BREAKING NEWS
latest

728x90

468x60

Saturday, January 13, 2018

ජනපති අගමැති එක්ක මංගල කොටවන සැලසුමක් හෙළිවෙයි

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉලක්කකර කරගනිමින් මේ සතිය පුරා පුළුල් මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නැයි පොහොට්ටු පක්ෂයේ මහ මොලකරු වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඔහුගේ මාධ්‍ය ජාලයට දැනුම් දී ඇත.


එහිදී මුදල හා මාධ්‍ය අමාත්‍යංශය විසින් මත්පැන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකල සංශෝධනවලට එරෙහිව බෞද්ධ භික්ෂුන් වහන්සේලා හා 'ජාතික බලවේග' උසිගන්වා ප්‍රකාශ ලබා ගනිමින් මෙම ගැසට් නිවේදනය අවලංගු කරවා ගැනීමට බලපෑම් කරන ලෙසත්, ඒ හරහා ජනාධිපතිවරයා හා මුදල් ඇමතිවරයා අතර ගැටුමක් නිර්මාණය කරන ලෙසත් බැසිල් රාජපක්ෂ මහතා සිය මාධ්‍ය ජාලයට උපදෙස් දී ඇත.

මහින්දගේ බලකොටුව මෛත්‍රී බිඳදමයි


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද දින හම්බන්තොට තිස්සමහාරාම ප්‍රදේශයේ පැවතී ජනහමුවකට සහභාගී වුනා. ඒ මෙවර පළාත් පාලන මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය තහවුරු කිරීම සඳහා පැවැත්වෙන ජනහමු මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රැස්වීම් මාලාව ආරම්භ කරමින්.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සංවිධානය කල මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් රැසක් සහභාගී වී සිටි අතර එහිදී අදහස් දැක්වූ දයාසිරි ජයසේකර අමාත්‍යවරයා කියාසිටියේ රාජපක්ෂ වරුන් නිදහස් පක්ෂයට සිදුකල හානිය නැවත හරවන්නට හම්බන්තොට ජනතාව යලි එක් ව ඇති බවයි.

මෛත‍්‍රී හයක් හිටියොත් 2021 ජනාධිපතිවරණයට මහින්ද රාජපක්‍ෂ ස්ථිරයි

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර හයක් යයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලහොත් 2021දී පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තරග කල හැකි බව නීතීවේදීන් විසින් රාජපක්‍ෂ මහතාට පෙන්වා දී ඇත.

කොළොන්නාවේ ශ්‍රීලනිප සහ පොහොට්ටු සමාජිකයින් රැසක් එජාපයට

කොළොන්නාව මැතිවරණ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙන ලද සාමාජිකයින් රැසක් එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා අතින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී.

ජනාධිපති අපිටම හොරු කියනවා.. මට දැන් හොදටම මල පැනලා ඉන්නේ - හරීන් කඩුව අතට ගනී

අපි ගෙනාපු ජනාධිපති කරන වැඩ නිසා තමනට දැන් මල පැනලා සිටින බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.


‘මට නම් මේ දවස්වල දේශපාලනේ මල පැනල තියෙන්නෙ. ඒකට හේතුව අපි ගෙනාපු එක්කෙනා අමුතු අමුතු ටෝක් දෙනවා. ඒ දෙන ටෝක් මට නං හරියන්නේ නෑ.

'වේදිකාවල කියන කතා ගන්න ගන්න එපා'- ජනපති, හකීම්ට කියලා.

'මැතිවරණ වේදිකාවල කියන කතා එතරම් බැරෑරුම් ගණන් ගන්න එපා' යයි ජනාධිපතිවරයා තමාට පැවසු බව නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

ජනාධිපතිවරයා පසුගියදා අනුරාධපුරයේදී සිදුකල 'පිප්පොකට් කතාවෙන්' තමන්ට පවා අසාධාරණයක් සිදුව ඇතැයි පැවසු අවස්ථාවේදී ජනාධිපතිවරය ඉහත ප්‍රකාශය කලබව ඇමතිවරයා කියා සිටියි.

Friday, January 12, 2018

මිලියන 75ක් උපයාගත් ආකාරය හෙළිකරන්නට විමල්ට මහාධිකරණයේ නඩු

පාර්ලිමේන්තු මන්ති්‍ර විමල් වීරවංශ මහතා පසුගිය පාලන කාලයේදී උපයාගත් රුපියල් මිලියන 75ක මුදල උපයාගත් ආකාරය පිලිබඳව විමසමින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව අද කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය. 

රාජ්‍ය ඇමති හිතැති සංඝනායක හිමි සාමනේර හිමිවරුන්ට සමූහ අපයෝජනය කර හසුවෙයි

වයස අවුරුදු 15ට අඩු සාමනේර ස්වාමින් වහන්සේලා කිහිප නමක් අපයෝජනය කිරීමේ චෝදනාව යටතේ පිරිවෙන් ප්‍ර‍ධානාචාර්ය භික්ෂුවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කුරුණෑගල , රිදීගම කරඳගොල්ලේ නාරද බෞද්ධ මධ්‍යස්ථාන පිරිවෙනහි ප්‍ර‍ධානාචාර්යවරයා හා විහාරාධිපති ලෙස කටයුතු කළ වෑඋඩවිල්ලි හත්පත්තුවේ සංඝ නායක හතරලියැද්දේ නාරද නම් 63 වියැති භික්ෂුවකටයි මෙලෙස ළමා අපයෝජන චෝදනා එල්ල වී ඇත්තේ.
මෑතක සිට පිරිවෙනේ අධ්‍යාපනය ලබන සාමනේරයන් වහන්සේලා පිරිවෙන අතහැර යාමට පටන් ගැනීමත් සමඟ මේ පිළිබඳ පිරිවෙනහි ඉගැන්වීමේ කටයුතු වල නියුතු ස්වාමින් වහන්සෙලා කීප නමක් විසින් කළ සොයා බැලීමකදී විහාරාධිපති හිමියන්ගේ මෙම අපයෝජන ක්‍රියාවලිය හෙළිදරව් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

බැදුම්කර මගඩිය මෙන් තුන් ගුණයක් විශාල කෙරවලපිටිය විදුලිබලාගාර මගඩිය මෙන්න

භාන්ඩාගාර බැදුම්කර වෙන්දේසියේදී සිදුවූ බව කියන රුපියල් බිලියන 11කට අධික මූල්‍ය අක්‍රමිකතාවය පිළිබඳව මේ දිනවල සමාජය තුල විශාල කතා බහක් ඇතිවී තිබේ. එය මෙරට සිදුවු විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකේ. නමුත් පෙරකී බැදුම්කර වංචාව මෙන් තුන් ගුණයක් විශාල, එනම් රුපියල් බිලියන 34 (මිලියන 34,000) පාඩුවක් රටට සිදුවන මහා පරිමාණ මූල්‍ය වංචාවක් මේ වනවිට රට තුල සිදුවෙමින් පවතී.

