BREAKING NEWS
latest

728x90

468x60

Saturday, June 09, 2018

ගැටුම් දරුණුයි - අමාත්‍යංශ කිහිපයක් ජනාධිපති යටතට පවරාගන්න යයි..?

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ගල උඩ සටන ආරම්භ වීමේ පෙරනිමිති පහළ වී ඇත.

නියෝජ්‍ය කථානායක ධුරය එක්සත් ජාතික පක්ෂයට හිමිවීමත් සමඟ ජාතික ආණ්ඩුවේ සම්මුතිය බිඳවැටී ඇති බව එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ජේ‍යෂ්ඨයෝ දෙදෙනෙක් පැවැසූහ.

අගමැතිගේ ප්‍රකාශය මහින්දට ප්‍රශ්නයක් වූ හැටි

බලයේ සිටියදී ණය ලබාගෙන ලෝක වාර්තාවක් තැබූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමන් නැවත බලයට පැමිණ රටේ බදු 20% කින් අඩු කරන බව ප්‍රකාශ කර තිබෙන බවත්, එලෙස බදු අඩු කරන්නේ කෙසේදැයි ඔහු රටට හෙළි කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08) දින රංවල ඇස්වත්ත පාලම විවෘත කිරීමේ උත්සවයේදී පැවසීය.


මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තම පාලන කාලය තුල ශ්‍රී ලංකාවේ ණය මුදල රුපියල් බිලියන 7391 දක්වා වැඩි කළ බවද මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මංගලගේ අහිංසක බලාපොරොත්තුව මෙන්න

2020 වසර වන විට ශ්‍රී ලංකාව තුළ නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීම රජයේ අපේක්ෂාව බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

ඒ සඳහා ණය යෝජනා ක්‍රම 16 කින් සමන්විත ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන සූදානම් කර ඇති බව හෙතෙම කියා සිටියේ 'ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා' වැඩසටහන සම්බන්ධයෙන් රාජ්‍ය බැංකු නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා අද (08) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

අමාත්‍යවරයා එහි දී මෙසේ ද පැවැසීය.

Friday, June 08, 2018

ඕනෑම වෙලාවක සීඅයිඩියට යන්න මම සූදානම් - හිටපු ජනපති මහින්ද කියයි

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස්‌ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් ඕනෑම අවස්‌ථාවක අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ ලබා දීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා  ඊයේ (07 වැනිදා) පැවසීය.

මෙන්ඩිස්‌ සමාගමෙන් සුජීව ලක්‍ෂ 30 ක්‌ අරන්

රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට අනුබද්ධිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගමෙන් අවස්‌ථා තුනකදී රුපියල් ලක්‍ෂ 30 ක මුදල් චෙක්‌aපත් ලබාගෙන ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය වැඩිදුර විමර්ශන වාර්තාව මගින් කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවියට ඊයේ (07) දැනුම් දුන්නේය. 

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ තුන්වන සැකකරු ලෙස නම්කොට ඇති පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමට අනුබද්ධිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගමෙන් 2015 වසරේ අගෝaස්‌තු 24 වැනිදා සිට 2016.03.31 වැනිදා දක්‌වා කාලය අතරතුරදී ලබාදී ඇති එකී මුදල් චෙක්‌පත් අතරින් දෙකක්‌ රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්‍ෂක අංශයේ පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු විසින් මාරුකර රාජ්‍ය අමාත්‍යවරයාට මුදල් භාරදී ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්a යසන්ත කෝදාගොඩ මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

ඇමති සාගල ගංවතුරින් ආපදාවට ලක්වූ පිටබැද්දර ජනතාවට කොටි 17 ට අධික වන්දි මුදල් බෙදයි

2017 වර්ෂයේ මැයි මාසයේදී ඇතිවූ ගංවතුර හේතුවෙන් ආපදාවට ලක්ව නිවාස හානියට පත්වූ ජනතාව වෙනුවෙන් වන්දි ලබාදීමේ වැඩසටහන යටතේ දෙනියාය ආසනයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වන්දි ලාභීන් 604 දෙනෙකු සඳහා වන්දි ලබාදීම අද (07) පස්වරුවේ පිටබැද්දර නවෝද්‍යා පාසලේදී පැවැත්වුනා. ඒ අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ අනුව රුපියල් කෝටි 17 ට අධික වන්දි මුදලක් මෙලෙස ලබාදෙනු ඇත.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය,

Thursday, June 07, 2018

ඇලෝසියස්ගෙන් වාර්තාගත මුදලක් ගත්ත එජාප ඇමති මාට්ටුයි?

