BREAKING NEWS
latest

728x90

468x60

Saturday, February 03, 2018

ශ්‍රී ලංකාවේ දී පිළිකා ඖෂධ නිපදවීමට කර්මාන්ත ශාලාවක්

නැනෝ තාක්ෂණය ඔස්සේ පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරිම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පයාගල මලේගොඩ ප්‍රදේශයේ දී ඊයේ (02) පෙරවරුවේ සිදු කරන ලදි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම කර්මාන්ත ශාලාව රුපියල් බිලියන 1.4 ක ආයෝජනයකි. ඉන්දියාවේ “ස්පෑල්” සමාගම සහ “සෑන්ස් ඇක්ටිව්” පෞද්ගලික සමාගම ඒකාබද්ධව මෙම කර්මාන්ත ශාලාව ඉදිකරනු ලබයි. ඒ අක්කර 15 ක භූම්භාගයකයි. කලුතර දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් 500 කට මෙමගින් රැකියා අවස්ථා උදාවෙයි.

10 වැනිදාට පස්සේ ආණ්ඩුවේ වෙනසක්

පළාත් පාලන මැතිවරණයෙන් පසු දූෂණ චෝදනා නැති පිරිසකට ආණ්ඩුවේ ඉහළම තනතුරු ලබාදීමට ජනාධිපතිවරයා තීරණයක් ගෙන තිබේ. වත්මන් ආණ්ඩුව පහුගිය වසර තුනක කාලය තුළ ක්‍රියා කළ ආකාරයට ඉදිරි අවුරුදු දෙක ක්‍රියාත්මක විය නොහැකි බව පෙන්වා දෙන ජනාධිපතිවරයා මැතිවරණයෙන් පසුව නිසැකවම පවතින ක්‍රමයේ වෙනසක් විය යුතු බවට තීරණය කර තිබේ.

 රටේ දූෂිත ප්‍රභූ සන්ධානයක් ගොඩනැගී ඇති බවද පවසන ජනාධිපතිවරයා ගෙවී ගිය වසර තුනක කාලයේදී රාජපක්ෂවරුන්ගේ වැරදිවලට දඬුවම් ලබා දීමට නොහැකි වූයේද එක්සත් ජාතික පක්ෂය යටතේ තිබෙන අදාළ ආයතනවල දුර්වලකම නිසා බවද පෙන්වා දෙයි.පසුගියදා මාධ්‍ය ආයතන නියෝජිතයන් සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම තොරතුරු අනාවරණය කළේය.

පානුක රාජපක්ෂ

වේදිකාවේ සිට පොලිසියට අපහාස කළ අපේක්‌ෂකයා අල්ලන්න නියෝග : Police

බේරුවල නගර සභාවට ස්‌වාධීන කණ්‌ඩායමෙන් තරග වදින ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන මසාහිම් මොහොමඩ් නමැත්තා ප්‍රසිද්ධ පළාත් පාලන මැතිවරණ වේදිකාවකදී පොලිසියට තර්ජනය කරමින් හා අපහාස වන අයුරින් බැණවදින ලදැයි බේරුවල පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව ඊයේ ද සවස සලකා බැලූ කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා සැකකාර ඡන්ද අපේක්‌ෂකයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.

අර්ජුන ඇතුලු 3 ක් බැඳුම්කර ගනුදෙනුවේ සැකකරුවන් කරයි : Arjuna Mahendran

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරිස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන මහත්වරුන් මහබැංකු බැදුම්කර වංචාවට අදාළව අධිකරණය මගින් සැකකරුවන් ලෙස අද ඊයේ (02) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් ඔවුන් මෙලෙස සැකකරුවන් ලෙස නම්කර ඇත.

ගෝඨාභයගේ ඉල්ලීම මහාධිකරණයෙන් ඉවතට

ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ මහාධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඇවන්ගාඩ් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යෑමට අවසර දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් තමා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවෙන් නිදහස් කකරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (02) තීරණය කර තිබේ.

