BREAKING NEWS
latest

728x90

468x60

Saturday, May 05, 2018

ශ්‍රී ලංකා - චීන සමස්ත වෙළෙඳාම ඩොලර් බිලියන 4.6 යි.

" චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳාම ඔස්සේ රටවල් දෙකටම ඉහළ ප්‍රතිලාභ භුක්ති වීඳීමට හැකියාවක් පවතින බවත්, අප දෙරටේ මිත්‍රශීලි සබඳතාව ඈත අතීතය දක්වා දිවයන බවත්, 2017 දී ශ්‍රී ලංකා - චීන සමස්ත වෙළෙඳ ගණුදෙනුවල වටිනාකම ඩොලර් බිලියන 4.6 (4.6 Billon Dollar) වු බවත්, එය පෙර වසර සමඟ සසඳන විට සියයට 3% ක වැඩි වීමක් බවත් කර්මාන්ත හා වාණිඩ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. 


අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා අමාත්‍යාංශයේ දී පැවති විශේෂ චීන වෙළෙඳ දූත පිරිස සමඟ සාකච්ඡාවේදීය.

එජාපය වැවිලි ප්‍රජාව වෙනුවෙන් කැපවී සිටිනවා - ලක්ෂ්මන් කිරිඇල්ල

කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ප්‍රදානත්වයෙන් මහනුවර පුපුරැස්ස ලෙවලන් වතුයායේ නිවාස 25 ක් ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම අවස්ථාව සඳහා කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා, ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වූහ.

ක්‍රීඩා ඇමැතිගේ පළමු මාධ්‍ය හමුවේදීම වගකීම් පැහැරහැරි නිලධාරීන්ට එරෙහි විනය ක්‍රියා මාර්ග

ක්‍රීඩා ඇමැති ලෙස පැවැත්වූ පළමු මාධ්‍ය හමුවේදීම මතුවූ ප්‍රශ්නයකට අවධානය යොමුකරමින් ඒ හා සම්බන්ධ සියලුම නිලධාරීන්ට එරෙහි විනය ක්‍රියාමාර්ග ගන්න බව ඇමැති අධිනීතීඥ ෆයිසර් මුස්තාපා මහතා පවසයි. කොරියාවේ පැවැති ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලියේදී ක්‍රීඩා අමාත්‍යාංශයට සම්බන්ධ නිලධාරිණියකගේ ක්‍රියා කළාපය පිළිබඳව පසුගිය වසරේ ජූලි මාසයේදී විමර්ශන වාර්තාවකින් කරුණු හෙළිවී තිබියදී ඒ පිළිබඳ පියවර නොගැනීමට එරෙහිව ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් එම අවස්ථාවේම නිදහසට කරුණු විමසා විනය ක්‍රියා මාර්ග ගැනීමේ තීරණයට එළැඹියේය.

ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ පැවැති ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතාගේ පළමු මාධ්‍ය හමුව පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්වුණි.

ශ්‍රීලනිප මැයි රැලිය 7 දා මඩකලපුවේ දී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැලිය පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ 07 වනදා ප.ව 2.00 ට මඩකලපුව, චෙන්කලඩි, මාවඩිවෙම්බු හි දී පැවැත්වෙයි.

ජාතික සමගියට කම්කරු ජවය, තේමාව යටතේ සියලු පළාත්වලින් පැමිණෙන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ සහභාගිත්වයෙන් ඉතා අභිමානවත් අන්දමින් එය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.

එජාප මැයි දින සැමරුම හෙට සුගතදාස ක්‍රීඩාංගණයේදී

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැස්වීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් චාම්ව, අභිමානවත්ව හෙට උදේ 9ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කැර තිබේ. මෙහිදී අගමැතිවරයා විශේෂ මැයි දින ප්‍රකාශයක් නිකුත් කරනු ඇති බවත් ආරංචි මාර්ග පවසයි.

ඇමති අකිලගේ කුලියාපිටිය ආසන සංවිධායකධුරය අහෝසියි ?

