BREAKING NEWS
latest

728x90

468x60

Saturday, May 12, 2018

ගීතා දොස්තරට අදී - මේ ආණ්‌ඩුව තව තිබුණොත් මිනිසුන්ගේ ආයුෂත් කෙටි වේවිලු

මිනිසුන්ට එපා වෙලා තියෙන මේ යහපාලන ආණ්‌ඩුව තව කාලයක්‌ තිබුණොත් මේ අහිංසක ජනතාවගේ ආයුෂ ඉක්‌මණින්ම ඉවර වෙනවා. අල්ලස, දූෂණය, හොරකම, රජකරමින් තිබෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයටයි. යූ. එන්. පී. යටයි එරෙහිව රටේ ජනතාව ළඟදීම පාඩමක්‌ උගන්වනවා ෂුවර්..." යෑයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය දිවයිනට පවසා ඇත.

දැව සංස්‌ථාව ශාන්ත බණ්‌ඩාරට

රාජ්‍ය දැව සංස්‌ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්‌ඩාර මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (11 වැනිදා) පත්කරනු ලැබීය.

අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති නිල නිවසේදී ඊයේ දහවල් ලබාදුණි. 

මාස 9න් 'සැලසිනේ' කණපිට පෙරළු ශාන්ත බණ්ඩාර [සාක්ෂි සහිතයි]

"වැඩ කාරයන්ට බොරු බෑ - බොරු කාරයන්ට වැඩ බෑ" යන කියමන ජනවහරට ආවේ නිකමට නොවේය. එහි තේරුමද අමුතුවෙන් කිවයුතු යැයි අප සිතන්නේ නැත. එහෙත් සැලසිනේ ආයතනය ගැන තබන මේ සටහනට එම වැකිය පුර්විකාවක් කරගත්තේ හේතු ඇතිවය.

සැලසිනේ රූපවාහිනි ආයතනය රාජපක්ෂ සමය පුරා ගියේම හොම්බෙන්ය. එවැනි ආයතනයක් රටේ තියනවාද කියා සාමාන්‍ය ජනතාව පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පවා දැනසිටියේදැයි හිතන තරමට තත්ත්වය ඔඩුදුවා තිබිණ. 2015 ආණ්ඩු පෙරළියෙන් පසුව සැලසිනේ ආයතනය ගැන රටේ මිනිසුන් දැන ගත්තා නම් ඒ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පිං සිද්ධවෙන්නය.

ප‍්‍රබලයින් රැසක් සමග එජාපය දෙකඩ වෙයි - පොහොට්ටුව ආදර්ශයට ගෙන අලුත් පක්‍ෂයක් ?

එක්සත් ජාතික පක්ෂයේ සහ නායකයාගේ ක්‍රියා කලාපයට එරෙහිව රට පුරා සිටින පාක්ෂිකයින් ඇතුළු සියලු පාර්ශවයන් “හංසයා” ලකුණ යටතේ එකට ඒකරාශී කර නව සහ පුළුල් ජාතික දේශපාලන පෙරමුණක් ගොඩනැගීමේ කටයුතු එම පක්ෂයේම ප්‍රබලයින් කණ්ඩායමක් මේ වන විට ආරම්භ කර තිබේ.


විවිධ අසාධාරණයන්ට,කලකිරීම්වලට,දේශපාලන පළි ගැනීම්වලට,නොසලකා හරීම්වලට ලක්ව සිටින එක්සත් ජාතික පාක්ෂිකයින් ද, මේ වන විට පක්ෂය හැර ගොස් සිටින අය ද, පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ සහ නායකයා පිළි නොගන්නා අය ද ඇතුළු සියලු පාර්ශවයන් මෙසේ එකට ඒකරාශී කෙරේ.

Friday, May 11, 2018

උඩුවේ හිමියන්ට එරෙහි නඩුවේ විත්ති වාචික කැඳවීමට අවසර

නීත්‍යානුකූල බලපත්‍ර නොමැති නීතිවිරෝධීව අලි පැටවකු සිය විහාරස්ථානයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටි උඩුවේ ධම්මාලෝක හිමිගේ නඩුවේ විත්ති වාචිකයන් කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා නියෝග කර තිබේ.

