BREAKING NEWS
latest

728x90

468x60

Saturday, June 23, 2018

මම හිතුවකාර තමයි - සාගලගේ කටින් පනී

ජනතාවට හරි දේ ලබාදීම වෙනුවෙන් පාට පක්ෂ බේධයෙන් තොරව අප රජය කටයුතු කරන බවත් එහිදී පටු දේශපාලන අරමුණු සහිත පුද්ගලයන්ට එම ජනතාවාදී වැඩසටහන් කඩාකප්පල් කිරීමට ඉඩ නොදෙන බව අමාත්‍ය සාගල රත්නායක ප්‍රකාශකරයි.

වැඩිදුරටත් සදහන් කරමින් ඇමතවරයා පැවසුවේ තමන් හිතුවක් කාර බවත් ඒ ජනතාවට සහන සැලසීමට වෙනුවෙන් බවයි. 

ව්‍යවසායකයින්ට සහන පොලියට ණය දෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඇරඹේ

ව්‍යවසායකයින්ට සහන පොලියක් යටතේ රාජ්‍ය බැංකු මගින් ණය ආධාර ලබාදීමේ අරමුණින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ආරම්භ කරන ‘එක්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ සහ ගමේ සංවර්ධනය වෙනුවෙන් ආරම්භ කෙරෙන ‘ගම්පෙරළිය’ ව්‍යාපෘතීන් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (22) පස්වරුවේ පැවැත්විණි.

හිට්ලර් පන්නයේ මිලිටරි පාලනයට මං විරුද්දයි - පක්‍ෂයෙන් ඉවත් වී දිවි පුදා සටන් කරනවා - වෙල්ගම

අස්ගිරි අනුනායත පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසින් සදහන් කල පරිදි මිලිටරි ආණ්ඩුවක අචමසට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ද යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීකුමාර වෙල්ගම මහතා පවසයි.

Thursday, June 21, 2018

බැදුම්කර මගඩිය ‘විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලේ’ (UPF) මිලියන 880 ක් ඇදලා - කීර්ති තෙන්නකෝන්

බැදුම්කර වංචාව විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යන සේවකයින් 15,000 කගේ විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලේ (UPF) රුපියල් මිලියන ගණනක් ගිල දමා ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසයි. 

රාජගිරියේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී තෙන්නකෝන් මහතා අනාවරණය කළේ මෙයට පෙර සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල හා රක්ෂණ භාරයට බැදුම්කර වංචාව හේතුවෙන් සිදුව ඇති මුල්‍ය පාඩුව මෙයට පෙර අනාවරණය වී තිබූ නමුත් විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන් හා කාර්ය මණ්ඩලයන්ගේ විශ්‍රාම දිවිය සරු කිරීම සදහා ස්ථාපනය කර ඇති ‘විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදල‘ ද බැදුම්කර වංචාවට බිලිවී ඇති බව හෙළිවන්නේ මුල්ම වතාවට බවය. 

හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොස් හෝ රට හදාදෙන්නැයි ත්‍රෛනිකායික නාහිමිවරුන් ගෝටාභයගෙන් ඉල්ලති

හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොසින් හෝ මේ රට හදන්නැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව අස්ගරි පාර්ශවයේ අනු නායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියෝ පවසති.

උන් වහන්සේ මේ බව කියා සිටියේ ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ 69 වන ජන්ම දිනය වෙනුවෙන් මිරිහානේ ඔහුගේ නිවසේදී පැවති දානමය පුන්‍ය කර්මයේදී අනුශාසනාවක් කරමිනි.

Wednesday, June 20, 2018

එල්.ටී.ඊ.ඊ යේ මියගිය සාමාජිකයන් වෙනුවෙන් වන්දි ගෙවන්න ගෙනා ස්වාමිනාදන්ගේ කැබිනට් පත්‍රිකාව අත්හිටුවයි

එල්.ටී.ඊ.ඊ යේ මියගිය සාමාජිකයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වලට වන්දි ගෙවිය යුතු බවට ඉල්ලමින් පුනරුත්තාපන හා නැවත පදිංචි කිරිමේ ඇමැති ඩී.එම්.ස්වාමිනාදන් මහතා තුන්වැනි වරටත් ඉදිරිපත් කර තිබු කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් ඊයේ (19) අත්හිටවනු ලැබීය.