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මීළඟ මැතිවරණයේ දී පක්ෂ ජාතික ලැයිස්තුවට ඇතුළත් කරනු ඇති බව පෙනෙන්නට තිබේ.



මේ බව අනාවරණය වන්නේ එජාප ප්‍රතිසංස්කරණය සදහා පත් කරන ලද රුවන් විජේවර්ධන කමිටු වාර්තාවේ නිර්දේශයක් මගිනි.

එම වාර්තාවේ 2.4 හි දැක්වෙන පරිදි "පක්ෂයේ මහ ලේකම් ධුරය සදහා පක්ෂයේ ඕනෑම අයෙකුට සෘජුව සම්බන්ධීකරණය විය හැකි පරිදි ඉදිරි මැතිවරණයක දී ජාතික ලැයිස්තුවෙන් පත්වීමේ පදනම මත දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු පත් කිරීම"ට යෝජනා කර තිබූ අතර, එම යෝජනාව අනුව පක්ෂ නායකත්වයේ නිර්දේශ මත, ඉකුත්දා අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කරන ලදී.

Friday, May 04, 2018

ඇමති මාරුවෙන් පසු සබීතාගේ බිල්ඩිම ඉවතට

නව කෘෂිකර්ම ඇමතිවරයා ලෙස සිය ධූරයේ වැඩ භාරගත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයෙ (03) කියා සිටියේ‘කෘෂිකර්ම අමාත්‍යංශයට හොඳම තැන කලින් අමාත්‍යංශය තිබු ගොඩනැගිල්ලයි. ඒ ස්ථානයටම නැවත අමත්‍යාංශය ගෙන යාමට උපරිම උත්සාහ කරනවා‘ ලෙසිනි.

කෘෂිකර්ම අමාත්‍යංශය දැනට පවත්වාගෙන යන සිනමා නිළි සබීතා පෙරේරාගේ ස්වාමියාට අයත් බත්තරමුල්ල රාජගිරිය පාර්ලිමේන්තු පාරේ පිහිටි ගොඩනැගිල්ලට අදාල ගිවිසුම්ගත කාලය ඊයෙන් (03) අවසන් වූ අතර ඒ අනුව නව ගොඩනැගිල්ලකට යනවාද යන ප්‍රශ්නය මාධ්‍ය ඉදිරිපත් කළ අවස්ථාවේ  ඔහු ඒ බව පවසා තිබුණි.

කෝටි 2 ක්‌ අල්ලස්‌ ගනිද්දී ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානි සහ දැව සංස්‌ථාවේ සභාපති අල්ලස්‌ දැලේ

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එස්. මහානාම හා දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානයක යන දෙදෙනා අල්ලස් ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙරට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ආයෝජනයට පැමිණි විදේශිකයෙකුගෙන් රුපියල් කෝටි 10ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඉන් කොටසක් ගත් බවට සැක පිට මොවුන් අත්අඩංගුවට පත්ව ඇති බව පැවසේ.

මේ වන විට වාර්තා වී ඇති අන්දමට ඉහත සැකකරුවන් දෙදෙනා මෙම විදේශිකයාගෙන් මුලින්ම ඉල්ලා ඇත්තේ කෝටි 58ක මුදලකි. කෙසේනමුත්, පසුව ඔවුන් එම මුදල කෝටි 10ක් දක්වා අඩුකර තිබේ.

රටේ දේශපාලන අස්ථාවරබවක් නැහැ - තියෙන්නේ දේශපාලන කුමන්ත්‍රණයක් ඇමැති අර්ජුන පවසයි

රටතුළ කිසිඳු ආකාරයක දේශපාලන අස්ථාවරත්වයක් නොමැති බවත් ඡන්ද පදනමක් නොමැති නන්නත්තාර වූ දේශපාලනඥයින් ආණ්ඩුව අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක නිරත වන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එම දේශපාලනඥයින් ආණ්ඩුව වැට්ටවීමට සැලසුම් සහගතව ක්‍රියා කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

