BREAKING NEWS
latest

728x90

468x60

Saturday, April 21, 2018

මක්කටෙයි මේ රත්තරං බද්දක් - රත්තරන් බද්ද අනවශ්‍ය දෙයක්යැයි රවී කියයි

ආනයනික රත්තරන් මත සියයට 15ක තීරුබද්දක් පැනවීම අනවශ්‍ය ක්‍රියාමාර්ගයක් බව පාර්ලිමේන්තු රවී කරුණානායක මහතා කොළඹදී අද (20) පැවැසීය. 

ආණ්ඩු වෙනස් වුවද දේශපාලකයන් පිටුපස යන නිලධාරීන් වෙනස් නොවීම නිසා මෙවැනි ආර්ථික ව්‍යාකූල තත්ත්වලට මුහුණ දීමට රටට සිදුව ඇතැයි ද හිටපු මුදල් හා විදේශ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කීය. 

ඒ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කර සමයේ සමාජ මාධ්‍ය තුල ඒ මහතා හැඳින්වුයේ VAT MAN ලෙසයි.

මහ රැජිනගේ රාත්‍රි භෝජන සංග්‍රහයට ජනපති එක්‌වෙයි

පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වී සිටින රාජ්‍ය නායකයන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය දෙවැනි එළිසබෙත් මහ රැජින විසින් පිළිගන්වන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය පෙරේදා (19 වැනිදා) රාත්‍රියේ බකිංහැම් මාලිගාවේ දී පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද එම අවස්‌ථාවට එක්‌වූ අතර බ්‍රිතාන්‍ය මහ රැජිනගේ විශේෂ නියෝජිතයකු විසින් එහිදී ජනාධිපතිවරයා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

ලොව ඉහළ පෙළේ රාජ්‍ය නායකයන් රැසක්‌ මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා එක්‌ව සිටියහ.

තිරසර අනාගතයක්‌ උදාකර ගැනීම අන් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද ප්‍රධානතම අරමුණක්‌ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

පොදු රාජ්‍ය මණ්‌ඩල විධායක සභාව, පොදු රාජ්‍ය මණ්‌ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පෙරේදා (19 වැනිදා) පස්‌වරුවේ ලන්ඩන් නුවර ලැන්කැස්‌ටර් හවුස්‌ හිදී පැවැත්වුණු අතර එහිදී අදහස්‌ දක්‌වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. 

රන් පවුමක මිල රුපියල් 6000කින් ඉහළට

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන රන් සඳහා තීරු බදු පැනවීමට ගෙන ඇති තීරණයත් සමග මෙරට වෙලඳපොලේ රන් මිල ද ඉහල ගොස් තිබේ.

ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 6000කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

බොරු ෂෝ නිසා සයිටම් නළු සමීර ළඟදීම අත්අඩංගුවට

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කළ සමීර සේනාරත්න ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය මුළුමනින්ම ව්‍යාජ මවා පෑමක් බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

ශිෂ්‍ය සංගම් ඇතුළු සයිටම් විරෝධී පාර්ශවය වෙත චෝදනා එල්ල කර ඔවුන්ව සමාජය හමුවේ අපකීර්තියට පත්කරලීම සඳහා සමීර විසින් මෙම නින්දා සහගත කටයුත්ත සැලසුම් කර ඇති බවත් ඊට රිමාන්ඩ් කර සිටින නාගරික මන්ත්‍රීවරයාද දායක කරගෙන ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

හදිසි පණිවුඩයක් කියන්නැයි එංගලන්තයට දිවුව ඩිලාන්-චන්දිම ගන්න ආතල් මෙන්න

අතිශය වැදගත් පණිවුඩයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පැවසීම යයි කියමින් හදිසියේම බ්‍රිතාන්‍ය බලා ගිය ඩිලාන් පෙරේරා හා චන්දිම වීරක්කොඩි යන හිටපු ඇමතිවරුන් මෙම සටහන ලියවෙන මොහෙත තෙක් ජනාධිපතිවරයා හමුවී නැති බව එරටින් ලැබෙන වාර්තා සනාථ කරයි.

කිලී හා රනිල්ගේ සොයුරු ශාන් අතර හමුවක් - සිරස රනිල් විරෝධය හමාර වේද??

සිරස මාධ්‍ය ජාලයේ හිමිකරු රාජා මහේන්ද්‍රන් (කිලී) මහතා හා ටෙල්ෂාන් නෙට්වර්කස් (TNL) හි හිමිකරු ශාන් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (20) සිදුව තිබේ.

එම හමුව ටෙල්ෂාන් නෙට්වර්කස් ආයතනයේදී සිදුව ඇති බවද පැවසේ.

