BREAKING NEWS
latest

728x90

468x60

Saturday, February 24, 2018

ඔයා මම කවුරු කියලද හිතාගෙන ඉන්නෙ. මම එක එකාට දෙකට නැවෙන්න යන්නෙ නැහැ - බැසිල්ගෙන් ගම්මන්පිලට කැපිල්ලක්

දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්‍රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින් ඒකාබද්ධ ජනරැල්ලට උරදුන් පක්ෂ නායකයින් හට කැපිල්ලක් ක්‍රියාත්මක කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.


එහි පළමු ප්‍රහාරය එල්ල වූයේ පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිලටයි. ඊයේ (23) දින පැවති ඒකාබද්ධ පොදුජන පෙරමුණේ පක්ෂ නායක හමුව සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලට ආරාධනා කර නොමැති බව වාර්තා වේ. ඒ අනුව ගම්මන්පිල විසින් බැසිල් රාජපක්ෂ හට දුරකථනයෙන් අමතා සිය පක්ෂයට ආරාධනා නොකලේ ඇයි දැයි විමසා ඇත. එයින් උරණ වූ බැසිල් මෙසේ පවසා ඇත.

ඇගට පතට බඩට කටට හදවතට දැනෙන වැඩක් දින තුනක් ඇතුලත එනවා – සජිත් Sajith Premadasa

දින තුනක් ඇතුලත ජනතාවගේ ඇගට පතට බඩට කටට හදවතට දැනෙන, ඇස් දෙකට පෙනෙන කන්වලට මිහිරි ජනතා සුබ සාධන සැලැස්මක් රට පුරාම දියක් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් වන බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

මැතිවරණ ප්‍රතිඵලය තේරුම් ගත්තා - ජනතා අපේක්‍ෂා ඉටු කරනවා

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය දෙස අවධානය යොමු කර පැවැති වැරදි හා අඩුපාඩු නිවැරදි කර ගනිමින් ජනතා අපේක්‍ෂා මුදුන්පත් කරලීම උදෙසා පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(23) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවක දී පැවසීය.


ජනතාව ලබා දුන් ජන වරම අනුව ඒ රාමුව තුළ සිටිමින් අවශ්‍ය සංශෝධන, යායුතු වේගය, වැරදි හා අඩුපාඩු, සංශෝධනය විය යුතු කරුණු සහ අළුතෙන් කළ යුත්තේ කුමක්ද කියා සාකච්ඡා කර තීරණයට එළැඹෙන බව ද එහිදි ජනතාව ලබාදී ඇති ජනවරම තුළ සැමවිටම ක්‍රියා කරන බවත් කිසි ලෙසකින්වත් ඒ රාමුවෙන් පිට නොයන බවද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කෙළේය.

මතින් ගම මුදාගැනීම අරඹා අවසන් - ජනපති

සාමකාමී ශ්‍රී ලාංකීය සමාජයක් ස්ථාපිත කිරීම උදෙසා ග්‍රාමීය ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීමේ අරමුණින් 'මතින් නිදහස් රටක්' ජාතික වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක 'ගම හදා ගමු' ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ ලංකාවේ සියලූම ගම්මානවල ප්‍රජා පොලිස් කමිටු මූලික කර ගෙන මත්ද්‍රව්‍ය වැටලීම් පුනරුත්ථාපන හා නිවාරණ කටයුතු මේ වන විටත් ආරම්භ කොට ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ෆොන්සේකාට පොලීසිය දීමට ශ‍්‍රීලනිපය විරුද්ද වේ

ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීලර්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යංශය බාර දෙන ලෙස එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපතිවරයාට යෝජනා කර ඇත.

ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් රැසක් එම යෝජනාවට විරෝධය පල කර ඇති බවද වාර්තා වෙයි.

Friday, February 23, 2018

තමන්ට එරෙහි නඩුව විභාගයට නොගන්නයි ගෝඨාගෙන් ඉල්ලීමක්

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කර ඇතැයි කියමින් තමන්ට එරෙහිව අල්ලස් ⁣කොමිසම ⁣පැවරු නඩුව විභාගයට ගැනීම අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23) අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කළේය .

විපක්‍ෂය ජාතික ආණ්‌ඩුවේ අලුත් ලියවිල්ල ඉල්ලයි - Joint Opposition

ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීම සඳහා එක්‌සත් ජාතික පක්‌ෂය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය අත්සන් කළ අලුත් ලියවිල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඉල්ලා සිටිද්දී ජාතික ආණ්‌ඩුව පිහිටුවීමේ යෝජනාව නීත්‍යානුකූල බවට තමන්ට නීති උපදෙස්‌ ලැබී ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (22දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විසින් ජාතික ආණ්‌ඩුව පවත්වාගෙන යන බවට කළ ප්‍රකාශයන්ට අමතරව තමන්ද මේ පිළිබඳ නීති උපදෙස්‌ ලබා ගත් බව කථානායකවරයා කීවේය. 

මෙන්න කැබිනට් සංශෝධනයේ පුටු මාරුව වෙන හැටි - මංගල, චම්පික සහ රාජිතගේ ඇමති දූර කිසිදු වෙනසක් නෑ - හරින්ට විදේශ - cabinet reshuffle

යහපාලන ආණ්ඩුවේ යෝජිත කැබිනට් සංශෝධනයට අදාළ එක්සත් ජාතික පක්ෂයේ ලැයිස්තුව 22 වනදා සන්ධ්‍යාවේ ජනාධිපතිවරයා වෙත යොමුකළ බව එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.