රාජපක්ෂලාගේ කුහක දේශපාලනයේ එක්සත් ජාතික පක්ෂය කරන්නේ නැහැ - ඇමති සාගල කියයි

දේශපාලාන කුහකත්වයෙන් තොරව දේශපාලනය කිරීම එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම වත්මන් රජයේත් ප්‍රතිපත්තිය බව තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ වැලිගම, පොල් අතුමෝදර පාලම ජනතා අයිතියට පත්කිරීම සහ ජපන් ආධාර මත ඉදිකරනු ලැබූ තවත් පාලම කිහිපයක් නිරීක්ෂණයට ලක් කිරීමට අද (11) උදෑසන එක්වූ අවස්ථාවේදීයි.



එහිදී අමාත්‍යවරයා දැක්වූ අදහස් මෙසේය, 

"ජපන් රජයේ ආධාර යටතේ ඉදිකරනු ලබන පාලම් ව්‍යාපෘති දෙකක් තියෙනවා. එහි දෙවන ව්‍යාපෘතිය යටතේ ඉදිවන පාලම් තමයි මේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ඉදිකෙරෙන, අද විවෘත කරන පාලම් හතර. එය දැන් ජනතා අයිතියට පැවරීමට වැඩකටයුතු යෙදුනා. මේ වැඩකටයුතු පටන්ගත්තේ 2014 වර්ෂයේදී. 2014 මේ වැඩකටයුතු පටන්ගත්ත දේශපාලන අධිකාරිය, ව්‍යාපෘති නිලධාරීන්, ජපන් රජයට සහ ජපන් තානපතිතුමන්ට ස්තුතිය අපි පුදකළ යුතුයි. නොයෙකුත් බාධක මැද මෙම පාලම් වැඩසටහන සිදුකරනු ලැබුවද අද ජනතාවට කුඩා ඉඩ ප්‍රදේශයක් තුල පාලම හතරක් ලබාදීමට හැකියාව ලැබිල තියෙනවා. 

මහින්දව ගෙදර යැව්වේ කොහොමද? අගමැති මහතීර් හොරෙන්ම මෛත්‍රී හමුවෙලා අහල

මැලේසියාවේ විප්ලවීය මැතිවරණයකින් පසු ජය ලබා ගත් මහතීර් මොහොමඩ් මහතා ඉතිහාසයට එක්වන්නේ වයස්ගතම (අවුරුදු 91) අග්‍රාමාත්‍යවරයා ලෙසයි. හිටපු අග්‍රාමාත්‍ය නජීප් පරදා විශිෂ්ඨ ජයක් ලබාගත් මලයාසියාව ගොඩ නැඟූ මහතීර් මොහමඩ් තුමා පිළිබඳව විවිධ කතා විදේශ මාධ්‍ය මේ වන විට වාර්තා කර තිබිණි.

අදාල ජයග්‍රහණය සමග ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහකා සහ මහතීර් මොහොමඩ් මහතා සමඟ සිදුවූ රහසිගත හමුවක් පිළිබඳව මැලේසියානු මාධ්‍ය ඊයේ දවසේදී වාර්තා කොට තිබුණි.

ඇමති විජේදාස දවස් 7න් මැජික් පෙන්වයි? සයිටම් සිසුන් 980ක් කොතලාවල වෛද්‍ය පීඨයට අනුයුක්ත කිරීමට කැබිනට් පත්‍රිකාවක්


සයිටම් වෛද්‍ය සිසුන් 980 පමණ පිරිසකගේ සුදුසුකම් පරික්ෂා කිරීමෙන් පසු කොතලාවල විශ්වවිද්‍යාලයේ

අධිකරණ සංශෝධන පනත කුමක් ද? - විමුක්ති දුෂාන්ත


අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත විය.

වැඩි ඡන්ද 67කින් සම්මත වූ මෙම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 119 ක්ද විපක්ෂව ඡන්ද 52 ක්ද ලැබිණ. 

2018 මාර්තු මස 06 වන දින අධිකරණ ඇමතිතුමිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත මඟින් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය විය.

