BREAKING NEWS
latest

728x90

468x60

Friday, April 27, 2018

ශ්‍රි ලංකාවේ සංවර්ධනය සදහා උදව් කිරිමට කැනඩාව සූදානමින්

කැනඩාවේ ගෝලීය කටයුතු පිළිබඳ දකුණු ආසියනු අධ්‍යක්ෂ ජනරාල් ඩේවිඩ් හාට්මන් මහතා සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් පසුගියදා (25දා) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

යූජීසියට බලෙන් පැන්න අන්තරේ 10 ක්‌ දැලේ

අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු බලමණ්‌ඩලය මගින් ඊයේ (26 දා) පැවැත්වූ විරෝධතාවකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බලහත්කාරයෙන් ඇතුළු වූ බව කියන හිමිනමක ඇතුළු ශිෂ්‍යයින් 10 දෙනකු කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම විරෝධතාව අතරතුර විශ්වවිද්‍යාල කොමිෂන් සභ පරිශ්‍රයට ගේට්‌ටුව කඩා ගෙන බලහත්කාරයෙන් ඇතුළු වීම. හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවසීය.

රවිට විරෝධය - ජෝශප් මයිකල් එජාප කෘත්‍යාධි කාරියෙන් ඉල්ලා අස්‌වෙයි -රන්ජනුත් විරුද්ධ වෙයි

එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන තනතුරු සඳහා එහි දේශපාලන මණ්‌ඩලය විසින් යෝජනා කළ සියලු දෙනාට ඊයේ (26 දා) සිරිකොත රැස්‌වූ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ අනුමැතිය හිමිවී ඇත.

කෙසේ වෙතත් උපනායක තනතුර සඳහා හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා පත් කිරීමට විරෝධය පළ කරමින් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන ජෝශප් මයිකල් පෙරේරා මහතා කෘත්‍යාධිකාරි මණ්‌ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්‌වී රැස්‌වීමෙන් පිටව ගොස්‌ ඇත.

ඇමති මලික් එජාප දේශපාලන මණ්ඩලයට බලෙන් පැනලා - පාඩමක් උගන්වන්න දේශපාලන මණ්ඩලය සැරසේ

උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කිසිදු අවසරයකින් සහ අනු දැනුමකින් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමට බලහත්කාරයෙන් සහභාගීවීම සම්බන්ධයෙන් එම මණ්ඩලයේ සභිකයන්ගේ දැඩි විරෝධය එල්ල වෙමින් පවතියි.

මලික් සමරවික්‍රම මහතාගේ මේ ක්‍රියාකලාපය තරයේ හෙළා දකිමින් එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් පැවසුවේ ඔහුගේ මේ ක්‍රියාව විනය සහ නීති විරෝධී දේශපාලන හැදියාවක් නොමැති බාල ක්‍රියාවක් බවය.

Thursday, April 26, 2018

සරසවි සිසුන්ට ඇමති රිෂාඩ් බදියුදීන්ගෙන් පණිවිඩයක්.

"සරසවි සිසුන් තුළ ඉතා හොඳ ව්‍යවසායකත්ව හැකියාවන් පවතින බවත්, තම සරසවි අධ්‍යාපනය අවසන් කර, ඉතා හොඳ ව්‍යවසායකත්ව පුහුණුවක් ලබා ගෙන, ඔබගේ හැකියාව ගැන විශ්වාසය තබා, ඔබගේම ස්වයං රැකියාවක් ආරම්භකර, තවත් පිරිසකට රැකියාවන්ද සපයමින් ඉතා සාර්ථක ව්‍යවසායකයෙකු බවට පත්වන මෙන් මම ආරාධනා කරනවා." යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.



අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා අමාත්‍යාංශයේදී පැවති "උපාධිධාරී ව්‍යාපාර උදානය " වැඩ සටහනේදී සරසවි උපාධිධාරීන් 32 කට ස්වයං රැකියා සඳහා මූල්‍යමය ආධාර ලබා දීමේ උත්සවයේදීය. මෙම උත්සවය සංවිධානය කර තිබෙන්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA - National Enterprises Development Authority) විසිනි.

රන්ජන්-ජෝන් හැප්පෙති

නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ආණ්‌ඩුවේ සිටිමින් පක්‍ෂ නායකත්වය විවේචනය කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස අද (26වැනිදා) පැවැත්වෙන එක්‌සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේදී ඉල්ලා සිටින බව සංචාරක සහ ක්‍රිස්‌තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා ඊයේ (25 වැනිදා) පැවසීය.


ශ්‍රීලනිපයේ තනතුරු වෙනසක්‌ - මධ්‍යම කාරක සභාවේ ගත් තීරණය ඇමැති මහින්ද සමරසිංහ කියයි

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක්‌ මැයි 8 සහ 15 අතර කාලයේ සිදු කරන බව පෙරේදා (24 දා) පැවැති මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවැසීය. 