එජාප ආරංචිමාර්ග හරහා වාර්තා වන ආකාරයට කැබිනට් සංශෝධනයට අදාළ අවසන් ලියවිල්ල සැකසීම එක්සත් ජාතික පක්ෂයට ද අභියෝගයක් වී ඇති අතර ඒ මෙතෙක් අමාත්‍යංශ දරමින් විවිධ දුෂණ අක්‍රමිකතා සහ අක්‍රීය ලෙස අමාත්‍යංශ හසුරවන ලද අමාත්‍යවරුන් වෙත එම අමාත්‍යධුර නැවත ලබානොදීමට කටයුතු කිරීමට සිදුව තිබු නිසාය.


එසේම එම තීරණයට ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා පොදු එකඟතාවක් පලවී තිබු මුත් පළාත් පාලන මැතිවරණයෙන් පසුව එජාපය තුළ ඇතිවූ මතගැටුම් හේතුවෙන් මෙම ඇමති විෂය නම් කිරීම ඉතා දුෂ්කර කටයුත්තක් වූ බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.


SF ට පොලීසිය

එසේම සරත් ෆොන්සේකා අමාත්‍යවරයා වෙත මෙතෙක් ලබාදී තිබූ ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යධුරය වෙනුවට නීතිය හා සාමය අමාත්‍යාංශය ඔහුට පිරිනමන්නට එජාප නායකත්වය තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

සරත් ෆොන්සේකා අමාත්‍යවරයා නීතිය හා සාමය විෂය තුළ උස් පහත් භේදයකින් තොරව නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම සඳහා එම අමාත්‍යංශය මෙහෙයවනු ඇති බවය. එසේම ඒ හරහා පසුගිය පාලක රෙජීමයේ දුෂිතයන් සහ විවිධ අක්‍රමිකතා වලට සම්බන්ධ චෝදනා ලැබුවන්ට අදාළව නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවීම සම්බන්ධව ආණ්ඩුවට එල්ලවී ඇති චෝදනා සමනය කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇති බවය.

අලුත් ඇමතිධුර 5ක්

මීට අමතරව අමාත්‍යධුර 05ක් විශේෂ අධීක්ෂණ අමාත්‍යවරුන් ලෙස පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය නිර්දේශ කර ඇති බවත් ඒ තුළ එජාපය නියෝජනය කරමින් හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, සුජීව සේමසිංහ, රවීන්ද්‍ර සමරවීර යන 4 දෙනා යෝජනා කර ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඉතිරි එක් අමාත්‍යධුරය වෙන්කර ඇති බවත් වාර්තා වෙයි.

ලක්ෂ්මන් - කබීර් සුහද මාරුවකලු


මේ අතර එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ අදාළ අමාත්‍ය මණ්ඩල විෂය මාරුව හමුවේ ඇතැම් එජාප අමාත්‍යවරුන් අතර ඇමති විෂය සුහද මාරුද සිදුවූ බවය. එහිදී උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ලගේ එම විෂය කබීර් හෂීම් අමාත්‍යවරයා වෙතත් මෙතෙක් කබීර් හෂීම් අමාත්‍යවරයා දැරූ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විෂය ලක්ෂ්මන් කිරිඇල්ල වෙතත් හුවමාරු කරගෙන තිබෙන බවය.

මංගල, චම්පික සහ රාජිතගේ වෙනසක් නෑ

එසේම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ අමාත්‍යධුරවල කිසිඳු වෙනසක් නොකළ යුතු බවටද එජාප නායකත්වය තීන්දු කර ඇති බව වාර්තා වෙයි.

හරීන්ට අලුත් කොටසක්

තවද විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට එම විෂයට අමතරව විදේශ රැකියා අමාත්‍යධුරය ලබාදීමටද කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

දුමින්දගේ ඇමතිකම යාපාට

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මෙතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායකගේ එම අමාත්‍යංශ විෂය යෝජිත කැබිනට් සංශෝධනයේදී වෙනස් වීමට නියමිත බවය.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යංශය අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා වෙත පවරා ප්‍රියදර්ශන යාපා දරන ආපදා කළමනාකරණ අමාත්‍යංශය දුමින්ද දිසානායක වෙත ලබාදීමට යෝජනා වී ඇති බව එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

-newstube-

ලලිත් අලහකෝන්ගෙන් ගෙන් ප්‍රබල සාක්ෂියක් - කීත් නොයාර් ප්‍රහාරය ගැන පරීක්ෂණ තවත් ඉදිරියට - Keith Noyahr

ඩේලි නිවුස් පුවත්පතේ කර්තෘ ලලිත් අලහකෝන් මහතා ලබා දුන් ප්‍රකාශ සහ අනෙකුත් සාක්ෂි පදනම් කර ගෙන මාධ්‍යවේදී කීත් නෝයාර් මහතාට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ දිගටම සිදු වන බව නීතිය හා සාමය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කීත් නොයාර් මහතා පරීක්ෂණ වලට සහය දීමට ශ්‍රී ලංකාවට නොපැමිණීම නිසා එම පරීක්ෂණ ඇණ හිට ඇතැයි පළ වුණ ඇතැම් වාර්තා නිවැරදි නොවන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

බස්නාහිර රෝහල්වල රෙදි සෝදන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 7.5ක ආයෝජනයක්

බස්නාහිර පළාතේ රෝහල්වල රෝගීන් සහ ශල්‍යකර්ම සඳහා භාවිතා කරන රෙදි ස්වයංක්‍රීය යන්ත්‍ර සුත්‍ර මගින් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) කොළඹ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

වසර දෙකක් හිටපු ක්‍රීඩා ඇමති මෙලෝ දෙයක් නොකළ ලොව ජයගත් ලුෂන්ට නිවාස ඇමති නිවසක් ප්‍රධානය කරයි

ශ්‍රී ලාංකික කායවර්ධන ශුරයෙකු ලෙස ජාත්‍යන්තර කුසලාන හා රන් පදක්කම් වැඩිම සංඛ්‍යාවක් දිනා ඇති ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ් වෙත මොරටුව අඟුලාන “සයුරුපුර” මහල් නිවාස සංකීරණයේ රුපියල් ලක්‍ෂ 42 ක් වටිනා නවීන නිවසක් පරිත්‍යාග කිරීම පසුගියදා (21) සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ඒ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදීයි.

ඇමරිකාවේ පැවති මිස්ටර් ඇට්ලස් තරඟාවලියේ 4වන ස්ථානය දිනාගන්නට ද ලූෂන් සමත්වුනේ ලෝක කායවර්ධන පිටියේ සිය නාමය ඉහලින් සනිටුවහන් කරමින්.

Thursday, February 22, 2018

උදයංග වීරතුංගට රතු නිවේදන - පොලිස් අධිකාරී රුවන් ගුණසේකර

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොපැමිණි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය රතු නිවේදනයක් නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.


උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කළ පසු එය ජාත්‍යන්තර පොලිසිය මගින් ක්‍රියාත්මක කිරීමට ඉල්ලීමක් කළ බවත්, ඒ අනුව ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය මුලින්ම නිල් නේවදනයක් නිකුත් කර පසුව රතු නිවේදනයක් නිකුත් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඇමති මණ්ඩල සංශෝධනය හෙට (23) සවස - පොඩ්ඩන්ට ලොකුතැන් හමුවෙන හැටි මෙන්න

දින කිහිපයක් තිස්සේ කතාබහට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට (23) පස්වරුවේ සිදුකරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 


ඒ අනුව ප්‍රාදේශිය සංවර්ධන ඇමති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරයද , රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබිර් හෂිම් මහතාට මහමාර්ග අමාත්‍යධූරය හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසේ .

එක්සත් ජාතික පක්ෂයට අයත් අමාත්‍යධූරවල සිඳුවන වෙනස්කම් ඇතුළත් අමාත්‍යවරුන්ගේ ලේඛන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (22) රාත්‍රීයේ බාරදී ඇතැයිද එම ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

රනිල්, මංගල, කබීර්, මලික් ගේ අමාත්‍යංශවල වෙනසක් ?

මංගල සමරවීරගේ මුදල්, කබීර් හශීම්ගේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, මලික් සමරවික්‍රම මහතාගේ ජාත්‍යන්තර වෙළඳාම, සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ජාතික ආර්ථික ප්‍රතපත්ති යන අමාත්‍යාංශ හතරම වෙනස් වීමට ඉඩ ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ජනපති තවත් ඉල්ලා අස්වීමේ ලිපියක් පිළිගනියි?

වත්මන් රජය බලයට පත්වීමත් සමඟ පත් කළ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වන අමාරි විජේවර්ධන මහත්මිය ලබන මාර්තු 30 වැනිදා සිට සේවයෙන් ඉවත් වන බව දන්වා ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දී ඇතැයි විදේශ සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

අගමැති වෙනස්‌ කරන්න තරම් අසනීපයක්‌ ජනපතිට නෑ - රාජිත

අගමැතිවරයා වෙනස්‌ කරන්න තරම් අසනීපයක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නැති බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. 


අගමැති වෙනස්‌ කිරීම ගැන මාධ්‍ය මඟින් ලොකු මතවාද රැගෙන ගිය බව ද එය සිදු නොවන නිසා දැන් කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනය ගැන කතා කරන බව ද හෙතෙම කීවේය. 

කැබිනට්‌ සංශෝධනයකට මාධ්‍යවලට හදිසි වුව ද අපට හදිසියක්‌ නැතැයි කී සේනාරත්න මහතා මෙම සතිය අවසන් වීමට පෙර කැබිනට්‌ සංශෝධනයක්‌ සිදුවිය හැකි බව ද මේ වනවිට ඒ පිළිබඳව සාකච්ඡා සිදුකරමින් පවතින බව ද කියා සිටියේය.

මහින්දට අගමැතිකම දෙනවා නම් බහුතරය පෙන්වීමට අපි සූදානම් - ගාමිණී ලොකුගේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට අගමැතිකම දෙනවා නම් එම ආණ්‌ඩුවේ බහුතරය පෙන්වීමට ඒකාබද්ධ විපක්‌ෂය සූදානම් යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පැවසීය. 

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 114 ක බහුතරයක්‌ පෙන්වීමට ඒකාබද්ධ විපක්‌ෂයට හැකි බව ද හෙතෙම කීය.

අලුත් ආණ්‌ඩුවක්‌ අලුත් අගමැතිවරයකු පත්කිරීමට බාධා වී ඇත්තේ ඒකාබද්ධ විපක්‌ෂය ඇමැතිකම් නොගැනීම බවට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා කළ ප්‍රකාශය ප්‍රතික්‌ෂේප කරන බවත් එම ප්‍රකාශයෙන් ශ්‍රීලනිපයේ බංකොලොත්භාවය පෙනී යන්නේ යෑයි ද මෙම මාධ්‍ය හමුවේ අදහස්‌ දැක්‌වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවසීය.

අගමැති පාර්ලිමේන්තුවේදී උගුලක වැටේ

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.


පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී සීමා නිර්ණයට මුවා වෙලා පළාත් සභා මැතිවරණය දින නියමක් නොමැතිව කල් දමන්න ආණ්ඩුව කටයුතු කළා. විශේෂයෙන්ම සබරගමුව උතුරුමැද සහ නැගෙනහිර පලාත් සභාවල මැතිවරණය කල් ගොස් තිබෙනවා. එදා අපි අගමැතිතුමන් හමුවී ඒ සම්බන්දයෙන් අපේ විරෝධය පලකලාම අගමැතිතුමන් අපිට පොරොන්දු වුනා 2018 මාර්තු 31 ට කලින් පළාත් සභා මැතිවරණය පවත්වන බවට. එවිට අපි එතුමන්ට කිව්වා අපට ලබාදෙන වාචික පොරොන්දු පමණක් ප්‍රමාණවත් නැහැ. මෙය හැන්සාඩ් ගත වෙන්න පාර්ලිමේන්තු සභා ගර්භයේ මේ ප්‍රකාශය කරන්න කියලා. අපි එතුමන්ව උගුලකට දැම්මේ. එතුමන් උගුල ඇතුලට ඇවිදිමින් ඇවිත් පාර්ලිමේන්තුවේදී ඒ ප්‍රකාශය කලා. 2017 සැප්තැම්බර් 20 දා හැන්සාඩ් වාර්තාවේ 306 පිටුවේ ඒ බව සඳහන් වෙනවා.

Wednesday, February 21, 2018

අර්ජුන් ඇලෝසියස්ගේ මෙන්ඩිස් ෙ අරක්කු සමාගම බංකොලොත් - පඩිත් නොදී සේවකයන්ට තර්ජනය කර එලවා දමයි

මේ වන විට බදු ගෙවීම පැහැර හැරීම නිසා වසා දමා ඇති ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ සියලු ස්ථිර සහ කොන්ත්‍රාත් සේවකයන් පෙරදින එනම් 2018.02.20 දින සමාගම් පරිශ්‍රයට කැදවූ එහි මානව සම්පත් කළමනාකාරිනිය දන්වා ඇත්තේ ඔවුන්ගේ පෙබරවාරි මස වැටුප ලබා දීම අවිනිශ්චිත වුවත් කෙලෙස හෝ එය ලබා දීමට කටයුතු කරන බවටත් මාර්තු මස සිට වැටුප් ලබා දීමේ හැකියාවක් ඔවුනට නොමැති බැවින් සියළු සේවකයන්ට වෙනත් රැකියා අවස්ථා සොයා ගන්නා ලෙසටත්ය.


තම අනාගතය පිලිබඳ සේවක ප්‍රශ්න හමුවේ නිරුත්තර වී ඇති ඇයගේ අරමුණ වී ඇත්තේ ප්‍රධාන විධායක නිලධාරි සමග එක්ව සමීප ඥාතියකු වන ආරක්ෂක සහ බුද්ධි අංශ කළමනාකරු හරහා සේවකයන්ට තර්ජනය කරමින් කිසිදු වන්දි මුදලක් නොගෙවා තමන්ව සේවයෙන් නෙරපා හැරීම බවටත් සේවකයන් තැන තැන කතා වේ.

ජාතීන් අතර ගැටුම් ඇති කළ දේශපාලනඥයන් වෙනුවට, සංහිඳියාව වෙනුවෙන් කැපවන නායකයන් බිහි වෙලා - මංගල

සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතින් අතර ගැටුම් නිර්මාණය කළ දේශපාලනඥයන් වෙනුවට, සංහිඳියාව වෙනුවෙන් කැපවන නායකයන් බිහිවී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඉතිහාසයේ ප්‍රථම වරට සංහිඳියාව පිළිබඳ අමාත්‍යාංශයක් පිහිටුවමින් සංහිඳියාව යථාර්ථයක් බවට පත් කිරීමේ කාර්යයට ආණ්ඩුව උර දී ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි. මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ ජාතික රූපවාහිනියේ නේත්‍රා නාලිකාව සංහිඳියාවේ නාලිකාව ලෙස ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ දී මෙම නාලිකාව ආරම්භ කෙරිණි.

ජවිපෙ හා ඒකාබද්ධය විසින් හවුල් ආණ්‌ඩු ගිවිසුම කල් පැනලා යැයි කථානායකට පැමිණිලි කරයි - ඇමැති තීරණ පනත් දැන් බල රහිතයි - කථානායකගේ තීරණය අද

එජාපය හා ශ්‍රීලනිපය අතර අත්සන් කළ හවුල් ආණ්‌ඩු ගිවිසුම පසුගිය දෙසැම්බර් 31 දාට පසු යළි අලුත්කර නැති නිසා ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් විසින් ගනු ලබන තීන්දු තීරණ හා ඉදිරිපත් කරන පනත් බල රහිත බව ජනතා විමුක්‌ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (20 දා) පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතාට පැමිණිලි කළේය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ඇමැති ධුර සංඛ්‍යාව තිහට වඩා සහ නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව හතළිහට වඩා වැඩිකර ගත හැක්‌කේ ජාතික ආණ්‌ඩුවක්‌ පවතින්නේ නම් පමණක්‌ බව කී විපක්‍ෂ මන්ත්‍රීවරු නමුත් මේ වන විට ජාතික ආණ්‌ඩු ගිවිසුම අහෝසිවී ඇතැයිද කීහ.

විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්‍ෂට ?

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.


පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු හංස සංධානය දෙකට බෙදුනා. කොල පාට නිල් පාට හංසයෝ ආණ්ඩු පක්ෂයේ වාඩි වෙන විට රතු පාට කහ පාට හංසයෝ (දෙමළ ජාතික සන්ධානය) විපක්ෂයේ වාඩි වී රටේ සියලුම තනතුරු මේ අය අතර බෙදාගත්තා. අපට අයිති විපක්ෂ නායක ධූරය වගේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයත් අපෙන් උදුරා ගත්තා. නමුත් මේ අය විපක්ෂයට වෙලා මොකද කලේ. ආණ්ඩුව රකින එකමයි කලේ. ආණ්ඩුව අර්බූදයකට යන හැම වෙලාවකම මේ අය ආණ්ඩුවට පක්ෂව ඡන්දය දුන්නා.

යහපාලනේ නැති වුනාට ආණ්ඩුව යනව - අමරවීරගේ කාටත් නොතේරෙන මාධ්‍ය හමුව

ජාතික ආණ්ඩුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉවත් වූයේ යයි තමන් විසින් කිසිදු නිවේදනයක් නිකුත් කලේ නැති බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

Tuesday, February 20, 2018

මහා මාර්ග ඇමතිකම ගැන ජනපතිට ප්‍රශ්නයක් නැතිලු ?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍යංශයේ වැඩ පිළිවෙළ සහ ක්‍රියාමාර්ග සන්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නොමැති බව ජනාධිපතිවරයාට සමීප ප්‍රබල නිලධාරියකු පැවසූ බවට  “lankanewsweek” බෙබි අඩවිය පවසයි.

ආණ්ඩුවට මුක්කු ගහන්න අපි යන්නෙ නෑ - නාමල්

ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට මුක්කු නොගසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා  ඊයේ (19) පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් පැවසීය.


මුක්කු ගසා ආණ්ඩුව ගෙන යා නොහැකි බවත් ජනවරම ඇත්තේ කොතනදැයි බැලීමට නම් පාර්ලිමේන්තුව විසිරවිය යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා කීවේය.

නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය. 

“මැතිවරණ අල්ලස් මධ්‍යයේ නොයෙක් බාධක මැද පොහොට්ටුවට ඡන්දය දුන් සියලු දෙනාට ස්තුති වෙනවා. ශ්‍රීලනිප ඇමැතිවරයා වංගෙඩියක් දුන්නම, එජාප ඇමැතිවරයා ගිහින් දෙනවා මෝල් ගහක්. ලංකා දේශපාලන ඉතිහාසයේ මැතිවරණ නීති වැඩියෙන්ම උල්ලංඝණය කළ මැතිවරණය මෙයයි. ඒත් බඩු බෙදලා ඡන්ද ගන්න බෑ කියලා ජනතාව පෙන්නුවා.

ජනපති - අගමැති බල පොරය නිසා රට ව්‍යාකූල වුනා - අනුර කුමාර

රටේ ඇතිවී තිබෙන වත්මන් ව්‍යාකූලත්වයට හේතුව ජනපතිවරයා සහ අගමැතිවරයා අතර ඇතිවී තිබෙන බල පොරය යයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19 ) පැවසීය. රටේ ඇතිවී ඇතැයි කියන අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් දිසානායක මහතා මේ බව පැවසීය.


අනුර කුමාර දිසානායක මහතා - මේ මොහොතේ රටේ මතුවී තිබෙන අරාජික තත්ත්වය ගැන විවාදයක් පැවැත්විය යුතුයි කියලයි මේ විවාදය පවත්වන්න තීරණය කළේ. මේ විවාදය ගැන විවිධ අර්ථකථන මතුකරමින් තිබෙනවා. 

මෙම මැතිවරණය ජනමත විචාරණයක් ලෙස සමහරු අර්ථ කථනය කරනවා. 

සජිත් බැහැ කියලා ? පාඨලීට එජාපයේ ලොකු තැනක්?

ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතාට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයක් බාර ගන්නැයි ඉල්ලීමක් ලැබී ඇත.



එජාප සභාපති මලික් සමරවික්‍රම හා මහ ලේකම් කබීර් හෂීම් යන අමාත්‍යවරුන් විසින් එම ඉල්ලීම කල බව ජාතික හෙළ උරුමයේ ප්‍රධානියකු පැවසිය.

පළාත් පාලන මැතිවරණයෙන් ලද පරාජයත් සමග එක්සත් ජාතික පක්ෂය මුළුමනින්ම ප්‍රතිසංවිධානයට පත් කිරීමට තීරණය කර ඇති අතර බලතල සහිත නියෝජ්‍ය නායක තනතුරු කිහිපයක් ද ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ.

එසේම, ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා මේ වසර අගදී ප්‍රකාශයට පත්කිරීමට ද එජාපය තීරණය කර තිබේ.

ඒකාබද්ධයට විපක්‌ෂ නායකකම ඉල්ලනවා - මහින්ද කියයි

පාර්ලිමේන්තුවේ විපක්‌ෂ නායක ධුරය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්‌ඩායමට ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (19 දා) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ ඊයේ පැවති සභාවාරයට සහභාගි වී පිටතට පැමිණෙමින් සිටියදී මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා එසේ කීය.

රනිල් අගමැති වුණේ ජාතික ආණ්ඩුව බිහිකිරීමට පෙර - ජයම්පති කියයි

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත් වුණේ 2015 අගෝස්තු මස පැවැති මහමැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව බවත් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් දිව්රුම් දී සතියකටත් අධික කාලයකට පසු ජාතික ආණ්ඩුව බිහි කරන ලද බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.


ඒ මහතා මේ බව පැවසුවේ රාජගිරියේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවක් සඳහා ඊයේ (19) සහභාගී වෙමිනි.

Monday, February 19, 2018

විමල්, හිරේ යන එකෙන් බේරුවේ අගමැතිලු - මුජිබුර් රහුමාන්

විමල් වීරවංශ මහතා පාස්පෝර්ට් ප්‍රශ්නයෙන් බේරුණේ අගමැතිවරයාට පිංසිද්ධ වෙන්න යයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. ඔහු මේ බව කීවේ දැන් පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට එකතු වෙමිනි. 


ඡන්ද ප්‍රතිඵලය ආශිර්වාදයක් ලෙස බාරගෙන රට ඉදිරියට කරගෙන යා යුතු බව ද මන්ත්‍රීවරයා කිවේය.

අල්ලස් කොමිසමෙන් විමල්ට නඩු පවරයි

ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 71කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවෙක් සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව නඩු පවරා ඇත.


එම නඩුව විභාග කිරීමට දින නියම කිරීම සඳහා ලබන මැයි මස 16 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා අද (19) නියම කළේය.

අල්ලස් කොමිසම හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල විත්ති පාර්ශවයට ලබාදිය යුතු ලේඛණ බාරදී ඇතැයි කියමින් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.

ඔය කියන කතා මුකුත් වෙන්නෙ නෑ - මෛත්‍රී - රනිල් දීගය ඉදිරියටම - බදාදා කැබිනට් සංශෝධනයක්


පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්‍රී ලාංකීය දේශපාලන භූමිය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තා. ඒ කිසිවෙකුත් නොසිතූ අන්දමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසකත්වයේ රැඳී සිටිමින් සහයෝගය දක්වන පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයෙන් අතිවිශාල ජයග්‍රහණයක් ලැබීම නිසයි.


එයින් පසු ගත වූ සතිය පුරාම පුවත්පත්, අන්තර්ජාලය ජනමාධ්‍ය තුළ විවිධ මාතෘකා ඔස්සේ විවිධ වූ පුවත් වාර්තා වූ අතර ජනතාවටද ප්‍රධාන මාධ්‍ය වල වාර්තා වූ පුවත් වාර්තාද විශ්වාස කිරීමට නොහැකිතත්වයක් මේවන විට උදා වී ඇත.

විවිධ මාතෘකා කරළියට ගෙන වෙමින් උණුසුම්කාරී වූ දේශපාලන වාතාවරණය තුළ ඇතැම් දේශපාල කාක්කන් විසින් තමන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කරගැනීමට පිඹුරුපත් සකස් කෙරුණා.

රටම අක්‍රීය වෙලා දැන් ආණ්‌ඩුවක්‌ තියෙනවාද හිතා ගන්නවත් බැහැ - මහින්ද

පළාත් පාලන මැතිවරණය අවසන්වී සතියක්‌ ඉක්‌ම ගියත් තාමත් කඹ ඇදගන්නවා. රටේ ජනතාව මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවායෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවසීය.

රට තුළ අවිනිශ්චිත ස්‌වභාවයක් ඇති කරන්න එපා - මල්වතු මහනාහිමිගෙන් ජනපතිට සහ අගමැතිට ලිපියක්‌

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයෙන් පසු රට තුළ මතුව ඇති අවිනිශ්චිත ස්‌වභාවය නැති කර සියලු පාර්ශ්වයන් සමඟ එක්‌ව ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට පියවර ගන්නා ලෙස මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  වෙත ලිපියක්‌ යවමින් ඉල්ලා සිටිති.

මෙමත්‍රීගෙ ආණ්‌ඩුවේ අගමැති ධුරයට සුසිල්ගේ නමත් - ශ්‍රීලනිප මහලේකම් ධුරයෙන් දුමින්ද දොට්‌ට...?