විවේචන

මෙම පනත පිළිබඳව පසුගිය සමයේ විවිධ අදහස් පළවූ අතර එම පනත අභියෝගයට ලක් කරමින් පෙත්සම් හතක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ද ඉදිරිපත් විය.

වෘත්තීය කුසලතාවය මෙන්ම ආකල්ප දියුණුවද තරුණ පරපුර තුල ඇතිකළ යුතුයි - අමාත්‍ය සාගල රත්නායක

රත්මලාන, ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකරන ලද නව පුහුණු ගොඩනැගිල්ල විවෘත කිරීම 10 පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


ලලිත් ඇතුලත්මුදලි මැතිතුමන්ට උපහාර පිණිස දරු දැරියන්ගේ සුබ සිද්ධිය පිණිස ගොඩනංවන ලද මෙම ආයතනය පසුකාලීනව ජාතික තරුණ සේවා සභාවට ලබාදී ඇති අතර ඒ අනුව ලෝක බැංකු ආධාර යටතේ මෙම ගොඩනැගිල්ල නවීන තාක්ෂණයෙන් යුක්තව ඉදිකර ඇත.

දැව සභාපති ඉඳගන්නත් පෙර පුටුව අහිමි වෙයි

දැව සංස්ථාවේ සභාපති ලෙස පත්කළ අනුරුද්ධ පොල්ගම්පොළ මහතාගේ පත්වීම අවලංගු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

ඉකුත් 05දා ඔහු රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා අතින් පත්වීමේ ලිපිය ලබා ගත්තේය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටියදී ඔහු මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින් තරුණයෙකු ජපානයට ගෙනයාමට උත්සාහ කර එරට ගුවන්තොටුපොළ්දී ම අත්අඩංගුවට පත්වූ අතර පසුව විමුක්ති පෙරමුණ විසින් ඔහුව මන්ත්‍රී ධුරයෙනුත් පක්ෂ සාමාජිකත්වයෙනුත් නෙරපා දමනු ලැබිය.

මාස දෙකකට වරක් ඉන්ධන මිල අඩු වැඩි වේ : ළමා ඉතුරුම් ගිණුම් සඳහා බදු නෑ


නව ඉන්ධන මිල සූත්‍රය අනුව මාස දෙකකට වරක් ඉන්ධන මිල අඩුවිම හෝ වැඩිවිම සිදුවිය හැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.

Thursday, May 10, 2018

පරිසර හිතකාමී ආරක්ෂාකාරී විද්‍යුත් ත්‍රී රෝද රථ කර්මාන්ත ශාලාවක්.

"අපේ රටේ වසරකට බිලියන ගණනක් වටිනා වාහන ආනයනය කරනවා. ඒ වාහන වලින් අපේ මාර්ග පිරීයාම නිසා වාහන තදබදය වගේම එහි දුම නිසා අපගේ පරිසරය වායු දූෂණයට ලක් වෙනවා. එම තත්ත්වය තුළ පරිසරය ආරක්ෂා කරන, මගී ජනතාවට ආරක්ෂාව සපයන කාර්යක්ෂම විද්‍යුත් වාහනවල අවශ්‍යතාවක් අපට තියෙනවා. එම නිසා පොදු මගී ජනතාවගේ ප්‍රවාහනය සඳහා පරිසර හිතකාමී, ආරක්ෂිත, කාර්යක්ෂම මෙන්ම ආර්ථික වශයෙන් වාසිදායක විද්‍යුත් ත්‍රීරෝද රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් අපට ලැබෙනවා නම් එය අපේ රටට ඉතාම හොඳයි. එම නිසා ජපන් ආයෝජක කණ්ඩායම ඒ සඳහා සැලසුම් කර තිබීම ගැන මම ඔවුන්ට ස්තූති වන්ත වෙනවා." යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

ඉරණතිව් පවුල් 297කට වෙනත් නිවාස දීලා - Gayantha Karunathilaka

එල් ටි ටි ඊ ත්‍රස්තවාදි අරගල හේතුවෙන් අනූව දශකයේදී සිය ගම්බිම් අහිමි වූ ඉරණතිව් දූපතේ අවතැන්වූ පවුල් 297ක් සඳහා ඉඩම් හා නිවාස , මූලික පහසුකම් සැපයීම මේ වනවිට රජය විසින් සිදුකර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කෙළේය.