 ශ්‍රී ලංකාවේ අනාගත බලශක්ති අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා කෙරවලපිටිය - 11 ව්‍යාපෘතිය ලෙස හැදින්වෙන නව එල් එන් ජී (ස්වාභාවික වායු ) බලාගාරය ඉදිකිරීම සදහා වන ටෙන්ඩර් පටිපාටිය හිතා මතාම පමා කිරීමට කටයුතු කිරීම හරහා මෙම මූල්‍ය වංචාව සිදුකිරීමට ඉහළ රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු එක්ව කටයුතු කරමින් තිබේ. දීර්ඝ කාලයක් පුරා විවිධ හේතු මත පමා කරතිබූ මෙම ටෙන්ඩරය පසුගිය වසරේ අගභාගයේදී නීති විරෝධී ලෙස කොරියාවේ සැම්සුන්ග් සමාගමට ලබාදීමට බී එම් එස් බටගොඩ සහ ජී එස් විතානගේ යන නිලධාරීන් විසින් කටයුතු සැලසුම් කල අතර තාක්ෂණික ඇගයීම් කමිටුව ලබා දුන් නිර්දේශ පවා නොතකා එම සමාගම වෙතම මෙම ඉදිකිරීම් ටෙන්ඩරය ලබාදීම ඔවුන්ගේ අරමුණ විය.

ගෝටාභය හිරේ දැමීමට රාජපක්‍ෂ පවුලේ කුමන්ත‍්‍රණයක්? ගෝටා රටින් පිටවෙයි

ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සිරගත කිරීම සදහා රාජපක්‍ෂ පවුලේ අය විසින් කුමන්ත‍්‍රණයක් කල බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.


එමගින් ඔවුන් උත්සාහ කරනු ලැබුවේ ජනධිපතිවරයා හා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය අපකීර්තියට පත් කිරීමට බවද ඔහු සදහන් කරයි.

නීතිපතිගේ තර්කය හරිනම් මටත් යලි ජනාධිපතිවරණයට තරග කල හැකියි - හිටපු ජනපති මහින්ද

බැඳුම්කර වංචා පිළිබඳ චෝදනා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ධුර කාලය, පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගැනීමට ඉඩ තිබෙන විනය ක්‍රියාමාර්ග පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අදහස් පළ කළේය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ධුර කාලය වසර හයක් විය යුතු බවට නීතිපති ජයන්ත ජයසූරිය ඉදිරිපත් කළ තර්කය පිළිබඳව විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එහි තීන්දුව කවරක් වුවත් “මට ප්‍රශ්නයක් නැති,” බවය.

එහෙත් කිසියම් ලෙසකින් අධිකරණය නීපතිවරයාගේ තර්කය පිළිගන්නේ නම්, “අනිවාර්යයෙන්ම මට සහ චන්ද්‍රිකාටත් ඉස්සරහට දෙපාරක් තරග කළොත් පමණයි තරග කිරීමේ අයිතිය අහෝසි වෙන්නේ” යනුවෙන් ද කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වසර තුනකදී බාල අපරාධ 14991 කින් අඩු වෙලා - ඇමති සාගල හෙළිකරයි

බල අපරාධ වාර්තාවීම 2014 වර්ෂයට සාපේක්ෂව 2017 වර්ෂයේ දී 14991 කින් අඩු වී ඇති බවත් බල අපරාධ විසඳීම 20% කින් ඉහළ ගොස් ඇති බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.


අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ පසුගිය (10) වැනි දා කිරුලපන ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි .

ඒ පිලිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.

2014 වර්ෂයේ දී බල අපරාධ 50962 ක් වාර්තාවුණා. ඒ ප්‍රමාණයෙන් විසඳන්න පුළුවන් වෙලා තිබුණේ 29396 යි. ඒ කියන්නේ විසඳූ ප්‍රමාණය 58% ක්.

ගනේමුල්ල ගුවන් පාලම ජනතා අයිතියට

ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘතිය මඟින් 2016-04-19 දින ගනේමුල්ල ගුවන් පාලම ඉදිකිරීම සඳහා මුල් ගල තැබීම සිදු වූ අතර මීටර 300 ක දිගින් යුතු පිවිසුම් මාර්ගයත් සමඟ ගනේමුල්ල ගුවන් පාලමේ සම්පූර්ණ දිග මීටර 504 කි. මංතීරු 02 ක් සහිතව ඉදිකරන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1,768.21 වැය වී ඇත.
සංවර්ධනය රටේ සෑම තැනකටම බෙදී යන පරිදි රජය කටයුතු කරන බවත්  මේ වන විටත් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුවෙමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය. ගනේමුල්ල දුම්රිය ස්ථානය අසල ඉදිකල ගුවන් පාලම ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (11) දින එක් වෙමිනි.

වීරවංසට ඇප – අධිචෝදනා නඩුව 19 කැඳවයි

මහින්ද රාජපක්ෂ පාලන සමයේ නිවාස ඉදිකිරීම් ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විමල් වීරවංස මන්ත්‍රීවරයා සිය වත්කම් සහ ආදායම්වලින් සොයා ගත නොහැකි රුපියල් මිලියන 75කට අධික මුදල් හා දේපලක් හිමිකරගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහි අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් අද (11) බාර දී තිබේ.

විදුහල්පතිනියක් දණගස්සුවේ ඌවේ මහ ඇමති චාමර


දේශපාඥයෙකු බදුල්ල විද්‍යාලයක විදුහල්පතිනියක් තම නිල නිවෙසට කැඳවා ඇය දණගස්වා වන්දවාගෙන ඇතැයි අප ඊයේ හෙලි කලා.

එම දේශපාලඥයා ඌව පළාත් මහ ඇමති සම්පත් චාමර දසනායක මහතා බවට ගොසිප්99 වෙත වාර්තාවේ.

රාජකාරි අස්සේ ඡන්ද වැඩ කළ රජයේ සේවිකාවකගේ වැඩ තහනම්

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු වන උප තැපැල් ස්ථානාධිපතිවරයෙකුට සහය පළ කරමින් ප‍්‍රචාරක කටයුතු කළ එම තැපැල් කාර්යාලයේ සහායිකාව වැඩ තහනමට ලක් කළ බව තැපැල් දෙපාර්තමේන්තුව කියයි.

ඇය රැකියාව කරන අතරතුර තම ප‍්‍රධානියා වන උප තැපැල් ස්ථානාධිපතිවරයාට ඡන්දය දෙන්නැයි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පැවැසේ.

අනිකාට මරණ තර්ජනය කළ රවීගේ ඥාතියාගෙන් CIDය ප්‍රශ්න කරයි

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් යන අය විසින් මිලදී ගෙන ලබා දී තිබූ කොල්ලුපිටියේ සුවිසල් නිවෙසේ හිමිකාරියට මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශානිල් නෙත්තිකුමාර නමැත්තාගෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

එම ප්‍රශ්න ගත සුපිරි නිවෙස සම්බන්ධයෙන් ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමෙන් අනතුරුව ඊස්ට් වෙස්ට් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන අනිකා විජේසූරිය නමැත්තියට දුරකතනය හරහා මෙම තැනැත්තා විසින් මරණ තර්ජනය කර ඇති බවට ලද පැමිණිල්ලට අනුව මෙම ප්‍රකාශය ලබා ගෙන ඇත.