ඇත්තටම පවුලේ අවුලක් ද? පොහොට්ටුවේ බල සටන උග්‍ර අතට ?

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා පිළිබඳ මතුව ඇති ගැටුම හමුවේ හිටපු ජනාධිපති මහින් ද රාජපක්ෂගේ පාර්ශ්වය තුළ දෙදරා යාමක් ඇතිව තිබේ.

රාජපක්ෂ සොයුරන් තිදෙනෙක් සටනේ

පැවැති රාජපක්ෂ පාලනයෙහි වැදගත් තනතුරු හෙබවූ චමල්, බැසිල් සහ ගෝඨාභය යන රාජපක්ෂ සහෝදරයින් තිදෙනාම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ බලාපොරොත්තු තබා සිටීමෙන් මෙම තත්ත්වය උදා වී ඇත​. මේ අතර, පසුගියදා පැවැති නියෝජ්‍ය කතානායකවරයා තේරීමේ ඡන්දයේ දී, ඡන්දය වර්ජනය කළ යුතු යයි බැසිල් රාජපක්ෂ විසින් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් වෙත නිර්දේශ කිරීම පිළිබඳ මහින්ද රාජපක්ෂ දැඩි සේ කෝපයට පත්ව ඇතැයි වාර්තා වේ. මෙම ඡන්දයේ දී ඒකාබද්ධ විපක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමේ අපේක්ෂිකාව වූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය දරුණු පරාජයකට පත් වූවා ය​. ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් දොලහකට වැඩි පිරිසක් පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත් ව ගිය අතර එම අවස්ථාවේම ඔව්හු පාර්ලිමේන්තු ආපනශාලාවේ දී අනෙක් මන්ත්‍රීන් හා සතුටු සාමීචියේ යෙදෙමින් සිටියහ​. මෙසේ ඡන්දය වර්ජනය කරන ලද්දේ බැසිල් රාජපක්ෂගේ උපදෙස් මත බව වාරතා වේ.

කතරගම කපුවා කපෝති කරමින් අනියම් බිරිය කඹුරුපිටියේදී අත්අඩංගුවට

කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය මෙහෙයවූ බව කියන දීපිකා නමැති කාන්තාව මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇත.

නීතිපති නිලධාරියකු ඇවිත් නෑ - ඥානසාර හිමිගේ ඇපෑල කල් යයි

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට අධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්‌ කරමින් ඉදිරිපත් කළ අභියාචනය ලබන 22 වැනිදා සලකා බැලීමට හෝමාගම මහෙස්‌ත්‍රාත් උදේශ් රණතුංග මහතා ඊයේ (19 වැනිදා) නියෝග කළේය.

වට්ටක්කා-මඤ්ඤොක්කා මිළත් අඩුයි - ඇගටත් ගුණයි - ඒ නිසා ඒව කන්න


කැරට්, බෝංචි මාළු මිරිස් ආදයේ මිල වැඩි වී තිබුනත් මේ දිනවල වට්ටක්කා, මඤ්ඤොක්කා ඇතුළු ගමේ එලවලූ මිල ඉතා පහල මට්ටමක තිබෙන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

බුද්ධික කර්මාන්ත හා වාණිජ කටයුතු නි.ඇමැති ධුරයේ දිවුරුම් දෙයි


කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා ඊයේ (19) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්නේය.ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Tuesday, June 19, 2018

බිලියන 50ක් චීනෙට දීමට ගිය සියඹලාපිටිය ටෙන්ඩර් පත්‍රිකාව අකුලා ගනී

කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වාභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චීන සමාගමකට පැවරීමේ යෝජනාව හෙට දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කටයුතු නොකරන ඇති බවට ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.