Friday, February 02, 2018

සාගල, ගයන්ත, චම්පික, ධනුෂ්කගේ වේදිකාවේ කියපු කතා - Danushka Ramanayake


ඉදිරි පළාත් සභා මැතිවරණයත් කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමට නියමිත අතර පාර්ලිමේන්තු නව මැතිවරණ ක්‍රමයක් ඇති කරමින් ජාතික ලැයිස්තුව ඇතුළු අනුපාත ලැයිස්තුව 100 කට සීමා කර ඒ තුල කාන්තාවන්ගේ, වෘත්තීයවේදීන්ගේ හා විද්වතුන්ගේ නියෝජනය සහතික කිරීමේ එකඟතාවකට පැමිණ ඇති බවත්, මනාප ඡන්ද ක්‍රමය අහෝසි කර කොට්ඨාසයට මන්ත්‍රීවරයෙක් ලැබෙන යුගයක් ඇති කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී දුන් පොරොන්දුවක් අද ඉටු කර තිබෙන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.


එමෙන්ම කිසිම විප්ලවයකින් තොරව සාම්ප්‍රදායික මතයන්ගෙන් බැහැරවී කාන්තාවට දේශපාලනයට පිවිසීමේ ශක්තිය හා අවස්ථාව උදාකර තිබෙන බවද චම්පික රණවක අමාත්‍යවරයා පෙන්වා දෙයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මහරගම වත්තේගෙදර පැවති මෙවර පළාත් පාලන මැතිවරණයේ මහරගම නගර සභාවට තරඟ කරන ධනුෂ්ක රාමනායක මහතාගේ ප්‍රධාන ජන රැළිය අමතමිනි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධව හිටපු පොලිස්‌ ලොක්‌කෙක්‌ දැලේ

‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට ගල්කිස්‌ස පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයාව සිටි තිස්‌ස සුගතපාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇත.

ලසන්ත ඝාතන සිද්ධියට අදාළ රහසිගත තොරතුරු රැසක්‌ වසන් කිරීම, සාක්ෂි විනාශ කිරීම, විමර්ශන නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම ඇතුළු චෝදනා රැසක්‌ සැකකාර හිටපු පොලිස්‌ පරීක්ෂකවරයා වෙත එල්ල වී ඇති බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

රාජපක්ෂලාව එජාපයෙන් ආරක්ෂා කරන්නේ නෑ - දූෂිතයන්ට දඩුවම් ලබා දෙනව - Ranil Wickremesinghe

එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂලා ආරක්ෂා නොකරන බවත් රාජපක්ෂලාට එක නීතියකුත් අනිත් අයට තව නීතියකුත් ක්‍රියාත්මක නොවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

නීතිය ඉදිරියේ සියලු දෙනාම එක සමාන බව පෙන්වා දෙන අගමැති වික්‍රමසිංහ මහතා රාජපක්ෂලාට එරෙහිව ඇති චෝදනා මෙන්ම අනෙක් අයට එරෙහිව ඇති චෝදනාවලටත් නීතිය එක සමානව ක්‍රියාත්මක කිරීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බවත් තම පක්ෂයේ අයටත් සෙසු පක්ෂවල අයටත් නීතිය වෙන් වෙන් ආකාරයෙන් ක්‍රියාත්මක නොකරන බව ද කීය.

දූෂිත දේශපාලනඥයන් අද එකට සන්ධානගත වෙලා - Maithripala Sirisena

බලය අනිසි ලෙස භාවිතා කරමින් රාජ්‍ය සම්පත් විනාශ කළ පසුගිය යුගයේ සිටි නායකයන් ඒ පිළිබඳව කතා කිරීමටවත් අකැමැති වූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා එසේ පැවසුවේ පොළොන්නරුව සෙවණපිටියේ දී ඊයේ (01 වැනිදා) පැවැති පළාත් පාලන ආයතන මැතිවරණ ජන රැලියක්‌ අමතමිනි.