අමාත්‍ය සාගල රත්නායක කතරගම සංවර්ධන වැඩසටහන විමසයි

අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (03) උදෑසන කතරගම, ඓතිහාසික වැඩසිටි කන්ද පූජා භූමිය වෙත පැමිණි අතර එහිදී විහාරය සහ වැඩසිටිකන්ද දේවාලය වැඳ පුදාගැනිමටද කටයුතු කෙරිණි. ඉන් අනතුරුව වැඩසිටිකන්ද පූජා භූමියේ නිරීක්ෂණයක නිරතවූ අතර එහිදී පවතින අඩුපාඩු සහ දියුණු කලයුතු අංශ පිළිබඳවද සොයාබැලීමක් සිදු කළේය. ඉන් අනතුරුව ඓතිහාසික වැඩසිටි කන්ද පූජා භූමියේ වාහල්කඩ ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

Thursday, May 03, 2018

ගමේ සංවර්ධනය රටේ ආර්ථිකයට දායක කරගැනීමට නම් ප්‍රේමදාස චින්තනය ගමට ගෙන යායුතුයි - සාගල රත්නායක

ගම දියුණු කිරීම හරහා සමස්ත රටම සංවර්ධනය කරා ගෙනයාම ප්‍රේමදාස මහතාගේ දේශපාලන දර්ශනය තුළ තිබූ මූලික සංකල්පයක් විය. වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂයේ දැක්ම වී තිබෙන්නේ ද ගමේ සංවර්ධනය රටේ ආර්ථිකයට දායක කරගැනීමයි. ‍

‘සැමට සෙවණ - හිතට නිවන’ යන සංකල්පය පෙරදැරිව නිර්මාණය කළ උදාගම් මෙන්ම ‘දුප්පත්කම නැති කිරීම’ වෙනුවෙන් ඔහු විසින් නිර්මාණය කළ ‘ජනසවිය’ ව්‍යාපාරය ද ග්‍රාමීය ප්‍රජාව සවිබල ගැන්වීමේ වැඩපිළිවෙලේදී සුවිශේෂී දායකත්වයක් ලබාදුන්නේය. එමෙන්ම, පක්ෂ භේදයෙන් තොරව ක්‍රියාත්මක වූ ග්‍රාමෝදය මණ්ඩල, ප්‍රජාව මගින් දිළිඳු බව හඳුනාගත් අතර ගම් පහළොස්දහස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල තුළ ගමේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට අවශ්‍ය පසුබිම සකස් කළේය. මේ සංකල්පයන් තුළින් ගම වෙත ගෙන ගියේ එජාපයේ දැක්මය.

විජේදාසට වුන ලොකු අසාධාරණය : උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන්

තම ජීවිතයට සිදුවූ ලොකුම අසාධාරණය සිදුවුයේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (02) අමාත්‍යංශයේ වැඩ බාරගත් අවස්ථාවට එක්වෙමින්ය.

'අනුප්‍රාප්තික නායකයා ලෙස සජිත්ව නම් කරන්න' - එජාප පසුපෙළ කියයි

එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය තවදුරටත් උග්‍රවී ඇති අතර, නායකත්වය වෙනස් නොවන්නේනම් අනුප්‍රාප්තිකයෙකු නම් කරන ලෙස පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට යයි.


එසේ අනුප්‍රාප්තික නායකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම්කරන ලෙස ඔවුන් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානය සාර්ථක නොවීම හේතුවෙන් මේවනවිට එක්සත් ජාතික පක්ෂපසුපෙළ මන්ත්‍රීවරුන් 20ක් ආණ්ඩුපක්ෂ කණ්ඩායම් රැස්වීම වර්ජනය කර තිබේ.

