද සංව­ර්ධ­නයේ සම­තු­ලි­ත­තාව හා සාධා­ර­ණ­ත්වය රටේ සෑම ජන­කො­ට­ස­ක­ටම ඉටු­විය යුතු බවද කීවේය.

ගම්පෙරළිය අද නිකවැරටියෙන් ඇරඹේ - Gamperaliya

ගම්පෙරළිය වැඩසටහනේ ආරම්භය හෙට නිකවැරටියේ දී දිවයිනේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් දියත් කරනු ලබන ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාව අද(15) ඇරඹේ.

Saturday, July 14, 2018

හසලක ගාමිණී දැයෙන් සමුගෙන වසර 27යි - වීරයාගේ මෑණියන්ට උපහාර පුදයි

අලිමංකඩ දී මව්බිම වෙනුවෙන් ජීවිතය පූජා කළ හසලක ගාමිණී කුලරත්න සෙබළා දැයෙන් සමුගෙන අද (14)ට වසර 27ක් සම්පූර්ණ වී ඇත.
1966 සැප්තැම්බර් 22 දින හසලකදී උපත ලැබු ගාමිණී කුලරත්න පස් දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැන්නා විය. හසලක ගමේ ගොවියෙකු වූ වයි.බී. බබානිස් ගාමිණීට සහ වයි.බී. ජුලියට්ට දාව උපන් ගාමිණී කුලරත්න හසලක කුඩා නිවසක ජීවත් විය. මුලින් සාමාන්‍ය සෙබළෙකු ලෙස හමුදා සේවයට බැදුණු ගාමිණී කුලරත්න පුරා තිස් වසරක කුරිරු යුද්ධයේ මතක සැමරුමක් සටහන් කර දැයෙන් සමුගත්තේය.

තායිලන්ත අගමැතිට ජනපතිගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනය පරිදි ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕ චා මහතා සහ එම මහත්මිය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය පෙරෙදා (12) රාත්‍රියේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. එහි දී තායිලන්ත අගමැතිවරයා සහ එම මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය විසින් ඉතා උණුසුම් සහ සුහද අන්දමින් පිළිගනු ලැබීය.

බැරලය ඩොලර් ‍40ට තිබියදී මහින්ද පෙට්ට්‍රල් දුන්නේ රු. 122කට - එදා වාසිය ජනතාවට නොදී අද විකෘතිකර කරුණු දැක්වීම හෙළා දකිනවා - මංගල

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරල් එකක මිල ඇමෙරිකානු ඩොලර් 40ට තිබූ වසර 2008 දෙසැම්බර් රාජපක්ෂ පාලන සමයේ එහි වාසිය රටේ ජනතාවට ලබා නොදී පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 122කට ජනතාවට ලබාගන්නට ඉඩ සැලැස්සූ හිටපු මුදල් ඇමැති හා වර්තමාන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා වත්මන් රජය හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම විකෘති කරුණු පදනම් කරගෙන ප්‍රකාශ නිකුත් කිරීම හෙළා දකින බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය.

හිටපු ජනාධිපති හා මුදල් ඇමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පඳුරු අස්සේ ඉඳගෙන වත්මන් රජයේ ප්‍රතිපත්තිවලට පහර ගැසීමේ ක්‍රියාවලියක නිරතවන බවත්, එය දිගු දේශපාලන අත්දැකීම් ඇති වැඩිහිටි දේශපාලනඥයකු ලෙස ඒ මහතාට තරම් වටිනා වැඩක් ‍නොවන බවත් මංගල සමරවීර මහතා අවධාරණය කෙළේය.

වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ නිරීක්ෂණයට GPS තාක්ෂණය

je,s m%jdykh lrk ishÆu ám¾ r: ksÍlaIKh lsÍu i|yd tajd Ô'tia'mS' ;dlaIKhg iïnkaO lsÍug NQúoHd iólaIK yd m;,a ld¾hdxYh ;SrKh fldg ;sfí'

ta i|yd kj ;dlaIKh fhdod .ksñka kj jevms<sfj,la ilia lsÍug NQúoHd iólaIK yd m;,a ld¾hdxYh iy Y%S ,xld fg,sfldï yd fudìfg,a iud.u w;r we;slr .kq ,enQ wjfndaO;d .súiqug m;,a ld¾hdxYfha iNdm;s wfia, boaofj, iy fg,sfldï iNdm;s l=udrisxy isßfiak hk uy;ajre w;aika ;nd we;'

Friday, July 13, 2018

තායි - ශ්‍රී ලංකා අගමැතිවරු හමුවෙති

තායිලන්ත ආයෝජකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශේෂ ආයෝජන හා කර්මාන්ත කලාපයක් පිහිටුවීමටත්, ද්විපාර්ශවික සහයෝගයෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරලීම සඳහා එක්ව කටයුතු කිරීමටත් තායිලන්තය සහ ශ්‍රී ලංකාව එකඟත්වයකට පැමිණියහ.

ථෙරවාදී බුදු දහම පවතින රටවල් වශයෙන්, බෞද්ධ සංචාරකයන් වැඩි වැඩියෙන් ආකර්ශනය කර ගැනීමේ අවස්ථා පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි.

ශිරනති ජනපති - මහින්ද අගමැති - 2020 ජනපති මෙන්න

ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂිකාව ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බිරිද වන ශිරනති රාජපක්‍ෂ මහත්මිය ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ යයි සමාජ ජාලා හා අන්තර්ජාල පුවත් අඩවි ගණනාවක් වාර්තා කර ඇත.
ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධයෙන් රාජපක්‍ෂවරුන් හා ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් අතර ඇතිවෙමින් තිබෙන මතගැටුම් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙම තීරණයට එළැම ඇති බව එම වාර්තාවන්හි දැක්වෙයි.

Wednesday, July 11, 2018

කියපු ගණනට වඩා තෙල් මිල ඉහළ දැමීම ප්‍රහේලිකාවක්‌ වුණා - ජනපති කැබිනට්‌ හමුවේදී කියයි


නිලධාරීන් තමන්ට පැවසූ මිලට වඩා වැඩි මිලකින් ඛනිජ තෙල් මිල ගණන් ඉහළ යැම තමන්ට ප්‍රහේලිකාවක්‌ වූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට්‌ මණ්‌ඩලයේදී ඊයේ (10 වැනිදා) ප්‍රකාශ කර ඇත.
 
 රුපියල් හතරත් පහත් අතර ගණනකින් තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තමන් දැනුවත් කර රුපියල් අටත් නවයත් අතර මිලකින් ඉහළ ගියේ කෙසේ දැයි තමන්ට හිතා ගත නොහැකි බවත් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.
 

ඇමැති කෙනෙකු හැටියට නි. ඇමැති පාලිත තෙවරප්පෙරුමට ලැජ්ජ හිතෙයි

සූරියවැව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ගම් වදින වන අලි එළවීමේ මෙහෙයුමක්‌ පෙරේදා (09 දා) රාත්‍රි සූරියවැව මදුනාගල ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණු අතර වන අලි මෙහෙයුම අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයක්‌ හේතුවෙන් රාත්‍රි 11.00 ට පමණ වන අලි මෙහෙයුම නතර කිරීමට සිදු විය.

මෙම වන අලි මෙහෙයුම සඳහා වනජීවී නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම, දකුණු පළාත් සභා මන්ත්‍රී සුජිත් මුතුකුමාරණ, වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවි නියෝජිතයන් හා හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි වන ආරක්‍ෂක ඡේ. ඒ. වී. විජයකුමාර මහතා ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ ද එක්‌ව සිටියහ.