ත්‍රස්තවාදි කලබල හේතුවෙන් එවකට පවුල් 190ක් අවතැන් වුවත් එය මේ වනවිට පවුල් 392 දක්වා වර්ධනය වී ඇති බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය.

අධිකරණ සංශෝධන පනත ආණ්‌ඩුවට එරෙහිවන්නන් හිර කිරීමේ උගුලක්‌ - මහින්ද කියයි

විශේෂ අධිකරණ පිහිටුවීමේ සංශෝධන පනත පැහැදිලිවම ආණ්‌ඩුවට විරුද්ධව පෙනී සිටින ප්‍රබල දේශපාලන චරිත දඩයම් කිරීමේ හා නිශ්ශබ්ද කිරීමේ අරමුණින් ගෙන එන්නක්‌ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා 'දිවයින'ට පැවසීය.


මෙම පනත හුදෙක්‌ සද්භාවයෙන් දේශපාලන සංස්‌කෘතිය පිරිසිදු කිරීමේ අවංක ෙච්තනාවකින් ගෙන එන්නක්‌ නොවන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා මෙමගින් උත්සාහ කරන්නේ අගවිනිසුරුවරයා සතු බලතල දේශපාලනඥයින් අතට ගැනීමක්‌ යෑයි ද සඳහන් කළේය.

ෆොන්සේකා ජනපතිගෙන් සමාව ගනී

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් පසුගියදා ප්‍රකාශ සිදුකළ තිරසර සංවර්ධන, වන ජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයා හමුවී ඊයේ (09 වැනිදා) ඒ පිළිබඳව සමාව ගෙන ඇත.

Wednesday, May 09, 2018

එජාප ආණ්ඩුව රැකගත් මහමොලකරු මංගල බවට දයාසිරිගෙන් චෝදනා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංගය පරාජය පත් වූයේ අමාත්‍ය මංගල සමරවීරගේ මැදිහත් වීම නිසාවෙන් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි. 

ඊයේ(08) දෙරණ නාලිකාවේ 360 වැඩසටහන හා එක්වෙමින් මන්ත්‍රීවරයා මෙලෙස චෝදනා කර සිටියේය.

ඕස්ට්‍රේලියා ඇමරිකා සංචාරකයින් දෙගුණයක් වෙලා - සංචාරකයින් අටලක්ෂ අසූඅටදහසක් ඇවිත්

2018 වසරේ මුල් මාස 04 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය 888,353 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටී. මෙහිදී අප්‍රේල් මාසය තුළ දී 180,429 ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය 2017 වසරේ අප්‍රේල් මාසයේ දී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වූ 160,249 හා සැසඳීමේ දී 12.6% ක ඉහළ යාමකි.

මාසේ මාරු කරලා අකිල ජොබ් 460ක් දීලා ?

අමාත්‍ය මණ්ඩල සංශෝධනයට පෙර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පසුදාතම් (backdate) යුතුව රැකියා 460ක් පමණ ලබාදී ඇති බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රමුඛ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පැවති ආයතන කිහිපයක් සඳහා මෙසේ සේවකයින් බඳවා ගැනීම සඳහා ලිපි නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා - රුසියානු වෙළෙඳ ගණුදෙනු ඉහලට

ශ්‍රී ලංකාව හා රුසියාව අතර පවතින්නේ ඉතා දිගු මිත්‍රත්වයක් බවත්, රුසියාව, ශ්‍රී ලංකා තේ වලට දැඩි කැමැත්තක් දක්වන නිසා අපගේ ප්‍රධාන අපනයනය වන්නේ " සිලෝන් ටී " බවත්, පසුගිය වසරේදී ශ්‍රී ලංකා රුසියානු වෙළෙඳෙ ගණුදෙනු වැඩි වී තිබෙන බවත්, එහිදී අපේ රටට වාසිදායක ලෙස අපනයනය සියයට 15% කින් වැඩි වී තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අමාත්‍යාංශයේදී, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරී මැටෙරි (Mr. Yuri Materiy ) මහතා, හමුවී කරන ලද සාකච්ඡාවේදීය.