ශ්‍රී ලංකන්, මිහින් ලංකා අක්‍රමිකතා තොරතුරු රැසක් පරීක්ෂණ කොමිසම වෙත

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, සීමාසහිත ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා ආයතනවල වසර 2006 ජනවාරි සිට වසර 2018 ජනවාරි දක්වා කාල පරාසයට අයත් අත්‍යවශ්‍ය ලේඛන හා ලිඛිත තොරතුරු රැසක් ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නීති අංශය විසින් කැඳවා තිබේ. තවද එම ආයතන තුන ගනුදෙනු සිදු කළ බැංකුවලින් ද විස්තර ලබාගැනීමට පියවරගෙන තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික රණවිරු මාසය ප්‍රකාශයට පත් කෙරේ

2018 ජාතික රණවිරු මාසය ප්‍රකාශයට පත් කරමින් එහි පළමු සමරු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළදවීම ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදය අවසන් කිරීමේ මානුෂීය මෙහෙයුමේදී සිය ජීවිතය මව්බිම වෙනුවෙන් පූජා කළ රණවිරුවන් සහ තම ශරීරාංග කැප කළ රණවිරුවන් සිහිපත් කිරීම මෙන්ම ඔවුන් වෙනුවෙන් කෘතගුණ සැලකීමේ අරමුණින් වාර්ෂිකව මෙම රණවිරු මාසය රජය විසින් ප්‍රකාශයට පත්කරන අතර, එයට සමගාමීව රණවිරු කොඩි අලෙවිය ද සිදු කෙරේ.

තිලංගට විපක්ෂයේ අසුන් ගැනීමට බැරි හේතුව

ආණ්ඩුවෙන් ඉවත්වු ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් දහසය දෙනා සදහා විපක්ෂයේ අසුන් සූදානම් කර තිබෙන බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග  හෙළිදරව් කලේය.

රුවන් විජේවර්ධන කමිටු-වාර්තාව මෙන්න.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය පිළිබඳව රුවන් විජයවර්ධන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පිහිටවූ කමිටු වාර්තාව අප වෙත ලැබී තිබේ.

පහතින් පලවන්නේ එම වාර්තාවයි.

පක්ෂයේ ප්‍රතිසංවිධානය පිළිබඳව ගරු රුවන් විජයවර්ධන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පුළුල්ව සාකච්ඡා කරනු ලදුව සියළුදෙනාගේ පොදු එකඟතාවයට අනුව මතු සඳහන් යෝජනා ඉදිරිපත් කරමු.

01. පක්ෂ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රීකරණයට ලක් කල යුතු බවට එකඟ වේ.

1.1 ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට පසුව පක්ෂ නායකත්වය ඡන්දයකට යොමු කිරීමට ව්‍යවස්ථාව තුල ඉඩකඩ තිබිය යුතුයි.

වාරණය අහිංසක ද? - අපිටත් මිළක් තිබේ ද? - යහපාලනය Info Sri Lanka News වෙබ් අඩවිය වාරනය කරයි

Info Sri Lanka News වෙත ප්‍රවේශ වීමට සිදුව ඇති බාධාවන් පිළිබඳව පළකර ඇති අදහස් සම්බන්ධයෙන් ඔබ සැමට ස්තුතිවන්ත වෙමු.

වෙබ්අඩවියට ප්‍රවේශ වීම වාරණයකට ලක්ව තිබු නමුත් මේ වන විට එයට ප්‍රවේශ වීමේ හැකියාව බොහෝ අයට ලැබී තිබේ.

කෙසේ නමුත් ඇතැම් අන්තර්ජාල සම්බන්දතා තුලින් ප්‍රවේශ වීමේ අපහසුතා තවමත් ඇති බව ද වාර්තා වේ. ඊයේ සිට වෙබ්අඩවිය තාක්ෂණික යාවත්කාලින කිරීම් ගණනාවකට ලක්කිරීමට මේ හේතුවෙන් සිදු වූ අතර, අප තාක්ෂණික අංශය ද තවමත් වෙබ්අඩවියේ තාක්ෂණික දෝෂයන් සොයා බලමින් සිටින නමුත් සැළකිය යුතු තරමේ තාක්ෂණික අර්බුධයක් ද වෙබ්අඩවිය තුල මතුව නැති බව ඔවුන් පවසයි.

තේ රබර් සඳහා ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරයි

ග්ලයිෆොසෙට් තහනම රබර් සහ තේ සඳහා ඉවත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඊයේ (02) පැවසීය.


වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීවේය.

Wednesday, May 02, 2018

බුදු පිළිම වහන්සේලාට පැනවූ ලක්ෂ 32 ක බද්ද මුදල් ඇමති රේගුවට ගන්න එපා කියයි.