ඡන්දෙට යන්න පෞද්ගලික සේවකයන්ට නිවාඩු ලැබෙන්නෙ මෙහෙමයි - Mahinda Deshapriya

මෙම පෙබරවාරී 10 වෙනිදාට යෙදෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පෞද්ගලික අංශයේ සේවකයන් හට ජාතික මැතිවරණවලදී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය දීමට හිමිකම ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය පරිදි නිවාඩු ලබා දෙන ලෙස සියලු සේවා යෝජකයන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලීමක් කර තිබේ.

මගේ පින්තූරය දාගෙන බුලත් කොළෙන් ඡන්දය ඉල්ලනවා - Mahinda Rajapaksa

“මගේ ‍පොටෝ එක ගහගෙන ඇතැම් අය බුලත් කොළෙන් ඡන්දය ඉල්ලනවා. මීට පෙර මැතිවරණවලදී මමත් බුලත් කොළෙන් තමයි ඡන්දය ඉල්ලුවේ. ඒ වුණත් මෙවර බුලත් කොළේට ඡන්දය දෙන්න එපා. මෙවර අපේ අය ඡන්දය ඉල්ලන්නේ ‍පොහොට්ටුවෙන් යැයි” හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්‍ලේදී පැවැසීය. ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ ජන රැලියකට සම්බන්ධ වෙමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

Thursday, February 01, 2018

අසාද් සාලිගෙන් ජන්ද අල්ලසක්


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ නගරාධිපති අපේක්ෂක අසාද් සාලි මහතා නීති විරෝධී ජන්ද අල්ලසක් ලෙස ජනතාවට භාණ්ඩ බෙදාදීමෙී සිද්ධියක් ඊයේ 31 පිටකොටුව ප්රදේශයෙන් වාර්ථාවෙනව කොළඹ පරණ යොන් වීදියේ මරීන් ටේරිඩර්ස් නමි වෙළඳ සැල තූළ

විදුහල්පතිනිය දණගැස්වීම ගැන කියන්න යන්න බෑ කියු ඌව මහ ඇමති චාමර කොමිසමට යයි

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්වීම පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිට ඇත.

ඒ කොමිසම කළ දැනුම්දීමකට අනුවයි.

කෙසේවෙතත් මැතිවරණ කටයුතු හේතුවෙන් අද(01) දිනයේ තමාට කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලිඛිතව දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කළේය.

ගෝඨා අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්

ගෝඨාභය රාජපක්‌ෂ අත්අඩංගුවට ගැනීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ඔහුට විරුද්ධව චෝදනා ඔප්පු වී ඇති බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේ ඊයේ (31 දා) කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්‌වෙමිනි. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

රටේ ප්‍රධාන පෙළේ පුවත්පත් කතුවරයකු ප්‍රථම වරට ඝාතනය කළේ රාජපක්‌ෂ යුගයේ දීයි. ඒ ලසන්ත වික්‍රමතුංග මහතායි. හිටපු ආරක්‌ෂක ලේකම්වරයා විසින් සිදු කළ මිග් යානා ගනුදෙනුව පිළිබඳ මාධ්‍යයේ ලිපි පළකිරීම එම ඝාතනයට හේතු වී තිබෙනවා. එය රණවිරු ගැහිල්ලක්‌. අද මෙම රණවිරුවා රටෙත් නැහැ. ඇමරිකාවට පැනලා ඉන්නේ. පොහොට්‌ටුවේ අනාගත ජනාධිපති අපේක්‌ෂකයා ඔහුයි. රටේ නැති අනාගත ජනාධිපති අපේක්‌ෂකයා ලංකාවට එන්නේ දොළොස්‌වැනිදායි. ඒ මැතිවරණය අවසන් වූ පසුවයි. අත්අඩංගුවට ගනියි කියලා රටෙන් පැනලා ඉන්නේ. නමුත් එම රණවිරු ගෝඨාභය අත්අඩගුවට ගැනීමට සියල්ල සූදානම්. චෝදනා ඔප්පු වී තිබෙනවා. ඉදිරි කාලයේ දී හිරේ විලංගුවේ වැටෙනවා. 

උප නායක ධුරයෙන් රවි ඉවතට - බැඳුම්කර නඩුවේ නීතිමය පියවර නිම වනතුරු රවී උපනායක තනතුර නොදැරිය යුතුයි - එජාපය නිවේදනය කරයි

ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාවට අනුව එක්‌සත් ජාතික පක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට විරුද්ධව නීතිපතිවරයා සහ අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පවරා එම නඩු කටයුතු අවසන් වන තුරු ඔහු දරන එක්‌සත් ජාතික පක්‌ෂ උප නායක ධුරය අත්හිටුවිය යුතු බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ තිලක්‌ මාරපන කමිටුව මගින් නිර්දේශ කර ඇත.

ඒ සම්බන්ධව එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කරමින් මෙසේ සඳහන් කර තිබේ. 

Wednesday, January 31, 2018

UNPය රවිත් එලෙවුවා - මෛත්‍රීත් මැච්එකක් ගහනවා මෙහෙම ගියොත් අපි පරදිනවා - ඩලස් මහින්දට කියයි

එකසත් ජාතික පක්ෂයේ මහ ලේකම් කභිර් හසීම් මහතා දුෂණ චෝදනා එල්ල වූ රවී කරුණානායක මහතා නියෝජ්‍ය නායක ධූරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය සමඟ ඩලස් අලහප්පෙරුම මහතා මහින්ද රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශයක් කර තිබේ.

ඉදිරියේදී දේශපාලන වේදිකාව තුල අපි ඉතාමත් පහත තැනකට වැටීමට ඉඩ තිබෙනවා. ප්‍රධාන හේතුව මෛත්‍රී රැගෙන යන හොරුන්ට දුශිතයින්ට විරුද්ධව එකතු කරන ජන රැල්ල. ඒක ජනතාව පිළිගන්නවා. ඒ සංකල්පයෙන් UNPයටත් හානි වන නිසා රවී ඉවත් කරලා  UNPය පිරිසිදු ලේබල් එක ගහගන්න යන්නේ. එහෙම වුනොත් ලැජ්ජා වෙලා හිතපු UNP කාරයෝ හිත හදාගෙන ඇවිත් චන්දය දෙන්න පුළුවන්. ජේ වී පී සෙට් එකෙත් දුෂණ චෝදනා තියන අය ඇත්තේ නැහැ. මේ කට්ටිය දිගින් දිගටම අපිට හොරු දුශිතයෝ කියල ගහනවා. හේතුව අපි කවදාවත් හොරෙකුට දුශිතයෙකුට දඬුවමක් දීල නැහැ. එක අපිට නරකට හිටිනවා. රෝහිත, මහින්දානන්ද, ප්‍රසන්න රණතුංග ගැන කියන ප්‍රතිචාර එච්චර හොඳ නැහැ.

පොලිිස් පොඩ්ඩන්ගේ උසස්වීම් ගැටලු ඉවරයි - පොලිස් ඇමති කියයි

පොලිස් කොස්තාපල් හා පොලිස් සැරයන් තනතුරු දරන නිලධාරින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයසට එළඹ විශ්‍රාම ගැන්වීමේ දී ඊළඟ තනතුරට උසස්වීම් ලබා දී උසස්වීම ලබන තනතුරට හිමි විශ්‍රාම වැටුප් හා ප්‍රතිලාභ ලබා ගැනීමේ ක්‍රමවේදය ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කර ඇතැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසයි.

මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දීර්ඝ කාලයක් එකම තනතුරේ සිටින උසස් වීම් නොලද පොලිස් කොස්තාපල් හා පොලිස් සැරයන් තනතුරු වල සිටින නිලධාරීන් සම්බන්ධයෙන් සහනයක් සැලසීම සඳහා වූ සිය යෝජනාවට අදාළ නිරීක්ෂණ කෙරෙහි අවධානය යොමු කළ 2017.11.09 දින රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් එම යෝජනාව අනුමත කර ඇති බවයි.

මහින්ද ආරම්භ කල සයිටම් වසා ගෝඨාගේ කොතලාවලින් මුදලට උපාධි. පාදෙනිය එකගයි

තමන් රටේ බලවත්ම වෘත්තීය සමිතිය යැයි පාරම්බාන දොස්තර පාදෙනියගේ GMOව තම දෙපා මුළ දණ ගස්වන ලදී.


(30) උදෑසන GMOව වැඩ වර්ජනයකට ගියේ වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලීම් රාශියක් මුල්කරගනිමිනි. එම කිසිදු ඉල්ලීමකට එකඟ නොවී සවස 1 වනවිට වැඩවර්ජනය ක්‍රියාවිරහිත කරදැමීමට රාජිත ඇමතිවරයා සමත්විය.

සෞඛ්‍ය ලේකම්වරයාගේම අත්සනින් නිකුත් කර ඇති ලිපියට අනුව (29) එනම් දොස්තර වැඩ වර්ජනයට පෙර දින GMOව හා ඇමතිවරයා අතර සාකච්ඡාවේදී ඇතිවූ එකඟතා පමණක් පදනම් කරගනිමින් වර්ජනය නිමාකර ඇත. දොස්තර වැටුප්, දීමනා, වාහන බලපත්‍ර ආදිය සඳහා කිසිදු නව එකඟතාවයකට එළඹි නැති අතර 2017 අයවැය යෝජනා පරිදි 2018 වර්ෂයේ සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සංශෝධනය වන පරිමාණයෙන්ම පමණක් දොස්තර වරප්‍රසාද සශෝධනය වනු ඇත.

රනිල් - රවී එකඟතාවයෙන් රවී එළියට?

පළාත් පාලන මැතිවරණය අවසන් වනතෙක් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර එකඟත්වයක් සිදුව තිබෙන බව අරලියගහ මන්දිර ආරංචිමාර්ග පවසයි.

ඒ අද පෙරවරුවේ ඔවුන් දෙදෙනා අතර පැවති සුහද සාකච්ජාවකදීය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ, 

බැඳුම්කර විවාදය පෙබ. 06ට තීන්දුවේ

පෙබරවාරි මස 06 දින පෙ.ව. 10.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වන අතර, එහිදී බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ මහබැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙනු ඇත.


පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම) අද (30) දහවල් 12.00ට කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී එම තීරණය ගෙන තිබේ.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නියෝජනය කරන ඒ ඒ පක්ෂ නියෝජිතයන් වන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල. අමාත්‍ය මහින්ද සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක , පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ යන මහත්වරු සහභාගී වූහ.

Tuesday, January 30, 2018

අම්මා අප්පා විකුනලා හරි කුමන්ත්‍රණ වලට වර්ජන කරන සංගමේ දොස්තර වැඩ වර්ජනයට පොහොට්ටුවෙන් ලක්ෂ 72 ක් දීලලු

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (30) උදෑසන සිට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය සහ ඉල්ලීම් පිළිබද සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (30) පෙරවරුවේ පැවැත්විනි. 



මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩි.එල්.කේ ගුණවර්ධන, අධ්‍යක්ෂ වෛද්‍ය සේවා ප්‍රියන්ත අතපත්තු, අග්‍රාමාත්‍ය උපදේශක දීනේෂ් වීරක්කොඩි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුලු නිලධාරී මණ්ඩලය සහ වෛද්‍යවරුන් පිරිසක් එක්ව සිටියහ.

2020 වෙනකම් ජනාධිපති සමග ජාතික ආණ්ඩුව කරනවා - හිගුරක්ගොඩටත් නව ජාත්‍යන්තර ගුවන් තොටුපලක්

2020 වනතුරුම ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාමටත් බලය පවත්වා ගැනීමටත් අපි තීරණය කල බව අගමැති පවසනවා. පාර්ලිමේන්තුවේ බලය ආරක්ෂා කර ගන්නා අතරම ආණ්ඩුව තුල ඇති සමගියත් ආරක්ෂා කර ගැනීමටත් , මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සමග එකට වැඩකටයුතු කිරීමට තීරණය කල බවයි ඔහු සදහන් කරන්නේ.