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට බලාපොරොත්තු වන එජනිස ආණ්‌ඩුවේ අග්‍රාමාත්‍ය තනතුර සඳහා නිමල් සිරිපාලද සිල්වා මහතාගේ නමට අමතරව සුසිල් ප්‍රෙමජයන්ත් මහතාගේ නම ද යෝජනා වී ඇතැයි ශ්‍රීලනිප ආරංචි මාර්ග පවසයි. අභිනව කැබිනට්‌ මණ්‌ඩලය සඳහා නම් කිහිපයක්‌ යෝජනා වී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ජෝන් සෙනෙවිරත්න, රාජ්‍ය පරිපාලන අමාත්‍ය තනතුර සඳහා ආචාර්ය සරත් අමුණුගම නම් කර ඇතැයි පැවසේ. 

බහුතරය රනිල්ටයි - කිරිඇල්ලගෙන් මැතිසබයට අද ප්‍රකාශයක්‌

පාර්ලිමේන්තුව අද (19 දා) රැස්‌වීමෙන් අනතුරුව ආණ්‌ඩුවට ඇති බහුතර බලය පෙන්වා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ආණ්‌ඩුවේ වැඩකටයුතු ඉදිරියට පවත්වාගෙන යන බවට සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විශේෂ ප්‍රකාශයක්‌ සිදුකිරීමට නියමිතය.


අගමැති රනිල් වික්‍රමසිංහ හා කථානායක කරු ජයසූරිය යන මහත්වරු ඊයේ (18 දා) පස්‌වරුවේ 

මම යන්නේ විශ්වාසභංගයකින් පැරදුනොත් පමණයි

පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන විශ්වාසභංග යෝජනාවකින් මිස තමා අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත් නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) රාත්‍රීයේ ජනාධිපති වරයාට දක්වා ඇත.

සමාගමේ ගිණුමෙන් කෝටිගණන් තෑගි දීලා? - රන්ජන්ගෙන් හෙළිදරව්වක්

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ ගිණුමකින් රුපියල් කෝටි සියයකට අධික මුදලක් ලබාගෙන එම මුදල විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට තෑගී දී ඇති බව රහස් පොලීසිය විසින් හෙළි කරගෙන ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතීඥ යසන්ත කෝදාගොඩ මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දුන්නේය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්‍ෂ අර්ජුන් අලෝසියස් සහ ඔහුගේ පියා වූ ජෙෆ්රි ඇලෝසියස් නමැත්තන්ට ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම අයත් බවත්, ඔවුන් දෙදෙනා විසින් පසුගිය පෙබරවාරි 07 වැනිදා දක්වා බිලියන 1.19ක මුදල් ලබාගෙන විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට තෑගී දී ඇති බවත් යසන්ත කෝදාගොඩ මහතා දැනුම් දුන්නේය.

Sunday, February 18, 2018

යහපාලන ආණ්ඩුව දැඩිසත්කාර ඒකකයට - SLFP ජාතික අාණ්ඩුවෙන් ඉවත්වෙයි - අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට නීතිපති උපදෙස් පතයි

අගමැති රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් සහ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතර ජනාධිපති නිල නිවසේදී පැවති සාකච්චාවෙන් පසුව ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් පිරිසක් සමග ජනාධිපතිවරයා සාකච්චා පවත්වා තිබේ.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය සමග පැවති සාකච්චාවේදී තීරණය කර ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බවයි.

එමෙන්ම අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයකින් කටයුතු කරන ලෙසත් එසේ නොකලහොත් තමන් නීතිපතිවරයාගේ අදහස් විමසන බවද ජනාධිපතිවරයා සදහන් කර ඇත.

අගමැති - ජනපති - කතානායක ජනාධිපති නිල නිවසේ තීරණාත්මක හමුවක

ජනාධිපතිවරයා විසින් කරන ලද කැදවීමක් අනුව අගමැතිවරයා හා කතානායකවරයා සාකච්චාවක් සදහා ජනාදිපති නිල නිවසට පැමිණ සිටී.


කෙසේ වෙතත් මීට පෙර ඊට අගමැතිවරයා දන්වා තිබුනේ තමන් පෙර යොදා ගත් රැස්වීමක් නිසා තමන් එම හමුවට සහභාගී නොවන බවකි.

එස්.බී., තිලංග,ඩිලාන්,සුසිල්,ගේ යටි මඩි ගැන පරීක්ෂණ ඇරඹේ

වර්තමාන ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් වන එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත, ඩිලාන් පෙරේරා, හා තිලංග සුමතිපාල යන අය පෙර වැරදි කිහිපයක් පිළිබද පරීක්ෂණ ඇරඹීමට තීරණය කොට ඇති බව තොරුතුරු වාර්තාවේ.එස්.බී. දිසානායක ඇමතිවරයාට එරෙහිව ඇති චෝදනාව වන්නේ ඔහු උසස් අධ්‍යාපන ඇමතිවරයාව සිටියදී කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුගේ නිවසක් තම නමට පවරා ගැනීම සම්බන්ධවන චෝදනාව වන අතර තිලංග සුමතිපාලට එරෙහිව ඇති චෝදනාව වන්නේ බැද්දගානේ සංජීව නැමැත්තා ඝාතනය කිරීම සදහා වන සම්බන්ධයක් පිළිබද චෝදනාවයි.

කලබල වෙන්න එපා - සිරිසේන ජනාධිපති රාජපක්ෂලා හිරේ දානවා

වංචා දුෂණ සිදුකල හිටපු ආණ්ඩුවේ උදවියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් කිසිඳු සමාවක් නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියි.


පසුගියදා (16) මට්ටක්කුලිය සී-නෝර් යාත්‍රාංගණයේ දී පැවැති අඩි 59 ට වඩා දිග නවීන තාක්ෂණයෙන් යුත් ධීවර යාත්‍රා දෙකක් දියඹට එක් කිරීමේ උත්සවයේ දී ඇමැතිවරයා මේ බැව් අනාවරණය ක‍ළේය.

නව අගමැතිට වාඩි වුන ගමන් නින්ද යාම වලකන්න අපූරු විසදුමක් සමීපතමයන් දෙයි

නිමල් සිරිපාලද සිල්වා මහතා නව අගමැති ලෙස පත්වන බවට යම් යමු පුවත් කරලියට බසිමින් පවතින මේ කාලයේ සිරිපාලද සිල්වා මහතාලේ නින්ද ගැන කතාබහට ලක්ව ඇත.

නිමල් සිරිපාලද සිල්වා මහතා නව අගමැතිවරයා ලෙස පත්වුවහොත් ඔහුට දීර්ඝ කාලීනව ඇති නින්දා යාමේ තත්වය මගහරවා ගැනීමට ඔහුගේ සමීපතමයන් විසින් උපදෙසක් දී ඇත.

පොළොන්නරුවේ විපරීතයට ජනපතිගෙන් විසඳුමක්

පළාත් පාලන මැතිවරණයෙන් පසුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතිවී තිබෙන විකෘති සහගත තත්ත්වය සමනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පොළොන්නරුවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කර ජයගත් මන්ත්‍රී කණ්ඩායම සමග විශේෂ සාකච්ඡාවක් සිදු කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 8න් 4ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් 4ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් බලය හිමි වුවත් එම පළාත් පාලන ආයතනවල බලය පිහි‍ටුවීමට කිසිදු පක්ෂයකට හැකියාව නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇතැයි ද වාර්තා වේ.

Exclusive : ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රී - ඇමති මලික් රහස් සාකච්ඡාවක


ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් එක්සත් ජාතික පක්ෂය සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අමතා ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.

රවීට රනිල් ගැන වචනයක්වත් කතා කරන්න බෑලු - Ravi Karunanayake

ජනවාරි 08 ජනවරම ජයග‍්‍රහණය කරවන සුබවාදී ගමන හෙට අනිද්දා වන විට ආරම්භ කරන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා සදහන් කරයි.

'නීතිය හා සාමය' ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ?

සාගල රත්නායක මහතාගේ ඉවත්වීමෙන් හිස් වූ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙත පැවරීමට නියමිත බව වාර්තා වේ.


මීට පෙර මෙම අමාත්‍යංශය රාජිත සේනාරත්න මහතාට ලබාදීමට තීරණය කර තිබෙන බව වාර්තා වූ අතර එහෙත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු ගෙනයන සාර්ථක වැඩපිළිවෙල අඩාල නොකළ යුතු හෙයින් සේනාරත්න මහතා තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසම කටයුතු කළයුතු බවටයි තීරණය කර තිබෙන්නේ.

ආණ්ඩුවේ තීරණාත්මක අන්තිම පැය කිහිපය ගතවෙයි - කැබිනට් මණ්ඩලය විසුරුවා හරින්න ජනපති සුදානම්?

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් නොවන්නේ නම් වහා ඇමැති මණ්‌ඩලය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇතැයි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ ප්‍රකාශ කළේය.


ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 46(2) (ආ) වගන්තියට අනුව අගමැතිවරයා ස්‌වකීය ධුරය දරන්නේ ඇමැති මණ්‌ඩලය පවතිනතාක්‌කල් බව සඳහන්වේ. ඒ අනුව ඇමැති මණ්‌ඩලය විසුරුවා හැරි පසුව රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය ද අහෝසි වන බව හෙතෙම ප්‍රකාශ කළේය.

රනිල්ට අගමැතිකම රැකදෙන්න සිරස දැඩි සටනක?

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව ජනතාව විසින් ලබා දී ඇති පණිවිඩය එක් එක් පාර්ශව විග්‍රහ කරන්නේ එක් එක් ආකාරයට ය. ඒ අතරින් සමහරුන්ගේ මතය වී ඇත්තේ ඡන්ද ප්‍රතිඵලය අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය තනතුරින් ඉවත් විය යුතුය යන්න ය. ඒ මතය දරන්නන්ගේ ප්‍රබලතම ප්‍රකාශකයා වී ඇත්තේ සිරස මාධ්‍ය ජාලයයි. ඡන්ද ප්‍රතිඵලයෙන් අනතුරුව දිගින් දිගටම දකින්නට ලැබුණේ සිරස රනිල් වික්‍රමසිංහට දිගින් දිගට ම පහර දෙන ආකාරයයි. නැතහොත් සිරස රනිල්ගේ පතුරු අරින ආකාරයයි.

එහෙත් සිරසේ ක්‍රියාදාමය හරහා රනිල් එළවීමට හැකි වනු ඇතිද ?