BREAKING NEWS
latest

728x90

468x60

Friday, January 19, 2018

ධනුෂ්ක රාමනායක Neth FM එකට ඇවිත් රුපියල් 90,000ක් අරන් ගෙදර ගිය හැටි - වීඩියෝ

මැතිවරණ අපේක්ෂකයින්ගේ IQ මැන බලන, නෙත් එෆ්.එම් POLITICAL IQ අභියෝගය භාරගත් -ධනුෂ්ක රාමනායක පසුගියදා (15) පැවති තරඟයට සාර්ථකව මුහුණ දී රුපියල් 90,000 ක මුදලක් ජයග්‍රහනය කලා.

එම වීඩියෝව පහතින්
 

ගම දිනන ආණ්ඩුව හදන්නට මහනුවරට ජන ගඟක්.

2018 පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ සමාරම්භක ජන රැළිය අති විශාල ජනසහභාගීත්වයකින් මහනුවර පොදු වෙළඳපෙල අසලදී ඊයේ (18) දින පැවැත්විණි.


එක්සත් ජාතික පක්ෂ නායක, ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවති රැළිය සංවිධානය කරනු ලැබුවේ මහනුවර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා විසිනි.

පොහොට්ටුවත් හරියට බොම්බයි මොටයි වගේ” - ඇමැති රාජිත එ.ජා.ප මංගල රැළියේ දී කියයි

පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රථම මැතිවරණ ප්‍රචාරක රැළිය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන්වයෙන් මහනුවර පොදු වෙළෙදපොල භුමියේ දී අද (18) පස්වරුවේ පැවැත්විනි. එම රැස්වීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද එක්ව සිටියේය.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “2015 ජනවාරි 08 මහනුවර මැතිවරණ වේදිකාවට මම පැමිණියේ පසුගිය රජය පෙරළා දැමීම සදහායි. එදින වත්මන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග අපි ආවේ රාජ්‍ය බලය ලබාගැනීම සදහායි. අද දින අග්‍රාමාත්‍යවරයා සමග අපි එන්නේ ගමේ බලය ලබාගැනීමටයි. කන්ද උඩරට ජනතාව පෙබරවාරි මස 10 වන දා එම බලය එක්සත් ජාතික පක්ෂයට ලබාදෙනවා. පසුගිය රජය සමයේ රට තුල පැවැතියේ ශෝචනීය තත්ත්වයක්. එදා මනුෂ්‍ය ඝාතන, වංචා දුෂණ සිදු කළ පිරිස් එම මුදල් අරගෙන අද බලය ලබාගන්න ඔබ වෙත එනවා. නමුත් ඔවුන්ට පාඩමක් ඉගැන්වීමට ජනතාව සුදානමින් සිටිනවා. වත්මන් රජය මොනවද කළේ කියලා කවුරුත් අහනවා. මේ තරම් රටට විශාල වැඩකොටසක් ඉටු කළ රජයක් වෙනත් නැහැ. කොළඹ සිට මහනුවර දක්වා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරමින් පැයක කාලයක් තුල මහනුවරට පැමිණීමට අවස්ථාව උදා කිරීමට රජය සුදානම්. පාසල් දරුවන්ට රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීම, රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් ඉහළ නැංවීම, විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතාවය නැති කිරීම, සරසවි අධ්‍යාපනය පුළුල් කිරීම සහ පහසුකම් ලබාදීම, ග්‍රාමීය මාර්ග සංවර්ධනය, අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල අඩු කිරීම වැනි සේවාවන් රැසක් රජය විසින් ඉටු කර තිබෙනවා. ඉදිරියේ දී තවත් සහන රැසක් ලබාදීමට මේ රජය සුදානම්.”

“සෞඛ්‍ය සේවාව අතින් ගත් විට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කරමින් විවිධ වෙළෙද නාම ඖෂධ වර්ග 400 ක පමණ මිල අඩු කර තිබෙනවා. නොමිලේ ස්ටෙන්ස් ලබාදීම, නොමිලේ අක්ෂි කාච ලබාදීම, පිළිකා රෝගීන්ට ජිවිතාන්තය දක්වා නොමිලේ ප්‍රතිකාර කිරිම වැනි සේවාවන් ද ඊට ඇතුලත්. නමුත් වර්තමානයේ අහන්නේ පොල් බෑය කීයද කියලයි. පොල් පරිභෝජනය කරන අපට අමාරු වුවත්, පොල් ගොවීන්ගේ ආර්ථිකය ඉහළ නංවා තිබෙනවා. සහන රැසක් ලබාදුන් රජයට බැදුම්කරය පදනම් කර ගනිමින් චෝදනා එල්ල කරනවා. පසුගිය රජයේ සිටි හොරු තමයි චෝදනා එල්ල කරන්නේ. එවැනි හොරු කන්ද උඩරටත් ඉන්නවා. කන්ද උඩරට ඉන්න හිටපු අමාත්‍යවරයෙකුගේ වත්කම් හෙළි කළේ ඔහුගේම බිරිද විසින්. අද අමාත්‍යවරයෙකුටවත් වංචා දුෂණ සිදු කර බේරෙන්න බැහැ. විවිධ චෝදනා එල්ල වන විට රවී කරුණානායක මහතා පවා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වුනා. මම කියන්න කැමැතියි බැදුම්කර කොමිසමෙන් එක්සත් ජාතික පක්ෂයට හා අග්‍රාමාත්‍යවරයාට සහතිකයක් ලැබුන බව. ලංකාවේ ලොකුම මුල්‍ය වංචාව සිදුව ඇත්තේ පසුගිය රජය සමයේයි. 

ඒ රජය සමයේ සිදුව ඇති බැදුම්කර වංචාවල වටිනාකම රුපියල් බිලියන 4000 ක් වනවා. ඒ පිළිබදව සොයා බැලීමට විශේෂඥයින්ගෙන් යුත් කොමිසමක් ජනාධිපතිවරයා විසින් පත් කරනවා. මම කියන්න කැමැතියි වසර 2020 වනවිට රාජපක්ෂලාගේ ලිපිනය තිබෙන්නේ වැලිකඩයි. ලියුම් දාන්න අය ඉන්නවා නම් වැලිකඩට යොමු කරන්න. පසුගිය රජය සමයේ සිදු වූ වංචා දුෂණ සෙවීමට අපි ප්‍රමාද වුනා. නමුත් 2018 වසරේ දී සියලු සොරකම් වල තොරතුරු එළියට එනවා. රණවිරු රාජපක්ෂ මේ වන විටත් විදේශගත වෙලා. ඩුබායි බැංකු ගිණුම්වල ඇති ගිණුම්වල වටිනාකම් සහ අනෙකුත් තොරතුරු සොයාගෙන තිබෙනවා. මෙම පරීක්ෂණ ප්‍රමාදවීම නිසා රාජපක්ෂලා දැන් වීරයෝ වෙලා. ජනතාවට අවශ්‍ය සෑම සහනාධාරයක්ම ලබාදීමට රජය සුදානම්. ඒ සදහා එක්සත් ජාතික පක්ෂයට ජනවරම ලබාදෙන්න. මෙම සුන්දර මැතිවරණ ක්‍රමය ආරක්ෂා කරන්න. එය ඔබට ලබාදුන්නේ මෛත්‍රී රනිල් පාලනයයි. පිපෙන්නේ නැති පොහොට්ටුව බලන්න කණ්නාඩි 10 ක් විතර දාන්න ඕනි. කණ්නාඩි 10 ක් දැම්මත් එය පේන්නේ නැහැ. පොහොට්ටුව පක්ෂය හරියට බොම්බයි මොටයි වගේ. මෙම රජය වසර 2020 දක්වා රට පාලනය කරනවා. ඉන් පසු පැවැත්වෙන මැතිවරණයෙන් ජයගෙන අපි වසර 2025 දක්වා ද රට පාලනය කරනවා.” යැයි ද වැඩිදුරටත් පැවැසීය.

ජයම් විජයරත්නම් අනුස්මරණ රෝහලට මුල්ගල

ජයම් විජයරත්නම් අනුස්මරණ රෝහලට මුල්ගල් තැබීමේ උත්සවය නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානිත්වයෙන් අද දින(18) රාගමදී පැවැත්වුණි.

රාජපක්ෂ මිනීමරු යුගයේදී දේශපාලන ඝාතන මෙන්ම පවුලේ එදිරිවාදිකම් මත ඝාතන විශාල රාශියක් සිදුවෙලා - ජනපති


ගිය ආණ්ඩුවේ මෙන්ම මේ ආණ්ඩුවේද දූෂිතයන්ට එරෙහිව සිය දෙවැනි මෙහෙයුම ආරම්භ කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා (17) ඇල්පිටියේදී ප්‍රකාශ කළේ 2015 ජනවාරි 8 වන දින එවක පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් සිය ජීවිතය පවා පරිත්‍යාග කිරීමට නොමසුරුව ඔහු හා රාජපක්ෂ රෙජීමයේ මෘග පාලනය අවසන් කිරීම වෙනුවෙන් පාරට බැස අපේ රටේ මිනිසුන්ගේ ඇඟට අලුත් පණක් දෙමිනි.

රාජපක්ෂ කාලයේදී සිදුකරන ලද ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ සාර්ථක ලෙස සිදුකරගෙන යෑමත් එම පරීක්ෂණ වලට දේශපාලන බලාධිකාරියෙන් එල්ලවන බාධාවන්ට සිය අප්‍රසාදය පළ කර ජනාධිපතිවරයා සපථ කර සිටියේ සාධාරණ සමාජයක් වෙනුවෙන් සිය නොනවතින මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි.

බැඳුම්කරයට හවුල් නම් එජාප අයටත් දඬුවම් - අගමැති කියයි : වීඩියෝ

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම අයථා ලෙස උපයාගෙන ඇති මුළු මුදලම රජයට ලබාගත හැකි නිසා රජයට කිසිදු අලාභයක්‌ සිදු නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18 වැනිදා) විශේෂ ප්‍රකාශයක්‌ කරමින් සඳහන් කළේය.

එම ප්‍රකාශය මෙසේය.

බැඳුම්කර චෝදනා පාපිස්‌ස යටට දැම්මේ නෑ

අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි. පක්‌ෂ පාට තනතුරු කුමක්‌ වුණත් දූෂිතයන්ට දඬුවම් ලබා දෙන්නයි. බලයට පත් වී ටික කලෙකින් බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ චෝදනාවක්‌ නැගුණා. අපි එය පාපිස්‌ස යටට දැම්මේ නෑ. 

Thursday, January 18, 2018

FIRE AND FURY හෙළි කරන ට්‍රම්ප් චරිතය

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන ලියවී ඇති FIRE AND FURY කෘතියෙහි ඔහුගේ මැක්‌ඩොනල්ඩ්ස්‌ ආහාර කෙරේ ඇති රුචිකත්වය ගැන සඳහන් ව ඇත. ඔහු රාත්‍රියේදී මැක්‌ඩොනල්ඩ්ස්‌ ආහාර වේලක්‌, ඔහුගේ සයනයේදීම ගන්නා බව එහි වැඩිදුරටත් සඳහන්ව ඇත.

ඔහුගේ බාලම දියණිය ටිෆ්නි, TMC ඡායාරූප ශිල්පියකු fire and fury පොත ගැන කළ විමසීමකදී පවසා ඇත්තේ එම පොතෙහි සඳහන් වන අන්දමට මැක්‌ඩොනල්ඩ්ස්‌ ආහාර ගත හැකි නම් ඔහු වඩා සතුටු විය හැකි බවය . 

පොතේ සඳහන්ව ඇත්තේ ඔහු දිනපතා මැක්‌ඩොනල්ඩ්ස්‌ ආහාර වේලක්‌ සයනයෙදී ආහාරයට ගන්න බව නොව , ඇතැම් විට ඔහු සායනයේ හිඳ හැම්බර්ගයක්‌ ආහාරයට ගන්නා අතර රුපවාහිනි නාලිකා තුනක්‌ නරඹන බව යයි ටිෆ්නි පවසා සිටී. ඇය පවසන්නේ මෙම වාර්තාකරු තොරතුරු පටලවා ගෙන ඇති බවය. 

මුලතිව් ඡන්ද අපේක්‌ෂකයෙක්‌ තමන්ගේ කුඹුරට බලෙන් ඇළක්‌ කපලා

දෙමළ ජාතික සන්ධානයෙන් මෙවර මුලතිව් පළාත් පාලන ආයතනයකට තරග වදින අපේක්‌ෂකයකු මුලතිව් කුංජිකුලම ප්‍රදේශයේ අනුන්ට අයත් කුඹුරු ඉඩම් හරහා විශාල ඇළක්‌ තමන්ගේ කුඹුරුවලට කපමින් සිටින බවට වැසියන් පිරිසක්‌ පොලිසියට පැමිණිලි කොට තිබේ.

Wednesday, January 17, 2018

ජනාධිපති පුත් දහම් සිය උපන්දිනය සැමරුව හැටි මෙන්න


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමගේ පුත් දහම් සිරිසේන මහතා සිය උපන්දිනය අද සමරනු ලැබුවේ මීරිගම පිහිටි අපේ ළමයි ළමා රැකවරණ හා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේදීය. 


ඡන්දෙ කාලේ පොහොට්ටුවෙන් කියන බොරුවක් ගැන පොලිස් ඇමති හෙළි කරයි

පළාත් පාලන මැතිවරණය ආණ්ඩු පෙරළන, ජනාධිපති අගමැති මාරු කරන මැතිවරණයක් යැයි පවසනමින් ජනතාව මුළා කිරීමේ වැඩපිළිවෙලක පොහොට්ටු පක්ෂයේ අයවළුන් නිරතව සිටින බවත් ඔවුන්ගේ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී, වැඩක් කළ හැකි අවංක ගමේ නායකයන් ඡන්දයෙන් තෝරා පත් කර ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා එසේ කියා සිටියේ හබරාදූව ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින පොලිස් විවාහක නිවාස සංකීර්ණයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. මෙම නිවාස සංකීර්ණය නිවාස 192 කින් සමන්විතය.

ගම්මන්පිල අධිකරණයට කූට ලේඛණ දුන් බව බ්‍රයන් ෂැඩික්ගෙන් සාක්ෂි සහිතව ඹප්පු කරයි

තමා කිසිදු අවස්ථාවක තම ව්‍යාපාර කොටස්වල බලය පවරා උදය ගම්මන්පිලහට ඇටෝනි බලපත්‍රයක් නොදුන් බවත් විත්තිය අධිකරණයට ඉදිරිපත් කරන්නේ බොරු ලේඛන බවත් මිලියන විසි එකක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල හා ව්‍යාපාරිකයින්ට එරෙහි නඩුවේ සාක්කි දුන් ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් මහතා ඊයේ (16) පැවසීය.

විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ පිළිතුරු දෙමින් බ්‍රයන් ෂැඩික් මහතා මේ බව පැවසීය. කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව මහතා හමුවේ එම නඩුව විභාගයට ගැනේ.

ඡන්දය වෙනුවෙන් කසිප්පු ටිකක් පෙරාගන්න ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

තමන් කිසිදා කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක් කාර්යාලය පිටුපස දින දෙක තුනකට වරක් කසිප්පු වඩියක් දමා ගැනීමට අවසරයක් දෙන්නේ නම් එය තම මැතිවරණ කටයුතුවලට මහත් රුකුලක් බව ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීම සඳහා ගිය අවස්ථාවක ප්‍රධාන පෙළේ පක්ෂයක අපේක්ෂකයෙකු පොලිසියට පවසා තිබේ.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පවත්වාගෙන යන නීත්‍යනුකූල මැතිවරණ අපේක්ෂක කාර්යාලයක් පිටුපස නීතිවිරෝධී මත්පැන් පෙරීමක් වන බවට ‍පොලීසියට ලැබුණු තොරතුරක් මත ‍පොලිසිය අදාළ කාර්යාලයට ගොස් පරීක්ෂා කර තිබේ.

එහි ගිය ‍පොලිස් නිලධාරීන් මැතිවරණයට තරග වදින අපේක්ෂකයා හමුවී ඔහුට එරෙහිව කසිප්පු පෙරන බවට පැමිණිල්ලක් තිබෙන බව පවසා ඇත.

Tuesday, January 16, 2018

ජනපති කැබිනට්ටුවෙන් නැගිට යයි - අගමැති අතින් අල්ලාගෙන යලිත් කැදවාගෙන එයි.

එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු සිදුකර තිබෙන ප්‍රකාශවලට විරෝධය පළකරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පිටවගොස් ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

ලංකාවේ ප්‍රථම පුරපතිනියවීමට කොළඹ විජයග්‍රාහී සටන රෝසි අරඹයි.

 
ලංකාවේ ප්‍රථම පුරපතිනිය පත් කෙරෙන මට්ටමේ අත්දැකීම් සහිත සේනානායක මහත්මිය ආර්ථීකය, පරිසරය, නූතන ඉදිකිරීම්, නවීන ජීවන රටා ආදි සියල්ල පිළිබඳව මනා පරිචයක් ඇති අති දක‍ෂ කාන්තාවක් වශයෙන් පිලිගැනේ.

පොල්ගහවෙල ගුවන් පාළම 17 දා ජනතා අයිතියට

ශ්‍රී ලංකාවේ ඇති දුම්රිය ස්ථාන අතරින් පොල්ගහවෙල දුම්රිය ස්ථානයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ප්‍රධාන මාර්ගයේ උඩරට දක්වා ගමන් කරන දුම්රියත් උතුරු මැද සහ නැගෙනහිර පළාත දක්වා ගමන් කරන දුම්රියත් වෙන් වන්නේ  පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදීය. දිනකට මන්දගාමී දුම්රිය ගමන්වාර 76 ක් ගමන් කරන බැවින් පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසල පොල්ගහවෙල කෑගල්ල මාර්ගය දිනකට    පැය 3කට ආසන්න කාලයක් වසා තබයි. 

දෙහිඅත්තකණ්‌ඩියෙන් ශ්‍රීලනිපය විසිවෙයි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

අම්පාර දිස්‌ත්‍රික්‌කයේ දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රාදේශීය සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් තරග කිරීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය භාරගැනීම ප්‍රතික්‍ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයක්‌ පැවැත්වීමට නියම කරන්නේ නැතිවම ශේ්‍රෂ්ඨාධිකරණය ඊයේ (15 දා) නිෂ්ප්‍රභ කළේය. 

පෙත්සමේ පදනමක්‌ නැති බවත් විභාග කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු උසාවියට ඉදිරිපත් කර නැති බවත් ශේ්‍රෂ්ඨාධිකරණය සඳහන් කළේය.

දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රාදේශීය සභා මැතිවරණයට භාර දුන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්‍ෂේප වී තිබුණේ හේතූන් 2 ක්‌ මතය.

එම නාමයෝජනා පත්‍රය පක්‍ෂයේ බලය ලත් නියෝජිතයා විසින් අම්පාර දිස්‌ත්‍රික්‌ මැතිවරණ නිලධාරියාට භාර නොදීම පළමුවැන්නයි.

පුංචි ඡන්දයේදී පක්‌ෂපාති වුණොත් පොලිසියට වැඩ වරදී


පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ නීති ක්‍රියාත්මක නොකරන සහ පක්‌ෂපාතීව කටයුතු කරන පොලිස්‌ නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා  පැවසීය. 
 
 මැතිවරණ නීති ක්‍රියාත්මක නොකරන සහ පක්‌ෂපාතීව රාජකාරී කරන පොලිස්‌ නිලධාරීන් පිළිබඳව තොරතුරු වෙතොත් තමන් වෙත හෝ පොලිස්‌ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වෙත දැනුම් දෙන ලෙස ද පොලිස්‌පතිවරයා ඉල්ලා සිටී.
 

අත්අඩංගුවට ගත් කොකේන් ප්‍රසිද්ධියේ විනාශ කෙරේ

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 928 ක්‌ ප්‍රසිද්ධියේ විනාශ කිරීම ඊයේ (15 දා) පෙරවරුවේ කටුනායක ආයෝජන ප්‍රවර්ධන මණ්‌ඩල පරිශ්‍රයේදී සිදු විය.



 ජනපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක, ඇමැතිවරුන්වන තලතා අතුකෝරල, රංජන් රාමනායක, පියසේන ගමගේ, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු, මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ අධ්‍යක්‌ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි යන මහත්ම මහත්මීන්ගේ හා තවත් විශාල පිරිසකගේ නිරීක්‌ෂණය යටතේ මේ කටයුත්ත සිදු කරන ලදී. 

'අපේ පිහිටෙන් ජනාධිපති වෙලා අපිටම කෙළිනවා' - මරික්කාර්.

"දැන් මේගොල්ලො හිතන් ඉන්නෙ මහින්ද රාජපක්ෂගෙන් ආප්ප කාලා ඇවිල්ලා මහින්ද රාජපක්ෂට කෙළියා වගේ අපේ පිහිටෙන් ජනාධිපතිවෙලා ඊළඟ ඡන්දෙදි අපට කෙළින්න" යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ගොතටුව මාණික්කමුල්ලේ පැවැති ජනහමුවකදී පැවැසීය.

විජේදාසගේ ආරක්ෂාව ඉවත් කරලා ?

හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරීන් හත්දෙනාගෙන් පස්දෙනෙකු ඉවත්කර ඇතැයි වාර්තා වේ.

පොලිස්පතිවරයාගේ නියෝගයක් පරිදි අදාල පිරිස ඉවත් කර ඇති බව පැවසේ.

ලංකා සිතියම වසර 18කට පසු අලුත් වෙනවලු

ශ්‍රී ලංකාවේ භූගෝලීය සිතියම වසර 18කට පසු අලුතින් සකස් කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 

ඒ අනුව නව ශ්‍රී ලංකා සිතියම 1: 50000 පරිමාණයේ සිතියම් 92කින් සමන්විත වේ. එයින් සිතියම් 65ක කටයුතු දැනටමත් අවසන් කර ඇති අතර ඉතිරි සිතියම් 27හි කටයුතු ඉදිරි මාස කිහිපය තුළ සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව රජයේ මිණුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා පැවසීය. 

නීතිපති, Benz එකකට ව්‍යවස්ථාව වෙනස් කරන්න හදලා?

ජනාධිපති ලේකම් කාර්යාලය මැදිහත්වීමෙන් නීතිපති ජයන්ත ජයසූරිය මහතාට හයිබ්‍රිඩ් බෙන්ස් රථයක් පාවිච්චිය සදහා ලැබී ඇතැයි වාර්තා වේ.

නීතිපතිවරයා මෙතෙක් භාවිතා කරමින් සිටි මෝටර් රථය නීතීපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ලිවේරා මහතාට ලබා දී ඇතැයි ද වාර්තා වේ.

SLT අධිතාක්ෂණයෙන් සමන්විත දත්ත ගබඩා කිරීමේ මධ්‍යස්ථානයක් පිටිපන දී විවෘත වේ - ඉන්දියාව සමග ඩිජිටල් තාක‍ෂණය පිලිබඳ වැදගත් ගිවිසුමක්.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ගරු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් SLT ආයතනය මහින් අධිතාක්ෂණයෙන් සමන්විත දත්ත ගබඩා කිරීමේ මධ්‍යස්ථානයක් පිටිපන දී විවෘත කරන ලදී. මෙම අවස්ථාවට ආරාධිතයා ලෙස ඉන්දීය නීතිය,සාමය සහ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්‍ෂණ ගරු අමාත්‍ය රවි ශංකර් ප්‍රසාද් මහතා ද සහභාගි විය.

Monday, January 15, 2018

ජනපති මෛත්‍රීගේ ධූර කාලය අවුරුදු 5යි - 2020 අගෝස්තු 17 දිනෙන් අවසන්

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද මත විමසුම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එකී ධූර කාලය වසර 5ක් වන බව දැනුම්දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය ඊයේ (14) සවස ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම තීරණය පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවකි. මීට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය සිදුකරන ලද්දේ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ සහ කේ.ටී. චිත්‍රසිරි යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.

ආයුධ තොගයක්‌ ළඟ තබාගත් කරන්දෙණිය හිටපු උප සභාපතිගේ සොහොයුරා දැලේ

කරන්දෙණිය, කොටවෙල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී බෝර 12 තුවක්‌කු 2 ක්‌, පෑනක ප්‍රමාණයේ විදේශීය රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්‌තෝලයක්‌ හා මිලි මීටර් 9 වර්ගයේ උණ්‌ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත පිස්‌තෝලයක්‌ සමග සැකකරුවකු ඊයේ (14 දා) අලුයම පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (15 දා) ඇල්පිටිය මහෙස්‌ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැටවෙල, කරන්දෙණිය ලිපිනයේ පදිංචි ඩොනල්ඩ් කුමාර රණවීර (36) නමැති අයයි. සැකකරු කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හිටපු උප සභාපතිවරයාගේ සහෝදරයකු බවද කරන්දෙණිය පොලිසිය කියයි.

පෞද්ගලික ගවන්යානයකින් ගිය මහින්දගේ ජීවිතය අනු නමයෙන් බේරේ

ඊයේ (14දා) යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ තෛපොංගල් උත්සවයකට සහභාගි වීමට ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් ගිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතාගේ ජීවිතය බේරී තිබෙන්නේ වාසනාවකටය.
මෙය ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් ගවන් යානයකින් ගමන් ගත්තේ යැයි අන්තර්ජාල පුවත් සේව වාර්තාකොට ඇත . නමුත් ගොසි්ප්99 අප ගුවන් හමුදාවේ ඉහල නිලධාරියකුගෙන් විමසීමකදී මහින්ද අමරවීර මහතාගේ චාරිකාවක් සදහ ඊයේ දින ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් වෙන් කර නොතිබුණු බවයි.  ඒ පිළිබදව ගොසිප්99 අප කල සොයාබැලීමකදී මෙලෙස අමාත්‍යවරයා ඇතළු පිරිස ගමන්  කොට   ඇත්තේ සකුරායි (SAKURAI AVIATION) නැමති සමාගමට අයත් යානයකින් බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කෙරින.

ජී.එල්. කපා බැසිල් පෙරට

මැතිවරණ උණුසුමින් සෙසු පක්ෂ පෙරට යන වටාපිටාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ අභ්‍යන්තර මතගැටුම් හටගෙන ඇති ස්වරූපයක් දක්නට ඇතැයි වාර්තා වේ.

කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ පිරිස් විසින් නව පක්ෂය තම දේශපාලනයේ අරමුණු ඉටුකර ගැනීමට වාහනයක් ලෙස යොදාගන්නා ආකාරය පිළිබඳ පක්ෂයේ සෙසු පිරිස් කලකිරී ඇතැයිද වාර්තා වේ.

පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අබිබවා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා නව පක්ෂය මෙහෙයවීම ආරම්භ කිරීම, රාජපක්ෂ පවුලේ උදවියගේ දැඩි බලපෑමක් ඊට එක් කිරීම මේ ගැටුම්වලට මුල් වී ඇත.

ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 යි - ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනපති ධූර කාලය වසර 5 සීමා වන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති ලේකම්කාර්යාලය වෙත ඊයේ දැනුම් දී ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.

ලොකු හාමුදුරුවන්ගේ පිය සෙනෙහස

සමහර වචනවලට, අදහස්වලට ඇස්වල කඳුලු හොලවන්නත් හිත සොලවන්නත් පුළුවන්.


ඒ තරමටම සමහර වචන අදහස් හදවතට දැනෙනවා.

ඒ විදිහට ඡායාරූප පෙලකට ලියවුණු ලස්සන අදහසක් අපිට හමුවුණා.

හම්බන්තොට වරායේ දෙවන කොටස් මුදලත් ශ්‍රී ලංකාවට

හම්බන්තොට වරාය ආයෝජනයේ දෙවන කොටස් මුදල ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 97 යි දශම 365 ක මුදලක් චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් සමාගම විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රකාශ කරයි.

බැඳුම්කර සිදුවීම එක් නිලධාරියෙක් කළ වරදක්. යථාර්ථය තේරුම් ගන්න

බැඳුම්කර සිදුවීමේදී එක් නිලධාරියෙක් කළ වරදක් බවත්, එයට වැරදි අර්ථකථන දීම මගින් සමස්ත ආණ්ඩුවට පහරදීම ඉතාම අසාධාරණ බවත් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.


බැඳුම්කර කොමිසම පෙන්වා දෙන පරිදි බැඳුම්කර සිදුවීම් පෙළ ආරම්භ වන්නේ 2008 වසරේදි බවත් එදා පටන් 2015 දක්වා ආණ්ඩුවට බිලියන 4000ක් පාඩු සිදුවී ඇති බවත් අමාත්‍යවරයා

Sunday, January 14, 2018

අගමැතිගේ නීතිපති දෙපාර්තමේන්තුව, සාගලගේ පොලීසිය ජනාධිපති පවරාගනී..?

පෙබරවාරි 10 වැනි දින පැවැත්වීමට නියමිත පළත් පාලන මැතිවරණයෙන් පසු කැබිනට් සංශෝධනයක් සිදු වීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පලවෙමින් ඇත.

බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාව මෙම 17 වනදා පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුතත්වයද අධ්‍යනය කරමින් මෙම කැබිනට් සංශෝධනය සිදු කරනු ඇතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.

හොරුන්ට දඬුවම් නොදුන්නොත් මං ඉල්ලා අස්වෙනවා

බැදුම්කර කොමිසමේ වාර්තාව මගින් චෝදනා එල්ල වන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කර අදාල ක‍්‍රියාමාර්ග ගත යුතු යයි නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා පවසයි.


එසේ නොකරන්නේ නම් තමන් තව දුරටත් එක්සත් ජාතික පක්‍ෂයේ නොසිටින බවද ඔහු සදහන් කරයි.

කෑගල්ල ජන රැලියේදී මහීපාල මහින්ද සමග එක්වෙයි


ඒකාබද්ධ පොදු ජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කරන ජන රැලි මාලාවේ තවත් ජන රැළියක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නගරයේදී පැවැත්විණි. 

ඌවේ මහ ඇමැත්තා තමා මැට්‌ටා බව රටට කියු හැටි

ආනන්ද සරත් කුමාර වයඹ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකි. දැනට වසර කිහිපයකට ඉහතදී ඔහු නවගත්තේගම ඉසුරු පාසලේ විනය භාර ගුරුවරිය වූ ප්‍රියානි සුසිලා හේරත්ව පාසල තුළදී දණ ගැස්‌වූවේය. එලෙස දණ ගැස්‌වීමට හේතු වූයේ එම මන්ත්‍රීවරයාගේ දියණියගේ ගවුමේ වාටිය ලිහා ගවුම දික්‌ කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්‌වීමක්‌ දුරදිග යැම හේතුවෙනි. 

එලෙස නීතිය අතටගෙන චණ්‌ඩිපාට්‌ දැමූ මන්ත්‍රීවරයාට අවසානයේ සිදු වූයේ එම ගුරුවරියගෙන් සමාවත් රැගෙන නීතියෙන්ද දඬුවම් විඳීමටයි. ඒ සමඟම ඔහුගේ දේශපාලන ගමනද අඩාල විය.

එම සිදුවීම සිදුවී වසර කිහිපයකට පසු යළිත් එවැනිම ආකාරයේ සිදුවීමක්‌ අපට අසන්නට ලැබිණි. ඒ ඌව පළාතෙනි. මෙවර එලෙස ගුරුවරියක්‌ දණ ගැස්‌වීමේ චෝදනාවට ලක්‌ව ඇත්තේ ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත්ය.

පිටකොටුව ඕ අයි සි මඩකලපුවට මාරු

කොළඹ පිටකොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි මඩකලපුව පොලිස් ස්ථානය වෙත මාරුකර යවා තිබේ.

පළාත් සභා සටනට ශ්‍රීලනිප-පොහොට්ටු හවුලක්

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව කණ්ඩායම) එක්ව පොදු ලකුණකින් තරග කිරීම ගැන සාකච්ඡාවක් ආරම්භ කර ඇත.