විදේශයෙන් මෙරටට ගෙන්වනු ලැබූ බුදු පිළිම වහන්සේලා 1000 ක් රේගු ගාස්තුවලින් තොරව නිදහස් කිරීමට මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට නියෝගකර තිබේ.

රජයේ විධි විධාන හා චක්‍ර ලේඛනයන්ට අනුකුලව රේගු දෙපාර්තමේන්තුව විසින් මෙම පිළිම වහන්සේලා නිදහස් කිරීම වෙනුවෙන් ලක්ෂ 32 ක බද්දක් පනවා තිබිණ.

ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල පිහිටි පන්සල් වල වැඩ සිටින මහා සංඝරත්නය දහස් නමක් උදෙසා වෙසක් පොහොය යෙදුණු ඊයේ (29 ) චීන බෞද්ධ දූත පිරිසක් විසින් පූජා කිරීමට සුදානම් කරන ලද පිළිම වහන්සේලාට රජය විසින් ලක්ෂ තිස් දෙකක (32,000,00 ක) බදු මුදලක් නියම කිරීම නිසා එම පිලිම බෙදා දිමට නොහැකි වීම සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (30) රාත්‍රී මුදල් අමාත්‍යවරයාව දැනුවත් කර තිබිණ.

සුගන්ධිකාට නීතිඥ සංගමයෙන් දින 14ක් : අධිකරණය මුදාහරියි

නීති ක්ෂේත්‍රෙයේ සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් සිදුකළ නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියට එම කරුණු සනාථ කිරීම සඳහා ඇති සාක්ෂි දින 14ක් ඇතුළත ඉදිරිපත්කරන ලෙස නීතිඥ සංගමය විසින් ලිපියක් යොමුකර ඇත.

ශ්‍රීලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමුකර ඇති අතර,නීතිඥ සුගන්ධිකා මහත්මිය ප්‍රසිද්ධ කළ කරුණු කිසිවක් මෙතෙක් නීතිඥ සංගමයට දැනුම්දී හෝ පැමිණිලි කර නොමැති බවද එම ලිපියේ සඳහන් වේ.

කැබිනට් මණ්ඩලයේ 'රවී' සොයයි : රාජ්‍ය - නියෝජ්‍ය අද

යහපාලන සම්මුති ආණ්ඩුවේ අද (01) සිදුකල අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වෙත අමාත්‍යධුරයක් ලබානොදීම ඔහුට සිදුකළ අසාධාරණයක් සේම ප්‍රශ්නකාරී තත්ත්වයක් බව එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් සඳහන් කරයි.

newstube වෙබ් අඩවිය අමතමින් මන්ත්‍රීවරුන් මෙම අදහස් දක්වා තිබේ.

එසේම, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම අවධාරණය කර ඇත්තේ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට අමාත්‍යධුරයක් ලබාදුන්නා නම් රවී කරුණානායක මහතා අමාත්‍යවරයෙකු කිරීමේ කිසිඳු ගැටළුවක් තමන් නොදකින බවය.

හිරුණිකා අගමැතිට යන්න කියයි | Hirunika Premachandra

පක්ෂ නායකත්වය ඇතුලු සියලු තනතුරුවල වෙනසක් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ දුන් ප්‍රතිඥාව ඉටු නොකිරීමට විරෝධය පාමින් අගමැතිවරයා සහභාගි වන රැස්වීම් වර්ජනය කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු විසි (20) දෙනකු පමණ තමන් සමග එම තීරණයට එළැඹ සිටින බවත් මන්ත්‍රීවරිය කියා සිටියාය.

එම තීරණයට එළැඹ සිටින සියලුම මන්ත්‍රීවරුන් “දිවි හිමියෙන්” අගමැති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වූ සහ “නොයෙක් අසාධාරණකම්වලට ලක් වූ” පුද්ගලයන් බව පවසන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය “පක්ෂ නායකත්වයෙන් මිස අගමැති පදවියෙන් ඉල්ලා අස්විය යුතු” යයි අගමැතිවරයාට කිසිදු බලකිරීමක් නොකරන බවත් අවධාරණය කළාය..

