BREAKING NEWS
latest

728x90

468x60

Saturday, March 17, 2018

එජාපයේ 2018 සඳහා නව නිලධාරී මඬුල්ල මාර්තු 31 එළියට

මාර්තු 31වන විට එජාපයේ 2018 සඳහා නව නිලධාරී මඬුල්ල පත් කරන බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

එසේම ‍දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රමුඛ කාර්යභාරය, ආර්ථීක දියුණුව අරමුණු කරමින් ප්‍රදේශයේ සංවර්ධනය උදෙසා අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම බව අමාත්‍යවරයා පවසයි.

ඤාණසාර හිමි ජපාන ගියේ ජනාධිපති ධුත පිරිස සමගද - විශේෂ නිවේදනය මෙන්න : Gnanasara Thero

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ දිනවල නිරතව සිටින ජපාන නිල සංචාරයේ ධුත පිරිස අතරට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුලත්ව ඇතැයි පලවන වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ බව සදහන් කරමින නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.

Friday, March 16, 2018

බැසිල්ගේ ලිත් නඩුව ඇසීම තවදුරටත් වාරණය කරයි

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති රජයේ මුදලින් ලිත් මුද්‍රණය කර හිටපු ජනාධිපතිවරයාගේ ඡනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට වාසි වන අන්දමින් බෙදා හැරීම සම්බන්ධ නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුළතුංග මහතා ඉදිරියේ විභාග කිරීම වලක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (15) තීරණය කර තිබේ.

කඩුවෙල එජාප මන්ත්‍රීධුර සුජීවගේ ගොට්‌ටන්ට දීලා

මෙවර කඩුවෙල මහනගර සභාවට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් මන්ත්‍රීවරුන් පත්කිරීමේදී ඇමැති සුජීව සේනසිංහ තමන්ට හිතවත් අය තමයි පත්කරලා තියෙන්නෙ. ජ්‍යෙෂ්ඨත්වය, අඩුවාර ගණනක්‌ පරාජය වීම, ලබාගෙන ඇති ඡන්ද, ඡන්ද ප්‍රතිශතය වාගේ කිසිදු නිර්නායකයන් සලකා බලා නැහැ. මේක සුජීව සේනසිංහ සමස්‌ත කඩුවෙලටම කරපු අපරාධයක්‌."

එ.ජා.පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්‌ඩල සභික කඩුවෙල හිටපු විපක්‍ෂ නායක ප්‍රියන්ත පත්බේරිය මහතා අතුරුගිරිය සර්වෝදය ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී එම අදහස්‌ පළකළේය.

එහිදී වැඩිදුරටත් කතා කළ ප්‍රියන්ත පත්බේරිය මහතා මෙසේද පැවැසීය.

නොතීසිවලට අවනත නොවූ මහේන්ද්‍රන්ට වරෙන්තු - ඇලෝසියස්‌ සහ පලිසේන 29 තෙක්‌ යළි රිමාන්ඩ්

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන ලක්‍ෂ්මන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (15 දා) වරෙන්තු නිකුත් කළාය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව එක්‌ව කළ ඉල්ලීමක්‌ සළකා බැලූ මහෙස්‌ත්‍රාත්වරිය එම නඩුවේ පළමුවන සැකකරු ලෙස නම්කොට ඇති අර්ජුන ඇලෝසියස්‌ මහතා අධිකරණය විසින් නිකුත් කළ නොතීසි නියෝගවලට අවනත නොවී අධිකරණය මඟහැර සිටින බවට නිගමනය කරමින් එම නියෝගය කළාය. 

ජනපති හිරෝෂිමා නගරයේ සංචාරයක - ශ්‍රී ලංකාවට ණය නොවන ආධාර වැඩි කරනවා - ජපාන අගමැති කියයි

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දෙවන ලෝක යුධ සමයේ පරමාණු බෝම්බ ප්‍රහාරයකට ලක්වූ හිරෝෂිමා ප්‍රදේශයේ ඊයේ (15) සංචාරයක නිරත විය.


හිරෝෂිමා නගරය වෙත ගිය ජනාධිපතිතුමා එහි නගරාධිපතිවරයා විසින් පිළිගත් අතර, අනතුරුව හිරෝෂිමා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා එහි කෞතුකාගාරය නැරඹීමට ද එක්විය.