නකල්ස් අක්කර 900ක් ගොවිපොළකට විකුණලා.

සංචාරක හෝටල් සහ වෙනත් ඉදිකිරීම් සඳහා නකල්ස් වනාන්තර ලෝක උරුම බිම්කඩ වෙනත් පළාත්වල ව්‍යාපාරිකයින් සඳහා අලෙවි කිරීමේ ක්‍රියාවලියක් සිදුවන බවත් පෞද්ගලික සත්ව ගොවිපළක් සඳහා නකල්ස් ඉහල කඳු පන්ති ප්‍රදේශයේ අක්කර 900ක ප්‍රමාණයක් මේ වන විටත් පෞද්ගලික ආයතනයකට ලබාදී ඇති බවත් පරිසර වේදින් පවසයි.

ගාලු මැයි ‍රැළියේදී ඒකාබද්ධ විපක්ෂයේ ඇතිවූ අර්බුදය උග්‍ර වෙලාද?


වසර තුනක් කැපවූ අය පිඟානේ අයිනට දමයි

ඊයේ දිනයේ පැවති මැයි රැලි අතුරින් වඩාත්ම කතාබහට ලක් වූයේ ඒකාබද්ධ විපක්ෂය විසින්, ගාල්ලේ සමනල ක්‍රීඩාංගනයේ පැවති මැයි රැලියයි.. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම පොදුජන පෙරමුණ නියෝජනය කරන සියළුම දෙනාගේ සහභාගිත්වයෙන් යුතුව පැවැත් වූ සාර්තක මැයි රැළියක් බව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණි. නමුත් මෙවර තිබුනේ ඒකබද්ධ විපක්ෂයේ අසාර්ථකම මැයි රැළිය බව මේ අවුරුදු තුන තුල ඒ වෙනුවෙන් කැප වූ බොහෝ දෙනා පවසන බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග වලින් දැනගන්නට තිබේ.

2015 පෙබරවාරි 18 නුගේගොඩින් විමල්ලා, වාසුලා, ගම්මන්පිලලා ඇරඹූ බලවේගය බැසිල්ගේ හොර නඩය විසින් ඊයේ තනිකරම හයි ජැක්කර තිබුණි. අවසානයේ මයික් එක ගත් සංජීව එදිරිමාන්න නිතර නිතර බැසිල්ගේත්, කළුතර මාල හොරා වූ රෝහිතගේත් නම් කියවන්නට විය. ක්‍රීඩා පිටිය පුරා සිටි බිම් මට්‍ටමේ මිනිසුන්ද හතර අතේ පලු යන්න බනින්නට විය.

විපක්‍ෂය දැන් වඩාත් ශක්‌තිමත් - මහින්ද කියයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් ඇමැතිවරු 16 දෙනා විපක්‍ෂයට සම්බන්ධ වීමෙන් පසු ආණ්‌ඩු විරෝධී බලවේගය තවත් ශක්‌තිමත් වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (8 දා) පැවසීය.

දහම්ගේ කියූ BMW I8 රථයේ ඇත්ත හිමිකරු කබිර්ගේ මස්සිනා පොහොට්ටුවේ මැයි රැළියෙන් – සියල්ල එලියට


2018 මාර්තු මස 17 වන දින අලුයම 6.15 ට පමණ තලවතුගොඩ City Of London සමාජ ශාලාවේ සිට අධික ලෙස බිමත්ව පැමිණ BMW I8 මෝටර් රථයක් පදවමින් පැමිණි අයෙකු එය පාලනය කර ගැනීමට නොහැකිව අසල තිබු රථ වාහන දෙකකට අලාභාහනි සිදු කරමින් තලවතුගොඩ කිබුලා ඇලට පෙරලි ගොස් තිබුණි.

මේ සිදුවීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ සමාජ ජාලා තුලින් සෘජු ලෙසම මෙය ජනාධිපති පුත්‍රයාට අයත් වාහනයක් ලෙස පෙන්වීමට දැඩි උත්සහයක් දැරුවද එය අවසන් වුයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් කබීර් හෂීම් මහතාගේ මස්සිනා නැතහොත් බිරිදගේ සොහොයුරා වන ෆසිල්ට අයත් මෝටර් රථයක් ලෙසයි.