ඌවේ වෛද්‍යවරු වර්ජනයකට සැරසේ

ඌව පළාත් රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයට ගෙවිය යුතු හිඟ අතිකාල දීමනාව නොගෙවීම හේතුවෙන් ඌව පළාතේ සියළු රෝහල්වල ක්‍රියාත්මක වන පරිදි වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සැරසෙයි.ලබන මැයි 07 වනිදාට පෙර මෙම හිඟ වැටුප නොගෙවන්නේ නම් සිය වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බව එම සංගමය ඊයේ (01) බදුල්ල පළාත් මහ රෝහලේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේය.

Tuesday, May 01, 2018

කැබිනට් සංශෝධනය සජීවී තොරතුරු මෙන්න

යහපාලන ආණ්ඩුව පත්වීමෙන් පසුව සිදුකරනු ලබන සිවුවැනි අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ අමාත්‍ය දිවුරුම්දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට මේවන විට සියල්ල සූදානම්කර තිබේ.
අමාත්‍යවරු දිවුරුම්දීම ඇරඹයි

විජේදාස රාජපක්ෂ - උසස් අධයාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය

“වසර 2020 ට පෙර දුෂිතයින් නීතිය හමුවට” - ඇමැති රාජිත කියයි. - ජාතික තරුණසේවා සභාවේ සභාපතිත් ඒ අතරද ?

දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන්ට වන්දි ලබාදීම සදහා කඩ්නම් වැඩපිළිවෙළක් දියත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ස්වෙච්ඡා සංවිධාන 14 කට උපකරණ බෙදාදීම වෙනුවෙන් පැවැති උත්සවයක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Monday, April 30, 2018

සිරකරුවන් 430කට ජනපති සමාව

බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමඟුල නිමිත්තෙන් සිරකරුවන් හාරසිය තිස් දෙදෙනකු විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස ලබා ඇත.

සුජීවටත් අලුත් තනතුරක්‌ ලැබෙන ලකුණු

එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පත් කෙරෙන තනතුරු අතරට තවත් ප්‍රධාන තනතුරක්‌ ලෙස මානව හිමිකම් පිළිබඳ සහකාර ලේකම් වශයෙන් රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පත් කිරීමට නියමිතය. 

බකට් සහ වතුර තියන්නැ සෑමරු 'එදා වෙසක්' ගැන රනිල්ගේ මතකය ගැන කතාකරයි

අතීතයේදී අටපට්ටම් හා බකට් ආදිය ආලෝකමත් වූයේ ඉටිපන්දම් ආලෝකයෙන් බවත් එම ඉටිපන්දම් හේතුවෙන් අටපට්ටම් බකට් ගිනි ගන්නා හෙයින් එම ගිනි නිවීම සඳහා වතුර බාල්දි ළඟ තබාගෙන සිටි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

සාගල - නවීන් ගැටබරුවේදී හමුවේ

"නැවුම් තේ මංගල්‍ය 2018" වැඩසටහන අද (30) දෙනියාය, ගැටබරුව රජ මහා විහාරස්ථානයේදී පැවති අතර මෙවර එය පැවැත්වුනේ දෙවැනි වරටයි. 

අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, ව්‍යපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්විණි. 

එජාප ප්‍රතිසංවිධානය අසාර්ථකයි : පසුපෙළ 25ක් එළිපිට සටනකට

එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වුයේ සැබෑ ප්‍රතිසංවිධානයක් මිස මුහුණු මාරුවක් නොවන බව සඳහන් කරමින් අදාළ ප්‍රතිසංවිධාන කටයුත්ත මේ වන තුරු සිදුව ඇති ආකාරය කොහෙත්ම තෘප්තිමත්වසර විය නොහැකි බව එජාප බහුතර මතයවී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වන විටත් ඒ සම්බන්ධව පසුපෙළ මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් රැසක් ප්‍රසිද්ධියේ විරෝධය දක්වන්නට ගෙන ඇති බවත් පක්ෂය හැරගිය පිරිස් ඇතුළුව පක්ෂය ජයග්‍රාහී මාවතට ගැනීමට හැකි ආකාරයේ වෙනසක් සිදුනොවුවහොත් ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග සමබන්ධවද ඔවුන් අතර සාකච්ඡා වෙමින් ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීමට කියුබාවේ සහාය

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා පුර්ණ සහයෝගය ලබාදෙන බව කියුබාව ප්‍රකාශ කරයි.