එජාප තනතුරු වෙනස්‌ වෙයි - මහ ලේකම් අකිල - නියෝජ්‍ය නායක සජිත්

එක්‌සත් ජාතික පක්‍ෂයේ සභාපති ධුරයට උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම්, පක්‍ෂ මහ ලේකම් තනතුරට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම්, ජාතික සංවිධායක ධුරයට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සහ මහා භාණ්‌ඩාගාරික ධූqරයට, ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් පත් කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂ දේශපාලන මණ්‌ඩලය ඊයේ (25 දා) පියවර ගනු ලැබීය. 

ඊට අමතරව එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ලෙස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාත්, එක්‌සත් ජාතික පක්‍ෂ උපනායක වශයෙන් හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාත් එ.ජා.ප. සහකාර ලේකම් ධුරය සඳහා රාජ්‍ය ආරක්‌ෂක ඇමැති රුවන් විඡේවර්ධන මහතාගේ නම යෝජනා වී ඇත. 

Wednesday, April 25, 2018

කර්මාන්තපුරවල හිස් ඉඩම් තිස්පස් අවුරුදු බදු පදනම යටතේ

ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන සඳහා ප්‍රාදේශීය කර්මාන්ත‍ සේවා කමිටුව සහ අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුව විසින් සුදුසු ආයෝජකයින් තෝරාගනු ලැබේ.

වැලිගම සංචාරක කර්මාන්තය ගොඩ ගන්න සාගල වැඩට බසී

වැලිගම ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රෙය් ඇති වී තිබෙන ගැටළු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම වෙනුවන් ඇතිකළ ප්‍රාදේශීය කමිටුව ව්‍යාපෘති කලමණාකරන, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී හෙට ( 26) සවස 05.00 ට පැවැත්වේ.

ඊට ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රෙය් නියුතු සියලු පාර්ශවයන්ගේම නියෝජිතයින් මෙන්ම දක්ෂිණ සංවර්ධන අධිකාරිය, සංචාරක සංවර්ධන මණ්ඩලය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය, සුරිබදු දෙපාර්තමේන්තුව ඇතුළු සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම රාජ්‍ය ආයතන වල නිලධාරීන් ද සහභාගී වීමට නියමිතය.

මහින්දානන්ද කිසිම වරදක් කරලා නෑ – ඒකාබද්දෙට සෙට් වෙන්න ළකුනු දමා ගන්න දයාසිරි කියයි

ගිය රජය සමයේ කැරම් බෝඩ් ගෙන්වීමේදී ක‍්‍රීඩා ඇමතිව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කිසි වංචාවක් සිදුකර නැතැයි හිටපු ක්‍රීඩා ඇමැති ලෙස තමන් වගකීමෙන් පවසන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර පවසයි.

FCID යනු නීති විරෝධී ආයතනයක් බවත් එය ස්ථාපිත කර ඇත්තේ එජාපයේ උවමනාවට විරුද්ද දේශපාලඥයන්ගෙන් පලි ගැනීම සදහා බවත් පවසන මන්ත‍්‍රීවරයා වහාම පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසුරුවා හැරිය යුතු යයිද සදහන් කරයි.

නාමල් කාශ්මීරයේදී වැඩ අරඹයි

පසුගියදා කාශ්මීරයේ කාත්නා රග්බි කණ්ඩායමක් වෙනුවෙන් ලබාදුන් පොරෙන්දුව ඉටුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජම්මු කාශ්මීරයේ රග්බි ක්‍රීඩිකාවන් පුහුණු කරවීම ආරම්භ කර තිබෙනවා.

නියෝජ්‍ය නායකයා තේරීමට ඡන්ද විමසීමක් නම් මුහුණ දීමට සූදානම් -ඇමති සජිත් කියයි

එක්‌සත් ජාතික පක්‌ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලට අදාළ පක්‌ෂයේ ප්‍රධාන තනතුරුවලට පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක්‌ ගැනීමට ඊයේ (24 දා) රැස්‌වූ දේශපාලන මණ්‌ඩලයට නොහැකි වූ අතර ඒ සඳහා අද (25 දා) සවස 05 ට නැවත රැස්‌වීමට මණ්‌ඩලය තීරණය කර ඇත.

සුදු වෑන් සම්බන්ධයෙන් හිටපු STF සෙබෙලෙක්ගෙන් හෙළිදරව්වක්

කොළඹ සුදු වෑන් පැහැර ගැනීම් සිදුකළ කණ්ඩායමක කටයුත කල පොලිස් විශේෂ කාර්ය සාධක බලකා භටයෙක් එම සිදුවීම් සම්බන්ධව ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) වෙත තොරතුරු ලබා දී තිබේ.

