BREAKING NEWS
latest

728x90

468x60

Saturday, April 14, 2018

සිංහල- හින්දු අලුත් අවුරුදු සුබ පැතුම්

සාමයේ-සෞභාග්‍යයේ අස්වැන්න නෙළා ගනිමු - ජනපති

මුළු මහත් ජන සමාජයකට සාධනීය ගුණ යහපත්කම් සහ ආචාර ධර්ම වපුරන මහා සාර සංස්කෘතික මංගල්‍යය වන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ගැඹුරින් හදාරා, උත්කර්ෂවත් ලෙස සැමරීම මඟින් සාමය සහ සෞභාග්‍යය නම් අස්වැන්න නෙළා ගැනීමට අපට නිසැකවම හැකියාව ලැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා සිය අලුත් අවුරුදු පණිවිඩය නිකුත් කරමින් මේ බව පවසයි.

හෙතෙම සිය පණිවිඩය මඟින් මෙසේ ද කියා සිටියි.

Friday, April 13, 2018

මෛත‍්‍රී පිල, රනිල් පිල, මහින්ද පිල ලෙස ශ‍්‍රීලනිපය තුනට කැඩේ

ශ‍්‍රීලනිප මහින්ද පිල, ශ‍්‍රීලනිප මෛත‍්‍රි පිල, ශ‍්‍රිලනිප රනිල් පිල ලෙස අද වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කොටස් තුනක් කැඩී ගොස් ඇතැයි ඒකාබද්ද විපක්‍ෂය සදහන් කරයි.
ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා සදහන් කරන්නේ ශ‍්‍රිලනිප රනිල් පිල නියෝජනය කරන සන්ධාන මහ ලේකම් හා ශ‍්‍රීලනිප මහ ලේකම්වරුන් රනිල් සමග තව දුරටත් ඇමති ධුර දරමින් සිටින බවයි.

Thursday, April 12, 2018

"විශේෂයෙන් කියන්නේ මුලින්ම අපේ ඇමතිතුමාගේ නම කියන්න "- ඊයේ ලංකාවට ආපු බර ඉසිලීමේ කණ්ඩායමට ලොක්කේ උපදෙස් දෙන හැටි

21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට සහභාගී වී පදක්කම් රැගෙන ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම ඊයේ (11) දිවයිනට පැමිණියා. එම අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුලු පිරිස ගුවන්තොටුපලේදී ඔවුන්ව පිළිගත්තා.

 අනතුරුව ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන් සදහා වූ ප්‍රදේශයේ දී ක්‍රීඩා ඇමති ඇතුලු බර ඉසිලීමේ සංගමයේ සභාපති සහ ක්‍රීඩකයන් අතර සුහද හමුවක්ද පැවැත් වූ අතර එම අවස්ථාවේදී බර ඉසිලීමේ ක්‍රීඩාව භාර ඉහල නිලධාරියෙකු විසින් ක්‍රීඩකයන්ට ලබාදෙන අපූරු උපදේශයක් මේ වන විට අන්තර්ජාලයේ කතා බහට ලක්වෙමින් තිබෙනවා.

 ඒ අනුව ඔහු කියා සිටින්නේ කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වද්දී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ගේ සහ තවත් නිළධාරීන්ගේ නම් මතක් කරන ලෙසටයි. අදාල වීඩියෝව පහතින්.

විශ්වාස භංගයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව ඡන්දය දුන් ඇමතිවරු 16 දෙනාම ඇමතිකම්වලින් ඉවත්වේ - ජනාධිපති අනුමැතිය දෙයි : VIDEO

අගමැතිවරයාට එරෙහිව පැවැති විශ්වාසභංග යෝජනාවේදී ඊට පක්‍ෂව ඡන්දය භාවිත කළ ශ්‍රීලනිප ඇමැතිවරුන් 16 දෙනා ඊයේ (11 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට සිය ඇමැතිධුරවලින් ඉවත්වීමට තීරණය කළ බව රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා "දිවයින"ට පැවැසීය.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ජනාධිපති නිල නිවසේදී ඊයේ (11 වැනිදා) රාත්‍රී පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව තමන් ඇතුළු පිරිස මෙම තීරණය ගත් බව ලක්‍ෂ්මන් යාපා මහතා කීවේය.

ඇමති හැරිසන්ගේ සහෝදරයා ලේකම්වරයෙකුට ඇඟිලි කැඩෙන්න ගහලලු

නියඟයෙන් පීඩා විදින මහවිලච්චිය ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය බවුසර් දෙකක් ලබාදීම සම්බන්ධයෙන් කථාබස් කර ගැනීමට ගිය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ආර්. ඉෂාක් මහතාගේ සම්බන්ධීකරණ ලේම්වරයාට අනුරාධපුර බටහිර ආසන සංවිධායක අමාත්‍ය පී.හැරිසන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා (සහෝදරයා) හා ගෝලයන් පිරිසක් පසුගිය 6 වැනිදා අමානුෂික ලෙස පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මහවිලච්චිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

පළමු සුළං විදුලි බලාගාරය චීන්නු විසින් ගලවා දැමීමේ සූදානමක්?