ජනපතිට වසර හයක්‌ ඉන්න පුළුවන් - නීතිපති කියයි - ඉන්න පුළුවන් වසර පහයි - ජ්‍යෙෂ්ඨ නීතීඥවරු 7 ක්‌ කියති

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සිය ධුරය දැරිය හැකි කාලසීමාව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ රෙගුලාසිවලට අනුකූලව වසර 05 ක්‌ද, නැත්නම් 06 ක්‌ද යන ප්‍රශ්නයට අදාළව නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණුවලට ඊයේ (11 වැනිදා) සවන් දුන් පංච පුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඒ සම්බන්ධයෙන් තවත් කරුණු ඇත්නම් ඒවා ලිතව අද (12 දා) දහවල් 12 ට පෙර ඊ-මේල් විද්යුත් තැපෑලෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලෙස එම නීතිඥවරුන් සියලු දෙනාටම දැනුම් දුන්නේය.

විනිසුරු මඬුල්ල ඒ සම්බන්ධයෙන් දරන මතය ඊට පසුව එනම් ලබන 14 දාට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දන්වා යවනු ඇත. 

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් හා ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, කේ. ටී. චිත්‍රසිරි, සිසිර ද ආබෲ යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම විභාගය පැවැත්විණි.

Thursday, January 11, 2018

ලබන මාසයේ සිට දඩ කොළය ගෙදරටම

රථවාහන වැරදි සම්බන්ධයෙන් නිකුත් කරන දඩ කොළ වැරදි කළ පුද්ගලයාගේ නිවසටම එවීමේ ක‍්‍රමවේදයක් ලබන මාසයේ සිට ආරම්භ කෙරෙනවා. ඒ වැරැද්දට අදාල ඡායාරූපයක් සමග. පළමු අදියර අත්හදා බැලීමක් ලෙස ආරම්භ කරන බවයි අමාත්‍ය සාගල රත්නායක මහතා සදහන් කළේ. ඉන්පසුව එය දීපව්‍යප්ත කිරිමට සුදානම් බවයි අමාත්‍යවරයා පවසන්නේ. 

තරුණ ව්‍යවසායකයන් බිහි කිරීම සඳහා සහන පොලී මත ණය ලබාදීම මාර්තු මස අරඹනවා - මංගල

ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය වැඩිකිරීම සඳහා තරුණ ව්‍යවසායකයන් බිහිකිරීමේ අරමුණින් යුතුව 2018 අයවැයේ ප්‍රධාන යෝජනාවක් වන "ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා" වැඩසටහන මාර්තු මස අරඹන බව පැවසූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා, මේ සඳහා ණය යෝජනා ක්‍රම 15 ක් යටතේ තරුණ ව්‍යවසායකයන් හට සහන පොලී අනුපාත සහ රජයේ ඇපකර මත රුපියල් මිලියන 60,000 ක පමණ මූල්‍ය ආධාර පහසුකම් ලබාදෙන බවත් පැවසීය.

ව්‍යසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන යටතේ තරුණයන්ට, කාන්තාවන්ට හා විශේෂ හැකියා ඇති පුද්ගලයන්ට තමන්ගේ යැයි ව්‍යාපාර ඇරඹීමට සහ කෘෂිකර්මාන්තය, කර්මාන්ත හා ධීවර ඇතුළු ඕනෑම ක්ෂේත්‍රයක කර්මාන්ත හෝ ව්‍යාපාර ඇරඹීම සඳහා 75% ක සහනදායී පොලීමත රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා ණය ලබාදෙනු ලැබේ. මෙම සහනදායී පොලිය රජය මගින් දරනු ලබන අතර එකී පොලිය ගෙවීම සඳහා රු. මිලියන 5,000 ක් භාණ්ඩාගාරය විසින් වෙන්කර තිබේ.

මෙතෙක් තිබූ තහනම ඉවතට – කාන්තාවන්ටත් දැන් මත්පැන් මිළදී ගන්න පුළුවන් – මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි

සාමාන්‍යයෙන් අනිත් රටවලට සාපේක්ෂව අපේ රටේ කාන්තාවන් මත්පැන් පානය කරනවා බොහොම අඩුයි. නාගරික සමාජයේ කාන්තාවන් සුළු පිරිසක් අරුනම ගම්බද කාන්තාවන්නම් මත්පැන් පානය කරන්නෙම නැති තරම්.


කොහොම නමුත් අපේ රටේ මත්පැන් මිලදී ගන්න පුළුවන් පිරිමි අයට විතරයි. කාන්තාවන්ට මත්පැන් මිලදී ගන්න බෑ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ස්ථාපිත කෙරුණු ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති ජනපති අතින් විවෘත කෙරේ

වකුගඩු රෝග ව්‍යාප්තිය අවම කිරීම වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ස්ථාපිත කෙරුණු ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති විවෘත කිරීම අද (10) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර, මහබුලන්කුලම තිබ්බටුවාව ශ්‍රී විජය විහාරස්ථානයේදී දී සිදුකෙරිණි.

ඩිජි­ටල් වෙන පුංචි ආණ්ඩු­ව

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සඳහා මහජනතාව ගෙවිය යුතු වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු ආදිය මෙන්ම ගොඩනැඟිලි බලපත්‍ර අනුමත කර ගැනීමේ ආදී අංශ රාශියක් පරිගණක ජාලගත කිරීමේ වැඩසටහන යටතේ ONLINE මඟින් ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ඇති ICTA ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන e LOCAL GOVERNMENT වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කරනු ලබයි.

සැබෑ රණවිරු දඩයම වුණේ පැවැති ආණ්ඩුව සමයේදීයි - ජනපති

රණවිරු දඩයමක් ගැන අද රජයට චෝදනා කළද රණවිරු දඩයම සැබෑ ලෙසම සිදුකළේ පැවැති රජය හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීමෙන් බවත් ජාත්‍යන්තරයෙන් නැඟුණු චෝදනාවලින් ත්‍රිවිධ හමුදා රණවිරුවන් බේරාගනිමින් ඔවුන්ගේ ගෞරවය සහ අභිමානය රැකගනිමින් යුතුකම් ඉටුකළේ වත්මන් රජය යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (10) අනුරාධපුරයේදී පැවසීය. මුදල් පසුම්බිය සොරාගෙන දුවන ගමන් හොරා විසින්ම අන්න හොරෙක්, අන්න හොරෙක් යැයි කෑගසනවා මෙන්ම ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ දෙපිරිසක් විසින් එකිනෙකාට හොරා යැයි චෝදනා කරගත්ත ද සැබෑ සොරුන් කවුදැයි මේ රටේ ජනතාව දන්නා බවත් ජනාධිපතිතුමා පැවසීය.