එමෙන්ම එම භූමියේ සංරක්ෂණය වෙමින් පවතින ගොඩනැගිල්ල ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරික්ෂණට ලක්විය.

Thursday, March 15, 2018

නුවර ගැටුම පසුපස සිටි ආණ්ඩුවේ පුද්ගලයන් ගැන රවීගන් තවත් හෙළිදරවුවක්

එකක් කියා වෙන දෙයක් කරන පිරිසක් ආණ්ඩුවේ සිටින බව පිලිගන්නා බවත් මහනුවර ගැටුම පසුපස ඔවුන්ද සිටිය යැකි බවත් හිටපු ඇමති රවි කරුණානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කලහකාරී තත්වයෙන් මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ තත්වය නිරීක්‍ෂණය කිරීමට ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

අපේ ඊළඟ ඉලක්‌කය පළාත් සභා ඡන්දය ඉල්ලා ආණ්‌ඩුවට බල කරනවා - මහින්ද රාජපක්‍ෂ

කල්දැමූ පළාත් සභා මැතිවරණය වහා ලබාදෙන ලෙසට ආණ්‌ඩුවට බලකර සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

2017 වසරේදී කාලය අවසන් වූ උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා තුනේ මැතිවරණය ආණ්‌ඩුව විසින් කල්දමා මේ වන විට මාස හයකට ආසන්න කාලයක්‌ ගතවී ඇති බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

Whatsapp වාරණය ඉවතට - Facebook වාරණය තවදුරටත් - ජනාධිපතිගෙන් නිවේදනයක්

ශ‍්‍රී ලංකාවේ සිට වට්ස්අප් සන්නිවේදන ජාලයට පිවිසීමට පනවා ඇති වාරණය අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.
ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සබාපති ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා මේ බව තහවුරු කලේය.
මේ අතර තව දුරටත් වාරණය කර ඇති ෆේස්බුක් ජාලය සිකුරාදා දිනයේ සිට වාරණය ඉවත් කිරීමට හැකි වනු ඇතැයි ඩිජිටල් ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා සදහන් කලේය.
ඒ සම්බන්දයෙන් සාකච්චා කිරීම සදහා ෆේස්බුක් සමාගමේ නියෝජිතයින් කිහිප දෙනෙකු ශ‍්‍රී ලංකාවට අද දිනයේ පැමිණීමට නියමිතය.

අගමැති පන්නන විශ්වාස බංගයට දැනට 95ක් සූදානම් - කොළඹ ප‍්‍රබලයා සමග එජාප මන්ත‍්‍රීන් 20ක් එයි?

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එම පක්ෂයෙන් ගෙන ඒමට සැලසුමි කර ඇති විශ්වාශ භංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රිවරුන් තිහකට වැඩි පිරිසක් මේවන විට සහය පළ කිරිමට එකගත්වය පළ කර ඇතැයි ඒ සදහා මුල්වී කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු පැවසිය.

රාජ්‍ය ඇමතිවරුන් වන පාලිත රංගේබංඩා, වසන්ත සේනානයක හා පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානයක යන මැති ඇමතිවරුන් එළිපිටම නායකත්වයට එරෙහිව සටනට එළබ තිබෙි.

ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට ප‍්‍රචණඩකාරීව පහර දුන්නා - ඇමති හකීම් ලෝකය පුරා ගිනි තියයි

මහනුවර හා අම්පාර ප‍්‍රදේශයන්හි ඇති වූ කලහකාරී තත්වය කිසිසේත්ම සිංහල- මුස්ලිම් ගැටුමක් නොවන බව ශ‍්‍රි ලංකා මුසිලිම් කොංග‍්‍රසයේ නායක ඇමති රවුෆ් හකීම් මහතා සදහන් කරයි.

Wednesday, March 14, 2018

සමාජ මාධ්‍ය අවහිරයට ආණ්ඩුවේ ලොක්කන් කොක්ක දමයි - සමාජ මාධ්‍යෙයහි වටිනා කම කියයි - ලොක්කන්ට එපා කියා උපදෙස් දුන් නව මාධ්‍ය උපදේශකවරු ගොළුවෙයි

රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට එරෙහිව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පසුගියදා  (09) ලිඛිත පැමිණිල්ලක් ගොනු කළේය. 