මොවුන්ගේ හමුව දේශපාලන එකඟතාවයක් සඳහා පෙරනිමිත්තක් බවට ද තොරතුරු වාර්තා වේ.

Friday, April 20, 2018

කාෂ්මීරයට දුන් පොරොන්දුව නාමල් ඉටුකරයි.

කාශ්මීරයේ කාන්තා රග්බි ක්‍රීඩාව නැංවීම සඳහා හිටපු රග්බි ක්‍රීඩකයෙක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වී තිබේ.

කාශ්මීරයේ කාන්තා රග්බි කණ්ඩායමක් සිය ක්‍රිඩා කටයුතු සඳහා උපකාර ඉල්ලන බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග නාමල් රාජපක්ෂ මහතා ඒ සඳහා උපකාර කිරීමට ඉදිරිපත්විය.

පොදුරාජ්‍ය මණ්ඩලීය රජ්‍ය නායක සමුළුව පැවැත්වෙන ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් අසල LTTE හිතවාදී අධාරකරුවන් පිරිසක් විරෝධතා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව විරෝධය දක්වමින් මෙලෙස විරෝධතාවයේ නිරතවි ඇති බව තවදුරටත් දැනගන්නට ලැබුණි.

පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ඊයේ (19) පස්වරුවේ ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් හිදී ආරම්භ කෙරිණි.

මිරිස්ස ප්‍රදේශයේ සියලුම හෝටල් සංචාරක සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි කළ යුතුයි

මිරිස්ස ප්‍රදේශයේ සියලුම හෝටල් සංචාරක සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි කළ යුතු බවත්, මත්පැන් සහ ශබ්ද විකාශන බලපත්‍ර නීති 100% ක්‍රියාත්මක කළ යුතු බවට අමාත්‍ය සාගල රත්නායක මහතා නියෝග කොට ඇත. ඒ පසුගියදා මිරිස්ස ප්‍රදේශයේදී විදේශකයින් පිරිසකට එල්ලවූ ප්‍රහාරයට සම්බන්ධවූවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම පිලිබඳ ඊයේ (19) මාතර, කඹුරුගමුවේදී පැවති සාකච්ජාවකට එක්වෙමින්.

තෙල් මිල ගැන තීරණය ජනපති හා අගමැති අතේ - අර්ජුන කියයි

තෙල් මිල ඉහළ දැමීමේ හෝ නොදැමීමේ අවසන් තීරණය ගන්නේ අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් එක්‌ව බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව කියා සිටියේ නව වසර සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නිලධාරීන්ට, සේවක සේවිකාවන්ට සුබ පැතීමේ උත්සවයට සහභාගී වෙමිනි. එම ආයතන පරිශ්‍රයන්හිදී ඊයේ (19දා) මෙම උත්සවය පැවැත්විණි. 

පොදුරදමඬුලු ජයගත් ශ්‍රී ලංකා ශූර ශූරියන්ට මිලියන 19 ක්‌; ක්‍රීඩා ඇමැති සමුගනිමින් කියයි

පොදුරාජ්‍ය මණ්‌ඩලීය පදක්‌කම් දිනූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ගෙවීමට නියමිත මුදල් ඉදිරි සති දෙක තුන ඇතුළත ගෙවීමට කටයුතු යොදා තිබෙන බවත් එය ප්‍රමාදයක්‌ වශයෙන් නොසලකන ලෙසත් හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටී.

ඒ මහතා මේ බව සඳහන්කර සිටියේ වත්මන් ක්‍රීඩා අමාත්‍ය µයිසර් මුස්‌තාපා මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීම සහ පොදුරාජ්‍ය මණ්‌ඩලීය පදක්‌කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට්‌ ශ්‍රවනාගාරයේ පැවැති උත්සවයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා 'පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ වසර 80 කට පසුව ලද ඉහළම ජයග්‍රහණය මේක. මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබිය යුතු වරප්‍රසාද තව සති දෙක තුනකින් ජනාධිපතිතුමා අතින්ම ලැබෙන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා මේක ප්‍රමාදයක්‌ විදිහට තේරුම් ගන්න එපා.' යෑයි පවසා සිටියේය.

පොලිසියට හොයන්නම බැරිවුණු අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරැවේ නිදහසේ එලිමහනේ

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ප‍්‍රධාන චූදිතයෙක් වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් නිදහසේ සැරිසරන පින්තූරයක් මේ වන විට සමාජ ජාලයන්හි හුවමාරු වෙමින් ඇත.