රට දිනවන්න බල අරගල නතර කරමු; ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනපති පවසයි

රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට නම් ජාතික ආණ්‌ඩුවේ පක්‌ෂ අතර පවතින බල අරගලයත්, ආණ්‌ඩුව සහ විපක්‌ෂය අතර පවතින බල අරගලයත් සමනය කර ගත යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (8දා) පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේදී සඳහන් කළේය. 

අප රට දැන් මුහුණ දී සිටින්නේ විවිධ පක්‌ෂ සහ කණ්‌ඩායම්වල දේශපාලන බලය උරගා බැලීමට සුදුසු මොහොතක නොවන බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

Tuesday, May 08, 2018

මැයි රැළි වලට පොහොට්ටුවෙන් දුන් ආදර්ශය


ඒකාබද්ධ විපක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව සංවිධානය කරන ලද ඒකාබද්ධ මැයි රැළිය ඊයේ (07) හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. 
මේ අතර සාමාන්‍යයෙන් මැයි රැළියක් අවසානයේ එම මැයි රැළිය පවතින පිටිය හා අසළ ප්‍රදේශය රැළියට පැමිණි පිරිස විසින් අපිරිසිදු කර යන බවටද චෝදනාවක් එල්ලව තිබුණා.


2020 දී විශ්‍රාම යන්‍නෙ නෑ - 2020 ජනාධිපතිවරණයට එන හැටි ජනාධිපති මෛත්‍රී කිව්ව හැටි මෙන්න

සමහරු මගෙන් අහනවා 2020 දී විශ්‍රාම යනවාද කියලා . සමාජ වෙබ් අඩවි වලත් ඒක යනවා. ඒත් මට 2020 විශ්‍රාම යන්න කලින් කරන්න වැඩ බොහෝමයක් තියෙනවා. යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය


මඩකලපුව චෙන්කලඩි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රීලංකා නිදහස් පක්ෂ මැයි රැලිය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.
වැඩිදුරත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

Monday, May 07, 2018

වෙල්ගම සහ ප්‍රසන්න රාජපක්ෂ නිවසේදී ගැටෙති



පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් හිටපු ජනපති නිල නිවෙසේ රැස්වී විශ්වාසභංගයේ පරාජය ඇතුළු කරුණු කිහිපයක් සමාලෝචනය කර තිබේ. මෙහිදී අදහස් දැක්වූ කුමාර වෙල්ගම විශ්වාසභංගය පරාජය වූ නමුත් පැති ගණනාවකින් ජයග්‍රහණ අත්කරදීමට විශ්වාසභංගය සමත්වූ බවට කරුණු දක්වා ඇත.

එජාප මැයි සැමරුමේදී ෆොන්සේකා ගැයූ ‘අදුරු කුටිය තුල’ ගීතය සමාජ ජාලවල අතිශයින් ජනප‍්‍රියයි

එක්සත් ජාතික පක්‍ෂය විසින් ඊයේ කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රිඩාංගණයේදී පවත්වන ලද මැයි දින සැමරුමේදී ඇමති සරත් ෆොන්සේසේකා විසින් ගායනා කරන ලද ගීත කොටස සමාජ ජාලයන්හි මේ වන විට අතිශයින් ජනප‍්‍රියය.

ලෙස්ටර්ගේ රණමයුර සම්මානය හා ඇපල් දුරකතනය සොයාගනී.. සොරාගත් සිවුදෙනාත් අත්අඩංගුවට

අභාවප‍්‍රාප්ත ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ දේහය ඔහුගේ නිවසේ තිබියදී ඒ අසල තිබූ රණමයුර සම්මානය සොරකම් කරන ලද පුද්ගලයන් සිවු දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හිරුණිකාට යකා වැහිලද? - රනිල් මැයි රැළිය අමතද්දී හිරුණිකා රනිල්ට පළු පැලෙන්න බනී

රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වී පක්‍ෂයේ අනුශාසක වරයෙක් ලෙස සිටිය යුතු බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය පවසයි.



දැන් එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය වෙනස් විය යුතු බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයේ මෙන්ම අනුශාසසක ධුරයේද සිටීමේ ප‍්‍රශ්නයක් නැතැයිද ඇය සදහන් කරයි.