ඩොලර් මිලියන 10 ක ඖෂධ නිෂ්පාදන කලාපයක් කලුතරට

මෙරට තුළ ඖෂධ නිෂ්පාදනය වෙනුවෙන් කලුතර වැලිපැන්න ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන කලාපයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් තැබීම පසුගියදා (08) කොළඹ දී සිදුවිය.

එම කර්මාන්ත කලාපය කළුතර වැලිපැන්න ප්‍රදේශයේ ඉදි කෙරෙන අතර, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් නිෂ්පාදනය කරන ඖෂධ මිලදී ගැනීමට නියමිතය. මැලේෂියානු සමාගමක් සහ B.P.C. හෙල්ත් කෙයා ආයතනය මෙම කර්මාන්ත කලාපය තුල ඖෂධ නිෂ්පාදන කිරීමට ගිවිසුම් අත්සන් කරන ලදී. B.P.C. හෙල්ත් කෙයා ආයතනය ඉවත ලන රුධිර ප්ලාස්මා භාවිතා කරමින් ඖෂධ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත.

අල්ලස් නඩුවකට රවී කරුණානායකට සිතාසියක්

ආනයනික සුදු කැකුලු සහල් විකිණීමේ ක්‍රියාවලියේදී මිල දර්ශකයකට පටහැනිව සහල් මෙට්‍රික් ටොන් 1000ක් විකිණීමට නියෝග කර රුපියල් මිලියන 04ක් රජයට පාඩු කළැයි එවකට සතොස වැඩබලන සාමාන්‍යාධිකාරිවරයාට එරෙහි අල්ලස් නඩුවකට අදාළව අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු වෙළෙද හා පාරිභෝගික කටයුතු ඇමැති රවී කරුණානායක මහතාට ලබන මාර්තු මස 09 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය අද සිතාසි නිකුත් කළාය. 

Wednesday, January 10, 2018

ගනේමුල්ල ගුවන් පාලම හෙට ජනතා අයිතියට

ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම වානිජ නගරයක් වන ගණේමුල්ල නඟරයට විශාල ජනකායක් දෛනිකව විවිධ අවශ්‍යතා සඳහා පැමිණේ. ප්‍රධාන දුම්රිය මාර්ගයේ කාර්යබහුලම දුම්රිය ස්ථානයක් වන ගනේමුල්ල දුම්රිය ස්ථානය හේතුවෙන් දැඩි වාහන තදබදයක් නිරන්තරයෙන් ගනේමුල්ල නගරය තුල පවතී. මෙයට පිළියමක් ලෙස ගනේමුල්ල දුම්රිය මාර්ගය හරහා ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘතිය මඟින් 2016-04-19 දින ගනේමුල්ල ගුවන් පාලම ඉදිකිරීම සඳහා මුල් ගල තබන ලදි. මීටර 300 ක දිගින් යුතු පිවිසුම් මාර්ගයත් සමඟ ගනේමුල්ල ගුවන් පාලමේ සම්පූර්ණ දිග මීටර 504 කි. 

මරිකාර්ගේ කනේ පහරෙන් ගාමිණී ලොකුගේ බිම අැද වැටෙයි - ප‍්‍රසන්න රණවීර විසින් චමින්ද විජේසිරිට පහර දෙයි - මැති සබේම එකම ගාලගෝට්ටියක් වෙයි - UPDATES

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අද(10) පාර්ලිමේන්තුවේ දී බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරද්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ඔසවමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර පක්ෂ විපක්ෂ දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක් ද සිදුවි ඇතිබවට ගොසිප්99 අප මීට පෙර සදහන් කලා.  එහි සිද්ධිය මෙසේය ...

මැතිසබේ ගුටි කෙළියක් - මන්ත්‍රී කාවින්දට ක්ලාන්තය ඇතිවෙයි - මන්ත්‍රී රංජිත්ට සුළු තුවාල - වීඩියෝ

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(10) පාර්ලිමේන්තුවේ දී බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරද්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ඔසවමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර පක්ෂ විපක්ෂ දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක් ද සිදුව ඇත

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්‍ත්‍රී ගාමිණී ලොකුගේ හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී එස්.එම්.මරික්කාර් යන මන්ත්‍රීවරුන් දෙදෙනා අතර ගැටුමක් ඇතිවූ අතර ඊට අනෙක් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ද මැදිහත්වීම හේතුවෙන් පාර්ලිමේන්තු සභා ගැබ එකම ගාලගෝට්ටියක් බවට පත්විය.

අගමැතිට ආ පොත් ප්‍රහාරය කාවින්ද ව්‍යයර්ත කරයි
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුවන සිසිර ජයකොඩි විසින් අග්‍රාමාත්‍ය තුමා වෙත එල්ල කරන ලද ප්‍රහාරයක් ඒ අසල රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන තරුණ මන්ත්‍රීවරයා විසින් ව්‍යවර්ථ කර ඇත. කෙසේ නමුත් කාවින්ද ජයවර්දන මහතාය ක්ලාන්තයක් ඇතිවී ඇතිබවටද ආරංචිමාර්ග සදහන් කරයි.

නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය ජනපති අතින් විවෘත කෙරේ - නිදහස ගැන කියවෙන අපුරු වීඩියෝවක්

නිඳහස යන වචනය අපේ රටේ මිනිසුන්ට වෙන කවරදාටත් වඩා අත්විඳින කාල පරිච්චේදයක් අද දවසේ උදාවී ඇති බව ඔබ අප සියලු දෙනාම දන්නා කරුණකි. අද තම අදහස් නිදහසේ දැක්වීමටත් නිදහසේ ජිවත් වීමටත් අවකාශයක් ලැබී ඇත… රටේ ජනපති අගමැතිගේ සිට ඕනෑම කෙනෙකුට ඕනෑම අදහස දැක්වීමට හැකිය… ඒ වෙනුවෙන් සුදු වෑන් හෝ මිනීමරු අඳුරු සෙවනැලි පසු පසින් පන්නන්නේ නැති නිදහස් යුගයක් උදාවී ඇත. ඒ නිදහස දරා ගත නොහැකි හා එය වල්බුරු නිදහසක් කරගත් නොමිනිසුන් අතර නිදහස අගය කරන හා ඒ නිදහස භුක්ති විඳින බහුතර ජනතාවක් රටතුල වාසය කරති…

ජනපතිවරයාට 2021 ජනවාරි 9 වන තෙක් තමන්ට ධුරයේ රැඳී සිටීමට හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා බැලීමට ඉල්ලීමක්

නියමිත ධුර කාලයෙන් පසුව තවත් වසරක්, එනම් 2021 ජනවාරි 9 වන තෙක් තමන්ට ධුරයේ රැඳී සිටීමට හැකිදැයි විමසා බලන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කර ඇති අතර එය අනිද්දා, එනම් ජනවාරි 11 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් උදෑසන 11 ට විමසා බැලීමට නියමිත ය.

ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කර ඇති ප්‍රශ්නය වන්නේ තවත් වර්ෂයක් වැඩිපුර, එනම් වසර 2021 ජනවාරි 9 වැනිදා වන තෙක් තමන්ට ජනාධිපති ධුරයේ රැඳී සිටීමට නීති ප්‍රකාරව හැකියාව තිබේද යන්නයි. එම ප්‍රශ්නයේ සිංහල අදහස මෙසේ ය.

‘‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව, තේරී පත්වූ තැනැත්තෙකු වශයෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(1) වගන්තිය ප්‍රකාරව 2015 ජනවාරි 9 වැනිදා පටන් ජනාධිපති ධුරය දරන තැනැත්තා වන මා හට, 2015 ජනවාරි 9 වැනිදා පටන් වසර 06 ක කාලයක් සඳහා එම ධුරය දැරීමට යම්කිසි බාධාවක් තිබේද?“

ජනාධිපති කොමිෂන් වාර්තාවේ 34 න් 32ක්ම පොහොට්ටුවේ උදවියලු

බරපතල දුෂණ වංචා හොයන ජනාධිපති කොමිසම් වාර්තාව අනුව එම සිද්ධින් 34 න් 32කටම සම්බන්ධ වී ඇත්තේ එක්බද්ධ විපක්ෂයේ ජී.එල්. පීරිස්ගේ 'පොහොට්ටු' පක්ෂයේ අය බව මහා මාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා ඊයේ (08) හාලිඇල පට්ටිපොල ප්‍රදේශයේ පැවති ජන හමුවකදි පැවසීය.

එක්සත් ජාතික පක්ෂයද අලි බබා සහ හොරු හතලිහ මෙන් හෙයින් ඔවුන්ටද ජන්දය දිය නොහැකි බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව ඉතිරි වන්නේ හොරු ඇල්ලීම සඳහා කොමිෂන් සභා පත් කර පාට පක්ෂ භේදයකින් තොරව තනතුරු පසෙකලා හොරුන්ට දඬුවම් දීමට ක්‍රියා කළ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු සන්ධානය බව හෙතෙම පෙන්වා දුන්නේය.

මොරගහකන්ද මහ සමුදුරෙ ප්‍රමාද වූ සැලසුම කඩිනම් වූ හැටි

රජරට වැව් බැඳි රාජ්‍යයේ ඈත පෙදෙස්වලට ජලය ගෙන යාමේ පුරාවෘත්තය ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස දක්වා දිව යන්නකි. එදා ඊට මුල් වූ ගංගාව අඹන්ගඟයි. අඹන්ගඟ හරස් කර එක්රැස් වූ ජලය උතුරු මැද පළාතට හැරවීමේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ක්‍රි.පූ. 67 හා 111 දක්වා රජ කළ වසභ රජතුමා ය. එතුමා මෙම වාරි වික්‍රමය උදෙසා උපයෝගී කරගත් යෝධ ඇළ අදත් එම නොනිමි මෙහෙවරේ යෙදීම විස්මයජනකය; ඓතිහාසිකය.

වසභ රජුගෙන් පසු දැවැන්ත වාරි වික්‍රමයක යෙදුණු මහසෙන් රජු තම විස්මිත වාරි නිර්මාණය වූ මින්නේරිය වැවට අවැසි ජලය ලබා ගන්නා ලද්දේ ද ඇළහැර යෝධ ඇළ මගිනි. එසේම මහා පරාක්‍රමබාහු රජතුමා පරාක්‍රම සමුද්‍රයට අවශ්‍ය ජලය ලබා ගැනීමට උපයෝගී කර ගනු ලැබුවේ ද අඹන්ගඟයි. ඒ සඳහා අඹන්ගගේ අංග මැඩිල්ල අමුණ ඉදි කළ එතුමෝ ආකාස ගංගාව නමින් අතීතයේ හැඳින්වූ මහ ඇළ ඔස්සේ අඹන් ගඟේ ජලය පරාක්‍රම සමුද්‍රය වෙත ගෙන ආ බව වාරි ඉතිහාසයේ සටහන් වේ.

මේ ආදි වශයෙන් ගත් කල අඹන්ගඟ මෙරට වාරි ඉතිහාසයේ සුවිශේෂි ගංගාවක් ලෙසින් සැලකේ. එසේ ම එහි කාර්ය භාරය දෙවැනි වන්නේ මහවැලි ගඟට පමණක් සේ ය. අඹන්ගඟේ ජලය මේ රටේ සංවර්ධනයට යළි යොදා ගනු ලබන්නේ මහවැලි මහ සංවර්ධන ව්‍යාපාරයත් සමඟය‍.

මහවැලි ව්‍යාපාරය

1965 පසු මේ රටේ පැවැති සියලුම ආණ්ඩු මතභේදයකින් තොරව පොදුවේ සම්බන්ධ වූ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය ලෙසින් සැලකෙන්නේ මහවැලි සංවර්ධන ව්‍යාපාරයයි. නිදහස් සෞඛ්‍යය, නිදහස් අධ්‍යාපනය හා ජනසවියෙන් පසු ඇරඹි දුප්පත්කම දුරු කිරීමේ ව්‍යාපෘති මෙන්ම මහවැලි සංවර්ධන ව්‍යාපාරය දේශපාලන භේදයකින් තොරව පොදුවේ කාටත් එකඟ විය හැකි ව්‍යාපෘතියකි.

මහවැලි සංවර්ධන මහ සැලැස්මේ දැවැන්ත කෘෂි වාරි ව්‍යාපෘතිය ලෙස සැලකෙන්නේ. මොරගහකන්ද, කළුගඟ ව්‍යාපාරයයි. එමෙන් ම 30 අවුරුදු මහවැලි මහ සැලැස්ම කඩිනම් මහවැලිය වීමේ සිට අත්හැර දමන ලද ව්‍යාපෘතිය වන්නේ ද මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය බව පෙනේ.

1970 වේ ඇරඹි සමගි පෙරමුණු රාජ්‍ය සමයේ මහවැලි ව්‍යාපාරය සැලසුම් වන්නේ 30 අවුරුදු ව්‍යාපෘතියක් ලෙසිනි. එහි මුල් අදියර පොල්ගොල්ලෙන් ඇරඹේ. පොල්ගොල්ල ජලාශය නිම වී එය ජලය මුදා හැරීමට විවෘත වන්නේ 1976 ජනවාරි 8 වැනි දා ය. 1977 පසු ඇරඹි එක්සත් ජාතික පක්ෂ රජය මහවැලිය කඩිනමින් නිමා කිරීමේ වැඩසටහන අරඹන ලද අතර, එය නම් වන්නේ ‘කඩිනම් මහවැලිය’ ලෙසිනි. 1977ඇරඹි විවෘත ආර්ථිකයත් සමඟ පුළුල් වන කර්මාන්ත හා නිෂ්පාදන ක්ෂේත්‍රයට අවැසි විදුලිය අවශ්‍යතාව ඉටු කර ගැනීමට ඔවුන් මහවැලි සංවර්ධන සැලැස්ම උපයෝගි කරගත් බව පෙනේ. මේ නිසා වසර 30ක කාලපරාසයක් දක්වා දිග හැරුණු මහවැලි මහ සැලැස්මේ කාර්යභාරය වසර 5කින් නිම කිරීමේ සැලසුම් ඇරඹිණ.