එම පැමිණිල්ල මගින් ශ්‍රී ලංකා විදුලි සංදේශන කොමිෂන් සභාවේ සභාපති ඔස්ටින් ප්‍රනාන්දු සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන් වග උත්තරකරුව කරනු ලැබ තිබේ. ඊයේ (13) දිනයේද මාධ්‍ය සංගම් කිහිපයක් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් විරෝධය පලකලහ.



මේ අතර ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කිරීම පිළිබඳව අමාත්‍ය සාගල රත්නායක, අමාත්‍ය පාඨලි චම්පික රණවක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් විරෝධතාවය පළකරයි.

ප්‍රශ්නවලට හේතුව මහ සංඝරත්නයේ අවවාද අනුශාසනාවලට ඇහුම්කන් නොදීමයි – ගෝඨා

එදා මහ සංඝරත්නයේ අවවාද අනුශාසනා පරිදි රට පාලනය කළත් අද සිදුවන්නේ රාජ්‍ය නොවන සංවිධාන වලට අවශ්‍ය ලෙස රට පාලනය බවත් එය අද රටේ ඇති වී තිබෙන නොසන්සුන්කාරි තත්ත්වයට හේතුවන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

පසුගියදා කුලියාපිටියේදී පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමින් ඔහු ඒ බව සඳහන් කළා.

ප්‍රරසන්න රණතුංග කප්පම් ගත්හැටි ව්‍යාපාරිකයා අධිකරණයේදී හෙළිකරයි : Prasanna Ranatunga

වත්තෙ ගනුදෙනුව ඉවරයි. දැන් ගණන් හිලව් හරේන් (පළමු විත්තිකරුගේ බිරියගේ සොහොයුරා) කියන විදිහට ඉවරයක් කරන්නැයි පළමු විත්තිකාර ප්‍රසන්න රණතුංග තමාට පැවසූ බවත් ඔවුන්ගේ රාජ්‍ය බලය නිසා බිරිඳගේ හා තමාගේ ආරක්ෂාව ගැන සිතා චෙක්පත් 11ක් අත්සන් කර දුන් බවත් රුපියල් මිලියන හැට හතරක මුදලක් ව්‍යාපාරිකයකුගෙන් බලෙන් ලබාගත් බවට ප්‍රසන්න රණතුංග මහතා, ඔහුගේ බිරිඳ හා ව්‍යාපාරිකයකුට එරෙහි නඩුවේ සාක්කි දුන් ජෙරාඩ් මෙන්ඩිස් මහතා පසුගියදා (12) කොළඹ මහාධිකරණයේදී ප්‍රකාශකර තිබේ.

කොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් විකිණීමේදී ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක් ලබාගැනීම ඇතුළු අධි චෝදනා 15ක් මත නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහි නඩුවේ සාක්ෂිදෙමින් සිලිකන් ටෙක්නොලොජි නමැති සමාගමේ හිමිකරු ජෙරාඩ් මෙන්ඩිස් මහතා එසේ ප්‍රකාශකර ඇත.

අපහාස - සමාජ විනාශ බෑ - ෆේස්බුක් යලි අරින හැටි ජනපති ජපානයේදී කියයි

ෆෙස්බුක් ඇතුළු සමාජ ජාලා තාවකිලාකව අවහිර කර ඇත්තේ මහනුවර හා අම්පාරේ ඇති වූ සිදුවීම්වලදී ඒවායේ හැසීම නිරීක්‍ෂණය කරමින් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෙම තහනම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේ ජපාන සංචාරයේ නිරතවන අතරවායේ ටෝකියෝ නගරයේදී ලාංකිකයන් හමු වූ අවස්ථාවේදීය.

සමාජ යහපතට ප‍්‍රවාහයනට ඉඩ දුන්නත් සමාජය විනාශ කරන දේවල් පාලනය කිරීමට ක‍්‍රමයක් අවශ්‍ යයිද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

ෆේස්බුක් තහනම් කර අපි ලෝකයට ආදර්ශයක් දුන්නා - අගමැති

පසුගිය දා පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී රටේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළීබදව කතා බහ ඇතිවියි.