බැදුම්කර වංචාව සම්බන්දයෙන් මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිමිකරු අර්ජුන් අලෝසියස්ගේ හිමිකාරීත්වයෙන් යුත් පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමට සම්බන්ධ ආයතනවලින් මුදල් ලබාගත් නාම ලේඛණය ප‍්‍රසිද්ධ කල යුතුය යන ස්ථාවරයේ එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ආමති මලික් සමරවික‍්‍රම සිටින්නේ යයි වාර්තා පල වෙයි.

Wednesday, June 06, 2018

පොත් කියවන දරු පරපුරක් රටට දායාද කිරීමේ අරමුණෙන් 'කලණ මිතුරු පොත් සුමිතුරු' ජාතික වැඩසටහන ඇරඹේ

දරුවන් කෙරෙහි පොත් කියවීමට ඇති කැමැත්ත ඉහළ නැංවීම අරමුණු කරගත් 'කලණ මිතුරු පොත් සුමිතුරු' ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහනේ සමාරම්භය අද (06) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්වුණා . 

ඒ,අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

නව ලොව, දැනුම සමඟ ඉදිරියට යන දැයේ දරුවන් තුළ හොඳ කියවීම් පුරුදු ඇතිකිරීම කාලීන අවශතාවක් සේ හඳුනාගනිමින් අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ සංකල්පයක් අනුව මෙම වැඩසටහන සියලු පාසල්වල 6- 13 ශ්‍රේණිවල සිසුන් සඳහා ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබෙනවා. 

Tuesday, June 05, 2018

එජාපය අතහැර ආණ්ඩුවෙන් එලියට බහින්නැයි පාක්‍ෂිකයන් අපට දැන්වූවා - ජනපති කියද්දී අති විශාල අත්පොලසන් නාදයක්


එක්සත් ජාතික පක්‍ෂය අතහැර ආණ්ඩුවෙන් එලියට බසින ලෙස ජනතාව ශ‍්‍රීලනිපයට දන්වා ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසූ බව පාර්ලිමේන්තුු මන්ත‍්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.

ජනාධිපතිගෙන් සම්මානයක්ද ගෙන පොලිස්පති, ‘අසූචි-මුත‍්‍රා’ කතාවක් කියයි

කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දියේදී පැවති උත්සවයකදී ජනාදිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත සම්මානයක් පුද කරනු ලැබීය.

සභාවෙන් ජනාධිපතිවරයා පිටත්ව ගිය පසු පොලිස්පතිවරයා විසින් සිදු කරන ලද අදහස් දැක්වීමට විශේෂ අවධානයක් යොමු විය.

Monday, June 04, 2018

රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳට සහ දියණියට ඇප

කාන්තාවකට අයුතු අවහිරයක් සිදු කිරීමේ සිද්ධියට අදාළව අධිකරණය භාරවූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය ඇප මත මුදා හරින ලදී.

සෙවණගල සීනි කම්හල යළිත් ඇමැති බදියුදීන් යටතට පවරන්න

සෙවණගල සීනි කර්මාන්ත ශාලාව යළි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා යටතට පත් කරන ලෙස එහි සේවකයෝ රජයෙන් ඉල්ලීමක් කරති. 

ඉකුත් 2015 වසරේදී පාඩු ලබමින් පැවැති කර්මාන්ත ශාලාව රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා යටතට පත් කිරීමෙන් අනතුරුව යළි ලාභ ලබන තත්ත්වයට නඟා සිටුවීමට හැකියාව ලැබුණ බව සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති ලලිත් ශ්‍රීපාල් මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවැසීය. 

හිරුණිකාගේ මවගේ නිවසේ හදිස්සි ගින්නක්

පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මව පදිංචිව සිටින කොළඹ 07,කුරුදුවත්ත කැප්පැටිපොළ මාවතේ පිහිටි නිවසේ අද (04) අලුයම හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

විදේශිකයින්ට ලංකාවේ ඉඩම් විකුණන සිතියම ඇන්දේ රාජපක්ෂ පාලන සමයේ දී - ඇමති සාගල කියයි

විදේශිකයින්ට මෙරට ඉඩකඩම් කිසිදු වග විභාගයකින් තොරව විදේශිකයින්ට ලබා දීම වෙනුවෙන් සිතියම් සකස් කළේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී බව ව්‍යාපෘති කළමණාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත් නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කර සිටියේ කඹුරුපිටිය බිබුලවෙල ප්‍රදේශයේ විදුලි යෝජනා ක්‍රමයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවේ දී මාධ්‍යෙව්දීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහි දී මාධ්‍යෙව්දීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ශ්‍රී ලංකා - සිංගප්පූරු වන නිදහස් වෙළඳ ගිවිසුම හරහා මෙරට ඉඩම් විදේශිකයන්ට ලබා දෙන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙන බවට ඒකාබද්ධ විපක්ෂය විසින් සිදුකරන ප්‍රකාශ සත්‍යයක්ද යන්නයි.