“මහවැලිය ආදි ව්‍යාපෘති ආරම්භ කළා. එය සාර්ථකව අවසන් කළේ එක්සත් ජාතික පක්ෂය යටතේයි. තවත් ජලාශ ව්‍යාපෘති 02ක් ආරම්භ කළා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ආරම්භ කළ මොරගහකන්ද ව්‍යාපෘතිය ඉන් එකක්. මහින්ද රාජපක්ෂ එම ව්‍යාපෘතිය නතර කිරීමට හැදුවත් අපේ ජාතික ආණ්ඩුව යටතේ එය අවසන් කිරීමට හැකි වූ බව එතුමා පැවසුවා.

රනිල්, රවීට උප නායකමෙනුත් යන්න කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට පක්ෂයේ උප නායක තනතුරින් ඉල්ලා අස්වීමට පියවර ගන්නේ නම් එය සුසුසු බව සඳහන් කර ඇති බව වාර්තා වේ.

දැන් පොලිසිය නිර්දේශපාලනිකයි - නීතිය ක්‍රියාත්මක කරන්න බැරිනම් ඒ පොලීසියේ දුර්වලතාවයක්- පොලිස් ඇමති පොලීසියට දෙහි කපයි

පොලීසියට වෘත්තීමය නිදහස ලබා දී තිබෙන අවස්ථාවක දී පොලීසිය නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් එය පොලීසියේ දුර්වලතාවක් බවත් පොලීසිය ස්වාධීනව කටයුතු කළ යුතු බව තමා නැවත නැවතත් ප්‍රකාශ කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. 

එසේම පොලීසියට නිර්දේශපාලනීකරණය කර තිබෙන නිසා කිසිදු බලපෑමකට යටත් නොවී රාජකාරි කිරීමේ හැකියාව පොලීසියට තිබිය යුත බවද අමාත්‍යවරයා කීය. අමාත්‍යවරයා එසේ කියා සිටියේ පස්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි. 

මේ රාජපක්ෂලා වැලිකඩ යවන අවුරුද්දයි - රාජිත

මේ අවුරුද්ද රාජපක්ෂලා වැලිකඩ යවන අවුරුද්ද බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ කෑගල්ල දිස්ත්‍රික්කයේ පසුගියදා (28) පස්වරුවේ පැවති ජන රැළියකට එක්වෙමිනි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

“මෙම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය වටා ජනතාව ඒකරාශී වෙමින් සිටිනවා. එමගින් රජය තවත් ශක්තිමත් වෙනවා. 2015 මැතිවරණයට අපි ඉදිරිපත් වූයේ ජිවිත අවධානමක් ඇතිවයි. පසුගිය රජය සමයේ සිදු කළ නින්දිත දේශපාලනය නිසා රාජපක්ෂලාගෙන් ඉවත් වුනා. අපි හොර රහසේ සාකච්ඡා කර රට බේරා ගැනීමට කටයුතු කළා. නමුත් පැරදුනු රාජපක්ෂලා යළි කරළියට පැමිණ සිටිනවා. එම පැරදුන රාජපක්ෂලාට ඉදිරියට එන්න අපි ඉඩ දෙන්නේ නැහැ. වත්මන් රජය වසර 03 ක් පුරා මොනවද කළේ කියලා සමහරු අහනවා. අපේ රජයේ ඉන්නේ පසේ බුදුවරු. කරපු වැඩ කියන්න දන්නේ නැහැ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා උජාරුවට වැඩ කරනවා. ජනාධිපතිවරයාගේ හෝ අග්‍රාමාත්‍යවරයාගේ නියෝග වලට වැඩ කරන්නේ නැහැ. පුර්ණ නිදහස ලබාදී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා අහනවා පොල් සම්බෝලයක් ගැන. පොල් බෑය ගැන. නියගය නිසා පොල් නිෂ්පාදනය අඩු වෙලා.

හොරු රකින පොහොට්ටුවට ශ්‍රීලනිපය සමඟ එක්විය නොහැකියි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 96 දෙනාටම තමා සමඟ එක පෙළට සිට ගන්නට පැමිණෙන්නැයි තමන් ඇරයුම් කළේ තම දේශපාලන ප්‍රතිපත්තිය සමඟ ඇතැමුන්ට එකඟවිය නොහැකි බව නොදැන සිටි නිසා නොවන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ (29) පස්වරුවේ රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි.