එහිදී සමාජ මාධ්‍ය තහනම පිළිබදවද කරුණු කතාබහට ලක්වුණු අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ,

Tuesday, March 13, 2018

ජනපති මෛත්‍රී ජපාන අධිරාජ්‍යයා හමුවෙයි

දීර්ඝ කාලයක් පුරා පවතින ජපාන - ශ‍්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපාන අධිරාජ්‍යයා වන අකිහිතෝ අධිරාජ්‍යයා අතර හමුව අද (13දා) සිදුවිය.
ටෝකියෝ නුවර පිහිටි ඉම්පීරියල් මන්දිරය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය අකිහිතෝ අධිරාජ්‍යයා සහ මිචිකෝ රැජිණ විසින් ඉතා උණුසුම් හා සුහදශීලී ලෙස පිළිගනු ලැබීය.

සමාජ මාධ්‍ය තරමක් දුරට පාලනය විය යුතුයි

සමාජ මාධ්‍ය තහනම් කිරීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගයට තමන් එකඟ නොවන නමුත් ඒවා පාලනය කළ යුතුය යන ස්ථාවරයේ තමන් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සෑම සතියකම අඟහරුවාදා දිනයේදි ‘අද’ පුවත්පතට මන්ත්‍රීවරයා විසින් රචනා කරන කුරහන් සුවඳ තීරු  ලිපියේ මේ බව දැක්වෙයි.

අධිකරණ සංවිධාන සංශෝධන කෙටුම්පතේ රෙගුලාසි කීපයක්‌ ව්‍යවස්‌ථාවට පටහැනියි - දිනේෂ්ගෙන් ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක්‌

රජය විසින් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමුකර ඇති අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ රෙගුලාසි කීපයක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනි යෑයි කියා සිටිමින් මහජන එක්‌සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (12 වැනිදා) ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ගොනු කළේය. 

අලුතින් පිහිටුවීමට යන මහාධිකරණය හමුවේ විභාගයට ගත යුත්තේ කවර පුද්ගලයන්ට එරෙහිව පවරනු ලබන නඩුද යන්න තීරණය කිරීමේ බලය යෝජිත පනත් කෙටුම්පතේ රෙගුලාසි මගින් විධායකයට පවරා ඇති බවත් එය සාපරාධී චෝදනා යටතේ නඩු විභාග පැවැත්වීම තෝරාගත් පුද්ගලයන්ට පමණක්‌ සීමා නොකර සියලු රට වැසියන් එක හා සමානව ක්‍රියාත්මක විය යුතුය යන නීතියේ මූලධර්ම උල්ලංඝනය කිරීමක්‌ බවත් පෙත්සමෙන් කියා සිටී.

පස්නිවුන් දරු දෙමාපියන්ට දයා සරණෙන් සහන - දරු දෙදෙනෙකුගේ වගකීම ඇමති දයා ගමගේ බාර ගනී


මහනුවර ඉඩමේගම පදිංචි නිමේෂ ප්‍රියලංකා හා තනුජා සංජීවනී ඒකනායක යන පස් නිවුන් දරුවන්ගේ දෙමාපියන් සිය දරුවන් සමඟ පසුගිය දා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා හමුවූහ.

Monday, March 12, 2018

දියුණු රටවල් ෆේස්බුක් අයින් කරලා තියෙන්නේ - අපිත් එසේ කල යුතුයි - අමරවීර

වර්තමානයේදී ලොව දියුණු රටවල් ෆේස්බුක් භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

Sunday, March 11, 2018

සමාජ ජාල මාධ්‍ය අවහිර කිරීමට ගත් ජනපතිගේ තීරණය හරි - මංගල

සමාජ ජාල මාධ්‍ය අවහිර කිරීමට තමා ප්‍රතිපත්තිමය වශයෙන් කිසිඳු ලෙසකින් එකඟ නැතත්, මේ තීරණාත්මක අවස්ථාවේදී තාවකාලිකව එවැනි පියවරක් ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය අතිශයින් වැදගත් බවත් එය අනුමත කරන බවත් මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.