ලංකාවේ ඉදිකරණ ලද පළමු සුළං විදුලි බලාගාරය ගලවා ඉවත් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.

ඒ හම්බන්තොට, මාගම්පුර වරායේ ඉදිකර තිබූ අදාළ බලාගාරය එම වරාය වසර 99ක කාලයකට චීන සමාගමකට බදු දීමත් සමඟ එය තවදුරටත් එහි පවත්වාගෙන යන්නේ නම් ඒ සඳහා බදු ගෙවිය යුතු බව චීන සමාගම විදුබල මණ්ඩලයට දන්වා තිබීම නිසාය.

Wednesday, April 11, 2018

කැබිනට් සංශෝධනය හෙට - ශ්‍රීලනිප ජෝන්ලා ඉබේම වාෂ්ප වෙයි

ඊයේ (10) දිනයේ කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණ අතර ඇතිවූ එකඟතාව මත කැබිනට් මණ්ඩල සංශෝධනය හෙට (12) දිනයේ සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඊයේ පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී කැබිනට් සංශෝධනය සම්බන්ධව වැඩි අවධානයක් යොමුවූ බවත් පසුගිය දිනවල පැවති දේශපාලන ආතතිය හේතුවෙන් රටේ බොහෝ කටයුතු අපේක්ෂිත ඉලක්ක කරා ගෙනයාම අතපසු වූ බවත් එහෙයින් කැබිනට් සංශෝධනය කඩිනම් කර අලුත් අවුරුද්දේ අලුත් ගමනක් යාම ආණ්ඩුවේ අපේක්ෂාව වී ඇති බවද එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

පවිත්‍රාට එරෙහිව ඒකාබද්ධය ඇතුළේ කැරැල්ලක්?

රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරියගේ බලපෑමෙන් මන්ත්‍රීවරුන් තිදෙනෙකු පත් කිරිමට එරෙහිව එම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනා තීරණයක් ගැනීමට යන බව වාර්තා වේ.

මලික් සමරවික්‍රම යලිත් එජාපය දෙකඩ කිරීමට සැරසෙයි ?- හරීන් ප‍්‍රනාන්දු මහතාට විදේශ රැකියා ඇමති ධුරයෙන් ඉවත් වන්නැයි කියල?

ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතාට විදේශ රැුකියා ඇමති ධුරයෙන් ඉවත් වන්නැයි ඇමති මලික් සමරවික‍්‍රම මහතා විසින් දන්වා ඇති එජාපයට සමීප වෙබ් අඩවි වාර්තා කරයි.


තලතා අතුකෝරාල මහත්මියට නැවත වතාවක් විදේශ රැකියා ඇමති ධුරය ලබා දීමට අවශ්‍ය යයි සදහන් කරමින් මෙම ඉල්ලීම කර ඇති බවද සදහන්ය.

Tuesday, April 10, 2018

විශ්වාස භංගයට පක්ෂ වුණානම් ජනාධිපති කිව්වත් මමනම් ආණ්ඩුවේ ඉන්නේ නැහැ - ඇමැති අර්ජුන කියයි | Arjuna Ranatunga

අග‍්‍රාමාත්‍යතුමාට සහ ආණ්ඩුවට විරුද්ධව ගෙනා විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේ නම් තමන් තවදුරටත් ආණ්ඩුවේ නොසිටින බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා මේ බව පැවසූවේ පසුගියදා කුරුණාගල වෙලගෙදර ක‍්‍රීඩාංගණයේ පැවැති ක‍්‍රීඩා උත්සවයකට සහභාගි වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප‍්‍රශ්නවලට පිළිතුරු සපයමිනි. එහිදී එතුමා වැඩිදුරටත් කියා සිටියේ,

ශ්‍රී ලංකාවේ දැවැන්තම අවුරුදු සැණකෙලිය සූර්යාභිෂේකය අති උත්කර්ෂවත්ලෙස නිමාවෙයි ( Photos)

ශ්‍රී ලංකාවේ දැවැන්තම නව අවුරුදු උත්සවය වන, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලැබූ "සූර්යාභිෂේකය 2018" සැණකෙලිය පසුගියදා (10)  නිදහස් චතුරශ්‍ර පරිශ්‍රෙය්දී අති උත්කර්ශවත්ලෙස නිමාවිය.

සූර්යාභිෂේකයේ මියැසි ප‍්‍රසංගය එදින රාත්‍රියේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආකේඩ් පරිශ‍්‍රයේදී පැවැත්විණි. 