අදාළ ටෙන්ඩර් පටිපාටියේ සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට අද පෙත්සමක් ද ගොනු කර තිබු අතර මේ වන විට ඊට සමාජ මාධ්‍ය ඇතුළු පොදු මහ ජනතාවගේ දැවැන්ත විරෝධයක් එල්ල වී තිබේ.

අරලියගහ මන්දිරයේදී පැවති එජාපෙ රැස්වීමට ඇමතිවරුන් නැති වීම ගැන කණස්සල්ල

කො‍‍‍ළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ(18) පස්වරුවේ පැවති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට කැබිනට් ඇමතිවරුන් වැඩි පිරිසක් සහභාගි නොවීම පිළිබඳව එජාප මන්ත්‍රීවරුන් පිරිසක් කණස්සල්ල පළකර ඇතැයි වාර්තා වේ.

බ්‍රිතාන්‍යයේ එ ජා ප ක්‍රියාකාරීන් අගමැති හමුවෙයි

පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා බ්‍රිතාන්‍යයේ සිටින එ .ජා.ප. ක්‍රියාකාරින් අතර හමුවක් පසුගියදා (16) ලංඩන් නුවර පාක් ලේන් හිල්ටන් හෝටලයේදී පැවැත්විනි. 

පැයකට අධික කාලයක් පැවති මේ හමුව ඉතා සුහදශීලිවූ අතර අග්‍රාමාත්‍යවරයා විසින් පළමුව ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාළන හා ආරථික තත්වය පිළිබඳව පැමිණ සිටි නියෝජිතයන් දැනුවත් කළේය. අනතුරුව පැමිණිසිටි ශාකා නියෝජිතයන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍යවරයා එංගලන්තය තුල පවතින දේශපාලන හා ආරථික තත්වය ගැනද විමසා සිටියේය.

එ ජා පය තුල විශාල දෙදරීමක් ඇතිවෙලා - රවී

අද වන විට එක්සත් ජාතික පක්‍ෂය තුල විශාල දෙදරීමක් ඇති බව හිටපු ඇමති රවි කරුණානායක මහතා පවසයි.


පක්‍ෂය අද වන විට විශ්වාසය කඩ කර ඇතැයිද ඒ මහතා සදහන් කරයි.

Monday, June 18, 2018

කර්නල් රත්නප්‍රිය ජනපති මෛත්‍රී හමු වෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තම පවුලේ පිරිස සමග මෙම සති අන්තය ගත කලේ පොළොන්නරුවේය. එලෙස මෙම දින තුන එතුමා පොළොන්නරුවේ ගත කරද්දී ජනාධිපති පුත් දහම් සිරිසේන මහතා විසින් ප්‍රදේශයේ තරුණයින් වෙනුවෙන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කල් තියාම සැලසුම් කර තිබුනේය.පොලොන්නරුව රජරට ක්‍රීඩාංගනය ඒ සදහා තෝරා ගත් දහම් සිරිසේන මහතා එම තරගාවලිය මෛත්‍රිපාල සිරිසේන අභියෝගතා සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය ලෙසද නම් කළේය. 

කිරිවෙහෙරේ නාහිමිට වෙඩි තැබිමට ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවක් ?

කතරගම කිරිවෙහෙර විහාරධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තබා ඇත්තේ රුපියල් ලක්ෂ තිහක කොන්ත්‍රාත්තුවක් මත බව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් හෙළි වෙමින් පවතින බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරී, නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.
කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් මහසෙන් දේවාලයේ කපු මහතා ලෙස සේවය කළ පුද්ගලයා ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු පෙරේදා (16) හා ඊයේ (17) දින තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙසේ පෙරේදා (16) දින රාත්‍රි 8.45 ට පමණ අත්අඩංගුවට පත් වුයේ කිරිවෙහෙර, මහසෙන් දේවාලයේ කපු ධුරය දරන ලද බෝපේගෙදර අසේල ලක්මාල් බණ්ඩාර (40), නිවුන් සහෝදරයන් දෙදෙනෙකු වූ ජයවික්‍රම කංකානම්ගේ නුවන් කුමාර හා ධනුෂ්ක කුමාර (24) යන තිදෙනාය.