හොඳ නරක, විපාක අතුරු විපාක කෙසේ වෙතත් රටේ සංවර්ධනය වෙනුවෙන් ඇවැසි දැවැන්ත විදුලි ඉල්ලුම සපුරා ගැනීමට කඩිනම් මහවැලිය පිළියමක් වුණි. මෙමඟින් ප්‍රධාන ජලාශ 5ක් වසර 5ක් ඇතුළත ඉදි වූ අතර රටේ ජල විදුලි නිෂ්පාදනය එතෙක් පැවැති ධාරිතාවය මෙන් දෙගුණයකටත් වඩා වැඩි විය. මෙහි දී දීර්ඝ කාලීන වශයෙන් අරමුණු කරගත් රජරට ජනතාවගේ වාරි හා පානීය ජල අවශ්‍යතාවය උදෙසා මහවැලි ජලය ඍජු ලෙසින්ම මුදා හරිනු ලැබුවේ අඩු ප්‍රතිශතයකිනි. එදා 90%ක් ම ජලය මුදාහරිනු ලැබුවේ ජල විදුලි අවශ්‍යතා උදෙසාය. එම ජලය වාරිමාර්ග සඳහා මුදාහරිනු ලැබුවේ ජල විදුලියට උපයෝගීවීමෙන් අනතුරුවය.

පානීය ජල අවශ්‍යතාව

මේ නිසා වුව ද රජරටට මහවැලියෙන් සෙතක් නොවූ බවක් මින් අදහස් නොවේ. එහෙත් ඍජු ලෙසින් ම රජරට ඇතුළු උතුරු නැඟෙනහිර ප්‍රදේශ පදනම් කරගත් ගොවිජනයාගේ කෘෂිකාර්මික හා පානීය ජල අවශ්‍යතා පදනම් කරගත් මොරගහකන්ද කළු ගඟ ව්‍යාපාරය එදා කඩිනම් මහවැලියට ඇතුළත් නොවුණි.

පසුගිය ජනවාරි 8 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් නිවැරදි වූයේ එම ඓතිහාසික වරද හා අතපසුවීමයි. මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය මහවැලි මහ සැලැස්මේ දැවැන්තම මෙන් ම අති විශාල ජල ධාරාවක් ගබඩා කර ගන්නා ප්‍රධාන ව්‍යාපෘතියයි. මෙහි ජලය රඳවා තබා ගන්නා ධාරිතාව පරාක්‍රම සමුද්‍රය මෙන් 6 ගුණයකි. වාරි ජලය සැපයෙන කුඹුරු ප්‍රමාණය හෙක්ටර්යාර් 82000කි. ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි 660,000කි. පෝෂණය ලබන ලොකු කුඩා වැව් සංඛ්‍යාව 1551කි.

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 1989 දි තරුණ මන්ත්‍රීවරයකු ලෙසින් ප්‍රථම වරට පොළොන්නරුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි දා සිට ම මොරගහකන්ද ව්‍යාපාරය සියලුම ආණ්ඩුවල අවධානයට ලක් කළ බව රහසක් නොවේ. එදා මෙදා තුර රජරටින් පැමිණි නායකකාරකාදීන් කිසිවකුට ඉටු කර ගත නොහැකි වූ මොරගහකන්ද සිහිනය සැබෑවක් කර ගැනීම ඇරඹීමට 2007 ජනවාරි 25 වැනි දා එතුමාට හැකි විය. එනම් මහින්ද රාජපක්ෂ රාජ්‍ය සමයේ මොරගහකන්ද ව්‍යාපාරයට මුල් ගල තැබීමට හැකිවීමයි. එහෙත් එය සක්‍රීය දැවැන්ත වාරි ව්‍යාපෘතියක් ලෙසින් අවසන් කිරීමට හැකි වූයේ නැත. එය වෙනම කතාවකි. ජනවාරි 8 වැනි දායින් පසු එතුමා නායකත්වය දෙන වත්මන් යහපාලන රජය යටතේ තම අරමුණ ඉටු කර ගැනීමට එතුමාට හැකි වීම ඓතිහාසික සිදුවීමක් සේ ඉතිහාසයේ සටහන් විය යුතුය.

සත්‍ය වශයෙන් ම මොරගහකන්ද වත්මන් මෛත්‍රීපාල සමයේ වසර තුනක් ඇතුළත නිම කිරීමට හැකි වීම විශේෂයෙන්ම රජරට වැව් බැදි රාජ්‍යය මෙන් ම සමස්තයක් වශයෙන් මේ රට ලැබු ජයග්‍රහණයකි. රජරට වාරි ඉතිහාසයේ මෙවන් දැවැන්ත ව්‍යාපෘතියක් හමු නොවේ. ඒ අනුව වසභ, මහසෙන්, මහාපරක්‍රමබාහු මෙන් මෛත්‍රීපාල සිරිසේන නාමය ද රජරට වාරි ඉතිහාසයට එක් වනු ඇත.

පසුගිය සමයේ යම් ප්‍රමාණයක් හෝ මහවැලි ජලය රජරටට ගලා යෑමේ දී අනුරාධපුරයෙන් උතුරට හෝ ත්‍රිකුණාමලය හා මඩකළපුව ප්‍රදේශයට ජලය නොලැබෙනවා ය යන අදෝනාවක් එම ප්‍රදේශවලින් අසන්නට ලැබුණි. එය තවත් තීව්‍ර වූයේ වාර්ගික වශයෙන් කරනු ලැබු නොසැලකිල්ලක් ලෙසිනි. මේ නිසා එක් අවස්ථාවක මහවැලි අධිකාරියේ සභාපතිවරයාට පවා ඉවත් වීමට සිදු විය.

එසේ ම රජරට පුරාණ වැව් පද්ධතියේ ජලවහන රටාවට මහවැලිය නිසා හානි සිදු වී ඇති බවක් ද පසුගිය සමයේ විවේචනාත්මකව අසන්නට ලැබුණි. ජනාධිපති මෛත්‍රී මොරගහ කන්ද කළු ගඟ ව්‍යාපෘතිය මගින් මේ කාරණා දෙකටම පිළිතුරු සපයා ඇත. මොරගහකන්ද ජලය වවුනියාවෙන් උතුරටත් නැඟෙනහිර පළාතේ කන්තලේ හරහා ත්‍රිකුණාමලය දක්වාත් ගමන් කරනු ඇත. එසේ ම මාදුරුඔයෙන් නැගෙනහිර පළාතේ සංවර්ධනයට ද මොරගහකන්ද ජල දහරා ගමන් කරනු ඇත.

එසේ ම ඓතිහාසික රජරට වාරි රටාව යළි සක්‍රීය කරමින් මහවැව්වල සිට කුඩා වැව් දක්වා ජලය ගලා ගිය ක්‍රමය යම් ප්‍රමාණයකින් යළි මොරගහකන්ද මඟින් සක්‍රීය කර තිබෙන බව දැන ගැනීමට තිබේ.

ප්‍රමාද වූ සැලසුම

මොරගහකන්ද නිම වීමට නියමිතව තිබුණේ මීට පෙරය. සාමාන්‍ය මහවැලි සැලැස්ම යටතේ වුව ද මීට දසවසරකට පෙර ය. ඊට හේතුව මුල දී සැලසුම් වූ 30 අවුරුදු මහවැලි සැලැස්ම වුවද මීට දස වසරකට පෙර අවසන් විය යුතුව තිබු බැවිනි. මේ වන විට පොල්ගොල්ල විවෘත වී වසර 42ක් ගත වී අවසන් ය. ජනාධිපතිවරයා පසුගිය 8 වැනි දා මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩ අවසන් කර එදිනම පොල්ගොල්ල සැමරුම් උත්සවයට සහභාගි වන විට මහවැලියට වයස අවුරුදු 42කි. මීට දස වසරකට පෙර ලෙහෙසියෙන් ම මොරගහකන්ද අවසන් කිරීමට ඉඩ තිබුණි. ඒදා මෙදාතුර මේ රටේ සිදු වූවා යැයි වාර්තා වන නාස්තිකාර වියදම්, අක්‍රමිකතා, දූෂණ එකිනෙකාගේ සාක්කුවලට හොර රහසේ වැටුණු මුදල් දෙස බලන විට මේ රු. කෝටි 18100 ප්‍රශ්නගත මුදලක් නොවනු ඇත. එසේ වී තිබුණි නම් මේ වන විට රට සහලින් ස්වයංපෝෂිත වනු ඇත. එසේ ම රජරට ජනතාවගේ පානීය ජල ප්‍රශ්නයට විසඳුමක් ලැබී වකුගඩු රෝගය මේතරම් ව්‍යසනයක් නොවනු ඇත. මෙය ජාතියේ අවාසනාව නොව පංගු පේරු දේශපාලනය මේ රටට දායාද කළ අවාසනාවකි.

ප්‍රමාද වී හෝ මෛත්‍රී පාලනය යටතේ කඩිනම් වූ මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය නැවත අපට පසක් කර දෙන්නේ අපේ රටේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රමුඛතාවය හඳුනාගෙන තිබේ ද යන්නය. එසේ ම මෛත්‍රී කෙනෙක් නොසිටින්නට මෙන් ම මෛත්‍රීවන් සාමාන්‍ය පන්තියේ ගොවි පුතෙක් රජරටින් රටේ නායකත්වයට පත් නොවන්නට මොරගහකන්ද තවදුරටත් අඹන්ගහ මිටියාවතේ මිහිදුම් සිහින අතර දැවටෙන සුන්දර සිහිනයක්ම වනු ඇත.

වසන්ත ප්‍රිය රාමනායක

විශ්වාස භංගයක් ගෙනාවොත් තුනෙන් දෙකක බහුතරයෙන් පරදවනවා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළහොත් එය තුනෙන් දෙකක බහුතරය පාර්ලිමේන්තු ජන්දයකින් අන්ත පරාජයකට පත් කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Tuesday, January 09, 2018

2008 සිට අද දක්වාම සිදු වූ බැඳුම්කර වංචා අයකරගන්නවා - අගමැති


2008 වසරේ සිට මහබැංකු බැඳුම්කර වංචා සිදු වී ඇති බවත්” එමගින් අර්ථසාධක සේවා අරමුදලට අති විශාල හානියක් සිදු වී ඇති බවත් බැඳුම්කර කොමිසම හෙළිදරව් කිරීමෙන් පසුව” එම සියලූම මුදල් අයකර ගැනීම සඳහා නඩු පවරන්නට නීතිපතිවරයාට උපදෙස් දෙන බැව් පසුගිය දා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේය’ 

මහින්දගේ ආරක්‍ෂක රථය ත්‍රිරෝද රියක ගැටෙයි - 4ක්‌ රෝහලේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පසුගමන් ආරක්‍ෂක රථයේ නිලධාරීන් රාජකාරියක්‌ නිමකර ආපසු කොළඹ බලායමින් සිටියදී කඹුරුපිටිය කිරින්ද මාර්ගයේ මලාන කාන්තා වැඩිහිටි නිවාසය අසලදී විශේෂ කාර්ය බළකායට අයත් එම පසුගමන් ආරක්‍ෂක රථය ත්‍රිරෝද රථයක්‌ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් සිවුදෙනකු තුවාල ලබා ආඳපාන රෝහලට ඇතුළත් කර තිබේ.

රාජපක්ෂවරු හොරු නෙවෙයිලු - මර්වින් මහින්ද පිළට?

රාජපක්ෂවරු හොරු නොවන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

ඒ ඊයේ (08) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

මොරගහකන්ද ජලාශය මගින් රට සමෘද්ධිමත් වීමේ පදනම ගොඩනැඟෙනවා - ජනපති

මොරගහකන්ද ජලාශය රටේ අනාගතය සමෘද්ධිමත් වීමේ පදනම බවත් එමගින් ජාතික ආර්ථිකයට ලැබෙන දායකත්aවය අතිශය ප්‍රබල එකක්‌ වනු ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (08 වැනිදා) පොල්ගොල්ලේදී ප්‍රකාශ කළේය.

මොරගහකන්ද ජලාශය ජනතා අයිතියට පත් කරමින් "සාළිස්‌ වසරක මහවැලි අසිරිය" නමින් පොල්ගොල්ලේදී පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා එසේ කීය. 

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීය.

ජනාධිපති පත් කරන්න එජාපය කැප වුණද ඔහු පිළිබඳ අයිතිය එ.ජා.ප.යට නැහැ - දුමින්දගේ අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම අසමත් - පාලිත රංගේ බණ්‌ඩාර

ජනාධිපතිවරයා පත් කිරීමට එක්‌සත් ජාතික පක්‌ෂය කැප වූවද ඔහු පිළිබඳ අයිතිය එජාපයට නොමැති බවත් පාර්ලිමේන්තුවේ බලය ශ්‍රීලනිපය ඇතුළු තවත් පක්‌ෂ කිහිපයකට පැවරී ඇති නිසාවෙන් මේ පවතින ආණ්‌ඩුව පාණ්‌ඩු ආණ්‌ඩුවක්‌ ලෙස හැඳින්වීමේ කිසිදු වරදක්‌ නොමැති බවත් වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා පැවසීය.


මෙවැනි තත්ත්වයක්‌ තුළ ගමට උපරිම ප්‍රතිලාභ අත්කර දීම ගැටලුවක්‌ වී ඇති බවත් හෙතෙම සඳහන් කර සිටියේය.

ලසන්තගේ ඝාතකයන් වරදකරුවන් කරන්න රජය අවශ්‍ය සහාය දෙනවා - මංගල

ලසන්ත වික්‍රමතුංග ඝාතනය වසන් කිරීමට පසුගිය පාලනයේ රෙජීමය විසින් කොතෙක් කරුණු ගෙන ආවත්, කුමන බාධකයක් රජයට පැමිණියත් ඝාතකයින්ට සහ උදව් උපකාර කළ අයට අධි චෝදනා පත්‍ර ගොනු කිරීමටත් ඔවුන් නීතිය ඉදිරියේ වරදකරුවන් කිරීමටත් රජය නීතිපති දෙපාර්තමේන්තුවටත්, අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අවශ්‍ය සහය ලබාදෙන බව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

Monday, January 08, 2018

මොරගහකන්දෙන් නිල් දියවර මුදා හරී.

මොරගහකන්ද ජලාශයේ මංගල දිවයර නිකුත් කිරීම මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් සිදු විය.

මෙම ජලාශය පරාක‍්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් හය ගුණයක ජල ධාරිතාවක් දරනු ලබන අතර ජල ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ හැට දහසක් වෙයි.

ලසන්ත ඝාතනයට වසර නවයයි

‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ පුරෝගාමී කතුවර නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට (08) වසර නවයක් සපිරේ.

ගාලු කොටුවේ තත්ත්වය යහපත් අතට - රජයක් ලෙස හරි දේ කරනවා

ගාල්ල කොටුව ලෝක උරුම තත්ත්වයෙන් ඉවත්වීමේ අවධානම පහව ගොස් ඇති බවත් එයට හේතුව රජය යුනෙස්කෝ කොන්දේසි නිසි ලෙස ක්‍රියාත්මක කිරීම බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ (07) ගාල්ලේ දී කීවේය. 

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල කොටුවේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි.

එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

Sunday, January 07, 2018

රාජගිරිය ගුවන් පාලම හෙට 08 ජනතා අයිතියට

2016 වසරේ අපි්‍රයෙල් මස 19 දින ඉදිකිරීම් ආරම්භ කල රාජගිරිය ගුවන් පාලම මාස 32 ඇතුලත ඉදිකිරීම් අවසන් කිරීමට යෝජනා වී තිබුණි. නමුත් එය  මාස 20 ක් වැනි කෙටි කාලයක් තුලදී සම්පූර්ණයෙන්ම ඉදිකිරීම් අවසන් කිරීමට හැකියාව ලැබී ඇත. එලෙස ඉදිකිරීම් අවසන් කල රාජගිරිය ගුවන් පාලම, ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිවූ දීර්ඝතම ගුවන් පාලම ලෙස හෙට දිනගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

නිදහස් සමරු උළෙලේ ප්‍රධාන ආරාධිතයා බ්‍රිතාන්‍ය රජ පවුලේ කුමරෙක්

පෙබරවාරි 04දාට යෙදෙන ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සමරු උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස බ්‍රිතාන්‍යයේ මහ රැජිනගේ පුතනුවකු වන එඩ්වඩ් කුමරු සහභාගී වන බව ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ජේ්‍යෂ්ඨ නිලධාරියකු පවසා ඇතැයි "සන්ඩේ ටයිම්ස්" පුවත්පත වාර්තා කරනවා. එඩ්වඩ් කුමරු වෙසෙක්ස්හි අර්ල්වරයා වනවා.

රවි කරුණානායකගේ බ්ලූමැන්ඩල් පාතාලයෙන් කැබිනට් ඇමතිවරුන්ට මරණ තර්ජන

හිටපු ඇමති රවි කරුණානායක සමග හිතවත්කම් පවත්වන පාතාල මැරයන්ගෙන් තමනට ජීවත තර්ජන ඇති බවට ඇමති මනෝ ගනේෂන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දන්වා ඇත.

එනිසා තමනට විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව ලබා දෙන්නැයි ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර මේ වන විට ඔහුට එම ආරක්‍ෂාව ලබා දී තිබේ.

අර්ජුනගේ බෑනාගේ සමාගමේ කෝටි 1200 ක් තහනම්!

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහ බැංකුවේ සුරැකුම්පත්වල හා වෙනත් මූල්‍ය අංශවල ආයෝජනය කර තිබෙන රුපියල් කෝටි 1000ක (රුපියල් බිලියන 10ක) පමණ මුදල් නිදහස් නොකර රඳවාගෙන ඇතැයි දේශයට වාර්තා වේ.

ලලිත් ඇතුළත්මුදලි දියණියගේ ප්‍රසංශාව ජනපති මෛත්‍රීට

කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතාගේ සහ ශ්‍රීමණි ඇතුළත්මුදලි මහත්මියගේ දියණිය වන සරලා ඇතුළත්මුදලි මහත්මිය අද (06දා) දහවල් ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් අපේක්ෂා කළ සහ ජාතිය ගොඩනංවන පුළුල් මෙහෙවරක් උදෙසා කැපවන්නට සිටි තම පියාගේ දේශපාලන ගමන් මහ මෙහිදී සිහිපත් කළ සරලා අතුළත්මුදලි මහත්මිය අද ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ස්ථාපිත කරමින් ලෝකයේ පිළිගත් රාජ්‍යයක් ලෙස ඉදිරියට ගෙනයාමට ජනාධිපතිවරයා ඉටුකරන මෙහෙවර පිළිබද සිය ප්‍රශංසාව පළ කළ බවද මාධ්‍ය අංශය සඳහන් කරයි. 

යහපාලන ඇමැත්තෝ දේශපාලනය වෙනුවෙන් යාලත් මසට විකුණයි

යාල ජාතික වනෝද්‍යානයට දිනකට ඇතුළු විය හැකි සෆාරි ජීප් රථ ගණන 600 දක්වා ඉහළ දැමීමට රජය එකඟ වී ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ඩබ්ලිව්.එම්.ඩී. වන්නිනායක මහතා කියා සිටියේ මින් පෙර දිනකට වනෝද්‍යානයට ඇතුළු විය හැකි වාහන සංඛ්‍යාව 500ක් වූ අතර, එය උදය වරුවේ වාහන 250ක් සහ සවස් කාලයේ වාහන 250ක් ලෙසින් සීමා කර තිබූ බවයි.

මේ නිසා බොහෝ සංචාරකයන් හරවා යැවුණු අතර, මේ හේතුවෙන් ජනපති, අගමැති සහ වන සංරක්ෂණ ඇමතිවරයා වෙත ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම යෝජනාව කර තිබූ අතර, ඒ අනුව මෙම තීරණය ගෙන තිබිණි.

MSME හා එක්ව සතොස ශාඛා 8000ක සැලසුමක්

පෞද්ගලික අංශය සතු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ (MSME) වෙළෙඳ ව්‍යාපාර සමග සහයෝගීතාවක් ඇති කරගනිමින් සතොස අලෙවි සැල් ජාලය 8,000 දක්වා ග්‍රාමීය ප්‍රදේශ කරාද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ.