BREAKING NEWS
latest

728x90

468x60

Saturday, January 27, 2018

හොරකම් වහන්න චෞර ප්‍රභූ සන්ධානයක්‌ බිහිවෙලා - මට එදත් න්‍යාය පත්‍ර නෑ අදත් න්‍යාය පත්‍ර නෑ

මේ ආණ්‌ඩුව තුළ තමා යන්නේ අසීරු ගමනක්‌ බවත් දූෂණයට එරෙහිව කුමන අභියෝග පැමිණියත් ඊට මුහුණ දෙන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26 දා) ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හා කර්තෘවරුන් හමුවූ අවස්‌ථාවේදීය.

මාධ්‍ය ප්‍රධානීන් හා කර්තෘවරුන් හමුවේ වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

පසුගිය අවුරුදු දහයේදී ශ්‍රී ලංකාව රුපියල් ට්‍රිලියන දහයක විදේශ ණය අරන් තියෙනවා. නමුත් මෙයින් වත්කම් ලෙස පෙන්විය හැක්‌කේ ට්‍රිලියනයක්‌ පමණි. මෙය පුදුමාකාර තත්ත්වයක්‌. සංවර්ධන, චංචල සහ නිශ්චල දේපළ රාජ්‍ය වත්කම් හෝ ජනතා සුභසාධනය සඳහා ඉතිරි ට්‍රිලියන නවයක මුදල වැය කළ බවට කිසිදු ලිපි ලේඛණයක්‌ මුදල් අමාත්‍යංශය සතුව නැහැ. 

ඡන්ද ළං වන විට මගේ පවුලේ අයට නඩු දාන්න ආණ්‌ඩුවට මතක්‌ වෙනවා - මහින්ද රාජපක්‌ෂ

"ඡන්දයක්‌ ළං වුණාම මටයි මගේ පවුලෙ අයටයි නඩු දාන එක ගැන කියවනවා. මේ ආණ්‌ඩුව කරපු දෙයක්‌ නැහැ. මොනවා කිව්වත් රටේ ජනතාව දන්නවා රටට යමක්‌ කළේ කවුද කියලා" යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා 'දිවයින' ට ඊයේ (26 වැනිදා) පැවසීය. 

දූෂණයට-භීෂණයට යළි හැරෙනවාද ජනතාව තීරණය කළ යුතුයි

සුදු වෑන්-ග්‍රීස් යක්කු නෑ
අාණ්ඩුව විෙව්චනය කළාට හිෙර් දාන්නේ නෑ
මාධ්‍යවේදීන් ඝාතනය කරන්නේවත් පැහැරගෙන කරන්නේවත් නෑ

ගත වුණු වසර තුනේ දී රටේ ක්‍රමිකව ගොඩ නැඟුණු ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ශක්තිමත් කිරීම උදෙසා ඉදිරියට ගමන් කරනවා ද නැතිනම් එම අයිතීන් බිඳ දමා ගනිමින් දූෂණය සහ භීෂණය වෙත ආපසු හැරෙනවාද යන්න ජනතාව තීරණය කළ යුතු බව මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

වතුර ඉල්ලා හඬ නැ‍ඟූ පිරිස වෙඩි තබා ඝාතනය කිරීම, සුදු වෑන් සහ ග්‍රීස් යකුන් සංස්කෘතිය, ආණ්ඩුවේ දේශපාලනඥයන් විවේචනය කරන අය හිරේ දැමීම, මාධ්‍යවේදීන් ඝාතනය සහ පැහැරගෙන යෑම, මාධ්‍ය ආයතනවලට පහර දිම සහ ගිනි තැබීම සිදු කරමින් පුරවැසියන් මත පටවන ලද බලහත්කාරය සහ දූෂිත පාලනය 2015 ජනවාරි 8දා බිඳ වැටීම අතර ගැඹුරු සම්බන්ධයක් පවතින බවද නිවේදනයක් නිකුත් කරමින් ඇමැතිවරයා පෙන්වා දෙයි.

Friday, January 26, 2018

කාන්තාවන්ට බොන්න ඇයි තහනම් - මංගලගේ මත්පැන් ගැසට්ටුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි

මාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2018 / 01 / 10 දින ඉදිරිපත් කල ගැසට්ටුව ජනාධිපතිවරයාගේ බලපෑම් මත නැවත අහෝසි කිරීම සහ එමගින් සිය මූලික අයිතිවාසිකම් කඩ වීමට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම නීතීඥ සුපුන් විශ්වබුද්ධි හේවාගමගේ සහ නීතීඥ ලක්ෂාන් ඩයස් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද දින ගොනුකර ඇත.

මංගල සමරවීර අමාත්‍යවරයා, සුරාබදු කොමසාරිස්වරයා, නීතිපති, අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා ඇතුළු හය දෙනෙක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පෙත්සම්කාරියන් සහ පෙත්සම්කරුවන් වන්නේ නදීකා බණ්ඩාර, රුවිනි තල්පාවිල, ඉදුනිල් කංකානම්ගේ, කේ.කේ. සමන් කුමාර, විරාජ් ලියනආරච්චි, ප්‍රියාන් ආර් විජේබණ්ඩාර, ජෙහාන් ශ්‍රී කාන්ත අප්පුහාමි ඇතුලු 13 දෙනෙකි.

හොර ඡන්ද සූදානමක්? නිල ඡන්ද පත්‍රිකා තොගයක් අල්ලයි?

මුලතිව් විශ්වමඩු උපතැපල් කාර්යාලයේ සිට බෙදා හැරීමට නියමිතව තිබූ නිල ඡන්ද පත්‍රිකා 288 ක් නිවසක තබා තිබියදී 25 දින සොයාගෙන පුදුකුඩිඉරිප්පු උපතැපල් කාර්යාලය වෙතට භාරදුන් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය කියා සිටියේය.

මුලතිව් පුදුකුඩිඉරිප්පු විශ්වමඩු උපතැපල් කාර්යාලයෙන් පුදුකුඩිඉරිප්පු තේරාවිල්හි පවුල් 137 කට බෙදා දීමට නියමිතව තිබූ නිල ඡන්ද පත්‍රිකා 288 ක් කන්දයියා සුබාජන් නැම්ත්තෙකු විසින් ඡන්ද හිමියන්ට ලබා දීමට නියමිතව තිබින.

යහපාලනේ දැං වහපාලනේ වෙලා - පිංගුත්තරයාගේ හැසිරීම අන්තිමයි - මගේ ඇමතිකම ගනිං. - හරීන්ට ඩබල් මල පනී


‘අපි ගෙනාලු යහපාලනේ අපට වහපාලනයක් වෙන පාටක් පේන්න තියෙන්නෙ. කණගාටුයි කියන්න පලාත් සභාවේ ආපු පිංගුත්තරයෙක් මේ විදිහට හැසිරෙනව නම් මගේ ඇමතිකම ගනිං. මට ඇමතිකම අවශ්‍ය නෑ. මූව එලවන්න අපි පාරට බැහැල සටන් කරන්න ඔ්න’ යයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

ඌව පළාත් සළාව ඇවිලෙයි - සෙන්දිල්ගේ ආධාරකරුවන් පහරදී එජාප මන්ත්‍රී 2 ක්‌ රෝහලේ

ඌව පළාත් සභා කාර්යාල පිවිසුම් දොරටුව අබියසදී ඊයේ (25 වැනිදා) උදේ 10.00 ට පමණ ඌව පළාත් අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතාගේ ආධාරකරුවන් පිරිසක්‌ පහරදුන් බව පවසමින් එම පළාත් සභාවේ එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රීවරුන් වන උපාලි සේනාරත්න හා ආර්. ගනේෂමුර්ති යන මහත්වරු බදුල්ල මහ රෝහලේ 08 වාට්‌ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.

ඊයේ ඌව පළාත් සභා සැසිවාරය පැවැත්වීමට නියමිතව තිබූ අතර දෙමළ මාධ්‍ය අධ්‍යාපන ඇමැති ධුරය ලද අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා පිළිගැනීමේ උත්සවයක්‌ ද සංවිධානය කර තිබුණි. 

රට හැදීමේ වගකීම එජාපය බාර ගන්නවා

එක්සත් ජාතික පක්ෂය රට සංවර්ධනය කිරීමේ අභියෝගය බාර ගන්නා බවත් දියුණු ශ්‍රී ලංකාවක් 2025 දී ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් කටයුතු සිදු කරන බවත් එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

අග්‍රාමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ(25) බදුල්ල නගරයේ පැවැති එක්සත් ජාතික පක්ෂ රැලියක් අමතමිණි.

මේ වන විට රටේ ආරම්භ වී තිබෙන සංවර්ධනය සහ නිදහස් සමාජය පෙරට ගෙන යා යුතු යයිද පැවසූ අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ බලය ගමට ගෙන එමින් ගම සංවර්ධනය කිරීමට නගර සභාවේ සහ ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට ලබා දෙමු යයි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කොමිසන් වාර්තා ගැන මොරදුන් අය විවාදයට බයෙන් පැන ගියා

ජනාධිපති කොමිසන් සභා වාර්තා වහාම පාර්ලිමේන්තුවට ලබා දෙන්නැයි කෑමොර දුන් අය, එය ලබා දුන් විට විවාද කිරීමෙන් පැන ගිය බවත්, කොමිසමේ කරුණු ගැන හැකි නම් පෙබරවාරි 10 වැනිදාට පෙර පාර්ලිමේන්තුවේ විවාදයක් පවත්වන්නැයි තමා අභියෝග කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය.

කොමිෂන් සභා වාර්තාවල සඳහන් දේ දැනගත් විට චෞර හොරුන්ගේ ක්‍රියාකාරකම් ජනතාවට හෙළිදරව් වන බවත්, එය වැළැක්වීමට ප්‍රභූ හොරුන් සන්ධානයක් ගොඩනඟාගෙන විවාදයෙන් පැන ගිය බවත් ජනාධිපතිවරයා කීය.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පකෂය ප්‍රධානව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බුලත් කොළය ලකුණින් කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමට පානදුර නගරයේ ඊයේ (25) සවස පැවැති ජනරැලියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අභියෝගය කෙළේය.

Thursday, January 25, 2018

මංගලට එරෙහිව තවත් පිරිසක් උසාවි යයි

අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය 10 වැනි දින ඉදිරිපත් කළ මත්පැන් ගැසට්ටුව අහෝසි කිරීම සම්බන්ධයෙන් විකල්ප කලා සහ සමාජ ක්‍රියාකාරිකයින් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නීතීඥ සුපුන් විශ්වබුද්ධි හේවාගමගේ සහ නීතීඥ ලක්ෂාන් ඩයස් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද (25 දා) දින ගොනුකර ඇත.


ඒ,ජනාධිපතිවරයාගේ බලපෑම් මත ගැසට්ටුව අහෝසි කිරීම සහ එමගින් සිය මූලික අයිතිවාසිකම් කඩවීමට එරෙහිවය.

මෙම පෙත්සම මගින් මංගල සමරවීර අමාත්‍යවරයා, සුරාබදු කොමසාරිස්වරයා, නීතිපති, අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා ඇතුළු හය දෙනෙක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පෙත්සම්කාරියන් සහ පෙත්සම්කරුවන් වන්නේ නදීකා බණ්ඩාර, රුවිනි තල්පාවිල, ඉදුනිල් කංකානම්ගේ, කේ.කේ. සමන් කුමාර, විරාජ් ලියනආරච්චි, ප්‍රියාන් ආර් විජේබණ්ඩාර, ජෙහාන් ශ්‍රී කාන්ත අප්පුහාමි ඇතුලු 13 දෙනෙකි.

2017 වසරේ පාවහන් හා සම් නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 18,480 ක්

පසුගිය වසරේදී ශ්‍රි ලංකා පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තයේ පුළුල් සංවර්ධනයක් සිදු වූ බවත්, ඒ සඳහා හොඳ අපනයන වෙළෙඳපොළක් ඇති වූ බවත්, 2017 වසරේදී පාවහන් හා සම්භාණ්ඩ අපනයනයෙන් රුපියල් මිලියන 18,480 ක් හෙවත් කෝටි 1,848 ක ආදායම් ලැබුණ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියිදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (24 දා) සවස අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය.

විදුහල්පතිනිය දණ ගැස්‌වීම : ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල තවත් 5ක්‌ සමඟ අද මානව හිමිකම් කොමිසමට

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්. බවානි මහත්මිය දණ ගැස්‌සවීම සහ ඇයට බලපෑම් සිදු කර ප්‍රකාශයක්‌ ලබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක්‌ සිදු කොට ප්‍රකාශයක්‌ ලබා ගැනීම සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය ඇතුළු වග උත්තරකාර පාර්ශ්වයේ හයදෙනකුට අද (25දා) පෙරවරු 10.00 ට කොළඹ 04 පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට එම කොමිෂන් සභාව සිතාසි නිකුත් කර ඇත. 

රවි කරු ගැටෙති - විශේෂ ප්‍රකාශයට ඉඩ නොලැබී

බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක්‌ සිදුකිරීමට හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් ඊයේ (24 දා) කළ ඉල්ලීම කථානායක කරු ජයසූරිය මහතා ප්‍රතික්‌ෂේප කළේය.

වරප්‍රසාද ප්‍රශ්නයක්‌ මතු කරමින් රවි කරුණානායක මහතා සිය ප්‍රකාශය කිරීමට සූදානම් වුවද එය වරප්‍රසාද ප්‍රශ්නයක්‌ නොවන නිසා ස්‌ථාවර නියෝග අනුව අවසර දිය නොහැකි බව කථානායකවරයා කීවේය. මේ නිසා කථානායකවරයාත්, රවි කරුණානායක මහතාත් අතර උණුසුම් කතාබහක්‌ ඇතිවිය.

රජයේ සේවක මූලික වැටුප, වැටුප් වර්ධක 22% කින් ඉහළට

සියලුම රජයේ සේවකයන්ගේ මුලික වැටුප මේ මස 01දින සිට නැවත සියයට 22කින් හා වැටුප් වර්ධකය සියයට 22කින් වැඩිකර ඇති බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ පවසයි.පසුගිය රජය යටතේ 2006සිට වසර 10ක කාලය තුළ කිසිදු වැටුප් වැඩිවීමක් ලබා නොදුන් අතර වර්තමාන රජය යටතේ 2015 සිට මේ දක්වා කම්කරු සේවයට රුපියල් 7512කින්ද අමාත්‍යංශ ලේකම්වරයෙකුට රුපියල් 30684කින්ද මුලික වැටප් වැඩිවි ඇති බවද එම පෙරමුණ පෙන්වා දෙයි.

බැසිල්ට-විමල්ට මහින්දයාපාට රංජිත්ට ළඟදීම නඩු

බරපතළ වංචා දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු ඇමැති විමල් වීරවංශ, හිටපු ඇමැති මහින්දයාපා අබේවර්ධන, හිටපු මහ ඇමැතිවරයකු වන එස්. එම්. රංජිත් යන මහත්වරුන් ඇතුළුව හිටපු සභාපතිවරුන් සහ අධ්‍යක්ෂකවරුන් කිහිපදෙනකුට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව අධ්‍යයනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙයි.

නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතාගේ උපදෙස් මත මෙම අධ්‍යයනය සිදුකරගෙන යනු ලැබේ. මේ පිළිබඳව දිනමිණ කරන ලද විමසීමකදී නීතිපතිවරයා පැවසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ජනාධිපති පරීක්ෂණ කොමිසම භාරදී තිබෙන කොමිසමේ නිර්දේශ ඇතුළත් වාර්තා අටක් ඉදිරි නීතිමය පියවර ගැනීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා නීතිපතිවරයා වෙත භාරදී තිබෙන බවයි.

Wednesday, January 24, 2018

දේශපාලකයා පස්සෙ යන ‘එහෙයි’ න්‍යායේ ඉන්න කණ්ඩායමක් සමාජයට අවශ්‍ය නෑ - ධනුෂ්ක රාමනායක

අතීත සමාජයට වඩා වත්මන් සමාජය දැනුවත් වගේම බුද්ධිමත්. අපිට අවශ්‍ය කරන්නෙත් එහෙම සමාජයක්. තරුණ තරුණියෝ විදියටත්, තරුණ වෘත්තීයවේදීන් විදියටත් අපේ මේ උත්සාහය මහරගම නගරය ඉදිරි වසර කිහිපය තුළ ලංකාවේ සංවර්ධිතම නගරයක් බවට පත්කිරීමට කටයුතු කිරීම බව මෙවර පළාත් පාලන මැතිවරණයට මහරගම නගර සභාවට එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කරන ධනුෂ්ක රාමනායක මහතා පවසයි.

රැකියාවක් ලබාගන්න, ව්‍යාපාරයක් පවත්වගෙන යන්න, තමන්ගේ අනෙකුත් ඕනෑ එපාකම් සපුරගන්න දේශපාලකයා පස්සෙ යන එහෙයි න්‍යායේ ඉන්න කණ්ඩායමක් සමාජයට අවශ්‍ය නොමැති බවත්, ඒ වෙනුවෙන් අනාගත දේශපාලන හෙංචයියන් බිහිකළ යුතු නොමැති බවද රාමනායක මහතා පෙන්වා දෙයි. ධනුෂ්ක රාමනායක මහතා මේ බව සඳහන් කර සිටියේ, සිය මැතිවරණ ව්‍යාපාරයේ 06 වන ජනහමුව මහරගම විපශ්‍යාරාම පාරේ පිහිටි සුමුදු දිසානායක මහතාගේ නිවසේ අති සාර්ථකව පවත්වමිනි.

පුටින්ගෙන් හා ලෝක පාපන්දු සම්මේලනයෙන් ලංකාවට ලැබුණු තෑග්ග - රටවල් 54ක් අතුරින් ලංකාවට තෝරාගත් හේතුව මෙන්න

ලබන ජූනි මාසයේදී රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන 2018 ලෝක පාපන්දු ශූරතා තරගාවලියේ කුසලානය ඊයේ ශී‍්‍ර ලංකාවට රැගෙන එනු ලැබිමෙන් පසු අද (24) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත පිළිගැන්විණ.

ලොව පුරා මහද්වීප 6ක් ඔස්සේ රටවල් 54ක මහජන ප‍්‍රදර්ශනය සඳහා රැගෙන යන චාරිකාව ප‍්‍රථම ගමනාන්තය ලෙස කුසලානය ශී‍්‍ර ලංකාවට රැගෙන එම විශේෂත්වයක් වන අතර මෙලෙස පාපන්දු ලෝක ශූරතාවයක කුසලානයක් ශ‍්‍රී ලංකාවට රැගෙන ආවේ ඉතිහාසයේ පළමු වරට වීම ද විශේෂත්වයක් වනවා.

ශී‍්‍ර ලංකාවට අමතරව මෙම කුසලානය ආසියාව තුළ රැගෙන යාමට නියමිතව ඇත්තේ පකිස්ථානයට සහ මාලදිවයිනටයි.

මහ ඇමති නිදොස් කිරීමට විදුහල්පතිනියගෙන් බොරු ප්‍රකාශ කරවාගත් මාධ්‍යවේදීන් 3 ට නොතීසි

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්විම, තර්ජනය ගැන අසත්‍ය ප්‍ර‍කාශයක් ලබා ගැනීම හා මහ ඇමති නිදොස් කිරීමට ඒවා මාධ්‍ය තුළට යොමු කිරීම සම්බන්ධයෙන් ඌව අධ්‍යාපන ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, බදුල්ල පොලිස් ස්ථානාධිපති,  පළාත් සභා මාධ්‍යවේදීන් 3 කට ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් නොතීසි නිකුත් කර තිබේ.

පශු වෛද්‍ය නිලධාරීවරියට මරණ තර්ජණය කළ එජාප අපේක්ෂකයා අත්අඩංගුවට

මහනුවර – ගම්පල රජයේ පශු වෛද්‍ය කාර්යාලයේ ස්ථාන භාර පශු වෛද්‍යවරියට මරණ තර්ජනය එල්ල කළ ගමපල නගරසභාවේ එක්සත් ජාතික පක්ෂ හිටපු නාගරික මන්ත‍්‍රී චන්ද්‍රලාල් සිල්වා මහතාව ගම්පොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මංගලගේ අමාත්‍යංශයේ මාරාන්තික උගුල

පොල්හේන්ගොඩ, කිරුළපන මාවතේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පිහිටි ඇසිදිසි මැදුර ගොඩනැගිල්ලේ විදුලි සෝපානය එය ආසන්නයේ පිහිටා ඇති බ/කො මහාමාත්‍ය විදුහලට (කලින් භද්‍රාවතී විදුහල) කඩා වැටීමට ආසන්න තත්ත්වයක් උදාවී තිබේ.

එම විදුලි සෝපානය මාස කිහිපයක සිට එහි සේවය කරන්නන් භාවිතා නොකරන බවද පැවසේ.


ගලවන්න සූදානම් - අතිරේක ලේකම්

මේ සම්බන්ධයෙන් අප ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් රමනී ගුණවර්ධන මහත්මියගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ එය ගලවා ඉවත් කිරීමට මේවන විට කටයුතු කරමින් පවතින බවයි.

එය අද ඉවත්කළ හැකි දැයි අප කළ විමසීමේදී අය කියා සිටියේ ඒ සඳහා උපරිම උත්සාහ ගන්නා බවයි.

මහින්දගෙන් ස්වාධීන රූපවාහිනියට අයවිය යුතු මුදල් නොගෙවීම සම්බ්න්ධ විමර්ශන වාර්තාව මෙන්න

පැවති 2015 ජනාධිපතිවරණයේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වාසි සහගත අන්දමින් ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ස්වාධීන රූපවාහිනිය නොමිලයේ යොදාගැනීම තුළින් රාජ්‍ය ආයතනයක් වූ එම රූපවාහිනියට රුපියල් එකොලොස් කෝටි විසිනව ලක්ෂ හාරදහස් හයසිය තිස් අටක (රු. 112,904,638) මුදලක් පාඩු සිදු කිරීම සහ එම ජනාධිපතිවරණයේම පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රවර්ධන ප්‍රචාරක දැන්වීම් සඳහා සත්‍ය ගුවන්කාල සම්මත මුදල මෙන් දෙගුණයක් අයකර එකම මැතිවරණයකදී සමාන අපේක්ෂකයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට අසමාන ලෙස සැලකීමකට බඳුන් කර වැඩි පුර මුදලක් ස්වාධීන රූපවාහිනී පාලන අධිකාරිය මගින් ලබාගැනීමට කටයුතු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් සිදු කළ පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තාව මේ වනවිට ලැබී තිබේ.

විදුහල්පතිනිය දණගැස්වීම විමර්ශනයට ජවිපෙ මන්ත්‍රීගේ සභාපතිත්වයෙන් කමිටුවක්

බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිවරිය දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් හම්බන්තොට දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතාලේ සභාපතිත්වයෙන් යුත් අනු කමිටුවක් පත්කර ඇත.

පොහොට්‌ටුවේ තවත් පෙත්සම් 5 ක්‌ විසිවෙයි

පානදුර නගර සභාව වැලිගම නගර සභාව සහ අගලවත්ත, මහියංගනය, තිරප්පනේ යන ප්‍රාදේශීය සභාවල මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ද මොරටුව නගර සභා මැතිවරණයට ස්‌වාධීන කණ්‌ඩායමකින්ද තරග කිරීමට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර භාර ගැනීම ප්‍රතික්‍ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ රිට්‌ පෙත්සම් ශේ්‍රෂ්ඨාධිකරණය ඊයේ (23 වැනිදා) නිෂ්ප්‍රභ කළේය.

එම නාමයෝජනා පත්‍ර ප්‍රතික්‍ෂේප කිරීමට අදාළ මැතිවරණ තේරීම් භාර නිලධාරීන් ගත් තීරණ පළාත් පාලන ඡන්ද විමසීම් පනතේ රෙගුලාසිවලට අනුකූලව සිදුවී ඇති බවත් එම තීරණ වෙනස්‌ කිරීමට ප්‍රබල කරුණු පෙත්සම්කාර පාර්ශ්වයෙන් ඉදිරිපත් වී නැති බවත් ශේ්‍රෂ්ඨාධිකරණය ඊයේ සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

සිංගප්පූරු අගමැති , ජනපති මෛත්‍රී සහ අගමැති රනිල් හමුවෙති - ක්‍ෂේත්‍ර රැසක්‌ ගැන ද්විපාර්ශ්වික සාකච්ඡා

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින සිංගප්පූරු අගමැති ලී ෂියැන් ලූන් මහතා ඊයේ (23 වැනිදා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි සිංගප්පූරු අගමැතිවරයා සහ එම මහත්මිය ජනාධිපතිවරයා සහ ජයන්ති සිරිසේන මහත්මිය විසින් පිළිගත් අතර ඔවුන් වෙනුවෙන් ආචාර වෙඩිමුර සහිතව හමුදා උත්තමාචාර ද පිළිගන්වනු ලැබීය.

නායක දෙපළ අතර සුහද කථාබහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී ඔවුහු දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

Tuesday, January 23, 2018

"පිස්සු වැඩ කරන්න එපා." පොලිස් ඇමතිගෙන් පොලිස්පතිට දෝස්

පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට රාත්‍රී මුර සංචාරයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු විසින් වෙඩි තබනු ලැබීමෙන් එම යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ කතරගම ප්‍රදේශයේ ඇතිවූ තත්ත්වය හමුවේ පොලිසිය විසින් ක්‍රියාකල ආකාරය නිතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායකගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.



ඒ, අදාල සිද්ධිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ උදැසන අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයා සහ අමාත්‍යංශ ලේකම්වරයා කැඳවූ අවස්ථාවේ දීය.

විදුහල්පතිනිය දන ගැස්සවූ ඌව පළාත් මහ ඇමති පොලිස් අත්අඩංගුවට

විදුහල්පති ධූරය දරන ගුරුවරියක දණගස්වා අපහසුතාවයට පත් කළ සිදුවීමට අදාළව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක අත්අඩංගුවට පත් කිරීමට අවශ්‍ය බව පොලිසිය දැනුම් දීමෙන් පසු ඔහු නීතීඥයෙකු සමග පැමිණ අද උදෑසන පොලීසියට භාරවී තිබෙනවා. 

චාමර සම්පත් දසනායක බදුල්ල පොලිස් ස්ථානයට භාරවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වූ බවට වන සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මුලින් පළාත් අධ්‍යාපන ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණ අතර පසුව විදුහල්පතිනියට කළ හිංසනය සම්බන්ධයෙන් විවිධ සංවිධාන, ගුරුවරුන් දෙමාපියන් උද්‍ඝෝෂණ කළේ මහඇමති තනතුරින්ද ඔහු පන්නා දමන ලෙස බලකරමිනි.

මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනයට අනෝජා වීරසිංහ

මානසික සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය කිරිම සදහා ජනප්‍රිය රංගධර අනෝජා වීරසිංහ මහත්මිය ද සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක් වෙයි. 

ඒ පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි.

මෛත්‍රී-රනිල් ධුරවලින් ඉවත් විය යුතුයි - ටිල්වින් සිල්වා සහ පියසිරි විඡේනායක කියති

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වහාම එම ධුරයෙන් ඉල්ලා අස්‌ විය යුතු බවට ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ද, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වහාම එම ධුරයෙන් ඉවත් කරන ලෙස ජාතික නිදහස්‌ පෙරමුණේ සිට ශ්‍රීලනිපයට එක්‌වූ පියසිරි විඡේනායක මහතා ද ඊයේ (22 වැනිදා) පැවැති මාධ්‍ය හමු දෙකකදී ප්‍රකාශ කළහ. 

කොළඹ ගැටලුවලට දස අවුරුදු සැලැස්මක් - අගමැති

කොළඹ ප්‍රදේශයේ ගැටලු විසඳීමට දස අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. වැල්ලවත්ත ජනහමුවක් අමතමින් අගමැතිවරයා මේ බව කීය.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

මහ බැංකු කොල්ලකරුවන්ට දඬුවම් දෙන්න සැවොම සහාය දෙන්න

මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලුදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් ඔවුන්ට දඬුවම් ලබාදීම සඳහා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පක්ෂ විපක්ෂ සියලුදෙනා තමන්ට සහය ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ සඳහා තමන් ශක්තිමත් කරනවා මිස කිසිදු අවස්ථාවක තමාව දුර්වල කිරීමට ඔවුන් කටයුතු නොකළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේ (22) පස්වරුවේ මහනුවර ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි.

2014 වසරේ තමන් පැවැති රජයෙන් ඉවත්වූ විට එදා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තමාට චෝදනා කළ අතර අද එක්සත් ජාතික පාක්ෂිකයන් ද තමාට චෝදනා නඟමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා තමා එම කිසිදු පාක්ෂිකයකුට ද්‍රෝහි වූවා නොව තමා සැමදා කටයුතු කරන්නේ දූෂණයට, වංචාවට, හොරකමට, නාස්තියට සහ ඒකාධිපතිවාදයට මෙන්ම පවුල්වාදයට එරෙහිව බව ද ජනාධිපතිවරයා මෙහි දී කියා සිටියේය.

Monday, January 22, 2018

"බලවත්" නගර පාලනය කරන "බවලත්තු"

ප‍්‍රංශයේ පැරීසිය, ඉතාලියේ රෝමය, ස්පාඤඤයේ බාර්සිලෝනා නුවර, චෙක් ජනරජයේ ප‍්‍රාග්, සහ වර්සෝ, බැග්ඩෑඞ් ඇතුලූ ප‍්‍රධාන පෙළේ නගර බොහෝමයක පාලන වගකීම දරන්නේ කාන්තා නගරාධිපතිනියන් විසිනි. මෙය නව ප‍්‍රවණතාවයකි. නව ප‍්‍රවණතාවයක් යැයි කීවේ, මීට පෙර කිසිදු අවස්ථාවක, මේ නගර, තමන්ගේ ප‍්‍රධානියා ලෙස කාන්තාවන් තෝරා පත් කර ගෙන නොතිබුණු බැවිනි. බැග්ඩෑඩයේ හැරුණු කොට, ඉහත නගර සියල්ලේම වාගේ නගරාධිපතිනියන් තෝරා පත් කර ගනු ලැබුවේ මහජන ඡන්දයෙනි. 

පැරීසිය පාලනය කරන, ඈන් හීඩල්ගෝ, ප‍්‍රංශ සමාජවාදී පක්ෂය නියෝජනය කරයි. 2014 දී මැතිවරණයට ඉදිරිපත් වූ ඈන්, ඒ මැතිවරණයේ දී 55% ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගනිමින් ජයග‍්‍රහණය කිරීමට සමත් විය. ඈන් හීඩල්ගෝ, පැරීසියේ පරිසර දූෂණයට එරෙහි සටන සියතට ගෙන තිබේ. ඇගේ ඒ සටනට පැරිස් ජනයාගේ සහාය නොමදව ලැබෙන බවද කිව යුතුයි.

පුංචි ඡන්දෙන් දිනලා ඇවිත් වැරදි කරන එජාප අපේක්ෂකයින්ට ඇමති සාගල රතු එළියක් පත්තු කරයි


එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති අපේකෂකයින් මැතිවරණ ජයග්‍රහණයෙන් පසු දූෂණ වංචාවලට වැරදිකරුවන් වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගෙන නිසි දඬුවම් ලබා දීමට කටයුතු කරනවා සේම ඔවුන්ට එරෙහිව පක්ෂය විසින් විනය පියවර ගැනීමට කටයුතු කරන බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

එසේම කන්‍යාවන් දූෂණය කර ඒ වෙනුවෙන් සාද පවත්වන, රාජ්‍ය සේවකයින් ගස්බඳින, ගුරුවරු දණගස්වන, විදේශිකයින් මරා ඔවුගේ පෙම්වතියන් ඝාතනය කරන අපේක්ෂකයින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කර නොමැති බවත් අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ දෙණියාය කොටපොල බෝදෙණිය ප්‍රදේශයේ පැවතී එක්සත් ජාතික පක්ෂ ජනහමුවක් අමතමිනි.

ඇල්පිටිය රෝහල‍ට අට මහල් ගොඩනැඟිල්ලක්

රුපියල් මිලියන 3108 ක වියදමින් ඇල්පිටිය මුලික රෝහලේ ඉදිකෙරෙන මහල් අටකින් යුත් ගොඩනැඟිල්ලට මුල්ගල් තැබීම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධාත්නවයෙන් ඉකුත්දා (19) සවස ඇල්පිටිය රෝහල් සංකීර්ණ භූමියේ දී සිදුවිය.

සීනි සමාගම මිලියන 1174ක ලාභ ලබයි

ලංකා සීනි සමාගම 2017 වසරට රුපියල් මිලියන 1174 ක ලාභයක්ලබා ඇත.

2015 වසරේදී බිලියනයකට වඩා පාඩු ලබමින් තිබු ලංකා සීනි සමාගම 2016 වසරේදී මිලියන 1006 ක ලාභයක් ලැබූ බවත්, එය පසුගිය වසරේදී මිලියන 1,174.6ක ලාභයක් දක්වා වර්ධනය කර ගත හැකි වූ බවත් කර්මාන්ත හා වාණිජ කටුයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. 2018 වසර අවසානය වන විට සීනි නිෂ්පාදනය ඉහළ නංවා බිලියන 1.8 ක (මිලියන 1,816) ලාභයක් ලබා ගැනීමට සැලසුම් කර තිබෙන බවත් ඇමැතිවරයා කියා සිටි.

වර්ෂ 2015 වන විට පාඩු ලබමින් පැවති ලංකා සීනි සමාගම, සිය සෙවනගල හා පැලවත්ත ඒකකයන්හි උක්ගොවීන්ට හා භාණ්ඩ හා සේවා සපයන සැපයුම්කරුවන්ට ගෙවීම් කළ නොහැකි අර්බුදකාරී තත්ත්වයක පැවතුණු බව පවසන පවසන ඇමැතිවරයා තමන් මේ පිළිබඳව අවධානය යොමු කළ බවත් සීනි කර්මාන්තය යළි නගා සිටු වීමට සීනි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට, නාස්තිය හා අනවශ්‍ය වියදම් වැළැක්වීම සඳහා මනා කළමනාකාරීත්වයක් ඇති කිරීම ඇතුලු පියවරයන් රැසක් ගත් බවත් කියා සිටියේය.

'ජවිපෙට වඩා කොටි හොඳයි' - මහින්ද

සමස්ථ යුද හමුදාවම 1987 කොටි සංවිධානයට එරෙහිව වඩමාරච්චි මෙහෙයුම සඳහා යොමුකොට තිබෙන අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන බලය ඩැහැ ගැනීම සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයන් මරා දැමුවා පමණක් නොව කොටි සංවිධානයවත් නොකල ආකාරයට සන්නද්ධ හමුදා සමාජිකයන්ගේ පවුල් වල සාමාජිකයන්ද ඝාතනය කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටින්නේ මෙරට නිල විපක්ෂය ලෙස කටයුතු කරන ද්‍රවිඩ ජාතික සන්ධානයට සහ ජනතා විමුක්ති පෙරමුණට බරපතල දේශපාලන විවේචනයක් එල්ල කරමින්ය.

එසේම මේ වන විට රට තුළ යහපාලන ආණ්ඩුවක් පමණක් නොව යහපාලන විපක්ෂයක්ද පවතින බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ එම නිවේදනයේ සඳහන්ව ඇත.

Sunday, January 21, 2018

බැසිල්, චන්ද්‍රිකා අත්තනගල්ලේ සටන තියුණුවේ

මෙවර පළාත් පාලන මැතිවරණයේදී අත්තනගල්ල ආසනයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පරාජය කොට ඇය දේශපාලන භූමියෙන් සදාකාලිකවම අතුගා දැමීමට කටයුතු කරන බව 'පොහොට්ටු' පක්ෂයේ මහ මොලකරු වන බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

ගම්පහ දිස්ත්‍රීක්කයේ ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හමුවේ ඔහු එබව සඳහන් කර තිබේ.

'' අපට එරෙහිව මෛත්‍රීව උසිගන්නන්නේ චන්ද්‍රිකා. එයා දේශපාලනයේ හිටියොත් අපට අනාගතයක් නැහැ . ඒ නිසා මම චන්ද්‍රිකා පරද්දන්න අත්තනගල්ලට ශ්‍රීලනිපයට හිතවත් කණ්ඩායම් පහක් මේපාර ඡන්දෙට දැම්මා. ඒ කණ්ඩායම් පහේ ඡන්ද කැඩුනාම චන්ද්‍රිකා කපෝති. '' යයි බැසිල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර තිබේ.

''මංගල රට ගිය කතා බොරු : බරටම ඡන්ද වැඩ''

මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවිර මහතා එජාප මැතිවරණය කටයුතුවලින් ඉවත්වී විදෙස්ගතව ඇති බවට ඇතැම් වෙබ් අඩවිවල පලවී ඇති පුවත් මුළුමනින්ම අසත්‍ය බව ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් අසිත රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

ඔහු එබව සඳහන් කලේ විමල් විරවංශ මන්ත්‍රීවරයා විසින් පවත්වාගෙන යන 'ලංකා සී නිව්ස්' වෙබ් අඩවියේ ඒ සම්බන්ධයෙන් පලවී ඇති වාර්තාවක් පිළිබඳව කල විමසීමකදීය.

මිලින්ද කොළඹ හදන හැටි මහින්දගෙ අතට දෙයි.

පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ මහනගර සභාවේ නගරාධිපතිධූරය සඳහා තරඟ වදින මිලින්ද රාජපක්ෂ මහතාගේ සහ පොදුජන පෙරමුණු අපේක්ෂක කණ්ඩායමේ ප්‍රතිපත්ති ප්‍රකාශය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පසුගියදා (18) පිළිගැන්වූවා.

සියලු දෙවිවරු රවීව ආරක්ෂා කරයි?

බැඳුම්කර වාර්තාවෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කිසිවෙකුටත් ගැටලුවක් නොමැති බවට හෙළි වී ඇතැයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවැසීය.

පසුගියදා (19දා) දහවල් අගරදගුරු මැල්කම් රංජිත් හිමියන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.