සවස 6.00 ට පමණ වන අලින් හත්දෙනකු සූරියවැව මදුනාගල පාරේ කුණු වළ අසල සිටින බවට දැනුම් දීමත් සමග වනජීවී නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රමුඛ වනජීවී නිලධාරීන් ද එම ස්‌ථානයට ගියේ ගම්මුන්ද සමගිනි. කෙසේ වෙතත් එම ස්‌ථානයට ගිය වනජීවී නිලධාරීන් අලි වෙඩි දමා වන අලි පන්නා දැමීම සිදු කළ නමුත් රාත්‍රි 11 වන විටත් වන අලි හත්දෙනා ගමින් කැලයට පන්නා දැමීමට නොහැකි විය. අලි හත්දෙනා සීසීකඩ විසිර යමින් ඒ මේ අත පැන සිතු සිතූ පරිද්දෙන් කෙසෙල් මණ්‌ඩි පිටින් වනසා දැමූහ. කෙසේ වෙතත් රාත්‍රි 11 වන විටත් වනජීවී නිලධාරීන් හා ගම්වාසීන් මෙන්ම වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයා ද බලා සිටියදීම වන අලි ටික නැවත කුණු වළ දෙසටම පැමිණ අසල තිබූ කැලයකට වැදීමත් සමග එහි ඇති වූයේ දැඩි උණුසුම් තත්ත්වයකි. එහිදී ගම්මුන් වනජීවී නිලධාරීන්ට චෝදනා කළේ වනජීවී නිලධාරීන් හිතා මතාම මෙම වන අලි එළවීමේ මෙහෙයුම කඩාකප්පල් කළ බවයි. මෙහිදී වනජීවී නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ද වනජීවී නිලධාරීන්ට දොස්‌ කියන්නට වූයේ පෙර දැනුම් දීමක්‌ කර තිබියදීත් මෙම අලි මෙහෙයුම වනජීවී නිලධාරීන් කඩාකප්පල් කිරීමට පියවර ගත් බව පවසමිනි.

Tuesday, July 10, 2018

චීන මුදල් චෝදනාවට හැකි නම් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදු කරන්න - අකිල

චීන සමාගමකින් අයථා ලෙස මුදල් ලබා ගත් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට එල්ලවන චෝදනාවලට හැකිනම් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හිටපු ජනාධිපතිවරයාට අභියෝග කරයි.

වීදුරු ගෙවල්වල සිට ගල් ගැසීමේ දේශපාලනය කරන ඇතැමුන් හැමවිටම සිටින්නේ වීදුරු ගෙවල්වල බව නොදැන සිටීම කනගාටුදායක තත්ත්වයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

දේශපාලන විරුද්ධවාදීන් කුමන අන්දමේ චෝදනා එල්ල කරත් - ගොවි ගැටලු විසඳීමට පසුගිය වසර 3 1/2 දී කටයුතු කළා

දේශපාලන විරුද්ධවාදීන් කුමන අන්දමේ චෝදනා එල්ල කළ ද මෙම වකවානුව මෙරට ගොවි ආර්ථිකයේ සහ කෘෂි ආර්ථිකයේ වාසනාවන්ත කාල පරිච්ඡේදයක් බව ජනාධිපතිවරයා පවසයි.


ගොවි ජනතාව දීර්ඝ කාලයක් පුරා පීඩාවට පත්කළ ජල හිඟයට විසඳුම් ලබාදීමට සේම ඔවුන්ගේ ගැටලු රැසක් විසඳීමට ඉකුත් වසර තුන හමාර තුළ රජය ක්‍රමවත් සහ සැළසුම්සහගත වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කළ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ වැලිකන්ද නව ගොවි ජන සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ(9) පස්වරුවේ එක්වෙමිනි.

කලාපීය වැඩි ආර්ථික වර්ධනය ඉලක්කයයි

ශ්‍රී ලංකාව ඉන්දීය සාගර මධ්‍යයේ පිහිටීමේ වාසිය පදනම් කරගනිමින් කලාපීය වශයෙන් වැඩි ආර්ථික වර්ධනයක් ලබාගැනීම සිය ඉලක්කය බවත් එම ප්‍රයත්නයේ වැදගත් අංගයක් වනුයේ බස්නාහිර මහ පුරවරය හා ප්‍රධාන නාගරික කොරිඩෝ 2 බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ සිංගප්පූරුවේදී ඊයේ (09) ආරම්භ වූ ජගත් පුරවර සමුළුව, ජාත්‍යන්තර ජල සතිය සහ පිරිසිදු පරිසර සමුළුව යන තුන් ඈදුතු සමුළුවන්හී ආරම්භක සැසි වාරයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

සිංගප්පූරුවේ සෑන්ඩ්ස් එක්ස්පෝ මධ්‍යස්ථානයේදී රටවල් 135 ක පමණ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම සමුළුව ආරම්භ කෙරිණි.

16 දෙනාගේ සංවිධායක ධුර ගැන ළඟදීම තීන්දුවක්‌ - ශ්‍රීලනිප මහලේකම් කියයි

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළට ආණ්‌ඩුවෙන් වෙන් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනා සහභාගි නොවන්නේ නම් ආසන සංවිධායක තනතුරුවල තවදුරටත් ඔවුන් තබා ගන්නවාද නැද්ද යන්න පිළිබඳව ළඟදීම තීන්දුවක්‌ ගන්නා බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා   ඊයේ (9දා) පැවසූ බව දිවයින පුවත්පත සදහන් කරයි.

Monday, July 09, 2018

කොළඹට එන සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා නොමිලේ සංස්කෘතික වැඩසටහන්

කොළඹ නගරය ආශ්‍රිත දෙස් විදෙස් සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ ජාතික තරුණ  සේවා සභාවේ තූර්යවාදක කණ්ඩායම්වල සහය  ඇතිව සංස්කෘතික වැඩසටහන් සතිපතා පැවැත්වීමට අග්‍රාමාත්‍ය කාර්යාලය කටයුතු යොද ඇත.

මෙම සංදර්ශන සෑම සිකුරාදාවකම සවස 7ට කොළඹ ආකේඩ් හි දි පැවැත්වේ. එමෙන්ම මෙම වැඩසටහන නැරඹීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

ඒකාධිපතියෙක් ආවොත් නාමල්ට වෙන දේ ගැන වෙල්ගම කියපු කතාව

ඒකාධිපතියකු පන්නයේ පාලකයකු තමන් කිසිසේත් අනුමත නොකරන බවත් ඊට එරෙහි ප්‍රතිපත්තියේ වෙනසක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.

පාකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ට වසර 10ක සිර දඬුවමක්

ලන්ඩන් නගරයේ අධි සුඛෝපභෝගී මහල් නිවාස හතරක් මිලදී ගැනීමේදී සිදු කළ දූෂණ සම්බන්ධයෙන් පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට එරට අධිකරණය විසින් වසර 10ක සිර දඬුවමක් නියම කර තිබේ.
වගවීම පිළිබඳ ජාතික කාර්යාංශයේ (NAB) අධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ දීර්ඝ ප්‍රමාදයකින් පසුවය.

Wednesday, July 04, 2018

විනීතා දමයන්ති සිසුවියට ජනපතිගෙන් කෘතිම අතක්

සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන උපතින්ම අතක් අහිමි එන්. පී. විනීතා දමයන්ති සිසුවිය තමන් වෙත කෘතිම අතක් ලබාගැනීමට සහය වන ලෙස ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීම ඉටු කරමින් එම දියණිය වෙත කෘතිම අතක් ලබාදීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.



2017 වසරේ දෙසැම්බර් 31 වනදා සිරිපුර ප‍්‍රදේශයේ පැවති වැඩසටහනකදී ජනාධිපතිතුමා හමු වූ මෙම දැරිය ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ තමන් වෙත කෘතිම අතක් ලබාගැනීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙසයි.

ශ්‍රි.ල.නි.පයේ නව මාධ්‍ය ප්‍රකාශක ධූරය මහින්ද සමරසිංහට

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත්කරනු ලැබ ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී ඊයේ (02) රාත්‍රී පැවති ශ්‍රි.ල.නි.ප නිලධාරි මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

මීට පෙර ශ්‍රි.ල.නි.ප මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළේ ආණ්ඩුවෙන් ඉවත්වු 16 කණ්ඩායම නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාය.