BREAKING NEWS
latest

728x90

468x60

Saturday, February 17, 2018

අගමැති ඉවත් කිරීම ගැන ජනාධිපතිගෙන් වෙල්ගමට පොරොන්දුවක්

අගමැති ඉවත් කිරීමට ඇති හැකියාව ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම පවසයි.

විජය කුමාරණතුංගගේ 30 වැනි ගුණ සමරුව

මානව හිතවාදී ප්‍රවීණ කලාකරු විජය කුමාරණතුංග මහතා දිවංගතව තිස්‌ වසරක්‌ සපිරෙන 16 වැනිදා (ඊයේ) සීදුව ග්‍රාමයේ දහඅටේ කණුව අසල විජය කුමාරතුංග සමාධියට පුෂ්පෝපහාර දැක්‌වීම විජය කුමාරණතුංගයන්ගේ දයාබර බිරිඳ වන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය සහ ඥති හිතමිත්‍රාදීන් විසින් පෙරවරු 10.00 ට සිදු කරන ලදී.

ජනතාව දැල්වූ රතු එළිය භාරගන්නවා - 19 ට අනූව රට ඉදිරියට ගෙනියනවා - අගමැති කියයි

9 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පරිදි වත්මන් ආණ්‌ඩුව තවදුරටත් ඉදිරියට ගෙන යන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී ඊයේ (16දා) සවස ජනමාධ්‍ය ප්‍රධානීන් හමුවේදී විශේෂ ප්‍රකාශයක්‌ කරමින් පැවසීය.

ඒ අනුව එම තීරණය ලබන සතියේ රැස්‌වන පාර්ලිමේන්තුවේදී යෝජනා ස්‌ථාරත්වයෙන් සම්මත කර ගනිමින් ආණ්‌ඩුවේ වැඩ කටයුතු තවදුරටත් ඉදිරියටම සිදුකරන බව අගමැතිවරයා එහිදී සඳහන් කළේය.

Friday, February 16, 2018

රෙදි ඇඳගෙන මහින්ද එක්ක හිටගන්න බැහැ - Duminda Dissanayake

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වූයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත බවත්, බලය වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා නොදෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා අද (16) සිය කාර්ය මණ්ඩලයට දැනුම්දී තිබේ.

මහරගම බයිසිකල් කණ්ඩායමේ හැඳුනුම්පත් වංචාවක්

මහරගම නගර සභාවට පොදුජන පෙරමුණේ සහයෝගය ලබමින් මෝටර් සයිකලය ලකුණින් තරඟ වැද ජයග්‍රහණය කල බඩල්ගම "මාමයිට් ජනපදයේ" අපේක්ෂක ලයිස්තුවේ බරපතළ දෝෂයන් පවතින බව අනාවරණය වෙමින් තිබේ. 

එම අපේක්ෂක ලයිස්තුවේ සදහන් පුද්ගලයින්ගේ ජාතික හැදුනුම්පත් අංක ව්‍යාජ ඒවා බව මේ වන විට තහවුරු වී තිබේ. 

නිමල් අගමැති කරන්න එජාපයෙනුත් මන්ත්‍රීලා ගිහින්?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ද මන්ත්‍රීවරු 07 දෙනෙකු එක්ව ඇතැයි වාර්තා වේ.

එජාපයෙන් එක්ව ඇති මන්ත්‍රීවරු ගණන 07ක් බව තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒකාබද්ධයටත් ඇමතිකම් !

එක්සත් ජනතා නිදහස් සන්ධානය (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය) පිහිටුවීමට නියමිත ආණ්ඩුවේ ඇමතිකම් ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කර ඇතැයි වාර්තා වේ.

තනි එජාප ආණ්ඩු නෑ - එජාපය අඩියක් පස්සට ගනී

පවතින ආණ්ඩුව තවත් ශක්තිමත් කරමින් ඉදිරියට පවත්වාගෙන යාමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.


මෙම තීරණය ගෙන ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවති එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදීය.

ජනපතිගේ විශේෂ ප‍්‍රකාශය හදිසියේම අවලංගු කෙරේ

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අද පෙරවරුවේ කැදවා තිබූ විශේෂ මාධ්‍ය හමුව හදිසියේම අවලංගු කර තිබේ.

කැදවීම් ලැබ තිබූ මාධ්‍යවේදීන්ට ඊයේ රාත‍්‍රියේ දන්වා ඇත්තේ එම හමුව අද දිනයේ නොපැවැත්වෙන බවයි.

ලබන අඟහරුවාදා කැබිනට්‌ මණ්ඩලයේ වෙනසක්

කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයක්‌ සිදු කරමින් එක්‌සත් ජාතික පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය යටතේ ජාතික රජය අඛණ්‌ඩව පවත්වාගෙන යැමට ආණ්‌ඩුව තීරණය කර ඇත.

ඒ අනුව ලබන අඟහරුවාදා (20දා) ජාතික රජයේ කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයක්‌ සිදු කෙරෙන අතර එය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සහ එක්‌සත් ජාතික පක්‌ෂය අතර පවතින අවබෝධතා ගිවිසුම අනුව සිදු කෙරෙන බව සභානායක උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා  පැවසීය.

දිගටම අගමැති රනිල් - රාජිත කියයි - Rajitha Senaratne

මැතිවරණ ප්‍රතිඵලය කුමක්‌ වුවද වත්මන් අගමැතිවරයා යටතේම යහපාලන ආණ්‌ඩුව දිගටම යන බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.


එසේ නමුත් ඉදිරි දින කිහිපය තුළ ඇමැති මණ්‌ඩල සංශෝධනයක්‌ සිදුවන බවද ඊයේ (15දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කීවේය.

ආණ්‌ඩුවේ සිටීමට බැරි අයට ඕනෑම මොහොතක ගිය හැකි බවද ඇමැතිවරයා සඳහන් කළේය.

Thursday, February 15, 2018

තනි ආණ්ඩු නාටකය අවසන් කරමින් යහපාලන සිනමාව නළු නිළි මාරුවක් සමග හෙට සිට සිනමාහලට

පවතින දේශපාලන වාතාවරණය හමුවේ එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් වෙනුවට තවදුරටත් යහපාලන සම්මුති ආණ්ඩුව ලෙස කටයුතු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීන්දු වූ බව වාර්තා වෙයි.

අද (15) වනදා එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම පෙරවරු 10.00 පමණ රැස්වූ බවත් එහිදී එම තීන්දුව ගෙන ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එහිදී පාර්ලිමේන්තු කණ්ඩායම අමතමින් එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම සහ එම පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් අදහස් දක්වමින් මේ බව සඳහන් කර ඇති බවද වාර්තා වෙයි.

සාගල රත්නායක මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට තීරණය කරයි

නීතිය හා සාමය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට අමාත්‍ය සාගල රත්නායක තීරණය කර තිබෙනවා. 

දේශපාලන අස්ථාවරත්වය නිසා අමාත්‍යාංශ වැඩකටයුතු එකතැන නවතී - ඉහල නිලධාරීන් තුෂ්නිම්භූතයි

පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට අත්ව තිබෙන දැඩි පරාජය හේතුවෙන් රාජ්‍ය සේවාව දැඩි සේ අකර්මණ්‍ය වී ඇති බව රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග සදහන් කරයි.

මැතිවරණ ප‍්‍රතිඵලයත් සමග ඇතිව තිබෙන දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් ඉහල පෙලේ රාජ්‍ය නිලධාරීන්, සියළු රාජ්‍ය සේවකයන් දැඩි සේ ව්‍යාකූල තත්වයට පත්ව තිබීම නිසා මෙම තත්වය ඇතිව තිබේ.

එජාප ආණ්ඩුවක් හදනවා - බහුතරය අපි පෙන්වන්න සූදානම් - ශ‍්‍රීලනිපයට අභියෝග කරමින් එජාපය යලිත් දන්වයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට පෙර එක්සත් ජාතික පක්‍ෂය විසින් පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට කඩිනම් සැලැස්මක් මේ වන විට දියත් කර තිබේ.


ශ‍්‍රීලනිපයට එක්වෙතැයි සැක සහිත එජාප මැති ඇමතිවරුන් ඉලක්ක කරමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ හිතවාදී පිරිස් විසින් හිත් හැදීමේ හා සංතෝෂම් දීමේ වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක වෙමින් ඇත.

මං අගමැති වෙනවා පිලිගැනීමේ උත්සව සූදානම් කරන්න කියා නිමල් සිරිපාල ද සිල්වා අගමැතිකමට වාලුකාරමයෙන් ආශිර්වාද ගනී - Nimal Siripala de Silva

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද උදැසන කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයට පැමිණ ආශීර්වාද ලබා ගෙන ඇතැයි වාර්තා වේ.


ඒ, මේ වන විට සාකච්ඡා කරමින් පවතින ඒකාබද්ධ විපක්ෂයේ සහය ඇතිව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බහුතර ආණ්ඩුවේ අගමැති තනතුරට යෝජනා වීම හේතුවෙනි.

නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන හෙට (16 වැනිදා) තමන්ගේ බහුතරය පෙන්වීමට සූදානම් වන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. 

මේ වන විට ශ්‍රීලනිල ජ්‍යෙෂ්ඨයෝ බහුතරය එක්රැස්කරගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටිති. 

ජෝනිගේ විරෝධයෙන් නිමල්ගේ අගමැති සිහිනය හබක්

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කර ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමට සහය දෙන්නැයි නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ඒකාබද්ධ විපක්ෂයෙන් කල ඉල්ලීමක් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ දැඩි විරෝධයට හේතුවෙන් බකල් වී ඇත.

මහින්ද සමග ආණ්ඩු කරන්න ශ‍්‍රීලනිප ඇමති පිරිසක් විරුද්දයිලු

කාබද්ද විපක්‍ෂයේ සහයෝගයෙන් ආණ්ඩුවක් පිිහිටුවන්නේ නම් ඊට සහයෝගය ලබා නොදීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකු තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

අගමැති වෙන්න සූදානම්ද? කතානායක කරූ දුන් පිළිතුර?

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර ඇති කරන නව ආණ්ඩුවේ අගමැති ධුරයට යෝජනා වී ඇතැයි පැවසෙන වත්මන් කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඒ සම්බන්දයෙන් විමසූ කල ඔහු එම ධුරය ප‍්‍රතික්‍ෂෙප නොකරයි. 

රනිල් එජාප නායකත්වයෙන් පන්නන්න තැන තැන රහස් කුමන්ත‍්‍රණ?

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට සහාය දැක්වීමත් සමගම එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා නෙරපා දැමීමට එම පක්‍ෂ ප‍්‍රබලයින් පිරිසක් සාකච්චා පවත්වමින් සිටිති.

ජනපති - අගමැති හමුවේදී - රංජන්ගෙන් ආණ්‌ඩුවට දොස්‌ - Ranjan Ramanayake

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (13 දා) සවස පැවති එක්‌සත් ජාතික පක්‌ෂ කැබිනට්‌ ඇමැතිවරුන්ගේ හමුවට අගමැතිවරයාගේ විශේෂ අවසරය මත සහභාගි වූ නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ආණ්‌ඩුව දැඩි ලෙස විවේචනයට ලක්‌කරමින් පළාත් පාලන මැතිවරණයේදී එ.ජා.ප. ය පරාජය වීමට හේතු දක්‌වා ඇත. 

Wednesday, February 14, 2018

නිමල් සිරිපාල අගමැති කරන්නවානම් ආණ්ඩුවට සහය දෙනවා - පොහොට්ටු පිල ජනපතිට පවසයි - Nimal Siripala de Silva


අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කිරීමට අතුරලියේ රතන හිමි ප්‍රමුඛව, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, අමාත්‍ය දයාසිරි ජයසේකර හා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.

මේ සාකච්ඡා ආරම්භ වී ඇත්තේ අද (14) පැවැති ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම හා ජනපතිවරයාගේ සාකච්ඡාවෙන් පසුවය.

ඒ එම සාකච්ඡාවෙන් පසුව මෛත්‍රීපාල මහතා නිමල් සිරිපාල ද සිල්වා මහතා කැඳවා ශ්‍රීලනිප ආණ්ඩුවක් සෑදීමට අවශ්‍ය නම් අගමැතිධූරය සිරිපාල මහතාට ලබාදීමට අකමැත්තක් නැති බවත්, එම අවස්ථාව ඔහුට පළමුව දෙන බවත්, ඒ සඳහා හෙට (15) පස්වරු 2.00ට පෙර වැඩි බහුතරය වන මන්ත්‍රීන් 113 පෙන්වන්වා ලබා ගන්නැයි පවසා තිබේ.

සන්ධාන රජයක් බිහිකරන්න - UPFA ජනපතිට කියයි

පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ගෞරවය හා විශ්වාස දිනාගත හැකි මන්ත්‍රීවරයෙක් අග්‍රාමාත්‍ය ධූරයට පත්කර නව රජයක් පිහිටුවන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයත්ත මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අද (14) පස්වරුවේ එම ඉල්ලීම ලිඛිතව ජනාධිපතිවරයා වෙත යොමු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය කමිටු ලේකම් තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය ධූරයේ රඳවාගෙන ආණ්ඩුව ඉදිරියට ගෙනයා නොහැකි බවට රනිල් පාවාදුන්නේ එජාපයේම මැති ඇමතිවරුලු - Ranil Wickremesinghe

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ රඳවාගෙන ආණ්ඩුව ඉදිරියට ගෙනයා නොහැකි බව පැවසුවේ එජාපයේම මැති ඇමතිවරු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට දැනුවූ බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එජාප මන්ත්‍රී කණ්ඩායම සමඟ අරලිය ගහ මැදුරේ පසුගියදා (13) සවස පැවැති රැස්වීමේදී හෙළිකර තිබේ.

පසුව ශ්‍රීලනිප අමාත්‍යවරු හා මන්ත්‍රීවරුද රනිල් ඉවත් කළ යුතු බවට යෝජනා කිරීම නිසා ජනපතිවරයා අදාළ තීන්දුව ගත් බව දැන්වූයේ යැයි සමරවික්‍රම මහතා වැඩිදුරටත් පවසා තිබේ.

ආණ්ඩුව දැඩි සත්කාර ඒකකයට - ‘ගම ජවිපෙට’ ඉල්ලපු අයට එක කොට්ඨාසයක් දිනා ගන්න බැරි වුණා - Anuruddha Bandara

ආණ්ඩුව දැන් දැඩි සත්කාර ඒකකයක, යන්ත්‍රයක ආධාරයෙන් දිවි රැකගෙන සිටින රෝගියකුගේ තත්ත්වයට පත්ව ඇති බවත් එහෙයින් ඔවුන් තවදුරටත් බලයේ රැඳී සිටීමට මාර්ග නොසොයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.


පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක දී එහි ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවැසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

“පොහොට්ටුවට ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දුන් ජනතාවට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ආණ්ඩුව තමන් සතු උපරිම බලය යොදාගනිමින්, විවිධ නොමඟ හැරීම් සිදු කරද්දී තමයි ජනතාව මෙවැනි ප්‍රතිඵලයක් නිර්මාණය කර දුන්නේ. ඒ වගේම අපි හඳුනා ගන්නවා මෙම ජයග්‍රහණය ‘නිහඬ මහජන විප්ලවයක’ ප්‍රතිඵලයක් ලෙස.

2015 ජනවාරි 8 වැනිදා තමුන් ගත්තු තීරණය වැරැදි බව තේරුම් ගෙන ‘රට ආපස්සට ඇදගෙන යන මේ පාලනය ගෙදර යැවිය යුතුයි’ කියන පණිවිඩයයි මේ රටේ ජනතාව පෙබරවාරි 10 වැනිදා ලබා දුන්නේ. බටහිර බලවතුන්ගේ, දෙමළ ඩයස්පෝරාවේ, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල ඩොලර් පොම්ප කිරීම මතයි, මේ පරගැති පාලනය බිහි වූයේ. මේ ‘සිරිසේන – වික්‍රමසිංහ – අනුර – සම්බන්ධන් හවුල’ තමන්ට ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු නොකළාට, ඉහත කී බටහිර බලවතුන්ට, දෙමළ ඩයස්පෝරාවට, රාජ්‍ය නොවන සංවිධානවලට ලබා දුන් පොරොන්දු නම් ඉටු කරන බව මේ වසර 3 තුළ ජනතාව වටහා ගත්තා.

රට බෙදන ව්‍යවස්ථා හැදෙන්නේ, එට්කා ගිවිසුම එන්නේ, හම්බන්තොට වරාය වැනි ජාතික සම්පත් විකිණෙන්නේ, අධ්‍යාපන, සෞඛ්‍ය සේවාවන් කප්පාදු කරන්නේ, රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප කප්පාදු වෙන්නේ, පොහොර සහනාධාරය කප්පාදු වෙන්නේ බටහිර බලවතුන්ගේ, ඉන්දියාවේ, දෙමළ ඩයස්පෝරාවේ උවමනාව මත. මේ සියල්ල මැනවින් වටහා ගත්තු මේ රටට අසීමිතව ආදරය කරන ජනතාව තමයි ‘මේ නිහඬ විප්ලවයේ’ පෙරගමන්කරුවන් වුණේ.

‘ජයග්‍රහණයේ සලකුණ’

මේ ජයග්‍රහණයේ සලකුණ අන් කිසිවක් නොවෙයි, මේ රටට සාමය උදාකර දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමායි. මේ රට යළිත් ඉල්ලා සිටින්නේ එතුමාගේ නායකත්වයයි. ඒ නිසා අපි දකිනවා, පෙබරවාරි 10 වැනිදා කියන්නේ මේ රටේ ජනතාව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කර මත සුවිශාල වගකීමක් පැටවූ අවස්ථාවක් ලෙස. ජනාධිපති, අගමැති, විපක්ෂ නායක හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන අය හතරට බෙදිලා එක කඳවුරකට පහර දුන්නා. නමුත් භූමියේ 72%ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට අපට හැකි වුණා. 40%ක සමානුපාතික ලයිස්තුව නැතිවුණා නම් ඇතැම් පක්ෂවලට එක මන්ත්‍රී ධුරයක් දිනා ගැනීම්ට ලැබෙන්නේ නැහැ.

‘ජනවරමෙන් ඔප්පු කළ දේ’

‘බැඳුම්කර හොරුන්ට මේ රටේ ඉඩක් නැහැ, බෙදුම්වාදී ව්‍යවස්ථාවක් ගෙන ඒමට ඉඩ දෙන්නේ නැහැ. රණවිරු දඩයමට ඉඩක් නැහැ. රාජ්‍ය සම්පත් විකිණීමට ඉඩක් නැහැ. රටත්, ජනතාවත් පීඩාවට පත් කරන මේ ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යෑමට දෙන්නේ නැහැ.’ කියන එක මේ ජනවරමෙන් ඔප්පු කරලා පෙන්නුවා. පසුගිය අවුරුදු තුනේම මේ ආණ්ඩුව ඉදිරියට ආවේ තම දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කරමින්. බන්ධනාගාර බස් රථ, මාංචු දමාපු අත් පෙන්වමින් ඒ අය ජනතාව පිනවන්න හැදුවා. නමුත් ලැබුණු ප්‍රතිඵලයෙන් කියන්නේ ජනතාව ඒ දේශපාලන දඩයමට එරෙහිව තම කතිරය යොදාගත් බවයි. ඒ නිසා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සමස්ත වැඩපිළිවෙළ මේ රටේ ජනතාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ අවස්ථාවක් ලෙස මෙය හඳුනාගත යුතුයි. ඒ නිසා මේ ආණ්ඩුවට තම සංයුතිය වෙනස් කරමින් තවදුරටත් බලයේ ඉඳීමට ඉඩක් නැහැ.

‘පැලැස්තර විසඳුම්’

දැන් සාකච්ඡා යනවා, එක්සත් ජාතික පක්ෂය සුළුතර ආණ්ඩුවක් හැදීම ගැන, එහෙම නැත්නම් දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ඇතිව ආණ්ඩුවක් හැදීම ගැන. ජනාධිපතිතුමාගේ පාර්ශ්වයෙන් දැන් සාකච්ඡා කරනවා කරු ජයසූරිය මහතා අගමැති ධුරයට පත් කළ ජාතික ආණ්ඩුවක් හැදීම ගැන. ජනතාව, ජනාධිපති-අගමැති එකට තියලා පරද්දලා තිබෙනවා. එහෙම තිබියදී මෙවැනි ජනමතයට එරෙහි පැලැස්තර විසඳුම් ගෙන ඒම අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.

‘අයිසීයූ එකේ ලෙඩෙක් වගේ’

ඔළුගෙඩි මාරුකර හදන ආණ්ඩු ජනතාව අනුමත කරන්නේ නැහැ. මේ ‘සිරිසේන – වික්‍රමසිංහ සම්බන්ධන් – අනුර හවුල’ ජනතාව මේ භූමියෙන් එළවා දමා තිබෙනවා. පළාත් පාලන මැතිවරණය කියන්නේ පවතින ආණ්ඩුවට වාසිදායක මැතිවරණයක්. ඒ නිසයි ආණ්ඩුව ජවිපෙත් එකතු කර ගෙන පළාත් සභා මැතිවරණ කල් දමා මේ ආකාරයට හෝ පළාත් පාලන මැතිවරණය පැවැත්වූයේ. එවැනි මැතිවරණයක දී තමයි ජනතාව මෙසේ තමන්ගේ කැකෑරෙන වේදනාව, කතිරයේ බලයෙන් පෙන්වා දුන්නේ. අද මේ ආණ්ඩුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පිහිටෙන්, ‘අයිසීයූ එකේ ඉඳන් මැෂින් එකෙන් දුවන ලෙඩෙක් වගේ’ නොමැරී ඉන්නවා. ඒ නිසා අපි කියනවා ‘දැන්වත් ජනමතයට හිස නමා, පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වා ජනතාවට අභිමත පාලනයක් පිහිටුවා ගන්න ඉඩ දෙන්න’ කියලා.

‘රාජිතට පිළිතුරක්’

දැන් රාජිත සේනාරත්න ඇමැතිවරයා කියනවා, ‘මහින්ද රාජපක්ෂ බහුතර ජනතාව ප්‍රතික්ෂේප කරලා තිබෙනවා’ කියා. ඔහුගේ තර්කයට අනුව මෛත්‍රීපාල සිරිසේන මේ රටේ ඡන්දදායකයන්ගෙන් 88%ක් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ 68%ක්, ජවිපෙ 94%ක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. රාජිත සේනාරත්නගේ තර්කයට අනුව මේ රටේ ජනතාව අඩුවෙන්ම ප්‍රතික්ෂේප කරලා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව. ඒ නිසා අපි රාජිතට කියනවා ‘නිකන් බොරුවට අංක ගණිතය එහාට මෙහාට කරන්න යන්න එපා. එකෙන් ඔයාලා තවදුරටත් අමාරුවේ වැටෙනවා’ කියලා

‘ගම ජවිපෙට’ ඉල්ලපු අයට එක කොට්ඨාසයක් දිනා ගන්න බැරි වුණා


අපි පළාත් පාලන ආයතන 340න් 244ක බලය ලබා ගෙන තිබෙනවා. ආණ්ඩුව හා හීලෑ විපක්ෂය ඇතුළු අනෙක් සියලුදෙනා දිනා ඇත්තේ ආයතන 96ක් පමණයි. ඒ වගේම අපට මතකයි, අනුර දිසානායකලා ‘ගම ජවිපෙට’ ඉල්ලුවා. අවාසනාවක මහත, ‘ගම ජවිපෙට’ ඉල්ලපු අයට එක කොට්ඨාසයක් දිනා ගන්න බැරි වුණා. භූමියේ අරගල කරනවා කියපු අය ලැජ්ජා වෙන්න ඕනේ. සමානුපාතික ලයිස්තුවට පිං සිද්ධ වෙන්නයි ජවිපෙ යම් මන්ත්‍රී ධුර ප්‍රමාණයක් ලැබුවේ. බෙදුම්වාදයට පක්ෂව සහ සංස්කෘතික විනාශයකට මුල පුරමින් තම ඉතිහාසය අමතක කරපු ජවිපෙ, අද මේ රටේ ජනතාව, ආණ්ඩුව සමග එක්ට තබා පරදවා තිබෙනවා. 2020 රටේ බලය ගන්න බලා සිටි වාමවාදී දේශපාලන පක්ෂය අද ඇද වැටී ඇති තැන බලන්න. ඩීල් දැමීමේ ප්‍රතිඵල තමයි මේ පෙනෙන්නේ. ‘ගුණදාස කපුගේලා’ වේදිකාවෙන් බස්සලා අද ‘ජිප්සීස් සුනිල්’ වේදිකාවට ගත් ජවිපෙට නිසි පිළිතුරක් ලැබී තිබෙනවා. මේ සියලුදෙනාට දේශපාලන වේදිකාවෙන් බැස යන්න කියන පණිවිඩය තමයි පෙබරවාරි 10 වැනිදා ලැබුණේ.”
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

අපි තරහයි කියපු - පරාජයෙන් පසු අද කැබිනට් හමුවට සියළු එජාප-ශ‍්‍රීලනිප ඇමතිවරුන් එයි - Sri lankan Cabinet

පළාත් පාලන මැතිවරණයෙන් පසු පැවැත්වෙන පළමු කැබිනට් මණ්ඩල හමුව අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙයි.

අගමැතිකමෙන් යන්න; මෛත්‍රී රනිල්ට කියයි - Maithripala Sirisena

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් වී වෙනත් අයකු අගමැති ධුරයට පත් කර ආණ්‌ඩුව කර ගෙන යන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (12 දා) අගමැතිවරයාගෙන් ඉල්ලීමක්‌ කර තිබේ.


ජනාධිපති නිල නිවසේදී පෙරේදා රාත්‍රී අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර පැවැති හමුවේදී ජනාධිපතිවරයා එම ඉල්ලීම කර ඇති බව රජයේ ආරංචිමාර්ග දිවයිනට ඊයේ ප්‍රකාශ කළේය.

සුබදායි තීරණයක් අද

ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයාගේ නිල නිවසේ ඊයේ (13) පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඇමැති සජිත් ප්‍රේමදාස

එජාපය සමග ආණ්ඩු කරන හා විපක්‍ෂයට යන ශ‍්‍රීලනිප ඇමති ලයිස්තුව මෙන්න - Exclusive

පලාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සමඟ ආණ්ඩුවේ පැවැති ඇති අර්බුදය ක්‍රමයෙන් පහ වී නැවත වරක් සියල්ලම අගමැති රනිල් වික්‍රමසිංහ සහ සිරිසේන ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි අවසන් වෙමින් පවති.

ඒ අනුව බොහෝ දුරට එජාප සමඟ ශ්‍රිලනිප ජාතික ආණ්ඩුව පවත්වාගෙන යෑමට විරුද්ධ වූ කොටස් ඔහුන් විසින්ම පාලනය කර ගෙන ඇති අතර කිහිප දෙනෙකු හැරුණු කොට අනිකුත් සියලු දෙනාම සුපුරුදු පරිදි අමාත්‍ය ධූරයන් හි ඇති සුඛෝපභෝගි පහසුකම් භුක්ති විදිමින් ඉදිරි වසර 2 ක් එසේ යෑමට තීරණය කර ඇති බැව් ප්‍රධාන පක්ෂ දෙකටම සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

එජාප ආණ්ඩුවක් හදන්න පසුපෙළ මන්ත්‍රීවරු අගමැතිගෙන් ඉල්ලති

එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙස පක්ෂයේ මන්ත්‍රිවරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ජා කැර ඒ පිළිබඳව තීරණයක් ගන්නා බව අගමැතිවරයා දැනුම් දුන් බවත් එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රිවරු සඳහන් කරති. තනි මතයක්, තනි කුඩයක්, තනි ගසක් ‍, තනි සෙවනක් යටට ආණ්ඩුව පත් විය යුතු බවද මෙම මන්ත්‍රිවරු පෙන්වා දෙති.


ජාතික ආණ්ඩු හවුල නිසා රටට වැදගත් තීන්දු තිරණ ගැනීමට නොහැකි වූ බවද මෙම පිරිස මෙවර මැතිවරණ ප්‍රතිඵල වලින් ජනතාව පෙන්වා දෙන්නේ එජාප තනි ආණ්ඩුවක් පිහිටුවන්න යන පණිවිඩය බවද මෙම මන්ත්‍රිවරු පැවසුහ. එක්සත් ජාතික පක්ෂයේ කැබිනට්, රාජ්‍ය , නියෝජ්‍ය ඇමැතිවරු සහ මන්ත්‍රිවරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අරලිය ගහ මන්දිරයේදී පෙරේදා (12) පැවති සාකච්ජාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරු මේ බව සඳහන් කළහ.

Tuesday, February 13, 2018

සාගල ඉවතට දමා පොලිසිය රාජිතට බාර දෙන බව නිවුස් ටියුබ් කියයි

ඉදිරියේදී පැවැත්වෙන අමාත්‍ය සංශෝධනයේදී නීතිය හා සාමය අමාත්‍යංශය රාජිත සේනාරත්න මහතා යටතට පත් කිරීමට ජනාධිපතිවරයාට නිර්දේශ කරන්නැයි එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කර තිබේ.

නොසිතු දෙයක් වෙයි - පොහොට්ටු ආසන සංවිධායකයන්ගෙන්- මහින්දට දැඩි විරෝධය - mahinda rajapaksa

පැවති පළාත් පාලන මැතිවණයේදී සිය ආසනයන් අන්ත පරාජයකට ලක් වූ කිසිදු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරයෙකු ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට පත් කර නොගන්නා ලෙස එම පක්‍ෂ ආසන සංවිධායකයන් රැසක්ම හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.

පසුගිය තුන් වසර පුරාව අනේක විධ දුක් ගැහැට විදිමින් දේශපාලනය කල තමන්ගේ ආසන සංව්ධායක ධුරයන් අවස්ථාවාදීන්ට යලි ලබා දීමට කිසිසේතම නොහැකි බවත් එම පිරිස් පෙන්වා දී ඇත.

අගමැති රකින්න ඇමති මංගල සටනට

පළාත් පාලන මැතිවරණයෙන් ලද පරාජය බාරගනිමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට එජාප පසුපෙලින් හා ශ්‍රීලනිප ඇමතිවරුන් ගෙන් එල්ලවී ඇති බලපෑම් මුළුමනින්ම ප්‍රතික්ෂේප කර සිටින මංගල සමරවීර හා රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් මැතිවරණ පසුබැසීම අගමැතිවරයා මත පමණක් පැටවීම යුක්ති සහගත නොවන බව අවධාරණය කර සිටිති.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තහවුරු කර ඇති බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්ව සජිත් ප්‍රේමදාස මහතාට හෝ කරු ජයසූරිය මහතාට නායකත්වය ලබාදිය යුතු බවට එජාපය තුළින්ම ඉල්ලීම් මතුවෙමින් පවතින බවත් 'බීබීසී සිංහල සේවය' වාර්තා කර ඇත.

මහින්දගේ ජයග්‍රහනය පිටුපස සිටායේ සිංහල බෞද්ධයින් - ඉන්දියානු මාධ්‍ය පවසයි


ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණයේදී පොදු ජන පෙරමුණ ජය ලබා ඇත්තේ සිංහල බහුතර ජනතාවක් ජීවත්වෙන ප්‍රදේශවල ජන්ද ලබාගනිමින් බව The Hindu වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

එසේම දමිළ ජනතාව බහුතරයක් ජිවත්වන ප්‍රදේශවල බලය හිමිව ඇත්තේ දෙමළ සන්ධානයට බව ඔවුන් වාර්තා කර ඇත.

අගමැතිකම ගැන සජිත්ගෙන් ඉගියක් - Sajith Premadasa

අග‍්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුවන්නේ දැයි මාධ්‍යවේදීන් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගෙන් ඊයේ (12) විමසීමක් කළා.


ඒ, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් සහ අග‍්‍රාමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි අවස්ථාවේදීයි.

ප්‍රශ්නය - අග්‍රාමාත්‍ය ධූරයේ වෙනසක් ගැන සාකච්ඡා වුණාද?

ප්‍රසාද මන්ත්‍රී ධුර පිරිනැමීමේ අසාධාරණයට එරෙහිව උසාවි යනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි - Sisira jayakody

පළාත් පාලන මැතිවරණයේදී ප්‍රසාද මන්aත්‍රී ධුර ලබාදීමේදී දැඩි අසාධාරණයක්‌ සිදු වී ඇති බවත් එයට එරෙහිව අධිකරණයට යන බවත් ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ඊයේ (12දා) පැවසීය.

පළාත් පාලන මැතිවරණයේදී මහර ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය බල ප්‍රදේශයේ කොට්‌ඨාස 32 න් 31 ක්‌ම ජයග්‍රහණය කර ඇතත් ප්‍රසාද ආසන හිමි නොවී එක්‌ කොට්‌ඨාසයක්‌ ජය ගත් එක්‌සත් ජාතික පක්‌ෂයට මන්ත්‍රී ධුර 14 ක්‌ ලැබී ඇතැයිද කීවේය.

මහින්ද මහ ඡන්දයක්‌ ඉල්ලයි - Mahinda Rajapaksa

ජනමතයට ගරු කරමින් ආණ්‌ඩුව වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යා යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සඳහන් කළේය.

වහාම මහ මැතිවරණයට ගොස්‌ ජනතාවට තීන්දුවක්‌ ගැනීමේ අවස්‌ථාව ලබාදිය යුතු බවට පැහැදිලි පණිවුඩයක්‌ පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව ලබාදී ඇතැයිද රටේ පවතින අස්‌ථාවර භාවය නැති කිරීමට දැන් තිබෙන හොඳම ක්‍රියාමාර්ගය මහ මැතිවරණයකට ගොස්‌ ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ පිහිටුවීම බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මිලියන 4012ක මූල්‍ය වංචාවට හිටපු වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්ට වරෙන්තු

ගිං- නිල්වලා යෝජනා ක්‍රමය සඳහා අනූමත මුදලින් චීන සමාගමකට ගෙවීමට පොරොන්දු වී ඉන් සියයට පහක මුදලක් අත්තිකාරම් ලෙස ලබා ගෙන රජයේ මුදල් රුපියල් මිලියන 4012ක් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධීයේ හිටපු වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අයිවන් සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (12) විවෘත වරෙන්තුවක් නිකුත් කළාය.

වසර හතරහමාර ගතවනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ - Jayampathy Wickramaratne

යම් හෙයකින් පාර්ලිමේන්තුව විසුරුවන ලෙස යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එම යෝජනාව තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත වියයුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස හිටපු ජනාධිපති, පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජයම්පති වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජයම්පති වික්‍රමරත්න මහතා සඳහන් කළේ වත්මන් පාර්ලිමේන්තුව වෙනුවෙන් වසර පහක ජනතා වරමක් ලැබී ඇති බවත් පාර්ලිමේන්තුව ගැන කතා කිරීම වෙනුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනතා වරම ලබා දී නොමැති බවයි.මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම කවරක් සඳහන් කළත් ඔවුන්ගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මෙවර පළාත් පාලන මැතිවරණයේදී හිමිව ඇත්තේ 2015 ජනාධිපතිවරණයේදී ඔවුන්ට ලැබුණු ජන්ද ප්‍රමාණයටත් වඩා අඩු ඡන්ද ප්‍රමාණයක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මිලියන හයකටත් වඩා ජනතාව රාජපක්ෂ පාලනයකට එරෙහිව ඡන්දය දුන්නා - Mangala Samaraweera

පැවැති පළාත් පාලන මැතිවරණයෙන් රටේ ජනතාවගෙන් මිලියන හයකට අධික ජනතාවක් රාජපක්ෂ පාලනය නැවත පැමිණීමට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

2015 ජනවාරි පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට මිලියන 5ක් ඡන්දය ප්‍රකාශ කළද මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ඔහුගේ ඡන්ද ප්‍රමාණය අඩු වී පසුබෑමකට ලක් වී ඇතැයි ඇමැතිවරයා සඳහන් කරයි. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

Monday, February 12, 2018

ජනාධිපති හෙට ජාතිය අමතයි - රනිල් බහුතරය පෙන්නා ලග ලගම දේශපාලන පෙරලියක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙට (13) දිනයේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එහිදී යහපාලන සම්මුති ආණ්ඩුවේ ඉදිරි කටයුතු මෙන්ම වත්මන් කැබිනට් මණ්ඩලය සම්බන්ධවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා සන්ධානය සම්බන්ධවත් තීරණාත්මක කරුණු කිහිපයක් පිළිබඳ ජනාධිපතිවරයාගේ මතය හෙළිකිරීමට සුදානමක් ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

2020 ජනපතිවරණයටත් සුදානම්? - ගෝඨා මවුබිමට

විදේශගතව සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන මවුබිමට පැමිණියා, ඒ ඔහු පෞද්ගලික අවශ්‍යතාවයක් සදහා සිදු කළ ඇමෙරිකානු සංචාරය නිමා කරමින්.

පළාත් පාලන මැතිවරණයෙන් ඒකාබද්ධ විපක්ෂ සහය දුන් පොදුජන පෙරමුණ බහුතර පළාත් පාලන ආයතන ගණනක බලය තහවුරු කර ගනිමින් ජයග්‍රහනය කළ අතර සැම දෙනාගේම අවදානය යොමුව තිබෙන්නේ 2020 වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කෙරෙහියි.

ජනපතිගේ එකඟතාවයෙන් එජාප තනි ආණ්ඩුවක්.

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟතාව ලැබී ඇතැයි වාර්තාවේ.

ඊයේ (11දා) රාත්‍රියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් පැවැති අතර, එහිදී ජනාධිපතිවරයා මෙම එකඟතාවට පැමිණ තිබේ.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තිවලින් සමන්විත එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් වහාම නිර්මාණය කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂ අමාත්‍යවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ(11දා) පස්වරුවේදී දැනුම්දී තිබිණි.

ආණ්ඩු පරාජයේ වගකීම ජීවන වියදම් කමිටුවේ ප්‍රධානියා මලික් මතට

පළාත් පාලන මැතිවරණයේදී හවුල් ආණ්ඩුවේ පක්ෂ දෙකම ජනතාව ප්‍රතික්ෂේප කිරීමට මූලිකවම බලපෑ හේතුව වන්නේ ජීවන වියදම ඉහලයාම පාලනය නොකිරීම බවට මේවන විට එජාප හා ශ්‍රීලනිප අමාත්‍යවරුන් බහුතරයකගේ මතයවී ඇතැයි වාර්තා වේ.

රාජපක්ෂ හිතවාදියෙකුගෙන් රුපවාහිනී සංස්ථාවේ ජාතික සේවක සංගමයේ උපසභාපතිට ප්‍රහාරයක්

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ ජාතික සේවක සංගමයේ උපසභාපති ධූරය දරන මාධ්‍යවේදියෙකුට පසුගිය 10 වනදා  දහවල් මැතිවරණය පැවැත්වෙන  අවස්ථාවේදී ප්‍රහාරයක් එල්ල වී ඇති බවට අපට තොරතුරු වාර්තා වේ .මෙලෙස එම උපසභාපතිවරයා වෙත ප්‍රහාරය එල්ල වී ඇත්තේ සංස්ථාවේ පුවත් අංශයේම සේවයේ නියුතු පසුගිය රාජපක්ෂ රජය රැකගැනීම සදහා අවසන් මොහොත තෙක් දැවැන්ත කාර්යයක ඉටු කල රාජපක්ෂ හිතවාදියෙකුගෙන් බවයි .නම හෙළි නොකරන සංස්ථාවේ සේවකයකු අපට කියා සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දහවල් සිය චන්දය භාවිතා කළ පුවත පළ කිරීමට යාමේදී ඇතිවූ කතාබහක් දුරදිග යාමත් සමඟ මෙම පුද්ගලයා  ජාතික සේවක සංගමයේ උපසභාපතිවරයාට පහර දී තිබේ . 

කරූගෙන් තිස්සට ඇමතුමක් ? එජාප මහ ලේකම් තිස්ස? - Tissa Attanayake

එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණයේදී ලැබූ බරපතල පසුබෑම යළි කනපිට හැරවීමට නම් සමස්ථ පක්ෂ ව්‍යුහයේම ප්‍රතිසංවිධානය කළ යුතු බවත් එහිදී තමන් යළිත් පක්ෂයට එක්ව පක්ෂය ජයග්‍රාහී මාවතට ගැනීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

තිස්ස අත්තනායක මහතාට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්ධූරය ලබාදෙන්නේ නම් යළිත් පක්ෂයට පැමිණීමට සූදානමක් ඇති බවට ලැබුණු තොරතුරක් පිළිබඳ කළ කරුණු විමසීමේදී ඔහු මේ බව පැවසීය.

හවුලට තිත - එජාප තනි ආණ්ඩුවක් ?

එජාපයේ ප්‍රබල ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්  ඊයේ  (11) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුව හවුල් ආණ්ඩුවට තිත තබා එජාප තනි ආණ්ඩුවක් හදන ලෙස ඉල්ලීමක් කර තිබේ.

තවත් කැඳහැළි සැකසිය නොහැකි බවත්, එජාප ආර්ථික හා දේශපාලන දර්ශනය පෙරටු කරගත් තනි ආණ්ඩුවක් සකසන ලෙස ඔවුන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර ඇත.

'රටට වෙනසක් ඕන' -මහින්ද


පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව පෙනී යන්නේ රටට වෙනසක් අවශ්‍ය බව යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නිල නොවන ජන්ද ප්‍රතිඵල අනුව පොහොට්ටුව ඉදිරියෙන් - SLPP

පළාත් පාලන මැතිවරණයේ නිල නොවන ජන්ද ප්‍රතිපල මේ වනවිට නිකුත් වී ඇති අතර එම ප්‍රතිඵල අනුව වැඩි ජයග්‍රහණයක් හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බව වාර්තා වේ.

කෙසේවෙතත් මැතිවරණ කොමිසම් සභාවෙන් මෙතෙක් නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් නොකළ ද නිල නොවන ඡන්ද ප්‍රතිඵල සමාජජාල වෙබ් අඩවි ඔස්සේ මේ වනවිට ප්‍රචාරණය වෙමින් පවතී.

ඒ අනුව නිල ඡන්ද ප්‍රතිඵල අනුව පොදුජන පෙරමුණ ඉදිරියෙන් පසුවන ස්වභාවයක් දැක ගත හැකි වීම විශේෂත්වයකි.

මාතර පුහුල්වැල්ලේ ඡන්ද 10,000කට වෙච්ච දෙයක් නැහැ

මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 10,155 ක පමණ ඡන්ද ප්‍රමාණයකට සිදුවූ දෙයක් නොමැති බව එහි නිල ඡන්ද ප්‍රතිඵලය නිරීක්ෂණය කිරීමේදී පෙනීයයි.

කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 24,290 ක් වන අතර එහි වලංගු ඡන්ද සංඛ්‍යාව 24,048 කි.

උදයංග ගේන්න ඩුබායි ගිය කණ්ඩායම සාකච්ඡා අරඹයි - udayanga weeratunga,

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඩුබායි ගොස් සිටින රාජ්‍ය නිලධාරී කණ්ඩායම එරට විදේශ අමාත්‍යාංශය සහ අදාළ අංශ සමඟ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර තිබේ.

අවශ්‍ය නීතිමය උපදෙස් ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු එහි ගොස් සිටින රාජ්‍ය නිලධාරී කණ්ඩායමට අයත් වන අතර අවශ්‍ය නීති උපදෙස් ඔහු ලබාදෙන බව දිනමිණ කරන ලද විමසීමකදී නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. එම කණ්ඩායමට අවශ්‍ය වුව හොත් අවශ්‍යතාවයට අනුව තවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් දෙදෙනෙකු පිටත් කර යැවීමටත් සූදානමින් සිටින බවත් නීතිපති ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.