Thursday, April 19, 2018

තරගපාවාදී ඩොලර් ලක්ෂගණනින් සෙවූ අමනයා කවුද? - රංජන් හෙලිකරන්න සූදානම් | Ranjan Ramanayake

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබදව පසුගිය දිනවල අතිශය කතාබහට ලක්වුණා. මෙහිදි ඇතමෙක් ප්‍රසිද්ධියේම ක්‍රිකට් පරිපාලනය විවේචනය කිරීමටද වූවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පිළිබද මෙම සංවාදය ඉදිරියට ගෙන එමින් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිදු කළ ප්‍රකාශයක් කතාබහට ලක්ව තිබෙනවා.

මෙහිදි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සියල්ල පිළිබඳව සියලු ලිපි ලේඛන තමන් සතුව ඇති නිසා ඉදිරියේදී ඒ පිළිබඳව රටට හෙළිදරව් කරන බවටයි.

සංවර්ධනය ළඟා කර ගන්න පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සමඟ අත්වැල් බැඳ ගන්නැයි ව්‍යාපාරිකයින්ට ජනපතිගෙන් ආරාධනයක්

සමාජ සාධාරණත්වයෙන් යුත් සමෘද්ධිමත් හා තිරසර සමාජයක් සහිත ලෝකයක් බිහිකිරීමට 2030 වසර වන විට තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යායපත‍්‍රයක් අනුගමනය කරමින් පොදු පිළිවෙතක් වෙත ලෝක ජාතීන් එක`ග වී තිබෙන අතර, එම අපේක්ෂා සහගත සැලැස්ම සාර්ථකව කි‍්‍රයාවට නංවා, එයට ජීවය ලබාදීමට පොදු රාජ්‍ය මණ්ඩලීය සියලූ රටවල් කැපවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමු`ථවට සමගාමීව ඊයේ (18) ලන්ඩන් නුවරදී පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ ප‍්‍රධාන දේශනය සිදුකරමිනි.

යහපාලනයෙන් රටට කිසි සෙතක් වුණේ නෑ - ආණ්ඩුගේන්න කට්ටකාපු අපි ඇමතිගමක් ගත්තම ඇයි මොනව වෙනවද? - රවී අසයි

රට හදන්නයි කියා බලය ගත්තත් අද වන විට රට විහිළුවක් වී ඇති බව හිටපු ඇමති එජාප උප නායක රවි කරුණානායක මහතා පවසයි.

යහපාලනය නිසා ඇති වූයේ මහා විනාශකාරී ගමනක් බවත් ඉන් ප‍්‍රතිලාබ ලැබුනේ විපක්‍ෂයට පමණක් බවත් ඔහු සදහන් කරයි.

Wednesday, April 18, 2018

ඕලන්ද ජාතිකයන්ට පහර දීමේ සිද්ධියට සම්බන්ධ මිරිස්ස අවන්හල වසා දමන්නැයි සංචාරක අධිකාරියෙන් නියෝග

මිරිස්ස ප්‍රදේශයේ ඕලන්ද ජාතික සංචාරකයන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සර්ෆ් බා අවන්හල වසා දමන ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඊයේ සවස නියෝග කළේය. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පූර්ණ පරීක්ෂණය අවසන් වෙන තුරු මෙම තහනම ක්‍රියාත්මක වනු ඇති බව සංචාරක අධිකාරියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 

කේලාම්වරු නොව පක්‍ෂයට ඕනෑ ලේකම්වරු - ඩිලාන් පෙරේරා

ආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මැති ඇමැතිවරුන්ටත්, ඒකාබද්ධ විපක්‍ෂයටත් පාර්ලිමේන්තුවේ විපක්‌ෂයේ එකට හිඳ වැඩ කළ හැකි බව හිටපු ඇමැති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 

ඒ මහතා එසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (17 වැනිදා) ඇප ලබා ගැනීම සඳහා කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ මොහොතේදීය. 

මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස්‌ දක්‌වමින් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

අපනයනකරුවන්ට ඇමරිකානු GSP බදු සහනය නැවතත්


අප්‍රේල් මාසයේ සිට යළිත් වරක් ඇමරිකානු GSP බදු සහනය ශ්‍රී ලංකීය අපනයනකරුවන්ට විවෘත වන බවත්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන හා දත්තවලට අනුව, අප ඇමරිකාවට කරනු ලබන අපනයන ප්‍රමාණය ප්‍රථමවරට ඩොලර් බිලියන 03 ක් දක්වා වැඩි වී තිබීම වාර්තා වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.



අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය.

විජේදාස විදෙස් අමාත්‍යධුරය එපා කියලා?

යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාලව අමාත්‍යවරුන් නම් කිරීමේදී එක්සත් ජාතික පක්ෂය වෙතින් යලිත් අමාත්‍යධුරයක් වෙනුවෙන් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ වෙත යෝජනා වූ කැබිනට් අමාත්‍යධුරය ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙහිදී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙත යෝජනා වී ඇත්තේ විදේශ අමාත්‍යංශය වන අතර ඔහු එකහෙළා එය ප්‍රතික්ෂේප කර ඇත.

ICTA සභාපතිධූරය රොහාන් සමරජීව.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හෙවත් ICTA ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.

එහි සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ, මහාචාර්ය රොහාන් සමරජීව මහතායි .

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදනය හා සංවර්ධන උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ස්ථාපිත කර ඇත.

Tuesday, April 17, 2018

ඇප කොන්දේසි නැතුව මහින්දානන්ද බන්ධනාගාරයට

හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා රුපියල් 35,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්‌ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක්‌ මත මුදා හැරීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ඊයේ (16 වැනිදා) නියෝග කළාය.

කෙසේ නමුත් අධිකරණය විසින් පනවන ලද ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම නිසා සැකකාර මන්ත්‍රීවරයා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගෙනයාමට බන්ධනාගාර නිලධාරීන්ට සිදුවිය.

16 කල්ලියට ඇපත් නෑ : මට ශ‍්‍රිලනිපය එපා - මං පොහොට්ටුව හදනවා යැයි මහින්ද කියයි.

විශ්වාසභංගය හරහා "පන ගැට ගන්නට" උත්සාහ කරන 16 කණ්ඩායම ආණ්ඩුවේ "සිටීම" හෝ එයින් "ඉවත්වීම" යන කාරණා දෙකම කරන්නේ තමන්ගේ පෞද්ගලික උවමනා එපාකම්වලට අනුව මිස පළල් මහජන සුභ සිද්ධිය පතා නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන පීඨයේ අංශාධිපති ආචාර්ය චරිත හේරත් මහතා පවසයි.

16 කණ්ඩායම 2015 අගෝස්තු මාසයේ ආණ්ඩුවට ගියේ හෝ දැන් එයින් එලියට එන්නේ පළල් ශ්‍රීලනීප අභිලාසය නිසා නොව තමන්ගේ පෞද්ගලික අභිලාසයන් නිසා බව ඔහු අවධාරණය කර සිටියි.

Monday, April 16, 2018

ලාබාලම හිරුණිකාටත් 30 පැනලා - මෙන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මාමල නැන්දලාගෙ වයස

සමාජ ජාල ක්‍රියාකාරිකයෙක් වන පැටි හෙවත් Yamil Thisara පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වයස පිළිබඳව අපුරු දත්ත විශ්ලේෂණයක් ඔහුගේ මුහුණු පොතෙහි පළකර තිබුණා.

පහතින් දැක්වෙන්නේ එම විශ්ලේෂණයයි.

මේ පහතින් තියෙන්නෙ,
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිලගෙ අද දිනට වයස.

මං ඉතින් හැදුවෙ. 

ළාබාලම කෙනා - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ( 30.50)
වයසකම කෙනා - R.සම්බන්ධන් (85.19)

**විමල්ගෙ වයස නම් ශුවර් නෑ 

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද - ජනපති අද ලන්ඩනයට

ලන්ඩන් නුවරදී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද (16) සිට අපේ‍්‍රල් 21 වනදා දක්වා එක්සත් රාජධානියේ දී පැවැත්වෙයි.

“පොදු අනාගතයක් වෙත” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුවේදී සෞභාග්‍යය, සුරක්ෂිතබව, සාධාරණත්වය, තිරසරබව යන අංශ යටතේ පොදු රාජ්‍ය මණ්ඩල රටවල අරමුණු සාක්ෂාත් කර ගැනීම පිළිබඳ විශේෂ අවධානය යොමු වනු ඇත.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අවසන් වරට පවත්වන ලද්දේ මෝල්ටා රාජ්‍යයේ වන අතර දැනට එහි සභාපති ධූරය දරන මෝල්ටාව මෙවර සැසියේදී එම සභාපතිත්වය එක්සත් රාජධානිය වෙත පැවරීමට නියමිතය.

Sunday, April 15, 2018

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළේ දෝෂාභියෝගයක් නිසා?

පාර්ලිමේන්තු වාරය 12 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරමින් හදිසි ගැසට් නිවේදනයක් නිකුත් කළේ එළඹෙන 19 වනදා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් විසින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ සුදානමක් පිළිබඳ වාර්තාවීම නිසා බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.