පැහැර ගැනීම් වලට හවුල්ව තවමත් මානසික කම්පාවට ගොදුරු වී සිටින බව ITJP පවසන එක සිංහල පුද්ගලයෙක් එම සිදුවීම් හඳුන්වා දී ඇත්තේ “ත්‍රාසජනක චිත්‍රපටියක්” ලෙසටය.

පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ සේවය කළ සිංහල නිලධාරීන් සහ ඔවුන් සමග කටයුතු කළ දෙමළ අතුරු හමුදා කල්ලි සාමාජිකයන් ගේ ප්‍රකාශ මත මූලික වශයෙන් පදනම් වෙමින් “ශ්‍රී ලංකාවේ විශේෂ කාර්ය සාධක බලකාය” නමින් වාර්තාවක් සකස් කරන ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) මෙම කරුණු හෙළි කර ඇත.

පොලිස්පති පොලිස් කොමිසමට වඩා ලොකුද? ‍| Police

පසුගිය මාර්තු අගදී ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කිරීමට පොලිස් කොමිසම විසින් පොලිස්පතිවරයාට නිර්දේශ කර තිබිණි. 

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී පෙරේරා, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඊ. ජයසූරිය, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා සහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අනුර අබේවික්‍රම යන අය නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරන මෙන් පොලිස් කොමිසම නිර්දේශ කර තිබුණ ද පොලිස්පතිවරයා එම නිදේශය ක්‍රියාත්මක කරන්නේ නැත.

එජාප මාධ්‍ය මෙහෙයුම හරීන්ට?

එක්සත් ජාතික පක්ෂයේ සියලුම මාධ්‍ය මෙහෙයුම් කටයුතු, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පිහිටුවීමට නියමිත මාධ්‍ය සහ සන්නිවේදන අංශය වෙත පැවරීමට එම පක්ෂය තීරණය කර තිබෙන බව දැන ගන්නට තිබේ.

ඒ අනුව මාධ්‍ය හා සන්නිවේදන අංශයේ ලේකම් ධුරයට විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීමටද එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙන බව එම පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

Tuesday, April 24, 2018

රටම අදුරේ හෙළන විදුලි ව්‍යාපාර මාෆියාවට සිරසත් හවුල් ?

විදුලි අර්බුදය 

ශ‍්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය වසරේදී රුපියල් කෝටි 4,500 ක දැවැන්ත පාඩුවක් ලබා ඇතැයි ශ‍්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි. එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාර වඩුගේ මහතා පසුගියදා (18) පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් ප‍්‍රකාශ කලේ, මෙම වසරේ මෙම අලාභය රුපියල් කෝටි 5,000 ඉක්මවනු ඇති බවයි. 

2014 වසරේ ඉදිකෙරුණු නොරොච්චෝලේ බලාගාරයේ අවසන් අදියරෙන් පසුව මෙරට කිසිදු විදුලි ජනන බලාගාරයක් ඉදිකෙරී නොමැත. වැඩිවෙමින් පවතින විදුලි ඉල්ලූම සපුරාලීමට හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා යොමුවීම නිසා විදුලි බල මණ්ඩලයට මෙම පාඩුව අත්වීඳීමට සිදුව තිබේ. මෙරට විදුලි බල ක්ෂේත්‍රයේ වසරකට දළ වශයෙන් මෙගාවොට් 300 කට වැඩි විදුලි ඉල්ලූමක් අලූතින් එක්වන අතර එමු විදුලි ඉල්ලුම සපුරාලීමට අඩු ඒකක පිරිවැයක් සහිත නව විදුලි ජනන බලාගාර රටතුල ඉදිවිය යුතුය. 

“මාලිංගගෙන් තිලංග සුමතිපාල පළිගත්තා. ඔයා දැන් යන්න කාලේ හරි” – රංජන් තිලංගගේ රෙදි ගලවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වතමන් සභාපති තිලංග සුමතිපාල මහතා හා හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ලසිත් මාලිංගගෙන් පලිගත් බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය. මාදිවෙල පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා සිටියේය. එසේම වත්මන් සභාපතිවරයාට එම තනතුරේ රැඳී සිටීමට හැකියාවක් නොමැති බවත් ඔහු තනතුරින් ඉල්ලා අස්විය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.


“ මම ක්‍රිකට් ක්‍රීඩාව ගැන කළ ප්‍රකාශය වත්මන් සභාපතිවරයා හෝ හිටපු ක්‍රීඩා ඇමතිවරයාට කළ ප්‍රකාශයක් නොවන බවට ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා කළ ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක්. මම හිටපු, හිටිය හා දැන් ඉන්න සියලු දෙනාගේ දූෂණ වංචා ගැන තමයි කියන්නේ. වැඩියෙන්ම දූෂණ වංචා තියෙන්නේ දැන් ඉන්න සභාපතිවරයා හා හිටපු ක්‍රීඩා ඇමතිවරයා හිටපු සමයේ බව ප්‍රකාශ කරනවා.

