BREAKING NEWS
latest

728x90

468x60

Saturday, February 10, 2018

ඡන්ද මධ්‍යස්ථාන 13374කදී පළාත් පාලන ආයතන 340කට අපේක්ෂක අපේක්ෂිකාවන් 57219ක් සටනේ

අද (10) පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්දය ලබාදීම සඳහා පුද්ගලයන් 15760867ක් සුදුසුකම් ලැබ සිටිති. දේශපාලන පක්ෂ 43ක් සහ ස්වාධීන කණ්ඩායම් 222ක් තරග වැද සිටිති.

පළාත් පාලන ආයතන 340ක් සඳහා අපෙක්ෂකයන් 57219ක් තරග වැදී සිටින අතර මෙයින් 8346ක් තෝරා පත් කර ගැනීමට නියමිතය. ඒ අනුව මහා නගර සභා 24ක් නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 276ක් වෙනුවෙන් මේ මැතිවරණය පැවැත්වේ.

මෙතෙක් පැවැති පළාත් පාලන ආයතන සංඛ්‍යාව ද 335 සිට 341 දක්වා වැඩි වුවද ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඡන්ද පෙත්සමක් ලැබීම හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දය අත්හිටුවා තිබේ. ඒ අනුව අලුතින් එක්වන පොලොන්නරුව මහ නගර සභාව, මිල්ලනිය, නෝර්වුඩ්, ආගරපතන, කොටගල හා මස්කෙළිය යන ප්‍රාදේශීය සභා හේතුවෙන් පාළාත් පාලන ආයතන සංඛ්‍යාව 341ක් දක්වා වැඩිවී තිබේ.

දිනුවත් 62කගේ අසුන් අවදානමේලු

අද පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළත් අපේක්ෂකයන් 62 දෙනකුගේ ආසන හිමිකාරීත්වය අවදානම් තත්ත්වයක පවතියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ පිළිබඳව කියා සිටියේ මෙසේ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් 62ක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පසුගිය කාලය තුළ කටයුතු කර ඇති නිසා ඔවුන්ට එරෙහිව අධිකරණ හමුවේ නඩු පවරා ඇති බැවින් එම නඩුවලින් ඔවුන් වැරැදිකරුවන් වුවහොත් දණ්ඩ නීති සංග්‍රහයට අනුව එම වරදට හිමි දඬුවම වන්නේ වසර හතක ඡන්ද අයිතිය අහිමිවීම සහ එම ඡන්ද අපේක්ෂකයාට හිමි ආසනය අහිමිවීම වෙයි.

Friday, February 09, 2018

අර්ජුන් - කසුන්ට අද ඇප?

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව රිමාන්ඩ් භාරයේ පසුවෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්‌, එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන හට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඔවුන් වෙනුවෙන් ලිඛිත දේශන කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියට පසුගියදා (07 දා ) බාරදෙනු ලැබීය.

විත්තිකරුවන්ට ඇප දීම සම්බන්ධව විරෝධතා පවතී නම් ඒවා අද (09 දා) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ලට නියම කළාය.

මේ ඡන්දයට එක්‌ කතිරයක්‌ පමණයි

නව මැතිවරණ ක්‍රමයට අනුව හෙට (10 වැනිදා) පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ තමන් කැමති අපේක්‍ෂකයා නියෝජනය කරන දේශපාලන පක්‍ෂය හෝ ස්‌වාධීන කණ්‌ඩායමේ ලාංඡනය ඉදිරියේ ඇති කොටුවේ එකම එක කතිරයක්‌ (X) පමණක්‌ යෙදීමෙන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 

පළාත් පාලන ආයතනයට තරග කරන දේශපාලන පක්‍ෂවල නම් සිංහල අකාරාදි පිළිවෙළටත්, ස්‌වාධීන කණ්‌ඩායම් අංක පිළිවෙළටත්, ලාංඡනද සමඟ ඡන්ද පත්‍රිකාවට ඇතුළත්ව ඇති අතර එම ලාංඡන ඉදිරියේ ඡන්දය සලකුණු කිරීමට හිස්‌ කොටුවක්‌ බැගින් පවතී. 

ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ එකම එක කතිරයක්‌ පමණක්‌ යෙදීමෙන් වන අතර එම එකම කතිරයට අමතරව වෙනත් කතිර හෝ සලකුණු යෙදීමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය බවද කොමිසම පවසයි.