වංචාව දූෂණය උදෙසා තම අරමුණු ඉටු කර ගැනීමට කවුරුන් කෙසේ කටයුතු කරමින් සිටිය ද රටට අවශ්‍ය නොකිළිටි දේශපාලන ව්‍යාපාරය කුමන අභියෝග හමුවේ වුව ද ජය ගන්නා බව අවධාරණය කළ ජනාධිපතිවරයා සොරුන් නොවන, සොරකම් නොකරන සහ සොරකම්කළ බවට චෝදනා නොමැති පාර්ලිමේන්තුවේ සිටින සියලුදෙනාට පිරිසිදු රජයක් ගොඩනඟාගනිමින් ඉදිරියට යාමට තමා ඇරයුම් කරන බව ද කියා සිටියේය.

රටේ සම්පත් විකුණමින් රජය ජාතියේ කොඳුනාරටිය කඩනවා - මහින්ද සූරියවැවදී කියයි

යහපාලන රජය කරන්නේ රටේ සම්පත් විකුණා දමමින් ජාතියේ කොඳුනාරටිය කඩා දැමීම යෑයි හිටපු ජනපති මහින්ද රාජපක්‌ෂ මහතා පැවසීය.

සූරියවැව නගර මධ්‍යයේදී පෙරේදා (28 දා) පැවති පොදුජන පෙරමුණේ ජනහමුවක්‌ අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ රටේ ජනතාවට වෙනස හොඳට දැන් දැනෙනවා. හෙට අනිද්දා වන විට මේ අය සූරියවැව ක්‍රීඩාංගණයත් විකුණන්න පුළුවන්. 

දකුණට ක්‍රියාකාරී වරායක්‌ හා ගුවන් තොටුපළක්‌ ලබා දුන්නා - රනිල් දෙනියායේදී කියයි

එදා හම්බන්තොට වරායක්‌ තිබුණා. නමුත් නැව් ආවේ නැහැ. මත්තල ගුවන්තොටුපළක්‌ තිබුණා. නමුත් අහස්‌යානා ආවේ නෑ. නමුත් එම තත්ත්වය වෙනස්‌ කර දකුණු පළාතට ක්‍රියාකාරී වරායක්‌ සහ ගුවන්තොටුපළක්‌ ලබාදීමට වත්මන් රජයට හැකිවුණැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

බැඳුම්කර හොරුන්ට නඩු දාන්න නව නීති - ඊයේ පක්‍ෂ නායක හමුවේදී තීරණය කරයි

බැඳුම්කර කොමිෂන් වාර්තාවට අදාළ වරදකරුවන්ට දඬුවම් කිරීම සඳහා නව නීති සම්පාදනයට හා කෙටුම්පත් සංශෝධනයට පියවර ගැනීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ පක්‌ෂ නායක රැස්‌වීමේදී තීරණය කර ඇත.

එමෙන්ම වරදකරුවන්ට නඩු පැවරීම හා අදාළ සියලු නිර්දේශ ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ අංශ ප්‍රධානීන් සතියකට වරක්‌ රැස්‌වීමටද මෙහිදී තීරණය වී ඇත.

මේ පිළිබඳව ජනපති ලේකම් කාර්යාලය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

Monday, January 29, 2018

රජයේ වෛද්‍යවරු හෙට ලෙඩ වෙන්නේ රජය අපහසුතාවයට පත් කිරීමටයි - බුද්ධි අංශ අනාවරනය කරයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (30) කැඳවා ඇති වැඩ වර්ජනය සම්පූර්ණයෙන්ම ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා සිදුකරන වැඩ වර්ජනයක් බවට බුද්ධිඅංශ අනාවරනය කරගෙන ඇත

 පසුගියදා පැවැත්වුණු පැවැත්වුණු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය වෙනුවෙන් විපක්ෂය විසින් රුපියල් ලක්ෂ හැත්තෑ දෙකක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත ලබාදී ලබා දී ඇත ඊට අමතරව වෛද්‍යවරුන් කැඳවාගෙන ඒම සඳහා බස් රථ යොදවා තිබූ අතර බස් රථ සඳහා මුදල් ලබාදී ඇත්තේද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසිනි.

දහම් සිරිසේනත් මැතිවරන වේදිකාවට

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාද ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ වේදිකාවේ ජනතාව අමතමින් මෙම මැතිවරණ සටනට අවතීරණ වී සිටී.

දහම් සිරිසේන මහතා දේශපාලන වේදිකාවේ අදහස් පල කරන්නේ මුල්ම වතාවට වීම විශේෂය.

“පහුගිය අවුරුදු දහය පුරාම ආණ්ඩු කලේ එතුමාල තමයි. එතකොට රටේ කොපමණ ප‍්‍රශ්ණ ඇතිවුණාද. කොතරම් ඝාතන සිදු වුණාද. කිසිම මාධ්‍ය නිදහසක් තිබුණද. සියල්ල ඔබ දන්නව පහුගිය කාලය ඇතුලත රටේ සිද්ද වුණේ කියල.

තේ සහ ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය වහාම නැවැත්වීමට පියවර ගන්නවා

අර්තාපල් ගොවීන්ට බීජ අර්තාපල් සඳහා ලබාදෙන සියයට 50 ක සහනාධාරය සියයට සියය දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි.

තේ ප‍්‍රතිඅපනයනය හේතුවෙන් මෙරට තේ පිළිබඳව ජාත්‍යන්තරයේ පවත්නා කීර්තිනාමයට සිදුව ඇති හානිය සහ කර්මාන්තයේ සිදුව ඇති බිඳවැටීම හේතුවෙන් තේ ප‍්‍රතිඅපනයනය සම්පූර්ණයෙන් නැවැත්වීමට පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.

මැතිවරණය කල්යන කතා බොරුලු

බැඳුම්කර වාර්තාව සහ බරපතල දුෂණ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 8 පැවැත්වීමට සුදානම් බවට අග්‍රාමාත්‍යවරයා සඳහන් කිරීමත් සමඟ එය කඩාකප්පල් කිරීමේ මෙහෙයුමක් දියත්ව ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එම ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අග්‍රාමාත්‍යවරයා විසින් දැනුම්දී ඇති ආකාරයට එළඹෙන පෙබරවාරි 08 වනදා පාර්ලිමේන්තුව කැඳවුවහොත් පළාත් පාලන මැතිවරණය දින දෙකකින් පමණ ඉදිරියට ගැනීමට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරන බවට පුවතක් පළකර ඇත්තේ එහි එක් අදියරක් වශයෙන්ය.

මැතිවරණය පෙබරවාරි 12 ?

Sunday, January 28, 2018

පොලිස් ඇමතිගේ ඩීල් එක දෙනියායේදී කටින් පනී - අගමැති හොල්මං

මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුකළ දූෂණ වංචා පිළිබඳ පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන බවත් ඒ දඬුවම් ලබා දෙන්නේ රාජපක්ෂලා සරත් ෆොන්සේකා මහතාට දඬුවම් දුන් ක්‍රමවේදයෙන් නොවන බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සගල රත්නායක මහතා පැවසීය.
අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ එළඹෙන පලාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මොරවක දී ඊයේ (27) පැවැත්වූ ජනරැළියේදීය. මෙම ජනරැළියට අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි, බුද්ධික පතිරණ යන අයවළුන් සහ තවත් දේශපාලන නායකයින් රැසකුත් සහභාගී වූහ.
අමාත්‍ය සාගල රත්නායක මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය වෙනත් අය සමඟ ඩීල් නොමැති බවත් තිබෙන එකටම ඩීල් එක ඇත්තේ ජනතාව සමඟ පමණක්ම බවයි.
එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

මහනුවර තැපැල් ඡන්දයෙන් එ.ජා.පය ඉදිරියෙන්

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පසුගිය 25/26 දෙදින සිදුවිය. එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද දායකයින්ගෙන් 70%කට වැඩි ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සිය මනාපය පලකර ඇතිබව සමීක්ෂණ වාර්තා හෙලි කරයි.