Monday, April 23, 2018

දින 100න් රටේ ආර්ථිකය හදන්න යනවලු

දින සියයෙන් රටේ ආර්ථිකය ගොඩනැංවීමට තමන් සූදානම් බවත්, ඒ සඳහා දක්ෂ නිලධාරීන් පිරිසක් සමග එම අභියෝගයට මුහුණදෙන බවත් එ.ජා.ප. උප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසා සිටියේය.

පසුගියදා තොටළඟ එ.ජා.ප. කාර්යාලයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. එම උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවි කරුණානායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ,

"ජනතාව පීඩාවට පත්කිරීමේ අනවශ්‍ය බදු පැනවීම්වලට මම තරයේ විරෝධය පළ කරනවා. මේ වනවිට රත්‍රන් සඳහා පනවා ඇති 15% බදු පැනවීම අනවශ්‍ය දෙයක් බව මගේ හැඟීමයි. ආණ්ඩු වෙනස් වුණාට, දේශපාලඥයන් පිටුපස යන නිලධාරීන් වෙනස් නොවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ආර්ථික ව්‍යාකූල තත්ත්වයන්ට රට මුහුණ දෙමින් පවතිනවා. අද රටේ ආර්ථිකය ගැන ජනතාව විවිධ අදහස් මතුකර තිබෙනවා. දක්ෂතා ඇති පුද්ගලයන් සඳහා නිසි තැනක් නොලැබීම නිසා මේ තත්ත්වය උත්සන්න වෙලා. කෙසේ වෙතත් දින සියයෙන් රටේ ආර්ථිකය ගොඩනැංවීමට මා සූදානම්. ඒ සඳහා දක්ෂ නිලධාරීන් පිරිසක් සමග එම අභියෝගයට මුහුණදීමටත් මා සූදානම්" යැයි පවසා සිටියේය. 

කිරිපිටි 75කින් ගෑස් 245කින් වැඩි වෙයි? - හේතුව රවීගේ IMF ගිවිසුමක්?

කිරිපිටි කිලෝවක මිල රුපියල් 75කින් සහ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245 පමණ ඉදිරි දින කීපයේදී වැඩිවීමට ඉඩ තිබෙන බව රජයේ ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.

දැනට ලන්ඩන් නුවර සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට ළඟාවීමෙන් පසුව කිරිපිටි සහ ගෑස් මිල ඉහළයාම පිළිබඳ තිරණය ගන්නා බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

ලෝක වෙළෙඳපොළේ කිරිපිටි සහ ගෑස් මිල වැඩිවී තිබීම හේතුවෙන් මෙරට කිරිපිටි සහ ගෑස් සමාගම් මිල වැඩිකිරීම සඳහා ජීවන වියදම් පිළිබඳ කමිටුවෙන් සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා තිබුණි.

ලෝකෙ හොදම දේශපාලඥයා ඔබතුමියයි කියමින් චන්ද්‍රිකාට ඩිලාන් පෙරේරා පෙරලි පෙරලී වැද වැටිලා ඇමතිකමක් ඉල්ලල

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා තම පාලන සමයේදී ලොකයේ සිටින හොදම දේශපාලඥයා යයි තමන්ට නියා පෙරලි පෙරලී වැන්ද බව හිටපු ජනාධිපතිනිත චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ශ‍්‍රීලනිප නායකත්වය අතහරින බව මෛත‍්‍රි කියල?

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරයෙක් තමන් ඉවත් වන්නට සූදානම් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පැවසූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය බාරගෙන කරගෙන යා හැකි අයෙක් වෙතොත් ඔහුට එම ධුරය බාර දීමට තමන් සූදානම් යයි ජනාධිපතිවරයා තම කණ්ඩායම සමග පැවසූ බවද හිටපු ඇමතිවරයා සදහන් කරයි.

Sunday, April 22, 2018

අළුතින් කැබිනට් ඇමතිවරුන් ලෙස මේ සතියේ දිවුරන හය දෙනා මෙන්න

මෙම සතියේදී සිදුවනු ඇති බවට විශ්වාස කෙරෙන කැබිනට් සංශෝධනයේදී නව කැබිනට් ඇමතිවරුන් හය දෙනෙකු පත් කෙරෙනු ඇති බව වාර්තා වෙයි.

මෙම පත් කිරීම සිදු කෙරෙන්නේ ශ‍්‍රීලනිප කැබිනට් ඇමතිවරුන් හය දෙනෙකු ඉල්ලා අස්වීම නිසා ඇතිව තිබෙන පුරප්පාඩු පිරවීම සදහායි.