උදයංග ගෙන්න රාජ්‍ය නිලධාරීහු ඩුබායි යති

අත්අඩංගුවේ පසුවන රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ඒම සඳහා වීසා බලපත් ලැබීමෙන් පසු විශේෂ රාජ්‍ය නිලධාරීන් කණ්‌ඩායමක්‌ ඊයේ ඩුබායි බලා පිටත්ව ගොස්‌ ඇත.

සැකකාර උදයංග වීරතුංග රැගෙන ඒම සඳහා ඩුබායි වෙත යැමට වීසා නොලැබීම නිසා රාජ්‍ය නිලධාරීන් පිරිසට දින දෙකක්‌ තිස්‌සේ එහි යැමට නොහැකි තත්ත්වයක්‌ උද්ගත වී තිබිණි.

රතු වරෙන්තු නැති නිසා මා නිදහස්‌ කළා - ෆේස්‌ බුක්‌ සටහනක්‌ තබමින් උදයංග කියයි - udayanga weeratunga

තමන් පසුගියදා ඇමරිකාව බලා ගමන් කරමින් සිටිවදී ඩුබායි ගුවන් තොටේදී එරට ඉන්ටර්පොල් පොලිසිය විසින් නතර කර පරික්ෂා කර බැලූ බවත් තමනට එරෙහිව ජාත්‍යන්තරව කිසි චෝදනාවක් නැති බව හා ඉන්ටර්පෝල් රතු වරෙන්තුවක් නැති බව සනාථ වීමෙන් පසු නිදහස් කයේ යයි රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සදහන් කරයි.

මේ බව සදහන් කරමින් ඔහු විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.


පසුගිය 04 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදය කරා ගමන් කරන අතර මග අරාබි එමීර් රාජ්‍යයේදී එරට ඉන්ටර්පොල් පොලිසිය විසින් නතර කර, පරික්ෂා කර, මා හට ජාත්‍යන්තරව කිසිදු චෝදනාවක් නොමැති බව හා ඉන්ටර්පෝල් රතු වරෙන්තුවක් නැති බව සනාථ වීමෙන් පසු නිදහස් කල බව කිව යුතුය.

Thursday, February 08, 2018

මංගල CID යට

රාජපක්ෂවරැගේ දේශපාළන බංකොලොත්භාවය වසා ගැනීම සඳහා සිය අත්සන ව්‍යාජව භාවිතා කරමින් සකස්කල කූට ලේඛනය පිළිබඳව නිසි පරික්ෂනයක් කරන්නැයි ඉල්ලා පැමිනිල්ලක් ගොනු කල බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

'රජෙකුට තිබූ ජනපති බලතල අයින් කළ මා ගැන විශ්වාසය තබන්න' - ජනපති

ජනතා විශ්වාසය සුරකිමින් එදා 2015 ජනවාරි 08 වැනිදා විධායක ජනාධිපති ධුරයට පත්වී රජෙකුට තිබූ ජනාධිපති ධුරයේ බලතල අයින් කළේ තමා බවත්, මෙදා නැවත තමා කෙරෙහි විශ්වාසය තබා දූෂණය, වංචාව, නාස්තිය, පවුල්වාදයෙන් තොර චරිතවත්, පිරිසිදු දේශපාලන නව සංස්කෘතියක් ඇතිකිරීමට එකතු වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ‘අත’ ලකුණින් එළැඹෙන පළාත් පාලන මැතිවරණයට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ජය තහවුරු කිරීමේ විජයග්‍රාහී මහා ජනරැලියට එක්වෙමින් ජනාධිපතිවරයා එසේ කීය.

මෛත්‍රී - රනිල් හිටියොත් අපි ඉවරයි මොකක් හරි කරන්න – කුප්‍රකට ව්‍යාපාරිකයින් මහින්ද ළඟ වැඳ වැටෙයි!

මැතිවරණය සමීපයටම පැමිණ තිබේ පක්ෂ විපක්ෂ විවිද මත සහ විවේචන හමුවේ මහජනතාව 2018 පළාත් පාලන මැතිවරණය සඳහා තම මතය ප්‍රකාශකිරීමට සිතමින් සිටින අවසාන මොහොත ලඟා වෙමින් පවතී. මෙවන් කාලසීමාවක අප තවත් හෙලිදරව්වකට සුදනාම් වන්නේ අපේ රටේ මජර දේශපාලනයට උල්පන්දම් දෙන ජනතාවගෙන්ම ගොඩනැගුනු මහා ව්‍යාපාරිකයින් ජනතාවටම එරෙහිව සිදු කරන ආත්මාර්ථකාමී ක්‍රියාදාමයක් සම්බන්ධවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙනයන වංචා හා දුෂණ වලට විරෝධී ජනතාවාදී වැඩපිළිවෙල නිසා වඩාත්ම සිත් තැවුලට හා අපහසුතාවයට පත්ව සිටින්නේ වංචා දුෂණ වලට හවුල් වූ දේශපාලකයින් වන අතර ඔවුන් විවිධ කුමන්ත්‍රණ කරමින් දිවා රෑ උත්සාහ දරන්නේ තම වංචා දුෂණ යටපත් කිරීමට අවශ්‍ය පාලනයක් පත් කර ගැනීමටයි.

නුවර මහ නගර සභාවේ ඡන්ද මංකොල්ලයකට සූදානමක් ? - ඡන්ද පොලවල් සදහා දැඩි ආරක්ෂාවක් අපේක්ෂකයො ඉල්ලයි

මෙවර පලාත්පාලන ඡන්දයේදී නුවර මහනගර සභාවේ ඡන්ද මංකොල්ලයක් සිදුකිරීමට මානබලමින් සිටින බවට වාර්තාවේ. පසුගියදා අරුප්පල ප්‍රදේශයේ දෙපිරිසක් ගැටුමක් හට ගත් අතර එයද මොවුගේ සුක්ෂම සැලැස්මක් බවට අනාවරනය වී ඇත. පසුගියදිනක රාත්‍රිෙය් නිවෙසකට රුස්වූ පිරිසක්  මේසදහා යම් සාකජ්ජාවක් පවත්වා ඇති ඇතර එහිදී ඔවුන් ප්‍රකාශකර ඇත්තේ 

"පුලුවන් ඡන්දටික  දාගන්න , නැත්තම් ඡන්ද ගන්න හැටි අපි දන්නව" යනුවෙනි.

කවිකාර තාත්තාගේ කඳුළු විකුණන ජනක පුතාගේ ඉඩම් කතාව

හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහි ද්විත්ව මිනීමැරුම් නඩුව මේ මාසයේදී මහනුවර මහාධිකරණයේ විභාගයට ගැනීමට නියමිතව ඇත. මේ කතාව ඒ නඩුව ගැන නොවේ. ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ යටගිය තවත් එක් වීර ක්‍රියාවක් ගැනය.

ජනක බණ්ඩාර තෙන්නකෝන් තම පියා ගැන කඳුළු හෙළමින් තම ජීවිත කතාව ආලවට්ටම් දමා කීමට බොහෝ ප්‍රිය කරන තැනැත්තෙකි. තම පියා මහනුවර බස් නැවතුමේ කවි කොළ කියවූ ආකාරය කඳුළු පෙරමින් කීමට ජනක කැමතිය. ජනකගේ පියා සැබැවින්ම නිහතමානී සරල දේශපාලනඥයකු වූ බව ඇත්තය. එහෙත් ජනක නම් පුතා එකී නිහතමානී සරල දේශපාලනඥයාට තම චරිතයෙන් ඉටු කර ඇත්තේ කවර නම් සාධාරණයක්ද ?

ජනක බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ලට පිවිසෙන්නේ 1980 ගණන් වල අග භාගයේදීය. ඒ මහනුවර දෙයියන්නේවෙල ප්‍රදේශයේ සිටය. දෙයියන්නේවෙල ප්‍රදේශයට වැදී ඇත්තේ කවරාකාරයක හංවඩුවක්දැයි මහනුවර පළාත දන්නෝ දන්නවා ඇත. ජනකගේ ත්‍රාසජනක කොටස් ඔහුට දෙයියන්නේවෙලින් උරුම වූ ඒවායැයි අප නොකීවාට කියනා අයත් ඇත. කෙසේවෙතත් දෙයියන්නේවෙලින් දඹුල්ලට යන ගමනේදී ජනකට අද තිබෙන සැප සම්පත් තිබුණේ නැත. කොටින් ම අතේ සතේ නොතිබුණු ජනකට එදා දඹුල්ලේ ඉන්න හිටින්න තැනක් තිබුණේ ද මැත.

මහින්ද කොටියට සල්ලි දුන්නා - Patali Champika Ranawaka

"මහින්ද මහත්තයා කොටින්ට සල්ලි දෙන එක එතුමා නතර කළේ ගෝඨාභය මහත්තයාට බෝම්බ ගැහුවට පස්සේ. ගෝඨාභය මහත්තයාට බෝම්බ ගැහුවේ සල්ලි දෙන අතරමැදියා ඒ සල්ලි පිට්පොකට් ගැහුවා නිසා. ඒ නිසා කොටියා කෝප වෙලා රාජපක්ෂ මහත්තයාට අත තිබ්බා. ඊට පස්සේ තමයි මහින්ද මහත්තයා කකුල් දෙකම එක ළඟ තියාගෙන සටන් කළා" යැයි අමාත්‍ය චම්පික රණවක පවසයි.

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ මාතර - මාලිම්බඩ ප්‍රදේශයේ පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂය ජනහමුවකට එක්වෙමින්ය.

ඡන්දදායකයෝ දූෂිත වී ඇති බව ලාල්කාන්ත කියයි

“එදා කෑවේ ප්‍රාදේශිය සභාව.මේ සැරේ කෙළින්ම කන්නේ ගම.ගිය සැරේ ප්‍රදේශයකට මන්ත්‍රී හිටියේ නැති නිසා තමන්ට ඕන ඕන හැටියට මන්ත්‍රීවරු වැඩ කළා.ඒක වෙනස් කරන්න තමයි හැම කොට්ඨාසයකටම සංවර්ධනය බෙදිලා යන විදියට මේ සැරේ කොට්ඨාස ක්‍රමයෙන් ඡන්දය පවත්වන්නේ” යැයි ජනතා විමුක්ති පෙරමුණේදේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.

උදයංග රැගෙන ඒම රාජතාන්ත්‍රික අර්බුදයක්‌ වෙයි

හිටපු තානාපති උදයංග වීරතුංග ලංකාවට රැගෙන ඒම රාජතාන්ත්‍රික අර්බුදයක්‌ බවට පත්ව තිබේ.

යුක්‌රේන රජය අබුඩාබි බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ උදයංග තමන්ට භාරදෙන ලෙසයි.

කථානායක ජනපති අගමැතිට දුන් අවවාදය

බැඳුම්කර කොමිසම පිළිබඳ දේශපාලන වේදිකාවේ කතා බහට ලක්වන අතරවාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂ නායකයන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයට කැඳවූවේ පසුගිය සඳුදාය. ඇතැම් පක්ෂ නායකයන්ට ජනාධිපති ‍ලේකම් කාර්යාලයෙන් දුරකථන ඇමතුම් ලබාදී තිබුණේ ඉරිදා සවසය. මැතිවරණ කටයුතු සමග කාර්යබහුල වූ ඇතැම් පක්ෂ නායකයන්ට මේ රැස්වීමට සහභාගීවීමට නොහැකි වූ නමුත් තමන්ගේ නියෝජිතයෙක් හෝ සහභාගි කරවන බවට ඇතැම් අය සහතිකයක් ලබාදුන්නේය.
ඒ අනුව සඳුදා උදෑසන ජනාධිපති ‍ලේකම් කාර්යාලයට දේශපාලන පක්ෂ නියෝජිතයන් පැමිණ සිටි අතර ජනතා විමුක්ති පෙරමුණෙන් නියෝජිතයෙක් සහභාගී කර තිබුණේ නැත. එහෙත් ඒ බව කල් ඇතිවම දැනුම් දී තිබුණේය.

මලික්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

ඉඩම් ගනුදෙනුවකින් රාජ්‍ය ආයතනයකට පාඩුවක් කළේ යැයි කියමින් එක්සත් ජාතික පක්ෂ සභාපති, උපාය මාර්ගික හා සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතාට එරෙහිව අල්ලස් කොමිසමට ඊයේ ( 07) පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත. 