කියුබාවේ පැවැත්වෙන ජාත්‍යන්තර සෞඛ්‍ය සමුලුවකට සහභාගිව සිටින සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කියුබාවේ මහජන සෞඛ්‍ය අමාත්‍ය රොබේටෝ මොරාලේ ඔඡේඩා මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. කියුබාවේ මහජන සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ ආරාධනාවකට අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම සාකච්ඡාවට එක්විය.

Sunday, April 29, 2018

ජාතික තරුණසේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ධූරකාලය අවසන් | National Youth Services Council

ජාතික තරුණසේවා සභාවේ ජාතික තරුණසේවා සභාවේ ධ්‍යක්ෂක මණ්ඩලයේ ධූරකාලය පසුගිය ජනවාරි මාසයේ අවසන් වී ඇතග පසුව එය මාසයෙන් මාසය බැගින් දීරගකරමින් පැවතිනි. එයද පසුගිය  22වැනිදායි ඉකුත්ව ගොස් ඇති බවට වාර්තාවේ.

රාජ්‍ය වෙසක් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2562 වැනි රාජ්‍ය වෙසක් මහෝත්සවය ආධ්‍යාත්මික සංවර්ධනයට මුල්තැන දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ බිංගිරිය දේවගිරි රාජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.


රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිති කරගනිමින් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

එජාප නායකත්වය බාර ගන්නැයි අගමැති රනිල් පක්‍ෂයට දන්වයි

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය සදහා ඉදිරිපත් වීමට කිසිවෙකු හෝ සූදානම් දැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එම පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගියදා මුණ ගැසුනු අවස්ථාවේදී විමසා සිටි බව එම පක්‍ෂ මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එජාප පසුපෙල කිපේ.. ප‍්‍රතිසංවිධානයට විරෝධය පා 20ක් ස්වාධීන වෙති

ඊයේ දිනයේ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමු වූ එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානය කිසි ලෙසකින්වත් බලාපොරොත්තු වූ ආකාරයේ සතුටුදායක එකක් නොවූ නිසා ඊට විරෝධය දැක්වීමට එම පක්‍ෂ පසු පෙල මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් තීරණය කර ඇත.

පක්‍ෂ නායකත්වය සදහා අනුප්‍රාප්තිකයෙකු පත් නොකිරීම හා ඉහල තනතුරු වෙනස් නොවීම නිසා මෙම මන්ත‍්‍රී පිරිස නොසතුටට පත්ව ඇතැයිද වාර්තා වෙයි.

16 කණ්ඩායම අලුත් අගමැති සමග අලුත් ආණ්ඩුවක සැරසේ - එජාප 30ක් ශ‍්‍රිලනිප 20 සමග සාකච්චා

නව අග්‍රාමාත්‍යවරයකු යටතේ රටේ ගැටලුවලට විසඳුම් ලබාදෙන නව ආණ්ඩුවක් බිහි කිරීම සඳහා වන සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙන බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් සමඟ හා ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත් මේ ගැන තීරණාත්මක සාකච්ඡාවක් සිදුකිරීම සඳහා 16 දෙනාගේ කණ්ඩායම ළඟදීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවත් දිසානායක මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන ගැන දැඩි කලකිරීමෙන් මේ වන විට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 30කට අධික සංඛ්‍යාවක් සිටින බවත් ඔවුන්ගෙන් 10 දෙනකු පසුගිය 26 වැනිදා රාත්‍රි තමා සමඟ දීර්ඝ වේලාවක් සාකච්ඡා කළ බවත් එස්.බී. දිසානායක මහතා කීය.