මොවුන් තිදෙනා පැපිලියානේ, ලුතිනන් සජිත් ශ්‍යාමල් මාවතේ සිටින අසේල නැමැත්තාගේ සහෝදරියකගේ නිවසට යමින් සිටියදී ‍පොලීසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

රංජිත් සියඹලාපිටිය කෙරවලපිටිය බලාගාරය චීනයට දෙයි – පාඩුව රුපියල් බිලියන 50යි

නුදුරේදීම ශ්‍රී ලංකාව මුහුණ දීමට නියමිත බලශක්ති අර්බුදයට පිළියමක් වශයෙන් කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ස්වාභාවික වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් ටෙන්ඩරය ඒ සදහා අවම මිල ලබාදුන් දේශීය සමාගම නොතකා හැර චීන සමාගමක් වෙත පැවරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කලහොත් ඉන් රටට සිදුවන පාඩුව රුපියල් බිලියන 50ක් වන අතර රටේ බලශක්තිය පාලනය කිරීමේ බලයද චීනයට හිමිවේ.

නකල්ස් කදු පන්ති ආශ්‍රිතව කිසිදු පරිසර හානියක් සිදුවන්නේ නැහැ - ඒක බොරුවක් - රංජිත් අඑවිහාරේ

නකල්ස් කදු පන්ති ආශ්‍රිතව කිසිදු පරිසර හානියක් සිදුවන්නේ නැහැ. ඇතැමුන් දේශපාලන වාසි ලබාගැනිමේ අරමුණින් මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුකර බවට සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අඑවිහාරේ පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ ඊයේ (17) අස්ගිරි මහා විහාරයට පැමිණ  අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනිමෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමිනි.

සා.පෙළ විෂය නිර්දේශයෙන් ඉතිහාසය ඉවත් කරන්නේ නෑ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයෙන් ඉතිහාසය, භාෂාව හෝ කිසිදු විෂයක් ඉවත් කිරීමේ සූදානමක් නැතැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි.


පටු දේශපාලන වාසි සඳහා ජාතික අධ්‍යාපනය පටලවා ගෙන ඇතැමුන් වාසි ලබා ගැනීමට තැත් කිරීම පිළිකුලෙන් හෙලා දකින බව පෙන්වා දෙන ඇමැතිවරයා බංකොලොත් දේශපාලන සටන් පාඨවලට ජාතික අධ්‍යාපනය පටලවා ගැනීමට කිසිදා ඉඩ ලබා නොදෙන බව ද කියා සිටී.

මේ ඥාණසාර හිමි ?

බරපතල වැඩ ඇතිව සිරගත කරන ලද බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීමෙන් පසු යයි දැක්වෙන පින්තූරයක් සමාජ ජාලයන්හි හුවමාරු වෙමින් තිබේ.

Sunday, June 17, 2018

බැසිල්ගේ පහරවල් හමුවේ ගොඨාට මහින්දගෙන් සපෝර්ටි එකක් - කටුනායක සිද්ධිය වෙලාවෙ අපි පොලිස්පතිට ඉවත්වෙන්න කිවුවා - මහින්ද

තම පාලන කාලය තුල කටුනායක ඇතිවූ සිදුවීමට වගකීම බාරගෙන එවකට පොලිස්පතිවරයා ඉල්ලා අස් වූ බවත් තමන් පොලිස්පතිට ඉල්ලා අස්වෙන්නැයි කියූ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.



අද හුගක් අයට ඒවා අමතක බවද කී රාජපක්‍ෂ මහතා අද මොනතරම් අපරාධ සිදුවුවත් පොලිස්පතිවරයා භාවනා කරමින් සිටින්නේ යයිද සදහන් කලේය.


හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ වරකාපොල ප‍්‍රදේශයේ විහරස්ථානයක පැවති උත්සවයක් අමතමිනි.