Wednesday, February 07, 2018

2010දී මහින්ද රාජපක්ෂ බ්‍රිගේඩියර් ප්‍රියංග ප්‍රනාන්දුගෙ වැඩ තහනම් කරා - රටේම අවධානය සැනෙකින් දිනාගත් හමුදා විරුවා ගැන හරීන් කියන කතාව

ඉකුත්දා ලන්ඩන් නුවරදී, එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත හිතවාදීන් පිරිසක්ගේ කළහකාරී හැසිරීමක් පාදක කොටගෙන ඇතිවූ සිදුවීම ආශ්‍රයෙන් යුධ හමුදා සේවය අත්හිටවනු ලැබූ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතා විදේශ කටයුතු අමාත්‍යාංශට නියෝග කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

කෙසේ නමුත් මේවනවිට දැඩි ආන්දෝලනයට තුඩු දී ඇති ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසළ වූ සිදුවීම දේශාපාලන වාසි සඳහා යොදා නොගන්නා ලෙසටත්, ආණ්ඩුව එම ගැටලුව විසඳා අදාළ නිළධාරිවරයා බේරගන්නා බවටත්  විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරින් ප්‍රනාන්දු පවසයි.
“එංගලන්තයේ මහ කොමසාරිස් කාර්යාලයට යටත්ව කටයුතු කරන බ්‍රිගේඩියර් ප්‍රියංග ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් මේ දවස්වල  මහත් ආන්දෝලානාත්මක ප්‍රවෘත්තියක් සමාජ වෙබ්ජාලාවල, ප්‍රවෘත්තිවල  යනවා.
නමුත් පැහැදිලිව කියන්න ඕන ප්‍රියංග ප්‍රනාන්දු මැතිතුමා 2010 මැතිවරණය කාලේ සරත් ෆොන්සේකා මහතාගේ කාලයේ මුල්ලන්කෝවිල් කියන කඳවුරේ තමයි කමාන්ඩින් ඔෆිසර් හැටියට කටයුතු කළේ.එසේ කටයුතු කරන කොට ඒ කාලේ  ගායකයෙක් ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයට ජන්දය දෙන්න කියල කියද්දි  එතුමා ඒ ගායකයාට ප්‍රකාශයක් කළා කඳවුර ඇතුළෙ දේශපාලනය කරන්න එපා කියලා.ඒක කිව්වයි කියල පැය ගාණක් යනකොට එතුමාගේ වැඩ තහනම් කරපු කණ්ඩායම තමයි දැන් මෙතුමා වෙනුවෙන් වැඩියෙන්ම කඳුළු සලන්නේ.

අර්ජුන් ඇලෝසියස් ඇප ඉල්ලයි - මහේස්ත්‍රාත්ගේ තීරණය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පර්පචුවල් ට්‍රෙෂරිස් පුද්ගලික සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන අය ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා ඔවුන්ගේ නීතිඥවරු අද (07) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලිඛිත දේශන ගොනු කළා.

රටේ ඒකීයභාවය සුරකිනවා මිස රට කැඩීමට ඉඩ තබන්නේ නෑ - ජනපති


ජාතික සමඟිය සහ සංහිඳියාව තහවුරු කරමින් ඒකීය රටක් ගොඩනැගීමට ගෙනයන වැඩපිළිවෙළේදී රටේ ඒකීයභාවය සුරකිනවා මිස කිසිදු අවස්ථාවක රට කැඩීමට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. රට කඩන සහ රට බෙදන බවට දේශපාලන වේදිකාවේ ගෙන යන සටන් පාඨවල කිසිදු සත්‍යතාවක් නොමැති අතර ජනතාව එම බොරු ප්‍රචාරවලට හසු නොවිය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව ප්‍රකාශ කළේ ඊයේ (06) පස්වරුවේ මාතර හක්මන ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

ගම්පහ පස්‌ මෆියාව තවත් බිල්ලක්‌ ගනී

ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේ නිවසකට ඊයේ (06 වැනිදා) පෙරවරුවේ කඩාවැදුණු පාතාල සාමාජිකයන් දෙදෙනෙකු- එහි සිටි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර පලාගොස්‌ ඇත.

පස්‌ ජාවාරම් මුල් කරගෙන ගම්පහ ප්‍රදේශයේ පාතාල කල්ලි දෙකක්‌ අතර හටගෙන තිබෙන ගැටුමේ තවත් ප්‍රතිඵලයක්‌ ලෙස මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිස්‌ විමර්ශනවලින් හෙළි වී තිබේ.

මෙම පස්‌ ජාවාරම් මුල් කරගෙන මීට දින තුනකට පෙර ගම්පහ ප්‍රදේශයේදී තවත් පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර තිබිණි.

ඉදිරි වසර දෙක ඇතුළත තට්‌ටු නිවාස 50,000 ක්‌ ඉදි කරනවා - අගමැති කොළොන්නාවේදී කියයි

තට්‌ටු නිවාස 50,000 ක්‌ ඉදිරි වසර දෙක ඇතුළත ඉදිකිරීම අරමුණ බවත්, ඒ සඳහා ඉඩම් ලබාගනිමින් තවත් සංවර්ධන වැඩකටයුතු රාශියක්‌ ආරම්භ කර තිබෙන බවත් එක්‌සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

පළාත් පාලන මැතිවරණයේ එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පෙරේදා (05 වැනිදා) කොළොන්නාව නගරයේ පැවැති රැලිය අමතමින් අග්‍රාමාත්‍යවරයා එසේ ක්‌sයා සිටියේය.

ප්‍රචාරක වැඩ අද මධ්‍යම රාත්‍රී අවසන් - ඉවත් නොකළ පුවරු වීඩියෝ කර අපේක්ෂකයන්ට නඩු

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (07) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වී තිබෙන බැවින් මැතිවරණ නීති අකුරටම ආරක්ෂා කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.
මෙවර පළාත් පාලන මැතිවරණ කාලය ඉකුත් දෙසැම්බර් මාසයේ මුල සතියේදි ආරම්භ වු අතර මැතිවරණ දිනය ළඟා වෙද්දි දේශපාලන පක්ෂවල ඡන්ද කටයුතු උණුසුම් වෙමින් තිබේ. ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට ඉකුත් (31) තීන්දු කර තිබුණත් එය ඊයේ (06) දක්වා දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ ඉල්ලීම මත කාලය දීර්ඝ කර තිබිණි.

නාමල්ට එරෙහි නඩු විභාගය 16 දා ඇරැඹෙයි

රුපියල් මිලියන තිහක මුදලක් අයුතු ලෙස උපයාගැනීම මඟින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදුකළ බවට අධිචෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හයකට එරෙහි නඩුවේ සාක්කි විභාගය මෙම මස 16 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඊයේ (16) නියෝග කළේය.

නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් හා එක්ව සිදුකළ ගනුදෙනුවකදී රුපියල් මිලියන 30 ක මුදලක් අයථා ලෙස උපයා ගැනීම ඇතුළු අධිචෝදනා 11 ක් යටතේ විත්තිකරුවන් 06 දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ, ඉන්දික ප්‍රභාත් කරුණාජීව, සුජානි බෝගොල්ලාගම, ඔරනෙලා ඉරේෂා සිල්වා, නිත්‍යා සේනානි සමරනායක හා සී/ස ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගම මෙහි විත්තිකරුවෝ වෙති.

Tuesday, February 06, 2018

උදයංග වීරතුංග ලංකාවට ගේන්න ⁣නිලධාරීන් 07ක් හෙට ඩුබායි යනවා - ඇමති සාගල වරල්ලේ දී කියයි

මෙවර මැතිවරන රාජකාරි සදහා පොලිස් නිලදාරීන් 75 000 ට ආසන්න ප්‍රමාණයක් රාජකාරීයේ යොදවන බවට අමාත්‍ය සාගල රත්නායක මහතා දෙනියාය වරල්ල ප්‍රදේශයේ අද (06) ජනහමුවකට සහභාගීවෙමිනි.

එතුමා වැඩිදුරටත ප්‍රකාශකරේ විශේෂිත ආරක්ශාවක් අවශ්‍ය යැයි විශ්වාස කරන ජන්දපොල සහ ගණන්කරන ස්තානවල පොලිස් විශේෂ කාර්ය බලකායද වොදවන බවයි.

ඌවේ මහ ඇමැති පිස්සා චාමර බුරා පැන වන තැන්නේ ඥනානන්ද හිමියන්ගේ කනට ගසයි - ජනපති තුමනි ඔබේ අවධානය පිණිසයි - වීඩියෝ

පසුගියදා මහත් ආන්දෝලනයකට ලක්වූ බදුල්ලේ විදුහල්පතිනියක් දන ගස්සවා වැන්දා ගත් චාමර සම්පත් නමැති මහ ඇමතියා හිමිනමකට පහරදී තිබේ.

මෙලෙස රටේ සාමාන්‍ය ජනතාවට පහර දෙන, රටේ මිනිසුන්ට තර්ජනය කරන මහ ඇමති නරුමයන් බෙල්ලෙන් අල්ලා එලියට දැමිය යුතු කාලය එළඹ ඇතැයි අප  අවධාරණය කරමු. මෙවැනි අඳබාලයන් බලයට පත්නොකිරීමට වග බලාගැනීම ජනතාව සතු යුතුකමකි.

කටුනේරියේදී අගමැති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ඩරයේ ගැටී 5ක් රෝහලේ

අගමැති ආරක්ෂක කොට්ඨාසයට අයත් ඩිෆෙන්ඩර් රථයක් හා ත‍්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මාරවිල පොලීසිය පවසයි.


ඊය් (05) වැනිදා රාත‍්‍රී 10.00 ට පමණ හලාවත - කොළඹ මාර්ගයේ කටුනේරිය ප‍්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.

මිහින් ලංකා බලපත්‍රය අලෙවි කිරීමේ සූදානමක්?

ව්‍යාපාරික කටයුතු අවසන් කළ මිහින් ලංකා ගුවන් සේවයේ ගුවන් ගමන් බලපත්‍රය අලෙවි කිරීමට සූදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. 

Monday, February 05, 2018

විල්පත්තු හුටපටයට රිෂාඩ් - බැසිල් උසාවියට

විල්පත්තු රක්ෂිතය එළිපෙහෙළි කර මුස්ලිම් ජනතාව නැවැත පදිංචි කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අද දින (05 දා) අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන්, වන සංරක්ෂණ ජනරාල්වරයා ඇතුළු පිරිසට නොතේසි නිකුත් කළේය.

තැපැල් ඡන්ද නොදාපු අයට මැකෝ දඩ ගහයි. නිදහසට කරුණුත් අහයි.

ගමේ ඡන්දයට අපේක්ෂකයෝ තෝර ගන්න තැපැල් ඡන්දය මේ දවස්වල පැවැත් වෙනවා. අද තමයි තැපැල් ඡන්ද දාන්න පුළුවන් අන්තිම දවස. ඡන්දය දවසේ මැතිවරණ රාජකාරි කරන රාජ්‍ය සේවකයොන්ට තමයි තැපැල් ඡන්දය තියන්නේ.

වැරදුණේ මෛත්‍රීටද? බුකියටද? ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ උත්තරය මෙන්න

බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිත පාලනයෙන් ලංකාව නිදහස් වෙලා අදට හරියටම අවුරුදු 70 ක්. එ් නිසා ගාලු මුවදුර පිටියේ සුපුරුදු පරිදි ජාතික නිදහස් උත්සවය තිබ්බා.


හැම සැරයකම වගේ මේ පාරත් අැවිත් හිටිය හැමෝටම සමරු පොතක් දීලා තිබ්බා. හැබැයි මේ සමරු පොත ගැන බුකියේ ලොකු කලබලයක් අැති වුණා. අගමැති අාර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මේ පොත උඩුයටිකුරු කරලා බලන ඡායාරූපයක් අන්තර්ජාලයට එකතු කරලා තිබ්බා. එ් වගේම තවත් ප්‍රභූන් කිහිප දෙනෙක්ම එ් වගේ පොත උඩුයටිකුර කරලා බලන ඡායාරූප බුකිය පුරා ප්‍රචාරය වුණා.

උදයංග ලංකාවට එන්න බෑ කියයි - යුක්රේනයට යන්න ඕන කියයි : Udayanga Weeratunga

ඩුබායි ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීම සඳහා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකාවට නිලවශයෙන් දැනුම්දී තිබේ.

මොහු ප්‍රශ්න කිරීමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයකින් ඇමරිකාව බලා යාමට පැමිණි අවස්ථාවේදිය.

අධිකරණ නියෝගයක් මගින් ඔහුගේ ගමන් බලපත්‍රය අත්හිටුවා තිබී ඇති අතර එය නොදැන උදයංග මහතා ඇමරිකාවට යාමට උත්සාහ කර තිබේ.

Sunday, February 04, 2018

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට

ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.