‘ දින 100 වැඩසටහනේ වගකිවයුත්තා අගමැතිවරයා බව ජනාධිපති නොකියා කිව්වා‘ - ඉනාමළුවේ සුමංගල හිමි

වත්මන් රජයේ දින 100 රජයේ වැඩ සටහන ගැන ජනාධිපතිවරයා පවා නොදැන සිටි බවක් එතුමාගෙන් ප‍්‍රකාශ වී තිබෙනවා. එහි වගකිවයුත්තා අගමැතිවරයා බව එම ප‍්‍රකාශයෙන් නොකියා කියා තිබෙන බවයි හැගෙන්නේ.

90 දශකයේ එක්සත් ජාතික පක්ෂය බලයට පත්ව දින 100 වැඩ සටහනක් යනුවෙන් විශාල ප‍්‍රචාරයක් දී ආරම්භ කළ බව කාටත් මතකයේ ඇති. එම නිසා මේ රජයේ එම දින 100 ත් වත්මන් අගමැතුවරයාගේම වැඩ පිළිවෙළක් ලෙස පැහැදිළියි. 

අගමැතිවරයාගේ නව සංකල්පයක් ලෙස රටට හඳුන්වා දුන්නත් එය වසර 85 පමණ පැරණි ඇමෙරිකන් කොපියක් බව නම් කිව යුතුයි. 

ජගත් පරිසර දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

මානව හා සත්ත්ව සංහතියේ සුරක්ෂිතභාවය රදා පවතින පරිසරයේ සුවිශේෂී වැදගත්කම කියාපාන ජගත් පරිසර දිනය ජූනි 05 වනදාට යෙදී තිඛෙන අතර ඒ නිමිත්තෙන් සංවිධානය කළ

ජගත් පරිසර දින සැමරුම අද (04) පෙ.ව 10.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ දී ආරමභ වෙයි.

හෙටට (05) යෙදී ඇති ජගත් පරිසර දිනයට සමගාමීව පැවැත්වෙන මෙම උළෙල අද දිනය පුරා පැවැත් වීමට කටයුතු යොදා ඇති අතර ‘ප්ලාස්ටික් අවභාවිතාව මගින් සිදුවන පරිසර දූෂණය පිටු දකිමු, යන්න මෙවර පරිසර දිනයේ තේමාව වේ.

ජගත් පරිසර ජාතික සැමරුම් දිනයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංකේතාත්මකව පැළයක් රෝපණය කරමින් ජගත් පරිසර දින සැමරුම් ජාතික උත්සවය ආරම්භ කරනු ලබයි.

කතරගම මාලිගාව මගේ කියා ඔප්පු කරන කෙනෙකුට එය පවරා දෙන්න ගෝටා සූදානම්ලු

කතරගම ප‍්‍රදේශයේ තමනට ඇතැයි කියන සුවිසල් මාලිගාවක් ගැන පලවන වාර්තා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ප‍්‍රතික්‍ෂෙප කලේ යයි මේජර් අජිත් ප‍්‍රසන්න මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

කතරගම දුම්රිය පාර හැදීම ආණ්‌ඩුව පිටරට සමාගමකට දීලා - මහින්ද රාජපක්‍ෂ

දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලික කිරීමේ පළමු පියවර වශයෙන් හම්බන්තොට දුම්රිය මාර්ගය තැනීමේ වැඩකටයුතු පිටරට සමාගමකට පවරා ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා  ඊයේ (3දා) පැවැසීය. 

රාජ්‍ය ආයතන පෞද්ගලික කිරීමේ වැඩ පිළිවෙළ ආණ්‌ඩුව අත්හැරියේ නැතැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා මේ සඳහා කැබිනට්‌ අනුමැතිය ද ලැබී ඇතැයි දැන ගැනීමට ලැබී තිබෙන බව කීවේය.

මෙන්ඩිස්‌ සමාගමෙන් කෝටි 119ක්‌ බෙදුවේ කාටද රටට හෙළිකරන්න - දූෂණ විරෝධී හඬ ජනපතිගෙන් ඉල්ලයි

අර්ජුන් ඇලෝසියස්‌ මහතා විසින් මෙන්ඩිස්‌ අරක්‌කු සමාගමට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් රුපියල් කෝටි 119 ක මුදලක්‌ චෙක්‌පත් 166 කින් නිකුත් කළේ කාටදැයි යන්න හෙළිකරන ලෙසට දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඊයේ (03 දා) ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මන්ත්‍රීවරුන් 118 දෙනකුට මුදල් ලබා දුන් සිද්ධියක්‌ මතු කරමින් සත්‍ය කරුණු යටපත් කිරීමේ උත්සාහයක ඇතැමුන් නිරතවෙමින් සිටින බව කී සමරසිංහ මහතා දේශපාලනඥයන්, රජයේ නිලධාරින්, පොලිස්‌ නිලධාරින්, මාධ්‍යවේදීන්, දේශපාලනඥයන්ගේ ඥතීන් ඇලෝසියස්‌ මහතාගෙන් මුදල් ලබා ගෙන ඇතැයි කීවේය.