ඇය මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුණේ’ වැඩසටහන සමග එක්වෙමිනි.

සෞඛ්‍ය සේවකයින් වෙනුවෙන් සුව විශිෂ්ටතා සම්මාන උළෙලක්

අම්පාර හෙද විද්‍යාලයේ සුව විශිෂ්ටතා සම්මාන උළෙල සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර හෙද විද්‍යාල ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විනි. මෙහිදී අම්පාර ප්‍ර දේශයේ සෞඛ්‍ය සේවකයින්ගේ සේවය අගය කරමින් සම්මාන පිරිනමන ලදි. මෙම අවස්ථාවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී. දයාරත්න, අම්පාර මහ රෝහලේ අධ්‍යක්ෂ ලංකාතිලක ජයසිංහ මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ. මෙම සම්මාන උළෙල මෙවර පවත්වනු ලැබුයේ 15 වන වරටයි.

Sunday, May 06, 2018

සුවිශේෂ මූල්‍ය එකඟතාවක් සමඟ LTL නේපාලයට පිවිසෙයි

ශී‍්‍ර ලංකාවේ මෙන්ම ආසියාවට අමතරව අපි‍්‍රකාව වැනි මහාද්වීප පුරාත්, බලශක්ති ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුද්දක් සහිත LTL වැනි කලාපීය විශිෂ්ඨයෙකුගේ සහකරු ලෙස කටයුතු කරන්නට ලැබීම ගැන ‘සනිමා’ බැංකුව අතිශයින්ම සතුටුවන බව නේපාලයේ ප්‍රමුඛතම බැංකුවක් වන සනීමා බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී භුවන් කුමාර් දහල් මහතා පවසයි. ඒ මහතා මේ අදහස් පළකර සිටියේ,

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ඉංජිනේරු සමාගම් ජාලය වන LTL හෝල්ඩිංස් සමූහය විසින්, නේපාලයේ මෙගාවොට් 10 ක ජලවිදුලි බල ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව, ව්‍යාපෘතිය සඳහා මුදල් ප‍්‍රතිපාදන සැපයෙන මූල්‍ය ආයතන සමඟ පසුගියදා(අප්‍රේල් 25) ණය ගිවිසුම් අත්සන් කරනු ලැබූ අවස්ථාවේදීය.

එජාප සභාපති ඇමති කබීර් රෝහලේ - මැයි රැළියට සහභාගී නොවෙයි

එක්සත් ජාතික පක්‍ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා රෝහල් ගත කර තිබේ.

ඊයේ රාත‍්‍රියේ ඇති වූ හදිසි රෝගී තත්වයක් නිසා ඇමතිවරයා කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත.

ලංකාවේ ලොකුම හොරා මහින්ද රාජපක්‍ෂයි - අල්ලස් සිදුවීම මොකක්ද - චන්ද්‍රිකා

මහින්ද රාජපක්‍ෂ යනු තම ඇමති මණ්ඩලයේ සිටි ඇමති කෙනෙක් බවත් ලංකාවේ ලොකුම හොරා ඔහු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියට ගෙන ගියේ පාර්ලිමේන්තුවේ ඉල්ලීමකට නොවේ - කථානායක කියයි

කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි ගොඩනැඟිල්ලේ ස්‌ථාපිත කෙරුණේ පාර්ලිමේන්තුව විසින් කරන ලද ඉල්ලීමකට අනුව නොවන බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

කථානායක කාර්යාලය විසින් එවා ඇති නිවේදනයක ඒ බව දැක්‌වෙන අතර එහි තවදුරටත් මෙසේද සඳහන්වේ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රකාශයක්‌ උපුටා දක්‌වමින් කෘෂිකර්ම අමාත්‍යාංශය රජමල්වත්ත ගොඩනැඟිලි සංකීර්ණයේ සිට රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක්‌ වෙත ගෙන යන ලද්දේ පාර්ලිමේන්තුවේ ඉල්ලීමක්‌ පරිදි බව පළව ඇති ප්‍රවෘත්තිය කථානායකතුමන්ගේ අවධානයට ලක්‌ව ඇත.