ගායන ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම මියැසි ප්‍රසංගය සඳහා විශාල ජනතාවක් සහභාගී විය.

තැටිය රත් වුනාම රජය වැඩ පටන් ගත්තා - ඇමැති රාජිත

රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව මීට පෙර ඉදිරිපත් කළේ නම් රජය ක්‍රියාශීලීව වැඩ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ශ්‍රී ලංකා ටෙලිකොම් මෑන් පවර් සේවකයින් 452 කට ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙම උත්සවය පසුගියදා පැවැත්විනි.

Monday, April 09, 2018

නියෝජ්‍ය කතානායකධුරය ශ්‍රියාණි විජේවික්‍රමට | Sriyani Wijewickrama

තිලංග සුමතිපාල මහතා තව දුරටත් නියෝජ්‍ය කතානායකවරයා ලෙස කටයුතු නොකරන්නේ නම් ඔහු ඉන් ඉවත්කර රාජ්‍ය අමාත්‍ය ශ්‍රියාණි විජේව්ක්‍රම මහත්මියට එය ලබාදීමට ශ්‍රිලනියේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.

මහින්ද මීගමුව බන්ධනාගාරයට

රක්ෂිත බන්ධනාගාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ සුවදුක් බැලීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (08) දහවල් මීගමුව බන්ධනාගාරයට පැමිණියේය.

Sunday, April 08, 2018

තලතා අතුකෝරළ එජාපයේ පලමු සභාපතිනිය වෙයි

එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිනිය ලෙස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පත් කිරීමට අද රැස්වුණු ප්‍රතිසංධාන කමිටුවේ වැඩි අවධානය යොමුවී තිබේ.

මංගලට එජාපයේ ලොකු තැනක්? | Mangala Samaraweera

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ අමාත්‍ය මංගල සමරවීර මහතාට ඉහල වගකීමක් පැවරිය යුතු බවට යෝජනා වී ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

2006 වසරේදී රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වී මහජන පාර්ශවය පිහිටුවා ආණ්ඩුවට අභියෝග කල මංගල සමරවීර මහතා, අනතුරුව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් එක්සත් ජාතික පක්ෂයට එක්වුවද ඔහුට මෙතෙක් කිසිඳු වගකිවයුතු තනතුරක් ලබාදී නොමැත.

මැයි රැළි 2ක් : මහින්ද මෛත්‍රී එකම වේදිකාවක | Gossip 99

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදුන් ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායම මැයි 7 වනදා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර කම්කරු දින සැමරුම වෙනම සිදුකිරීමට කටයුතු සංවිධානය කරමින් සිටින බව වාර්තා වෙයි.

ෆවුසිට ලක්ෂ 430ක නව රථයක් | Fowzie

ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා සඳහා වාහනයක් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 430ක මුදලක් වෙන් කරවාගැනීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක් සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා විසින් පසුගිය (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

ප්‍රතිසංවිධානයෙන් පසුවත් එජාප නායකයා රනිල්

එක්සත් ජාතික පක්ෂ නායකත්වය මේ මොහොතේ වෙනස් වීමේ අවශ්‍යතාවයක් නොමැති බවට කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී බහුතරයකගේ මතය වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

පහුගිය මැතිවරණයේදී ආණ්ඩුව ඉල්ලං කෑවා! සජිත්ගෙන් හෙලිදරව්වක්

ජනතාව ඉල්ලන දේ ලබාදීම ආණ්ඩුවේ වගකීම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අනුරාධපුර පලුගස්වැව,නවතිස් සමරුගම ගම්මානය ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මේ බව කීවේය

අද දවස තුළ තවත් ප්‍රතිලාභීන් රැසකට අප සහන ලබා දෙනවා. පවුල් 25 කට නිවාස අයිතිය හිමි වනවා. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 100 කට රුපියල් ලක්ෂ 112 ක් වටිනා “විසිරි නිවාස ණය” ලබා දෙනවා. තවත් ප්‍රතිලාභීන් 100 කට රුපියල් ලක්ෂ 200 ක් වටිනා “සොඳුරු පියස නිවාස ණය” ලබා දෙනවා. “ශිල්ප සවිය” වැඩසටහන යටතේ තරුණ තරුණියන් 100 දෙනෙකුට රුපියල් ලක්ෂ 38 ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම් ලබා දෙනවා. වකුගඩු රෝගීන් 50 දෙනෙකුට රුපියල් ලක්ෂ 124 ක් වටිනා නිවාස ආධාර ලබා දෙනවා. එමෙන්ම නිවාසලාභීන් සඳහා අඹ පැළ ලබා දීමද අද දින සිදු වනවා. “නවතිස් සමරුගම” උදා ගම්මානය ජනතා අයිතියට පත් වීමත් සමඟ මෙම ප්‍රදේශයේ ජනතාවට හිමිවන ප්‍රතිලාභ මේවායි.