මැදමුලනට යන්න මහින්දට හෙලිකොප්ටර් දුන්නේ කවුදැයි හෙළිනොකිරීම ලක්‍ෂ 62ක ජනතාවට පිටුපෑමක් - මෛත්‍රි ගුණරත්න

මැයි මස 30 වැනිදා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහභාගි වූ උත්සවයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ උදවියට මැදමුලන නිවෙසට යෑමට රජයේ හෙලිකොප්ටර් දෙකක් ලබාදීමට ගුවන් හමුදාවට නියෝග කළේ කවුදැයි එතුමා රටේ ජනතාවට හෙළි කර නැතැයි එය මේ රටේ 62 ලක්ෂයක් ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්වූ එතුමා ජනතා යුතුකම් පැහැර හැරීමක් ලෙස තමා දකින්නේ යැයි එක්සත් ජාතික පෙරමුණේ මහ ලේකම් නීතිඥ මෛත්‍රි ගුණරත්න ප්‍රකාශ කළේය.


20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව ඉදිරියේ රට මුහුණ දෙන අභියෝග පිළිබඳ රාජගිරිය වැලිකඩවත්තේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ගුණරත්න මහතා එසේ පැවැසීය.

Sunday, June 03, 2018

ශ්‍රී ලනිපයේ පුටු තාවකාලිකව වෙනස් වෙයි - මහින්දට - චන්ද්‍රිකාටත් උපෙද්ශක පට්ටම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කර තිබේ.

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී රැස්වූ අතර එහිදී මෙම නව නිලධාරී මණ්ඩලය පත් කර ගැණුනු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි තෝරාපත් කරගෙන තිබේ.

දුමින්ද දිසානායක මහ ලේකම්කමෙන් ඉවතට

කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා ශ‍්‍රී ලංකා නිදහස් ලක්‍ෂ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම අද දිනයේ සිදුවනු ඇති බව 16 කණ්ඩයමේ ප‍්‍රබලයෙකු පැවසීය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද මේ සදහා කැමැත්ත පල කර ඇති බවද ඔහු කීය.

වැව් පිළිසකර කිරීමේ ප්‍රධාන බාධකය ඉංජිනේරුවරුන්ගේ හිඟයක් - ජනපති

මෙරට වැව් 2400 ක් පිළිසකර කිරීමේ ව්‍යාපෘතියේ ඉලක්ක සාර්ථක කර ගැනීමට තිබෙන ප්‍රධාන බාධකය ඉංජිනේරුවරුන්ගේ සහ කාර්මික නිලධාරීන්ගේ හිඟය බවත් එම නිසා විදේශීය ඉංජිනේරුවරුන් ඒ සඳහා ගෙන්වා ගැනීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී පැවසීය.

එසේ නොවුණහොත් දැන් තිබෙන ප්‍රමාදය තුළ අවුරුදු 03 කින් 05 කින් වැඩ අවසන් කිරීමට නියමිතදේ අවුරුදු 20ක් 25ක් යනු ඇතැයිද කීය.

රනිල් සමග පෙරටද - විපක්‍ෂයටද - ශ‍්‍රිලනිපයට අද තීරණයකද?

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ තීරණාත්මක සමස්‌ත ලංකා කාරක සභාව හා විධායක සභා රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වෙයි.

බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේදී අද පෙරවරු 9.30ට මෙම හමුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

මහින්දට යලි ඉල්ලන්න බැරි නිසා ඔහුගේ කැමැත්ත සහ පොදු විපපක්‍ෂයේ කැමැත්ත මත මා ඉදිරිපත් වෙන්න සූදානම් - Gotabaya Rajapaksa

‘2030 වනවිට ලෝක ආර්ථිකය වෙනස් වනවා ඒ ගැන විවිධ විශ්ලේෂණයන් රටවල් විසින් සිදු කරනවා, ඒ අනුව තමයි වියත්මගේ විසින් පිලියෙල කල ආර්ථික ක්‍රමය මම ඉදිරිපත් කලේ’ යයිද ඒක මෙරටේ කවුරු හෝ ක්‍රියාත්මක කරනවා නම් ඒකට තමන් විරුද්ධ නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉරිදා ලංකාදීප පුවත්පත සමඟ පවසා ඇත.